logo banner

Wednesday, July 31, 2013

මාලක සහ පරිප්පු | Malaka took the Bait

මාලක සිල්වා පරිප්පු තිබෙන හෝටලයේ දොරකඩට පැමිණ සිටී: ලක්ෂ 3 ක හමුදා සෙබළුන්ගේ ලේ කකියමින් තිබේ - කර්නල් ජයවි ප‍්‍රනාන්දු

සටහන: මේ අපේ ලිපියක් නොවේ. "ඇමතිපුතා" ෆේස්බුක් පිටුවෙන් උපුටා දැක්වීමකි. ඡායාරූපය ඔවුන්ගේ නිල පිටුවේ වත්සන ය. මේ කියන්නේ මාලක ගේ ගුටිකෑමට පෙර අතීත කතාවකි.




පසුගිය දිනක කොළඹ ප‍්‍රසිද්ධ ස්ථානයකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරවරයන් පිරිසක් විසින් රාජකාරියේ නියැලී සිටි යුද හමුදා මේජර් වරයෙකුට සහ ඔහුගේ සහයකයාට පහරදී මේජර්වරයාගේ ගිනි අවිය ද සොරකම් කළ බවට වාර්තා විය.මේ අවස්ථාවේදී මාලක සිල්වා සමග නැසීගිය අමාත්‍යවරයකුගේ පුත‍්‍රයෙකුද සිටි බව රෝහලට ඇතුලත් කළ මේජර්වරයා පොලිසියට කළ ප‍්‍රකාශයේ සඳහන් විය. මේජර්වරයා තුවල ලබා දැනටත් රෝහල්ගතව සිටින මුත් මාලක සිල්වා සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනි අවිය මාලක සහ ඔහුගේ මැරයන් අත්අඩංගුවට ගත් බවක් වාර්තා වී නොමැත. සොරකම් කරන ලද ගිනිඅවිය මාලක සිල්වාගේ රියදුරු විසින් පසුදින පොලීසියට භාරදී ඇත්තේ අදාළ සිද්ධිය වු ස්ථානයේදී ඔහු විසින් එය අහුලා ගත් බවට ප‍්‍රකාශ කරමින්ය.

රජය සතු ගිනිඅවියක් එසේ අහුළාගෙන පසු දින තෙක් ලඟ තබා ගැනීම පවා නීති විරෝධී බව එම රියදුරා සහ මාලක සිල්වා නොදන්නවා විය හැක. ඒ ඔවුන්ගේ අධ්‍යාපනයේ තරමය. නමුත් පොලීසිය විසින් ගිනිඅවිය භාරදුන් මැරයා අත්අඩංගුවට නොගැනීම කාටත් ප‍්‍රහේලිකාවකි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් මාධ්‍යට පවසා ඇත්තේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය විසින් නිසි පරීක්ෂණ සිදුකල යුතු බවයි. 

මාලිගාවත්තේ කුඞ්ඩෙකු විසින් ජාතික කෞතුකාගාරයේ තිබු කෞතුක වස්තු සොරකම් කරන ලද්දේ ඒවා විකුණා එල්.ටී.ටී.ඊ. ය නැවත පණගැන්වීමට නැවත පණගැන්වීමට මුදල් රැුස්කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේදී කරන ලද ප‍්‍රකාශයත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ඉහත ප‍්‍රකාශයත් අතර වැඩි වෙනසක් පෙනෙන්නට නොමැත. මාලක සිල්වාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවන බවට පළමු ඉඟිය පොලීසිය විසින් මෙසේ ප‍්‍රකාශයට පත් කර ඇත. එක්කෝ පොලීසිය නපුංසකය, නැතහොත් නපුංසකයන් පොලීසියේය. සබරගමුව මැතිවරණ සමයේදී කහවත්තේ සංචාරය කරනවාට වඩා මාලක සිල්වා සහ මැර පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඉන් අනතුව කැමති පරීක්ෂණයක් සිදු කිරීම පොලිස්පතිගේ රාජකාරිය බව ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.

මාලක සිල්වා හා මැරයන් පහර දුන් අවස්ථවේදී තමාට නිල බලයෙන් සපයා තිබු ගිනි අවියෙන් මේජර්වරයා ප‍්‍රයෝජනයක් නොගත්තේ මන්දැයි කිසිවෙකු විසින් ප‍්‍රශ්න කළ හැක. ඔහුගේ අවියෙන් එක උන්ඩයක් පිටවුයේ නම් මැරයන් අත වු සියළුම ගිනිඅවි පත්තුවන බව මේජර්වරයාට ක්ෂණයකින් ඒත්තු ගියා විය හැක. එබැවින් ඔහු ගුටි කා රෝහල්ගත වීමට හිත හදා ගත් බව පැහැදිළිය. ඔහු විසින් ආත්මාරක්ෂාව සදහා තම ගිනිඅවිය පත්තු කලේ නම්, ඔහු මුළු ශ‍්‍රී ලාංකීය සමාජයටම කළ හැකිව තිබු උපරිම සේවය ඉටු කළ අයෙකු වශයෙන් ඉතිහාසගත වන්නට තිබුනි. එලෙසම ඔහුද භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මෙන් ඉතිහාසයට එක් වන්නටද ඉඩ තිබුණි. හමුදා මේජර්වරයා එදා ගුටි කෑවත් අද ජීවතුන් අතර සිටීම භාග්‍යයකි.
මාලක සිල්වා විසින් රඟපානු ලැබු පලවෙනි දඩබ්බර රඟපෑම මෙය නොවේ. නමුත් ඔහු දැන් රඟපෑවා ඇතිය. රාජකාරියේ යෙදී සිටි හමුදා නිලධාරියෙකුට පහරදී ඔහුගේ ගිනිඅවිය සොරා ගැනීමට තරම් මාලක සිල්වා මෝඩයෙක් නම්, මින් ඉදිරියේදී ඔහු කුමකින් කුමක් කරාවිදැයි සිතා ගැනීමටත් අපහසුය. මාලක සිල්වා මෙතෙක් පරිප්පු තිබෙන හෝටලයකින් කා නොමැත. නමුත් දැන් ඔහු හෝටලයේ දොරකඩට පැමිණ සිටී. නුදුරේ දී ඔහු බඩ පුරා පරිප්පු කනු ඒකාන්තය.

හමුදා නිලධාරියෙකුට පහර දීමෙන් ඔහු කර ඇත්තේ ඔහුට ජන්මයෙන්ම උරුම වු මුග්ධ භාවය උපරිමයෙන් ප‍්‍රදර්ශනය කිරීමය. අද කකියන්නේ ගුටි කෑ නිලධාරියාගේ ලේ පමණක් නොව එම නිල ඇඳුමම අඳින ලක්ෂ තුනක් පමණ වු සමස්ථ සෙබළුන්ගේ ලේ ය. එම ලක්ෂ තුන අතරේ භාවනා යෝගීන් නැත. එනිසාම මාලක සිල්වා නුදුරේදීම පරිප්පු තිබෙන හෝටලයකින් කෑම වළකා ලිය නොහැක. හමුදා ඉතිහාසයේ මේවාට නිදර්ශණ ඕනෑතරම් ඇත.

මාලක සිල්වා මෙන් මැරයන් පිරිවරාගෙන සමාජයේ සැරිසරන කුඩු මුදලාලිලා සහ අනිකුත් දාමරිකයන් එමටය. අවාසනාවකට මෙන් ඔවුන්ගේ මෙම මැර කල්ලි වල විශ‍්‍රාමික හමුදා සෙබලූන්ද වෙති. එය ඔවුන්ගේ රැකියාවය. දරු පවුල් නඩත්තු කිරීම සදහා එවැනි පාදඩයන් හට පක්කලිකම් නොකර හිඟාකෑම වඩාත් නම්බුකාර බව එම විශ‍්‍රාමික සෙබළුන් හට අවධාරනය කළ යුතුව ඇත. මන්ද යත් අවසානයේදී පෝරකයට යන්නේ හාම්පුතා නොව තම ආත්මය විකුණන මෙම අහිංසකයන් නිසාය.

උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයේ සැකකාර අප්පොලා නිදහස් වූ නමුත් ලූතිනන් විජේරත්න ඇතුළු සෙබල කණ්ඩායම බෝගම්බරට ගාල් කෙරුනි. දුමින්ද සිල්වාගේ ගෝලබාල රංචුව අධිකරණයට ගෙනෙද්දී ඉදිරියෙන්ම පැමිණෙන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේදී අති විශිෂ්ඨ සේවාවක් කළ බණ්ඩාර නම් විශ‍්‍රාමික සෙබලෙකි. දුමින්ද සිල්වා රාජ්‍ය අනුග‍්‍රහය ඇතුව සිංගප්පුරුවේ වසයි. එම නිසා සමාජයේ පාදඩයන් හට ආරක්ෂාව සපයන සියලූම විශ‍්‍රාමික සෙබළුන් ඔවුන් පැලැඳි නිල ඇඳුමට නිග‍්‍රහ නොකොට එම රැුකියා වලින් වහා ඉවත්විය යුතුය. නැතහොත් කවදා හෝ පෝරකයට යෑමට සුදානම්න් සිටිය යුතුය.

මාලක සිල්වා විසින් උගත යුතු විශේෂ වු පාඩමක් ඇත. එනම් 88-89 වකවානුවේ මුළු රටම බය කරගෙන තුන්ඩු කෑල්ලෙන් රට කරවූ දේශපේ‍්‍රමීන්ටද වැරදුනේ හමුදාවට අත තැබු විටය. රෝහණ විජේවීරගේ මුළු සංවිධානයම කුඩුපට්ටම් වීම ඇරඹුනේ එතැන් සිටය. සෝමවංශ අමරසිංහ පමණක් අද ජීවතුන් අතර සිටින්නේ හමුදා නිළධාරියෙකු විසින්ම ඔහුව රටින් පිට කළ නිසා ය. 

අවසාන වශයෙන් හමුදාවට සහ හමුදාපතිටද මතක් කළ යුතු කරුණක් ද ඇත. පොළවල් ගානේ බණ්ඩක්කා විකිණීමෙන් සහ හන්දි ගානේ ගඩොල් බැඳීමෙන් සෙබලාගේ තත්ත්වය රැකගත නොහැක. පසුගියදා විශේෂ කාර්ය සෙබළුන් 4 කට දිවි පිදීමට සිදුවූයේ ගෙපල් කැපීමට දැමීමෙනි. විශේෂ කාර්ය බලකා සෙබලෙක් යනු සාමාන්‍ය සෙබලූන් 10 දෙනෙක් ලෙස ගණන් ගැනෙන බව නොදන්නවා විය යුතුය. සෙබලා අයිති හමුදාවට ය. හමුදාව අයිති මුළු රටටම ය. මෙය මහා රාවණාගේ හමුදාව ය. දුටුගැමුණුගේ, පරාක‍්‍රමබාහුගේ, විජයබාහුගේ හමුදාවය. ලොව බිහිසුනුම ත‍්‍රස්තවාදියා වූ ප‍්‍රභාකරන්ට අමුඩය ඇන්ද වූ හමුදාවය. මෙම කීර්තිමත් හමුදාවේ මෙන්ම සෙබළාගේ තත්ත්වය රැකගැනීම හමුදාපතිගේ වගකීමය. ‘අපි වෙනුවෙන් අපි මිස අන් කිසිවකු නැති’ බව හමුදාපති මෙන්ම සියලූම සෙබලූන් ද දැනගත යුතුය.

කර්නල් (විශ‍්‍රාමික*) ජයවි ප‍්‍රනාන්දු 
(ඩබ්.ඩබ්.වී., ආර්.ඩබ්.පී., ආර්.එස්.පී., යු.එස්.පී.*)
හිටපු විශේෂ බලකා බලසේනාධිපති

පසුවදන: එදා කර්නල් ජයවි ප්‍රනාන්දු කී කතාව අදවන විට සත්‍ය වී ඇත. එනම් මාලක පරිප්පු තිබෙන හෝටල් එකකට නොව කීපයකටම ගොස් ඉල්ලාගෙනම කා ඇත. 

Monday, July 29, 2013

සිංහල රාවයේ තවත් පචයක් | Lies spawn Lies

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමි, වෙසක් පුන් පෝ දින දළදා මාලිගාව අබියස ගිණි තබා ගැනීම, මුළු රටම සසල කරවන ආරංචියක් වූ හැටි ඔබට දැන් මතක නැත. මන්ද දැන් සති දෙක පැන ඇති බැවිණි. එනිසා, එකී සියදිවිනසාගැනීම ගැනත්, ඊට හේතු පාදක වූ මෙතෙක් පැහැදිලි නොකළ අබිරහස් ගැනත් කියවා සිටින්නේ නම් මැනවි. 

සටහන: අප මෙය දකින්නේ සියදිවි නසාගැනීමක් ලෙස මිසක, ජීවිත පූජාවක් ලෙස නොවේ. ඊට හේතු අදාළ ලිපිවල පැහැදිලිව දක්වා ඇත. 

කෙසේ වෙතත් මෙකී ශෝකජනක සිද්ධියෙන් පසුව, සියලු ජාතික සංවිධාන එක්වී ගවඝාතනය තහනම් කරනු පිණිස දැවැන්ත හඬක් නගනයුරු අපි උපේක්ෂාවෙන් බලා උන්නෙමු. නගර සභා කීපයක පුද්ගලයෝ මෙකී රැල්ල පිටින් තබා සිය ජනප්‍රියත්වය නග්ගාගෙන ජනතාව ඉදිරියේ පොරක් වනු අටියෙන් සිය නගර සභාවේ හරක්මස් කඩ තහනම් කළ සැටි ද, ඊට පසුව, එකී නගරාධිපතිගේම ආශීර්වාදය ලබන වෙනත් මැර කල්ලි, හොරෙන් හරක් මරා මස් බෙදාහරින හැටි ද, මේ සියල්ල පසුපස ටින්කළ හරක් මස් ගෙන්වීමේ කූටෝපාය කෙමෙන් දළුලන අයුරුද අපි බලා උන්නෙමු. 

ඊළඟට එළඹියේ "තල මල පිපෙන මොහොතයි". එනම් (අපට නිතර සහය දෙන දමිත් කේතක ගේ වචනයෙන් කියන්නේ නම්) අටෝරාසියක් සංවිධාන එක්ව "තෙද විකුම් පාගෙන, පාගෙන, පාගෙන ගොස්" අවසානයේ නැට්ට පාගා ගන්නා මොහොතයි. ඒ අමිහිරි මොහොත මෙන්න මේ රූපයෙන් බලන්න. 



මේ ඡායාරූපය, "Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවේ පළවුයේ 2013 ජුලි 29 වන දින උදෑසන 11.30 ටය. අදාළ දිනය සහ වේලාවද සහිතව මෙන්න ඡායාරූපය යළිත්: [සේයාරුවට සබැඳිය මෙන්න]




සටහන: පසුගිය දිනෙක විශාඛා පාගමන ගැන ඉතාම නින්දිත මට්ටමේ විවේචන එල්ල කළ පිටුව මෙය ම වන අතර, ඔවුන්ගේ මෙනමින් ම පවත්වා ගෙන යන වෙබ් අඩවියක් ද වේ. විශාඛා පාගමන ගැන අප ලියු පළමු ලිපියෙන්ම කණ පැලෙන්නට කියන්න ඕනේ දේ කියා ඇති අතර, දෙවෙනි ලිපියෙන් මෙකී කුහක විවේචන වලට හේතු භූත වූ ලිංගික අසහනය ගැන අපි පැහැදිලි කළෙමු. [Sri Lankan Atheists ලියන තාඹුගේ ලිපියද මීටම සබැඳි විය යුතුය.] අපේ ලිපි දෙකට අමතරව, ඊට වඩා සියදහස් වාරයක් හොඳට, මානවක සහ ප්‍රමුදි යන දෙදෙනා මෙකී ජාතිකවාත කරුවන්ගේ ආතල් කුඩු කර තිබෙන නිසා ඒ ගැන මීට වඩා විස්තර කිරීම අවශ්‍ය නොවේ. 


දැන් මේ අලුත්ම පින්තුර කෑල්ල පළකළ වහාම ඒ ආතල් එකද කුඩේ කුඩුවන ආරංචියක් හැරෙන තැපෑලෙන් ලැබී තිබේ. එනම් ජනපතිතුමා මෙවැනි පොරොන්දුවක් කිසිදාක වී නොමැති බවයි. මෙන්න ඒ ආතල් එකත් බලන්න:

[[ඡායාරූපය හරහා අකුරු කියවීම අපහසුනම් මෙන්න ලිපිය


"President never promised to ban cattle slaughter--By Sithara Pathirana

President Mahinda Rajapaksa did not promise to the Sinhala Ravaya, the extremist Buddhist organization, that he would ban cattle slaughter, Senior Minister of Urban Affairs, A.H.M. Fowzie, told Ceylon Today.

The President promised to look into their demands, in response to a memorandum submitted by Sinhala Ravaya, but he did not say he would ban cattle slaughter, Minister Fowzie reiterated. Earlier, the media reported that the President promised to ban cattle slaughter within the next two months. The minister said he clarified the news report with the President, who had told the minister that the statement was far from the truth.

The President categorically denied having given any promise to ban the slaughtering of cattle. ]]

බෝවත්තේ ඉන්දරතන හිමි යනු (අප අනුමත කළත් නැතත්) සිය අරමුණ වෙනුවෙන් දිවි දීමට පවා පසුබට නොවුණු අභීත මනුෂ්‍ය ප්‍රාණියෙකි. භික්ෂුවක් වශයෙන් උන් වහන්සේ හොඳ භික්ෂුවක් ද නැද්ද යන්න සෙවීම මෙහිදී අපට අදාළ නොවේ. එහෙත් මේ තුට්ටු දෙකේ ගොන්බිජ්ජන්ට වඩා නම් සමාජ ප්‍රකම්පනයක් ඇතිකරන්නට උන් වහන්සේ හට හැකි වූ බව නම් අවිවාදිත ය. දැන් මේ කරන්නේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම්) "උදාර ජීවිත පරිත්‍යාගය" විකුනං කණ මොහොත ද? 

දැන් ඉතිං අපට මුංගෙන් අහන්නට වෙන්නේ එකම එක පැනයකි: 

තොපි හිතං ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද යකෝ? 

නලියානං වන්දාමි | Hail O Lord Nalin!


බටහිර විද්‍යාව ඉගෙනගන්නට ගොස් අනාගත් උදවියගේ සුපුරුදු අඬවැඩියාවත්, මිදිවල්ල කඩාගත නොහැකිව ඊට දෝෂාරෝපණය කරන නරියාගේ විලාපයත් අතර පැහැදිලි වෙනසක් සොයා දෙන්නෙකු හට තෑග්ගක් දිය යුතුයැයි මට සිතී තිබේ.!!! 

මේ අසාම්ප්‍රදායික ආරම්භය ගන්නට සිදුවුණේ එක්තරා සයිබර් සාකච්ඡා මණ්ඩපයක සිදු කරන්නට යෙදුණු සංවාදයක් අතරතුර, බටහිර විද්‍යාවට ගරහන, මහාචාර්ය නලින් ඩි සිල්වා අනුගාමිකයකු විසින් දෙසාබාන්නට යෙදුණු පච වට්ටෝරුවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ය. 

මහාචාර්ය නලින් යනු මේ දේශය සතු සම්පතක් බව සත්‍යයකි. අද බොහෝ දෙනා කරේ එල්ලගෙන කන "ජාතිකවාදය"ට ආරම්භක මූල බීජ සැපයු කීප දෙනා අතර එතුමෝ ද වෙති. ජාතිකත්ව මතවාදයට තමන්ටම කියා පැරඩයිම් එකක් නොතිබූ යුගයක, ඊට අනන්‍ය න්‍යායක් සපයන්නට වෙහෙසුණු චරිත කීපයක් වෙයි. ගුණදාස අමරසේකරයන්, නලින් ඩි සිල්වාණන් ඇතුළු කීප දෙනෙක් එහිදී මතකයට නැගේ. මෙහිලා න්‍යායාචාර්ය කාර්යය ඉහළින්ම ඉටු කලේ සහ ජාතිකවාදය දේශපාලනිකව සජීව්‍ය ස්ථරයට ඔසොවා තබනු ලැබුවේ නලින් තුමාණෝ බවට සැකයක් නැත. එහෙත් ඒ වූ පලියට බටහිර විද්‍යාව පිලිබඳ ඔහුගේ න්‍යාය සත්‍ය සහ සර්වතෝභද්‍ර වන්නේ නොවේ. ආසනික් ගැන කියන්නට ගොස් අනාගත් අනාගැනිල්ල අපේ පාඨකයන් හට අමතක වන්නට බැරි ය. ජාතික මතය සම්බන්ධයෙන් එතුමා කවර මට්ටමේ ප්‍රාමාණිකත්වයක් දැරුවද, බටහිර විද්‍යාවේ වලංගුභාවය ගැන කියන තැනදී හෙතෙම ඉතාම ළද බොළඳ ටෙලිවිෂන් පඬියකු බවට පත්වීම නොවැලැක්විය හැකිය. 

(සටහන: මෙකී තත්ත්වයට වගකිව යුත්තේ මෙරට නුහුගත ජනයා සහ උන්ටම හරියන ගොබ්බ මාධ්‍යකරණය බවට ද සැකයක් නැත. පියාඹන මාළු ජරා වෙද්දී සිද්ධාර්ථ චෝයි වෙන සමාජයකට, ඊට වඩා දෙයක් ඉල්ලීමට අයිතියක් ද නැත.)

මෙතැන් සිට ඉදිරියට ඉදිරිපත් වන්නේ එකී සංවාදය තුළ මතුකරන්නට යෙදුණු යම් යම් කාරනා කීපයකි. අප ඒවා Q & A ආකෘතියට (එනම් මේ ඊනියා පෙරදිග්ගුන්ට අනුව, "පටිපුච්ඡා ව්‍යාකරණීයව") දක්වා ඇත.


*** 

Q: බටහිර විද්‍යාව ඇතැම්මු විශ්වාස කරති. ඒ විශ්වාස කරන්නේ කුඩා කළ සිටම පාසලේ උගන්වන නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. පාසලේ බටහිර විද්‍යාව උගන්වන්නේ මෙය සත්‍යය ලෙස කියා මිස මෙය වෙනස්වන දෙයක් කියා නොවේ. ඒවා සිසුහු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කරති.

A: බටහිර විද්‍යාවේ "විශ්වාස" කිරීමක් නැත. මෙය යළි යළිත් කීමට සිදුවන්නේ බටහිර විද්‍යාව යනු කුමක් අරබයා, කුමක් සඳහා, කවර පදනමකින් පවතින්නේද යන්න නොදැන, යම් යම් ටෙලිවිෂන් පඬියන් ගේ දේශනවලින් පමණක් එගැන අසා ඇති අඳබාලයන් හට ය.


Q: නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ අයින්ස්ටයින්ගේ අවකාශ-කාලය පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ නොවේ. ඔවුන් ඉන්ද්‍රියානුභූතවාදීන් නොව යථාර්තවාදී භෞතිකවාදීන්ය.

A: බටහිර විද්‍යාව පමණක් නොව ලෝකේ ඕනෑම කෙහෙල්මල් විද්‍යාවක්, ඉන්ද්‍රීයානුභූතික ඥානය මත යැපේ. ඊනියා "පෙරදිග" විද්‍යාව හෙවත් දෙයියන්ට මල්පහන් තබා සාත්තර අසා දැනුම ලබාගැනීම වුව, එය හුදෙක් ඉන්ද්‍රීයානුභූතික ම වේ. 


උදාහරණයක් ලෙස මෑත කාලයේ ජනප්‍රියම විද්‍යාත්මක ක්‍රමවේදය වන "දෙයියන්ගෙන් සාත්තර ඇසීම" ගනිමු: සාත්තරය කියන්නේ A නම් දෙයියා යයි B නම් කෙනෙක් අපට කියා තිබේ; මේ A නම් දෙයියා ඇහැට දැකපු එකෙක් නැත. එසේ A නම් දෙයියෙක් වන්නේ ය, ඔහු තමා සමග සංනිවේදනය කරන්නේ ය යන්න හුදු කතාවකි. මෙය B ගේ අවංකත්වය මතම රඳා පවතී. එහෙත් A නම් දෙයියා, B නම් වූ යම් අතරමැදියකු හරහා යම් දැනුමක් ප්‍රදානය කරන්නේ යයි අපට කියා තිබේ. C නම් මිනිහා ඒ සාත්තරය අසා සිට, ඒ අනුව යම් ක්‍රියාමාර්ග ගනියි. දැන් මේ ක්‍රියාමාර්ග අනුව C නම් මිනිහාට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ ම යැයි සිතන්න: එහෙත් ඉන් A නම් දෙයියාගේ පැවැත්ම වත්, A නම් එකාගේ (එහෙම එකෙක් සිටී නම්) උගේ දේවත්වය වත්, B ගේ අවංකත්වයවත් සනාථ නොවේ. 

දැන් මේ "ජරා, කසිකබල්, පට්ටපල් බොරු" බටහිර විද්‍යාවට විකල්පයක් සේ ගෙන එනු ලබන "චෝයි" පෙරදිග විද්‍යාවේ, අර කී ඉන්ද්‍රීයබද්ධතාව නැද්ද? පෙරදිග විද්‍යාවේ ඔය කියන සාත්තර ක්‍රමවේදය, "ජරා" බටහිර විද්‍යාවටත් වඩා අවිශ්වසනීය බව කියන්නත් දෙයක් ද? අඩුම ගානෙ බටහිර විද්‍යාවේ තීරණ ගන්නා ක්‍රමය ඇහැට පෙනෙන්නට තිබේ. ඉලෙක්ට්‍රොන ඇහැට පෙනෙන්නේ නැති වුණාට ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා ඇතිවන විද්‍යුතය සහ එමගින් ඇතිවන ආලෝකය ඇහැට පෙන්විය හැකිය. එහෙත් දෙයියෙක් හෝ උගේ විමානය මොනම ජගතෙක් ආවත් ඇහැට පෙන්විය නොහැකිය. ඒ අනුව ගත්තොත් ඊනියා පෙරදිග විද්‍යාව, බටහිර විද්‍යාවටද වඩා "black box" එකකි. 


Q: බටහිර විද්‍යාවේ (මෙතන පාරම්බාල තියෙන) වෙනස් වන ප්‍රවාද කතාව කාල් පොපර් වැනි පස්සෙ කාලෙක ආපු බටහිර විද්‍යාවේ දාර්ශනිකයන්ගෙ කතාවක් මිස විද්‍යාඥයන් හැමෝගෙම කතාවක් නොවේය. වැඩි විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ තමන් "සොයා ගත්" දේ පරම සත්‍යය කියා මිස පසුව අසත්‍යකරණය කළ හැකි දෙයක් කියා නොවේය.

A: බටහිර විද්‍යාව එක් එක් පුද්ගලයා අධ්‍යයනය කරන ආකාරය අපට අදාළ නැත. ඉතාම දැඩි දේවභක්තිකයෝ ද, නිරාගමිකයෝ ද එකසේ බටහිර විද්‍යාව කෙරෙහි දායක වෙති. පෙරකී අයට එය දෙවියන් සොයා යාමක් වන අතර, දෙවනුව කී අයට එය යතාර්ථය සොයා යාමකි. (සමහරුන්ට අනුව යතාර්ථයක් නැතිබවට සාක්ෂි සොයා යාමකි.) එකී සොයා යන මොකක් හෝ දෙය, ඔවුන්ට අනුව නිරපේක්ෂ සත්‍යය ලෙස ඔවුහු සිතති. නිරපේක්ෂ සත්‍යය කියා දෙයක් ඇත්තටම ඇද්ද, නැද්ද යන්න, මෙහිදී වැදගත් වන්නේ නැත. 

Q: දෙවියන් ලෝකය නිර්මාණය කර ඇත්තේ එකම නොවෙනස්, සරල, ආකාරයකින් බවත් ඒවා සොයා ගැනීම තමන් කළ දේ බව නිව්ටන් සහ අයින්ස්ටයින් දෙදෙනාගේම විශ්වාසය විය. අනෙක් විද්‍යාඥයන් ගැන කවර කතාද?

A: බටහිර විද්‍යාව යනු නිව්ටන්, අයින්ස්ටයින් හෝ පොපර් ගේ පරවේණි බූදලයක් නොවේ. නිව්ටන්, අයින්ස්ටයින් දෙදෙනා එතෙක් මෙතෙක් බිහිවූ විද්‍යාඥයන් අතර විශිෂ්ටතමයන් දෙදෙනා වන බවට ද සැකයක් නැත. එහෙත් සචින් තෙන්ඩුල්කාර් හොඳ පිතිකරුවකු වූ පළියට, ඔහු වැසිකිළියේ මුත්‍රා කරන්නේ හිටගෙනද ඉඳගෙනද යන්න අපට වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ ඔය කියන විද්‍යාඥයින් ඉතා භක්තිමත් දේවවාදීන් ය යන්න නොව, ඔවුන්ගේ විද්‍යාත්මක චින්තනය පමණි. බටහිර විද්‍යාව යනු ඔවුන්ගේ සොයාගැනීම් සහ ඉදිරිපත් කළ ප්‍රවාද මිස, එතැනින් එහාට ඔවුන් කනබොන නිදියන යාඥා කරන ප්‍රජනනය කරන මළපහ කරන ආකාරය නොවේ.


***

ඊනියා "පෙරදිග විද්‍යාව" හෙවත් සත්‍ය වශයෙන්ම "anti-බටහිර විද්‍යාව" වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුස්පඬියන් හට පොදු බරපතළ වරදක් තිබේ: එනම් මාතෘකාවකට අනුව කරුණු පෙළගස්වා ගන්නට බැරි කම සහ කියන දේ තේරුම් ගන්නට බැරි වීමයි. 

බුදුන් වහන්සේ කෙරෙහි "ඇදහීමක්" බෞද්ධයින්ගේ තිබිය නොහැක. බෞද්ධයින් හට ඇත්තේ සකාරණ විශ්වාසයකි. හෙවත් ශ්‍රද්ධාවකි. ඒ ශ්‍රද්ධාව අන් කිසිවකට වඩා ඉහළින් පවතී. බටහිර යැයි කියන විද්‍යාව කොතෙක් පරිහරණය කළත් ඒ කෙරෙහි ඇති ලැදිකම තිබිය හැක්කේ  අරිට පහළිනි. බොහෝ "පෙරදිගාගමිකයන්" සිතා සිටින පරිදි අයින්ස්ටයින් වන්දනාවක් හෝ නිව්ටන් වන්දනාවක් හෝ එහි නැත. එහෙත් මේ කෑගහන බකයන් හට නම් හොඳ කළ නොහැකි නලිනාභිවන්දනයක් වැළදී තිබේ.


මෙකී නලිනාගමිකයන් නිතර පම්පෝරි ගහන කාරණාවක් නම්, බටහිරාගමේ (ඔවුන්ගේ වචනයකි) උගන්වන ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු අය නැතැයි යන්නය. ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු එකෙක් නැතිවා සේම, නාථ දෙවියන් (අපේ උදාහරණයක් ලෙස) ඇහැට දැකපු එකෙක් ද නැත. කොටින්ම නාථ කියා එකෙක් ඉන්නවාදැයි වත් මේ එකෙක්වත් දන්නේ නැත. (දේව නමින් සත්ත්ව කොට්ඨාසයක් ඇති බවක් මිසක නාථ කියා දෙවි කෙනෙක් ගැන බුදුන් වහන්සේ දේශනා කර නැත. එබැවින් බුද්ධ වචනය උකසට තබා නාථට අයිඩෙන්ටි හැදිල්ල හරියන්නේ නැත.) ක්ෂේත්‍ර දකින්නට බැරි වුණාට එහි ප්‍රතිඵල දැකිය හැකිය. එහෙත් නාථ තබා ඔහුගේ ප්‍රතිඵල කොහෙවත් දකිනට නැත. එසේනම් ඔවුන් ගෙනෙන විකල්ප බුද්ධි ගවේෂණ ක්‍රමය, එමගින් ප්‍රතිස්ථාපනය කරන්නට හදන එකට වඩා අජූත ය. ලෑලි බිත්තිය නරකයි නම් එය ගලවා සිමෙන්තියෙන් දමනු මිස, ලෑලි වෙනුවට කෙසෙල් කොළ වලින් බිත්ති ගහන සිරිතක් නැත.   

මේ හැර මේ ඊනියා විකල්ප විද්‍යාව භාවිත වන ඊළඟ වැදගත්ම කරුණ වන්නේ එක එකාගෙ දේසපාලන ආරම්මණයන් සාධාරණීකරණය කරනු පිණිස ය. ඒ ගැන වෙනත් මානයක දිවෙන කතාවක් අපට වඩා හොඳට "දයල් බතී" විසින් ලියා තිබේ: ගිහිං බලනවා නම් මෙන්න ලිංකුව.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. මේ ඊළඟ ඡේදය තුළ, ජාතිකවාදය මුවාවෙන් පෙනී සිටින ජාතිකවාතය ගැන අපේ සම්පූර්ණ නිරීක්ෂණය අන්තර්ගත ය. 


"ලංකාවේ ජාතිකවාදීන්ට අමතරව හුජ්-ජාතිකවාදීන් නම් පිරිසකුත් සිටිති. බොහෝ විට මේ පිරිස පහළ මධ්‍යම පාන්තික (යැයි සම්මත) පවුලක ඉපිද, නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ ක්‍රය ශක්තියක් නැති, තමා අවට සමාජයෙන් පිළිගැනීමක් නැති, තමාට කියා "නිකේතනයක්" (niche එකක්) නැති, පරිගණක සාක්ෂරතාව මඳක් ඇති, සිංහල යුනිකෝඩ් කොටාගැනීමේ හැකියාව තරමක් දුරට ඇති, ෆොටෝ බඩ් කිරීමට තරමක හැකියාවක් ඇති, අතිශය දරුණු ගණයේ අනන්‍යතා විසංකූලතාවකින් (පොරසෝකයෙන්) පෙළෙන, දොරමඩලාවෙන් හා විජ්ජුත් ටීකාවෙන් උගත් ඉතිහාසය ඇරෙන්නට සෙල්ලිපියක් දැකලාවත් නැති, කූරගල ගැන ළය පැලී මියයන්නට වගේ උන්නත් ජීවිතේට කූරගල ගිහිං නැති, බොහෝ විට හයිලෙවල් (138) පාර, ගාලුපාර හෝ බේස්ලයින් පාර අවට පදිංචි, බටහිරට හා බටහිර සංස්කෘතියට වෛර කරන, එහෙත් ඒ ගමන්ම ඒ සංස්කෘතියේ එන කාම සුඛල්ලිකානුයෝගයට හිත යටින් පෙරේත කම් කරන, එහෙත් එය ලබා ගන්නට තරමේ හැකියාවක් නැති, ඒ නිසාම උතුරායන නෂ්ටකාමයෙන්, ලිංගික දරිද්‍රතාවෙන් හා ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලන ලද, පුදුමාකාර ලෙස අනුකම්පාවට මෙන්ම සියුම් නිරීක්ෂණයට ද ලක්විය යුතු සත්ත්ව කොට්ඨාසයකි."

තවත් තේරෙන්නේ නැතිනම් අපට කියන්නට දෙයක් නැත: අර උඩ පෙන්වා ඇති කාටූනයම කථා කරනු ඇත. 

Saturday, July 27, 2013

උදුලාලංකාරය | The Untold Story

උදුල් ප්‍රේමරත්න යනු මෑතකාලීන සරසවි ඉතිහාසයේ කැපී පෙනෙන නමක් දිනාගනු ලැබූ ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලකයෙකි. තවමත් උපාධිය අවසාන කර නැති උදුල් හට, සරසවි ශිෂ්‍යයා යයි නොකියා ශිෂ්‍ය දේශපාලකයා යැයි කියන්නේ යම් හේතුවක් ඇතිවය. [උදුල් ද මේ ලේඛකයා මෙන්ම සුලෝහිතයකු වුණාට කරන්නට දෙයක් නැත.] එහෙත් ඒ හේතුව පහදා දීමට තරම් මහා විසාල දෙයක් නොවේ. ඇරත් මේ අප කියන්නේ අපේ ලිපියක් ලිවීම නොව, වෙනත් ලිපියකට පාර පෙන්නීමක් පමණි. 

ආරළු බීරළු කාසි කුරක්කල් නැතිව කෙටියෙන් කියන්නේ නම්,



  • ලිපිය ලිව්වේ චමිල ඩි අල්විස්.
  • ලිපිය තියෙන්නේ උගෙ බ්ලොගේ. Feeding the Monkey.

  • මෙන්න උපුටනය.

    "...මේ උදුල් ගැන කතා කිහිපයක්.
    • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
    • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
    • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
    • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
    • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
    • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • ඉතිරියත් බලනවා නම් මෙන්න ලිංකුව. 

          Wednesday, July 24, 2013

          හැකියාවට රැකියාව | A Job to Sob

          අපේ රටේ ඉංජිනේරු අධ්‍යාපනය ගැන සරලම විවරණයක් අකිල නිමේෂ් සහෘදයාගෙන්... 



          ඕන්න පෙර රජදවස අරලියගහ නුවර සියල්ලදත්ත නම් රජකෙනෙක් දැහැමින් රටපාලනය කරාලු. සෑම සාර්ථක පුද්ගලයෙකුගේම කඩාවැටීම පිටුපස ගැහැනියක් ඇත කියන්නා වගේ සියල්ලදත්ත රජතුමාටත් ඉටිකිරිස් බිසවක් හිටියලු නොදත්තා කියල. අරලියගහ නුවර කොයිතරම් වස්තුව, සම්පත් තිබුනත් සියල්ලදත්ත රජතුමාගේ වටිනාම වස්තුව උනේ මේ නොදත්තා බිසවලු. බිසව සතුටු කරන්න රජතුමා නොකළ දෙයක් නෑලු. බිසවට ඕනකරන හැම දෙයක්ම ටින් ටින් ගාල ගෙනල්ල දෙන්න වෙනම අමාත්‍යාංශයක් හිටන් තිබුනලු. ඉතිං ඔය හයිෆයි බිසවුන්ව නඩත්තු කිරීමත් ලෙසිපහසු නොවන නිසා රජතුමා මේ අමාත්‍යන්ශේට දල දේශීය නිෂ්පාදනයෙන් 6% ක්‍ම වෙන්කරල තිබුන කියලයි සෙල්ලිපිවල තියෙන්නෙ. 

          අපේ ප්‍රධාන නිළිය, නොදත්තා දේවිය පරිපාලනයේ අගතැන්පත් නිසාම බිසෝ කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂය ඩොලර් එක වගේ දවසින් දවස ඉහල ගියාලු. ඉතිං අයවැය හිඟය අඩුකරන්න කියල හිතාන සියල්ලදත්ත රජු මුලින්ම සහනාධාර කපාහරියාලු. දෙවනුව බදු වැඩිකරාලු. ටිකදවසකින් සංවර්ධන වැඩකටයුතුත් ඇනහිටලලු. ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ................. ගිහිල්ල අවසානයේ එක දුක්බර දිනයක රාජ්‍ය නිලධාරීන්ගේ දිරිදීමනා, අතිකාල සහ අශ්ව රථ බලපත්‍ර කප්පාදු කරාලු. ඔන්න එදා තමයි සියල්ලදත්ත රජතුමා කෙහෙල් ගහට කෙටුවේ.
          දැන් රටපුරා වැඩවර්ජන, පාගමන් කැරලි කෝලාහල හින්ද අරලියගහ නුවර අරාජික වෙනවලු. මේ අතරේ රජතුමාගේ බුද්ධි අංශයත් යුනියන් මහත්තුරු ගැන විපරමින්ලු හිටියේ. ඉතින් ටික දවසකින්ම සුදු අශ්වරථ වලින් ආපු නාඳුනන පිරිසක් නිලධාරීන්ගේ සංගමේ ප්‍රධානියෝ තුන්දෙනාව කුදලගෙන ගියාලු. මේ ප්‍රධානියෝ තුන්දෙනා පූජකවරයෙක්, වෛද්‍යවරයෙක් සහ ඉංජෙක්ලු. මේ තුන්දෙනාට තියෙන චෝදනා බරපතලයි. සියල්ලදත්ත රජුට විරුද්ධව කැරලි ගැසීම, මහජනයා කුපිත කිරීම, ඔය ඔක්කොම කමක්නෑ කියමුකෝ. නොදත්තා ශ්‍රී දේවියට අපහාස කිරීම. ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව එල්ලුම් ගස් යවන්න එපැයි ඒ කරපු අපරාදෙට. රජතුමත් බොහොම සාධාරණව නඩු විසඳලා තුන් දෙනාටම මරණ දඬුවම නියම කරාලු.
          වැඩේ කියන්නේ, රජතුමා වධකාගාරේට නිකුත්කළ ප්‍රතිපාධන කප්පාදු කරපුනිසා වධකයන්ව සේවයෙන් පහකරළලු තිබුනේ. ඒ වෙනුවට වධකාගාරයේ ගිලටීන් එකක් හයිකරළලු. දන්නවනේ අර බ්ලේඩ් එක පහලට ඇවිත් ඔටෝ බෙල්ල කපන ගැජට්එක. මේ තියෙන්නෙ. 

          ඔන්න තුන්දෙනාගේ ගෙල සිඳින දුක්බර දවස. මුලින්ම පූජකතුමාගේ වාරය. ශ්‍රී දේවියට අපහාසකල එකා නෙව. උඩුබැලි අතට හාන්සි කරාලු බ්ලේඩ් එක පහලට එනවා පේන්නම. බ්ලේඩ් එක සුරූස් ගාල උල්කාපාතයක් වගේ ආව. හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතර උනාලු.

          "මේක දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිදුඋන හාස්කමක්" පූජකතුමා සංතෝසෙන් කිව්වලු. දෙවියෝ කිව්වනම් නොකර කෝමෙයි කියල හිතපු සියල්ලදත්ත රජු පූජකයව නිදහස් කරාලු. ඊළඟට ඩොකා. ඇදල ගත්ත, උඩුබැලි අතට තිව්වා, බ්ලේඩ්එක එව්වා. මේ පාරත් හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතරඋනා කියමුකෝ.

          "මම සුවපත්කල ලෙඩුන්ගේ ආශිර්වාදයෙන් සිදුඋන හාස්කමක්" ඩොකත් සංතෝසෙන් කිව්වලු. මහජනයා කිව්වනම් නොකර කෝමෙයි කියල හිතපු සියල්ලදත්ත රජු ඩොකාවත් නිදහස් කරාලු. ඊළඟට ඉංජා, ඇදල ගත්ත, උඩුබැලි අතට තිව්වා, බ්ලේඩ්එක එව්වා. තුන්වෙනි පාරටත් හරියටම බෙල්ලට අඟල් භාගයක් තියල නතරඋනා කියමුකෝ.

          සුට්ට වෙලාවක් උඩ බලාගෙන හිටිය ඉංජා "ආ,.. මේකයි මේ කේබල්එක හිරවෙන්නේ" කිව්වලු. එතැන්සිට ඉංජාගේ තත්ත්වය සෝචනීයයි පිංවතුනි. 

          හැකියාවට රැකියාවක්, රැකියාවට කැපවීමක් නිසා ඉල්ලන්කන ඉංජන් වෙනුවෙන් සාදුකාරයක් දෙන්න පිංවතුනි.

          සටහන: ඡායාරූපයේ දැක්වෙන්නේ "පාන් නැත්නම් කේක් කන්න කියපල්ලා" යන සුප්‍රසිද්ධ ප්‍රකාශය කළ ස්පාඥ්ඥයේ මරියා තෙරේසා ය. බොහෝ දෙනා සිතන පරිදි මෙය ප්‍රංශයේ මාරි ඇන්ටනොයිට් කුමරියගේ ප්‍රකාශයක් නොවේ. චිත්‍රය අඳින ලද්දේ Diego Velázquez විසිනි.

          Friday, July 19, 2013

          තොට පිස්සුද යකෝ!! | Are You Fucking Crazy?

          [සංජීව පුෂ්පකුමාරගේ ලිපියට පිළිතුරු ලිපියක්]
          (දමිත් කේතක ගෙන්)

          සංජීව පුෂ්පකුමාර මහතා වෙත....

          ඔය මහත්තයා සිනමාවේ ඔස්තාර් කෙනෙක් උනාට මොළයක් කියා මංචාඩියක් නැති මනුස්සයෙක් බව මගේ හැඟීමයි... මොළයක් තිබුණා නම් ඔහොම වැඩ කරන්නේ නැත.... ලංකාවේ පිචෑර් එකක් හදලා, ඒකත් පෙන්න ගෙන, පෙට්ටියත් කඩාගෙන ( වැරදියට හිතන්න එපා... "බොක්ස් ඔෆිස් වාර්ථා" බිඳීම ගැන කිව්වෙ.... ) මන්දිරේටත් ගෙහුන්, නොමිළේ ගෙයක් දොරක් එහෙමත් දිනාගෙන, පසු කළෙක රණවිරු රියල් ඉස්ටාර් එකේ ගවුරවණීය විනිස්ය මණ්ඩලේටත් ඇවිත් ඉඳගෙන ඉන්න චෑන්ස් එක ගන්නා හැටි ඔහේ දන්නේ නැත්නම් මහත්තයෝ මගෙන් අහගන්න...මං කියලා දෙන්නම්...මෙහෙමයි කෙරෙන්න ඕන....





          1. ලොකු ටොපික් ගන්න එපා තීම් එකට.... " මේක බබාලන්තයක් - සතුටු සිරා පිරුණු සාදයක්" කියන එක අමතක කරන්න එපා....පුලුහන් තරම් පොඩි උන්ට සමීප ටොපික් ඕන අර ගන්න...." ගොන් කෙවිට, එළු පැටියෝ තෝයි මායි, අම්මට සිරි ගජ සිරි " වගේ ඉන්තේරුවෙන්ම බබා ටොපික් තෝරා ගන්න මුලින්ම කල්පනා කර ගන්න ඕනෑය... එහෙම කළොත් හුඟ කාළයක් ගාණ කපන්න පුලුහන්ය.... හැබැයි ඉන්ස්ටන්ට් සුප් නූඩ්ල්ස් වගේ ගොඩ යන්න ඕනෑ නම්, මේ දවස් වල පින්න උඩ දාගෙන රඟන ගෙරි රැල්ලට හෝ ජාතික රැල්ලට චූන් එකක් දෙන්නම ඕනෑය.... ඒකට ඔය විජ්ජුත් ටීකාවක් පෙරළලා අරගෙන කතන්දරයක් හොයා ගන්න පුලුහන්ය....අපේ ඉතිහාසයත් අපි වගේම බැවින්, බබ්බු නළවන්න අවස්ය පට්ටම පට්ට "බෙඩ් සයිඩ් ස්ටෝරියක්" හොයා ගන්න ඔය මහත්තැන්ට අමාරු නැත...

          2 . එසේ තෝරා ගන්නා ස්ටෝරියට හොඳ නැකතක් බලා එළිසමය ගැළපෙන නමක් දමා, මද කිපෙන ලුක් එකක් ලබා දීමට කටයුතු කරන්න... "සිරි ෆැරන්හයිට්, මා සෙන්, දියසෙන්, ඩොල්ෆින්" වැනි නමක් ප්‍රධානය කිරීමෙන් එළකිරි සෝ එකකට අඩිතාලම දමා ගත හැක....

          3. හැබැයි පුතෝ එකක්...!...බැරි වෙලාවත් ඒ ඉතිහාස කථාවේ චරිත නිකමටවත් පොඩි හරි විවේචනයක් කරන්න එපා...!... අම්බෝ...!...මාත්තයගේ ගේ ඉස්සරාට ඇවිත් එළ විරුවෝ තෙද විකුම් පාගෙන, පාගෙන යයි එකසිය ගාන්ට....මාත්තයගෙන් විතරක් නෙමෙයි, අහක ඉන්න අහිංසක ඔබාමාගෙනුත් ගේම ඉල්ලලයි නවතින්නෙ උන්...!...නිකම් බොරුවට මොකටද ලෝක යුද්ද හදා ගන්නේ නේහ්...?...අනික අර ඉරිදා දිව-ඉනේ පළවෙන තීරු ලිපියේ මේම ලිව්වොත් එහෙම...!... " මෙම චිත්‍රපටිය අසාර්ථක වන්නේ බටහිරයන්ගේ අහවල් එක මේකේ ඇති නිසාය...මෙරට සිටින පුහු අනුකාරක පඬියන් ( ලිපියේ ඉතිරි ටික කියවීම සඳහා පෙර සති වල ලිපි බලන්න )"..... මොකටද නිකන් බටහිරට ඉඳුල් වෙලාවත් නැති ඔය පින්වතුන්ගෙන් බැණුම් අහගෙන්නෙ නේහ්...?...ඒ නිසා ඒ චරිත වලට උන් හදාගෙන වඳින පුදන විදියටම දේවාලෙ පිටින් අරගෙන පිල්ම් එකට දාගන්න....ඉල්ලන් කන්නෙ මක්කටයි....?

          4. පිල්ම් එකේ රජෙක් අනිවාර්යෙන් ඉන්ට ඕනෑ....අරිද...?...ඒ රජ්ජුරුවෝ වඩින කල් ෆුල ෆුලා බලා සිටි ජනතාව රජ්ජුරුවන්ට දණ්ඩ නමස්කාර කර පිළිගන්නා ආකාරය තියෙන්ටත් ඕනෑ..... රජෙකුට කීකරු වී සිටීම මොන...අ...අ....අ...තරම් දෙලොව වැඩ සදන දෙයක්ද කියලා පිල්ම් එක පුරාවටම පේන්න තියෙන්නත් ඕනෑ.... ඒම කරන්න කියන්නෙ ඇයි කියලා මං පස්සෙ කියන්නම්... ඒක සාසක් හොඳේ...?...

          5. පිල්ම් එකේ මුල, මැද, අග තුනටම "ගිංද, ගිගිංද, ගුංද, ගුගුංද, ගුඳ, ගුඳ, තකු, ගුඳ, තකු, තකු, තක්ක, ගුඳ " ගාලා මයිල් ඉස්මයිල් වෙන බෙර පාරක් එක්ක "බූ....බූ....බූ....ඌ...ඌ....ඌ....ඌවක්" ගාලා හක්ගෙඩි පාරක් පිඹින්න සෙට් කරන්න ඕනෑ....ඒම කලේ නැත්තන් ඒක පිල්ම් එකක් නෙමෙයි....මිනිස්සු බලන්න එන්නෙත් නෑ....ඕන් නම් වැඩේ තව නග්ගලා ගන්නත් එක්ක අණ බෙර කාරයෙක් හරි පයිණ්ඩකාරයෙක් හරි "නෛකශ්‍රීන් විරාජමාන ත්‍රීසිංහලාධීෂ්වර අප මහ රාජෝත්තමයන් වහන්සේ වඩිනවෝ...!" ගාලා සද්දයක් දාල අහිංසක බලු ගැත්තන් බය වද්දන සීන් එකකුත් දාන්න...කියනවට දාල බලන්නකො ප්‍රතිචාර කොහොමද කියලා...

          6. සින්දුත් ඉතින් බබාලට හරි යන ඒව තමයි....බබාලා කියන්නෙ මේ රටේ ඉන්න පොඩි දරුවො නෙමෙයි....උන් බබ්බු කියලා හිතන් ඉන්න උන් ඉන්නෙ...අන්න ඒ වගේ උන්ට.... "ෆාට, ෆාට මල් ගොඩේ පිපී - ජාති, ජාති වහු පැටව් අපි", " හොරෙන්, හොරෙන් එළිය අරන් - අයි.එම්.එෆ් ලෝන් අරන් - චීනුන්ගෙන් පිනට අරන් - අපිම හදන අපේ බක්කියේ - වකුටු වෙලා ලගිමු යාලුවේ" , ඔය තියෙන්නෙ සින්දු ඕන තරම්....ලියව ගන්න බැරි නම් කියන්න, අපි ලියල දෙන්නම්.... කවුරු හරි හයි-ෆයි පොරවල් අඳුරන කළා මැක්කෙක්ගෙ සින්දු කියන්න බැරි පුතෙක් ගන්න ඕන වැඩේට....ඌට කියා ගන්න බැරි උනත් කමක් නෑ... ගුඩු ඇද, ඇද, යටි ගිරියෙන්, හුස්ම හිර වෙවී හරි රෙකෝඩිං එක කර ගත්තොත් ගොඩ.... සින්දු සීන් වලට පොඩි උන් ටික පේළියට දුවවන්න ඕන කුඹුරු, වෙල් දෙණි වල....දුවනකොට අත් දෙක දෙපැත්තට දාගෙන, නිකන් සේරුව ඇදවෙච්ච සරුංගල් වගේ දෙපැත්තට වැනි, වැනි, කඩන් වැටෙන ඇන්ටනෝව් වගේ දුවන්න කියලා උපදෙස් දෙන්න....

          7. ඔහේ හරි මෝඩයෙක් නේ මහත්තයො...!....ඕම පුලුහන්ද වැඩ කරන්න...?....මේ රටේ ඕනම පිල්ම් එකක මේන් කැරැට්ටර් එක තෝරන කොට ඒකට පත් වෙන්න පතාගෙන ඉපදිච්ච අප්පෙකුයි, පුතෙකුයි මේ රටේ ඉන්නවා කියලා දන් නැද්ද....?....ඔව්, ඔව් අර "ගඟ දිගේ, මග දිගේ, මහා රෝන්දෙ, බෝක්කු දිගේ, විජ්ජුත් ටීකාව" පෝගෑම් කරපු ජන මූලාශ්‍රිත මහත්තයා තමා....!....එයා, එයා වෙන කවුද ඉතින්...?....එයයි, එයාගෙ පුතයි, ඇරෙන්න සම්බාව්ය ඉතිහාස කථාවක් රඟපාන්න එක බලු කපුටෙක් ඉන්නවද ඩෝ මේ ඒරියල් එකේ...?....බලනවා කොච්චර ලේසිද කියලා...අප්පට පුලුහන් පුතාට කට හඬ දෙන්නත්....ඩබිං වලට වෙනම එව්වො හොයන්න ඕන් නැහ් නෙ...?... ඊට අමතරව සිංහලවත් හරියට දොඩා ගන්න බැරි බට්ටි කෙල්ලෙක්ව හරි, ලෝස් නැතුව ඇඟ පෙන්නන්න දක්ස කෙල්ලෙක් හරි පූට්ටු කරලා බැන්ද නම් හාන්නන් අම්මා කුඹුරම....!...නැද්ද මං අහන්නෙ...?.. ඕන් නම් ඔය ඉඳලා හිටලා කෙල්ලට පොඩි ජම්ප් එකක් දාන්න කියලා, කැමරාවත් වැරදිලා අහම්බෙන් යටින් අල්ලලා දන් නැද්ද ඉතින්...? ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේ කථාවක් විසි එක්වෙනි සියවසේ පෑන්ටියකින් ගොඩ දැම්මා කිව්වාම කාටද ආඩම්බර හසන්ත...?

          8. ඔන්න දැන් තමයි රජෝ අමාරුම හරිය...!....මාකටින්...!....ලොකු තැන් වල කනෙක්සන් තියෙනවා නම් සූපවාහිනිය, නයි.ටී.එන් එක ලෝස් නැතුව උස්සලා දෙනවා...!....ඒ වගේ තැනක "ඉරිදා ආයිබොවං" වගේ පෝගෑම් එකකට හාමිනේ වත් එක්කන් ඇවිල්ලා අඹු සැමියන් ලෙස හැසිරෙන්න ඕන.... ( නෑ, නෑ මං කිව්වෙ අර වැඩේ නෙමෙයි...!....දෙන්න එක්ක, මාරුවෙන් මාරුවට කථා කරන්න ඕන...)... "මේ පිලුම් එක හදද්දි මගේ මායියා තමයි මට ලොකුම සහාය දුන්නෙ"..." මයේ මිනිහා නැත්තන් මේ පිල්ම් එක හැදෙන්නෙ නෑ දෙයියෝ...!", "පොඩි එව්වො දොක්කගෙන ඇවිත් බලපල්ලා මයෙ අම්මලා...!" කියලා කියන්න ඕන....උදේ ඉඳන් යක්කු ගස් නගින වෙලාව වෙන කල්, අප්පිරියා හැදෙන කල්, අර බබාලට හදපු සින්දු කෑල්ලක්, සෑම විනාඩි දහයකටම වරක් හැම ජන මාජ්ජයකම දාන්න ඕනෑ....උදේ චූ කරනකොටත්, බත් කනකොටත්, බස් එකේ යනකොටත්, හවස එනකොටත්, බැක්ග්‍රවුන්ඩ් එකෙන් " පාට, පාට මල් ගොඩේ පිපී - ජාති, ජාති වහු පැටව් අපි" කියලා ඇහෙන්න තියෙන්න ඕන...

          9. දැන් ඔන්න පිල්ම් එකේ ආරම්භක දිනය ... එදාට එන්නෙ ඔක්කොම හයි-ෆයි ඩයල් විතරයි.... අරි...?... එදාට ඒ අයට පෙන්නලා වැඳ අවසර අරගන්න... දෙවනි දවස තමයි කොල්ලො දවස...!....එදාට ගෙන්න ගන්න ඕන "කළා ඩෝබි" ටිකයි, මළ ගෙවල් වල ගුණ කථන හැකියාව උපතින් ගෙන ආපු දොරමඬලාවට නිතර එන වංසෙ අයයි.....ඒ අයට හොඳට කන්න බොන්න දීලා පිල්ම් එක පෙන්නන්න ඕන....ඊට පස්සෙ උන් ලවා බලන් ඉන්න උන්ට තමුන්නාන්සෙ දෙපතුල් බදාගෙන ඉඹින්න හිතෙන ටෝක්ස් ටිකක් දෙවා ගන්න... " අම්මපා මේවා තමයි පිල්ම් කියන්නෙ....!...මේ රටේ නෙමෙයි දකුණු ආසියාවෙම ඉතිහාසෙට හැදිලා තියෙනවද මෙහෙම පිල්ම්....?.... ස්ටීවන් ස්පීල්බර්ග්ලා මොක්කුද යකෝ...?...මෙන්න ඩිරෙක්ටර්ලා...!...ස්පීල්බර්ග්ලා කණෙන් අල්ලන් ඇවිත් මේ වගේ උත්තමයින්ගෙ ගෙවල් වල අපුල්ලවන්න ඕනෑ...!.....ලෝක ඉතිහාසයේ ළමයින්ට වෙච්ච හොඳම දේ තමයි මේ පිල්ම් එක...!....අම්මපා, මේ වගේ ඩිරෙක්ටර්ලා සෙරෙප්පුව හෝදන තැන කාණුවට කට තියලා ඒ වතුර ටික බොන්න හිතෙනවා හසන්ත මහත්තයො..!"

          ඔය ටික හරියට කර ගත්තා නම් මහත්තයා විතරක් නෙමෙයි, මහත්තයගේ හත් මුතු පරම්පරාවම ගොඩ.....රාජ භෝජන, තානාන්තර, සැප සම්පත් වලට අමතරව, "කළා දූෂණ, "දේස සිරෝමණී" වගේ සම්මාන ලෙසටම ලැබෙනවා... ඔය ඇකඩමි, ගෝල්ඩන් ග්ලෝබ්, කෑන්ස් වගේ බටහිරයන්ගේ හපාචි සිනමා සම්මාන පඩංගු වගේද මහත්තයො ඒවා...??...ඈ...??...

          ඔය ටික කර ගත්තට පස්සෙ ප්‍රතිඵල අත් දුටුවයි සත්තයි....එහෙම තියාගෙන නෙ ඔය මහත්තයලා මේ සංකීර්ණ දේවල් කරන්න ගිහින් බොරුවට ඉල්ලගෙන කන්නෙ...?....මම කිව්වට ඔය තුණ්ඩුවෙ ටික කරලා බලන්නකො....සල්ලිය බාගෙ ලැබෙන කොට අපිටත් පොඩ්ඩක් සැළකුවාම ඇති....මං මේ ලිව්වෙ හිතවත් කමට....

          "පාට පාට මල් ගොඩේ පිපී .." ...හපෝයි ඔන්න ආයෙත්...!

          Wednesday, July 17, 2013

          විශාඛාව විකුණාගෙන කෑම | Selling the Serene

          පසුගිය දිනෙක විශාඛා විද්‍යාලයය මගින් සංවිධානය කර තිබු පාගමනට ලංකාවේ ඉන්නා සංස්කෘතික බල්ලෝ බැල්ලියෝ බොහෝ දෙනෙකු හට අන්ද කයිප්පුව තද වී ඇති බව අපට දකින්නට ලැබිණි. මුලින්ම මුහුණු පොතෙන් මේ උඩුබුරලීම ඇරඹුවේ බොංග මඩවර්ධන නොහොත් සමහරුන් කියන පරිදි බොගවර්ධන සූරීහු ය; එනම් සයිබරය පුරා මෙකී (රෙද්ද පල්ලේ සදාචාර) සුනඛාලාපය හෙවත් Hyperconductophilia නම් වූ අධි සදචාරවාදය දෙසන සදාචාර ජුන්ටාවේ ඉඩි අමීන් වන්නා හ. අප උහුට දිය යුතු ඉහළම මට්ටමින් පිළිතුර දී ඇත්තෙමු. ඒ ලිපිය බලා නැත්නම් මෙතනින් බලා සිටීම වඩාත් සුදුසු ය.

          කෙසේ වෙතත් මෙකී බිරිල්ල පසුපස හුදෙක් ලිංගික ඊර්ෂ්‍යාව පමණක් පදනම් ව ඇති බවට අප කළ අනුමානය වැරදි බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ අපේ ඊනියා අධිසදාචාර වාදී හුචක්කුවන්ගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. අප මුලින් උපකල්පනය කෙළේ මෙකී අධිසදාචාර අයියලා වනාහි හුදෙක් "පහන තියා බුදු සාදුට හිමිදිරියේ" ගෙදරින් ඇවිත් රෑට "යටලීයෙන් නාරිලතා මල් පූදිනු" දකින තාලේ ජෙකීල්-හයිඩ් මානසිකත්වකාරයන් කියා ය. බැලින්නම් ඊට වඩා මුන්ගේ මානසික විකෘතිය දරුණු ය.

          අප මීළඟට ඔබට පෙන්වන විගඩම පළකළ අපේ ෆොටෝ කරුවා තමාගේ පිටුව හඳුන්වා දෙන්නේ "සිංහල ජාතියට,බුදු දහමට වින කරන අයගේ මූණු බලන්න ආසද? එහෙනම් මෙහෙ එන්න" යනුවෙනි. ඇත්තටම එය ඇත්ත ය; මන්ද ඔහුගේ පිටුවේ ඇත්තේ ම, සිංහල ජාතියට, බුදු දහමට වින කරන ආකාරයේ පෝස්ට් පමණක් බැවිණි. මේ ඉන් මෑතදීම පළ වූ ජෝක් එක ය. මෙය උපුටාගෙන ඇත්තේ "සිංහ FBI" ලෙස තමන්වම හඳුන්වා ගන්නා නපුංසකයකු ගේ වෙනත් පිටුවකිනි. (මේ දෙකම කරන්නේ එකාම බව උන්ගේ වචන භාවිතය බැලුවාම පැහැදිලිව පෙනේ. )


          පුහුල් හොරා කරෙන් දැනෙන්නේ කියන්නේ මෙව්වාට ය. මෙව්වා බලා පුකෙන් හිනා වෙනවාට වඩා මොනවා කරන්නද? "ආදරණීය විශාඛාවනි!" යැයි මේ ෆොටෝ එකේ උලා තිබෙන එකාලා සහ උගේ හැත්ත බුරුත්ත පහුගිය කාලයේ විශාඛාවන්ට ඇමතුවේ "ආදරණීය" කියා නොවේ. වේසාඛා, වෛශාඛා, වේසියෝ යනාදී සුන්දර අමෘතාවාහ වචනයෙනි.

          හොරාට කලියෙන් කෙහෙල් කැන වැට පනිනවා යයි කීවා සේ ලත් තැනම රීගෙන ඇති මේ ගොන් කතාවට දෙන්නට ඇති හොඳම උත්තරය අපේ ෆේස්බුක් සහෘදයකු විසින් මුහුණටම කියා තිබිණි. අපි එයද එසේම උපුටා දක්වමු:

          "සිංහ එෆ්.බී.අයි.... බඩ යනවා ඕයි හිනා වෙලා...!....ෆේක් පුණ්ඩියන්ගෙ එෆ්.බී.අයි....! එෆ්.බි.අයි එකයි, සිංහයොයි දෙගොල්ලම මුන්ට නඩු දානවා මේක දැක්ක නම්...
          "අපි ඔබට බුර්කා අඳින්න කියන්නෙ නැත... ඔබලාට ලැබී ඇති නිදහස එයයි..." ... යකෝ එතකොට මුන් තමයි ගෑණුන්ට අඳින්න ඕන එක කියලා දෙන, උන්ට නිදහස දෙන පොරවල් දැන්.... මුන් බුර්කා අඳින්න නොකියන නිසා තමයි ලංකාවෙ ගෑණුන්ට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ....! අඳින්න කියලා මුන් නියෝග කළා නම් අඳින්න වෙනවද එතකොට...? .....කියලා වැඩක් නෑ ඕයි...!...ෆේස්බුක් පුණ්ඩි ගිය උඩ කිව්වලු...!....මරු අයියලා ටික නම් ගම් මූණු නැති....!"

          දැන් මේ "සිංහ FBI" aka "වින කටින උන් අල්ලන මහඑකා" ගේ පේජ් එක කරන එකා කරන්නට හදන්නේ කුමක් ද? මේ කරන්න හදන්නේ "උඹලට මේ මඩ ප්‍රහාර නවත්වා ගන්න ඕනේ නම් අපිත් එක්ක වරෙවු" යනුවෙන් බ්ලැක්මේල් කිරීම නොවේ ද? මේ වනාහි හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නොව, හොරාගේ අම්මා, බඩුවේ අයිතිකාරයාගේ ගෙදෙට්ට ඇවිත් රෙද්ද ඉස්සීමකි. මීට හේතුව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. දිනෙන් දින පල්ලම් බහින ඊනියා අම්මගේ රෙද්දේ ජාතික ව්‍යාපාරය හෙවත් ජාතිකත්වය ව්‍යාපාරයක් කරගැනීම නමැති නරාවලට මිනිස්සු වැටීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. වරක් අපේ සහෘදයකු පැවසුවා සේ, අදටත් මේ ජාතිකත්ව මෙවුවා එකේ ඉදිරියෙන්ම සිටින්නේ 138 පාර දෙපැත්තේ ඇති ජනාවාස සහ (ඊට යමක් එක්කරන්නේ නම්) දෙහිවල සිට එහාට ගාලු පාර දෙපස කළුතර වාද්දුව දක්වා ජනාවාස පමණි. එයද, මෙකී අධිසදාචාරවාදීන් ගේ අහවල් වික්‍රමයක් නොව, (අපවත් වූ නොව) අපවත් කරවා වදාළ අති ගෞරවාර්හ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් ගේ සහ ඊට පෙර, මුළු රටම දහම් සුවෙන් නැහැවූ සුමධුර ධර්ම කථික, විචිත්‍රභාණක පානදුරේ අරියධම්ම හිමිපාණන් ගේ දේශනා මහිමය නිසා ය.

          එසේ වෙතත් මෙකී ජාතික ව්‍යාපාරයේ ලැගගෙන ඉන්නා අමන පිස්සු බල්ලන්ගේ ක්‍රියාවන් නිසා තත්වය මොකක් වුණත් දිනෙන් දින මිනිස්සු ඒ හා බිඳෙමින් ඉවත් වෙමින් යන බව ඇස්පනාපිට ම දකින්නට හැකි විය යුතුය. එසේ නොපෙනෙන්නේ පඬු පාට කණ්නාඩි පැළඳි දෑසින් ලොව බලන අමන මුග්ධයන් හට ය. මෙය කිසි සෙත් අප අපේක්ෂා කළ මට්ටමක් වත්, අප අනුමත කරන ප්‍රපංචයක් වත් නොවේ. කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය කෙතරම් ඛේදනීය ද යත්, සමහර සංවිධාන වලට තමන්ව ප්‍රොමෝට් කරගැනීම පිණිස මුදල් ගෙවා "ප්‍රවර්ධකයන්" ද පත්කර ගැනීමට සිදුවී තිබේ. දැන් මේ සිද්ද වන්නේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වාගෙ, දිනෙන් දින පජාත වන ඊනියා ස්වොත්තම වාදයට උන්මාදයට අලුතින් පිරිස බඳවා ගැනීමයි. මේ එහි අලුත්ම පියවරයි. එනම් පාරෙ යන වරත්තු බල්ලකු ලයිට් කණුවකට සුළුදිය බහන්නා සේ, සිංහල බෞද්ධ සංස්කෘතියේ පාදම් කණු වලට හුලිජ්ජ වත් කරමින් එතැනින් වත් ගොඩ යා ගත හැකිදැයි බැලීම ය. මළාට මේවයින් නම් මිනිස්සු අන්දවන්නට ලැබෙන්නේ නැත. විශේෂයෙන් කොළඹ මධ්‍යයේ ගෙන්දගම් පොළොවේ රස්නේ හොඳට හුරු පුරුදු විශාඛාවන් අන්දවන්නට නම් මීට වඩා සූදුරු මාදුරු අරං එන්නට සිද්ද වනු ඇත.

          තහනම් වචන ලියන අප, එදා සිටම ජාතික ව්‍යාපාරයට සහ විශේෂයෙන් ම බොදු බල සේනාවට යම් පාර්ශ්වික භාවයක් දැක්වූ බව රහසක් නොවේ. එහෙත් දැන් මේ සිද්ධ වන්නා වූ දේවල් සමග අපට එහි යම් ක්‍රියාකාරීන් (හෝ එසේ පෙනී සිටින්නන්) සමග බරපතළ මතගැටුමකට මුහුණ දීමට සිදු වී තිබේ.

          වජිර S යනුවෙන් අප හඳුන්වන්නට කැමති එක්තරා ඓහිකවාදී විචාරකයෙක් ෆේස්බුක් හරහා මේ ගැන සිය දැකීම මෙසේ පැහැදිලි කර තිබිණි. මෙය වනාහි ජාතිකත්ව චින්තනයේ සීමාවෙන් ඔබ්බෙහි වසන යම් තුන්වන පාර්ශ්වයකගේ කියවීමක් ලෙස සළකමු:

          "සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි, අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ මෙවැනි රටක වෙසෙන්නේකුගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.  
          බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ - රටෙහි තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය, “හම්බයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට එය නැවතත් හැරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනදා නිදහසට, රටෙහි කාන්තාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහල බෞද්ධ” යුටෝපියාවකට රට ගෙනයන බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරකටය.
          ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුනානම් එය සුළුතරයකි, සින්හලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්‍යාව සහ කාලකන්නිකමයි.
          රටෙහි “ගැහැනුන්” සදාචාරාත්මක කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ, ආතතිය සහ පැරනොයාවකි, අරාබිකරයේ වෙසෙන ඔවුනේ ඉස්ලාමික අන්තවාදී සහෝදරයින් මෙය දෑනටමත් අත්පත් කරගෙන ඇත්තේ සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හෝ අද්‍යාපනය ඇති අයිතීන් උල්ලංගනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදෙක් ප්‍රජනන උපාංග බවට පත් කිරීමෙනි - ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි, ආකල්ප අතර වැඩි වෙනසක් නැත...  
          සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකු ගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි, එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝභාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන් ය - ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෙය්ශ්යාවකි.
          ගැටුම් විසඳිය හැක, දේපල පිළිසකර කල හැක, නමුත් මෙවන් ආකල්ප සමාජය පුර ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි."
          මේ මතය සමග සීයට සීයක් එකඟ විය නොහැකි තැන් ද ඇති මුත්, සමස්තයක් වශයෙන් එය ඉතා හොඳ කියවීමකි. මේ වනාහි ජාතිකත්ව ව්‍යාපාරය අද පත්ව ඇති තැන පිළිබිඹු කරන හොඳ කැටපතකි.

          මේ ෆොටෝ කල්ලියේ අමනයා ගැන ද යමක් කියා ම, මෙය අවසාන කරන්නෙමු. එදා මුගේම කල්ලියේ අනිත් උන්දෙලා සමග පාගමනට පලු යන්නට බණින ෆොටෝ වලට උඩ පනිමින් ලයික් කළ, ෂෙයාර් කළ, නුරා මතින් යුතුව හූ කියමින් කමෙන්ට් කළ ජාතිකත්ව නරි රැලේ ඉහළම සාමාජිකයා හෙවත් මෙකී කාලකන්නි ෆොටෝ කරුවා දැන් (රෙදිත් ඇඳගෙන දෝ හෝ) සිය ඊනියා ජාතික ව්‍යාපාර වල රැස්වීම් වලට ද එන ලෙස "ආදරණීය විශාඛාවන්ට" ආමන්ත්‍රණය කරයි.

          අනේ ආදරණීය නංගියේ.. රත්තරං දුවේ.. පණට ආදරයක් තියේ නම් මේ අසහනකාරයොන්ගෙන් හත්ගව්වක් ඈත් වෙලා හිටපල්ලා..

          Saturday, July 13, 2013

          විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walk

          විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම් ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.

          විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා වන්නේ බුකියේ වෙසෙනා අධිසදාචාරවාදියකුගෙනි. පහසුව තකා අපි ඔහු බොංග මඩවර්ධන ලෙස හඳුන්වමු. බොංග අයියා මේ සයිබර් අවකාශයට අමුතු චරිතයක් නොවේ. හම්බාවන් නම් සත්ත්ව විශේෂය වඳකරලීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ, එදත් අදත් ආණ්ඩුවේ කුක්කු පැටියා වන මෙතුමා ගැන දන්නෝ ඉතාම හොඳින් දනිති. ඔහුට වඩා සදාචාර වාදියෝ මේ සයිබරයේ නැතැයි සිතෙන තරමට ඔහු සදාචාරවාදී ය.



          කෙසේ වෙතත් අපේ බොංග අයියා විශාඛා පාගමන ගැන මෙන්න මේ ෆොටෝ කෑල්ල පළ කරමින් මෙසේ කියයි:

          ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් කරද්දී, ළමයින්ගේ අම්මලා තාත්තලා හරිම ආසාවෙන් සතුටෙන් ඒ දිහා බලා හිටියා.
          "සික්ෂාවියන්" ට අද වෙලා තියෙන දේ බලන්නත් කණගාටුයි. මේ පින්තූරයෙන් දිස් වන්නේ විශාඛා විද්‍යාලයේ "Annuel Walk" එක. පාසල් සුදු නිළ ඇඳුම වීසි කර ඒ වෙනුවට ඩෙනිම් ටී ශර්ට් ඇඳගෙන. අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා. මත් උවදුරෙන් රට මුදවගැනීම, රෝහලකට වැඩිහිටි නිවාසෙකට උදව් කිරීමේ අරමුණින් ආධාර එකතු කිරීම වගේ, අසූව අනූව දසක වල සිටි හැදිච්ච දරුවන්ගේ උදාරතර චේතනාවන් වීසි කළ අද කාලේ පොෂ් කෙල්ලෝ බෙර ගගහා ෆැෂන් එකට නට නටායි පෙළපාළියේ යන්නේ.
          විශාඛා විද්‍යාලයට තවදුරටත් ඔය නම භාවිතා කිරීම, එදා තම පියාණන් වහන්සේගේ උපදෙස් අනුව යමින් සංවරත්වයේ පරමාදර්ශී කාන්තාව වූ විශාඛා කුමරියටත් කරන අපහාසයක්.
          මහ පරේ ඔහොම හැසිරෙන්න ඉගෙන ගන්න කොළඹ පාසල් වල දැරියන් පාසල් ඇතුළේ හැසිරෙන හැටි මෙන්න මේ වගේ.
          1. http://www.youtube.com/watch?v=NZ2PObTZ6WU
          2. http://www.youtube.com/watch?v=YJuvkBgVfik
          පාසලෙන් පිටදි ඔවුන් හැසිරෙන හැටි බලාගන්න ඕනැනම් කොළඹ අවට ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා අවුරුදු 18 ට අඩු දැරියන් ගැන සමීක්ෂණ වාර්තා කියවා බැලීම හොඳටම ප්‍රමාණවත්. ලැගුම්හල් වලට එන පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ දරුවන් බව දිවයින පුවත්පතේ පළ වූ එක් සමීක්ෂණ වාර්තාවක තිබුණා මතකයි.
          පාසල් වලිනුත් මෙලෙසින් "බටහිර සංස්කෘතිය" පොවාපු මේ දරුවො කසාද බඳින්නත් කළියෙන් බඩ වුණාම හෝ රස්තියාදු කාරයෙක් අතින් අනාත වුණාම අන්තිමට බටහිර බැලයිනුත් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දරුවන්ට කවදාවත් හුරු නොකළ "සිංහල බෞද්ධ සංස්කෘතියට" යි. ළමයින්ව දහ දුරා කමට හදලා අන්තිමට "ධර්මද්වීපයට වෙලා තියෙන දේ" කියල කියන්නනම් උන් එක පයින් කැමතියි. 
          සිංහල ගැහැණු දරුවන්ව මහ පාරේ විලි බිය නැතිව පෙළපාළි ගෙන යාමට හේතුව කුමක්ද? අදාල පාසල් වල විදුහල්පතිනියන් ඇතුළු මේවා සංවිධානය කරන අයගේ බැංකු ගිණුම් චෙක් කළානම් ඒ දේවල් වලට හේතු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. සමලිංගික නොර්වේ තානාපතිනි ගේ‍්‍රට් ලෝචන් සහ ඇගේ ලෙස්බියන් සහකාරිය ව, සමලිංගිකත්වය තහනම් කරපු ශ්‍රී ලංකාවට පත් කර එව්වේ නොර්වේ විදේශ අමාත්‍යාංශයට වැරදීමකින් නොවෙයි. ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් මේ රටේත් ඇති කිරීමට බටහිරයින් කළ හැකි සෑම දේම කරාවි.

          විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි. මේක ලෙඩකි. එසේ මෙසේ ලෙඩක් නොව තදින්ම බෝවෙන ලෙඩකි. මේ දිනවල හෝ ගා පැතිර යන මේ ලෙඩට හේතු වන්නේ අලුත්ම වෛරසයකි. මෙහි මුල් නිජබිම ඉන්දියාව වන අතර දැනට මෙය වඩාත්ම දරුණුවට පැතිර යන්නේ මැද පෙරදිග ය. නමින් මෙය Hyperconductophilia හෙවත් "අධිසදාචාරෝන්මාදය" නම් වේ. මෙහි නිත්‍ය සහ අනන්‍ය රෝග ලක්ෂණ වන්නේ කොට ගවුම්, කොට සායවල්, පාරේ නටන කෙල්ලන්, සිංදු කියන කෙල්ලන්, දත් පෙන්වා හිනාවෙන කෙල්ලන්, මොඩලින් කරන කෙල්ලන්, ජීන්ස් අඳින කෙල්ලන් පෙනෙන්ට බැරි වීමය. (සටහන: බුරිය පෙනෙන්ට සාරි අඳින කෙල්ලන් කමක් නැත. ) දෙරණේ ඩිල්කා ගේ ඇඳුමටත් මල්ලි නැග්ග උන්දෙලාට ඩෙනිම දැක්කාම මොනවා හිතෙන්නට ඇත්දැයි අපට හිතා ගන්නට පිළිවනි.

          බොංග අයියාගේ බොක්කතාවට (බොග + කතාව = බොක්කතාව) කොමෙන්ටුවක් දමා තිබු එක මීහරකෙක් කමෙන්ට් කරමින් බෞද්ධ පාසලක් නම් කෝ බෞද්ධ කොඩිය කියා අසා තිබුණි. මේ ලියන ලේඛකයාද ආදී ආනන්දීයයෙකි. එසේ වෙතත් අපි බෞද්ධ කොඩිය බිග්මැච් එකට එල්ලන සිරිතක් නැත. බෞද්ධ කොඩිය දාන තැන් වගේම නොදැන තැන් ද පවතී. මේ ගොන් ප්‍රශ්නය අහපු එකා උගේ හනිමූන් එක දවසේ කාමරේ එල්ලන්නෙත් බෞද්ධ කොඩිය විය යුතුය.

          බොංග අයියාගේ කතාවට තාලයට තප්පුලන සිහ සැරිය (ඔව් ඔව් අර එඩ්වඩ් ස්නොඩන්ට සිංහල කෙල්ලක් පංගාර්තු කරන්න ගිය එක තමා) නම් පිටුවක පළවූ එක්තරා පුවතක් අපි දුටිමු. එනම් සාරුවා සුනිල් පෙබරවාරි මස නවවන දින අල්ලන බවයි. දැන් අගෝස්තු ය. සුනිලා තාම එළියේ ය. අපේ උන්දෙලාට අමතක වුණොත් කියා අපි මෙන්න මේ පුංචි මතක් කිරීම කර තබන්නෙමු.



          විශාඛා පාගමනට පහරදෙන උන්දෙලාට මෙතැන ඇති එකම අමාරුව වනාහි ලිංගික අහේනිය මත පදනම් වූ ඊරිසියාව ය. මන්ද අපේ ලංකාවේ ඉන්නා එව්වන්ට ඇති ලොකුම ලෙඩේ වන්නේ ලිංගික අධ්‍යාපනයක් නැතිකම වීම නිසා ය. මුන්ට පොඩි කාලේ කියන්නේ බබා ගෙනාවේ රෝස කැලෙන් ය, නැත්නම් වහලෙන් කොකා ගෙනත් දැම්මා කියා ය. ඉතින් යමක් කමක් තේරෙන වයසට ආවිට, සෙක්ස් කියන දේ තේරෙන්නට පටන්ගත් විට මුන්ට දෙලෝ රත්වෙන්නේ ය. මන්ද මුන් ඉන්නා අවමානික සහ අවර්ධිත මානසික මට්ටමේ හැටියට තමුන්ගේ අම්මා තමුන්ගේ තාත්තත් එක්ක බුදියගත්තය යන සත්‍යය පිළිගන්න තරම් ධෛර්යයක් නැති කම නිසා ය. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය. මුන්ට මේ වර්ග දෙකෙන්ම ඕනේ ය. එකක් අවශ්‍ය වන්නේ ආතල් ගන්නට ය. ඒ වනාහි අර කොට ඩෙනිම් සායවල් අඳින, වොඩ්කා බෝතලේ කටේ තියන් බොන, ක්ලබ් යන "කෑල්ල" ය. බොහෝවිට මේ "කෑල්ල" ගැන මුන්ගේ හිතේ තියෙන්නේ බටහිර චිත්‍රපටයක ස්ට්‍රිපර් කෙනෙක් වටා හදාගත්ත අධිස්වාභාවික මානසික විකෘතියකි. හැබැයි මුන්ට ඒක ඕනේ අවශ්‍ය ය. මොකටද, ආතල් ගන්නට ය. බඳින්නට නොවේ. 

          දෙවෙනි වර්ගයේ ගෑණු වනාහි දහම් පාසැල් යන, ඩෙනිම් නාඳින, බිම බලාගෙන යන, (කොටින්ම කිව්වොත් තමන් ඇරෙන්න වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න එකක් නැතෙයි කියල සීයට සීයක් සහතික වෙන්න පුළුවන්) ගෑණු ය. ඒ කියන්නේ "අම්ම වගේ ගෑණු" ය. ඒ හොයන්නේ බඳින්නට ය. තමුන් හතර වටේම ගිහිං පොල්පිති හතම පැනල ගෙට ආවා වුණත් කකුල් දෙක සෝදා ගෙට පිළිගන්නා, දෙවියන්ට වගේ සැමියාට සලකන ගෑණු ය.

          මේ දෙකම එකට කරන්න බැරිය. මොකද මේ යක්කු "The American Pie" බලල හිතේ මවාගන්නා සාන්දෘෂ්ටික ලෝකය මේ පොළොවේ නැති නිසාය. (සටහන: මුන්ට "The American Pie" යනු සෙක්ස් ෆිල්ම් එකක් බව සළකන්න. Original Sin, Sleeping Dictionary වගේ එව්වා ගැන මුන් අහලාවත් නැත.) ඉතින් අන්න ඒ නිසා සෙක්ස් ඉල්ලුමට සරිලන සැපයුම නැතිවු විට අපේ අයියලාගේ මෝල කරවෙන්නේ ය. මෙන්න ලිංගික අහේනිය හෙවත් සෙක්ස් ඇරියස් බිහිවෙන තැන.  



          මෙන්න මේ සෙක්ස් ඇරියස් සහිත සමාජයේ උන්දෙලාට ය මේ ප්‍රශ්න ඔක්කොම. කෙල්ලෙක් පාරේ ඩෙනිමක් ඇඳන් ගියාම ඒ කෙල්ලට බඩුව කියන්නේ අන්න ඒ නිසා ය. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ වැදුණත් ඒ කෙල්ලට බඩුව කියන මිනිස්සු ගැන ය, මා මේ කියන්නේ. බස්වල කෙල්ලන්ට පමණක් නොව ආච්චිලාට වුවද ජැක ගහන්නේ, ෆෝන් එකෙන් හොරෙන් ටොයිලට් ෆොටෝ ගන්නේ, නොදන්නා නම්බර් වලට මිස්කෝල් දිදී සෙක්ස් චැට් හොයන්නේ මෙන්න මේ සෙක්ස් ඇරියස් ඇති බයියලා ය.. මෙහෙව් බයියලාට මේ විශාඛා පාගමන වගේ එකක් දැක්කම පුදුම ඊරිසියාවක් මතුවෙන්නේ ය. "අම්මට සිරි මෙන්න කෙල්ලෝ පාරට බැහැලා නටනවා..!!!! %$^#$^%#^ මුන්ගේ අම්මලාට...!! " 

          විශාඛා පාගමන වගේ දෙයක් දුටුවාම ඇටදෙක පොළොවේ ගහගෙන කෑගහන අපේ සමහර සිංහල බෞද්ධ අයියලා සහ, තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා  සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා අතර මොනම වෙනසක් වත් අපිනම් නොදකිමු. මේ දෙගොල්ලොම වනාහි තාර්කික බුද්ධියක් නැති, ලිංගික අසහනයෙන් පෙලෙන එකම අච්චුවේ උදවිය ය. මුන් දෙගොල්ලොම බෙල්ලෙන් අල්ලා එකම සිර කුටියක තිබ්බා නම්, එකාට එකා මරාගන්නවාට වඩා එකඟ වියයුතු බොහෝ දේ ඇති බව උන් උන්ටම වැටහෙනු ඇත.

          මේ සිද්ධිය දඩමීමා කරගෙන සමහර විචාරක බයියෝ ලංකාවේ බෞද්ධ පාසැල් නැතැයි කියාද කියනු පෙනේ. මීට වඩා සාවද්‍ය කියවීමක් ගැන අපට හිතා ගන්නට වත් බැරිය. ලංකාවේ බෞද්ධ පාසැල් බෞද්ධ වන්නේ, ළමයි සරං ලමාසාරි ඇඳගෙන පාසැල් එන නිසා වත්, සිංහල රජකාලේ වගේ වැලිපිල්ලේ ලියන නිසාවත් නොවේ.  අපේ සංස්කෘතිය හඳුනන, එමෙන්ම නූතන සංස්කෘතිය සමග කිසිම ගැටලුවකින් තොරව ආබද්ධ වන බැවිණි; එසේ ආබද්ධ වන අතරම බෞද්ධ සංස්කෘතියට දිය හැකි උපරිමය දෙන බැවිණි.

          විශාඛාව පාලනය වන්නේ NGO එකකින් යයි ද සමහරු කියා තිබුණි. කතෝලික පාසැල් පල්ලියෙන් පාලනය වන්නා සේ, විශාඛාව පාලනය කිරීම ද පන්සලකට දිය යුතු යැයි ද එක්තරා මීහරකෙක් තප්පු ලා තිබිණි. අනේ සාදු! අපි නම් මේ යෝජනාවට උඩින්ම එකඟය. මන්ද අද වන විට රටේ අඩුවෙනවාය කියන සිංහල ගහණය ඉබේම ඒ හරහා වැඩිවන බව දන්නා බැවිණි. එකම දේ රටේ අනාත නිවාස පොඩ්ඩක් වැඩියෙන් හදා තියන්නට වනු ඇත. කොහොමත් ඊට පෙර අනිවාරයෙන්ම ගබ්සාව නම් තහනම් කල යුතුය. නැතිනම් අපේ උන්නාසේලාගේ මහන්සිය අපතේ යනු ඇත.

          කතාව සම්පූර්ණ වන්නට අපි බොංග අයියාගේ ආදරණීය "අහවල් රාවය" නම් සංවිධානය කර තිබු වෙනත් පාගමනක් ගැන විමසා බලමු. ඔය "රාවයෙන්", හරක් මැරිල්ලට එරෙහිව රුහුණේ සංවිධානය කර තිබු පාගමනක් අතරතුර දී තංගල්ලේ හරක්මස් කඩ කුඩු කරමින් යකා නැටු ආකාරය උසාවිය දක්වා දුරදිග ගිය ආකාරය අපට මතක තිබේ. මතක නැත්නම් මෙතැනින් බලන්න.

          දැන් ඔය විශාඛාවන් ගියේ ද පාගමනකි. අහවල් රාවයෙන් ගියේ ද පාගමනකි. විශාඛා පාගමනින් අපේ ගොබ්බ වාහෙලාට ආතල් කුඩු වීමට අමතරව වෙනත් වරදක් නම් සිද්ද නොවීය. එහෙත් අහවල් රාවයේ පාගමනින් අවසානයේ නම්, සංවිධායකයෝ ද මිනී මරාගෙන ඇති බව ආරංචි වේ. දැන් එතකොට සැබෑ ගෙරියෝ කවුදැයි සිතා ගැනීමට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.

          ගෙරි මැරිල්ලට එරෙහි පාගමනට ආවඩන, එහෙත් විශාඛා පාගමනේ දොස් දකින, උන්ගේ සදාචාරය ගැන බණ කියන අසහන කාරයින්ගේ ආතල් කුඩු කරනු පිණිස , දමිත් කේතක විසින ලියන ලද මෙන්න මේ ගීය බහා තබමි. (වැටෙන් එහා මල් පඳුරේ ගීයේ තාලයට ගයන්න).


          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//
           
          රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
          රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
          රටට දිදී......
          රටට දිදී තිබුණත් ඇතුළේ - ගෙරි මරන්න නම් තහනම්....!
          ගෙරි මරන්න නම් තහනම්..... 
           
          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//
           
          තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
          තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
          තිබෙන නිසා.....
          තිබෙන නිසා අං හිස මුදුනේ - ගෙරි මරන්න නම් තහනම්....
           
          වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
          එහෙම උනත් මේ දෙරණේ.....
          ගෙරි මරන්න නම් තහනම්......
          ගෙරි මරන්න නම් තහනම්.......//

          Wednesday, July 10, 2013

          එඩ්වඩ් ස්නෝඩන්ට කසාදයක් | Edward Snowden's Marriage

          මේ දිනවල බුකියේ සරන, අපේ රටේ ෆිනට ෆහල වූ වීර ෆුතාලා හට අලුතින්ම ලොකුවයින් රාජකාරියක් තිබේ. එනම් එඩ්වඩ් ස්නොඩන් හට කසාදයක් කරදීමයි. එඩ්වඩ් ස්නොඩන් යනු මේ දිනවල වැඩියෙන්ම සයිබරය තුළ කතා කෙරෙන මිනිසා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ NSA හි විශ්ලේෂකයකු සේ අන්තිම ඉහළ සුඛොපභෝගී ජීවිතයක් ගතකළ ඔහු, මේ මෑතකදී ඇමරිකානු ආණ්ඩුවේ අනුදැනුම යටතේ කෙරෙන අනවසර ඔත්තු බැලීම් ගැන ලොවටම හෙළිදරව් කෙළේය. ඒ යටතේ ලොව ඕනෑම තැනක, ඕනෑම දුර ඇමතුමක්, විද්‍යුත් පණිවුඩයක්, වෙබ් අඩවියක් කියවීමට, ක්ෂණිකව පරිවර්තනය කිරීමට මෙන්ම සොයා බැලීමට ද ඔවුන්ට සම්පූර්ණ හැකියාව ඇති බව දැන් අනාවරණය වී පවතී. 

          එඩ්වඩ් ස්නොඩන් යනු වීරයෙකි. ඊට සැකයක් නැත. ඔහු පිළිබඳව අපේ අරුණි අක්කණ්ඩි ලස්සන ලිපියක් ලියා තිබිණි. විසිල් ගැසීම යන්නෙහි දේශපාලනික අර්ථය නොදන්නා අයෙක් වේ නම් ඒ ලිපිය මෙතනින් කියවිය හැකිය

          එහෙත් අපේ වීර ෆුතාලා හට ඌ වීරයෙක් වුණේ ඔය අහවල් හුචක්කුවක් නිසා නොවේ. NSA යනු කුමක්දැයි මුන් අහලාවත් නැත. ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකකට අධික මාසික වැටුපක්, රූප සුන්දරියක් වැනි කෙල්ලක් සහ ලෝකයේ ඕනෑම රට ඕනෑම තැනකට ටන්නට පූර්ණ වරමක් සහිත තනතුරක් අතහැර දමා ඒ කොල්ලා ආවේ ඇයිදැයි මුන්ට වැදගත් නැත. මුන්ට වැදගත් එකම දේ ජීවිතයේ එකම ඒක වරක් ස්නොඩන් බුදු බණක් අසා ඇති බව සහ ඔහු ඊට කැමති බවට කළ ප්‍රකාශයයි. ඒ ටිකට අපේ එව්වෝ ඌට සිංහල කෙල්ලක් බන්දා දීමට ද සූදානම් ය. බොරුනම් බලන්න. 


          උපුටාගැනීම සිහ සැරිය නම් (ජාතියට ආතල් සපයන) පිටුවෙනි

          මේ ගැන අපේ බ්ලොග් අවකාශයේ කෙල්ලන් සහ කොල්ලන් (ඇන්ටිලා සහ අන්කල්ලා) කීප දෙනෙක් අතර මෙන්න මෙවැනි සංවාදයක් ඇතිවිය. 

          ~~~~~~~~~~~~~~~~
          නලිනි චන්දිමා අක්කා වෙත ලියමි.

          අක්කි, මම මේ ගත්තෙ ගෑනු ළමේක්ට ලේසියෙන් ගන්ට පුළුවන් තීරණයක් නෙමී.මේක අක්කි සහෝදරත්වය වෙනුවෙන් කොරන සිරා පරිත්‍යාගයක්. ඉස්නෝඩන් අයියාව ඔයාට දෙන්න මම හිත හදාගෙන ඉවරායි.මම එහෙම කළේ අක්කි, මගේ අයි ඊ එල් ටී එස් ළකුණු මදි නිසයි. සුජීව කොකාවල කිව්වා ඇකඩමික් මොඩියුල් එකේ 7 ක් ස්කෝර් කළේ නැත්නම්; මේ මඟුල කෙරෙන්නෑ කියලා.

          මට තියෙන්නේ 6.5 අක්කි. මට එයාව ආදරෙන් හැන්ඩ්ල් කොරන්න කොහොමටවත් බැහැ. බිලීව් මී ප්ලීස්.
          යූ ටේක් හිම් අක්කි. හැව් අ ගුඩ් ටයිම්. යූ කැන් ස්කෝර් අ ඩීසන්ට් අයි ඊ එල් ටී එස් බෑන්ඩ්.එයාව මැරි කරලා හන්තානෙ පුංචි ගෙයක් හදන් ජීවත් වෙන්න අක්කි. හැබැයි, ජීවිතේ කිසිම "රහසක්" ඕකාට කියන්න එපා.ඌ රහස් රකින්න පුළුවන් එකෙක් නෙමී. 

          මීට, 
          නදීෂා චන්ද්‍රසේන
          ~~~~~~~~~~~~~~~~

          එඩ්වඩ් ස්නෝඩන් මල්ලියේ....

          මල්ලි උඹ නම් මතු බුදු වෙන්ඩ ඕනෑය...!...රුපියල් විසි තිස් දාහක සොච්චම් පඩියකටත් හෘද සාක්සිය පාවා දෙන පරඬැල් ආත්ම පාරෙ ඇවිදින යුගයක, ඩොලර් ලක්ෂ ගාණක පඩියක් එක්ක ජොබ් එකක්, ලෝකයේ ඕනම රටකට ඕනමව වෙලාවක යන්න එන්.එස්.ඒ ක්ලියරන්ස්, පට්ටම සෙක්සි කෑල්ලකුත් වොෂිංටන් වල ගෙයක් සහ කොළරාඩෝ වල කඳුකර නිවාඩු නිවාසයක් යන සියල්ලට පයින් ගසා මහ ජනතාව වෙනුවෙන් හෘද සාක්ෂියට සවන් දුන් උඹට මතු බුදු වෙන්න ඒ පිනම ඇතිය...!...

          මල්ලියේ, උඹට දැන් වෙච්ච හරිය හොඳටම ඇතිය...!...මේ තරම් සැප සම්පත් තිබුණු උඹ අද එයාපෝට් එකක දේශපාලන අනාථයෙක් ලෙස වේටිං ඒරියා එකේ බංකු උඩ නිදියන එක විෂ්ණු බටකොළ කෑවාට වඩා කිරිමෙල් කේස් එකකි...එහෙම එකේ උඹට තව කරදර වෙනවාට අපි කැමති නැත....මල්ලියේ උඹ ඔය ඉන්නේ ලෝකයේ ලස්සනම කෙල්ලන් ඉන්නා රටේ එයාපෝට් එකේය....මොන ජිල්මාට් එකක් හරි දමා ඔතනින් එළියට බැස්සොත් උඹේ පබ්ලිසිටි එකේ හැටියට සහ ලුක් එකේ හැටියට උඹට හිමේ පිපුණු රෝස මලක් වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් පට්ට ෂුවර්ය....අඩුගාණේ එහෙම බැරි නම් වෙනිසියුලාව උඹට ඔෆර් කරන එසයිලම් එක අරගෙන එහෙටවත් පැනපියය....ලතින් ඇමරිකන් කෙල්ලෝ කොච්චර ලස්සනදැයි උඹ වගේ ලෝකය කා වතුර බිව් ඔස්තාර් කෙනෙක්ට අපි කියා දෙන්නට ඕනෑ නැතිය...ඔය රටවල් වලදි උඹට එක කෙල්ලෙක් නොව සවුදියේ ෆහාඩ් රජු සේ කෙල්ලෝ මාලාවක් කරේ දාගෙන ඉන්න පුලුවන් ඩයල් එකක්ය....

          උඹට එහෙම පොටවල් දෙකක් පෑදී තියෙද්දී මේ හැප්පිච්ච බස් වලට සහ කඩන් වැටුණු ඇන්ටනෝව් වලට කර ගහන්නට තරම් උඹ පෙර කරුමයක් කරලා ඇතැයි අපි හිතන්නේ නැත...!

          මේ වගට,
          දමිත් කේතක

          ~~~~~~~~~~~~~~~~

          නලිනි අක්කි, 

          පිරිමි හෙනම කුහකය. අපි "අපේය" කියා ආශ්‍රය කර තිබෙන්නේ කුහක පණුවන්ය. අනගාරික ධර්මපාල තුමන්ලා රට හැර ගියේ මුන් නිසාය.

          අපිට වදින්නට තිබ්බ රොම්බ චෑන්ස් එකක් මූ ගේ ඉරිසියාවන්ත කම නිසා දැන් ගිලිහෙන්නේය.
          සුනිලා අබේසෙකර හා ශාන්තිනී කෝන්ගහගේ ගේ මොබයිල් නම්බර්ස් මට හනික් ටෙක්ස්ට් කරන්න.

          මීට නදියා.

          ~~~~~~~~~~~~~~~~

          නදී නංගි,

          මං ඉපදුණුදා ඉඳන් කියෙව්වෙ බෞද්ධ පොත් නෙවේ, රුසියන් පොත්. එහෙව් එකේ බෞද්ධ කැරලි තියා මොනවා කළත් අමෙරිකන්කාරයෙක්ටනං මයෙ හිත නැමෙන්නෙ නැත. ඊට වඩා මං රුසියන් උගුල්වලට කැමතියි. නංගි දකුණෙ කෙල්ලෙක්, සිංහල බෞද්ධ වීරවරියක් කියල හිතලයි නංගිට යෝජනාව කරේ. නංගි ඔය කොකාගෙ බොරුවලට අහු නොවී, ඒ මල්ලිට සිංහල උගන්නලා, සන්තෝසෙන් ඉන්ඩ.

          මීට නලිනි.
          ~~~~~~~~~~~~~~~~

          අක්කි,

          මං පුංචි කාලෙ ඉඳලා සුද්දොන්ට අකමැතියි.මූලිකම දේ උන් කියන එව්වා ඉස්සර ඉඳන් මට තේරෙන් නෑ.අනික උන්ට කිසි දෙයක් හිතේ තියන් ඉන්න බෑ. වටේටම කියවනවා. මේ ශුද්දාත් එහෙම තමයි. මූව බැන්දොත් මූ අපේ පවුලෙ උන්ගෙ හම අරිනවා අවුරුද්දක් ඇතුළත.අනේ මට නන් එපා සුද්දො.

          මීට නදියා.

          ~~~~~~~~~~~~~~~~

          ස්නෝඩන් ආපසු ඇමරිකාවට [දිවයින]

          ඇමරිකාවේ "නලා පිඹීන්නා" (Whistle blower) ලෙස විරුදාවලිය ලත් එඩ්වඩ් ස්නෝඩන් රුසියානු ගුවන් තොටුපලක තාවකාලික නවාතැන හැර දමා අද දින සිය මවුරට බලා පිටත් විය. ඇමරිකාවේ ආරක්ෂක රහස් හෙළිදරව් කිරීම නිසා ආරක්ෂක මුරකාවලින් මිදී පලා ගිය ඔහුට එරෙහිව ඇමරිකාව වරෙන්තු නිකුත් කර තිබුණි.

          හදිසියේම තම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගුවන් යානයට නැගීමට පෙර රුසියානු පුවත්පතක් සමග අදහස් පල කල ඔහු පවසා සිටියේ තමන්ට සමාව නොලැබෙන බව හොඳාකාරවම දන්නා බවයි. එහෙත් තමන් බෞද්ධයෙකු ලෙස ප්‍රසිද්ධ කර කිසිවෙකු මුහුණු පොතෙහි දමා තිබු මංගල යෝජනාවකට ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ ප්‍රතිචාර ලැබුණු බවත් වහා ඇමරිකාවට පලා යාමේ තීරණයට හේතුව එය බවත් ඔහු පැවසීය. මේ දෙදෙනා හෝ කෙනෙකු හෝ සමග ජීවත් වීමට වඩා ඇමරිකානු සිර මැදිරියක ගෙවන ජීවිතය තමන් මහත් සේ අගයන බව ද ඔහු පවසා සිටියේය.

          ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ වාර්තාකරු,
          සුජීව කොකාවල

          හිනා වෙනු පිණිස ලීමි. දැන් නිදා ගන්නට යමි.

          Saturday, July 6, 2013

          දහතුන සහ හෙළ උරුමය | 13 and JHU

          මේ ලියැවෙන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නය වන බඩගින්න ගැන නොව, ඊට වඩා ආණ්ඩුවට වැදගත් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියැවෙන ලිපි පෙළක පළමු වැන්න ය. 
          සටහන: හෙළ උරුමය මේ කතාව කියන්නේ පළමුවෙනි වතාවට නොවේ. එහෙත් අතීතය නොව වැදගත් වන්නේ වර්තමානය බැවින් ඔවුන්ගේ මේ පියවරට සහයෝගයක් ලෙස, මේ මාධ්‍ය නිවේදනයට දිය හැකි උපරිම දෘශ්‍යභාවය ලබා දීමට අපි තීරණය කෙළෙමු. 

          ලිපිය පළකිරීමට අවසර ලබා දුන් ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානි නරේන්ද්‍ර ගුණතිලක මහතා හට අපේ ස්තුතිය!



          Friday, July 5, 2013

          දොර අරින්න එපා මයෙ අම්මා! | Don't Open the Door

          උඹ නෑවට, තෙමන්නේ නැහැ, මයෙ අම්මා...!



          "දොර කියයි: මම කලින් දවසේ හොදටම මහන්සි චුට්ටක් දාල හිටියේ, ඒ කොල්ල ලඟට අපු වෙලාවේ අමතක වෙලා ඇරෙන්න ගියා. කොල්ල තමයි මාව ඇරෙන්න නොදී වැහුවේ" —by Dinindu Udara
          (නයි ටී එන් පුවතක්)

          මේ පුවත දුටු විචාරකයෝ දෙදෙනක් මෙසේ කී ලු. 


          ~ ~ ~ 

          "එක්ස් ෆයිල්ස්" ෂෝ එකේ එක කොටසක ප්ලේන් එකක දොරක් ගැලවිලා ලොකු එළියක් ඇවිත්, ඒකෙ ඉන්න පොරක්ව ඒ එළිය දිගේ අහසෙ පාවෙලා පිට සක්වළ ජීවී යානාවකට ඇදිලා යනවා... එහෙම දේවල් වෙන්න පුලුවන් කියලා ඇමරිකන් කාරයො දැනගෙන හිටියට අපේ බයියො ඒවා දන්නෙ නෑනේ... ඉත්තීන් අර අහිංසකයට හිටු කියලා දොස් කියනවා...
          යකුනේ ඔය වෙන්න ගියේ මේකයි....දැන් මේ මහා ආසියාවේ අච්චාරුව... සමාවෙන්න... ආසියාවේ ආශ්චර්යය ගැන පිට මන්දාකිණි වලටත් දැනිලා, එහේ පිටසක්වළ ජීවීන් පවා විශ්මයට පත්වෙලා ඉන්නෙ... උන්ට ඕන දැන් කොහොම හරි මේ ආශ්චර්යයේ වාසය කරන එකෙක්ව අල්ලගෙන ඌව පරීක්ෂා කරලා බලන්න කොහොමද මේ තරම් ආශ්චර්යයක් උදා කරගත්තේ කියලා...දැන් මේ පහුගිය දවස් වල රටේ තැන, තැන පිටසක්වළ යානා පෙනුනෙත් එහෙම ආපු උන්...
          රටේ ගමක්, ගමක් ගානෙම පියාඹන පීරිසි වල ගිහින් බැලුවට පරීක්ෂණයක් කරන්න තරම් මස් කළඳක් තියෙන, මූණේ ලේ පොදක් තියෙන එකෙක් උන්ට හම්බ උනේ නෑ... පස්සෙ මුන් හිතලා තියෙනවා ඇමති පුතෙක් අල්ල ගත්තොත් මේ පරීක්ෂණේ ලෙසටම කරන්න පුලුවන් කියලා... මොකද ඇමතිවරුනේ මේ අමා මහ ආශ්චර්යය උදා කරන්නෙ එකසිය ගාණට... ඉතින් අප්පගෙම ජාන පුතාටත් නැතෑ....
          ඉතින් උන් මේ කොල්ලව තෝර ගත්තා... ඔය කොල්ලට පිට සක්වළ ජීවීන් කථා කරනවා... උන් කථා කරන්නෙ හැමෝටම ඇහෙන්න නෙමෙයි... මහ පොළවෙන් තෝර ගත්තු අදාළ කෙනාට විතරක් ඇහෙන්න... ඉතින් එදා ඌව අහසෙදි පැහැර ගන්න පිට සක්වළ යානාවක් ඇවිත් තියෙනවා ළඟටම.... මූව අහසේ පා කරලා ගන්න ආලෝක ධාරාව එවන්න කළින්, කොල්ලට කථා කරලා "දොර අරිනු..!" කියලා තියෙනවා... ඉතින් ඌ මෝහණයෙන් වගේ නැගිටලා ඇවිදගෙන ගිහින් දොර ඇරියාම පිට සක්වළ ජීවීන් ඌව උන්ගේ යානය තුළට අරගෙන තියෙනවා... ඊට පස්සෙ උන් මූව පරීක්ෂණ වලට භාජනය කරලා, ආපහු යානයට දාන්න කළින් මේ සිද්ද වෙච්ච දේවල් අමතක වෙලා ඌට වෙනත් මතකයක් ඇතුළු කරන්න, මෙහෙම කියලා මෝහනය කරලා තියෙනවා...

          "නුඹට කිසිවක් මතක නැහැ... නුඹ සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තාත් සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තා ඉන්නා කැබිනට් මණ්ඩලයත්, ඒ මණ්ඩලය අයිති මුළු ආණ්ඩුවත් සිහිනෙන් ඇවිදිනවා... ඒ සියල්ලටම වඩා නුඹලාගේ ජනතාව සිහිනෙන් ඇවිදිනවා.. මේ මොහොතේ පටන් නුඹට ඒ හැර වෙන කිසිවක් මතක නැහැ... 


          මීට, දමිත් කේතක

          ~ ~ ~

          හත්වලාමයි, මයෙ අම්මා. මේක නම් දෙකොණම පත්තු වෙච්ච වැඩක්‌. හිතා බලපං කො. උඹ නින්දෙන් ඇවිදගෙන ඇවිදගෙන යනකොට කාගෙ හරි කරුමෙකට දොර ඇරුණ නම්..? එක්‌කෝ මී හරක්‌ ගොඩක්‌ මැදට වැටිලා දැවිලා යනවා... නැත්නම්... අර ඇඟිල්ලක්‌ උරමින් හිටපු කිරි සප්පයත් එක්‌ක තවත් 228 දෙනෙක්‌ චුත වෙලාම යනවා.

          මට මතකයි උඹේ අප්පච්චි කරපු වැඩකුත් මයෙ අම්මා. දවසක්‌ උන්දැත් නින්දෙන් ඇවිදිනව වගේ අල්ලපු ගෙදරට රිංගන්න යනකොට පය ලිස්‌සලා තට්‌ටුව පල්ලෙ වැටිලා ඉස්‌පිරිතාලෙ ලැග්ග හැටි. උන්දැ එදා ඒ ගමන යන්ට පෙර මීහරක්‌ බාන නාවලා, රා කට්‌ටකුත් ගහල පිටත් වෙලා තමයි නාගෙන ඇවිත් තියෙන්නේ.

          මේක මහ අපබ්බරංස කාලයක්‌ මයෙ අම්මා. ආණ්‌ඩුවෙ මහත්තුරුන්ව ගස්‌ බඳිනවා. ටීචර් ලා දණ ගස්‌සනවා. ලැයිට්‌ තියාගෙනත් කරුවලේ ඉන්නවා. බස්‌ එකේ යැමත් නවත්තන්ට වෙයි. මාලු කෑල්ලක්‌ කාපු කලයක්‌ මතක නැහැ. කෝච්චියට අහුවෙලා පෝලිමේ මැරෙනවා. පළාත් බබාලා යකා නටනවා... ඒක නිසා, මයෙ හිතේ උඹ කරපු දේ "ඕවා කොල්ලො කරන දඟ වැඩ. තරයේ අවවාද කර නිදහස්‌ කරනවා"යි නොකීවොත්, මයෙ අම්මා" මම උඹෙ අම්මා නොවෙයි ඕන්න·

          පහුගිය දොහොක උඹේ කරැට්‌ටුව ගැන පත්තරේක තිබුණා කියා පත්තර කොල්ලා කීවා. සුද්දියක්‌ එක්‌ක හදියක්‌ තිබුණලු. සෑර් ගෙ අත කැඩුවාලු. ඕවා ඔක්‌කොම මෝඩ තරුණ කමේ නියත සුදුසුකම් ලු. රට රාඡ්ඡේ නියෝජනය කරන්න ලැබෙන සුදුසුකම් ලු, පත්තර කොල්ලා කීවා.

          මේ පළාතෙ පොල් කඩන එකාගෙ ලොකු කොල්ලා මේව කරා නම් පුරස්‌නයකුත් නැහැ, මයෙ අම්මා. උඹලා එහෙම යෑ? කෑස්‌ බැස්‌ ගාගෙන, උඩ දාගෙන යනකොට රටේ එවුන් ඇඹරෙනවා නෙ... පිට්‌ටනිය පළාතෙ නම් යන්න එපා මයෙ අම්මා. නොසන්ඩාලයෝ උඹට අනං මනං කියයි.

          අනෙක, මයෙ අම්මා, රට රාඡ්ඡේ ගිහිල්ලා උඹ මොනවද කළේ...? හතර සැරයක්‌ සෙල්ලම් කරලත් දිව්වේ 32 වතාවක්‌ ලු නේද...? පොලු 2 යි ලු නේද...? එහෙදි නින්දෙන් ඇවිදිනකොට අනිත් එවුන් මොනවද කළේ...? අප්පුඩි ගැහුවද මයෙ අම්මා...?

          මට දුක උඹ ගැන නොවෙයි මයෙ අම්මා. උඹේ අප්පච්චි ගැන! ඒ මනුස්‌සය තට්‌ටු පල්ලෙ වැටිලා ඉස්‌පිරිතාලෙ ලැග්ග එක අමතක කරලා බණ කියන විටයි උඹ මේ අහස්‌ යන්තරේ ඇතුළේ යකා නැටුවෙ.

          දැන් බලපං මයෙ අම්මා, උන්දැ කියන කරන වැඩ! ඒ සතුටට තමයි අපි උන්දැගෙ ලක්‍ෂ ගානක ලැයිට්‌ බිල ගෙව්වේ. රෑ එළිවෙනකං වැඩ නෙ, මයෙ අම්මා·

          කාරි නැහැ මයෙ අම්මා. උඹ නිදි මරගාතෙ මීහරක්‌ වැඩක්‌ කළා කීවට, කවුද විශ්වාස කරන්නේ? ඕවා කට කතා. බොරු නම් බලපං කෝ...? ඒත්, මම හූනා කීවා වගේ කියන්නම්. උඹට කිසිම දොaසයක්‌ වෙන්නේ නැහැ, මයෙ අම්මා. උඹට තරයේ අවවාද කරයි. ආයෙත් රට රාඡ්ඡේ යන්නත් දෙයි. එතකොට රා බොන්න යන තැනකට සූට්‌ බූට්‌ අදින්න එපා. අමුඩයක්‌ ගහගෙන පළ යං.

          ඇහේ කඳුලක්‌ එනවා, මයෙ අම්මා. අප්පච්චි මේ සැරේ රෙදි හෝදන කොට, කියාගන්න දෙයක්‌ නැතිවෙයි කියලා බය හිතෙනවා.

          කමක්‌ නැහැ. ඔය කට කතා රටේ එවුන් විශ්වාසට ගත්තත් අමතක කරයි.

          මම යනවා, මී හරක්‌ බඳින්නට!


          මීට, අසෝක ගුණතිලක

          සැයු: ඉහත ඡායාරූපයේ කරඬුව දරාගෙන යනු දැක්වෙන්නේ ඉතාම සංවර සිංහල බෞද්ධ උපාසක මහතකු වන අතර, ඔහු කිසිදිනෙක බීමතින් ගුවන් යානාවල දොරවල් අරින්නට යන තාලයේ කෙනෙකු නොවන බව කරුණාවෙන් සළකන්න. 

          ඡායාරූපය ලබාදුන් ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබිඹු අඩවිය ලියන ඩෙස්මන්ඩ් මොරිස් සහෘදයා හට අපේ විශේෂ ස්තුතිය!

          Thursday, July 4, 2013

          අහෝ ඊජිප්තුව! | Alas Egypt

          සටහන: මේ කලකට පසුව එළි දකින්නේ ඊජිප්තුවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අප විසින් ලියන ලද නමුත් එළි නොදක්වන ලද ලිපියකි. එළි නොදක්වුයේ ද, ඊට අදාළ ගවේෂණ කටයුතු අවසාන නැති බැවිනි. එහෙත් ඊජිප්තුවේ වර්තමාන බල පෙරැළිය සමග ඊට පාදක වූ සාධක පිළිබඳව යලි කියවීමක් අවශ්‍ය වන බැවින් මෙය එළි දක්වමු. 
          පෞරාණික ඊජිප්තුව
          ඊජිප්තුව වනාහි අසුන්දරත්වය මැදින් බිහි වූ සුන්දර රටකි. අන්‍ය රටවලින් සහ අන්‍ය සංස්කෘතීන්ගෙන් වෙන්ව වාසය කිරීම නිසා ඊජිප්තුවට ඊටම ආවේණික පුරාණ කතා සහ සමාජයක් තිබේ. කාන්තාරය මැද නයිල් ගඟ දෙපස ජනාවාස වලින් ඇරඹි ඊජිප්තුව ලෝකයම මවිත කළ ශිෂ්ටාචාරයක් වුයේ කෙසේදැයි අදටත් හරියටම දන්නා කෙනෙක් නැත.



          “සෑම විටම, අනෙක් සෑම රටකින්ම පාහේ වෙන්ව පැවති හා වටහා ගැනීමට අපහසු පිටස්තර දේශයක් බවට පත් ව තිබූ ඊජිප්තුව, අතීතයේ පැවතුණේ අබිරහසින් හා මායාවෙන් පිරීගිය දේශයක් වශයෙනි. නමුත් අපූර්වාකාර සිත් ඇද බැඳ ගන්නා පරිපූර්ණ සෞන්දර්යයක් එහි විය. ඉපැරණි ලෝකය හා සසඳන විට තමා මතම පැවතෙමින් තමාටම ආවේණික දිවි පෙවෙතක් සලසා ගනිමින් හා තමාගේම ආගමකුත් ඊට අදාළ දේව කථා, දේව පුරාණ හා පුරාවෘත්ත පවා කිසිදු පිටස්තර ශිෂ්ටාචාරයක සහයෙන් තොරව නිර්මාණය කර ගත් දේශයක් වශයෙන් ඊජිප්තුව නම් කළ හැකිය. “
          — එස්.චන්ද්‍රසිරි දසනායක, “ප්‍රඥාවේ දියණිය අයේෂා”
          නයිල් නදිය තරම් ඊජිප්තුවට වැදගත් වූ අන් කිසිම දෙයක් නොවීය. වසරකට වරක් නිසැකවම එන පිටාරය සමග වන අස්වනු චක්‍රය සමග නිර්විකල්පව බද්ධ වී පැවති මෞනවෘත අනන්‍යතාවක් සවිඥානිකව මෙන්ම අව්ඥානිකවද ඊජිප්තු ශිෂ්ටාචාරය සමග අත්වැල් බැඳගෙන ගියේය. ඊජිප්තුවේ සකලවිධ සමාජයීය, ආගමික සහ පුද්ගල වටිනාකම් හර පද්ධතිය පාදක වන්නේ මෙකී චක්‍රීය ක්‍රියාවලිය තුළ ය.

          නව ව්‍යවස්ථා සංශෝධනය

          2011 එවකට පාලක හොස්නි මුබාරක් සහ ඔහුගේ “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ” ගේ පාලනය අවසන් කරමින් පැවති ඊජිප්තු විප්ලවයෙන් අනතුරුව දී එතෙක් පැවති ව්‍යවස්ථාව සංශෝධනයක් සඳහා 2011 මාර්තු මස 19 වන දින පැවති ජනමත විචාරණය චන්ද 14,192,577 කින් (77.27% කින්) සම්මත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඊජිප්තු ව්‍යවස්ථාව සංශෝධනය වෙමින් පවතී. ඒ අනුව ඊජිප්තු ව්‍යවස්ථාවේ අංක 75-77, 88, 93, 139, 148, 179 සහ 189 යන වගන්ති සංශෝධනය වීමට නියමිතව තිබිණි. ප්‍රධාන වශයෙන්ම එහිදී අවධානය යොමු කෙරුණේ ජනාධිපති පදවිය සඳහා තිබිය යුතු සුදුසුකම්, ධුර කාලය, පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල වල තීරක බලයක් අධිකරණයටද ලබාදීම, උප-ජනාධිපතිවරයකු පත් කිරීම පිලිබඳ නීතිය, සිවිල් වැසියන් හමුදා අධිකරණය හමුවේ විභාග නොකිරීම වැනි කරුණුය.
          ඊජිප්තු විප්ලවයේ දිනය ඉතිහාසයේ සටහන් වන්නේ 2011 ජනවාරි 25 ලෙස ය. එය ප්‍රධාන වශයෙන්ම සාමකාමී සිවිල් විප්ලවයක් වූ නමුදු එය අවසන් වන විට 846ක ගේ ජීවිත බිලිගෙන තිබුණු අතර 6,000 කට වැඩි ගණනක් ඍජුව හෝ වක්‍රව කැරලි වලින් පීඩා ලබා තිබුණි.
          මෙහිදී ප්‍රබල හඬක් නැගු “මුස්ලිම් සහෝදරත්වය” සහ “සලාෆි ව්‍යාපාරය” ඊජිප්තු ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය පිළිබඳව තරයේ ප්‍රකාශ කර සිටියේ, රාජ්‍ය ආගම ඉස්ලාමය, රාජ්‍ය භාෂාව අරාබි භාෂාව සහ රාජ්‍ය නීතිය ඉස්ලාම් නීතිය විය යුතු බවයි. කෙසේ වෙතත් ඒ වන විට පත් කර තිබූ ව්‍යවස්ථා සංශෝධන කමිටුව සිටියේ “දෙවන වගන්තියට අත නොතබන” ස්ථාවරයේය.
          දැන් වසරකට පසුව අපට මේ ගැන කෙළින්ම කතා කළ හැකි අවස්ථාවක් පැමිණ තිබේ: ඇත්තටම ඊජිප්තුවට ලැබුණේ මොනවාද?

          මෙන්න නව ඊජිප්තු ව්‍යවස්ථාව පැරණි එකෙන් වෙනස් වන අයුරු:

          1971 constitution (suspended)

          2012 draft constitution

          Identity of the state: ”The Arab Republic of Egypt is a democratic state based on citizenship.The Egyptian people are part of the Arab Nation and work for the realisation of its comprehensive unity.”Identity of the state: “The Arab Republic of Egypt is an independent state with unified sovereignty that cannot be divided. Its system is democratic. The Egyptian nation is a part of the Arabic and Islamic nations (Umma). It is proud to belong to the Basin of the Nile and Africa, as well as of its Asian extensions.”
          Islam and Sharia (Islamic law): Article 2 says: “Islam is the religion of the state and Arabic is its official language. The principles of Sharia are the main source of legislation.”Islam and Sharia: Article 2 stays as it is, but Article 219 is new. It states: “The principles of Sharia include general evidence and foundations, rules and jurisprudence as well as sources accepted by doctrines of Sunni Islam and the majority of Muslim scholars.”
          Religious minorities: No article in the old constitution.Religious minorities: ”The principles of the legislations for Christian and Jewish Egyptians are the main source of legislation that organises their civil status and religious affairs.”
          Religion: ”The state shall guarantee the freedom of belief and the freedom of practice of religious rites.”Religion: Article 43 says: “The state shall guarantee the freedom of faith and the freedom of practice of religious rites and the right to establish worshipping places for monotheist religions based on law”; Article 44 adds: “Insulting prophets and messengers is forbidden”; but Article 45 states: “Freedom of opinion and thought is guaranteed. Every person has the right to express his opinion orally or in writing, pictures or other means of publication and expression.”
          Al-Azhar: No mention of al-Azhar University or its scholars was included in the 1971 constitution.Al-Azhar: “Al-Azhar is an independent and a comprehensive entity. It takes the task of preaching Islam in Egypt and in the whole world. Scholars of al-Azhar should be consulted in all matters related to Sharia.”
          Democracy and Shura (consultation): ”The political system is based on pluralism.”Democracy and Shura (consultation): “The political system is based on principles of democracy and on Shura.”
          Women: Article 10 says: “The state shall guarantee the protection of motherhood and childhood, take care of children and youth and provide suitable conditions for the development of their talents”; Article 11 adds: “The state shall guarantee the proper balance between the duties of women towards the family and their work in society, considering their equal status with men in the fields of political, social, cultural and economic life without violation of the rules of Islamic jurisprudence.”Women: The new Article 10 says: “The state shall provide motherhood and childhood services for free. It shall also guarantee co-ordination between the duties of the woman and her public work. The state shall provide protection and care for the divorced and widowed woman”.Article 30 states that “citizens are equal before the law and equal in rights and obligations without discrimination”, but there is no explicit guarantee of women’s rights.
          Rights and freedoms: The chapter of rights and freedoms included 24 articles.Rights and freedoms: The new constitution includes 51 articles on personal rights, political and moral rights, economic and social rights, guarantees for protecting rights and freedoms.The new Article 73 says: “Enforced employment, slavery and sex trade are deemed acts punishable by law.” The draft does not not include a clear ban on human trafficking or an obligation to adhere to international rights treaties.
          Military: No article in the old constitution.Military: “It is not allowed to try civilians before military tribunals unless in cases for crimes that damage the armed forces.”
          Media: No article in the old constitution.Media: Article 48 states: “Media organisations cannot be suspended, closed or their assets be confiscated unless there is a judicial decree”; Article 49 adds: “Notification only is required to launch and own newspapers.”
          Judiciary: No article in the old constitution.Judiciary: “The Supreme Constitutional Court is formed of a president and 10 members.” It currently has a president and 18 members.
          Presidential mandate: ”The mandate of the president is six years, starting from the results of the elections; the president can be re-elected for an unlimited number of new terms.”Presidential mandate: ”The mandate of the president is four years starting from the results of the elections; the president can only be re-elected for a second term, not more.”
          Political ban on the former ruling National Democratic Party (NDP): Article 232 says: “Leaders of the dissolved NDP are banned from all political activities, or from running for presidential or legislative elections for 10 years, from the day when this constitution is adopted in a referendum. Those who are considered ‘leaders’ are all members of the general secretariat of the NDP, members of the political bureau, political committee, and MPs during the last two legislative sessions pre-revolution.”

          තේරෙන සිංහලෙන් කියන්නේ නම්,

          1. පැරණි ජනරජ ඊජිප්තුව මැරී තිබේ. දැන් ඇත්තේ “ඊජිප්තු අරාබි ජනරජයයි”. එය ප්‍රජාතන්ත්‍රවාදී වනවා (ලු) මෙන්ම අරාබි ඉස්ලාමීය ජාතීන්ගේ එකතුවේ (උම්මා) සාමාජිකයෙක්ද වන්නේලු.
          2. සාක්ෂි සහ විමර්ශන නීතිය ෂරියා වේ. ඒ අනුව සාක්ෂි විමසීමේදී සහ නඩු විභාග චෝදනා ගොනු කිරීමේදී මින් ඉදිරියට බලපවත්වන්නේ ෂරියා නීතියයි.
          “ඇත්ත කියපිය තෝ නේද අර මිනිහව මැරුවේ. කියපිය! කියපිය පර කෆීරයා! මොකෝ මූ කතා නැද්ද? ගලවපිය ඕකගේ බැනියම! ගෙනෙන් අර කසේ! “
          3. ක්‍රිස්තියානි සහ යුදෙවු ආගමික සහ සමාජයීය කටයුතු පිළිබඳව බලපවත්වන මූලික නීතිය ඔවුන්ගේ නීතියයි. [එතකොට අපරාධ නීතිය? ඒක ෂරියා. මොන ආගමේ වුණත් කමක් නැහැ, ෂරියා වලට විරුද්ධ නම් ඉවරයි, දැනගනින්! ]
          4. අදහස් ප්‍රකාශ කිරීමට (ලිඛිතව, වාචිකව හෝ රූප මාධ්‍ය මගින්) පූර්ණ අවසර තිබේ. එහෙත් දෙවියන්ගේ වක්තෘන් හට අපහාස කිරීම තහනම් වේ. [මීට නබි සහ ජේසුන් දෙපළම අයත් වේ ලු.]
          5. ඒක-දේව වාදී ආගමික සිද්ධස්ථාන ඉදි කිරීමට කිසිදු බාධාවක් නැත. [ඒ අනුව පන්සල්, කෝවිල් හැදීම නීතියෙන් ම තහනම් ය.]
          6. ෂරියා නීතිය පිලිබඳ අවසන් නිරාකරණ බලය Al-Azhar University ආයතනය මත තිබේ. ඔවුන්ගේ තීරණය අවසන් තීරණය වේ. තවද ලොව පුරා ඉස්ලාමය පැතිරවීමේ අයිතිය සහ වගකීම එම ආයතනය සතු වේ.
          7. මාතෘ සහ ළමා සේවා නොමිලේ ලබාදෙනු ලැබේ. නීතිය මගින් කාන්තාවකගේ මවුවත් වගකීම් සහ ප්‍රසිද්ධ ජීවිතය සම්බන්ධ සම්බන්ධීකරණය සිදු කෙරේ. තවද දික්කසාද සහ විධවාහක කතුන් සඳහා ප්‍රතිපාදන සැපයේ.
          8. රට තුළ වහල් මෙහෙය තහනම් වේ. [රට හරහා කෙරෙන වහල් වෙළඳාම ගැන කිසිම වචනයක් නැත. එමෙන්ම ඒ පිලිබඳ වෙනත් කිසිදු අන්තර්ජාතික ආයතනයකට වගකීමට ඊජිප්තු අරාබි ජනරජය බැදී නොසිටී.]
          9. හමුදාවට එරෙහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් හැර, සිවිල් වැසියන් හමුදා අධිකරණ ඉදිරියේ විභාග කිරීම තහනම් වේ. [හමුදාවට එරෙහි ප්‍රහාරය අරුත් දැක්වෙන සැටි ගැන මේ වනතුරු නිශ්චිත මතයක් නැත.]
          10. අධිකරණ නියෝගයකින් හැර මාධ්‍ය ආයතන වසා දැමීම කළ නොහැක. [ෂරියා නීතියට අනුව ක්‍රියාත්මක වන අධිකරණ] තවද පුවත්පතක් පටන් ගැනීමට අවසර ගත යුතු නැත. දැනුම් දීම පමණක් ප්‍රමාණවත් ය.
          11. ජනාධිපති ධුර කාලය වසර හතරකි. උපරිමව දෙවරක් එම ධුරයට පත් විය හැකිය. එය ඡන්දයකින් පමණක් සිදු කළ යුතුය.
          12. කලින් බලය හෙබවූ “ජාතික ප්‍රජාතාන්ත්‍රික පක්ෂය” තහනම් සංවිධානයක් ලෙස නම් කෙරේ. ඉදිරි වසර 10ක් යනතුරු එහි කිසිදු නායකයකු හට දේශපාලන කටයුතු වල නියැලිය නොහැක.
          තවත් අපට කියන්නට දෙයක් නැත. කිව හැකි එකම දේ අහෝ ඊජිප්තුව! කියා පමණි. ලොව අලුතින්ම බිහි වූ ෂරියා නීතිය මත පදනම් වූ දේශයේ අනාගතය දෙස මුළු ලෝකයම දෑස දල්වා බලා සිටින වග පමණක් කිව යුතුය.
          මේ අප එදා ලියු ලිපියයි. අද වන විට ඊජිප්තු යුද හමුදාව එහි ජනපති මොහොමඩ් මොර්ෂි බලයෙන් පහ කොට නිවාස අඩස්සියට පත් කර තිබේ. කයිරෝ නුවර වීදි පුරා ජය සැමරුම් සහ මල් වෙඩි සංදර්ශණ පැවැත්වෙද්දී, මොහොමඩ් මෝර්ෂි සංශෝධනය කළ ව්‍යවස්ථාවද අහෝසි කර තිබේ. වැඩි විස්තර මීළඟ ලිපියෙන්!