logo banner

අපේ හැටි

මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි!


සාමාන්‍යයෙන් බොහෝ දෙනා එළිපිට කියන්නට අකමැති කතා ගොඩක් තිබේ. එසේ වන්නට හේතු කීපයක් තිබේ. ආරක්ෂාව නිසා, බැඳීම් නිසා, පුද්ගලත්වය නිසා සහ වෙනත් කරුණු නිසා කෙනෙකුගේ කතාවට ඉබ්බෙකු වැටේ. මෙසේ සිර වූ වචන බොහොමයක් අපි හැමෝගෙම සිත් තුළ තිබේ. එහෙත් ඒවා කවදාවත් එළියට එන්නේ නැත. ඒ අර කී හේතු නිසාය.

අප කරළියට එන්නේ අන්න එකී අඩුව පුරවනු පිණිසය. අප එක්කෙනෙකු නොව, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිසක් වෙමු. ලංකාවේ උපත ලැබීම සහ ජාතියෙන් සිංහල වීම හැර අපේ කිසිදු සමාන කමක් නැත්තේය. මහළු / තරුණ, දකුණ / නුවර / කොළඹ , රාජ්‍ය විශ්ව විද්‍යාල / පුද්ගලික විශ්ව විද්‍යාල / පිටරට අධයාපනය ලබන , ශ්‍රී ලංකා / UNP වැනි බෙදීම් අපට අදාළ නොවන්නේ එබැවිනි. මේ සියලු බෙදීම් අප තුළ දී සේදී විසිරී යයි. වත්මන් සමාජ ක්‍රමය තුළ ඔඩු දුවා ඇති "මගේ පිළ" නම් රෝගය අපට නැත. එබැවින් අපේ ලිපි තුළ පිල් සෙවීමෙන් වළකින ලෙස ඔබට කලින්ම සිහිපත් කරමු.




අප කරන්නේ රිද්දවීමකි. නිකන් නොව, තුවාල කොට ලුණු දමා රිද්දවීමකි. අපේ ඇඟේ තිබෙන බව වත් අපට නොපෙනෙන තුවාළ සිය ගණනකින් අපේ ශරීර දුබල වී ඇත. රටක් ජාතියක් ලෙස අපට නැගිටීමට නොහැක්කේ එබැවිනි. අප කොයිතරම් නම් මේ තුවාළ වලට හුරු වී ඇත්තේ ද යන්න කියතොත් අප තුවාළ කන්දරාවක් මිසක වෙන දෙයක් නොවන බව වත් අපට නොතේරේ. එබැවින් මේ රිද්දවන්නේ ඒ තුවාළ තවමත් හොඳ වී නැති බව සිහි ගන්වනු පිණිසය.

එකතුව:

පසුගිය කාලයේ දකින්නට ලැබුණු යම් යම් ප්‍රවණතා නිසා මෙන්න මේ කරුණු ටික ද එක් කිරීම සුදුසු යයි සිතේ.

* අපි ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිමු; එහෙත් සියලු අන්තවාදී ජාතික/ආගමික සංවිධාන වලට එරෙහි වෙමු.
* අපි සියල්ලට ඉහළින් පවතින මානව අයිතිය පිළිගනිමු.
* ඒ සමගම බැඳෙන මානව සමාජයීය වගකීම් වෙනුවෙන් පෙනී සිටිමු.
* බ්ලොග් අඩවි වල සහ රචකයන්ගේ නිර්නාමිකත්වය වෙනුවෙන් පෙනී සිටිමු.
* එහෙත් නිර්නාමිකත්වය පසුපස සැඟවී කරන බලුවැඩ වලට, අනුකම්පා විරහිතව සහ නිර්දයව එළව එළවා පහර  දෙමු. 


~තහනම් සංසදයේ අපි~

1 comment:

  1. ඔබේ බ්ලොගයේ සාර්ථක ලිපි බොහොමයක් තිබෙනු දුටුවා. දිගටම ලියන්න.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.