logo banner

Tuesday, August 20, 2013

යන්තර මන්තර හොරු | Abracadabra

සාමාන්‍යයෙන් අප ලියන කාලීන / දේශපාලන ආකෘතියෙන් ඉවතට පැමිණ, වෙනස් ආරක ලිපියක් ලියන්නැයි දන්නා කියන සහෘදයෙක්ගෙන් ඉල්ලීමක් ලැබී තිබිණි. වෙනස් ආරක දෙයක් ලියන්නට නම් වෙනස් රටක් තිබිය යුතුය. උදේ හවා පැසෙන කකුළු හොද්ද ඇතුළේ වන කකුළුවකු හට, හට්ටියේ ඩිසයින් එක ගැන කතා කරන්නට කීම මොනතරම් සාධාරණදැයි මම පෙරළා ප්‍රශ්න කෙළෙමි. සාමාන්‍යයෙන් බ්ලොග් එකකට අනන්‍යතාවක් තිබේ. අප දකින ආකාරයට ඒ අනන්‍යතාව නැති කර ගැනීම යනු ඉන් දෙනු ලබන පණිවුඩයේ බර හෑල්ලු කිරීමකි. ඇරත්, අර සහෘදයා යෝජනා කළ ආකාරයට, ජීවිතේ සත්‍ය සිද්ධි ඇසුරින් ලියන සංවේදී කතා බ්ලොග් අවකාශයේ ඕනෑතරම් තිබේ.

කෙසේ වෙතත් එකී සාකච්ඡාවේදී ඔහු මතු කළ වැදගත් කරුණක් වෙයි. එනම්, දේශපාලන හොරකං වලට වඩා වෙනත් හොරකං ද මේ රටේ අනන්තවත් සිදුවනවා ය යන්නය. එබැවින් ඒ මානයද ස්පර්ශ කරමින් මේ ලියන්නට හදන්නේ රටම දන්නා එහෙත් එකෙක්වත් මොකක්වත් නොකියන, නොලියන හොරකමක් ගැන ය.

සති අන්ත පුවත්පතක් ගන්න. පළමු කාණ්ඩයේ දහවන පිටුවෙන් එහාට පෙරළාගෙන යන්න. මතකය හරිනම්, 13 හෝ 14 වන පිටුව පෙරළාගෙන, මෙන්න මෙවැනි දේ තිබේදැයි බලන්න:


  • අසරණ දරුවා! සැමියා බිරිඳ හැරගියා ද? ජීවිතයේ බලාපොරොත්තු සිඳීගොස් ද? හඬන්න එපා, පසුතැවෙන්න එපා. එන්න මා වෙත. වරු තුනෙන් ගෙන්වාදෙමි. අත්දුටුවයි, සත්‍යයි, ප්‍රත්‍යක්ෂයි. මුහුදෙන් එතෙරට බලපාන පරිදි කරදෙමි. හරිගියාට පසුව මුදල් ගෙවන්න. මා ඉපදුනේ ඔබට සේවය කිරීමට මයි. 
  • අතිප්‍රබල නීච කුල වශී ගුරුකම්! සැමියා අනියම් ඇසුරක් පවත්වයිද? බිරිඳ ඔබ හැර ගියේද? පෙම්වතා ඔබ මගහරී ද? කැමති තරුණිය පිටුපායි ද? ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් අකැමැතියි ද? සුරාවෙන් ගැලවීමක් නැද්ද? වරු තුනෙන් විසඳා දෙමි.
  • වශී! වශී!! වශී!! ස්ත්‍රී පුරුෂ වශී. රාජ වශී. සර්වජන වශී. වශී වශී. පමාවෙන්න එපා, කැමති තරුණයා / තරුණිය පිටුපායි ද? සැමියා / බිරිඳ ඔබ හැර ගියේ ද? රැකියාවේ ප්‍රගතියක් නැද්ද? තරග විභාග වලින් ජයක් නැද්ද? මහා වශී රාජ යන්ත්‍රය තාමත් අයදුම් කළේ නැද්ද? පමා වී ලතවෙන්න එපා. අදම අයදුම් කරන්න. 
  • මාතර කඹුරුපිටියේ / නුවර මැණික්හින්නේ / කුරුණෑගල අලව්වේ අතිප්‍රබල ගුරුකම්. වරක් පැමිණෙන්න වෙනස බලන්න. 

මේ වනාහි අර කී ලැයිස්තුවේ සුප්‍රකට වචන පෙළවල් කීපයකි. මීට වඩා වුවද උදාහරණ දිය හැකි මුත් දැනට මේ ඇතිය. 

මේ කරුණු දෙස බැලුවිට වෙන මොන උලව්වක් නැතත්, අපේ රටේ ගැහැණු පිරිමි සම්බන්ධතා පිළිබඳව ඉතා හොඳ විග්‍රහයක් ලබාගත හැකිය. මේ සියල්ල පසුපස මහා දරුණු, එහෙත් අප්‍රකාශිත ලිංගික දරිද්‍රතාවක් දිවෙන බව සක්සුදක් සේ පැහැදිලිය. කොහොමත් යාලු කාලයේ කරන්නට තියෙන හැම දහඅට මගුලම නැටුවාම, කසදෙන් පසුව කරන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. ඉතිං එදා පුරහඳ වගේ පෙනුණු මූණේ ආවාට දකින විට, එදා තිසර තන අද වලිකුකුළන් සේ පෙනෙන විට, එදා පුළුලුකුළ අද ඇදවුණු ලොරි බොඩියක් සේ පෙනෙන විට, ගෙදර හුචක්කුව අතහැර, පාරේ යන බෙන්ස් එකකට නගින්නට මොන මිනිහාටත් ආසාවක් ඇති වීම සාධාරණය. (මේ හුචක්කු කතාව අපේ එකක් නොවේ. වීඩියෝව පහළින්.) ගෑණි ගැන ද එසේම ය. එදා පෙම් කුමාරයා අද රෙද්දක් හෝදන්නේ නැති කෂඩයා වන විට, එදා "සූකිරි බෝලේ" අද "ඒයි මෙහෙ එනව" වූ විට, එදා පෙම් සුවඳ වෙනුවට අද අරක්කු ගඳ හමන විට, මොන ගෑණිට වුණත් එපා වෙන්නේ ය.





කෙසේ වෙතත් අපේ අරමුණ මේ ගෑණු-පිරිමි හුචක්කු කතාවල් කතා කිරීම නොවේ. අප කියන්නට ආවේ මන්තර හොරු ගැන ය. එසේ කියන්නේ හේතුවක් ඇතිව ය. මන්ද යත් මෙකී මන්තර හොරු වැඩියක්ම මංකොල්ල කන්නෙ අහිංසක ගෑණු මිනිස්සුන්ගේ සල්ලි බැවිණි. අද ඉන්නා යන්තර මන්තර හොරුන්ගේ හොරකමේ මහත පෙන්වා දීම පිණිස සරල උදාහරණ කීපයකින් පමණක් නැවතිය හැකි වුවත් මේ ලිපියේ අරමුණ ඊට වඩා ගැඹුරට කිමිදීමක් වෙත යාම කෙරෙහි ය. 

මන්ත්‍ර ගැන ඇත්ත

මන්ත්‍ර යනු අරුත් ගැන්වෙන්නේ "මනසේ ක්‍රියාකාරීතාව" හෙවත් "මනීන්ද්‍රියතාව" ලෙස ය. හිංදු මූල ග්‍රන්ථ ඇසුරෙන් ගත්විට, මන්ත්‍ර යනු විශ්වීය සත්තාවේ ස්වරාලිත නිරූපණයයි. මූලිකව මන්ත්‍ර ගොඩනැගෙන්නේ මන්ත්‍රාක්ෂර වලිනි. එවැනි අක්ෂර එක් පනසකි. ඒවා "මාතෘකා" නම් වේ. මන්ත්‍ර ගොඩ නැගෙන්නේ මාතෘකා වලිනි.

සියලු මන්ත්‍ර, ඕම්කාරය බීජ කොට ඇතැයි කියනු ලැබේ. ඕම් යනු (අං + හුං) අක්ෂර දෙකේ එකතුවකි. පළමුවැන්නෙන් ජනනය, එනම් ඉපිදවීම ද, දෙවැන්නෙන් හායනය හෙවත් විනාශය ද නිරූපණය වේ. ඕම්කාරය තුළ සියලු මන්ත්‍ර ඇතැයි කියන්නේ එබැවිනි. එය සියලු මන්තරවල ප්‍රාණය වන බැවින් ඊට "ප්‍රණවය / ප්‍රණව මන්ත්‍රය / ප්‍රාණබීජය" කියා ද කියති. මෙකී ඕම්කාරය, වෙනත් විවිධ ස්වරස්ථානයන් හා ගැටීමෙන් මන්ත්‍රාක්ෂර උපදී. ඒවාට මූලමන්ත්‍ර යයි කියති.

මන්ත්‍රයක කොටස් හතරකි. එනම්, ප්‍රණවය, නමස්කාරය, යාඥාව සහ පල්ලවය වශයෙනි. ප්‍රණවය හෙවත් ඕම්කාරය මන්ත්‍රයක ශීර්ෂය වේ. නමස්කාරය යනු යම් දේවතාවකු, යක්ෂයකු හෝ වෙනත් සූක්ෂ්ම ශරීරධාරියකු වෙත කෙරෙන ඇමතීමකි. යාඥාව යනු තමන්ට කරගත යුතු කටයුත්තට අදාළ ඉල්ලීමයි. පල්ලවය යනු අලංකාරය යන අරුත් දේ. යාචාර්ථ, නමස්කාරාර්ථ, විධාර්ත, සමොධාර්ත, විද්වෙශාර්ථ ඈ විසින් පල්ලව පද ගණනාවක් ඇත.  මන්තරයක් ජපකරන්නා විසින් මේ සියල්ල දැනගෙන කටයුත්තේ ය.

මෙසේ කොටස් හතරකින් සම්පූර්ණ වන මන්ත්‍රය ගැන, මන්ත්‍රධාරියා විසින් කරුණු හයකින් දැනුවත් විය යුත්තේ ය. එනම් ඍෂි, රාග (ඡන්ද), දෙවතා, බීජ, ශක්ති සහ කීලක වශයෙනි. ඍෂි යනු මන්ත්‍රය නිපදවූ පුද්ගලයා ය. රාග යනු අදාළ මන්ත්‍රය දැපිය යුතු ස්වර, ළය, තාන ආදී දැනුමයි. දේවතා යනු මන්ත්‍රාධිපති දේවතාවා කවරේ ද, කවර ගුණ ඇත්තේ ද, කවරාකාරයෙන් සැළකිය යුත්තේ ද යනාදී දැනුමයි. බීජ යනු අදාළ මන්ත්‍රය කවර බීජාක්ෂර කවර ලෙසකින් සංඝටනය වී තැනී ඇත්ද යන්න ගැන දැනුමයි. ශක්ති යනු අදාළ මන්ත්‍රයට අදාළ ශක්ති ගුණයයි. කීලක යනු මන්ත්‍රය තුළ සැඟව ඇත්තා වූ චෛතන්‍ය ගුණය එළියට ගැනීම පිලිබඳ දැනුමයි. මේ සියල්ලට අමතරව, තමා ජපකරන මන්ත්‍රයේ අර්ථ, සගුණ/නිර්ගුණ භේද, මූල, සාත්වික, රාජසික,තාමසික භේද, ජපනාකාර ආදී සියල්ල ගැන මන්ත්‍රධරයා දැනුවත් විය යුතුය.

මන්තරයක් ජප කළ පමණින් ප්‍රතිඵල නොලැබේ. පළමුව අදාළ මන්ත්‍රයේ සිද්ධිය ලබා තිබිය යුතුය. හරියට තුවක්කුවක් අතට ගත් පමණින් වෙඩි තැබිය නොහැක්කා සේ ය. පළමුව අදාළ කෞශල්‍යය ලබා තිබිය යුතුය. මෙකී කෞශල්‍යය ලබාදීම පිණිස මන්ත්‍රය සුදුස්සෙක් අතින් ලැබිය යුතුය. මෙය මන්ත්‍රදීක්ෂාව නම් වන අතර මෙය වනාහි ගුරුවරයා විසින් ගෝලයාට මන්ත්‍රදානය කිරීමයි. ගුරු දානය කරයි; ගෝලයා සාධනය කරයි.

සාධනාව ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඊට දශ සංස්කාර, පංච පුරශ්චරණ, ශොඩෂෝපචාර සියල්ල සපුරා තිබිය යුතුය. ලොපසින් කඩුවක් තනන ලොකුරුවෙකු මෙන් වෙහෙස මහන්සි වී කළ යුතු මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වන අතර, ලිපියේ බර වැඩි නොවනු පිණිස අදාළ නොවන යම් යම් විස්තර කපාහැර අවශ්‍යම ටික පමණක් දක්වනු කැමැත්තෙමු.

1. ජනන : තඹපතක අධෝමුඛ ත්‍රිකෝණයක් ඇඳ, එහි ජනන යන්ත්‍රය ඇඳගෙන, එහි කොටු 48 හි ඕම්කාරය හා හංසය හැර ඉතිරි මාතෘකාක්ෂර 48 ලිවිය යුතුය. මෙසේ අඳින ලද යන්ත්‍රයෙන්, තමා ඉගෙනගන්නට සැරසෙන මන්තරයේ එක් එක් අකුර බැගින් ගෙන ජනන මන්ත්‍රයෙන් 108 වර ජපා තල්පතක ලිවිය යුතුය. අකුරු සියල්ල සම්පූර්ණ වූ පසුව දෙපසටම ප්‍රණවය යොදා (එනම් "ඕම්" [අදාල මන්ත්‍රය] "ඕම්" ලෙස පිහිටුවා) හත්වරක් ජපකිරීමෙන් මන්ත්‍රය "උපදී".
2.  දීපන: අලුත තනාගත් කඩුවක් ගින්නෙන් දවන්නේ යම්සේ ද, එසේම මන්ත්‍රය ද දීපනය කළ යුතුය. මීට මන්ත්‍රයේ දෙපසට මායාබීජ අක්ෂරය යොදා හත්වරක් දැපිය යුත්තේය. (සමහර පොත්වලට අනුව දෙපසට හංසය යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය).
3. බෝධන : තනාගත් කඩුව දිස්නය දෙන පරිදි මදින්නේ යම්සේද, එසේම මන්ත්‍රය බෝධනය කළ යුතුය. ඊට අදාළ මන්ත්‍රයක් ඇති අතර, තනාගත් මන්ත්‍රයේ දෙපසට එය යොදා 5000 වරක් ජපකළ යුත්තේය.
4. තාඩන: තනාගත් කඩුවක් මිටියෙන් තළා පදම් කරන්නේ යම් සේද, එසේම තනාගත් මන්ත්‍රය ද තාඩනය කළ යුත්තේ ය. මීට අදාළ තාඩන මන්ත්‍රයෙන් දෙපස යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය.
5. අභිෂේක: ගින්නෙන් දවා මිටියෙන් තළා පදම් කළ කඩුවක් දියෙන් නහවා සිසිල් කොට සවි කරන්නේ යම් සේ ද, එසේම මන්ත්‍රය ද දියෙන් අබිසෙස් කළ යුත්තේ ය. මීට අදාළ අභිෂේක මන්ත්‍රය දෙපසට යොදා තවත් 1000 වරක් ජපකළ යුත්තේ ය.
6. විමලීකරණ: අලුත තැනු කඩුපතක වන මළ සියල්ල කපාහැර ශුද්ධ කරන්නේ යම් සේ ද, විමලීකරණ මන්ත්‍රයෙන් දහස්වර ජප කිරීමෙන් මන්ත්‍ර ශුද්ධිය වේ.
7. ජීවන: මෙතෙක් හුදෙක් අජීවී අක්ෂර පෙළක් සේ වුණු මන්තරය, ජීවන මන්ත්‍රයෙන් දහස්වර ජපකිරීමෙන් සජීවී මන්ත්‍රයක් වේ.
8. තර්පණ : අලුත උපන් දරුවෙක් කිරෙන් දියෙන් නහවා පවිත්‍ර කරන්නේ යම් සේද, එසේම වමතින් කිරි දිය ගෙන දකුණතේ වන මන්ත්‍රධාර තල්පත නහවමින් අදාළ මන්ත්‍රයෙන් දහස්වර ජප කරන්නේ ය.
9. ගොපණ: අලුත සැදු ගෙයකට ගොම පිරිබඩලමින් හිස්තැන් වසා අඩුතැන් පුරවා මට සුමට කරන්නේ යම් සේද, ගොපී මන්ත්‍රයෙන් දහස්වර ජපකළ යුත්තේය.
10. ආප්‍යායණ: අලුත උපන් දරුවකු ගෙට ගෙවදන්නේ යම් සේද, එසේම ආප්‍යායණ මතුරෙන් දහස්වර මතුරා අදාළ දශ කෘත්‍යය සපුරන්නේ ය.

මේ වනාහි දශ සංස්කාරයයි. එනම් මන්ත්‍රයක් සකස් කිරීමට අදාළ කරුණු දහයයි. සකස් කළ පමණින් මන්ත්‍රය "තමාගේ" වන්නේ නැත. කඩුවක් තැනු පමණින් එය "තමාගේ" යන හුරුව ලැබෙන්නේ නැතුවාක් මෙනි. ඊට පුරශ්චරණ පහක් පිරිය යුතුය.

1. ජපන: මන්ත්‍රයේ එන එක් අකුරකට ලක්ෂවාරයක් ජප කළ යුතුය.
2. දශාංශ හෝම: සෑම ජප දහයකට වරක්ම අග්නි පූජාවක් කළ යුතුය.
3. ශතාංශ තර්පණ: සෑම ජප සියයකටම වරක්ම ජල/ක්ෂීර පූජාවක් කළ යුතුය.
4. සහශ්‍රාන්ශ අභිෂේක: සෑම ජප දහසකටම වරක් අභිෂේක කළ යුතුය.
5. සමාරාධන: සෑම ජප දස-දහසකටම වරක් බ්‍රාහ්මණ දානයක් දිය යුතුය.

මෙසේ මහත් වෙහෙසකින් පසුව සාධනය ලබන මන්ත්‍රය අවසානයේ අදාළ දේවතාවා සම්බන්ධ සිද්ධිය ලැබෙන අතර ඕහට සොළොස් ආකාර සත්කාර පුදදිය යුතුය. එනම්, ආසන, ස්වාගත, නිද්‍ය, ආර්ඝය, ආචමන, මධුපාර්ක, ස්නාන, වස්ත්‍ර, ආභරණ, ගන්ධ, පුෂ්ප, ධූප, දීප, තාම්බුල, අජ්නී, වන්දනා යනුවෙනි.

මේ සියල්ල මැද ඇදුරා සිතින් කයින් වදනින් තුන්දොරින්ම පවිත්‍රව සිටිය යුත්තේ ය. සිතින්වත් අයුත්තක් නොසිතිය යුත්තේය. නිර්මාංශික සහ අනගාරික විය යුත්තේය. (මන්ත්‍ර සාධනය කළාට පසු නම් ගිහියෙක් වෙන්නට බාධාවක් නැත.) මන්ත්‍ර සාධනය යනු මෙවැනි අසීරු ක්‍රියාවකි. මේ වනාහි හුදු එක් මන්ත්‍රයක් පිලිබඳ සාධනාව වේ. මන්ත්‍ර ශාස්ත්‍රයේ එන සෑම මන්ත්‍රයක්ම සෑම අයෙකුටම සාධනා කොට භාවිත කළ නොහැක. තමාට සීහෙන (ගැළපෙන) මන්ත්‍ර මෙන්ම නොසීහෙන මන්ත්‍ර ද වේ. සිද්ධ, සාධ්‍ය සුසිද්ධ, අරි යනාකාර මන්ත්‍ර වර්ග හතරකි. නොදනුමකින් හෝ අරි (සතුරු) මන්ත්‍රයක් භාවිතයේ යෙදුණොත් ඇදුරාත් නසා ආතුරයාත් නසා උදව් දුන් එවුනුත් නසා මිස නොනවතී. එසේම මන්ත්‍රාධිපති දේවතාවන් ගත්තත් තමා හට සීහෙන දෙවතාවන් මෙන්ම නොසීහෙන දෙවතාවන් ද වේ. තමාට නෛසර්ගිකව නොගැළපෙන දේවතාවකු හට අදාළ මන්තරයක් ජප කිරීම යනු ආයුධ සන්නද්ධ සතුරෙක් සිය කැමැත්තෙන් ගෙට වැද්දගැනීම හා සමානය.

මෙසේ අමාරුවෙන් උපයා ගත් මන්ත්‍රය වුවත් ජප කිරීමට අදාළ ක්‍රමවේද ගැන ඇදුරා දැනුවත් විය යුතුය. වාච්‍ය, ලිඛිත, වෛඛාරී, උපාංශු යන සතරාකාර ජපක්‍රම නොවරද්දා ජපකළ යුතුය. එසේම ජප කිරීමේදී, ජප-දිෂ්ටි-ප්‍රාණ-පලිප්පු-ශෝධන දැනගෙනම කළ යුත්තේ ය. එකක් හෝ වැරද්දවීම යනු මුවහත් කඩුවක් වරදවා හැසිරවීම වැනිය. එක්කෝ තමා කපා ගනී; නැත්නම් ආතුරයා විපතට හෙළයි.

මන්ත්‍ර ශාස්ත්‍රයේ අදාළ ශාඛා අටක් වේ. ඒවා අෂ්ටකර්ම නමි. එනම් මන්ත්‍ර වලින් කරන ක්‍රියා අටකි. වශීකරණය ඉන් එකකි. තව හතක් තිබේ. එක් එක් කර්මයට එක් එක් මන්ත්‍රය පමණක් දැනගෙන උන්නත්, එකී මන්ත්‍ර අට පමණක් සාධනයට යන කාලය කොපමණ වේදැයි සිතීම අපහසු නොවේ. වශීකරණය ම ගත්තත් සෑම මන්ත්‍රයක්ම එකසේ පළ දෙන්නේ නොවේ. එසේම සෑම කාලයකම ක්‍රියාවේ යෙදවිය හැක්කේ ද නොවේ. දුබල මන්ත්‍ර අතහැර ප්‍රබල මන්ත්‍ර පමණක් සාධනය කළ හැකි නොවේදැයි කෙනෙක් අසන්නට පිළිවනි. ප්‍රබල මන්ත්‍ර සෑමවිටම ගැළපෙන්නේ නොවේ. ස්නයිපර් තුවක්කුවකින් කරන වැඩේ මල්ටි බැරල් රොකට්ටුවකින් කරන්නට බැරිය. කාලතුවක්කුවකින් කරන දේ රයිෆලයකින් කරන්නටද බැරිය. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ය. දර පලන පොරොවෙන් හදවත් සැත්කම් කරන්නේ නැත.

මේ සරල සමාලෝචනය දුන්නේ සැබැවටම මන්ත්‍ර ජපනය කවරාකාර දෙයක් ද යන්න පාඨක ඔබට වටහා දීමට ය. පුවත්පත්වල වැහි වහින තරම් මන්තරකාරයෝ ඉන්නවානම් මේ රට කොහොමින් කොහොම තැනක් කරන්නට තිබුණා ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

කොවුර් අභියෝගය

ඒබ්‍රහම් ටී. කොවුර් යනු කවුදැයි කියන්නට අද කාලෙ දන්නා උදවිය අඩු වීම ඉතාම අවාසනාවකි. කොවුර් යනු හේතුවාදී (rationalists) මතවාදය වෙනුවෙන් මෑත කාලයේ පෙනී සිටි විශිෂ්ටම සහ විදග්ධම විද්වතෙකි. ජීවත්ව සිටි කාලයේ යන්තර මන්තර හොරුන් හට ප්‍රසිද්ධියේ ම අභියෝග කළ ඔහු, එතෙකින් නොනැවතී හොල්මන් බංගලාවල රාත්‍රීන් ගත කිරීම, පුනරුප්පත්ති හොරු ඇල්ලීම වැනි දේ රාශියක් හරහා හේතුවාදය ජනවිඥානයේ ඉතා වැදගත් තැනකට ඔසොවා තැබීමට සමත් වූවෙකි. පොදුවේ ගත්කළ ඉතාම අන්තවාදී ද්‍රව්‍යවාදී ස්වභාවයක් ගත්තද, කොවුර්ගේ තර්කන විධිය හා ක්‍රියාවිධි අදට ද එලෙසම වලංගු බවට සැකයක් නැත.

කොවුර් අභියෝගය ඉතාම සරලය. මෙන්න ඔහුගේම වචනයෙන්:

"I, Abraham T. Kovoor of "Tiruvalla", Pamankada Lane, Colombo-6 do hereby state that l am prepared to pay an award of 100, 000 Sri Lankan rupees to any one from any part of the world who can demonstrate supernatural or miraculous powers under fool-proof and fraud-proof conditions. This offer will remain open till my death or till I find the first winner.

Godmen, saints, yogis, and siddhas who claim that they acquired miraculous powers through spiritual exercises and divine boons win this award if they can perform any of the following "miracles"


  1. Read the serial number of a sealed up currency note.
  2. Produce an exact replica of a currency note.
  3. Stand stationary on burning cinders for half a minute without blistering the feet.
  4. Materialise from nothing an object I ask.
  5. Move or bend a solid object using psychokinetic power.
  6. Read the thought of another person using telepathic powers.
  7. Make an amputated limb grow even one inch by prayer, spiritual or faith healing powers, Lourdes water, holy ash, blessing etc.
  8. Levitate in the air by yogic power.
  9. Stop the heart-beat for five minutes by yogi power.
  10. Stop breathing for thirty minutes by yogi power.
  11. Walk on water.
  12. Leave the body in one place and reappear in another place.
  13. Predict a future event.
  14. Develop creative intelligence or get enlightened through transcendental or yogic meditation.
  15. Speak or understand an unknown language as a result of rebirth or by being possessed by a spirit, holy or evil.
  16. Produce a spirit or ghost to be photographed.
  17. Disappear from the negative when photographed.
  18. Get out of a locked room by spiritual power.
  19. Increase the quantity by weight of a substance by divine power.
  20. Detect a hidden object.
  21. Convert water into petrol or wine.
  22. Convert wine into blood.
  23. Astrologers and palmists, who hoodwink the gullible by saying that astrology and palmistry are perfectly "Scientific", can win my award if they can pick out correctly—within a margin of five percent error—those of males, females, and living and the dead from a set of ten palm prints or astrological charts giving the exact time of birth correct to the minute, and places of birth with their latitudes and longitudes.

I invite miracle performers like Satya Sai Baba, Pandrimalai Swamigal, Neelakanta Tathaji, Nirmala Devi Srivastava, Pujya Dadaji, Dattabal, Triprayar Yogini, Gtirudev Anandamurthi, Kamubhai, Chinmayanand, Acharya Rajneesh, Muktanand, Swami Rama, Swami Haridas, Sivabalayogi, Bhagavan Gnanananda, Gurumaharaj-ji, Maharishi Mahesh Yogi, Hazarath Ali, Dr. Vadlaimudi, C. S. Teerthangar, R.P.Tiwari, Uri Geller, Nelya Michailova, Jeane Dixon, Sybil Leek and the numerous "professors" of astrology and palmistry, in India and numerous other gurus, swamijis, mahants, acharyas, andas, babas and bhagavans who have found fresh pastures and wealthier gullibles in Western Countries, to take up my challenge and prove to skeptics like me that they are not hoaxers."

සිංහල පරිවර්තනය ගත්කල එය මෙසේය.

"කොළඹ 06 පාමංකඩ තිරුවැල්ල දරන ස්ථානයේ පදිංචි ඒබ්‍රහම් ටී. කොවුර් වන මම, වංචා විරහිත, සටකපටකම් වලින් තොර වාතාවරණයක් යටතේ ඕනෑම අධි-ස්වභාවික හෝ ප්‍රාතිහාර්යාත්මක දස්කමක් දැක්වීමට සමත් වන ලොව ඕනෑම ප්‍රදේශයක ඕනෑම කෙනෙකු හට, ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව මෙයින් දන්වා සිටිමි.

කට්ටඩියන්, සාන්තුවරුන්, යෝගීන්, සිද්ධයින් හෝ වෙනත් අධිමානසික බලයක් හෝ දේව වරමක් සහිත යයි පවසන ඕනෑම අයෙකු හට, පහත දැක්වෙන "ප්‍රාතිහාර්ය" අතරින් එකක් හෝ පෑමෙන් මෙකී ත්‍යාග මුදල දිනාගත හැකිය.
  1. මුද්‍රා තබන ලද මුදල් නෝට්ටුවක ශ්‍රේණික අංකය කියවීම
  2. මුදල් නෝට්ටුවක සර්වසම පිටපතක් මැවීම
  3. දැවෙන අඟුරු මත විනාඩි බාගයක් දෙපා නොපිළිස්සී එකතැන සිටගෙන සිටීම
  4. මා ඉල්ලන දෙයක් හුදෙක් "හිස් ආකාශයෙන්" මවාදීම
  5. චිත්තවේග බලය ඇසුරින් ඝණ වස්තුවක් චලනය කරවීම හෝ නැවීම
  6. ටෙලිපති බලය මගින් අනෙකෙකු ගේ සිත් කියවීම
  7. කපන ලද ගාත්‍රයක් (අතක් / පයක්), යාඥා, විශ්වාසී බල, ශුද්ධ වූ අළු හෝ ජලය, ආශීර්වාද වැනි දෙයක් මගින් එක අඟලක් වවා පෙන්වීම
  8. යෝගී බලයෙන් අහසේ පාවීම
  9. යෝගී බලයෙන් විනාඩි පහක් හෘදය ස්පන්දනය නවත්වා සිටීම
  10. යෝගී බලයෙන් පැය බාගයක් ආශ්වාස-ප්‍රශ්වාස නවත්වාගෙන සිටීම
  11. ජලය මත ඇවිදීම
  12. එකතැනකින් සිරුර අතහැර ගොස් වෙනත් තැනකින් ප්‍රාදුර්භූත වීම
  13. අනාගත සිද්ධියක් පිලිබඳ පුරෝකථනය කිරීම
  14. පාරසම්භව හෝ යෝගී බලයක් ඇසුරෙන් යම් ආකාරයක නිර්මාණශීලී බුද්ධියක් ලැබීම
  15. යළි ඉපදීම, භූත බලවේගයක් ආවේශ වීම හෝ වෙනත් ක්‍රමයකින් උපතේ සිට නොදන්නා භාෂාවක් තේරුම් ගැනීම හෝ කතා කිරීම
  16. ඡායාරූපයක් ගතහැකි පරිදි හොල්මනක් හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම
  17. ඡයාරූපයක් ගත්විට නෙගටිව් තහඩුවෙන් අතුරුදන්ව සිටීම
  18. මුද්‍රා තබන ලද කාමරයක් ඇතුළතින්, යෝගී බලයෙන් නිදහස් වීම
  19. දේව බලයෙන් යම් වස්තුවක බර වැඩිකිරීම
  20. සැඟවූ වස්තුවක් සොයාගැනීම
  21. ජලය, පෙට්‍රල් හෝ වයින් බවට පත්කිරීම
  22. වයින්, ලේ බවට පත්කිරීම
  23. ජ්‍යෝතිෂය හා අතබැලීම ඉතාම විද්‍යාත්මක යයි කියමින් අසරණ ජනයා රවටන ජ්‍යෝතිෂවේදීන් හා අතබලන්නන් හට ඉතා පහසුවෙන් මගේ ත්‍යාගය දිනාගත හැකිය. ඒ සඳහා ඔවුන් කළයුතු වන්නේ මෙපමණකි: මා ලබාදෙන අත්ල සටහන් හෝ හරියටම නිරවද්‍ය උපන් වේලාවල් (උපන වෙලාවේ අක්ෂාංශ දේශාංශ සහිතව) දහයක් ඇසුරින්, (සීයට පහක නිරවද්‍යතා සීමාවක් යටතේ) ස්ත්‍රීන්, පුරුෂයන් හා ජීවත් වන්නන් සහ මළවුන් කවරේදැයි පැවසීම පමණකි. 
තවද සත්‍ය සායිබාබා, පන්ද්‍රිමලයි ස්වාමිගල්, නීලකාන්ත තථජී, නිර්මලාදේවී ශ්‍රීවාස්තව, පුජ්‍ය දදාජී, දත්තාබාල්, ත්‍රිප්‍රයාර් යෝගිනී, තිරුදේව් ආනන්දමූර්ති, කාමුභායි, චින්මයානන්ද්, ආචාර්ය රාජ්නීශ්, මුක්තානන්ද්, ස්වාමි රාමා, ස්වාමි හරිදාස්, සිවබාලයෝගී, භගවාන් ඥානානන්ද, ගුරුමහරාජ්-ජි, මහර්ශි මහේෂ් යෝගී, හzසරත් අලි,  වෛද්‍ය වද්ලායිමුධි, සී.එස්. තීර්ථන්ගර්, ආර්.පී. තිවාරි, යුරි ගෙලර්, නෙල්‍යා මිඛයිලෝවා, ජීන් ඩික්සන්, සිබිල් ලීක් සහ වෙනත් ඉන්දීය ජ්‍යෝතිෂය / හස්තරේඛා "මහාචාර්යවරු" ද, (සිය සටකපටකම් වලින් රැවටීමට බටහිර ලෝකය තුළ නව රැවටෙන්නන් සොයාගෙන ඇති) වෙනත් අනේකවිධ ගුරු, ස්වාමි ජී, මහන්තා, ආචාර්ය, ආන්ද, බාබා සහ භගවාන්වරුන්ගෙන් ද, මේ අභියෝගය බාරගෙන, මා වැනි අව්ශ්වාසිකයකු හට ඔවුන් බොරුකාරයන් නොවෙයි කියා සනාථ කරන මෙන් මම ඉල්ලා සිටිමි. "

1963 දී කරන ලද මේ අභියෝගය අදටද වලංගු වන නමුත් අද වන තුරුත් ඊට ඉදිරිපත් වූ කෙනෙක් සොයාගැනීමට නොහැකිය. (මෙය ඉදිරිපත් කළ මුල්කාලයේ විවිධ කූටෝපාය වලින් එය දිනාගැනීමට උත්සාහ කළවුන් බොහොමයක් අසාර්ථක වූ අයුරු ද පුවත්පත් වාර්තා කෙළේ ය.)

යුරි ගෙලර් සහ පීටර් පොපොෆ් ගැන වචනයක්

ඉහත ලැයිස්තුවේ නම සටහන් වූ මේ පචකාරයා ගැන නිතර පතපොත කියවන උදවියට නම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවිවාදයෙන්ම බටහිර ලොව ප්‍රසිද්ධම "මායාකාරයා" ලෙස ඔහු හැඳින්වුවද එහි වරදක් නොවේ. ලෝහමය වස්තු නැවීමට හා ලෝහමය /ඉලෙක්ට්‍රොනික උපකරණ චිත්ත බලයෙන් පිළිසකර කිරීමට බලයක් තිබුණේ යැයි කියන මේ පුද්ගලයා ගැන ආචාර්ය රෑන්ඩි විසින් ඉතා සුපරීක්ෂාකාරීව කරන ලද පරීක්ෂණ ශ්‍රේණියක් මගින් සත්‍යය ජනතාවට පෙන්වන ලදි. එහෙත් අදටද ඔහු සත්‍ය වශයෙන්ම මායාකාරයෙක් යැයි පිළිගන්නා පිරිසද සුළුපටු නැත. මෙන්න අදාළ වාර්තා වැඩසටහන.





එසේම පීටර් පොපොෆ් යනුද මෙසේම අසරණ මිනිසුන් දේව බලයෙන් සුවකරන බව කියමින් මුදල් ගරාගත් තවත් කාලකන්නියෙකි. ඇත්තටම ඔහු කළේ වෙන කිසිවක් නොව සිය සුවකිරීම් මෙහෙය අතරමැද සැඟවී සිටි සිය බිරියගේ උදව්වෙන් සුවය ලබන්නවුන්ගේ විස්තර කලින් දැනගෙන ඔවුන් "සුව කළා" සේ පෙන්වීමයි. අදාළ විස්තර සඳහා වීඩියෝව බලන්න. 




අපෙනුත් අභියෝගයක්

අද වන විට රට පුරා මෙවැනි සුවකිරීමේ සුභාරංචි මෙහෙයවල් හතු පිපෙන්නා සේ පවත්වනු අපට දකින්නට ලැබෙ. මේ තරම් සුවකිරීම් මෙහෙයවල් වේනම්, මේ රටට රෝහල් අවශ්‍ය වන්නේ නැත. අපට හැගෙන දේ නම් මේ සියල්ල පට්ටපල් බොරු පච බවයි. ඒ නිසා තහනම් වචන ලියන අපි ද මේ මොහොතේ සරල අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. මීළඟ මාසය ඇතුළත, මෙවැනි සුවකිරීම් මෙහෙයවල් පැවැත්වෙන තැන් කීපයකට යාමට අප බලාපොරොත්තු වන අප ඉල්ලා සිටින්නේ එහිදී අප නම්කරන පුද්ගලයකු ගේ රෝගයක් සුව කරන ලෙසයි. රෝගයවත්, අදාළ පුද්ගලයා වත් ඔහු / ඇය ගැන මොනම විස්තරයක් වත් අප විසින් ලබාදෙනු නොලැබේ. රෝගය සුවකරනු නොහැකිනම් අපට පිළිගත හැකි මට්ටමේ ඕනෑම ප්‍රාතිහාර්යයක් දක්වන අයෙකු හට අප කමිටුව විසින් සම්මාදම් කර දෙනු ලබන මුදල් ත්‍යාගයක් ලබාදෙන අතර, එයද නොහැකිනම් අඩුම තරමේ එවැනි ප්‍රාතිහාර්යයක් පෙන්විය හැකිනම් මේ ලියන්නා ඒ මොහොතේ සිට අදාළ සුවකිරීම කරන්නා ගේ ආගම වැළඳගන්නා බවට ද මේ මොහොතේ අපි දන්වා සිටිමු. 

අභියෝගය විවෘතයි! 

Sunday, August 18, 2013

ලකෆ්‍රෑන්ස්ට උත්තරයක් | Answering Lakafrance

"බ්ලොග් ලෝකයේ සංවාද මණ්ඩප ඇත. සාකච්ඡා මණ්ඩප ඇත. කවි මඩු ඇත. වාද පිටි ඇත. වැසිකිළියක් තිබ්බේ නැත. මෙතුමා ඒ යුතුකම ඉටු කර ඇත. බ්ලොග් ලෝකයේ ශෘංගාර, භයානක, භීභත්ස්‍ය, ආදී නව නළු රසයම ඇත. අසූචි රසයක් මෙතෙක් තිබුණේ නැත. දැන් එකත් ඇත.
කොල්ලෝ ද කෙල්ලෝ ද බ්ලොග් ලී හ. දැන් ඒ ගොඩට නපුන්සකයකුද එක්ව සිටී. සතුටුය. බ්ලොග් ලෝකයේ සම්මතය මෙන්ම අසම්මතය ද ඇත. දැන් නම් ඉතින් අමු අමුවේ චරිත ඝාතන ද ඇත.
අවසානයට කිව යුතු එකම දේ මෙවැනි කුහක බ්ලොග් කරුවන් බ්ලොග් අවකාශයේ සිටිය යුතු නැති බවයි. මේ ලියන කෙනා වරින් වර සිය ඊ-ලිපිනය දක්වමින් මේ කරන්නේ ඕපාදූප හිඟා කෑමකි. දැන් ඉතින් කාට කාටත් තමුන් ගැවෙන්නේ නැතිව පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගත හැක. තරහ කාරයෙක් වේ නම් කළ යුතු එකම දෙය උගේ (හෝ ඇගේ) කුණු ගොඩක් මෙතුමාට දීම පමණි. අන්තිමට හැමෝටම මඩ වැදී තිබෙණු ඇත. ලකෆ්‍රාන්ස් අහක ඉඳන් හිට් වනු ඇත.
සිදු වන්නට යන දෙය කලින්ම කීවෙමි. තීරණය පාඨක ඔබ අතේය."



මේ වනාහි ලකෆ්‍රෑන්ස් නමින් පටන්ගත් එක්තරා "නිර්නාමික" බ්ලොග් අඩවියක ලිපියකට අප විසින් දෙන ලද ප්‍රතිචාරයකි.  "නයි නැති, බොරු නැති, වංචාව නැති, පොරටෝක් නැති, බෙලිකැපිලි නැති, බ්ලොග් කලාවක් උදෙසා කැපවෙමි" යි කියා පටන් ගන්නා බොහෝ බ්ලොග් අඩවිවල අනාගතය පිලිබඳ අනාවැකි කීම ඉතා පහසු ය. එක්කෝ එව්වා උපන්ගෙයි මරණයකට මුහුණ දෙයි. නැත්නම් ඒවා "මාෂ්ගුරු" මොඩලයට, "තට්ට සෝමේ" මොඩලයට හෝ වැලකතා මොඩලයට ඌණනය වේ. එදා අප දුන් අනාවැකිය අද වන විට සත්‍ය වී ද, අසත්‍ය වී ද යන්න සමස්ථ සිංහල බ්ලොග් අවකාශයම දන්නා බැවින් ඒ ගැන යළි යළිත් කියා තේරුමක් නැත. 

බොහෝ විට විවේචනාත්මක ලිපි පටන් ගන්නේ "අනේ මට අරයා එක්ක / ඔයා එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ බබෝ.. ඔයාගෙ මතවාදයට එරෙහිව තමා මේ කියන්නේ" යයි බබා ටෝකක් දීගෙන ය. එහෙත් අප එවැනි බබා ටෝක්ස් දෙන්නේ නැත. මන්ද අපට ලක ලියන්නා සමග පුද්ගලික ඇරියස් ඇති නිසාත්, බ්ලොග් අවකාශයේ බබ්බු නැති නිසාත්, හිටියත් බබ්බු වඩාගෙන පාරෙ නළවන්නට අප මෝහිණී නොවන නිසාත් ය. මේ ලිපිය ලියන්නේ පුද්ගලික ඇරියස් ද සමගය. කියවන්න අකැමැති කට්ටිය සිය බ්‍රවුසරය වසා දැම්මාට කමක් නැත. 

ලිපිය ලියන්නට ආසන්න හේතුව වන්නේ ඊයේ පෙරේදා ලකා විසින් ලියන ලද එක්තරා "සංවේදී" ලිපියකි. "සංවේදී" බ්ලොග් අඩවිය ලියන්නා හට පහර ගසමින් ලියන ලද එහි, ඔහුගේ "හීනමානය" ගැන බොහෝ බ්ලොග් විචාරකයින් පොරටෝක්ස් දී ඇති අයුරුද අපි ජුගුප්සාවෙන් බලා සිටියෙමු. එසේ හෙයින් ඊට පිළිතුරක් දැක්වීම යුතුකමකැයි ද සළකමු. 

සාරාර්ථ වශයෙන් ගත්කළ ලකා ගේ ලිපියේ අරමුණ වන්නේ මෙරට කැම්පස් ගිය උන්ට අමුතුම ජාතියේ අධිමානයක් ඇති බවකි. ඇත්තටම එවැනි අධිමානයක් ඇතැයි යන්න බොරුවක් නොවේ. වසර තුන හතරක් උපන්ගෙයින් වෙන්ව චමරියේ කට්ට කාගෙන, කැන්ටිමේ වේලෙන දෙපාරක් බැදපු රෝල් එකට යාළුවා එක්ක ගජේ දාගෙන බුක්ති විඳින, දවසට වේලක් කා ජීවිතේ ගැටගහන, කිලෝ ගණන් බර පොත්පත් ද ටොන් ගණන් බර නෝට්ස් ද අකම්පාල කරවන සුළු ටියුටෝරියල් ද සමගින් අවසානයේ හුදෙක් සමාජය ඉදිරයේ කොළ කැබැල්ලක් පමණක් වන සහතිකයක් මිලට ගන්නට ජීවිතෙන්ම මිල ගෙවන සරසවි කොල්ලා / කෙල්ල ගැන අවට සමාජය දන්නේ අන්තිම සොච්චමකි. "කැම්පස් උන්ගේ ඔලුව" යයි යමෙක් කියන්නේ නම්, අනිවාර්යයෙන්ම කිව යුත්තේ කැම්පස් උන්ට එකී ඔලුව තිබීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවයි. 

එසේම බොහෝ දෙනා සිතා ඉන්නා පරිදි කැම්පස් ජීවිතය යනු උසස් පෙළ සමත් වී පොර බුවාලා වගේ ඇතුළට ගොස් වසර තුන හතරක් බාහිර සමාජයෙන් වෙන්ව වැස, ඇතුළෙන්ම කසාදයකුත් ජෝඩු කරගෙන ආතල් එකේ ෂපාන් එකේ මහපොළ සල්ලි වලින් ජීවත් වී, අවසානයේ කළු කෝට් එක දමාගෙන පොර වගේ එළියට බහින ජීවිතයක් ද නොවේ. (මහපොළ ගැන දන්නෝ දනිති) එහි ඇතුළත කාලය ගලායාම පවා වෙනස් ය. සරසවි ජීවිතයේ සතියක් යනු බාහිර සමාජයේ මාසයකට ආසන්න කාලයකි. කාලය පමණක් නොව මුළු ජීවිතයම සාන්ද්‍රකරණයට ලක්වන ජීවිතයකි, සරසවි ජීවිතය. එහි ඇතුළත පරිසරයේ වෙන බොහෝ දේ බාහිර සමාජයට හිත කීරි ගස්වන සුළු අත්දැකීම් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස සරසවි ඇතුළේ වන ප්‍රේම සම්බන්ධතා සහ එහි ප්‍රතිවිපාක ගැන පමණක් වෙනම පොතක් ලිවිය හැකිය.  




කැම්පස් සමාජය ගැන බාහිර සමාජයෙන් එල්ලවන විවේචන ගැන අපට ගැටළුවක් නැත. එසේ විය යුතුය. අපේ වැරදි අපට පෙනෙන්නේ නැත. ඒවා පෙනෙන්නේ බාහිර සමාජයට ය. එබැවින් ඩිග්‍රී එකක් නොව දාහක් ගත්තත්, අඥ්ඥතර සමාජයේ හඬට හිස නමා කන්දීමේ යුතුකමක් සෑම සරසවි ශිෂ්‍යයෙක් / ශිෂ්‍යාවක් හටම පවතී. මන්ද සරසවියේ වන සෑම පොතකටම, සෑම මේසයකට ම, සෑම දේශ ශාලාවකටම, සෑම වැසිකිළි පෝච්චියකටම වියදම් වන මුදල ගෙවා ඇත්තේ බොහෝවිට කැම්පස් නොගිය මිනිසකු බැවිණි. පාරෙ තාර දමන සෝමපාල, උතුරේ යුද්ද කරන ගාමිණී, කොටුවේ බෝගහ ඉස්සරහ ඔරලෝසු විකුණන ජෙහාන්, ඇපලෝ හොස්පිටල් එකේ බිම අතුගාන ක්‍රිෂ්ණා, මහරගම මාකට් එකේ තේ වතුර අල්ලන සියාක්, නුගේගොඩ මාකට් එකේ සාරණ තම්පල විකුණන සිරියාවතී, විගොඩ පාරේ සාරවිට බෙදන ඇල්බට් අයියා, බ්‍රන්ඩික්ස් එකේ මිකැනික් වැඩකරන නලියා මල්ලි, බොරැල්ල-කොටුව 103 බස් එකේ කොන්දා මචං, BMICH එකේ කක්කුස්සි හෝදන සුමනේ අංකල්, මේ සියල්ලෝම අපේ අධ්‍යාපනය වෙනුවෙන් සතයක් හෝ වියදම් කර ඇත. අප ඉගෙන ගන්නේ ඔවුන්ගේ මුදලිනි. එබැවින් අප කරන කියන දේ ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ. ඒ ගැන අපට ගැටළුවක් නැත. 


එහෙත් ජීවිතේට කැම්පස් නොගිය මිනිසෙක්, කැම්පස් එක තුළ අන්තර්සමාජය ගැන පොරටෝක්ස් දෙන්න යාම කොහෙත්ම අනුමත කළ නොහැක. 

සරසවිය යනු වෙනම සමාජයකි. වෙනම පරිසරයකි. වෙනම විදියක පැවැත්මකි. තුම්මුල්ලෙන් කුමාරතුංග මුනිදාස මාවතට හැරී, කොළඹ සරසවි ගේට්ටුවෙන් ඇතුළු වන ඕනෑම කෙනෙකුට, සිය හැඳුනුම්පත ආරක්ෂක අංශයට බාරදී, විද්‍යාපීඨය පුරා සිත්සේ ඇවිදිය හැකිය. එහෙත් මුළු ජීවිත කාලයම ඇවිද්දත් ඔහුට සරසවිය යනු කුමක්ද යන්න වටහා ගත හැකි වන්නේ නැත. සරසවිය යනු ජීවත් වන හුස්ම වැටෙන සත්ත්වයකුයි කිවයුතු තරමට ම ඊටම ආවේනික අනන්‍යතාවක් ඊට තිබේ. එහි වන සෑම ගහක් කොළක් මලක් දියක් වැලි කැටයක් ගණනේ වෙනමම ඉතිහාස කතාවක් ඇත. 



කැම්පස් කොල්ලකු / කෙල්ලක කොතරම් කාලයකට පෙර සිය කැම්පස් ජීවිතය අවසාන කළත්, මැරෙන මොහොත තුරාවටම ජීවත් වන්නේ කැම්පස් කොල්ලකු / කෙල්ලක ලෙසය යන සත්‍යය බොහෝදෙනා ඉවෙන් මෙන් දන්නා කාරණයකි. 

ප්‍රශ්නය පැන නගින්නේ මෙකී කැම්පස් සමාජය, අතථ්‍ය සමාජය හා ගැටෙන තැනදී ය. 


සංවේදී ප්‍රශ්නය

මෙතැන ගැටළුව වුණේ අපේ සංවේදී බ්ලොග ලියන්නා විසින් කර තිබු මෙන්න මේ ප්‍රකාශයයි.
"මට බලෙන් 'සර්' කියවාගැනීමට අවශ්‍ය නැත. ගෞරවය යනු ඉල්ලා සිටිය යුතු දෙයක් නොව, ක්‍රියාවෙන් උපයාගත යුත්තක් බව දනිමි. 
මා කියන්නේ මට මචං, අයියා / මල්ලී කියන්නට එපා කියා නොවේ. ඔබ මගේ සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමහල් නම් ඔබේ රැකියාව, අධ්‍යාපනය කුමක් වුවද ඔබට එසේ කිරීමට අයිතියක් ඇත. කොහොමත් මචං යනු හෘද්‍යාංගම බව වැඩියෙන් දැනෙන අපූර්ව ඇමතීමකි. අයියා, මල්ලී යනුත් එසේය.
එහෙත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ දැනටමත් ශිෂ්‍යයෙක් නම්, ඔබට වඩා වසර ගණනාවක් වැඩිමහල් කෙනෙකුට අයියා හෝ මචං කීමට පෙර දෙවරක් සිතන ලෙසයි. මන්ද, ඒ අයියා හෝ මචං, ඔබේ ගුරුවරයා හෝ ආයතන ප්‍රධානියා වූ දිනක ඔබට මෙන්ම ඔහුටද ඔබ එසේ අමතන විට අපහසුතාවයක් දැනීම නොවැලැක්විය හැකි නිසා ය."

ඔය සබැඳිය දක්වා ඇති ලිපියේ පරිදි, සංවේදී බ්ලොග්කරු මතුකරන තර්කයේ ඇත්තටම සාධාරණත්වයක් ඇත. ෆේස්බුක්, බ්ලොග්, වැනි අතථ්‍ය මාධ්‍ය තුළදී ගුරු-ගෝල සම්බන්ධතා වලට පොඩි පරහක් එල්ල වේ. ලියන්නා ද උපකාරක දේශකයකු සේ කටයුතු කරන බැවින්, ගෝලයන් සමග ෆේස්බුක් සම්බන්ධතා මොන තරම් මළ කන්කරච්චල් වැඩක් ද දන්නා අත්දැකීමෙන්ම දනී. එක්කෝ දාන දාන හැම ෆොටෝ කබලටම ටැග් කරති. නැතිනම් ෂෙයාර් කරන හැම වීඩියෝවකටම ටැග් කරති. පන්තියේ දී "සර්" බුකියේ දී "අයියා" හෝ "මචං", "ඩූඩ්", "යෝ මෑන්" බවට පත් වේ. කෙල්ලන් නම් අපරාදෙ කියන්නට බෑ, "අයියා" වලින් එහාට යන්නේ නැත. කලාතුරකින් එකෙක් දෙන්නෙක් "ඩියර්" කියති. මේ සියල්ල වනාහි අතථ්‍ය මාධ්‍ය වලදී "ඔබ", "මම" යන සංකල්ප බිඳවැටී "ප්‍රොෆයිල් එක" ඉස්මතු වීමේ පළවිපාක ය. 

සමාජ මාධ්‍ය ගැන වදනක්

ඇත්තටම සමාජ මාධ්‍ය වලට තිඹිරිගෙය වන්නේ තනිකම ය. නූතන වෙළඳපල සමාජය තුළ අප දිනාගෙන ඇති ලොකුවයින්ම මෙවුවා එක වන්නේ තනිකම ය. ඔබ මෙය විශ්වාස නොකරන්නේ නම් ඊළඟ පාර ඔබ කැමති ඕනෑම "නවීන" FM නාලිකාවක් අසන්න: ඉස්සර FM නිවේදකයෝ නිවේදන කළේ "මා කියන දේ පිරිසක් අසා සිටින්නේ ය". යන ආකල්පයෙනි. එහෙත් දැන් ඔවුන් සෑමවිටම අසන්නා අමතන්නේ "ඔයා" කියා ය. එදා "ඔබ" අද "ඔයා" වී ඇත. අද "ඔබලා" නැත. අද ඉන්නේ "ඔයා" ය. එනම් "ඔයා" තනි වී ඇත. අද ඇත්තටම FM නිවේදකයෝ කරන්නේ මෙකී මිනිසුන්ගේ තනිකම මැකීමට ලඟට වී මොනවා හෝ තොදොල් කතාවක් මුණුමුණු ගෑමයි. 

සමාජ මාධ්‍ය බිහි වන්නේ මෙකී "තනිකම" නැති කරන්නට යැයි කීවත් සිදුවන්නේ ඊට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ දෙයකි; එනම් අප ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කරන්නේ සම්බන්ධතා ගොඩනැගීම නොව බිඳවට්ටවා ගැනීමයි. උදාහරණයක් ලෙස ඔබේ ෆේස්බුක් ගිණුමේ වන අයගෙන් කීදෙනෙක් ඔබ සැබෑවටම දැක ඇත්දැයි සිතන්න. බොහෝ විට සිදුවන්නේ, අපට සමාන අදහස් දරන කීප දෙනෙක් සමග, එසේත් නැතිනම් අප ලංවන්නට කැමති / අපට ලංවන්නට කැමති පිරිසක් සමග අප කල්ලි ගැසීම පමණි. මෙකී කල්ලිකරණය තුළ ඔබ නිතැතින්ම "මාකටබල්" භාණ්ඩයක් බවට පත් වේ. මෙකී මාකටබිලිටි එක ඔබේ පිංතුරයේ "හොට්නස්" එක, ඔබේ වත්කම් බැරකම් ඔබ ප්‍රදර්ශනය කරන (හෝ මවාපාන) මට්ටම, ඔබ කනබොන තැන් ආදී දේට අනුලෝමව සමානුපාතික වේ. උදාහරණයක් ලෙස පොඩ්ඩක් ඇහැට කණට පේන කෙල්ලෙක් "මම වැලේ රෙදි වැනුවා" කියා ස්ටේටස් එකක් දැමු විට ඊට ලයික් වැටෙන්නේ තප්පරයට දහය-දොළහ-පහළොහ ගණනේ ය. එහෙත් "හැන්සම්" පිචර් එකක් නැති කොල්ලෙක් "අද මට ප්‍රොමෝෂන් එකක් ලැබුණා" කී විට ඊට ලයික් වැටෙන්නේ උගේ ගැන්සියේ උන්ගෙන් පමණි (ඒකත් නොකර බැරිකමට ය). 

තනිකම ගැන වටිනා ලිංකුවක් අපේ ඔපීසියේ එකෙක් විසින් වතාවක් පෙන්වා දෙන ලදි. වචන දහසකට වඩා ඒ තනි වීඩියෝව වටී. 




සුගමාර්ථය ගත්කළ, අප සමාජ මාධ්‍ය පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුව තනිකම පමණක් ම නොවේ. අපට අපව "කස්ටමයිස්" කරගත හැකි එකම ස්ථානය එතැන වන බැවිණි. අපට සැබෑ ජීවිතේ අපව "කස්ටමයිස්" කරගන්නට බැරිය. උදාහරණයක් ලෙස අපට අපේ සැබෑ මුහුණ "එඩිට්" කළ නොහැක. (සල්ලිකාරයෙක් නම් ඇරෙන්නට). නමුත් අතථ්‍ය මාධ්‍ය හරහා අපට ඉතා පහසුවෙන් එසේ කළ හැක. අප අතථ්‍ය මාධ්‍ය හරහා සමාජයට පෙන්වන්නේ අප සැබැවටම ඉන්නා ආකාරය නොව, අප අපව සමාජයට පෙන්වන්නට කැමති ආකාරයයි. මෙහි විලෝමය ද සත්‍ය වේ. එනම් අප අතථ්‍ය මාධ්‍ය හරහා දකින්නේ ද, එහි වෙසෙන්නන් ගේ සැබෑ රුව නොව, ඔවුන් තමන්ව පෙන්වාගන්නට කැමති ආකාරයයි. 

එසේම අතථ්‍ය මාධ්‍ය වල වසන්නන් හට වයස් සීමාවක් නැති වීමද සැළකිය යුතු කරුණකි. උදාහරණයක් ලෙස, මේ ලියන්නා ගේ උසස්පෙළ ගුරුවරුන් දෙදෙනක් ද, උපාධි නිබන්ධන සුපරීක්ෂක වරයා ද, එසේම බැච් හතරක ගෝලයෝ ද ඔහුගේ ප්‍රොෆයිලයේ වෙයි. එසේම විවිධ ජාතිකත්ව සංවිධානවල ඉහළ පුටු හොබවන මිනිස්සු ද වෙති. කොටින්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ඔහු විසින්ම මෙහෙයවන ප්‍රොෆයිලයක් ද වෙයි. එහෙත් එසේ වූ පමණින් අප අමාත්‍ය චම්පික රණවකට "හායි මචං" කියන්නේ නැත. ඔහු අපට "හායි මචං" කියන්නේ ද නැත. අර මුලින් කී ගුරුවරු ද "Hello son" කියනවා මිස "Yo man" කියන්නේ නැත. (එසේ කියන මහාචාර්ය වරයෙක් ද වෙයි. එතුමා සාමාන්‍යයෙන් චැට් එකේදී අප අමතන්නේ "Yo dude, tell me what the fuck is up" කියා ය. එහෙත් ඒ ඔහුගේ තෝරාගැනීම මිස අපේ තෝරාගැනීම නොවේ). 

ගැටුම

ගැටුම ඇතිවන්නේ කොතනින් ද යන්න දැන් පැහැදිලිය. සැබෑ ජීවිතයේ මොකෙක් වුණත් ෆේස්බුකියේදී ඌ තවත් ප්‍රොෆයිලයක් පමණි. එබැවින් අප ඌට සළකන්නේ ඌට නොව, උගේ ප්‍රොෆයිලයට ය. ඔබේ ගුරුතුමා ඔබේ ෆේස්බුක් ගිණුමේ සිටි පළියට ඔබ ඔහුට මචං කියනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ඔබටම බාරකරමු.   

සංවේදී බ්ලොග් කරුවා ස්පර්ශ කර ඇත්තේ මෙන්න මෙකී කටුක යථාර්ථයයි. එනම් සමාජ ජාල හරහා වන සම්බන්ධතා හරහා සැබෑ ලෝකයේ සම්බන්ධතා බිඳවැටීමයි. ඔහු ද සරසවි විද්‍යාර්ථීයකු සහ දේශකයකු වන බැවින්, විය යුතු පරිද්දෙන්ම ඔහු එය දකින්නේ ඔහුගේ, එනම් දේශකයකු දේ දෘෂ්ටිකෝණයෙනි. අපට ඊට වරදක් කිව නොහැක. එහෙත් ලිපිය දැක ෆෝම් වූ අපේ කබ්බෝ සිතා ඇත්තේ, "අම්මට සිරි මුගේ ඔලුව" කියා ය. එහෙයින් ලිපියේ දැක්වෙන සාරය ගනු වෙනුවට ඉතාම පහත් මට්ටමේ පුද්ගලික අපහාස වලින් ඔහුට සංග්‍රහ කර තිබෙනු ද අපට දකින්නට ලැබිණි. මේ ලියන්නේ ඊට පිළිතුරක් ලෙස ය. 

ඇත්තම කියන්නේ නම් බ්ලොග් අවකාශය තුළ "ලොකු" / "පොඩි" පොරවල් නැත. ලියන්නෝ ලියති; මළවන්නෝ මලවති. හොඳට ලිවිය හැකි එකා හිට්වන අතර මළවන්නා වටේ එකතු වන්නේ උගේ ගජේ උන් ටික පමණි. මේක ඇතුළේ නීති දමන්නට (අප කොතරම් එසේ කළයුතු යයි සිතුවත්) කාටවත් බැරි ය. බ්ලොග් යනු විමධ්‍යගත මාධ්‍යයකි. එහි විමධ්‍යගත බව රැකෙන්නට නම් මෙකී "පොරත්වය" නැති විය යුතුය; ඒ කියන්නේ සැබෑ ජීවිතේ ඌ මොකෙක් වුණත්, බ්ලොග් අවකාශයේ ඌ "බ්ලොගෙක්" පමණි. එහෙත් එහෙමයි කියා බ්ලොග් ලොවේ මචං, සැබෑ ලොව තුළ ද මචං වන්නේ නැත. සැබෑ ජීවිතේ සම්බන්ධතා බ්ලොග් සමග ගැටේ නම් ෆේක් ප්‍රොෆයිලයක් හදාගත හැකිය. නැතිනම් ඇනෝ (Anonymous) හෙවත් නිර්නාමිකව ආව හැකි ය. ඇනෝ නිදහස අප අගයන්නේ සහ මුළු හදවතින්ම ඊට සපෝට් කරන්නේ අන්න ඒ නිසා ය. පටන්ගත් දා සිට අද මේ මොහොත වනතෙක් අප නිර්නාමික වාරණයක නොයෙදෙන්නේ සහ ඉදිරියටත් එසේ නොකරන්නේ, අඩුම තරමේ කමෙන්ට් මොඩරේට් කිරීමක් වත් නොකරන්නේ එකී නිදහස අගයන බැවිණි. 

ලකෆ්‍රෑන්ස් ගැන ද යමක් කිව යුතුය. අප පිළිගන්නට කැමති වුවත් අකැමැති වුවත් ලකා යනු බ්ලොග් අවකාශයේ "සාර්ථක" චරිතයකි. එසේ සාර්ථක වුණේ අනුන්ගේ කුණු විකුනං කන නිසා බවද ඒ වගේම සත්‍යයකි. මාරයා හට එල්ල කළ මඩප්‍රහාරයකින් සිය බ්ලොග් ගමන ඇරඹු ලකෆ්‍රෑන්ස් රචකයා මේ වන විට බ්ලොග් ලොව මඩ රජු ලෙස සියතින්ම කිරුළු පැළඳගෙන සිටී. එය ආඩම්බර වෙන්නට කාරණාවක් යයි ලකා සිතනවා වන්නට ඇති. අපට නම් එසේ නැත. මන්ද සිත් නොරිදවා හින්ට් ගැසීම කියන දේ ලකාට ගෑවිලාවත් නැති බැවින් සහ තමාට එවන එවන කුණුගොඩවල් එසේම පළකරන බැවිණි. ඇනෝ ලේඛකත්වය යනු කුණු විකිණීම නොවේ. අපහාසය හා උපහාසය අතර වෙනස දැනගෙන කරන බ්ලොග් අඩවි ඕනෑතරම් ඇත. උදාහරණයක් ලෙස "බ්ලොග් ගොංපාට්" අඩවිය සහ "සූස්ති ගුණේ" අඩවි දැක්විය හැකිය. කිසිම කුණුහබ්බයක් නොකියා කිසිම අනවශ්‍ය කතාවක් නොකියා රිදෙන තැනට රිදෙන්නම ගැසීම යනු ද ලේඛකයකු හට තිබිය යුතුම හැකියාවකි. 

සිංහල බ්ලොග් අවකාශයේ සහ බ්ලොග් කරුවන් අතර ගොංපාට් ඕනැතරම් ඇත. සමහර විට සමහරුන්ට අපද පෙනෙන්නේ ගොංපාට් එකක් සේ විය හැකිය. අපේ කිසිම තරහක් නැත. එවැනි ගොංපාට් වලට පොඩියට පාරක් ගැහුවාට ද අපේ තරහක් නැත. (අපටම ගැහුවා වුණත්). එහෙත් අපහාසය හා උපහාසය අතර වෙනස නොදන්නා කුණු වෙළෙන්දෝ බ්ලොග් අවකාශයේ සිටීම මහත්ම අවාසනාවකි. 

අනුන්ගේ කුණු කන එකාට සාමාන්‍යයෙන් කියන්නේ කසළඛාදකයා කියා ය. තොප්පිය හරිනම් දාගනු මැනවි! 

Saturday, August 17, 2013

සෑම පුකකටම මිලක් තිබේ (1) | Every Ass has its Price


"ඔබ උපන් දා සිට සැපේදී දුකේදී පුක ඔබ සමග සිටියේය. විපතකදී පුක ඔබ හැර දමා නොගියේය. ඔබේ සිරුරේ වෙනත් කිසිදු අවයවයක් පුක තරම් අපහාස විඳ නැත්තේය. පුක තරම් තර්ජන විඳ නැත්තේය. පුක එවන් බාධක වලට නොබියව මුහුන දෙන්නේ ඔබට ඇති විශ්වාසවන්ත බව නිසාමය. මදක් කල්පනා කර බලන්න, ඔබේ මුහුණ, ශරීරය ලස්සන කිරීමට කොතරම් දේ කලත් සියල්ලන්ගෙන්ම වසන් වී සිටින පුකට ඒ කිසිදු සැලකිල්ලක් නොමැත. නමුත් පුක එවන් සැලකිල්ලක් ඔබෙන් බලාපොරොත්තු වන්නේද නැත්තේ අනෙක් අවයව මෙන් කැපී පෙනෙන්නට පුක අකමැති බැවිනි. පුක තරම් නිහතමානී අංගයක් ඔබේ ශරීරයේ තවත් නැත. එබැවින්, ඔබෙ පුකට කුඩම්මාගේ සැලකිලි නොදක්වන්න. ඔබේ පුක ගැන ඔබ ආඩම්බර වන්න. ඇස් දෙක මෙන් පුක රැක බලාගන්න. රජෙකුට මෙන් පුකට සලකන්න. පුකට ආදරය කරන්න. පුක ඔබ සමග නිරතුරුව රැදීසිටීවි. කාටවත් කිසිවිටෙකවත් එය නොදෙන්න." 

මේ කතා කෑල්ල උපුටා ගත්තේ බුකියේ "PUKA" නමින් පෙනී සිටින පිටුවකිනි. 

හිටි අඩියේම පුක ගැන අපට සිහි වෙන්නට කාරණා කීපයක්ම තිබුණත් ඉන් මූලිකම හේතුව වන්නේ 2013 අගෝස්තු 11 වන දින දිවයින ඉරිදා සංග්‍රහයට පුක්කතා ලියන මරාගෙ රෙජීමයේ ගස්බල්ලෙකු විසින් කියා තිබු කතාවක් නිසා ය. 

"පානීය ජලය සඳහා pH අගයේ කිසිදු බලපෑමක්‌ නැත. නමුත් අඩු pH අගයක්‌ ජලයේ තිබෙන විට, ජල පරිවහන නලවල යකඩ මළ බැඳීමට ඇති අවස්‌ථාව වැඩිය. මේ නිසා පරිවහනකාර්යයේදී පමණක්‌ හෙවත් යකඩ නල මගින් ජලය බෙදා හැරේ නම් පමණක්‌ ජලයේ pH අගය සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌ තිබේ. " (දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර, මූලාශ්‍රය මෙතැනින්).

මේ කතාවට කිව හැකි දාහකුත් එකක් කුණුහරුප තිබුණත් ඒ සියල්ලට හරියන්නට ඇනෝනිමසයා විසින් කණ පැලෙන්නට පිළිතුරක් දී තිබේ.

"තමන් උපන් දා සිට පුක හෝදන්නේ pH අගය 4.25 සිට 5.0 දක්වා වූ විනාකිරි වලින් බවත්, එයින් කිසිම ප්‍රශ්නයක් ඇති නොවූ බවත් දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ P. H. ගාමිනී සුමනසේකර මහතා පවසයි. "ඉස්සර නම් දැවිල්ලක් තිබුණා; දැන් නම් පුකට දැනෙන්නේ වත් නැහැ" ඔහු කියා සිටියේය." (ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය කරන ඇනෝනිමසයා, මූලාශ්‍රය මෙතැනින්).


ගාමිණීගේ ගොන්කතාවේ දිග පළල හොයන්නට අපට අමාරුවක් නැතත්, මේ සිද්ධිය හා සම්බන්ධව එකදිගට ක්‍රියාත්මක වන පශ්චාත්භාගදානමය මෙහෙයුම් හමුවේ නිහඬව සිටීම සුදුසු නොවේ යයි අප කල්පනා කළ නිසා මේ ටික ලියා තබන්නට අදහස් කෙළෙමු. 

ගාමිණීගේ විදිලි #1

පළමුව කිව යුත්තේ ගාමිණියාගේ මෙකී හුලිජ්ජ ලිපිය වනාහි අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද එක්තරා වාර්තාවක අසම්පූර්ණ, අසාර්ථක කොපියක් බවය. මෙකී වාර්තාව වනාහි පානීය ජලයේ තිබිය යුතු pH අගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකසන ලද වාර්තාවකි. මෙන්න ගාමිණියාගේ ලිපියට අදාළ කොටස (සම්පූර්ණ වාර්තාව මෙතැනින්): 


"Although pH usually has no direct impact on water consumers, it is one of the most important operational water-quality parameters. Careful attention to pH control is necessary at all stages of water treatment to ensure satisfactory water clarification and disinfection. For effective disinfection with chlorine, the pH should preferably be less than 8. The pH of the water entering the distribution system must be controlled to minimize the corrosion of water mains and pipes in household water systems. Failure to do so can result in the contamination of drinking-water and in adverse effects on its taste, odour, and appearance. The optimum pH will vary in different supplies according to the composition of the water and the nature of the construction materials used in the distribution system, but is often in the range 6.5–9.5. Extreme pH values can result from accidental spills, treatment breakdowns, and insufficiently cured cement mortar pipe linings.
No health-based guideline value is proposed for pH."


ගාමිණියා පානීය ජලයේ pH අගය සෙවිය යුතු නැතැයි කියන්නේ මෙන්න මේ වාර්තාවේ අන්තිම පේළිය දිහා බලාගෙන ය. යකඩ බට කතාවත් මේ ලිපියෙන්ම උපුටා ගන්නා ලද එකක් බව පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් ගාමිණී ගේ විදිල්ලේ තරම් පෙන්වන්නට පෙර මෙම කොටසේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මුලින් කියවා සිටිමු.

"ජල පාරිභෝගිකයන් කෙරෙහි ජලයේ pH අගයේ ඍජු බලපෑමක් නැති වුවත්, එය වනාහි ජලයේ ගුණාත්මක බව මනින පරාමිතික වලින් අතිශයින්ම වැදගත් එකකි. සෑහීමකට පත්විය හැකි මට්ටමේ ජල පිරිපහදුවක් සහ විෂබීජනාශනය සහතික කරනු පිණිස ජල පිරියතේ සෑම අවස්ථාවකදීම pH අගය පිලිබඳ පරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍ය වේ. ක්ලෝරීන් යෙදීම මගින් කරනු ලබන විෂබීජහරණය සාර්ථක වනු පිණිස ජලයේ pH අගය 8 හෝ ඉන් පහළ තිබීම අපේක්ෂිත ය. ජලනල හා ගෘහස්ථ පයිප්ප වල විඛාදනය (මලකෑම) වළකනු පිණිස ජල පරිවහන පද්ධති වලට ඇතුළු වන ජලයේ pH අගය නිසි පරිදි යාමනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොකිරීම, පානීය ජලය දූෂණය වීමට හේතුවක් වන අතර එහි ප්‍රතිඵල ලෙස ජලයේ රස, ගන්ධය සහ පෙනුම කෙරෙහි හානිකර ප්‍රතිඵල ඇති කරයි. ජලයේ තිබිය යුතු ප්‍රශස්තම pH අගය, අදාළ මූලාශ්‍රය, පරිවහන මාර්ගය, වැනි කරුණු මත රඳා පවතින අතර, එනමුත් 6.5-9.5 පරාසයේ තිබීම යෝග්‍ය වේ. ආන්තික pH අගයයන් ඇතිවීමට කාර්මික අනතුරු නිසා ඇතිවන ඉහිරුම්, පිරියත බිඳවැටුම්, සහ නිසි පරිදි පිරියම් නොකරන ලද සිමෙන්ති බදාම ආයත හේතු විය හැක.
[එබැවින්] pH අගය පිලිබඳ සෞඛ්‍යාශ්‍රිත නියාමන අගයයන් යෝජනා කරනු නොලැබේ."


ගාමිණියා හට කඩ්ඩ බැරි පවට විදගත්තාට, මේ ලිපියේ පානීය ජලයේ pH අගයයට දේ ඇති වැදගත්කම දැන් ඔබට වැටහිය යුතුය.


ගාමිණීගේ විදිලි අංක #2


මහජන සෞඛ්‍යය ගැන ප්‍රකාශ නිකුත් කළ හැක්කේ ගාමිණි හිතා ඉන්නා ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයට පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු යුනෙස්කෝ, යුනිසෙෆ්, ලෝක මූල්‍ය අරමුදල වැනි, එක්සත් ජාතීන් හා අනුබද්ධිත තවත් එක් ලෝක සංවිධානයක් පමණි. සෞඛ්‍යමය කාරණා ගැන WHO සංවිධානයට වඩා පිළිගත හැකි පර්යේෂණ කරන ආයතන ලොව ඕනෑතරම් තිබේ. 

ගාමිණී හා එකී ගොබ්බ නඩය කියනාකාර, ආම්ලික ජලයේ එකම හානිකර ඵලය වන්නේ ඇඹුල් රස පමණක් නොවේ. ඉතාම සරල සෙවුමකින් කෙනෙකුට සැක දුරු කරගත හැකිය. මෙන්න එක් උදාහරණයක්. (සටහන: මේ වනාහි ඇමරිකා එක්සත් ජනපදයේ රෝග මර්දන ඒකකය හෙවත් CDC හි දත්ත පිටුවයි). ඒ අනුව, පානීය ජලය ආම්ලික වීම නිසා,

1. පාංශු කැටායන, එනම් ෆෙරස්, ෆෙරික්, සින්ක්, ඇලුමිනියම් වැනි ලෝහ අයන ජලයට නිදහස් වේ. 
2. පසේ වයනය වෙනස් වී එහි වැලි ස්වභාවය වැඩි වේ. පසේ මැටි ස්වභාවයට හේතු වන්නේ එහි අඩංගු සංකීර්ණ අලුමිනෝසිලිකේට ය. මේවා අම්ල සමග ප්‍රතික්‍රියා කොට බිඳවැටේ.
3. දිගින් දිගටම ආම්ලික ජලය පරිභෝජනය කිරීම දත් දිරායාමට, ආහාර මාර්ග අසාත්මිකතා වලට, ආහාර ජීර්ණ සංකූලතා වලට හා වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු වේ. 

4. ආම්ලික ජලයේ බලපෑම නිසා දේහ තරල වල ආසෘති පීඩනය වෙනස් වී, එමගින් සමස්ත ප්‍රතිශක්තිකරන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතී. 

මේ නිසා ආම්ලික ජලය පරිභෝජනය වනාහි ආණ්ඩුවේ එක්තරා ඇමතියකු ගේ පුක්කතාවේ පරිදි හුදෙක් ඇඹුල් වතුර බීමක් නොවේ. (සමහර බුකි විචාරකයන්ට අනුව මේක "දෙහි ඇඹුල් බොනවා" තරම් සරල දෙයකි. දෙහි ඇඹුල් පමණක් පානයෙන් පැය 48ක් දිවි රැකගන්නට මොවුන් සූදානම් ද යන්න වෙනම ඇසිය යුතුය.)


ගාමිණීගේ විදිලි අංක #3

ඔතනින් නොනවතින ගාමිණී මෙසේ ද කියයි:
"කොහොමටත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ජලයේ පී. එච්. අගය අඩුය. මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම විසින් පෙන්වා දෙන්නේ, එම තත්ත්වය මතු වන්නේ එම දිස්‌ත්‍රික්‌කය ලැටරයිට්‌ පසෙන් සෑදී තිබීම නිසා බවය."

මෙය ද අමු අමුවේම කරුණු විකෘති කිරීමකි. කොහොමත් ප්‍රදේශ දෙකක පස්වල ස්වභාවය වෙනස් බැවින් එහි වන පාංශු ජලයේ pH අගය වෙනස් වීම අනිවාර්ය සාධකයකි. එහෙත් රතුපස්වල ජලයේ pH අගය වන්නේ ඊනියා ලැටරයිට් පසක ලාක්ෂණික pH බැස්මක් නොව, pH 3.1 තරම් දැවැන්ත බැස්මකි.

Laterite යනු ඇලුමිනියම් හා යකඩ බහුල ඛනිජයකි. මෙයද ඇතුළුව ලැටරයිට් පවුලේ ඛනිජ නිධි, විවිධ ස්වරූප වලින් ලංකාවේ විවිධ ස්ථානවල හමුවේ. මෙන්න ව්‍යාප්ති සටහන. [උපුටාගැනීම, GROUNDWATER RESOURCES OF SRI LANKA, C. R. Panabokke, A.P.G.R.L. Perera, for Water Resources Board, January, 2005]




මෙහි කොළපාටින් දක්වා ඇත්තේ ඔය කියන ලැටරයිට් නිධියට අදාළ ජලාධාර ව්‍යාප්තිය ය. එහෙයින් මෙකී ලැටරයිට් ජලාධාර ව්‍යාප්තිය රතුපස්වල පස්වලට යටින් පමණක් නොව, ලංකාවෙන් 5% ක පමණ වපසරියකට යටින් දිවෙන්නක් බව පැහැදිලිව පෙනේ. එහෙත් මෙතෙක් කාලයකට රතුපස්වල ඇරෙන්නට වෙනත් පැත්තක මිනිස්සු මෙයාකාර දරුණු මට්ටමක pH පාතනයකට මුහුණදුන් බවක් අපට දැනගන්නට නැත. 


ගාමිණීගේ විදිලි අංක #4

ගාමිණීගේ සමස්ත ලිපියේම, pH අගය අඩුවීම යනු මහාලොකු දෙයක් නොවන බවක් නොකියා කියා තිබේ. ලංකාවේ සමහර තැන්වල pH අගය 6.0 වන ජලයද හමුවන බව එක්තරා ෆේස්බුක් විචාරකයෙක් කියා තිබිණි. මේ මැට්ටන් හට නොතේරෙන දේ වන්නේ pH යනු දශකඝාතීය පරිමාණයක් බවයි. එනම් එහි එක් අගයක සිට අනිත් අගය දක්වා වෙනස, දහගුණයකි. 

රූපයකින් ම බලමු. (මූලාශ්‍රය මෙතැනින්).



මේ අනුව pH අගය අඩුවීම යනු ආම්ලික වීමකි; pH අගය වැඩිවීම යනු භාස්මික වීමකි. pH අගය එකක එකකින් අඩුවීම යනු ආම්ලිකතාව දහගුණයකින් වැඩි වීමකි. ලංකාවේ හොඳම රසායනාගාර පහසුකම් වලට හිමිකම් කියන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) වාර්තාව අනුව, රතුපස්වල ජලයේ pH අගය පවතින්නේ 3.1 හිය. පානීය ජලය සඳහා WHO විසින් සුදුසු යයි සලකන පරාසය වන්නේ 6.5-9.0 ය. (ලැටරයිට් පසේ වුව, pH අගය 6.7 න් පහළ බැසීමක් අපේක්ෂා කළ නොහැක.) pH අගය 6.5 සිට 3.1 නොව, 3.5 දක්වා බැස්සත්, එය ඒකක 3.0 ක බැස්මකි. එනම් ආම්ලිකතවේ දහයේ බල තුනක, එනම් දහස් ගුණයක වැඩි වීමකි. 

එනම් දැන් අප තේරුම් ගත යුත්තේ පානීය ජලයේ ආම්ලිකතාවේ දහස් ගුණයක වැඩි වීමක් යනු අපේ උන්දෙලාට "අයියෝ සුළු දෙයක්" බව ද?

අවශේෂ විදිලි


ආමාශයේ ජීර්ණ යුෂයේ pH අගය ද 2.0 ආසන්නයේ පවතින බවද, එබැවින් pH 3.1 "ලොකු නැති" බවද සමහරු කියා තිබිණි. ආමාශයේ pH අගය 2.0 වෙලත් අපේ අමාශය විසින් අපේම දේහය දිරවන්නේ නැතිව තබාගන්නේ ආමාශයික අන්තරාස්තරයේ වන ශ්ලේෂ්මල (mucus) ස්තරය මගිනි. වැරදීමකින් හෝ මෙකී ශ්ලේෂ්මල ශ්‍රාවී ග්‍රන්ථි අකර්මණ්‍ය වුවහොත් අප, අපවම ඇතුළේ සිට එළියට දිරවා ගනු ඇත. වැරදීමකින් හෝ ඔබේ ඇඟිල්ලක් ඔබම ආහාරයට ගත්තොත් එය දිරවන්නේ නැද්ද? ඔබේ ම ආමාශ යුෂය ඔබේ මුහුණේ තවරා ගන්නට ඔබ සූදානම් ද?  එසේනම් pH අගය 3.1 වන වතුර බිබීත් අවුලක් නැතිව ජීවත් වෙන්නට නම් රතුපස්වල මිනිස්සුන්ට ආමාශයේ පමණක් නොව උගුරෙන් පටන් ගෙන අන්නශ්‍රෝතයේ සිට ආමාශය දක්වාම ශ්ලේෂ්මල තියෙන්නට ඕනා වේ.  

සමාලෝචනය

අවසාන වශයෙන් මෙකී සිද්ධිය සම්බන්ධ බිග් පික්චර් එක ගැනත් යමක් කිව යුතුය. ධම්මික පෙරේරා යනු මේ ආණ්ඩුවේ සුරතල් කුක්කෙකි. රුපියල් 500 න් පටන්ගෙන ජීවිතය ඇරඹු ධම්මික, කැසිනෝ ව්‍යාපාරයෙන් ගොඩ ආ ලොව කීප දෙනා  අතර එකෙක් ද වේ. මෙසේ කියන්නේ පහුගිය කාලයේ පිල්ලි ගිය සක්විතිගේ සල්ලි සහ ධම්මික අතර සම්බන්ධයක් ඇතිවාටම නොවේ. ඔබට කොහොමත් දැන් සක්විති මතක තියෙන්න බැරිය. ඒ අපේ හැටිය. 

සිද්දියට නියම කන්ටෙක්ස්ට් එක හෙවත් සන්දර්භය දෙන්නට අපි මෙසේ අසමු. වැරදිලාවත් මේ කම්හලේ අයිතිකරු සත්ගුණවත් දානපති හෙළ බොදු උපාසක ධම්මික නොවී ෆයිසාල් අහමඩ් වුණානම් මේ ගැන රටේ ප්‍රතිචාරය කොහොම වෙන්නට තිබෙනු ඇත්ද? මෙන්න එහෙනම් අපේ සයිබර් වීරයන්ගේ (හයිපෝතෙටිකල්) ප්‍රතිචාරයක්.


මෙපමණ කලක් අපේ බිම් අඟල පමණක් උදුරාගත් කාලකන්ණි පර හම්බයින් දැන් දැන් අපේ බොන වතුර ටිකත් උදුරාගනිමින් සිටිති. එදා අප නෝලිමිට් ටොපියේ වන මැලීක් අම්ලය ගැන කී විට නුඹලා අපට සිනාසුනෝ ය. එදා අප හම්බ යට ඇඳුමේ වන වන්ධ්‍යාකරණ ඔසු ගැන කීවාම ඔබලා අපට විහිලු කළෝ ය. දැන් අපේ ඇස්පනාපිටම රතුපස්වල දී මේ කටුක සත්‍යය පසක්වෙමින් පවතී. ආදරණීය දුවේ පුතේ ඔබ බලාගෙන ඉන්නේ ලොවටම එපා වූ ඉස්ලාම් අන්තවාදය ඔබේ ගේ දොරකඩටත් පැමිණෙන තුරුද? ඔබේම ආදරණීය සොයුරන් සොයුරියන් රතුපස්වල දී හම්බයින්ගේ වස විස කලවං කළ වතුර බී මරණයට පත්වන විට ඔබට තවදුරටත් සහජීවනය යැයි කියමින් හම්බ කඩවලින් බඩු ගත හැකිද? ආදරණීය දුවේ පුතේ ඔබේ පපුවට තට්ටු කොට ඔබේ හදවතේ කොණක වන හෘදය සාක්ෂියෙන් විමසා බලන්න. 

අපට ගාමිණී ගැන විශේෂ මලක් නැත. ඔහුද මේ ආර්ථික ක්‍රමයේ ගොදුරක් බවට පත් වූ තවත් එක අසරණයෙකි. කොන්ත්‍රාත් එකට නොලිව්වේ නම් ඔහුටද එක්කෝ කන්න බොන්න නැතිව ගෙදරට වෙලා ඉන්නට සිද්ද වනු ඇත. නැතිනම් කොහෙ හෝ කානු පල්ලක අවසන් ගමන් යන්නට සිද්ද වනු ඇත. ඔහුට ඔහුගේ පුක විකුණන්නට ඇති අයිතිය අපි ප්‍රශ්න නොකරමු. මරාන්ඩුවේ මේ ආශ්චර්යවත් යුගය තුළ සෑම කටකට මෙන්ම සෑම පුකකටමද මිලක් තිබේ. (කටේ කතාව කියවා නැත්නම් මෙතැනින්) ලැටි පුකවල්, තඩි පුකවල්, බෞද්ධ පුකවල්, ඉස්ලාම් පුකවල්, යුරෝපීය ඇඳුමෙන් වැසුණු පුකවල්, කුර්තාවෙන් වැසුණු පුකවල්, චීවරයෙන් වැසුණු පුකවල්, බුර්කාවෙන් වැසුණු පුකවල්, මොකකින්වත් නොවැසුණු පුකවල්, මේ ඈ විසින් නානප්‍රකාර පුකවල් රාශියක් තිබේ. මේ සෑම එකකටම මිලක් ද තිබේ. 

හොඳම උදාහරණයක් ලෙස රතුපස්වල සිද්ධියට පෙර හා පසුව මෙරට ආගමික පරිසරයේ හැසිරීම ගනිමු. මේ සිද්ධියට මිනිසුන් කුලපු කළ කීප දෙනා අතර පන්සලේ හාමුදුරුවෝ ද වූහ. පල්ලිය හෝ පියතුමා මේ සිද්ධියට වචනයක් කීවේ නැත. එහෙත් වෙඩි කාපු විගසම මේ දෙපැත්ත අංශක 180ක් කරකැවී, හාමුදුරුවෝ ආරක්ෂක ලේකම් ගේ ගුණ වයන්නටත්, පල්ලියේ පියතුමා පල්ලියට වැදුණු වෙඩි පාරවල් අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කරමින් සිටිති. එසේනම් අප තේරුම් ගත යුත්තේ සෑම පුකකටද අදාළ උත්තේජන පවතින බවයි. යම් පුකක් ප්‍රතිචාර දක්වන්නේ ඒ පුකට සංවේදී උත්තේජනයට පමණි. එනම් පුකවල් වලටද තමන්ටම ලාක්ෂණික වූ අනන්‍යතාවක් තිබේ. 

ගාමිණී ගේ පුක මින් එකක් පමණි. ඒක ද මහලොකු පුකක් නොවේ. අද්‍යතන සමාජගත පුක් සන්දර්භය තුළ ඉතාම ලෑටි පුකකි. එහෙත් ඒ පුක තුළින් මතුවන දෑ ට වටිනාකමක් තිබේ. මන්ද අප මෙන් නොව, ගාමිණී ගේ පුක වසුරු හලන්නේ සහ එය පිහදමන්නේ මේ රටේ ජාතික පත්තරයකින් බැවිණි. 

අපේ දේශය පුරා විසිරී සිටින සියලු පුක්කරුවන් සම්බන්ධ කරගනිමින් අපේ ගාමිණී සුමනසේකර ගයන මේ ගීතය ඔබට පිරිනමමින් අපි අදට නවතිමු. මේ ලිපියේ දෙවන කොටස ලියා අවසාන වූ පසු යළි හමුවෙමු. 


මේ පුක මගෙ පුක - මා විකුණන පුක
පඩින රෙවන පුක - මගේම ගූ පුක

රතුපස පොළොවෙන් - වස ෆැක්ටරියෙන්
වෙඩි සැර වැදියන් - මිනිසුන් මැරියන්
මට මොකටද මම විකුණමි මගෙ පුක

(ටිං.. ටිං.. ටිං.. ටිං..)

කහවණු යහමින් - මට ලැබෙනව නම්
ලියනෙමි පච මං - ඔබ කියවයි නම්
දෙන්නට මට ඇති එක පුක මේ පුක

(ටිං.. ටිං.. ටිං.. ටිං..)

Sunday, August 11, 2013

ග්‍රෑන්ඩ්පාස් මගෝඩිය | Grand Scam in Grandpass

ඊයේ දිනයේ දී රටම කැළඹු අලුත්ම ආරංචිය වන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වී ඇතැයි කියන ප්‍රහාරයකි. මෙකී සිද්ධිය ලිපියක් ලිවීමට තරම් වැදගට් දෙයක් යයි අපට සිතෙන්නේ නැතත්, මේ සිද්ධිය හා පසුබිම් වන දේශපාලන සන්දර්භය සැලකු විට ඒ ගැන යමක් නොලිවීම පාඨකයා හට කරන අසාධාරණයක් යයි සලකන බැවින්, උතුරා යන අපුලෙන් යුතුව මේ ටික ලියමු. 


ඡායාරූපය මවුබිම අඩවියෙන්


සිද්ධියට මුල්වන්නේ ග්‍රෑන්ඩ්පාස් හි කොස්ගස් හංදිය ප්‍රදේශයේ ස්වර්ණ චේතිය පාරේ අංක 166 දරන ස්ථානයේ අලුතින් අරඹන ලද අනවසර මුස්ලිම් පල්ලියකි. නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති මේ ඉඩමේ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි අතර, මෙය අටවාගෙන ඇත්තේ ද පන්සලකට යාබදව ය. මේ පල්ලිය අරඹා දැනට වැඩි කලක් ගත වී නැත; මුලින් ගබඩාවක් ලෙස භාවිත කළ මෙම ඉඩ ප්‍රමාණයේ, පල්ලියක් හිටි හැටියේ ප්‍රාදුර්භූත වීම සෙවිය යුත්තකි. ඊ-නිවුස් වාර්තා කරන ලෙස මෙය වසර 30ක් පැරණි පල්ලියක් නම් නොවන අතර එය අතේ පැලවෙන කෙප්පයකි. කෙසේ වෙතත් දැන් එතැන මස්ජිදුල් දිනූල් නමින් ඉස්ලාම් පල්ලියක් ඇති අතර, එහි ප්‍රසිද්ධියේ යාඥා පැවැත්වීමට පටන්ගෙන දැන් මාසයකට වඩා තරමක් වැඩි ය. මීට මසකට පමණ පෙර රාවණා බලය සංවිධානය විසින් මෙම ස්ථානය "වටලා" එම පල්ලිය ඉවත් කිරීමට ඉල්ලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, එය එතනින් ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අදාළ ආගමික පාර්ශව අතර එකඟතාවක් ඇතිවී තිබේ. මෙකී නව ස්ථානයට පල්ලිය ගෙනයාම සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යංශයේ වත්සනින් යුතු අවසර ලිපියක් ද අගෝස්තු 08 වන දාතමින් යුතුව නිකුත් කර තිබේ.  

එකතුව: මෙන්න අදාළ ලිපියේ ඡායාරූපය


කෙසේ වෙතත් තිබු තැනින් ඉවත්කොට මෙම පල්ලිය ගෙනයාමට නියමිත ස්ථානය වන්නේ ද බෝගසක් ආසන්නව බවද, එය පන්සල් දෙකකට මැදිව (විජයතිලක මහා විහාරය හා සෝමාලෝක මහා විහාරය) පිහිටි ස්ථානයක් බවද අපට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉස්ලාම් පූජක පාර්ශ්වය, අදාළ බෝගස ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවත්, ඒ වෙත මෙතෙක් නිසි පිළිතුරක් නොලද බවත් කියා සිටින අතර, ඊයේ දිනයේදී පැරණි ස්ථානයේ ම පස්වරු ආගමික කටයුතු ඇරඹීමත් සමග මෙකී නොසන්සුන් වාතාවරණය උද්ගත වූ බවයි සඳහන් වන්නේ. ඊයේ දින එකී ස්ථානයට කඩා වැදුණු සියයකට අධික දාමරික පිරිසක් අදාළ ස්ථානයට හානි පමුණුවා, දේපළ හානි සහ පුද්ගල හානි සිද්ධකොට පළාගිය බව දැනගන්නට ලැබේ. 

[එකතුව: ඊයේ සවස මෙම තත්ත්වය හටගැනීමට පෙර, බටහිර කොළඹ DIG අනුර සේනානායක මෙම මුස්ලිම් පූජක පාර්ශ්වය සමග හමුවීමක් පැවති බවද, ප්‍රහාරයට පෙර අදාළ පන්සලේ ඝණ්ටා නාදය නොනවත්වා ඇසුණු බව Colombo Telegraph වාර්තා කරයි.]



පොලිස් නිලධරයන් 12 ක් පමණ මේ සිද්ධිය වන අවස්ථාවේ එතැන සිටි නමුත් ඔවුන්ගෙන් තත්ත්වය සමනය කිරීමට දායකත්වයක් නොලද බවත් පල්ලිය චෝදනා කරයි. පැය හතරකට ආසන්න කාලයක් තුළ පවතී මෙකී ගැටුමේ දී පොලිස් නිලධරයන් ද ඇතුළුව 4 දෙනෙක් තුවාළ ලද බව ද, ගැටුමෙන් නිවාස දෙකකට සැළකිය යුතු හානි සිදුව ඇති බව ද වාර්තා වේ. එක් අවස්ථාවක දී ප්‍රධාන මාර්ගය රථවාහන සඳහා වසාදැමීමට ද සිදු වූ බව අපට දැනගන්නට ලැබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන පවසන පරිදි මේ ගැන සොයාබැලීමට පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් පත්කර යවා ඇත. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ යුධ හමුදාව පිටත් කර යවා ඇති අතර, මේ වන විට හෙට උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පණවා ඇති බවත්, නොසන්සුන්කාරී තත්ත්වය කෙමෙන් සමනයට පත්වන බවත් ඇසේ.

වැලිවේරිය තාමත් මතක නිසා නොසන්සුන්කාරී තත්ත්වය සමනය වීම ගැන අපට පුදුමයක් නැත. එහෙත් කැරලි මර්දන ඒකකය සිටියදී STF සහ හමුදාව මෙතැනට පිටත් කර යැවීම ගැන අපට බරපතල ගැටළුවක් තිබේ. රජයකට සිවිල් සටන් මැඩලීමට අවශ්‍ය නම් එය කරන යම් ක්‍රියාවිධියක් හෙවත් ප්‍රොටෝකෝල් එකක් පවතී. එසේනම් මේ අප දකින්නේ මරාගෙ රෙජීමයේ අලුත්ම ප්‍රොටෝකෝලයදැයි සැකයක් අපට ඇති වේ. 

එසේම මෙකී සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි බොබසේ, සිංහල රාවය හා රාවණා බලය යන සංවිධාන තුන, ඒකාබද්ධ නිවේදනයක් මගින් දන්වා තිබෙන බවද වාර්තා වේ. 

පසුබිම් කතාව

පළමුව අප වටහාගත යුතු කරුණ වන්නේ මෙකී පල්ලිය ඉවත් කිරීමට ඇතිකරගත් එකඟතාවම මුලාවක් බවයි. මුසල්මානුවෝ අවස්ථානුකූලව පච කෙළීමේ රුසියෝ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය ඔවුන්ට ආගමෙන්ම අනුමත ය. මෙකී "පොරොන්දුව" වනාහි ඊළඟ තුරුම්පුව සෙල්ලං කරන තුරු කල්මැරීමක් පමණි. 

දෙවනුව, මෙකී මස්ජිදුල් දිනූල් පල්ලිය, එය දැනට පිහිටා ඇති අංක 166 ස්ථානයෙන්, අංක 158 දරන ස්ථානයට ඉවත් කරන ලෙස එකඟතාව ලැබී තිබියදී එය ඉවත් නොකළේ මන්දැයි පැනයක් පැනනගී. දැනට දැනගන්නට ඇති කරුණු අනුව, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ජනපති මහින්ද හමුවී ලබාගන්නා ලද අවසරයක් අනුව, ආගමික කටයුතු අමාත්‍යංශ ලිපියක් මගින් අදාළ පල්ලිය ඉවත් කර නොගත යුතු බවට ලිපියක් නිකුත් කර තිබේ. මෙකී ලිපිය, මුස්තාෆා විසින් අදාළ පල්ලියට ඊයේ ගෙනැවිත් දීම සමග, තමන්ට නෛතික රැකවරණය ඇති බව තහවුරු කරගත් මරක්කලයින් නොබියව යාඥා කටයුතු අරඹා තිබේ. 

රාමසාන් වලින් පසුව පල්ලිය ඉවත් කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව පවා ඉවත් නොකිරීම පිළිබඳව කුපිත වූ ජනතාව ඊළඟට කළේ කුමක්දැයි වටහාගැනීම අපහසු නොවේ. එසේම අපට ලැබෙන ආරංචි ද සුළුපටු නොවේ. කෙසේ වෙතත්, මෙකී සිද්ධිය ගැන සනාථ කළ නොහැකි තොරතුරු පළකිරීමෙන් අප වළකින්නේ මෙය ගොසිප් අඩවියක් නොවන බැවිණි. කෙසේ වෙතත් තත්ත්වය සමනය කිරීම පිණිස දැන් මීට මුසම්මිල් මැදිහත්ව ඇති බව, දැනුම් තේරුම් ඇති, අතීතය අමතක නැති පාඨකයන් ගේ දැනුම පිණිස අපි දන්වා සිටිමු. 

මැදකොළඹ මුස්ලිම් ඡන්ද ටික අතේ තියාගෙන ඉන්න මුස්තාෆා හට පල්ලියට අවසරය ගැනීම මහ කජ්ජක් නොවන්නට ඇති බව අපට සැක නැත; එහෙත් රටක හිතු හිතු හැටියට පල්ලි හදන්නට අවසර දෙන්නට හැකියාවක් ඇත්නම් නගර සංවර්ධන අධිකාරියක් ඇත්තේ මොන මගුලටද? අනික ග්‍රෑන්ඩ්පාස් යනු පල්ලි නැති කලාපයක් නොවේ. අඩියෙන් අඩිය පල්ලි හදන්නට මේ තරම් ඇති කැසිල්ල කුමක්ද?  

අනික මෙකී පල්ලිය මුලින් අටවාගෙන තිබුණේ අනවසර ඉඩමක ය; එසේනම් කළයුතුව තිබුණේ එය එතැනින් ඉවත් කිරීම මිස ඊට වෙනත් ඉඩමක් ලබා දීම ද නොවේ. හොරෙක් ගෙට පැන මුදල් කොල්ලකන්නට හැදුවොත් අප ඌට අනේ පවු කියා වෙනත් කාගෙහරි මුදලක් අරං දෙන සිරිතක් තිබේද?

මොකටද මේ තරම් පල්ලි?

කතාවේ වැදගත්ම ස්ථානය කරා අප එළඹෙන්නේ දැන් ය. එනම්, මොකටද මුස්ලිමුන් හට මේ තරම් පල්ලි? ඉස්ලාම් ආගමේ හැටියට ඔවුන්ට දිනකට පස්වතාවක් යාඥා කළයුතුව තිබේ. මෙකී යාඥාව තමන් ඉන්නා තැනම ඉඳගෙන කළ හැකි අතර, ඊට සලාතය යයි කියනු ලැබේ. මක්කම දෙසට හැරී කරනු ලබන මෙකී යාඥාව සහ එහි මිනීමරු ඉතිහාසය ගැන දන්නා මුසල්මානුවන් කීදෙනෙක් නම් වේ දැයි අප දන්නේ නැත. එහෙත් මෙකී යාඥාවේ අකුරක් අකුරක් පාසා කියන්නට මරණ දහසක් ඇති බව අපි නිර්භයව ප්‍රකාශ කරමු. 

සලාතය සම්බන්ධව ඇති දැඩි අමානුෂික භාවය ගැන වටහාගන්නට, මෙන්න මේ උපුටනය දක්වමු.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප‍්‍රකාශ කළ බව අම්රු බින් ෂුඅයිබ්, තම පියාවූ ෂුඅයිබ්ගෙන්ද ඔහු තම සීයා මගින්ද වාර්තා කරන ලදී. ”ඔබේ දරුවන්ට වයස හතක් වූ විට සලාතය ඉටුකරන මෙන් විධානය කරන්න ඔහුට වයස දහයක් වූ පසු (සලාතය නොකරයි නම්) ඔවුන්ට පහර දෙන්න. (දඬුවම් කරන්න) -එමවයසේදී- ඔවුන් වෙන් වෙන්ව නිදාගැනීමට සලස්වන්න. (අබූ දාවූද්)
එසේම සලාත් / ජමාත් වනාහි ඉස්ලාමිකයකු හඳුනා ගත හැකි සංකේතය වන බවද කුරානයේ ම ඉගැන්වේ. එය ජිහාඩ් (ආගම වෙනුවෙන් කරන යුද්ධය) කාලයේ පවා කළ යුත්තකැයි ද කියවේ. මේ අපේ වචන නොවේ. මෙන්න මූලාශ්‍රය.
 යාඥා කිරීම ඔවුන්ගේ අයිතියක් බව සැබැවි. එහෙත් ඔවුන්ගේ යාඥාව කරගන්නට අපේ ඉඩම් ටික සූරාකෑම සාධාරණීකරණය වන්නේ නැත. මේ රටේ ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙමින් යන ආකාරය ඇස්කන් ඇති අයෙකුට නම් නොපෙනී තියෙන්නේ නැත.  එසේ හෙයින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පල්ලි ඇති ග්‍රෑන්ඩ්පාස් වැනි කලාපයක තවත් පල්ලියක් පිහිටුවීම සාධාරණීකරණය කිරීම කිසිසේත් කළ හැක්කක් නොවේ. 

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනක් මැරිල්ල

මේ සිද්ධියෙන් වැඩිම වාසිය ලබාගත්තේ වෙන් කවරෙක් හෝ නොව, ආණ්ඩුව බව ද මේ මොහොතේ කිව යුතුය. මේ ගැන විචාරයක යෙදෙන ඉනෝක ජීවන් සහෘදයා අපවෙත මෙසේ ලියයි:


පැහැදිලිවම මෙය දේශපාලන උවමනාවන් මත සිදුවූ දෙයකි. පාර්ලිමේන්තුවට දිස්ත්‍රික්ක 25 සදහාම හදිසි නීතිය පැනවීමට යෝජනාවක් ගෙනැවිත් ඇත. [මෙතෙක්] එයට හේතුවක් තිබුනේ නැත. දැන් හේතුවක් තිබේ: එනම්, ජාතිවාදී අරගල වලට එරෙහිව හදිසිනීතිය. යනුවෙන්. කොහොමද ලොක්කගෙ ප්ලෑන? නිකමට සිතා බලන්න: රතුපස්වල වතුර ඉල්ලු විටත් මිනිස්සු තුන් දෙනෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් වෙඩි තබා මැරු ආකාරය. ආගමික සිද්දස්ථානයකට පහර දෙනු ලැබේ: වන්නියෙ නොව ග්‍රෑන්ඩ්පාස් වලය. ඒත් සද්දයක් නැතිව; සිද්දිය ඉවර උනාම ඇදිරි නීතිය දමනු ලැබේ. ඒ අස්සෙ පන්සලකටත් බෝම්බ ගසා ඇති බව කියවේ. ඒ ගහපු එකත් සොයා බැලුවිට දැනගන්නට ඇත්තේ මෙසේ පහර දී ඇත්තේ සිංහල රාවයෙන් මෑතකදී තනන ලද පන්සලකට බවයි. ඉන් කාටවත් හානියක් වී නැත. එහෙත් රජයේ හොරණෑ වලට දළදාවහන්සේට බෝමබ ගැහුවටත් වඩා අන්ත නොවේද? 

දැන් මේ වනවිට කිරිපිටි, වැලිවේරිය, කෝප් වාර්තාව, දූෂිත රාජ්‍ය දර්ශක වාර්තාව, මේ සියල්ල අබිබවා ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය නැගලා යනු ඇත. අපේ එව්වෝ එදා මාවිල්ආරු බලා හුරේ දමා නිදාගත් පරිදිම අද ග්‍රෑන්ඩ්පාස් බල නිදාගනු ඇත. අවසානයේ කියන්නට ඇත්තේ පැරණි කතාවම ය. එනම් අපේ එව්වෝ හැදෙන්නේ නැත කියා පමණි.  

Friday, August 9, 2013

බබා චූ දා ගත්තද? | Did the Baby Wet?

ගෝත්‍රික සමාජය සහ ශිෂ්ට සමාජය වෙනස් වන ක්‍රම කීපයක් තිබේ.

අද අප ඔබට පෙන්වන්නේ අර කී පළමු අවස්ථාවට උදාහරණයකි.
Photo Credits to this site

පසුගියදා රතුපස්වල සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් මත පලකෙරුනු දෙරණ රුපවාහිනී නාලිකාවේ වාදපිටිය වැඩසටහනට සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස සන්ධාන මන්ත්‍රී වරයෙකු වූ ටී. රන්ජිත් ද සොයිසා මහතා ඉදිරිපත් කල ලේඛනයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා සමග විවාදාත්මක කතිකාවතක් ඇතිවූවා.

මෙහිදී රන්ජිත් ද සොයිසා මන්ත්‍රීවරයා කියා සිටියේ රතුපස්වල ගැටුම ඇතිවීමට බොහෝ කලකට පෙර රජය විසින් මෙයට විසඳුම් ලබා දෙමින් වාර්තාවක් නිකුත් කර තිබු බවත් එසේ තිබියදී නිරපරාදේ මෙවන් ගැටුමක් ඇතිකළ ගත බවය.

නමුත් පසුව එම වාර්තාව පරික්ශා කිරීමේදී පෙනී ගියේ එම වාර්තාව සකස්කොට තිබුනේ අගෝස්තු මස පලමු වනදා යන බවය.පසුව රන්ජිත් ද සිල්වා ප්‍රකාශ කලේ තමා කිවේ එය අගෝස්තු මස 17 ට කලින් සකස් කල එකක් බවය.

ඇතිවූ එම දෙබස සහ වීඩියෝව පහතින්

රන්ජිත් ද සිල්වා : ඒ එක්කම දැන් කියනවා රත්පස්වලට මුකුත් දුන්නේ නැහැ කියල..රතුපසවලටත්දෙන්න මේ තියෙන්නේ මේ (වාර්තාව පෙන්නමින්). මේ යෝජනා හදලා ඉතා කෙටි කාලයකින් ක්‍රියා කල යුතුයැයි රජය ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා..

නල ජලය ලබා දෙන්න අවශ්‍යය කටයුතුසුදානම් කරලා තියෙන්නේ..එක නිසා රජයට චෝදනා කරන්න එපා..වතුර ඉල්ලනකොට ගහල මාරුව, කිසිම දෙයක් කරේ නැහැ කියල..අපි වතුර දෙන්න සුදානම් කරලා තියෙනකොට තමයි ඉතාම අවාසනාවන්ත විදියට මේ සිදුවීම කරලියට අරගෙන ආවේ..

විජිත හේරත් : ඔය වාර්තා හැදුවේ කොයි කාලේද මන්ත්‍රීතුමා ?

රන්ජිත් ද සිල්වා : මේ වාර්තාව ඉතාම කෙටි කාලයක් ඇතුලත හදපු එකක්..මම ඕනනම් ඔබතුමාට දෙන්නම් කොපි එකක්

විජිත හේරත්: මට එපා ජනතාවට පෙන්නන්න ඕක කවද හදපු එකක්ද කියල..

රන්ජිත් ද සිල්වා : මේක ඉදිරි මාස දෙකක් ඇතුළතදී ජලය දීලා ඉවරකරනවා..

විජිත හේරත් : ඔය ප්‍රශ්නේ මතුවෙන්න කලින්ද ?

රන්ජිත් ද සිල්වා : ඔව් ප්‍රශ්නේ මතුවෙන්න කලින්..මේ වෙඩි වැදිලා මිනිස්සු මියැදුනාට පස්සේ හදපු එකක් නෙවෙයි 17 ට කලින් හදපු වාර්තාවක්.

(පසුව විජිත හේරත් විසින් එම වාර්තාව ගෙන පරික්ෂා කිරීමේදී එය සකස් කොට ඇත්තේ අගෝස්තු පළවෙනිදා බව කැමරාවට පෙන්වයි)

විජිත හේරත් : ඔබතුමා ඉතා වගකිමෙන්ම කිව්වා..මේ ප්‍රශ්නය ඇතිවෙන්නත් ගොඩක් කලින් තමයි මේ වාර්තාව හැදුවේ කියල .

රන්ජිත් ද සිල්වා : ගොඩක් කලින් නෙමෙයි 17 වෙනිදට කලින්..

විජිත හේරත් : මේ කැමරාව අල්ලන්න දිනේ පෙන්නන්න..ඔන්න බලන්න අතේ පත්තු උන පට්ටපල් බොරු කියැපු හැටි...මේ තියෙන්නේ "ස්ටෙප් ඔෆ් ස්ටෙප් ඉන්සිඩන්ට් ෆ්‍රොම් 2013 / 08 / 01

රන්ජිත් ද සිල්වා : මම වැදගත් විදියට තමුන්නාසේ ලේඛනය ඉල්ලපු හින්ද වැදගත් මන්ත්‍රීවරයෙක් කියල හිතල දුන්නේ.. මම කිව්වේ අටයි දාහතට (2013/08/17) ට කලින් කියල.. මෙයා මොනවද මේ කියවන්නේ. කරුණාකරලා මගේ ලේඛනය දෙන්න ආපහු..



 
රංජිත් මැතිතුමනි, දැන්වත් පුක නොදී ගෙදර යනවද? 

Tuesday, August 6, 2013

කො තොපේ වීරයෝ? | Where the Fuck are your Heroes?

සටහන: 
එළව එළවා පහරදීම අපේ පුරුද්ද නොවේ. එහෙත් පසුගිය කාලයේ අප හරිවැරැද්ද වෙනුවෙන් කතා කළ විට අපට ලැබුණේ අපේ මවුපියාණෝ මතක් කර බණින අන්තිම පාහර බැණුම් ද, අතොරක් නැති මරණ තර්ජන කල්ලි තර්ජන හා මැර තර්ජන ද, පමණි.

එදා අප හඳුන්වන්න ට මේ හුජ්-ජාතිවාදියෝ පාවිච්චි කළ වචන සෙට් එකක් තිබේ. ඒවායින් සුලබම සෙට් එක මෙන්න මෙසේ දක්වතොත්, 


සර්වාගමික පූට්ටු කාරයෝ!
දේශද්‍රෝහියෝ!
නිරාගමිකයෝ!
බල්ලෝ!
අවජාතිකවාදියෝ!
මේ රටේ පවට උපන්න හැත්ත!
තම්බින්ට පුක දෙන්නෝ!

මේ ලැයිස්තුව අහවර කරන්නට වෙනම ම ලිපියක් ලීව යුතුය. එහෙයින් මේ අවලාද නවත්වා අපි වර්තමානයට ආ යුතුය. වර්තමානයේ අර වෙඩි කෑ අසරණයින් වෙනුවෙන් ගිණිතියාගන්නට නොවේ, පාරට බැස හඬක් නගන්නවත් ඉතිරි වුණේ කවුද? බොදු බල සේනාවද? සිංහල රාවයද? රාවණා බලයද? මොකාද? 

ඇත්ත කතාව වන්නේ මේ මොන පරයෙක් වත් අර වෙඩි කාපු උන් වෙනුවෙන් කතා කරන්නට ආවේ නැත යන්නයි. හරක් මැරිල්ලට එරෙහිව චීවරය පිටින් ගිණි තියාගන්නා රටේ කැසිනෝකාර මුදලාලි කෙනෙකුගේ පැට්ටේරියකිං ගලන වතුර ටික විස වී පාරට බැස්ස පවට බල්ලන් බළලුන් සේ වෙඩි  තබා මරාදමන ලද අහිංසක පරාන වෙනුවෙන් කතා කරන්නේ ඒ සර්වාගමික පූට්ටු කාරයෝ ය. ඒ දේශද්‍රෝහියෝ ය. ඒ නිරාගමිකයෝ ය. ඒ බල්ලෝ ය. ඒ අවජාතිකවාදියෝ ය. මේ රටේ පවට උපන්න හැත්ත ය. තම්බින්ට පුක දෙන්නෝ ය. 

කොටිම්ම වෙනදාට දවසට එක ගණනේ පිටු ගණන් ලියන සමහරක් අති දැවැන්ත බ්ලොග්කාරයෝ පවා අද නිහඬ ය. බොහෝ දෙනා ඒ ගැන විවේචන මුඛයෙන් කතා කළත් අප නම් කියන්නේ එය විවේචනය නොකළ යුතුය යන්නයි. මන්ද, ඒ නිහැඬියාවම මහා හයියෙන් කෑගසා හඬන බැවිණි. රටේ මහ එව්වෝ ම කට පිරෙන්නට කටට ඇරගෙන ඉන්නා විට අනිත් එව්වෝ ගැන කවර කතා ද? මේ එක පරයෙක් වත් කටක් අරින්නේ නැත්තේ උන්ට කට පිරෙන්නටම ශුක්‍ර ධාතුව පොවා ඇති බැවිණි.


Photo Credits to partyrehab


ඒ නිසා දැන් එළැඹ ඇත්තේ අපේ වාරයයි. මේ කරන්නේ මිනී බෙදාගන්නට සණ්ඩු සරුවල් කිරීම නොව, ඇත්ත ඇති සැටියෙන් කියා දීම ය. මේ වෙලාව කට කාටත් ඊනියා ජාත්‍යාතල් එකෙන් අන්ධව තිබු ඇස්දෙකට පොඩි එළි කරුවලක් වැටෙන මොහොතකි. එසේ හෙයින් මේ ලද අවස්ථාවේ දී වත් මේ ටික කිව යුතුමය.

මේ පහතින් දැක්වෙන්නේ වත්පොත හරහා පළවූ එවැනි අදහස් කීපයකි.


මතං නානසාරේ මේ ටිකේ උඹෑ කොහේ ගියෑද? මං හිතං උන්නේ අපහු ඔබා අයියා බලන්ඩ ගෙහුං කියලා. උඹෑ සද්ද බද්ද නොකර උන්නු අල්ල පනල්ලේ අපේ වීරෝදාර මුර දෙයියොන්ටයි හිංගල බහුද්ද ජහමනයාටයි අඟහරු ලෝකෙන් මෙහෙට්ට කඩාපැනපු කුරුමිට්ටෝ දහ පාළොස් දෙනෙක් හරියට අරියාදු කොරලා. මේ පාර වෘෂභ දෙයියොන්ට නෙවෙයි අපේ... අපේ.... ලේ තියෙන අපේ උන්ට යකෝ. තොපිට අපිට අත්පුඩි ගහපු උන්ට යකෝ.

නාථ දෙයියොන්ට ම ඔප්පු වෙච්චාවේ.... පස්සෙනේ දන්නේ උඹෑත් ලේෆ්ට් රයිට් ඩිශුම් ඩිශුම් ඩොන් පටෝන් පුරුදු වෙලා තරු හුඟාරියක් තීන පුටුවක ඉඳගත්ත කියල. දැන් ඉතිං හම්බයොන්ට දෙතෑකී................................
ආනන්ද තෙන්නකෝන්


හරක් මස් කඩ ගිණි තියන්න පන්දම් විලක්කු තියාගෙන පහුගිය දවස් වල ගිය බොදු බල සේනාවේ පාහරයන්ට ඔය විලක්කු පන්දම් අරන් ගිහින් වැලිවේරියේ මිනිසුන්ට වස දෙන ෆැක්ට්‍රියට ගිණි තියන්න බැරි බිජ්ජ කොර වෙලාද ?

වෝල් පෝස්ට් වලින් සිංහ නාදය දාපු පගර හැත්තට මේ පේන විනාශයට අකුරක් ලියන්න බැරි උඹලාගේ ඇගිලි වණ වෙලාද ?
කැළුම් විජේවර්ධන


වෙනදට "අවජාතික වාදියො, අවජාතකයො, බටහිර දැනුමෙන් ඔලුව කුරුවල් කර ගත්තු පඬියො, පුස්සො, කට පාඩම් උගත්තු, ජාතියක් ජම්මයක් නැති එවුන්, දේශ ද්‍රෝහියො, ජාති ද්‍රෝහියො, පර ගැත්තො, බටහිර කුක්කො, සමාජවාදි පරයො, පශ්චාත් නූතන වාදි බල්ලො, බටහිර නූතනවාදි හිපියො" කියලා තොපෙන් කුණු බැණුම් අහගත්තු පිරිසක් ඉන්නව නේද...?... අන්තිමට තොපි උඩ දාගෙන දඟලන එවුන් තොපිට බල්ලන්ට වගේ වෙඩි තියලා දැම්මට පස්සෙ කට අඬකින් වත් තොපි වෙනුවෙන් කෑ ගහන්න ඉතිරි වුනේ උන් ටික විතරයි නේද...? 

කෝ දැන් තොපි වෙනුවෙන්ය කියලා හන්දියක් හන්දියක් ගානේ බිහිවෙච්ච අටෝරාසියක් "ජාතික සංවිධාන" ... ???? ... "අහවල් එක රැකීමේ බළකාය, අහවල් සේනාව, අහවල් බලවේගය, අහවල් සිංහයො, අහවල් අසිපත, අහවල් දුන්න, අහවල් හෙල්ලය, අහවල් පර්ෂදය "... කෝ දැන් ඒවා...?... එක්කෝ උන් කටයි අනිත් කොණයි වහගෙන ගම් කාපු රිලව් වගේ ඉන්නවා...නැත්තන් උන් තොපිට වෙඩි තියලා දාන්න අණ දීපු උන්ගෙ පැත්ත අරගෙන වෙඩි තියපු එක සාධාරණීකරණය කරලා, වැරැද්ද තොපෙයි කියන්න හදනවා නේද...?... අඩු ගානේ හරක් වෙනුවෙන් දක්වපු උනන්දුව සහ අනුකම්පාව වත් වතුර ටිකක් ඉල්ලපු එකට වෙඩි කාපු තොපි වගේම අහිංසකයො වෙනුවෙන් දැක්වුවද?... 

දැන් තේරෙනවද පර සුද්දගෙ සංකල්ප කියලා හංවඩු ගහලා තියෙන , මේ "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය නිදහස, නූතන අයිතිවාසිකම්, කම්කරු අයිතීන්" වගේ දේවල් තියෙන ඕන ඇයි කියලා...?... දැන් තේරෙනවද ඒවා වෙනුවෙන් කෑ ගහන එවුන් බැණුම් අහගෙන හරි ඒක කරන්න ඕන ඇයි කියලා...?... 

බටහිර නීතිය, බටහිර සම්ප්‍රදාය, බටහිරින් ආපු මානුෂිය අයිතිවාසිකම්, මේ සේරටම පයින් ගහලා වරෙව් යන්න අපේ අතීතයේ මුල් හොයාගෙන කියලා නිතර දෙවේලෙ තොපිට අඬ ගහන, යෝජනා කරන උන් අද කොහෙද ඉන්නෙ...?.. උන් ඉන්නෙ එක්කො කට පුක වහගෙන, නැත්නම් තොපිට වෙඩි තියපු උන්ගෙ පැත්තෙ.... ආතල්ද...?... 

දැන් තේරෙනවද තොපිට උන් "වරෙල්ලා අපේ කම හොයාගෙන යන්න" කියලා අඬ ගහන්නෙ මොන වගේ ලෝකෙකට යන්නද කියලා...?...දැන් තේරෙනවද තොපිට ඔය ජාතික ව්‍යාපාර කියලා, ජාතිකත්වය යළි පුනරුදයක් කරන්න කියලා, අටවගෙන ඉන්න ඒවයේ එවුන් "මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන්" කියන ඒවා බටහිර සංකල්ප කියලා ඒවට පයින් ගහන්න තොපිට පුරුදු කරන්නෙ ඇයි කියලා...?... 

" බටහිරින් ආවත්, මොන තූත්තු කුඩියෙන් ආවත් මේ තරම් යාන්තම් හෙවණැල්ලක් වගේ හරි ඉතිරි වෙලා තියෙන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබඳ නීති එහෙම නැත්තටම නැති වෙලා ගිය දාට තොපිට පහළ වෙන ප්‍රෞඪ අතීත ස්වර්ග රාජ්‍යයේ සයිස් එක ගැන දැන්වත් අවබෝධ වෙනවද...? ... දැන් තේරෙනවද බටහිරින් ස්වාධීන වෙනවය කියලා ඒවාට ලෝස් නැතුව පයින් ගහලා දැම්මාම වාසිය කාටද කියලා...? .. 

දැන් තේරෙනවද නඩු නැති, මරණ වරෙන්තු තියා අඩුම ගානේ මැරුණු එවුන්ගෙ මළ මිනී වත් නැති සමාජ ක්‍රමයකට හුරේ දාන එක මොන තරම් භයානකද කියලා...?.. .. බාගෙට රාජාණ්ඩුවක් වෙච්ච රටක ජීවත් වෙනකොට, දැන් උඹලට වැටහෙනවද අතීතයේ තිබුණු රාජාණ්ඩු, ඔය ඊනියා "අපේ ආණ්ඩු ක්‍රම, අපේ ක්‍රමවේදයන්, අපේ නීතිය, අපේ නඩු විසඳන ක්‍රම" එහෙම ආයෙ ආවොත් කොහොම සොමියක් තියෙයිද කියලා.... ?.... ඕන වෙලාවක රජ දරුවන්ට, නිළමෙලට, මුළාදෑනිලට, මොහොට්ටාලලට, රාජ පුරුසයන්ට ඕනම දෙයක් කරන්න ඉඩ ලැබිච්ච අතීතය මොන වගේ වෙන්න ඇත්ද කියලා දැන් පේනවද...? 

දැන් තේරෙනවද සරල ක්‍රම වලින් ප්‍රශ්ණ විසඳනවා කියලා කාට උනත් ලේසියෙන් තුවක්කු පත්තු කරන්න ආශිර්වාද කරන එක මොන තරම් භයානක දෙයක්ද කියලා... ?
දමිත් කේතක

Monday, August 5, 2013

වැලිවේරියේ සැඟවුණු මරණ | Untold Deaths at Weliweriya

රතුපස්වල කරන ලද අමානුෂික මර්දනයෙන් මියගිය පිරිස මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒ සම්බන්ධව සත්‍ය දත්ත මේ වන තුරුත් පිට කර නොමැති බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධව අප වෙත එවන ලද පාඨක ඉ-ලිපියකින් සකසන ලද්දකි. ලිපියේ සියලු වගකීම එවනනා සතු අතර, කිසිදු හේතුවක් මත ඔහුගේ/ඇයගේ අනන්‍යතාව හෙළි නොකරන බව කරුණාවෙන් සළකන්න. 



වැලිවේරියේ සිදුකළ ජනමර්දනයේදී මියගියා යැයි සැළකෙන, එහෙත් මෙතෙක් ඒ බව මාධ්‍ය වලට දන්වා නොමැති තිදෙනෙක්ගේ විස්තර, ලියන්නා අපට දන්වා සිටී.

ඒ අය මෙසේය:

• නම: ශාන්ත දිනේෂ්
වයස: අවු 45 යි
ලිපිනය: 230/7, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013

හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.

• නම: සුනන්ද පෙරේරා
වයස: අවු. 37 යි
ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013

හිසට උල් ආයුධයකින් ඇණ ඇත. පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.

• නම: ඩී.ඩී. ජයවර්ධන
වයස: නොදනී
ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013

ටෙලිකොම් සේවකයෙකි. වැඩ ඇරී පැමිණ දරුවාගේ බඩේ අමාරුවක් නිසා දෙහි ගෙඩියක් ගෙන ඒමට කඩයට ගොස් ඇත. යකඩ පොලූ පහරකින් හිස් මුදුනේ හිස් කබල බිඳී ගොස් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පිටෙහි අඟල් 6 හමාරක පමණ පහර දීමකින් වූ බරපතල තැලීමක් ඇත.

ඉහත තිදෙනා ජීවතුන් අතර නැතත් දැනට දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් ජනතාව මුලා කරමින් සිටින බව ලියන්නා අපට දැනුම් දෙයි. 

පිස්සු බල්ලන් බැඳ දමවූ | Muzzle that Dog

මේ පළවෙන්නේ අපේ සහෘද ප්‍රසාද් වැලිකුඹුර විසින් පසුගියදා අප වෙත එවන ලද ලිපියකි. මේ ලිපිය "රියර්ගේට්" අඩවියේ ද පළ වී ඇතත්, අප ද මෙය පළකරන්නේ මෙවැනි සිද්ධි කාලයේ වැලිතලාවෙන් වැසී නොයනු පිණිස ය. 

සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.

දිනය 2013-07-30.
වේලාව ප.ව. 11.00.

මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියෙමු. ඔහුගේ නිවසේ පිහිටා තිබෙන්නේ මහවත්ත නිවාස සංකීර්ණයේ අවසානයට වන්නට ය.  මමත් තවත් මාගේ මිතුරන් තිදෙනෙකුත් හරියටම රාත්‍රි 11.00ට එතැනින් පිටත් වීමු. එතැන් සිට මීටර් 5ක් පමණ ගමන් කල පසු මාගේ මිතුරන් දෙදෙනෙකු අපගෙන් වෙන් වී ඔවුන්ගේ නිවාස දෙසට ගමන් ගත් අතර මාත් මාගේ මිතුරෙකු වූ සම්පතුත් ඉදිරියට ගමන් කළෙමු.

අප මහවත්ත නිවාස සංකීර්ණයේ දෙවන හරස් වීදියට ළඟා වන විටම නාරාහේන්පිට පොලිසියට අයත් ජීප් රථයක් දෙවන හරස් වීදියේ සිට අප ගමන් කරනා මාර්ගයට හරවන ලදී. අප ඔවුන් ව පසු කරනා විට දීම එම ජීප් රියේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයෙකු (පසුව දැන ගත් පරිදි මොහු නාරාහේන්පිට අපරාධ අංශය භාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියා වේ) අප වෙතට හැරී

“උඹලා කොහේ ද යන්නේ?” යනුවෙන් විමසන ලදී.

ම විසින් ඔහුට අප යහළුවෙකු ගේ ගෙදර ගිය බවත් දැන් නැවත අපගේ ගෙදර දෙසට යන බවත් පවසන ලද අතර ඔහු මා පදිංචි වී සිටින ස්ථානය විමසන ලදි. මම මා පදිංචි වී සිටින ස්ථානයත් එයට යන පාරත් ඔහුට විස්තර කර දෙන ලදි. එවිට ඔහු මාගේ ජාතික හැඳුනුම් පත පිළිබඳ ව විමසන ලද අතර එවිට මා සතු ව ජාතික හැඳුනුම් පත නො පැවතිණි මාගේ නිවසේ සිට මාගේ මිතුරාගේ නිවසට ඇත්තේ මීටර් 400කටත් අඩු දුරක් බවත් එම නිසා එතරම් සුළු දුරක් යාමේ දී ජාතික හැඳුනුම් පතක් ගෙන යා යුතු යයි නො සිතූ බවත්, මාගේ මව නීතිඥවරියක් වන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් දැන් මා හට මාගේ හැඳුනුම් පත ගෙනැවිත් පෙන්විය හැකි බවත්  පවස සිටියෙමි. එවිට එම පුද්ගලයා ජීප් රියෙන් බැස ගත් අතර, ඔහු හොඳට ම බීමතින් පසු වන බව ඔහුගේ මුහුණෙන් සහ ඔහුගේ ගමන් විලාසයෙන් දැක ගත හැකි විය. එවලේ ම මම මාගේ මවට දුරකථන ඇමතුමක් දී හැඳුනුම් පත ගෙන එන ලෙස පැවසීමට සැරසීමි. එවිට මාගෙන් දුරකථනය බලෙන් උදුරා ගත් ඔහු “මම නාරාහේන්පිට පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී කතා කරන්නෙ මේ ඉන්නේ තමන්ගේ පුතා ද?” යනුවෙන් හතර පස් වතාවක් බීමත් ස්වරයකින් පවසන ලදි. ඉන් පසුව පුතාගේ හැඳුනුම් පත රැගෙන පොලිසියට පැමිණෙන ලෙස පැවසූ අතර මහට මාගේ දුරකථනය ක්‍රියා විරහිත කරන ලෙස පවසන ලදී. මාගේ මිතුරා ද මාගේ පදිංචිය සනාථ කිරීමට උත්සාහ ගත්ත ද ඔහුට “උඹ පලයන් යන්න” යනුවෙන් පවසා මහට ජීප් රියට නඟින ලෙස දන්වන ලදි.

ජීප් රිය තුල තවත් මෙසේ අත් අඩංගුවට ගත් කිහිප දෙනෙක් සිටින ලද අතර එහි සිටි පොලිස් නිලධාරීන් මගෙන් දිගින් දිගටම ඇසුවේ උඹ කවදා සිට කුඩු ගසන්නේ ද යන්න සහ උඹ කුඩු ගහන්න සොරකම් කරනවා නේද යන්න යි. මෙය මානසික වදයක් වන තරමටම පෙරල පෙරලා ප්‍රශ්න ඇසීමක් විය.

මාත් මාගේ මිතුරනුත් මත් කුඩු භාවිතයට තදින් ම විරුද්ධ පිරිසක් වන අතර මහවත්ත තුල කුඩු ව්‍යාපාරය නො කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම ප්‍රදේශයේ තරුණයින් ඒ සම්බන්ධව දක්වන දැඩි විරෝධයයි. එමෙන්ම අප විසින් මත් කුඩු භාවිතය නතර කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට ම රැකියා ලබා ගැනීමටත් නැවත එය සඳහා නො පෙලඹීමටත් අවශ්‍ය සහාය ලබා දී ඇති බව මහවත්ත ජනතාව දන්නා අතර නාරාහේන්පිට පොලිසියට පවා ඒ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ යයි සිතමි. එමෙන්ම මා අත් අඩංගුවට ගැනීමට හේතු විමසීමේ දී එසේ හේතුවක් අවශ්‍ය නොවන බවත් නමුත් අවශ්‍ය නම් නඩුවක් සමඟ අත් අඩංගුවට ගත හැකි බවත් ම වෙත දන්වන ලදි. නාරාහේන්පිට පොලිසිය මඟින් ඔවුන් කරන අසාධාරණකම් වලට එරෙහි වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන්ට කුඩු, ගන්ජා එමෙන්ම බෝම්බ වැනි දේ දමා ඔවුන් අපහසුතාවට පත් කිරීම පිළිබඳ අසා ඇති සහ එසේ අපහසුතාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබී ඇති මට සත්‍ය වශයෙන් මාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවක් ඇතිවීමට මෙය හේතු විය.

මා ස්වභාවයෙන් ම කෙට්ටු පුද්ගලයෙක් වන අතර එසේ කෙට්ටු පුද්ගලයෙක් වීම පදනම් කර ගනිමින් වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එසේම මාගේ කිසිම වරදක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිය දී, මෙසේ නින්දිත අයුරින් මාගේ මනසට බලපෑම් කිරීමට තැත් කිරීම ලංකාවේ නීතිය සහ සාමය රකිනවා සහ ජනතාවගේ ආරක්ෂාව සලසනවා යයි කියන ආයතනයක් මඟින් සිදු වීම පිළිබඳ මා තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

පොලිසියට පැමිණීමෙන් අනතුරුව මා සමඟ සිටි අනෙක් සියලු දෙනාගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු සටහන් කර ගන්නා ලදි. පොලිසියට පැමිණ විනාඩි 10-15ක් ඇතුළත මාගේ මව සහ මාගේ තවත් යහළුවෙකු මාගේ ජාතික හැඳුනුම් පත සහ මා අධ්‍යාපනය ලද රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් මඟින් ම වෙත නිකුත් කර තිබූ හැඳුනුම්පත් කිහිපයක් රැගෙන පැමිණි අතර ඒවා අපරාධ අංශය භාර නිලධාරියා සහ මා අත් අඩංගුවට ගත් නිලධාරියා වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියාට ඉදිරිපත් කරන ලදි. එහු එය රැගෙන කිහිප වරක් එ දෙස බලා නැවත මාගේ මවගේ අතට ලබා දෙන ලදි.

ඔහු මාගේ ඇඳුම සහ මාගේ කොණ්ඩය විවේචනය කරමින් මට කුඩු කාරයා, හොරා මංකොල්ල කාරයා, ලෙස මහ හඬින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් විනාඩි කිහිපයක් ගත කල අතර ඔහුගේ කම්මුල් බීමතින් රතු වී එමෙන්ම ඇස් අවට පවා රතු පැහැති වී තිබීම අප සියලු දෙනාට ඉතා පැහැදිලි ලෙස දැක ගැනීමේ හැකියාව තිබින. මාගේ මිතුරාගේ නිවස පිහිටා ඇත්තේ මාගේ නිවසට ඉතා ආසන්නයේ බවත්, මා ගිය ගමන හුදෙක් මිතුරෙක් බැලීම සඳහා ගිය ගමනක් මිස වෙනත් උත්සවයක් සඳහා ගිය ගමනක් නොවන බවත්, එම නිසා සාමාන්‍ය සැහැල්ලු ඇඳුමක් භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත්, කරාබුවක් පැලඳීම නූතන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් ඔහුට අවබෝධ කිරීමට ම විසින් කල උත්සාහය අසාර්ථක විය.

යම් අයකුගේ කොණ්ඩා මෝස්තරය, ඔහු පලඳින ආභරණ, එමෙන්ම ඔහු අඳින ඇඳුම සඳහා පොලිස් අනුමැතියක් ලබා ගත යුතු ද යන්න එමෙන්ම ඒ කියන දේ මත හොරෙක් මංකොල්ල කාරයෙක් හෝ කුඩුකාරයෙක් ලෙස නිර්වචනය කිරීමේ පදනම නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති එමෙන්ම නීතිඥයින්, විශෝධන නිලධාරීන් හා මනෝ සමාජීය උපදේශකයින් විශාල ප්‍රමාණයක් පුද්ගලිකව ආශ්‍රය කර ඇති සහ උපදේශනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් සහ සුදුසුකමක් ලබා සිටින ම හට අදටත් ගැට‍ළුවක් ව පවතී.

මෙම පුද්ගලයා පවසන ආකාරයට හොරෙකු, මංකොල්ල කාරයෙකු, කුඩුකාරයෙකු නොවන පුද්ගලයා ගෙදර සිට මීටර් 400ක් දුරින් පිහිටි තම යහළුවෙකුගේ නිවසට යන විට හොඳින් ඇඳ-පැලඳ කොණ්ඩය පීරා සුවඳ විලවුන් ගල්වා පාවහන් පැලඳ කරාබු හෝ වෙනත් කිසිදු ආභරණයක් නො පැලඳ යා යුතු වේ.
මේ සියල්ල අවසන් වීමෙන් පසු මා හරි මඟට ගැනීම සඳහා එදින පොලිස් ස්ථානයේ මා රඳවා ගන්නා බවත් පසු දින උදෑසන 8.00 පොලිස් ඇප මත නිදහස් කල හැකි බවත් මාගේ මව වෙත දන්වන ලදි. මාගේ මව මෙයට විරුද්ධ වූ අතර ප්‍රශ්න කිරීම සඳහා මා රඳවා තබා ගන්නා බව ඉන් පසුව ඔහු පවසන ලදි. බොරු වැරැද්දක් මත උසාවියට දැමීමේ හැකියාව මොවුන් සතු ව පවතින නිසා මේ පිළිබඳ ව වැඩි වාදයකට යාම ම විසින් වැළැක්වීමි.

මෙසේ පොරොන්දු වුව ද පසු දින අත් අඩංගුවට ගත් මා සහ තවත් අට දෙනෙකු පසු දින දෙමටගොඩ පොලිසියේ පැවැත්වූ පෙළගැස්වීමකට සහභාගී කරන ලදි.

මෙහි වඩාත් බියකරු පැතිකඩ වන්නේ එදින ඉදිරිපත් කල අය අතරින් බොහොමයක් එසේ රඳවා බාගැනීමට වත් පෙළගැස්වීමකට සහභාගී කර වීමට වත් කිසිදු අවශ්‍යතාව යක් ඇති පුද්ගලයින් නො වීමයි. එතැනින් දෙදෙනෙකු ඔවුන්ගේ හෝටලය ඉදිරිපස දී අත් අඩංගුවට ගෙන තිබුණ අතර, අයකු ඔහුගේ නිවස ඉදිරිපස දී ද, අයකු ඔහුගේ දරුවාට බිස්කට් පැකට්ටුවක් ගෙන යාමට කඩය ආසන්නයට පැමිණි විට ද, අයකු තම සහෝදරයාගේ ගෙදරට ගොස් නැවත ගෙදර පැමිණෙමින් සිටින විට දී ද, තවත් අයකු ඔහු වැඩ කරන ගෙදර අශ්‍යතාවයකට ඖෂධ මිල දී ගැනීමට ගොස් පැමිණෙන විට ද අත් අඩංගුවට ගෙන තිබින.

තවද යම් කිසි ආකාරයකින් පෙළගැස්වීමක් පැවැත්වෙන දිනක ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් සැකකරුවන් නොමැති නම් පාරේ අසු ජජ අහඹු පුද්ගලයින් පෙළගැස්වීම  සඳහා ඉදිරිපත් කර වීම මෙම නිලධාරියා පුරුද්දක් ලෙස කර ගෙන යන ක්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබින.

ඉහත නම සඳහන් සුමිත් පෙරේරා යන නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තුල සැකයක් පවතින අතර, ඔහු වෙත අල්ලස් චෝදනා පවා ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුල ඇති අප්‍රසාදය ඔහුට ඇති බිය නිසා යටපත් වී ඇති බව ඔහු පිළිබඳ ව සොයා බැලීමේ දී මට වැටහින. මේ සියල්ල දැනගෙන නාරාහේන්පිට පොලිසියේ බොහෝ නිලධාරීන් ඔහුගේ වැඩ වලට ඉඩදී හෝ සහය දෙමින් සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය විනාශ වීමට සහාය දෙන බවක් පෙනී යයි.

සත්‍ය වශයෙන් ම නාරාහේන්පිට පොලිසිය යනු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ආයතනයක් ද යන තීරණය ඔබට භාරයි.




(රටක සාමය පවත්වා ගැනීමේත් නීතිය සාමය ආරක්ෂා කර ගැනීමේත් උතුම් වගකීම පැවරී ඇත්තේ ශ්‍රී-ලංකාවේ පොලිසියට වන අතර, ඒ සඳහා ඔවුන් වෙත විශාල බලතල ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර එම බලතල භාවිතා කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සහ සීමා මායිම් ලබා දී තිබෙන්නේ එම බලතල වල ඇති ප්‍රබලත්වය සහ ඒවා අයථා ලෙස භාවිතා කිරීම මගින් සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට ඇතිවිය හැකි බලපෑම් සැකිල්ලට ගැණීමෙනි. මේ බලතල ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් මිස ඒවා භාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කර ඔවුන්ගෙන් මුදල් හා අනෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට වත් නොවේ.

නමුත් අවාසනාවකට නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට නාරාහේන්පිට පොලිසිය ඔවුන් ව ආරක්ෂා කිරීමට පවතින ආයතනයකට වඩා ඔවුන්ගේ ජීවිත ව්‍යාකුල කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීමටත්, සමහර අවස්ථාවල ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමටත් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතී. නාරාහේන්පිට පොලිසිය යනු තවත් එක් මැර කල්ලියක් බවට පත් වන දිනය වැඩි ඈත නොවන බව පෙනෙන්නට තිබේ.

මා මේ පවසන සිදුවීම මොවුන්, ඔවුන් සතු බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඇතැයි මම විශ්වාස කරමි.)

- ප්‍රසාද් වැලිකුඹුර