tag:blogger.com,1999:blog-18694313213543722662024-03-19T14:05:25.189+05:30තහනම් වචනසිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම
Cyber exodus of censored utterances Unknownnoreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-1869431321354372266.post-7329820700948111752015-04-11T09:57:00.001+05:302015-04-11T09:57:59.017+05:30එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න | Come, let us modernize your posterior

එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!

ඡායාරූපය උපුටාගත්තේ "ගොඩේ බයියා" ලියු සටහනකිනි...

ඔක්කාරය දනවන තරමේ අප්‍රසන්න මාතෘකාවක් වුවද, පසන් කොඩිකාරගේ මරණය සහ ඉන් පසුව සිදු වූ යම් යම් කාරණා පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුව තිබේ.. එසේ වන්නේ පසන් කොඩිකාරවත්, ඔහුගේ නික්මයාමෙන් අනතුරුව තමන් පොරවල් යැයි සිතාගන්නා උදවියවත් ළඟ ඇති අමුතු බක්කක් නිසාවත් නොවේ.. මේ විප්‍රකාර බලං ඉන්නා පොඩි එව්වෝ "මේ මොකක්දැයි" අපෙන් අසන බැවිනි.. මෙතෙක් කල් ඒ නොකර සිටියේ බීගත්තු මිනිහෙක් කාගේවත් පස්සක් සහ තනයක් මිරිකීම අපට ස්ටේටස් දැමීමට හේතුවක් විය යුතු නැති බැවිනි.. එහෙත් ඒ පුද්ගලයා විසින් කරන ලදැයි කියන පස්ස (සහ තනය) මිරිකීම, දැන් ජාතික දේශපාලනයේ "නවමු හැරවුම් ලක්ෂ්‍යයක්" වෙතැයි සම "හරක්" ත්‍රීවිල් මතවාදීන් විසින් සලකනු ලබන බව පෙනේ... මේ ටික ලියන්නේ ඒ නිසා ය..

මුලින්ම පසන් කොඩිකාර ගැන යමක් කිවයුතුය.. පසන් කොඩිකාර නම් මිනිසාව මා කිසිදිනෙක පුද්ගලිකව ආශ්‍රය කර නොමැති බැවින් ඔහුගේ මානුෂික මුහුණුවර කෙසේදැයි මම නොදනිමි.. එහෙත් පරිවර්තකයකු වශයෙන් පසන්ගේ පරිවර්තන නම් බඩ දඟලවන සුළු, ඔක්කාරය දනවන සුළු මට්ටමේ ඉතාම දුර්වල ඒවා බව නොකියාම බැරි ය.. "Anti-Christ" යන්න "ප්‍රතිවාදී කිතුනුවා" ලෙස පරිවර්තනය කරන පුද්ගලයකු ගැන මීට වඩා ලිවීම නිරර්ථකය.. පසන්ගේ පරිවර්තන ගැන "Feeding the Monkey" බ්ලොග ලියන අපේ මිත්‍ර චමිලයා මට වඩා හොඳට ලියා ඇත.. කීප විටක්ම පසන්ට පුද්ගලිකව සහ වෙනත් සංවාද මණ්ඩපවලදී "මොනවද යකෝ මේ ලියන අණ්ඩර දෙමළ" කියා අසා ඇති අතර, ඒවාට ප්‍රතිචාර නම් නොලැබුණු තරම් ය..

කෙසේ වෙතත් පසන් නික්මගොස් ඇත.. පරිවර්තකයකු ලෙස කෙසේ වෙතත් ලේඛකයකු ලෙස ඔහුගේ ශක්‍යතාව පිළිබඳ හොඳ මතකයක් අප සතුව ඇති බැවින්, ඔහුට නිවන් සුව පැතීමේ වරදක් ඇතැයි මම නොදකිමි.. පසන් නිර්වාණය විශ්වාස කළා ද නැද්ද යන්න මීට අදාළ නොවේ..

පසන්ගේ මරණයෙන් අනතුරුව (සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන්) යහළු මිත්‍රයන් කීප දෙනෙකු එක්ව දුක නිවාගැනීමට බාර් එකකට යාමෙනි, කතාව ආරම්භ වන්නේ.. ඒ අතර පිරිමින් මෙන්ම ගැහැණුන් ද වූ අතර, එය මහා අමුත්තක් විය යුතු නැත්තේ බීම හුදෙක් පුරුෂමූල අයිතියක් විය යුතු නැති බැවිනි.. (ඒ කෙසේ වෙතත් ලංකාවේ බාර්වල ගැහැණුන්ට මත්බීම විකිණීම තහනම් ය..) සාමාන්‍යයෙන් පදමට දෙකක් දමාගත්තාම කොයි කවුරුත් පිස්සු කෙළින බැවින් බොනපාට් එක අතර සිදු වූ දෑ වත්, හුවමාරු වූ දෑ වත් අපට අදාළ නැත.. (වැඩි විස්තර සර්පයා සිය බ්ලොගෙහි ලියා ඇත..) කොහොමත් මා එතන නොසිටි බැවින් මට නම් ඒ කතාව අදාළ ම නැත.. කෙසේ හෝ වේවා, මීවිතෙන් පටන්ගත් කතාව අවසාන වී ඇත්තේ වංගීස සුමනසේකර විසින් එහි සිටි එක්තරා කාන්තාවකගේ පස්ස මිරිකීමෙනි.. (කාන්තාවගේ නම නොලියන්නේ සහේතුකව ය..) මේ අසංවර සහ අසංස්කෘතික හැසිරීම වංගීසගෙන් මීට පෙරද ප්‍රදර්ශනය වී තිබුණු බව රහසක් නොවන අතර, ඒ අවස්ථාවන්හි කළාක් මෙන්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි නොනවත්වා කෙරෙන සමාව ඉල්ලීම් ද පසුගිය දින කීපයේ ෆේස්බුක් හරහා දක්නට ලැබිණි..

දැන් මේ සිද්ධිය අරබයා ප්‍රශ්න කීපයක් විසඳාගත යුතුව තිබේ.. එකක් නම්, බාර් එකකදී දක්වන අසංවර හැසිරීම යම් පුද්ගලයකුගේ "ඇකඩමික්" භාවය කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන්නයි.. මානව දුර්වලකම් පසෙක තැබුවහොත් වංගීස යනු සිය දැනුම් ක්ෂේත්රයේ ප්‍රාමාණික උගතෙකි.. විධිමත් අධ්‍යාපනයක ඵල ලැබුවෙකි.. වංගීස කැමති වුවත් අකැමැති වුවත් මිනිස්සු ඔහු අයත් වන "කැලෑසියෙන්", "ඇකඩමියාව" නම් මෙන්න මේ වගේ එකකැයි සිතේ දෙයක් මවා දනිති.. එසේ තමා හරහා යම් පන්තියක අනන්‍යතාව නිරූපණය වීමට වංගීස අකමැති වූවාට බලා සිටින අපට කරන්නට දෙයක් නැත.. මන්දයත් වංගීස යනු මෙන්න මේ වගේ දෙයකැයි තීරණය වීමට ඔහු අයත් වන මේ "ඇකඩමික්" කුලය ටිකක් නොව ගොඩාරියක් බලපාන බැවිනි..

ඇකඩමික් vs නන්-ඇකඩමික් විරෝධය මේ සරල සිද්ධියට සීමා වූවක් නොවේ.. "උඹට තියෙන්නේ මොනවාදැයි" චාපා විසින් බාර් එකේදී සර්පයාගෙන් විමසීමත්, "ලංකාවේ උන් දන්නේ මොනවාදැයි" නලින් ද සිල්වා විසින් ධර්මවර්ධනට පැවසීමත් අතර වෙනසක් මට නම් නැත.. වෙනසක් වේ නම් ඒ පළමුවැන්න බාර් එකකදී සිදුවීමත් දෙවැන්න ජාතික තලයේ පුවත්පතක සිදුවීමත් නිසා පමණි.. දැන් සිදුවී ඇත්තේ මෙතෙක් කල් ඇකඩමියාවට ගහන්නට පොටක් සොයමින් සිටි නන්-ඇකඩමික්ලාට, වංගීසගේ පිටේ තබා ඇකඩමියාව මස් කරන්නට පොටක් පෑදී තිබීමයි.. මෙය තනිකරම ඇරියස් පිරිමහීමකැයි නොබියව කිවයුත්තේ එහෙයිනි.. (වංගීස කර ඇත්තේ වරදක් නොවේයැයි හෝ, ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් සමාව නොගත යුතුයැයි මින් අදහස් නොවේ..)

ඇකඩමික් ප්රශ්නය එසේ තිබියදීම, විසඳාගත යුතු වෙනත් මහා බරපතළ ගැටළුවක් ද ඇත.. එනම්, මෙතෙක් කල් "සංස්කෘතිය" සහ "සදාචාරය" යන වචන දුටුමතින් සමේ පලු නගින්නාක් මෙන් බෙරිහන් දුන් කීප දෙනෙකුට මේ හදිස්සියේ සදාචාරය සහ සංස්කෘතිය මතක් වී ඇත්තේ මන්ද කියා ය.. අප දන්නා සංස්කෘතියට අනුව නම් පස්සවල් මිරිකීම ඉතාම පෞද්ගලික ක්‍රියාවකි.. එය සිදුවිය යුත්තේ ඒ සඳහා වූ සාමාජීය ලයිසන් එකක් සහිතව ය.. සාමාන්‍ය බාසාවෙන් ඒ ලයිසන් එකට "කසාදය" කියා කියති.. (කසාද බඳින්නේ ඒකට පමණකැයි මින් අදහස් නොවේ..) එහෙත් කසාදය වැනි ඉතාම ප්‍රාථමික සංකල්පවලින් මිදී වඩා ඉහළ තලයක චින්තනයක් ඇතැයි කියන නෝනාවරු මහත්වරු අපට කියන්නේ කසාදය වනාහි පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රිය යටපත් කිරීමට යොදාගන්නා මෙවලමක් යැයි කියා ය.. මේ නෝනාවරු මහත්වරුන්ගේ චින්තනයට අනුව පස්සවල් මිරිකීම සහ වෙනත් එවැනි චර්යා රටාවන් දැක්වීමට අප සමාජයෙන් හෝ කාගෙන්වත් ලයිසන් ගත යුතු නැත.. කසාදය වැනි සම්මතයන් වනාහි සමාජය පසුගාමීත්වය වෙත ඇදගෙන යනු ලබන දෑ යැයි පවසන්නේ අප නොව මේ උත්තරීතර චින්තකයන්ම ය.. එසේනම් දැන් මේ ඊනියා චින්තකයන් "සම්මතය", "සදාචාරය" සහ "හරි වැරැද්ද" ගැන කතා කරන්නේ කෙසේ ද?

සදාචාරය කියා නිරපේක්ෂ දෙයක් නැතැයි ද, හොඳ-නරක යනු අදාළ සමාජය මත තීරණය වන සාපේක්ෂ සංකල්ප යැයි ද මෙතෙක් කල් කියූ බහුතරයක් මේ සිද්ධියේදී දක්වන ප්‍රතිචාර ගැන මට මහත් පුදුමයක් පවතී.. මෙය පැහැදිලි කරගැනීමට අපි පොඩි මනෝ-පරීක්ෂණයක් කරමු.. අප්‍රිකාවේ කොහේ හෝ නොදන්නා කොණක, පිරිමින් විසින් හිතුමතේට ගැහැණුන්ගේ පස්සවල් මිරිකීම "හොඳ" යැයි අර්ථ දැක්වෙනවා යැයි සිතමු.. දැන් එවැනි තැනක මේ සිද්ධිය සිද්ධ වීමත්, ලංකාවේ ඊ.ඒ.පී. එකේදී මේ සිද්ධිය සිද්ධ වීමත් අතර වෙනස පහදන්නේ කෙසේ ද? සදාචාරය සාපේක්ෂ නම්, ඒ සදාචාර සම්මතය වලංගු වන සීමාව හුදෙක්ම ඒක පුද්ගල නිදහස මතම තීරණය වනවාත් නම්, එදා ඊ.ඒ.පී. සිද්ධිය ගැන කාටවත් කලබල වෙන්නට දෙයක් නැත.. ඇයි, සදාචාරය කියා එකක් නිරපේක්ෂව නෑ නොවැ? සදාචාරය සාපේක්ෂ නම්, ඊ.ඒ.පී. එකේ මධුවිත බොමින් සිටින පිරිසගේ සදාචාරය ඒ අයට සාපේක්ෂ යැයි අපට කිව හැක.. එසේ නම්, ඊ.ඒ.පී. එකේදී සිදුවූ සිද්ධිය හරි ද, වැරදි ද කියා මිනිය යුත්තේ අපේ මේ සිංහල බෞද්ධ රටේ සදාචාර සම්මතය අනුව නොව, ඊ.ඒ.පී. එකේ බිබී හිටපු එවුන්ගේ සදාචාර සම්මතය අනුව ය..

මේ ඊනියා චින්තකයන්ගේ මහාර්ඝ චින්තනයේ නිරුවත්භාවය හෙළිවන්නේ සැබෑ ලෝකයේ සිදුවන මෙවැනි සිද්ධීන්ගෙනි.. පොත්වල, බ්ලොග්වල, සම්මන්ත්රණවල, ඊනියා කතිකාවල ආදී තැන්වලදී සිංහල බෞද්ධ සදාචාරය පට්ටා ගසන, සිංහල බෞද්ධ යන වචන හපා අඹරා හක්කේ තබා සෙම අරින, මේ රට දියුණු නොවන්නේ මේ ඊනියා සිංහල බෞද්ධ සදාචාරේ නිසා යැයි බෙරිහන් දෙන උදවියට, බෞද්ධ සදාචාරය මතක් වන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක ය.. සිංහල බෞද්ධකම වනාහි ගඳගහන මඩ ගොහොරුවකැයි ද, තමන් එතැනින් උඩට නැගගෙන, පඩිපෙලක් වගේ එකක ඉඳන් පල්ලෙහා බලාගෙන කතා කරනවාය කියා සිතා සිටින කාටවත්, බීගත්තු මිනිහෙක් තමන්ගේ පස්ස මිරිකන්නට එන විට ඔය ඒක පුද්ගල නිදහස ගැන පරසක්වළ ගසමින් කියූ කතාවන් එකක්වත් මතක් වන්නේ නැත.. එතකොට සිදුවන්නේ අර තමන් විසින් නැගගෙන සිටින මානසික පඩිපෙළෙන් පල්ලෙහාට "ඩිගි ඩිගි" ගා ඇදගෙන වැටී, තමන් මෙතෙක් කල් බැනවැදුණු සදාචාර සම්මතය දක්වාම තල්ලු වීමයි..

එබැවින් මෙකී "නූතන" සහ "පශ්චාත් නූතන" චින්තකයන් තමන්ව එසේ හඳුන්වා ගැනීම ඉතාම යුක්තියුක්ත බව කිව යුතුය.. මන්ද "නූ තන" යනු "අලුත් තන" ලෙස ද අර්ථ දැක්විය හැකි බැවිනි.. අවැසිනම්, "පශ්චාත්භාගය නූතන" කරගැනීමේ චින්තනයක් ලෙස ද එය අර්ථ දැක්විය හැකි ය.. (අවශ්‍ය නම් අපට ඒ සඳහා මෙන්න මෙහෙම ටැග් ලයින් එකක් ද ලිවිය හැකිය: "ඔබේ පශ්චාත්භාගය පැරැණි වැඩි ද? දුක්වෙන්න එපා, පශ්චාත්භාගය නූතන කරගැනීම සඳහා නොමිලේ පන්ති, ඊ.ඒ.පී. හිදී") ඒ කෙසේ හෝ වේවා, අප විසින් සම්මත යැයි සලකන සදාචාරයේ බංකොළොත්භාවය ගැන කතාකරන "නූ තන" සහ "පශ්චාත්" භාග මත පදනම් වූ චින්තකයන්ගෙන් ඒ වෙනුවට ඉදිරිපත් වන විකල්පය වනාහි, කල්පනා ඇම්බ්‍රෝස් විසින් නිවැරදිවම කියා ඇති පරිදි "යහළුවාට වඩා සෙරෙප්පුව විශ්වාස කරන්නට සිදුවන" මට්ටමේ විකල්පයක් නම්, අපට අපේ දන්න යකා හොඳා කියනු ඇරෙන්නට වෙන කිවයුතු දෙයක් නැත..

එන්න, ඔබේ පශ්චාත්භාගය නූතන කරගන්න!

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com6tag:blogger.com,1999:blog-1869431321354372266.post-73268044695346895452014-11-23T02:09:00.000+05:302014-11-23T02:12:35.339+05:30ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)

පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)

සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.

මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.

(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)

2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.

3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.

(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)

3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.

ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.

(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)

4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.

5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.

( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )

සටන සම්පූර්ණ සංවාදය

2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..

Part 1

Part 2

Part 3

Part 4

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com4tag:blogger.com,1999:blog-1869431321354372266.post-82706229618353836412014-11-18T23:21:00.000+05:302014-11-18T23:21:15.126+05:30අරලිය මඩුවේ සාදය | Party at Temple Trees[නිර්මාණ අයිතිය රුවන් නෙළු]

(උදේ 10.00)

සිහල ලියා බොදුනු ලියා
මාව දමා යන්න ගියා
රතන ලියා .... පාටලියා ....
රතන ලියා .... පාටලියා ....

රට සීතල ගඩ්ඩ කොබා
හැම රෙද්දෙ ම ඔළුව ඔබා
නිමවෙයි ගොඩ දැමුම මෙමා
පාටලියා
මාව දමා යන්න ගියා

රට එක් කළ මමය රජු
අද රජ නෙතු කඳුළු බිඳු
ආධාරෙන් උඹත් හැදූ
රතන ලියා
මාව දමා යන්න ගියා

නානසාර ළාඟ හින්දා
ඉවසමි මම දුක නින්දා
උපන් දිනේ මා අන්දා
පාටලියා
මාව දමා යන්න ගියා ....

(රාත්‍රී 10.00)

උඹ අතුරලියේ, මන්ද මෙසේ

මී රැළ සේ යන්නෙ ඇදී

මෑත සයුරෙහී ගිලෙනා

නැවද මම සුදූ ...

උඹලා කත් ඇදලද මම දිනුවේ

විමලා මර්වින් නමටද හිටියේ //

මගෙ පවුල් සමාගම තියෙන තුරා

ඔය මොකා ගියත් නොසැලෙමී මෙමා

උඹ අතුරලියේ .....

අද මෙන් හෙට මහරජ වී හිඳිමි

අඟුරෙන් පාටලියට රිටන් දෙමී //

බොදු බලු සේනාවෙන් ගොඩට යමී

පනිනා මීයන් දැක සිනාසෙමීAnonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com6tag:blogger.com,1999:blog-1869431321354372266.post-54789308613531322232014-11-16T23:22:00.001+05:302014-11-18T23:05:44.675+05:30ෂර්ලොක් හෝම්ස් සහ ගොක්කොල සිරි | Sherlock Holmes and Gokkola Siri

කතාව නිර්මාණය දිමුත් මධුශංක නොව රාජ්ගෙ නවාතැන ලියන රාජ් ලෙස නිවැරදි විය යුතුය.

උපුටා ගැනීම සිංහලෙන් Tricks & Tipsෆේස්බුක් පිටුවෙන්  නොව රාජ්ගෙ නවාතැනේ මෙතැනින්...

"සුභ උදෑසනක් මිත්‍රයා"

"හෝම්ස්, පැමිණියේ මා බව ඔබ දැනගත්තෙ කොහොමද?"

"ඔබ පැමිණියේ පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන් නේද?"

"ඔව්, ඒත්......"

"මේකයි, ස්ටේෂන් එකේ තියන අශ්ව කරත්ත වලින් පීටර්සන්ගෙ අශ්වයගෙ සීනුව ටිකක් වෙනස්, ඒක හඳුනගන්න පුළුවන් ලේසියෙන්ම, නෝර්විච් පැත්තෙ ඉඳල එන කෝච්චියෙන් බහින කෙනෙකුට ඉස්සෙල්ලම මුණගැහෙන්නෙත් පීටර්සන්..... ඔන්න නෝර්විච් පැත්තෙ ඉඳල කෝච්චියෙ ආපු කෙනෙක්, පීටර්සන්ගෙ අශ්ව කරත්තයෙන්, පෙර දැනුම්දීමකින් තොරව මාව මුණගැහෙන්න හිතාගෙන උදෙන්ම තරප්පු පෙළ නඟිනව, සපත්තුවෙ ශබ්දය අනුව නං මහත්මයෙක්, රහස් පරීක්ෂණ වැඩ වලින් විශ්‍රාම ගිය නිසා අමුත්තෙක් වෙන්නත් බෑ, වොට්සන්-මගේ මිත්‍රය- කාලෙකින් මං මුනගැහෙන්න ආවෙත් නෑ, ඉතිං මට තියන විකල්පය නිවැරදි වෙන්න සෑහෙන්න ඉඩ තියනව"

"හහ් හහ් හහ්.... පරීක්ෂණවලින් විශ්‍රාම ගත්තට හෝම්ස්ගෙ හැකියාව නං එහෙමමයි"

"වොට්සන්, අපි කෑම කන ගමන් කතා කරමු! හඩ්සන් නෝන කෑම ලැහැස්ති කරල ඇති"

"හෝම්ස් ඔබේ අන්තිම පරීක්ෂණය ලියන්න අවසර දෙන්නෙ කවද්ද?"

"වොට්සන් කැමති නම් ලියන්න, ඒත් ඒ ගැන මොනව ලියන්නද? .........කමක් නෑ වොට්සන්ගෙ කැමැත්තක්!"

ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට ඇත.

අප ගුවන් මඟින් ලංකාවට පැමිණ කොළඹ හෝටලයක නවාතැන් ගතිමු. හෝම්ස් හා මා සතියක පමණ කාලයක් සංචාරය කල අතර පුවත්පත් වල තිබූ සොරකම් ඝාතන ආදිය ගැන හෝම්ස්ගේ උනන්දුව පෙර පරිදිම විය. මේ අතර ලංකාවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආරාධනා කිහිපයකට සහභාගී වීමටද අපට අවස්ථාව ලැබිනි.

"වොට්සන්, මෙහේ අපරාධ එච්චර සංකීර්ණ නෑ, නමුත් අපරාධකරුවන්ගේ ජාලය හරිම සංකීර්ණයි, විසඳීම අපහසුයි"

"ඒ කියන්නෙ හෝම්ස්?...."

"වොට්සන්ට මතක ඇතිනේ මොරියාටි, මොරියාටි නීතියෙන් කොටුකරගන්න අවුරුදු ගානක් ගියා. ඔහුගේ සිවිල් බලයත්, ඔහු වටා සිටි අපරාධකරුවන් අධික සංඛ්‍යාවත් නිසා කෙලින්ම ඔහු හසුකරගැනීම දුෂ්කර උනා. අන්තිමට ඔහු දිය ඇල්ලෙන් තල්ලු කරල දාන්නයි මට සිදුවුනේ"

"සර් ඔබතුමා මුනගැහෙන්න කෙනෙක් ඇවිල්ල ඉන්නව"

හෝටල් සේවකයෙකු අමුත්තෙකු කැඳවාගෙන පැමිණි අතර තවත් අපරාධ පරීක්ෂණයක ලකුණු ඉවෙන් මෙන් මට දැනෙන්නට විය. පැමිණි අමුත්තා අනාරාධිතවම කතා කිරීමට විය.

"හෝම්ස් මහත්තයා ඔබතුමා මේ උදව්ව කරන්නම ඕන.... මෙහේ පොලිසියට කියල වැඩක් නෑ..... උං &%*&*^ ......"

"හරි ඉලන්දාරියා....... මෙහෙන් වාඩි වෙන්න.... කියන්න ඔබේ ප්රශ්නය මුල ඉඳල"

පැමිණ සිටියේ තරුණයෙකි. ඔහුගේ වයස විසි පහක් තිහක් පමණ වෙතැයි සිතිය හැකි විය.

"හෝම්ස් මහත්තයා දවස් දෙකකට ඉස්සෙල්ල මගේ තාත්ත මැරුව.... පොලිසියෙන් මොකුත් කරල නෑ මේ වෙනකල්....."

"බොහොම කණගාටුයි මහත්මයා...... කවුද ඔබේ පියාගේ ඝාතකයා.... කතාව මුල ඉඳල කියන්න"

"මගේ තාත්ත ව්‍යාපාරිකයෙක්. අමාරුවෙන් දියුණු වුන කෙනෙක්. අපේ නගරෙ ඔය තත්වෙට දියුණු උනේ තාත්තගෙ ව්‍යාපාර නිසා.... මෑතක ඉඳල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න කල්ලියක් බිහිවුනා. හැම කෙනෙක්ම කප්පම් දීල තමයි පන බේරගෙන හිටියෙ. තාත්ත ව්‍යාපාර වලින් කප්පම් ගෙව්වෙ නැති නිසයි එයාට මැරෙන්න සිදුවුනේ......................."

"කවුද කප්පම් ගන්නෙ?"

"ගොක්කොල සිරී" (සබැඳිය බලන්න)

එදිනම අප පිටත් වූයේ මිනීමැරුම සිදුවූ ස්ථානයටය. පුදුමයකට මෙන්, ඝාතනය සිදුවීමෙන් ගතවී තිබුනේ දින දෙකක් පමණක් වුවද අපරාධයක් සිදුවූ ස්ථානයක් යැයි කිව නොහැකි තරම් සාමාන්‍ය තත්වයට පත්වී තිබුනි.

"මෙතන විනාශ කරල වොට්සන්, මම හිතන්නෙ නෑ අපිට වැදගත් තොරතුරක් හොයාගන්න පුළුවන් වේවි කියල!" හාත්පස බලමින් හෝම්ස් පැවසීය.

මේ සමඟම හෝම්ස්ගේ ඉල්ලීම පරිදි, ප්‍රදේශය අයත් පොලිස් ස්ථානයෙන් එවන ලද නිලධාරීන් දෙදෙනාද පැමිණියහ.

"සර්, මම සාජන් පෙරේර! මේ පීසී ගුණතිලක! අපේ සර් තමයි එව්වෙ, ඔබතුමාට ඕන උදව්වක් කියන්න....."

"හ්ම්....... පෙරේරා..... ඇයි මෙතන මිනීමැරුමක් වෙලත් ලේ පාරක්වත් නැත්තෙ?" හෝම්ස් විමසීය.

එකෙනෙහිම පිළිතුරු ලැබුනේ ගුණතිලකගෙනි.

"සර්,.... පැය දෙකක් විතර ගියාට පස්සෙ ඔතන හෝදල දැම්ම! ඒකයි....."

"මොනව! හේදුව? ඔහේලට පිස්සුද? අපරාධයක් වෙච්ච ස්ථානයක තියන සාක්ෂි හෝඩුවාවල් ඔක්කොම විනාශ වෙනවනෙ මනුස්සයෝ!" හෝම්ස්ගේ කටහඬෙහි තිබුනේ කෝපයකි.

"ඕක මොකද්ද සර්, ජනාධිපති කෙනෙක් පාර මැද්දෙ මරල දාපු වෙලාවෙත් හෝදන්න කලින් තිබුනෙ පැය බාගයයි සර්!"

"මෙහෙමත් බූරුවො!" මට කියවුනේ මවුබසින් වීම භාග්‍යකි! ස්ථානීය පරීක්ෂාව අත්හැර දැමූ හෝම්ස් අවට ප්‍රදේශය පරීක්ෂා කිරීමට විය.

"ධනවර්ධන මුදලාලි වාහනෙන් බහිනකොටම තමයි බයික් එකේ ආපු, මූන වහගත් දෙන්න වෙඩිතියල තියෙන්නෙ.... නමුත් කවුරුහරි කෙනෙක් ඔත්තුවක් දෙන්න ඇති වොට්සන්!"

"හරි! මේ තියෙන්නෙ තැන.... මෙතන කිහිප දෙනෙක් ඉඳල තියනව.... මේ තියෙන්නෙ එයාල බීපු සිගරට් කොට.....බීපු ප්‍රමාණය අනුව නම් සෑහෙන්න වෙලාවක් ඔත්තුකාරය මෙතන ඉඳල තියනව වොට්සන්...."

එහෙත් ලාංකීය නිලධාරියා බාධා කලේය.

"සර්.... මේ හරියෙ ඉන්න කොල්ලො කුරුට්ටො අන්න අර කඩෙන් ගන්න සිගරට් බොන්නෙ මෙතන.... ඒකයි මෙච්චර සිගරට් කොට තියෙන්නෙ..... නැතුව ඔත්තුකාරයගෙ වැඩක් වෙන්න බෑ.... නේද සර්?"

"ඒක එහෙම නං ඒ පැත්ත ගැන වෙහෙසෙන එකත් වැඩක් නෑ වොට්සන්"

"ඔව් සර්..... ලංකාවෙ හැටි ඔහොම තමයි.... අනෙක ඔතන තාප්පෙ ගහල තියෙන්නෙ දුම්බීම තහණම් කියල..... ඒ තැන්වල තමයි සිගරට් බොන්නෙ....."

"හ්ම්! "

පොලිස් නිලධාරීන් දෙදෙනා පිටත්කල හෝම්ස් මා කැටුව "සිගරට්" කඩයට පැමිණියෙමි.

"අපි බලමු වොට්සන් මෙතනින් හෝඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියල!"

එහෙත් අවසානයේ එයද අසාර්ථක විය. හේතුව කිසිවෙකු ගොක්කොල සිරීට විරුද්ධව කිසිවක් නොපැවසීම බැව් සිතාගැනීම අපහසු නොවීය. අප නැවතත් හෝටලයට පැමිණියෙමු. සවස් කාලයේ යලිත් අමුත්තෙකු පැමිණ ඇති බැව් සේවකයා විසින් දන්වන ලදී.

"වයසක ගෑණු කෙනෙක් සර්.... යන්න කියන්නද?" සේවකයා විමසීය.

"එපා එවන්න,...... බලමු වොට්සන් ඒ ගමන මොකද වෙන්නෙ කියල!"

පර්දාවකින් වසාගත් හිස පහතට නැඹුරු කරගත් ඕ යන්තමින් හිස එසවීය, පුදුමයකි! ඇය රූමත් තරුණියකි.....

"හෝම්ස් මහත්තයා.... කරුණාකර ඔබතුමා කරන පරීක්ෂණය වහාම නවත්වන්න..... රහස් පරීක්ෂණ කරන්න ලංකාව හොඳ රටක් නෙවේ.... අන්තිමට ඔබතුමත් අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.... නැත්තං දෑත් ශක්තිමත් කරන්න යන්නත් පුළුවන්.....මම යනව මෙන්න මගේ කාඩ් එක!"

"මේ මොකද වෙන්නෙ වොට්සන්! එක අතකට ඒ කාන්තාව කියපු කතාව ඇත්ත කියලත් මට හිතෙනව, හැබෑටම බලන්න ඔය කාඩ්පත, ඇයගේ නමවත් බලාගන්න!" මා කාඩ්පත බැලීමි.

"නදීෂා හේමමාලි" යනුවෙන් නමක්ද ලිපිනයක්ද දුරකතන අංකයක්ද එහි විය.

වොට්සන්, මේ ගොක්කොල සිරී කියන පාතාල නායකයට සෑහෙන්න සම්බන්ධකම් ඇති! ඒකයි අපිට අනතුරු ඇඟවීමක් ලැබුනෙ.... දැන් මේ ගැන මගේ උනන්දුව එන්න එන්නම වැඩි වෙනව වොට්සන්. අපි හෙට ආයෙත් යන්න ඕන මරණය සිදුවූ ස්ථානයට"

පසුදින උදෑසන ආහාරය සඳහා පිටත් වීමට මත්තෙන් හෝටල් සේවකයා විසින් කාමරයට ගෙනදුන් පුවත්පත් පෙරලමින් සිටියේ හෝම්ස් සූදානම්වන තෙක්ය. එක්තරා පුවතකට මගේ අවධානය යොමුවිය.

"හෝම්ස් මෙන්න ඔබට වැදගත් ප්‍රවෘත්තියක්! පොලිස් නිලධාරියෙකුගේ ඝාතනයක්! සැකකරුව ගොක්කොල සිරී!" බාගෙට අඳිමින් සිටි හෝම්ස් ක්ෂණිකව පැමිණියේය.

"කියවන්න වොට්සන්....."

පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි!

"වැල්ලවත්ත පොලිසියේ සේවය කල පොලිස් සැරයන් පියතිලක මහතා ඊයේ රාත්‍රී නිවසේ සිටියදී කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත....ඝාතකයා ගොක්කොල සිරී බව සැක කරන...."

"ඇති වොට්සන්.... අපි දැන්ම යමු..... තාම ගෙදර හෝදන්න නැතුව ඇති"

පැය භාගයක් ඇතුලත හෝම්සුත් මමත් පොලිස් නිලධාරියාගේ නිවසට ලඟාවිය. හෝම්ස්ගේ නම, ඒ වනවිටත් පොලිස් ආරක්ෂාව යොදා තිබූ නිවසට ඇතුළු වීමට තරම් බලවත් විය. විශාල වශයෙන් පැමිණ සිටි රූපවාහිනී මාධ්‍යවේදීන්, හඬමින් සිටි පොලිස් නිලධාරියාගේ භාර්යාව සහ දරුවන්ගේ විස්තර ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔවුන් සමඟ කතාබහ කිරීමේ අවකාශය මඟහැරිනි. කෙසේ වෙතත් පැයක පමණ පරීක්ෂණ කටයුතු වලින් පසු හෝම්ස් සෑහීමකට පත්වූ අයුරක් දිස්විය.

"වොට්සන් අපි යමු. සමහර විට උදේ ආහාරය තාම ඇති!"

එන ගමනේදීද කිසිවක් නොපැවසූ හෝම්ස් නිහඬව ආහාර ගත්තේය. කාමරයට පැමිණ සුරුට්ටුවක් දල්වාගත් හෝම්ස් ඉන් අඩක් පමණ අවසන් කර කටහඬ අවධි කලේය.

"වොට්සන්, ගොක්කොල සිරී අල්ලගන්න තරම් සාක්ෂි මට තියනව කියලයි හිතෙන්නෙ....බලමු! ලංකාවෙ පොලීසියට මොකද කරන්න පුළුවන් කියල! හෙට හවස අපි යනව ගොක්කොල සිරි අල්ලන්න!"

එදින සන්ධ්‍යා භාගයේ චිත්‍රපටයක් නැරඹු අප කාමරයට පැමිණෙන විට රාත්‍රී දහය පමණ විය. ඒ සමඟම කාමරයට පැමිණි හෝටල් සේවකයා යම් පාර්සලයක් හෝම්ස් වෙත දිගු කලේය.

"සර්, පොලීසියෙ මහත්තයෙක් ඇවිල්ල මේක හෝම්ස් මහත්තයට දෙන්න කිව්ව" පාර්සලය හෝම්ස්ට දුන් සේවකයා පිටත් විය.

"වොට්සන්, ලංකාවෙ අපරාධ සිද්ධි සම්බන්ධ පුවත්පත් වාර්තා ටිකක් ලබාදෙන්න කියල මම අර පොලිස් අධිකාරී කෝන්ගොඩ වික්රමපාල මහත්තයට කිව්වනෙ.... අන්න ඒ ටික තමයි මේ.... වොට්සන් නිදාගන්න.... මම මේ ටික කියවන්න ඕන...."

"එහෙනං සුභ රාත්‍රියක් හෝම්ස්"

"සුභ රාත්‍රියක් මිත්‍රයා"

පසුදින අවදිවූ මා හෝම්ස්ට කලින් සූදානම් වීමට සිතුවද ඒ වනවිටත් හෝම්ස් කලබලයෙන් මෙන් ලැහැස්ති වෙමින් සිටියේය.

"වොට්සන් ඉක්මන් කරන්න.... පරක්කු වෙන්න වෙලාවක් නෑ.... දැන්ම ගියොත් විතරයි අපිට ගොක්කොල සිරී පන පිටින් අල්ලගන්න පුළුවන් වෙන්නෙ...."

කඩිනමින් සූදානම් වූ මා හෝම්ස් සමඟ ටැක්සියක නැඟගත්තෙමි.

"ඇයි හෝම්ස්? ඔබ කලින් කිව්වෙ හවස යනව කියල නේද?"

"ඔව් වොට්සන්..... නමුත් ඊයෙ රෑ තුන වෙනකල් අර පත්තර වාර්තා කියවපු මට තේරුනා ගොක්කොල සිරි අල්ලගන්නව නං උදේම යායුතුයි කියල.... නැත්තං අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්!..... වොට්සන්ට මතක ඇති අපි වෙනදට මෙහෙම කඩිනමින් යන්නෙ අපරාධ කාරයෙකුගෙන් අහිංසකයෙක් බේරගන්න..... අද යන්නෙ අපරාධ කාරයෙක් ඊට වඩා අපරාධ කාරයෙකුගෙන් බේරගන්න......"

"ඒ කිව්වෙ හෝම්ස්?"

"යමුකො..... ඩ්‍රයිවර් මහත්තා ටිකක් ඉක්මන් කරන්න"

අප ගොක්කොල සිරිගේ නිවසට යන විට එහි සෙනඟ ටික දෙනෙකු රැස්වී සිටියේය.

"වොට්සන් අපි පරක්කු වැඩියි....."

"ඇයි හෝම්ස් මොකද වෙලා තියෙන්නෙ මට මොකුත් තේරෙන්නෙ නෑ"

"ආපහු යමු වොට්සන්..... කෙලින්ම හෝටලයට....එතනින් එංගලන්තයට......!"

හෝටලයට පැමිණ ලැහැස්ති වූ අප ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානයට ගොඩවී අසුන්ගන්නා තෙක් හෝම්ස් සිටියේ නිහඬවය.

"වොට්සන්.... මම තීරණය කලා රහස් පරීක්ෂණ කටයුතු වලින් විශ්‍රාම ගන්න!"

"මොනව.....!" මට කියාගතහැකි වූයේ එපමණය. වසර ගනනාවක් තිස්සේ දිවා රෑ නොබලා හෝම්ස් සමඟ කල පරීක්ෂණ සිතුවම් පටයක් සේ මගේ මනසෙහි ඇඳෙන්නට විය. එහෙත් රහස් පරීක්ෂණ නැවැත්වීමට තරම් කලකිරීමක් ඇතිවීමට තරම් සිත් වේදනාවක් හෝම්ස්ට ඇතිවීම මවිතයට හේතුවිය.

"ලෝකයේ එක පැත්තක මේ වගේ දේවල් සිදුවෙද්දි එංගලන්තෙ ඉඳගෙන රහස් පරීක්ෂණ කටයුතු කරන්නත් මට එපාවුනා වොට්සන්..... එදා ගොක්කොල සිරී අත්අඩංගුවට ගන්න තරම් ප්‍රබල සාක්ෂි මම පොලිස් නිලධාරියාගේ නිවසින් සොයාගත්ත.... නමුත් අර පත්තර වාර්තා වල හැටියට නං මේ වෙද්දි ගොක්කොල සිරී ජීවතුන් අතර නෑ!"

බේකර් වීථියේ නවාතැනට පැමිණි අප ගමන් විඩාව මඟහැරෙන තෙක් නිඳාගතිමු! පසුදින උදෑසනින් අවදි වූ හෝම්ස් ළමයෙකුට පැන්ස දෙකක් දී ලංකාවේ පුවත්පත් කිහිපයක් ගෙන්වාගත්තේය.

"බලන්න වොට්සන්.... මගේ අනුමානය හරියට හරි! බලන්න මේ ප්‍රවෘත්තිය"

"දින දෙකකට පෙර වැල්ලවත්ත පොලිස් නිලධාරී ඝාතනයේ සැකකරු වූ සෙත්සිරිගම සිරිමල් හෙවත් ගොක්කොල සිරී ඊයේ පොලිස් වෙඩි පහරින් මියගියේය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහු ආයුධ කිහිපයක් සඟවා තිබූ ස්ථානයක් පෙන්වීමට ගොස්, එහි තිබූ තුවක්කුවක් රැගෙන පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව සඳහා පොලිසිය තැබූ වෙඩි පහරින් තුවාල ලබා කොලඹ මහ රෝහලේදී මියගියේය. සිද්ධියෙන් කම්පණයට පත් පොලිස් නිලධාරියෙකුද මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර ගොක්කොල සිරී මියයාම හේතුවෙන් ඔහු නිසා පීඩාවට පත්වූ ගම්වැසියන් මාර්ගය පුරා රැස්වී කිරිබත් පිස කමින් ප්‍රීති වන අයුරු දක්නට ලැබීය......."

"වොට්සන් මේ සිදුවීම ලියන්න ඔබට අවසර නෑ!"

"ශ්‍රී ලංකාවෙ සංචාරයෙන් නං හොඳක් උනේ නෑ නේද හෝම්ස්?"

"නැත්තෙත් නෑ.... එදා එද්දි ගෙනාපු කේජී ටිකක් තාම තියනව වොට්සන්!" පයිප්පයට මොනවාදෝ ඇතුළු කරමින් හෝම්ස් කීවේය..Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-1869431321354372266.post-47519731874123142452014-11-07T01:06:00.000+05:302014-11-07T01:06:36.023+05:30මාලක ආලත්තිය | The Malaka Prayerමාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්සරහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු..

"ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා!! "

හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට..Unknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-1869431321354372266.post-33017941922916431652014-11-06T00:35:00.002+05:302014-11-06T00:35:41.741+05:30ෂර්ලොක් හෝම්ස්ට එරෙහිව හිස්.බී. | Mr. Ass Bee vs Sherlock Holmes

(by Chithru de Silva)

මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ගාණක්වත් නැති විය.

'හෝම්ස්...හෝම්ස්? හෝම්ස්!!!'

'කෑවා!! වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො! බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.'

'ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ? අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ!'

'දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ? ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්ය? සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද?'

මා කරකවා අතහැරියාක් මෙන් විය.

'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද? දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.

දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.

'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'

මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි.

99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි.

'මොකක්ද ඒ සද්දේ?'

'මොකක් උනත් අපිට පාන්ද? පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්'

'නෑ ඉතින් නිකං ඇහුවෙ'

'මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'

නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.

'බෙස් ඉ ගෙදර පල'

'නිදහස් අධ්‍යාපනය රැක ගනිවු!'

'හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි.

බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය.

'මොනාද මනුස්සයො කරන්නේ?' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.

'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ? මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.'

'නැගිටපන් යකෝ!!' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ?'

කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු.

එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.

'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ?'

ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.

එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.

'හෝම්ස්!!! අපි යමු'

අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය.

'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.

හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.

'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.Unknownnoreply@blogger.com3tag:blogger.com,1999:blog-1869431321354372266.post-58042688250673169562014-11-05T01:28:00.000+05:302014-11-05T01:30:14.863+05:30ෂර්ලොක් හෝම්ස් සහ අයවැය | Sherlock Holmes and the Budget

(by Charith Randika)

මා හදිසියේම බේකරි වීදියේ වූ හෝම්ස්ගේ නිවහනට ගොඩ වදින විට වේලාව සවස 6ට පමණ විය. මාගේ මිත්‍රයා හාන්සි පුටුවේ ඇල වී දුම් වලාවකින් වැසීගත්වනම බර කල්පනාවක නිමග්නව සිටී.

"හෝම්ස්" මම නිහඬතාවය බින්දෙමි.

"අය වැය බැලුවේ නැද්ද? ටවුන් එකේ රතිඤ්ඤත් පත්තු කරලා තිබ්බේ"

ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි නමුදු පිළිතුර ලෙස ලැබුනේ දුගු දුම්රොටුවක් පමණි. ගැඹුරු පරීක්ෂණ සිදුවීම් විසඳන විට හෝම්ස්ගේ මෙවන් හැසිරීම් ඉසේ කෙස් ගනනට දැක ඇති බැවින් මාගේ මිත්‍රයාගේ පරීක්ෂනය ගැන දැනගනු රිසියෙන් මම කාමරය පුරා සක්මන් කලෙමි. ඔහුගේ පසෙකින් වූ ටීපෝවේ සවුකොලයක් මත වූ දේ දැකීමෙන් මා පුදුමයට මෙන්ම දුකට පත් උනෙමි.

" දෙයියනේ හෝම්ස්, අය වැයෙන් මෙච්චර සහන දෙද්දී තමුසෙට දුම්කොලයක් ගන්න සල්ලි නැද්ද ඕයි? මේ මඤ්ඤොක්කා කොළ වේලලා ගහන්නේ?"

මහ හඬින් සිනාසුනු හෝම්ස්, "අය වැයෙන් සහන හම්බු වෙන්න මම තමුසේ වගේ රජයේ සේවකයෙක් නෙවෙයිනේ වොට්සන්" "අනික බං මේ මඤ්ඤොක්කා කොළ නෙවේ. ත්‍රයිලෝක විජයපත්‍ර" මහ හඬින් සිනාසෙමින් ඔහු යමක් පවසන්නට විය.

"එක්කෝ හිනාවෙලා ඕක කියපං, නැත්තම් කියල හිනාවෙයන්, මගුල" මට ඉබේටම කියවිණි.

"හරි හරි, වොට්සන්ට මතකද මම පහුගිය මාසයක් විතර අතුරුදන් වෙලා හිටියා? "

"මොකෝ මට අමතක. මම හැම ඉරිදම වගේ පොලේ ආපු ගමන් මේ පැත්තේ ආව. හඩ්සන් අක්කගෙන් ඇහුවම කිව්වා දැන් දවස් ගානක ඉඳන් ආගිය අතක් නෑ. මාස ගානකින් ගෙවල් කුලී ගෙවලත් නැතුව මාරු වෙලාද කොහෙද කියල"

" ඇති ඇති, වෙලාවකට බලං ගියාම තමුසෙත් ගෑනියෙක්ට හපන්නේ වොට්සන්. අනුන්ගේ රෙදිමයි අපුල්ලන්නේ. ඒක නෙවේ මම ඒ මාසෙම හිටියේ තණමල්විල පැත්තේ"

"අහ් එහෙමද? එහෙනම් ඒ පැත්තේ ගංජා හේන් ඔක්කොම අල්ලලා දෙන්න ඇති."

"පොඩ්ඩක් හිටාන්කෝ බන් පනින්නේ නැතුව මම සීන් එක කියල ඉවර වෙනකං" එවර හෝම්ස්ගේ ස්වරය තරමක් දැඩි වූ බැවින් මම මුනිවත රැක්කෙමි.

"ඒ පැත්තේ ඉන්නවා පුෂ්පේ මුදලාලි කියල ඩයල් එකක්. මිනිහ තමා මල් ලෝකේ මහා බුංගරාජයා ආවේ රොන් සොයා, සඳුන් උයනේ සේ ඉඳිමූකෝ ගී ගයා. ටන නන ටනං නනන් නනන් නනන්..... " පුටුවෙන් නැගිටගත් හෝම්ස් නටන්නට විය. මගේ මිත්‍රයා හොඳටම ට්‍රැක් අවුට් නමුදු කලින් දුන් වෝනින් එක සිහි කරගත් මම ඕ.ටී කිරීමට නොගියෙමි. මද වෙලාවකින් සන්සුන් වූ හෝම්ස් නැවතත් කතාව පටන් ගත්තේය.

" ඔන්න ඔය පුෂ්පේ මුදලාලි කියන මනුස්සයා තමා එහේ ලොකුම මල් බිස්නස් කාරයා."

" ඒ කිව්වේ කතරගමට නෙලුම් මල් යවනවද?" එවර මට නොපැන සිටීමට නොහැකි විය.

" නෙද්දකින් මීමා. නෙලුම් මල් නෙවේ යකෝ. ත්‍රයිලෝක විජයපත්‍ර, ගංජා ගංජා"

මට විලිලජ්ජාවේ සන්තෝසේ බැරිවිය.

" ඉතින් ඒ මනුස්සයා ලඟකදී ඉඳලා යවන ලෝඩ් ඔක්කොම ගැන ගමේ කවුරුහරි එකෙක් පොලීසියට ඔත්තුව දෙනවලු"

"ඉතිං ? "

" ඒ මනුස්සයා මෙහෙට ඇවිත් වැළපෙන්න ගත්තා කොහොමහරි මේ ඔත්තුව දෙන එකාව අල්ලලා දෙන්නය කියලා. ඉතින් මම පහුගිය මාසේ පුරාවටම මහන්සිවෙලා ඔත්තුව දෙන එකාව පුෂ්පේ මුදලාලිට අල්ලලා දුන්නා. ඊයෙත් මුදලාලි මේ පැත්තේ ආපු වෙලාවේ දීල ගිය අලුත්ම බඩු තමා මේ."

"දෙයියන්පල්ලා හෝම්ස් තමුසේ දැන් හොරුන්ටද සපෝට් කරන්නේ?"

"මේ බලනවා වොට්සන්, අපි මැරීගෙන මංකොල්ලකාරයෝ, අපරාධ කාරයෝ අල්ලනවා. මොකද්ද වෙලා තියෙන සෙතේ? කවුරු හරි ඇමති කෙනෙක්හරි මන්ත්‍රී කෙනෙක් හරි මැදිහත් වෙලා උන්ව එලියට දානවා. නීතියක් නැති රටේ අපි අහවල් කෙන්ගෙඩියක්ද ඕයි රකින්නේ? අනිත් එක දැන් ඔය වැඩේ නිසා මිනිස්සුත් තමන්ට මොන වැරැද්ද සිද්ද උනත් කට පියාගෙන ඉන්නවා මිසක් ඉස්සර වගේ අපිව හොයන් එන්නේ නෑ අපරාධ කාරයෝ අල්ලගන්න. අපිත් ජීවත් වෙන්න එපැයි බන්. උබටනම් ඩිස්පැන්සරියක් හරි තීනවා. මට එහෙමවත් නෑනේ බන්. තේ පොල් රබර් තීනවා කියලද? අඩු තරමේ සමෘධිය වත් නෑනේ බන් මට."

" සමෘධිය නෙවේ දැන් ජන සවිය" මම ඔහුව නිවැරදි කළෙමි"

"මොන මගුල හරි"

මගේ හෑන්ඩ් පෝන් ඒකට වයිපරේගෙන් ඇමතුමක් ලැබුණු බැවින් හොම්ස්ගෙන් සමුගෙන යන්නට නැගී සිටියෙමි.

"වොට්සන් " හෝම්ස්ගේ හඬ බාල වී ඇත.

"ඇයි මචං ?"

"බෑග් එකේ තීන බූන්දි ටික දීල පලයන්කෝ"

"කොහොමද බන් දැනගත්තේ"

ඔහුගේ විමර්ශන හැකියාව ගැන පුදුමයට පත් වෙමින් මම විමසුවෙමි.

"උඹ පොලේ එන හැමදාම පවුලට බූන්දි ටිකක් ගෙනියන බව මට හොයාගන්න බැරිනම් මොකටද බන් මම රහස් පරීක්ෂණ වැඩ කරන්නේ."Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-1869431321354372266.post-89190009821080995132014-10-25T23:25:00.003+05:302014-10-25T23:25:59.596+05:30භික්ෂුව සහ දේශපාලනය | Bhikku Politics

භික්ෂුව දේශපාලනය කිරීම ගැන බොහෝ තැන්වල අප විසින් මතුකරන ලද අදහස් කීපයක් එකට එකතු කර දක්වන්නේ, නැගී එන ජනපතිවරණ ඡන්ද උණුසුම සමග බොහෝ දේ වෙනස් වී ඇති නිසා ය. මෙසේ වෙනස් වී ඇති බොහෝ දේ අතර, ප්‍රධාන තැනක් ගන්නේ භික්ෂු චර්යාව වන අතර, ඒ අනුව භික්ෂු චර්යාවේ ජනයාට කැපී පෙනෙනම ලක්ෂණය වන බණ කියන ශෛලියේ වෙනස් වීම ම හොඳ අධ්‍යයන නිමිත්තකි. එදා සිය නිවුණු ස්වරයෙන් රටක් සැනසූ පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජා සහ ගංගොඩවිල සෝම හිමියන්ගේ තාර්කික විශ්ලේෂණ වෙනුවට, අද සියල්ල පරදවා මතුව ඇත්තේ මහා කුණුහබ්බ සුත්‍ර දේශනාවයි. මෙකී කුණුහබ්බ දේශනාවලින් යුටියුබ් සිංහල සිංහල ගොසිප් පුවත් නාලිකා පිරී ඉතිරී යන බැවින් ඒවා යළි මෙහි පළකිරීමේ සෙතක් නොදකිමු. එහෙත් පසුගිය දෙතුන් වසර තුළ බොහෝ දේ වෙනස්ව ඇති බව නම් සත්‍යයකි. බොහෝ දේ වෙනස් වුණාට කමක් නැත, බුද්ධ ශාසනය විනාශ කරන්නේ නැතිව කරන්නේ නම්. එහෙත් අහන අහන අත, දකින දකින අත අපට පෙනෙන්නේ බුද්ධ ශාසනය, එතුළම වෙසෙන කඳපණුවන් විසින් කා දමන ආකාරයයි.

කතාව පටන්ගන්නට පෙර අපි භික්ෂුව කවුදැයි බලමු. භික්ෂුව යනු කවුද? භ + ඉක්ෂු = එනම්, භය දකින්නේ භික්ෂු නම් වෙයි. දකින්නේ වෙන මොන බයක් වත් නොව සසර බය ය. සසර බය දකින භික්ෂුවට වෙන මොන කෙහෙල්මලක් වත් පෙනෙන්ට විදියක් නැත. එවැන්නකු හට දේශපාලනය ද අරකද මේකද මේ සියල්ල වැඩක් නැති හිස් ප්‍රලාප ය. ලොකුම බය ලෙස එහෙම සසර බිය පේන්නෙ නැත්නම් හෙතෙම චීවරය දැරිය යුතු ද නැත. මන්ද ඔහු භික්ෂු යන්නෙහි වචනාර්ථය පවා නොදන්නා බැවිණි. එසේ සසර බිය දකිමින් සසරින් මිදෙන්නට හදන භික්ෂුව ඇරෙන්නට වෙනත් භික්ෂුන් ඉන්නට විදියක් ද නැත. මන්දයත් භික්ෂු යන වචනයේම අර්ථය වන්නේ සසර බිය දකින පුද්ගලයා යන්න නිසා ය. ඉතිං එවැනි පුද්ගලයකු දේශපාලනය කිරීමට යාම මොන විහිළුවක් ද?

භික්ෂුවට පුද්ගලික ජීවිතයක් නැත. එසේ පුද්ගලික ජීවිත ඇත්තේ ගිහියන්ට ය. භික්ෂුව යනු දහදිය මහන්සියෙන් හරිහම්බ කරගෙන කන මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් උපන්නා වූ දෙයින් යැපෙන්නෙකි. භික්ෂුව යනු තම කය උදෙසාවත් ජීවත් නොවන්නෙකි. භික්ෂුව ආහාර ගන්නේ ද, "මේ ආහාරය මාගේ ශරීර ශෝභාව පිණිස, කය පුෂ්ටිමත් වීම පිණිස නොගනිමි, හුදෙක් කෙළෙස් දුරුකර නිවන් දකිනාතුරා ජීවත් වීමට පමණක් ආහාරය ගනිමි" යයි ප්රත්යවේක්ෂා කොට ය. එවැන්නකු ගිහි ජීවිතයේ අමාරුම ජොබ් එක වන දේශපාලනය කිරීමට උත්සාහ කිරීම කොහෙත්ම හිනා නොයන විහිළුවකි.

දේශපාලනය කිරීම බෝධිසත්ත්ව ලක්ෂණයක් යැයිද සමහරු අර විහිළුවට උඩින් තවත් විහිළුවක් සපයති. ඔවුන්ට මතක නැතුවාට, සිදුහත් බෝසතුන් පෙරකල ක්ෂත්රිය මහාසාර කුලයක ඉපිද, උපතින්ම ලද පුබ්බේ නිවාසානුස්සති ඥාණය හේතුවෙන් පෙර කල රජව ඉපිද මිනිසුන් ගේ අත්පා කපා දඬුවම් කිරීමෙන් කරගත් පාපය ගෙවන්නට සිද්ද වූ හැටි දැක, රජකම කෙරෙහි බියට පත්ව, උපතින් උරුම රජකම එපා කියන්නට බැරිකමට, ගොලුවෙක් බිහිරෙක් සේ රඟපෑ අවස්ථවක් ද ජාතක පාළියේ එයි. රජකම බෝසත් සිරිතක් නම් එසේ කළේ මොන මගුලටද කියා දැන් ඇසිය යුතුය. එසේම, සිදුහත් කුමරුන් පැවිදි වුණේ සත් දවසකින් ලැබෙන්නට නියමිතව තිබුණු සක්විති වත අතහැර බව පූජාවලියේ දැක්වේ. එසේනම් ඔය කියන ලෝකානුකම්පා චර්යාව ඒ විදියට කරන්නට තිබුණා නොවැ.. අපරාදෙ දේ අර දරුවා සහ භාර්යාව අතහැරලා වනගත වුණේ.. අපේ එකෙක් ඒ කාලයේ සිදුහත් කුමරුගේ ඇමතියා වෙලා හිටියා නම් ෂුවර් එකටම කියන්නේ "යන්න එපා දේවයිනි, එක්කෝ සක්විති වත පුරන ගමන් පිළිවෙත් පුරමු, නැත්නම් සිවුරේ ඉඳන් දේශපාලනේ කරමු" කියා වෙන්ටෑ!

දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු ගතවීම පමණක් නොවේ. සිවුරේ ඉඳගෙන ම ජාතිවාදී අදහස් දැරීමද දේශපාලනයක්ම වෙයි. භික්ෂුව යනු ජාති ගෝත්රවාද සියල්ල බිම තැබුවෙකි. භික්ෂුවට ජාතියක් තිබිය හැකිනම් ඒ කවර ජාතියක් ද? ඒකාන්තයෙන්ම ඒ ආර්ය ජාතියම පමණකි. ආර්ය වන්නේ කෙසේද යන්න ගැන අපේ වීරයන්ට පැහැදිලි අදහසක් නැත. වෙලාවකට සියලු උපසම්පදා භික්ෂුන් යයි කියති. වෙලාවකට සෝවාන් වත් වෙලා තිබිය යුතුයැයි කියති. අවස්ථාවේ හැටියට කෙළින පචය වෙනස් වෙයි. කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට ඉතාම සරල පිළිතුරක් අංගුලිමාල සුත්‍රයෙන් ලැබෙයි. අඟුල්මල් හිමියෝ අර ගැබ්බර කාන්තාවට සෙත් පතන්නේ, "නැගණියනි, මා යම් දිනෙක ආර්ය ජාතියේ උපන්නාද, එදා සිට..." යනුවෙනි. ආර්ය ජාතියේ උපන්නා යනුවෙන් උන් වහන්සේ අදහස් කරන්නේ මාර්ග ඵල ලැබීම නොවන බව තේරුම් ගන්නට රොකට් සයන්ස් අවශ්‍ය නැත. මේ කියන්නේ යම් දිනෙක තමා බුදුසව්වෙකු වුණා නම් එදා සිට යන අර්ථයෙනි. වැඩිපුර විස්තර පහාරාද සුත්‍රයෙන් දැක්වේ. එහිදී බුදුහිමියෝ පැහැදිලිව මෙසේ කියති. "ගංගා යමුනා අචිරවතී සරභූ යන මේ කවර ගඟේ ජලය මුහුදට ආවත්, එතැන් පටන් එයට කියන්නේ එකම මහා සමුද්‍රය කියා ය. එසේම, සතර වර්ණයන්ගෙන් කවර වර්ණයෙන් පැවිදි වුණත්, පැවිද්දෙන් පසු ඔවුන් හඳුන්වන්නේ එකම ශ්‍රමණ සක්‍යපුත්‍රීය යන නාමයෙන්" කියා ය. වාසි හැටියට බොරු දෙසාබාන හුජ්ජාතිකවාදීන්ට පහාරාද සුත්‍රය පෙන්නන්න බැරි මෙන්න මේ ටික නිසා ය.

පැහැදිලි මදි ද? කරුණාකර අම්බට්ඨ සුත්‍රය ගන්න. එහි පැහැදිලිව මෙසේ කියවේ. "යමෙක් ජාතිගොත්‍ර වලින් ගටා කතා කරනවාද එවැනි කතාවල් ඇතිවන්නේ මගුල් තුලා වලදී. එහෙම ඉන්න ඒ පුද්ගලයා සසරට බැඳිලයි ඉන්නේ, ඔහු අනුත්තර විජ්ජා චරණ සම්පත්තියේ නම් නෙමෙයි ඉන්නේ". මේ මගේ වචන නොවේ, මේ තථාගත සම්මා සම්බුද්ධ වචනය ය. ඒ අනුව, තාමත් භික්ෂුවට ජාතිගොත්‍ර තිබෙන්නට පුළුවන් කියන උදවියගෙන් "මොන මගුලක්ද" කියා ඇසීමේ කිසිදු වරදක් නැත. මන්ද ජාති ගෝත්‍ර විමසන්නේ මගුලට මිස නිවනට නොවන නිසා ය.

සමහරු තවත් පියවරක් ඉදිරියට ගොස්, බුදුරජාණන්වහන්සේ ද ජාති ගෝත්රවාද අනුමත කළ කතාවක් කියති. ඔවුන්ගේ ජනප්‍රියම උදාහරණය වන්නේ අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවයි. බුදුන් වහන්සේ අග්ගඥ්ඥ සුත්‍රය දේශනා කළේ චතුර්වර්ණ අතරින් බ්‍රාහ්මණ වර්ණයම උතුම් වන්නේය කියා සිතා සිටි පුද්ගලයකු හට, එය එසේ නොවේය, ඉතිහාසය ඇසුරින් ගතහොත් වඩා උත්තම වන්නේ ක්ෂත්රිය වංශය බව පෙන්වීමට ය. මිසක් බුදුන් වහන්සේ සිය ගෝත්‍රය ගැන පාරම්බෑමක් එතැන නැත. තමා හැදු පිය මහරජුට ද බුදුන් වහන්සේ මුහුණටම කිව්වේ, "මහරජ, ඔබේ වංශය ක්ෂත්රිය වංශයයි, තථාගතයන්ගේ වංශය බුද්ධ වංශයයි, මා පිළිපදින්නේ බුද්ධ වංශයේ සිරිතයි" කියා ය. එහෙම කියූ බුදුන් වහන්සේ ආයෙම වෙන තැනක "මගේ ගොත්තරේ තමා උතුම්" කියන්නේ නැත.

ගොත්‍රවාදීන්ගේ තවත් ජනප්‍රිය උදාහරණයක් වන්නේ විඩුඩභ කුමරුන් ශාක්‍යයන් වනසන්නට යද්දී, ශාක්‍ය දේශසීමාවේ දී බුදුන් වහන්සේ කළ ප්‍රකාශයයි. ශාක්‍යයන් නසනු පිණිස සිය සේනාව සමග ශාක්‍ය දේශ සීමාවට ආ විඩුඩභ කෝසල කුමරු, බුදුන් වහන්සේ කාෂ්ඨක අව්වේ සිටිනු දැක, "වහන්ස, මෙතරම් සෙවණ ඇති ගසක් තිබියදී ඔබ වහන්සේ මේ අවුවේ ඉන්නේ මන්දැයි" විමසු බවත්, "කිඹුල්වතින් හමා එන සුළඟ ඉතාම සුවදායක ය" යනුවෙන් බුදුන් වහන්සේ ඊට උත්තර දුන් බවත්, විඩුඩභ කුමරු ඒ අසා ආපසු හැරී ගිය බවත් සඳහන් වේ. මෙතනදී බුදුන් වහන්සේ අර ප්‍රකාශය කළේ, විඩුඩභ කුමරුන් මහා පාපයක් කරගන්නවා වැළක්වීමට මිසක සිය ඥාතීන් හෝ ශාක්‍ය ගෝත්‍රය කෙරෙහි හෝ වූ අමුතු කරුණාවකින් නොවේ. එයද අර කිසාගෝතමියට අබ සොයන්නට කීවා සේම, චුල්ල පන්ථක තෙරුන්ට අවුවේ සිටගෙන රෙදිකඩක් පිරිමදින්නට කීවා සේම, අංගුලිමාලට "මම නැවතී සිටිමි, ඔබත් නවතින්න" කීවා සේම සම්‍යක් ප්‍රයෝගයකි. මිසක් වෙන ගෝත්‍රවාදයක් ඔතන නැත.

ඒ කාලයේ ශික්ෂා පද මේ කාලයට ගැළපෙන්නේ නැතැයිද, ඒවා වෙනස් කරගැනීමට අවශ්‍ය නම් අවකාශ ඇතැයිද සමහරුන්ගේ තර්කය වෙයි. කාලයට අවැසි පරිදි වෙනස්කර ගන්නට බුදුහිමියන් පිරිනිවන් මංචකයේ දී අවසර දුන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපද වලට ය. ඒ කියන්නේ කුඩා අනුකුඩා සිකපද ය. එහෙත් ඒ කුඩා අනුකුඩා සිකපද කවරේද යන්න අසාගැනීමට ආනන්ද හාමුදුරුවන්ට හැකියාවක් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආනන්ද හිමියනට බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එල්ල වූ චෝදනා පහෙන් එකකි, ඛුද්දානුඛුද්දක සිකපද අසා නොගැනීම. එබැවින් බුදුන් ධරමාන කාලයේ වෙනස් කළ සිකපද මිසක, බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නම් ථෙරවාද සම්ප්රදායය තුළ එදා මෙදාතුර කවමදාකවත් සිකපද වෙනස් කරගැනීමක් සිදුවී නැත. එසේ කළ හැකියැයි යමෙක් කියන්නේ නම් එය ගල් පැලෙන පට්ටපල් කෙබරයකි.

භික්ෂුව සිංහලකම පෝෂණය කිරීම වරදක් යයි අප කිසිදාක කියන්නේ නැත. ලංකාවේ බුදුසසුන රැකෙන්නේ සිංහලකම තිබෙන තුරු ය. එබැවින් ශාසනයේ ආරක්ෂාව ගැන සිතා, ගිහි දායකයන්ට අවවාද අනුශාසනා කිරීමේ වරදක් නැත. එහෙත් එය කුල දූෂණය දක්වා යන තැනට නොආව යුතුය. කියන එක වචනයක් හෝ වෙයි නම් එය හුදෙක් බුදුසසුන වෙනුවෙන්ම කියන්නට හැකිනම් පමණක් එසේ කිව්වාට කමක් නැත. බැරිනම් කටවසාගෙන සිටීම වඩාත් උචිත ය. මන්දයත් අග්ගික්ඛන්දොපම සුත්‍රයට අනුව, එසේ නොවන මහණුන් හට ගිලින්නට වෙන්නේ ලොහොගුලි බැවිණි.Unknownnoreply@blogger.com2tag:blogger.com,1999:blog-1869431321354372266.post-9511379756190904712014-10-24T22:35:00.000+05:302014-10-24T22:35:05.580+05:30රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass

හිතාදර රනිල් මාමේ,

උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..

දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්ත්රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..

එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..

නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..

මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..

Unknownnoreply@blogger.com10tag:blogger.com,1999:blog-1869431321354372266.post-59620330249141836292014-10-23T00:34:00.000+05:302014-10-23T00:34:25.825+05:30මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't?

"මහින්දට බෑ...!"

කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..

ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..

දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,

"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

Unknownnoreply@blogger.com11tag:blogger.com,1999:blog-1869431321354372266.post-46288648187868301182014-08-16T17:42:00.000+05:302014-08-16T17:42:15.278+05:30නලින් මාමා සහ බෑණාවරු | Uncle Nalin and his Nephews(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)

නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.

අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.

"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.

"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.

සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.

මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.

මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.Unknownnoreply@blogger.com4tag:blogger.com,1999:blog-1869431321354372266.post-57830403165042614582014-08-12T00:39:00.000+05:302014-08-12T00:39:03.460+05:30පිංබර ඇසළ පොහොයක්! (පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ අපේ වත්පොත් පිටුවේ පළකරන ලද ලිපියකි. පළකරන්නට සිටියේ පොහෝදින ය. ප්‍රමාදය පිළිබඳ අපේ කණගාටුව.)

"දේවයන් වහන්ස, දරුවගෙ පලාපල ගැන කියල ඔබ වහන්සේට මා දුන් අවවාදය ගැන ඔබ වහන්සේ තැකීමක් කරල නැහැ වගෙයි.. "

"ඒ කිව්වේ ගුරුතුමනි?"

"මේක එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි. වාසනාව අවාසනාව දෙකම දෝතින් අරං උපන් මහා ගුප්ත කේන්දරයක්.. මම කිව්වා වගේම දරුවා ඉපදීලා දවස් හතෙන් මෑණියෝ අභාවප්‍රාප්ත වුණේ නැද්ද? සුළුවෙන් හිතන්න එපා! මේක සක්විති රාජයෝග සහිත කේන්දරයක්..! මේ දරුවා හරියට හැදුවොත් මුළු ලෝකයම අපේ ජාතිය යටතට පත්වෙනවා..! නරකට හැදුවොත් මේ දරුවා මැරෙන්නේ අන්ත අසරණයෙක් වගේ..! ඔබතුමා මේ යන විදියට ගියොත් වෙන දේත් කියන්නම්..! මේ දරුවා කසාදෙත් කඩාගෙන පිස්සෙක් වගේ එක එක අන්‍යාගමික කල්ලි වලට අහුවෙලා නන්නත්තාරේ ගිහිං අන්තිමට ඔබේ ඇස්පනාපිටම මේ නගරේ මේ මැදුරට යන පාරෙම හිඟා කනවා..! මතක තියාගන්න දේවයිනි මම කියපු දෙයක් වැරදිලා නැහැ!"

"සොයුරිය මොකද්ද මේ වැඩේ තේරුම? ඇයි මේ මනුස්සයට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම තේරෙන්නෙ නැත්තේ? අපේ රට ජාතිය තීරණාත්මක බල අරගලයක මැද්දේ ඉඳිද්දී ඒ වෙනුවෙන් කරන්න දහසකුත් එකක් දේවල් තියෙද්දී නිමක් නැති දර්ශනවාද වල එල්ලිලා ඉඳල හරියනවද?"

" ඒ ඔහුගේ හැටි, මලණ්ඩි.. ඔහු කොහොමත් අපට වඩා දුර හිතන කෙනෙක්..ඔහුගේ ගමන දේශපාලනය නොවේ."

"අක්කණ්ඩි මම එකක් කියන්නම්..! ඔය මනුස්සය යන ගමන වෙනස් කරගත්තේ නැත්නම් දවසක තමන්ගේ උරුමයත් නැතිකරගෙනයි නවතින්නේ.. උරුමය පැත්තකින් තියන්න..! මට නම් පෙනෙන්නේ නැහැ ඔහු ඔබට ආදරය කරන බවකුත්..! ඔහු ඔය ඊනියා දර්ශනවාද ගැන හොයන්න ගිහිං දවසක ඔබවත් අතෑරලා ගියොත් මොකද වෙන්නේ?"

"දෙව්දත් මලයණ්ඩි, ආදරය යනු අයිති කරගැනීම ම නෙමේ.."

"මට ඔබත් එක්ක කතාකරලා දිනන්න බැහැ.. ඔබත් හොඳයි සිද්ධාර්ථටම.. හැබැයි යසෝධරා මම එකක් කියන්නම්.. රට ජාතිය වෙනුවෙන් ශාක්‍ය වංශය වෙනුවෙන් ඔහුට කරන්න යුතුකමක් තියෙනවා.. එන ඒ යුතුකම ඉෂ්ට කරන්න ඔහුට සිහි ගන්වන්න.. මම යනවා.."

"ඔය මනුස්සයට මුල මතක නෑ අස්සජී.. මම නම් අන්තෙටම කළකිරිලා ඉන්නේ.."

"ඔබ පමණක් නොවේ ඇවැත්නි, ඔබ වගේම හිතන තව බොහෝ දෙනෙක් ඉන්නවා.."

"ඒ බොහෝ දෙනා වගේ නෙමේ අස්සජී මම. එදා උන්නාන්සේ ගේදොර අතෑරලා අස්සයයි ඇඳිවතයි පමණක් ඇතුව මාලිගයෙන් දොට්ට බහිද්දී ඔය එකෙක්වත් හිටියේ නැහැ ළඟ.. මේ ඡන්න ඇමති නොහිටින්න එදා උන්නනාන්සේ අබිනික්මන් කරන්නේ නැහැ.. කොටින්ම සිද්ධාර්ථ කියන්නේ වයස තිහ කිට්ටු වෙනකනුත් මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක්, භික්ෂුවක් දැකපු කෙනෙක් නෙමෙයි.. මමයි ඔහුට පළමු වතාවට වයසට යනවා කියන්නේ මොකද්ද, ලෙඩ වෙනවා කියන්නේ මොකද්ද, මැරෙනවා කියන්නේ මොකද්ද, පැවිදි වෙනවා කියන්නේ මොකද්ද කියල කියාදුන්නේ.. අද මේ උඩින් පාත් වෙච්ච මිනිස්සු සාසනේ ලොකු මිනිස්සු වෙලා.."

"ඡන්න ඇවැත්නි, ඔබ දැකපු දේවල්ම තමා ඔහුත් දැක්කේ.. නමුත් ඔබ ඒ දේවල් වටහාගත්තේ නැහැ, ඔහු ඒ දේවල් වටහාගන්න උත්සාහ කළා.. අන්න එතනයි වෙනස..හැකිනම් වටහාගන්න."

"ස්වාමීනී, මේ අන්‍යාගමික කල්ලි වලින් ඔබ වහන්සෙට එල්ල වන ස්ත්‍රී දූෂණ චෝදනාව නිසා නුවර වැසියා අප කෙරෙහි බොහොම කේන්තියෙන් ඉන්න බවයි පෙනෙන්නේ.. දානෙකට පින්ඩපාතෙකට වත් දොට්ට බහින්න හැකියාවක් නැහැ.. අපි මේ නුවර අතෑරලා වෙනත් නුවරකට යමු ස්වාමීනී.."

"තථාගතයෝ චෝදනා වලින් සැලෙන්නෝ නොවෙති ආනන්දය.."

"එහෙමනං අඩුම ගානෙ මේ අන්‍යාගමික කල්ලි වල තීර්ථකයන් සහ නිඝණ්ටයින් නගන චෝදනා වලට අපි නිර්භයව පිළිතුරු දෙමු.. අප නිවැරදියි නම් ඇයි අපි සැඟවෙන්නේ.. අපි පාරට බැහැලා මිනිස්සුන්ට කතා කරමු.."

"දවස් හතයි ආනන්ද, දවස් හතයි.. තථාගතයෝ විවාදකයෝ නොවෙති..මේ සියලු දේ දවස් හතයි.. එතෙක් ඉවසන්න.."

"පුණ්ඩරීකං යථා වග්ගු - තොයෙන නූපලිප්පති

නූපලිත්තොම්හි ලොකෙන - තස්මා බුද්ධො'ස්මි බ්‍රාහ්මණ"

"මඩෙන් උපන් පියුම මඩෙන් ඉහළට මතුව, මඩ ගා නොගෙන ඉහළට නැගී සිටින්නේ යම් සේ ද, මමද ලෝකයා නමැති මඩ ගොහොරුව මැදින් ඉපිද, ලෝකයා ගේ කෙළෙස් මඩ තවරා නොගෙන සිටින්නෙමි; බ්‍රාහ්මණය, එසේ හෙයින් මම "බුද්ධ" නම් වෙමි.

ගාගත් මඩ සෝදාගන්නටත්, ගැසූ මඩ වලට සමාව අයදින්නටත්, මඩෙන් තොර සැනසිල්ලක් ලබන්නටත් හේතු වාසනා වන පිංබර ඇසළ පෝ දිනක් වේවා!Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-1869431321354372266.post-62222592825453227082014-08-11T00:50:00.000+05:302014-08-11T00:50:00.771+05:30මහා අබසරණ ජාතකය | Aba Saranayi Yako!

(ප්‍රබන්ධය එකා යකා විසිනි.)

තවදැ එක් සමයෙක්හි මොහොල් ගස් පැළවනාහ. පැළවුණාවූ මොහොල් ගස් මස්තකයෙහි කැදැළි තැනූ ධවල කපුටුවෝ අං ඇති ගැරඬින් හා සහවාසය කරනා හ. එකල්හි මිහිඳු රජපසයා කනිටු සොයුරු ගොටුඅබයා කල්පනාවෙහි නිමග්නවැ වසන්නේ "මෙවන් වූ භීම සමයෙක්හිදී දැ නොවතු නම් කවර කලෙක මා රජසබයටැ ගිය මනා වේදැ?"යි සිතා මෙ පවත් එසැණෙහිම සසිරි බර මෙ සිරිලක දනව්වක් පසල් දනව්වක් පාසා පතුරුවනු පිණිසැ ස්වකීය වන්දිභට්ට වූ අනඳ ජයසීහයා ලවා 'ද්වේශය' නම් වූ තල් පතෙක් කරවනා හ.

මිහිඳු රජපසයානෝ උදෑසනක් සේ මැ අවදිවැ ස්වකීය සැත්තෑ වයස් වූ තාරුණ්‍ය රැකැගනු වස් පසළොස් යොදුනක් වීථි සංචාරයෙහි නිරතවැ පැමිණ වීල, බාර, ඩම්බෙලයන්ගෙන් සන්නද්ධවැ කයවඩනාරාමයෙහි දෙපැයක් බවුන් වඩා පාතරාසය පිණිස බොජුන් ගෙයට වැඩම කොට අත් පිස්නා පිණිස තල් පතෙක් සොයන්නේ ගොටුඅබයාගේ 'ද්වේශය' තල්පත දකිනා හ. "ඉදින් මා රජසබයට එත් නම් ඒ හුදෙක් මා දෙටු සොයුරු මහරජාණන් ඇරැයුමින් පමණක් මැ වනාහ" යනුයෙන් වූ ගොටුඅබයාගේ පාණිය දැකැ මහත්සේ සොයුරු පෙම් උපදවා මේ කෙරෙහි තීරණ කරනු වස් රජසබයට ඉහළින් පිහිටුවා ලූ වරිග සබය කැඳවනා හ.

චාමලයා යැ, නාමලයා යැ, බැරිසිලයා යැ ආදීන් හා උන් සියල්ලට මැ හා රජපසයාට මැ මුත් අධිපතිනී සිරන්තියාගෙන් දැ සමන්විත වරිගසබාව මස්තකයෙහි ගොටුඅබයාගේ 'ද්වේශය' එළිදැක්වූ කෙණෙහි මැ සිරන්තියා පුපුරා හැලී "ස්වාමීනි, තොප තොපගේ දරුවන් ගැනැ නොසිතනා නියාදැ" යි නේක විප්‍රකාරයන් බෙණෙමින් හඬාවැටෙන්නී රජපසයාගේ දහසක් පුෂ්ප විකසිත කරවන්නී යැ. එකල්හි විපසෙන් කිණ්ඩි ලත් ඇමැත්තෙකු සේ මහත් වූ කෝපයෙන් දැවෙනා රජපසයාණෝ "නීච ස්ත්‍රිය, මා දරුවන් ගැනැ නොසිතූ නියා නම් මෙකල්හි තී වැළැලූ තන් හි පැළවුණු නෙරළු ගස් කපා පරාළ දැ ඉරූ නියායැ. යව යව මා දෑසට නොපෙනී මෙතැනින් නිකම යා!" යි ආක්‍රෝශයෙන් පරිභව කෙරෙමින් එළවනා හ.

ඉදින් වරිගසබය එසේ නිසල වූ පසුවැ රජපසයාණෝ බැරිසිලයා අමතන්නේ, "කිමද මලණ්ඩ, ගොටුඅබයා ගෙන්වමෝදැ" යි විමසනා හ. 'මූ මා ළපැටි කල පටන් මා අතැ වූ කැවුමක් විනම් මා හඬව හඬවා මුත් උදුරා කෑ එකායැ. බාලයා සේ මැ මූ කපටයා වනා යැ. මා පතට කෙළනට මෙවර නම් නොදෙමැ' යි තරයේ සිතා මුත් මේ දැන් සෝවාන් වූ කලෙක මෙන් හැලප වතෙක් මවා ගෙන බැරිසිලයා බෙණෙන්නේ, "අයිය, ලක්සුමන කිරිඅලයා පැවැසූ සේ මැ සංග්රාම නම් ඕනෑම වෘෂභයෙකුහට කළ හැකි දෑ යැ. සංග්රාම කිරීමෙන් පමණෙක් මැ පණ්ඩිතයෝ නොවෙනා හ. මූ රජසබයෙට ඔබී දැයි වෙනත් පැණයෙක් විචාරා දැනැගම් හ" යි පවසනා හ. "වන්නාටයැ, එසේ වී නම් තොප මැ පැණයෙක් සිතා උහු විමසුව. නොපමාවැ අපටදැ දැනුම් දෙව මලඬ.. " යි වදාරා රජපසයාණෝ හදිසි වරිගසබය තුටින් විසුරුවනා හ.

මෙපවත් මෙසේ වනැ අතුර යාන බැලීමෙහි කෙළ පැමිණියේ හෙයින් ස්වකීය වූ දෙටු සොයුරා වුව නොහරණා ගොටුඅබ තෙමේ වෙහෙර රුක් මැඳුරෙහි පියස්ස මස්තකයේ යාන බැලීමෙහි රඳවා තුබූ මූෂිකයෙකු අතින් පෙරකී අටකන් මන්ත්‍රණය පිරිසිඳ දැනැපියා ස්වකීය බිළාල රැවුලු විදහා මඳහස පා ස්වකීය ගොට්ට අල්ලන්නා වූ සවනිඳයා කැඳවනා හ.

එසේ කැඳවා, "එම්බා සවනිඳය, මුහු මා ගොටුඅබයා බැව් නොදත් නියා යැ. පැණ ඇති කැරුමෙහිදැ විසඳුමෙහිදැ මා හැර සමත් යමෙක් මේ මඟුල් සක්වලැ නොවනා හ. මුහු මා විමසීමෙහි ගියේ අද පමණෙක් නොවේ, මින් පෙර දැ මා විමසීමෙහි ගොස් මුහු ඇණැ ගත් නියා යැ" පවසනා හ.

"පස්වාන් දහසකට බුදු වන්නා වූ ගොටුඅබයාණෙනි, අප කෙරේ අනුකම්පායෙන් එකී පවත් වදාරණ සේක්වා" යි සවනිඳයා බැගෑ වන්නා වූ සඳ "එසේ වී නම් අසවැ"යි පවසා 'මහා අබසරණ ජාතකය' උහුහට වදාරණා හ.

එක් දුර්භික්ෂ සමයෙක හඹුතොඨ්ට නම් පසල් දනව්වෙහි ගොවියකුට දාවැ පරිසි මහිනිඳ නම් වූ ගැමි කොළුවකුට මළණුවැ අබය නම් කුමරුවෙක් ඉපදෙනා හ. මුහු තෙමේ නිසි වයස් පැමිණි කළ ව්යාඝ්ර ගෝත්‍රිකයින් හා යුද පිණිසැ රාජ සේවයට බැඳුනා හු හෙද එකල්හි රාජ්‍යය කෙරෙනා රජුට හා මහසෙන්පතින් කෙරෙහි කළකිරී සිතන්නේ 'මුහු මහට රිසි පරිද්දෙන් යුද නිමැ කෙරුමටැ නොදෙත් ල, ඉදින් තවදැ මුහු කෙරේ ළතැ වී පල නොදෙන්නේ නික්ම යමැ" යි සිතා මහසෙන්පතිට ප්‍රේත ගොටුවක් යවා අමරික්ඛ දේශයටැ පැන යනා හ. ඉන් පසුවැ පාළොස් වසෙකින් සිය සොයුරු පරිසියා රජ වූ කළැ යළි සසිරිබර මෙසිරි ලකටැ එළඹෙනා හු ගොටුවෙක් යවා පැන ගිය ගිය හෙයින් 'ගොටු අබයා' නමින් පරසිඳු වනාහ.

මේ ගොටු අබයා පැමිණ "අයියණ්ඩිය, බිය නොවව. යුද කෙරෙනා සැටි මම් පෙන්වමැ"යි පවසා සේනා රැස් කෙරෙන්නේ මහත් සේ රුධිර ගංගා පතුරුවා සේනා විහිදුවා යුද ජය ගන්නා හ. පසු කළෙක එවකට මහසෙනවියා වැ හුන් සරත පොනසිකයා දඟ ගෙයි ලවා සිය ගැත්තා වූ සදපෙම නම් කුලී ලියන්නෙකු යොදවා 'ගොටු යුදය' නම් පුස්තකයෙක් කරවා රණකෙළියෙහි සියළු ගෞරවය තමන් නමට මැ හරවනා හ. එතැන් පටන් නගරාලංකරණයෙහි උත්සුක වන්නාවූ අබයාණෝ ඇතුළු නුවර සියළු දුගියන් පළවා හැර, සත්මහල් ප්‍රාසාද තනවා, නෙක පුෂ්පෝද්‍යාන පොකුණු දිවුම් පෙත් ආදියෙන් සරසනා හ. මෙසේ තමැ කිත් යසස සසිරිබර එසිරිලක පුරා පතුරුවා ලූ පසුවැ අබයාණෝ සිතන්නේ "ඉදින් මේ මා රණකෙළි දිනූ නියායෙන් මුන් විඳුනා ඓශ්චර්යයෙන් කොටැසක් මා දැ ලත් මනායැ. මම් දැ රජ සබයටැ පිවිසෙම්" යැයි සිතා ඒ බැව් රට පුරා පතුරුවා හරණා හ.

මෙකී පවත් සැළැ වූ කෙණෙහි පරිසි මහ රජාණෝ සිය වරිග සභාව කැඳවන්නේ මූ සුදුස්සේ දැයි සොයනු වස් පැණැයක් විචාරන්නට සිතණා හ. ඉදින් වරිග සබා වූ කේවට්ටාචාරීහු "මහරජුනි, ව්යාඝ්රයින් මරා ලදැ රන් කොහිදැයි විමසුව මනායැ" යි කියනාහ. තවෙකෙක් "මහරජුනි, සහල් නැළියකැ මිළ විමසුව මනායැ" කියනාහ. තවකෙකු"ලසන්තයා හා ප්‍රගීතයා ගැනැ විමසුව මනායැ" යි කියනා හ. පරිසි මහරජු තීරණයකටැ එළැඹිය නොහී "හෙද පසුවැ සළකා බලම්හ" යි නික්මී නැව්තොට ටැ ගොස් දේශාන්තර චාරිකාවකැ නික්මෙනා හ.

මෙපවත් රහසින් අසා සිටුනා ගොටු අබයාණෝ සිතන්නේ "මුහු මා ගොටුඅබ පණ්ඩිත බැව් නොදත් නියා යැ, සිටුව ! තොපට නිසි යමෙක් කැරැ පෙන්වමැ" යි කල්පනායෙහි නිමග්න වනාහ. මේ ගොටු අබයා නම් පෙර කලැ ව්යාඝ්රයින් මරා රැස් කරන ලද්දා වූ මහත් කුසල් ඇත්තේ හෙයින් උහු සිතුවක් එසේමැ ඉෂ්ට වන්නේ යැ.

ඉදින් මෙ අතුරෙහි නැවුම්ගම නම් වූ යවන ගෝත්‍රිකයින් හා හෙළ ගෝත්‍රිකයින් හවුලේ වසනා පෙදෙසක එක් මහණෙක් ස්වකීය රියැදුරා හා මඟට බස්නේ මඟ හරස් කළාවූ යවන තරුණයින් අතළොස්සෙක් හා දබරයෙක පැටළෙනා හ. මේ යවනයෝ රියදුරා හා ආක්‍රෝශයෙන් පරිභවයෙහි යෙදී හිඳිද්දී මැ එතැනට යවන වේශයෙන් එළැඹෙන්නා වූ උපුල්වන් දෙවියෝ යවනයන් හටැ නොපෙනෙන්නා වූ දැ හුදෙක් හෙළයින්ට පමණෙක් මැ පෙනෙන්නා වූ දැ ලෙස මහණා පිට පහරක් එළනා හ. "අපගේ මහණුන්ට යවනයෝ තළනා හ" යි සසිරිබර එසිරිලක දනව්වක් දනව්වක් පාසා පැතිර යනා හ. මේ කර්ණගත වූ ගොටු අබයාණෝ සියතින් දන් වළඳවන්නා වූ අලුකුත්ථේර නිකායෙහි ණැනසර නම් මහණෙක් කැඳවා සතර කන් මන්ත්‍රණයකැ යෙදුණා හ.

එකී සතර කන් මන්ත්‍රණයෙන් පසුවැ නැණසරයා සිව් දහසෙක් හෙළ බොදු සෙනඟ පිරිවරා නැවුම් ගම ටැ වැඩැ ක්‍රෝධයෙන් ඇවිළෙනා වූ හෙළයින් අතර ටැ පිදුරු හෙළන්නා සේ මහත් වෛරී වූ බසින් දහමෙක් දෙසන්නේ තුමූ බුදු සරණ හැරැ පියා ගොටු අබයාගේ සරණැ හෙවත් "අබ සරණැ" ගියේ වී හෙයින් මෙකී යවනයින් හට දැ අබයාගේ සරණින් මැ විණ කටින්නෙ මෝ යැයි වදාරමින් "අබ සරණ" සූත්‍රය එකී නැවුම් ගම් පුරයෙහී දී දෙසා වදාරනා හ. මෙකී අබ සරණ දහම ශ්‍රවණය කළාවූ සිව් දහසෙක් හෙළයෝ 'ඒහි අබ්භ' භාවයෙන් අබ සරණ වැළැඳ බුදුන් නැසුමට එළඹෙනා දස බිම්බරෙක් මාර සේනා ලීලයෙන් මහත් වූ පෙරහරෙකින් මඟට එළඹුනා හු යැ.

ඈතින් අබ සරණ ගිය හෙළයෝ යැ. මෑතින් මෙකී විප්‍රකාරය දකින් වස් රැස් කකා උන් යවනයෝ යැ. මෙවන් මොහොතෙක තව්තිසා දෙව්ලොවැ හිඳ මනුලොවැ බලන්නා වූ ශක්‍ර දේවේන්ද්‍රයෝ "ගොටු අබයාගේ බල ලෝ පතුරුවනු වස් මෙවන් මොහොතෙක් යළිදු නොඑනා හ. යමක් කෙරෙමි යි" සිතා වරෙක කුස රජුට දැ වරෙක මහෞෂධ පණ්ඩිතයින්ට දැ සරණ වූ අෂ්ටවංක මාණික්‍ය රත්නයැ ගෙනැ ඒ මෙකී රැස් කනා පිරිස් මධ්‍යය ටැ අහසින් හෙළනා හ. ඉදින් නැවුම් ගමැ පළමු ගල ගැසීයේ කවරෙකුදැයි යමෙකුට කුකුසෙක් වි නම් මේ පටන් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා මැ මිස අන් යමෙක් නොවනැ බැව් දත යුතු.

අහසින් වැටුණා වූ පාෂාණය දුටු කෙණෙහි මැ හෙළ ගෝත්‍රිකයෝ "යවනයෝ මෙතෙක් නොබියවැ අපට පහර දෙනා හ" යි මහත් සේ කිපී යවනයන් මතැ පහර පිට පහර හෙළනා හු, උහු නිවෙස් හා සල්පිල් ගිනිබත් කරනා හු, මහත් වූ කෝළාහලයෙක් අරඹනා හ. යවනයෝ දැ ස්වකීය රක්ෂාව පතා යම් තැනැකැ පෙරළා පහර දෙන්නේ නැවුම් ගම් පුරයමැ එක මැ අග්නි ජාලාවක් වනා හ.

මෙපවත් මෙසේ වෙත්දී අබ සරණැ ගිය රාජ පුරුෂයෝ නොදුටු විරූ වැ නෑ සූ කන් වැ තන් තන් හි පසු වන්නේ හෙළයින් ට මැ ආශීර්වාද කෙරෙනා හ. ඉදින් අවසන ගිනි නිවුමෙහි ළා මහානුභාව සම්පන්න වූ ගොටු අබයාණන් මැ මැදිහත් වනා හ. ගිනි ඇවිළුනා වූ දෙදවසකකට පසුවැ රාජපුරුෂයින් ලවා ගොටු අබයාණෝ ගිනි නිවා දමනා හ. එකී ගින්නෙ හි හේතූන් සොයන්නේ යම් කළෙක ද ඉදින් යවනයෝ යවනයින්ගේ මැ සල්පිල් ගිනි තබවා ගත් බැව් රාජපුරුෂයින් ලවා ඔප්පු කරවනා හ. යවනයින් හට පෙර අනුකම්පා කළ වටරැක නම් මහණෙක් පහර කා මඟ වැටී සිටුණුයේ උහු දැ ස්වයං ව මැ පහර දී ගත්හයි ඔප්පු කොටැ පෙන්වනා හ. අවසනැ රාජකීය ගබඩාවන්හි දොරගුලු හැරපියා ඉදින් පහරකෑ යවනුන්ටැ දන් දෙමැයි පිළිණ දෙනා හ.

"මෙසේ පරලොවැ ගියා වූ යවනයින් පිරිසෙක් දැ දැවුණා වූ නිවෙස් සල්පිල් ගණනෙක් දැ හැරැ මැරුවා වූ හෝ ගිනි තැබුවා වූ හෝ කිසිවෙකුත් නොවනා තැන් දක්වා මේ පැණැය විසඳුවා වූ මහත් ආශ්චර්යය දැකැ සසිරිබර මෙසිරිලක දනෝ මතු නොව සදෙව් ලොවැ දෙවියන් පවා ගොටු අබයාණන් ඉදිරියෙහි සාධුකාර දුන් නියා යැ" පවසමින් අබසරණ ජාතකය අවසන් කෙරෙන්නේ, පූර්වාපර සංධි ගලපා ගැන්ම තොපට මැ භාර කෙරෙනා හ.Unknownnoreply@blogger.com21tag:blogger.com,1999:blog-1869431321354372266.post-16869768297567926642014-05-24T09:55:00.002+05:302014-05-24T09:55:22.635+05:30පැරැණි රසාංග (2) - ඔබත් කෑල්ලක් නැතිව කරවෙනවාද? | Are you a loser too?අපේ මුහුණුපොත් පිටුවේ මීට කලකට පෙර පළකරන්නට යෙදුණු, එහෙත් බ්ලොග් අවකාශයට මුදා නොහරින ලද පැරැණි ලිපියකි.

මෙතෙක් කල් ජාතිවාදී පෝස්ට් සහ මෙලෝ යකෙකුට වැඩක් නැති කාලකන්ණි ෆොටෝ කෑලි ෂෙයාර් කරමින් කරවෙවී සිටි ඔබට මෙන්න අනගි අවස්ථාවක්!

ළඟදී අවසන් වූ / වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය අහවර කළ කොල්ලන් / කෙල්ලන් මේ දිනවල බුරුතු පිටින් සිය ප්‍රොෆයිල ඇක්ටිවේට් කරගනිමින් සිටින බවට වගකිව යුතු ආරංචි මාර්ග දන්වා සිටී. මෙතෙක් කල් පාඩම් පොත්වලටම මැදිවී මෙලෝ රහක් නැතිව හිටපු ජීවිතේ ෆන් එකක් ගන්නට ඕනේ කියා ඔවුන්ට සිතීම ස්වභාවික බැවින් ද, දැන් ඉතිං කට්ට කෑවා ඇති, කොල්ලෙක් / කෙල්ලෙක් හොයාගන්න ඕනේ යයි ඔවුන්ට සිතී ඇතිනිසා ද, ඔබට මේ අවස්ථාව උපරිමයෙන් ගැළපේ. මාස ගණනකට වරක් සිදුවන මේ අතිවිශේෂ ග්‍රහචාරයෙන් මහඟු පළ නෙළාගැනීම පිණිස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

1. මෙතෙක් කල් මැස්සෝ වහමින් (මගේ වගේ) තිබ්බ ඔබේ ප්‍රොෆයිල් පික්චර් එක මාරුකර හොඳ එකක් යොදන්න. ඒ සඳහා මුහුණේ කුරුලෑ, වල ගොඩැලි නොකැපු රැවුල වැනි දේවල් නොපෙනෙන හොඳ ෆොටෝ එකක් යොදන්න. කෙල්ලන්ට නම් වෙඩින් එකකදී ගත් ෆොටෝ එකක් වගේ නම් වඩා සුදුසුයි. කොලල්න්ට නම් ගිටාරයක් අතින් ගෙන සිටින ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ගොඩ දාන්නම බැරි මට්ටමේ එකක් නම් දන්නා කියන ෆොටෝෂොප් කාරයකු හමුවී පිලියමක් පතන්න.

2. ෆොටෝ / ඔබේ හැඟුම්බර ෆොටෝ හැර වෙනත් දේවල් (උදා: ජාතිකත්ව ෆොටෝ) යෙදීමෙන් වළකින්න. එහිදී ඔබ මාර ගුප්ත බැල්මකින් ඈත බලාගෙන සිටින ආකාරයේ සමීප රූපයක් යෙදිය හැකිනම් වඩා සුදුසුයි. කෙල්ලන්ට නම් බල්ලෙක් පූසෙක් තුරුළු කරගෙන ඉන්නා ෆොටෝ එකක් වඩා සුදුසුයි. වැඩේ ඉක්මනින්ම ගොඩ දමා ගැනීමට ඇඳුමේ කොට භාවය වැඩි කිරීම හේතු විය හැකි නමුත් එයින් භයානක අතුරු ප්‍රතිඵල ඇතිවිය හැකි බවද කාරුණිකව සළකන්න. මෝටර් රථයක් හෝ බයිසිකලයක් ඇති කොල්ලෙක්ට නම් වාහනයට හේත්තු වී ෆොටෝ එකක් ගැනීම ක්ෂණික ප්‍රතිඵල ලැබීමට හේතුවකි.

3. ඔබට කැමරාවක් තිබ්බත් නැතත් ඔබේ නමින් ෆොටෝග්‍රෆි පේජ් එකක් අරින්න. ඉන්පසු කොහෙන් හෝ ලස්සන ෆොටෝ කෑලි ටිකක් හොයාගෙන ෆොටෝ එකට යටින් ඔබේ නම ආටිස්ටික් ෆොන්ට් එකකින් යොදන්න.. ඊට අමතරව ඔබේ නමින් මොකක් හෝ කවි පිටුවක්, කතන්දර පිටුවක් වැනි දෙයක් අරින්න. ඊට මාර රොක් නමක් යොදන්න. ඇහුවොත්, "මං තමා අර අහවල් පේජ් එකේ ඇඩ්මින්" යයි කිව හැකි නමක් යොදාගන්න.

4. ඔබේ වෝල් එකේ ජාතික කතා ලියන්න එපා. වැරදිලාවත් දේශපාලන කතා නම් ලියන්නම එපා. පුළුවන් තරම් කවි ලියන්න. බූට් එකක් කාපු විදියට ඇඟවෙන කවි ලියන්න හැකිනම් වඩාත් සුදුසුයි. නමුත් තාමත් ඒ කෙල්ල / කොල්ල ගැන ඕනවට වඩා ආදරේ කරන බව ඇඟවෙන පරිදි ලිවීම සුදුසු නැත. හැකිනම් ආදරේ කරපු කෙල්ල / කොල්ලා දැන් රටෙත් නෑ, නැතිනම් කසාද බැඳලා වගේ (ඒ කියන්නේ අලුතින් එන කෙනාට තරගයක් නෑ වගේ) ඇඟවෙන විදියේ කවි ලියන්න. ඒ කියන්නේ ආදරේ දන්නා, එහෙත් ආදරයෙන් වේදනා විඳ ඇති, නමුත් ආදරයට වෛර නොකරන, මාර සෙන්සිටිව් චරිතයක් සේ පෙනී ඉන්න.

5. කවි ලියන්න බැරිනම් ඔබ කනගාටු විය යුතු නෑ. හොඳ රොමැන්ටික් ඉංග්‍රීසි / හින්දි ගීත කීපයක් තෝරාගන්න. මේ සඳහා හොඳ පොෂ් යාළුවකු ගේ සහය පතන්න. ඒ ගීත වල වචන ඔබට තේරීම අවශ්‍ය නැහැ. හැබැයි ගීයේ මූලික තේරුම දැනගැනීම අවශ්‍යයි. ඒ ලෙවල් වලට පොත් ගණන් කටපාඩම් කරපු ඔබට මෙය අපහසු නොවෙනු ඇති. ඊට පසු අදාළ ගීත ලැයිස්තුවක් සකසා ගන්න. ගීත පහලවක් විස්සක් තිබීම හොඳටම ප්‍රමාණවත් ය. ඉන් පසු දවස් තුනකට පමණ වතාවක් අරවායින් එක ගීතයක් ඔබේ වෝල් එකේ ෂෙයාර් කරන්න.. නිකන්ම නොවේ. අදාළ ගීයේ තේරුමට ගැළපෙන පරිදි "වැකියක්" ද සමග. (උදා: "This is my life story", "I wish she was here to listen to this") අත්දුටුවයි සත්තයි!

(අංක 5 කරන්න අමාරු නම් ඒ වෙනුවට මෙහෙමත් කරන්න පුළුවනි: ජීවිතය ගැන මාර බර ටෝක් දෙන පිටුවකින් ෆොටෝ කෑලි කීපයක් තෝරාගෙන ෂෙයාර් කරන්න. නමුත් මෙය සිංදු තරම් ඉෆෙක්ටිව් නැති බවද කරුණාවෙන් සළකන්න.)

මේවා කළපසු ඔබට අනිවාර්යයෙන් මෙන්න මේවායින් එකක් සිද්ද වේ.

* ඔබේ ෆොටෝ එකකට / කවර් ෆොටෝ එකකට ලයික් වැටීම.

* ඔබේ ලිංක් එකකට (ගීයකට / ෂෙයාර් එකකට) ලයික් වැටීම.

* ඔබේ මොකක් හෝ මගුලකට කමෙන්ට් වැටීම

දැන් ඇත්තේ ඊළඟ අදියරයි. ඒ කියන්නේ තොරතුරු එක්රැස් කිරීමයි. ඔබේ ෆොටෝ වලට ස්ටේටස් වලට ලයික් දාන කෙල්ලන්ගේ / කොල්ලන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් ඔවුන්ගේ කැමති අකැමැති දේ සොයා බලන්න. දිනපතාම ගොස් ඔවුන් කන්නෙ බොන්නේ කෙසේද, ජීවත් වන්නේ කෙසේද යන්න සොයා බලන්න. මීට ඉංග්‍රීසියෙන් stalking යයි කියනු ලැබෙ. එහෙත් ඔබ එසේ සොයා බලන බවට මොහොතක් වත් අඟවන්න එපා. ඊළඟට, ඔවුන් කැමති පේජස් වලට ඔබත් ලයික් කරන්න. ඔවුන් කැමති සිංදු ඔබත් ෂෙයාර් කරන්න. නමුත් මෙහිදී එකිනෙකට විරුද්ධ අදහස් දරන දෙන්නෙක්ට ට්‍රයි කිරීමෙන් වළකින්න. නැත්නම් මිනිස්සු ඔබට පිස්සු යයි සිතනු ඇත.

(විශේෂ අවවාදය: එකම ගැන්සියේ යාළුවන් දෙන්නෙක්ට එකවර ට්‍රයි කිරීම ඒ දෙදෙනාම සහ උන් දන්නා කියන හැම එකාම නැති වීමට හේතුවක් බව කරුණාවෙන් සළකන්න).

අපේ උපදෙස් මාලාවේ ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.

තොග සීමිතයි! ඉක්මනින් අයදුම් කරන්න!! පමා වී පසු නොතැවෙන්න!!Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com5tag:blogger.com,1999:blog-1869431321354372266.post-76978240258358538552014-05-20T22:50:00.002+05:302014-05-20T22:50:35.923+05:30පැරැණි රසාංග I - ඩොල්ෆින් අර්බුදය | The Dolphin Crisis

ප්‍රවේශය

ෆේස්බුක් සහ බ්ලොග් වලට ප්‍රථම සයිබර් මතවාදයන් ව්‍යාප්ත වීමෙහි ලා වැඩිම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ඊමේල් මගිනි. සයිබරයේ අප තහනම් වචන ලියන්නට සෑහෙන කලකට පෙර පටන්ම, විද්‍යුත් තැපැල් හරහා අපි අපේ පාඨකයන් සමග බොහෝ දේ බෙදාගත්තෙමු. කාලයක් පැවති නිහඬතාව බිඳ දමමින් යළි පාඨකයන් අතරට පිවිසීමක් වනු පිණිස ද, පැරැණ්නන් හට අප කවුදැයි හඳුනාගැනීමට රුකුලක් වනු පිණිස ද, නවකයන් හට පැරැණි රසාංග රසවින්දනයට අවසරයක් ලබාදෙනු පිණිස ද, මෙතැන් පටන් ඒ පැරැණි ලිපි සටහන් කීපයක් ඔබ හමුවේ තබන්නෙමු.

මෙතැන් පටන් දිගහැරෙන්නේ එවැනි පැරැණි ලිපියකි.

"ප්රජාතන්ත්රවාදය යනු සෑමවිටම සාර්ථක වන කෝකටත් තෛලයක් ලෙස සිතාගෙන සිටින සමාජයට, ඒ මතය යළි විමසා බැලීමට හේතුවක් මෑතකාලීන සිද්ධි නිසා නිර්මාණය වී තිබේ. මෙහි ලා කිසියම්ම හෝ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් හෝ වෙනත් කල්ලිවාදයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ පුද්ගලයකුට වුවද, වරක් පෙන්වාදුන් පසුව මෙකී සිදුර සොයාගැනීම සහ එහි භයානකකම වටහාගැනීම අපහසු නොවන බව අපේ අදහසයි. එබැවින් අපි මේ සඳහා සරල උදාහරණයක් ගනිමු.

මිනිසා ලඟට වඩාත්ම දියුණු බුද්ධියක් ඇති සත්ත්වයා වශයෙන් ලොව පිළිගැනෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයා ය. මධ්‍යධරණීය ඩොල්ෆින් රංචු, මිනිසුන් සමග එක්ව දඩයම් කළ අවස්ථා පවා ඉතිහාස කතාවල සඳහන් වේ. සමහර පරීක්ෂණාගාර බුද්ධි පරීක්ෂණ වලින් මිනිසා ළඟටම ඒමට මෙන්ම, මිනිසා අබිබවා යාමටද ඩොල්ෆින් මසුන් සමත්වන අවස්ථා තිබේ. අපේ උපකල්පිතය සඳහා වස්තුබීජයක් ලෙස අපි එබැවින් ඩොල්ෆින් මසුන් තෝරාගනිමු. යම් පරිණාමික විපර්යාසයක් හේතුවෙන් ඩොල්ෆින් මසුන් හට මිනිසුන්ට මෙන් දියුණු සංඥා භාෂාවක් මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ යයි අපි මොහොතකට සිතමු. එසේම මිනිසා දරුවන් සුළු ප්‍රමාණයක් ද ඩොල්ෆින් මසුන් දරුවන් විශාල ප්‍රමාණයක් ද බිහි කරන්නේ යයි සිතමු.

ඩොල්ෆින් මිනිසා තරමටම දියුණු සංවිධානගත ධුරාවලියකට අනුගත වන්නේ නම් මිනිසා සහ ඩොල්ෆින් අතර පැනනගින පළමු ගැටළුව මතුවන්නේ සාගර සම්පත් බෙදාගැනීම ගැන ය. සම්පත් සීමිත අතර ඒවායින් යැපෙන ජීවිත ගණන අසීමිත ය. එබැවින් සීමිත සම්පත් බෙදාගැනීම පිණිස මිනිසා සහ ඩොල්ෆින් අතර යම් තරගයක් හටගැනීම ස්වාභාවික ය. ලොව විශාලතම ස්වාභාවික සම්පත් නිධි පිහිටා ඇත්තේ සාගරයේ නිසා ද, සාගරය පාලනය කරන්නා හට නිතැතින්ම ගොඩබිම කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි හෙයින් ද, මෙහි වැඩි වාසිය යන්නේ ඩොල්ෆින් මසුන්ට බව අමුතුවෙන් කිවයුතු නොවේ. යම්තාක් දුරකට මිනිසා සාගරය මත යැපෙන්නේ ද, ඒ තාක් දුරට ඩොල්ෆින් මසුන්ගේ කේවල් කිරීමේ බලය ද විශාල වනු ඇත. යම් දිනෙක මිනිසා සාගරය මත නොයැපී සිය අවශ්‍යතා සපුරාගන්නට ක්‍රමයක් සොයාගන්නා තුරු මේ බල අසමතුලිතය එසේම පවතිනු ඇත.

තතු මෙසේ හෙයින්, මිනිස් සමාජයේ නෛතික සීමාවෙන් අර්ථ නොදැක්වෙන, හෙවත් අපට සාපේක්ෂව වනචාරී යයි සම්මත චර්යාවන්හි පවා යෙදීමට ඩොල්ෆින් මසුන්ට සම්පූර්ණ අයිතිය තිබීම ද පිළිගත යුත්තක් බවට පත්වේ. උදාහරණයක් ලෙස ඩොල්ෆින් සමාජයේ එක පිරිමි මසෙකුට ගැහැණු මසුන් හත්දෙනෙක් සමග රමණය කළ හැකි පරිදි නීතියක් තිබුණේ යයි සිතන්න. නැතිනම් සිය සහකාරිය හට ශාරීරිකව අඩන්තේට්ටම් කරන්නට පිරිමි ඩොල්ෆිනයකු හට අවසර තිබේ යැයි සිතන්න. එසේත් නැතිනම් සිය දුවගේ වයසෙහි වන ගැහැණු මසකු සමග සංසර්ගයෙහි යෙදෙන්නට පිරිමි මසෙකු (රැළේ නායකයා යැයි සිතමු) ඉදිරිපත් වන්නේ යයි සිතමු. අපට ඒ ගැන කළ හැකි යමක් නොමැත. එහෙත් අප එය පිළිගන්නවාය, නැතහොත් ඒ චර්යාවන් අනුමත කරනවාය යන්නක් ඉන් ගම්‍ය විය නොහැකිය. අපට කළ හැකි එකම දේ වන්නේ එකී චර්යාවන් පිළිකුළෙන් හෙළා දැකීම පමණි. ඒවා දැක අප කෝපදීප්තව සියලු ඩොල්ෆින් මසුන් මරන්නට යන්නේ නම්, එහි බරපතළ වරදක් තිබේ. මන්ද සෑම ඩොල්ෆිනයකුම ඉහත සඳහන් අභව්‍ය චර්යාවන්හි යෙදෙන්නේ ය, අනුමත කරන්නේ ය යන්නක් ඉන් අදහස් නොවන බැවිණි. අප සියලු ඩොල්ෆින් මසුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම් අප කරන්නේ නැති සතුරන් සාදා ගැනීමකි.

එසේනම් අපට කළ හැක්කේ කුමක් ද? අපට කළ හැකි හොඳම දෙය වන්නේ ඩොල්ෆින් මසුන් ආර්ථිකව හාමත් කිරීමයි. එනම්, හැකිතාක් ඔවුන් මත නොයැපී අපේ අවශ්‍යතාවන් සපුරාගැනීමට කටයුතු කිරීමයි. අපට සාගරය අතහැරීම කළ නොහැකිය. මිනිසුන්ට තෙල් නොමැතිව ජීවත් විය නොහැක්කා සේම, සාගරය ද අතහැරිය නොහැකි සම්පතකි. එහෙත් අපට ඊට වඩා සුළු දේවල් වලින් ඩොල්ෆිනයන් හාමත් කළ හැකිය. අප තනි අයෙකු කරන්නේ සුළු දෙයක් විය හැකිය. එහෙත් අප බිලියන 600 ක ජනගහණය එකාත්මිකව, ඒකමතිකව, එකස්වරයෙන් යම් සුළු දෙයක් කරන්නේ නම්, ඒ සුළු දේ හි අවසාන ප්‍රතිඵලය මහත් වනු ඇත. මෙහි වක්‍ර යහපතක් ද වෙයි. එනම්, අපට ඩොල්ෆින් ගහණය වැඩිවීම කෘත්‍රිමව පාලනය කිරීමට අවශ්‍ය නොවීමයි. අධික දරුවන් පිරිසක් නඩත්තු කිරීමට අවැසි තරම් සම්පත් නැති වන දාට ඩොල්ෆින් මාපියන් දරුවන් රොත්තක් හදන්නට පෙර දෙවරක් සිතනු ඇත. එමගින් අපට වඩාත් මානුෂීයව මේ ගැටළුව විසඳාගත හැකිය.

අප පෙන්වාදුන් සිදුර දැන් මේ වනවිට පාඨකයා හට පැහැදිලි විය යුතුය. එනම්, ප්රජාතන්ත්රවාදය භාව්තකර යම් පිරිසකට තවත් පිරිසක් යටපත් කිරීමට අවශ්‍ය වන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඔළුගෙඩි ගණනක් පමණි. එම ඔළුගෙඩි ගණන යම් සීමාකාරී අගයකින් එහාට ගියහොත් එතනින් එහාට එම සමාජය ආපසු හැරවීමක් කිසිදිනෙක කළ නොහැකි වනු ඇත. එබැවින් අපේ වගකීම වනුයේ අප වෙසෙන සමාජය මෙකී නිවර්තන ලක්ෂ්‍යය කරා එළඹෙන්නට පෙර ක්‍රියාත්මක වීමයි. "

සැ.යු.: මෙහි ස්වාභාවික සම්පතක් ලෙස තෙල් යොදාගැනීම මගින් කිසිදු ජනවර්ගයක් ඉලක්ක කිරීමක් අදහස් නොකළ බව කරුණාවෙන් සළකන්න. Unknownnoreply@blogger.com7tag:blogger.com,1999:blog-1869431321354372266.post-60222521660101248882014-04-26T19:41:00.000+05:302014-04-26T19:41:32.568+05:30වළෙන් නැගිටිමි | Back from grave

පුද්ගලික හේතු මත සෑහෙන කලක් නිහඬව සිටියෙමි. නිහඬතාව බිඳ ආපසු එන්නට කාලය පැමිණ ඇත.

ඊළඟ ලිපියෙන් හමුවෙමු!

Unknownnoreply@blogger.com8tag:blogger.com,1999:blog-1869431321354372266.post-71428005027099347162014-02-04T01:28:00.002+05:302014-02-04T01:28:52.894+05:30නිදහස නම් වූ වාර්ෂික ආතල් එක | Annual facade called Independence සැ.යු. මේ වනාහි මුහුණුපොතේ තැනින් තැන පළවූ අදහස් කීපයක එකතුවකි. අපේ ලියවිල්ලක් නොවේ.

කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ අවුරුද්දේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....

~~දමිත් කේතක

"මේ වගේ දවසක පණිවිඩ පොජ්ජක් මන්දෝ කිරීම කාගේ කාගේත් සිරිතක් නිසා දැන් බුකියේ පැය ගානක් ලගිමින් මාර දුකක් විඳ අකුරු ගලපා ලියන ලද වචන සමූහයකි. හිත් වේදනා ඇති කර නොගන්න.

[ටයිම් සෝන් අනුව] අද/හෙට මාර දවසකි.

දවසේ මුලින්ම කල යුත්තේ ප්‍රීති වීමයි. ප්‍රීතිවීම ට හැක්කේ බිරිතානි දේශවාසී සකලවිධ ජනතාවට සහ උන්ගේ රටේ නාමිකව ඔටුන්නක් දාගෙන ඉන්න වංශවත් කාන්තාවටයි. රටක් හැටියට ගන්න පුළුවන් හැම රෙද්දම හූරාගෙන, මිනිරන් ටිකටත් කෙලවා මිනිසුන් අවතැන් කොට උන්ගේ ඉඩම් වල තමන්ගේ ආතල් පානය වවා උපරිම ෆන් එකක් ගෙන නිසි කල්හි බරින් නිදහස් වීම ගැනයි. එහෙම නැතිනම් තමන්ගෙන් තුනෙන් පංගුවක් පමණ වන මේ මැටි කඳට කර ගහගෙන විඳින්නට වෙන දුක ගැන සිතු විට ප්‍රීති උත්සව පැවැත්විය යුත්තේ ලන්ඩනයේය.

දෙවනුව කල යුත්තේ ස්තුති කිරීමයි. ස්තුතිය හිමි විය යුත්තේ මලාට ස්තුති කල යුතු එකෙකුට නොවේ. අල්ලපු ගෙදර ඉන්න තාම පාරේ කක්කුස්සි යන ඒ වුනාට අඟහරුට රොකට් යවන නිතරම අපට නියවන කොඩිවින කරන කාලකාන්නියාටය. කාලකන්නියා අහිංසාවෙන් අධිස්ටානයෙන් කල සටන නොවෙන්නට අපිට හෙට වැනි දවසක් එන්නේ නැත. අපේ රට තුල නිදහසක් වෙනුවෙන් හඬක් නැගු එකම මිනිහාත් රට එපාවී මහණදම් පුරන්නට ඉන්දියාවට ගිය බව පාසල් පොතක තිබුණි. ඔන්න ඔහේ ඕන එකක් කියාගෙන කීකරුව බල්ලා සේ වැටී හුන් රටකට නිදහස දුන්නේ ඉන්දියාව කියන මහා රට අතහැරි පසු ලංකාව කියන හුන්ඩුව ආයෙත් මක්කටය කියා සුද්දා සිතු බැවිනි. [ලංකාව අල්ලන්නට ඉංගිරිසිකාරයා හිතුවේද ඉන්දියාව නිසාය. ඒක වෙනම කතාවකි]. අප විසින් එකලම අවුට් සෝස් කරන ලද අපේ නිදහස් සටන කරදීම වෙනුවෙන් මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු මොහොමඩ් අලි ජින්නා සුභාෂ් චන්ද්‍රබෝස් වැනි අපේ [අවුට්සෝසිත] නිදහස් සටනේ නියමුවන්ට ස්තුති කල යුතුය.

තෙවනුව කල යුත්තේ කනගාටු වීමයි. එය ලාංකිකයන්ටයි. සාරය හූරා ගත්තද සුද්දා දමා ගියේ කලාපීය මට්ටමින් පාරාදීසයකි. එදා පටන් අද වෙනකම් මේක ආණ්ඩුකාරකම් කල විපක්ෂකම් කල, විප්ලව කල, ප්රචණ්ඩ ක්‍රියා කල, ත්‍රස්තවාදී ක්‍රියා කල සියලු දේශපාලනික ප්රවාහයන්ට පින් සිද්ද වන්නට අපි අද එක්දහස් අටසිය අසු දෙක දක්වා ආපසු ගොස් සිටිමු. මෙය නොවැටහේ නම් හොඳ හුස්මක් අරගෙන රූපවාහිනිය දමාගෙන පැය කීපයක් නරඹන්නේ නම් ප්රමාණවත්ය. ගෝල්ෆේස් එක වැනි තැනක දුවන විහිළු නාටකය බලා කාටත් තමන් ඉන්නා තැන ගැන සිතා ගත හැකිය.

සිව්වෙනුව හෙට හිතන්නට දිනයකි. කාට කාටත් හාන්සි පුටුවක හිඳගෙන හිතන්නට දිනයකි. වෙන මොකවත් ගැන නොවේ. බඩ පොත්ත දක්වා හූරාගෙන ඉන්න උන්ගේ ඉතිරි දෙකහමාරටත් අරිමින්, කුඩු කාරයින් පාතාලයින් හා ආගමික ප්රචණ්ඩ කල්ලි අතේ රටේ උසාවි පොලිස් තීරක බලය තබමින්, දශක ගානක් තිස්සේ වීහිලු විගඩම් නටන රටේ අනිද්දා සිට ඉතිරි කාලය ගෙවන හැටිය ගැනය. හැම නිදහස් දවසකටම පස්සේ ඉතිරි වන්නේ ඒ බියකරු සිතිවිල්ල පමණි.

සිතිවිල්ල බියකරු වැඩිනම් ජාතිකාභිමානයෙන් නිර්වින්දනය වීමට හෙට ඔබට නිදහස තිබේ."

~~සුජීව කොකාවල

නිදහස් දිනය in a nutshell: ගිනි අවුවේ පාසල් ළමයින්ගෙන් කරවල වේලීම... උන්ව නටව නටවා පාරේ යැවීම... පොශ් අතිගරු උතුමානන්ලා හා එම මැතිනියන්ලා සිහිල් සෙවනේ කූඩාරම් යට සිට booklets වලින් පවන් සැලීම... ලොකු තැන් එන තෙක් සිටගෙන සිටීම... එන එන එකාලාව පිළිගැනීම... බෑන්ඩ් ගසා කොඩි එසවීම...

'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතු ච

පිතෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ .....'

විනාඩි දෙකක් බිම බලන් සිටීම... හිඟා කා ගත් දේ වියදම් කළ හැටි පැවසීම... හිඟා කන්නට යන දේ ගැන පැවසීම... හිඟා කා කිරීමට යන දේ ගැන පැවසීම... විදුලි පුටුවට යන සැටි ගැන පුරසාරම් කීම... බටහිර ලෝකයාව ඉන්දියන් සාගරේ අමුතු ඇටේට කෙලවන්නට සිටින බව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම... කොලේ බලන් දෙමළ කියවීම... Iවන යුද්ධ කාලයේ පමණ භාවිතයට ගත් යුධ අවි ප්‍රදර්ශනය.... කූඩාරම් (V.I.P) තුළ සුද්දන් දමාගෙන උන්ටම සිංහලෙන් බැනීම... වැදි බණ දෙසමින් ජනසතුරන්ට පිරිත්නූල් බැඳීම and much more...!

~~අමන්දා අබේසූරිය

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com11tag:blogger.com,1999:blog-1869431321354372266.post-7569045927416831992013-12-14T10:32:00.002+05:302013-12-14T10:38:00.304+05:30සල්ලි දී කක්කා කෑම | Pay to eat Shit

ලිපිය සහ ඡායාරූපය සුදේෂ් කරුණාතිලකගෙන්.

මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.

මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.

ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.

මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කිලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.

ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?

මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.

කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.

කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ

ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත රසයකින් දිව පිනා යයි.

මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?

මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහොතේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.

කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.

ko3සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.

ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයාගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.

කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com21tag:blogger.com,1999:blog-1869431321354372266.post-47693939402588719742013-12-13T21:59:00.000+05:302013-12-13T22:07:57.086+05:30රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan

වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු.

ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)

රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා උන්ගේ වැරදි නොවේ. මෙතරම් රටේ ප්‍රශ්න තිබියදී ඒ ගැන වගේ වගක් නැතිව ඕනෑම පිස්සුවක් කෙළින්නට මුන්ට ඉඩ දී ඇති අපේ රටේ කාලකන්ණි නපුංසක ප්‍රජාවට ය, අපේ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ. හැබැයි එක අතකට මේවා ලිවීම පවා අප කරන කාලය නාස්තියකි. අප මෙවැනි කාරණා කාරණා කොතෙක් කීවත් අපේ ජනී ජනයෝ උන්ට නෙමෙයි වගේ ආතල් එකේ සිටිති. ඇත්තටම ජනතාවට මෙව්වා ගැන වදවෙන්නට වෙලාවක් නැත. කාගෙ කාගේත් සිතේ ඇත්තේ පරෙස්සමට ගෙදර ගොස් බාග රොටිය හෝ පුච්චන් කා හෙට දවස ගැටගසා ගැනීමයි. දිනපතා උසුලන්නට වී ඇති (ජීවන නොවේ) ණය බර නිසා ය, බේබිලාට කාර් පදින්නට කොළඹ පාරවල් වසා තැබීම ගැන පමණක් නොව, වෙනත් මොනම මලදානයක් ගැන වත් ජනතාවට වගේ වගක් නැත්තේ. හැබැයි එහෙමයි කියා ජනතාවට සමාවක් දිය නොහේ. යන්තං හෝ දේශපාලන දැක්මක් ඇති අපේ එව්වෝ ද එකාට එකා සෙට් වූ විට ආඩම්බරකාර බාප්පා හට පලු යන්නට බණිති. එහෙත් සාකච්ඡාව අහවර වෙන්නේ එකම තැනකිනි: එනම් මේවා අපි කොතෙක් කතා කළත් මේ රට හදන්න බැරි බවයි. දේශපාලන අවබෝධයක් නැතිව හුදෙක් මේ රටේ ජනී ජනයාගේ වහල් මානසිකත්වයට පිං සිදුවන්නට ගොන්නු පාර්ලිමේන්තු ආවාම, සහ ඇවිත් "රට" කරවනවා වෙනුවට "රටට" කරවන්නට ගත්තාම වෙන්නේ ඔය ටික පමණකි.

කතාවට නියම පදමට සෙට් වෙන්නට, අපේ සහෘද ලේඛක දමිත් කේතක කදිම පදමාලාවක් පළකොට තිබිණි. හුදී ජන පහන් සංවේගය පිණිස අපි එය මෙසේ බෙදා හදා ගනිමු.

[ගීයේ ඔරිජිනල් එක මෙතැනින්.]

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

මැදපෙරදිග සල්ලි වලින් නටන්නෙ බයිලා...
අධ්‍යාපනයට නිදහස් කෙළින්නෙ බයිලා...
වකුගඩු ලෙඩ ගොවියන්ටත් කියන්නෙ බයිලා......
රතුපස්වල වතුර ටිකට ගහන්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

උතුරු කොණේ නඩරාජට ගහන්නෙ බයිලා...
දකුණු කරේ සුමනසිරිට අරින්නෙ බයිලා ...
ජාතික ආලෙන් සමහරු නටන්නෙ බයිලා...
යූ.එන් ආවම උන්ටත් කෙළින්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

චීනෙන් ණය පොළියට ගෙන නටන්නෙ බයිලා....
චෝගම් වුන චාටර් එක වහන්නෙ බයිලා...
ජහ මනයා කරබාගෙන අහන්නෙ බයිලා ...
වතුර නටන කල් කකුලුවො රඟන්නෙ බයිලා....

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

( කැරකිල... කහ, කහ , කහකහ , නැවි, නැවි ) Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com8tag:blogger.com,1999:blog-1869431321354372266.post-87687987028159374352013-12-11T10:43:00.000+05:302013-12-11T10:43:06.345+05:30එපා, එපා ණය ගන්නට චීනක්කාගේ | No Chinese Loans

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....

හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...

මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

අහිංසක කිරි අත දරුවාටත් ණයයි වැටෙන්නේ...

එවන් ණයක් අහෝ කොයි කාළෙද නැවත ගෙවන්නේ...

ටිකක් හිතල බලනු චීනුන් ශ්රමයෙනි වැඩ ගන්නේ...

එහෙත් පෙරදිග මුතු ඇටයෙහි ඇයි ණයට බුදින්නේ....

කෙනෙක් පහළොස් වසරක් ගත්තොත් ණය ලෙස වැඳලා...

බලනු සීයට විසි අට වැඩි කොට ඇනුයිටි යොදලා....

ගණන දළ වශයෙන් දහ ගුණයක් කම්පවුන්ඩ් වෙලා....

ඔබට තේරුණාද ඔබ ගත් ණය දුර දිග නොබලා....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....

හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...

මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

මුදල් තණ්හාවෙන් රටවල් චීනෙන් ණය ගන්නේ...

අහිංසක දරුවගේ ඉරණම ඉන් පසු විසඳෙන්නේ...

යළිත් ඒ චීනෙන් මල් වෙඩි ගෙන පත්තු කරන්නේ...

තමන් ණය ගත් මුදළම යන බව උන් නැහැ දන්නේ...

ගුවන් තොටුපළවල් නැව් එන් නැති වරාය දෙන්නේ...

මෙවන් දේ තැනුමට කම් කරුවන් කොහෙන්ද එන්නේ....

ඉතින් ණය නොම වී තාක්ෂණය ඉල්ලා ගන්නේ...

එවන් මොළ ඇති සිස්ටම් තුල දෙවියන් වැඩ ඉන්නේ....

ණය දුන්නේ මඩවන්නයි හරකුන් වාගේ....

හොර තක්කඩියන් හැදුනේ මුදලෙනි ඈගේ...

මේ සෙල්ලම නොදන්න මී හරකුන් වාගේ...

එපා, එපා ණය ගන්නට චීනක්කාගේ... //

~~නිර්මාණය දමිත් කේතක විසිනි.

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com23tag:blogger.com,1999:blog-1869431321354372266.post-57233356195037083372013-11-21T23:52:00.002+05:302013-11-21T23:52:39.908+05:30ලිංගික විකෘතික ගාලු පොලිසිය | Sex Freaks of Galle Policeසටහන: මේ අපේ ලිපියක් නොවේ. උපුටාගැනීම "ජන සංසදය" බ්ලොග් අඩවියෙනි. මෙය අප පළකරන්නේ මෙවැනි පුවත් කිසිදා ජාතික පුවත්පත් වලට වාර්තානොවන බවට මරාගෙ රෙජීමය වගබලාගන්නා බැවිණි.

'' මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා, මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා..........

රාත්‍රීය 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා,විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා................

බුදු පිළීමය ලඟදි අවට ලයිට් නිව්වා. ඔලූවට ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා, බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා..............

වාට්ටුව බාර කොල්ලාට කියවා මාව එළීවෙනකන් නැව්වා................ "

ජනාධිපති රාජපක්ෂ පාලනෙය් රැකවරණය හා අශිර්වාදය හිමි කරෙගන මෙම අපරාධය මෙහෙයවුයේ ගාල්ල බන්ධනාගාරෙය් නියාමක නුවන් මෙන්ඩිස්, මංකොල්ල කෑම්, පිහි ඇනුම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවකු වන අතර, ගාල්ල බන්ධණාගාරයේම රිමාන්ඞ් ගතව සිටි කිහිප වතාවක් වැඩතහනම් වූ අයෙකි.

ගාල්ල බන්ධණාගාරය තුල මෙසේ අමානුෂික ලෙසට වධයට, නින්දිත සැලකිලි වලට, ලිංගික හිරිහැරයට භාජනය වුයේ උසස් පෙළ විභාගයට ඉගෙනුම ලබන, අම්බලන්ගොඩ පදිංචි කරුවකුවන සජිත් මධුෂාන් තරුණයාය.

ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට කරන ලද පැමිණිල්ල මෙසේය.

''2013.10.24 වන දින, රාත්‍රියේ අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, පිහිටි "ජොනා ප්ලේස්" නැමැති අවන්හලේ, සේවය කරන ගැමුණූ නැමැති අරක්කැමියාට දෙදෙනෙකු පහරදී තුවාල සිදු කර තිබේ.

මෙම සිද්ධියට මා සම්බන්ධ බවට සැකකර තිබේ....

සිද්ධියට පසු දින, අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් ත්‍රී රෝද රථයකින් දහවල් 1.00 ට පමණ පැමිණින ”පැටී” පුතා නේද කියා මවගෙන් අසා ඇත. මව, මා සිටින්නේ කොළඹ බාප්පලාගේ ගෙදර බව ඔවුන්ට කියා තිබේ. එදින රාත්රියේදී ද පොලිසියෙන් පැමිණ ඇත.

මා, 2013.10.23 දින සිට 2013.11.03 දක්වාම හිටියේ බොරලැස්ගමුවේ බාප්පලාගේ ගෙදරය. මට, ගෙදරින් පණිවුඩයක් ලැබුනා,ඉහත සිද්ධිය අදාලව මාව පොලිසියට අවශ්‍ය බව හා මාව පොලිසියට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටින බව.

ඒ අනුව, 2013.09.03 දින මා ගෙදර පැමිණ, 2013.09.04 වන දින නීතිඥ මහතකු මගින් අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් වුණෙමි. පොලිසියේදී මා ගෙන් ප්‍රකාශයක් ගෙන සවස 3.00 ට විතර, බලපිටිය අධිකරණයට ඉදිරිපත් කලා.

ඒ අවස්ථාවේ, සිද්ධියට අදාලව තවත් සැකකරුවෙක් සිටින බව පොලීසිය ප්‍රකාශ කිරිම නිසා, මාව 2013.09.11 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. එදින, සවස 6.45 ට පමණ, බන්ධානාගරයේ බස් රථයෙන් තවත් අයෙකු සමග එකක්ර මාංචු දමා ගාල්ල බන්ධණාගාරයට ගෙන ගියා.

ගාල්ල බන්ධණාගාරයට ගෙන යන විට රාත්‍රී 7.30 ට පමණ වුනා...........

ඒ අවස්ථාවේ, මා නිවස අසල පදිංචි, ගාල්ල බන්ධණාගාරයේ නියාමකවරයෙකු වන නුවන් මෙන්ඩිස් එතැන හිටගෙන හිටියා.ඔහු ඉදිරියට පැමිණ, මාගේ කමිස කොළරයෙන් කරකවා අල්ලා ඇද, රෑට උඹව හමගහනවා කියා කිව්වා. ඔහු ඇඳ සිටියේ සුදු පාට ටී ෂර්ට් එකක් හා ඩෙනිම් කලිසමක්.

මාව, බන්ධණාගාරයේ ඇතුලේ කාමරයකට ගෙන ගියා. එහිදී සියලූම දෙනාව පේලියකට තබා, ලියාපදිංචි කලා. එම නිලධාරියා ලියාපදිංචි කල පොතද රැගෙන ඉන් පිට වුනා.ඊට පසුව අනෙක් අයව, පරීක්ෂා කර, බන්ධනාගාරයේ වාට්ටු වලට පිටත් කර හැරියා.

අන්තිමට මාව ඉතුරු වුනා. මාව කාමරයකට ගත්තා. .... මාව සම්පූර්ණයෙන් නිරුවත් කලා. ඉන් පසු ඔහු මට පිටුපස හරවා නවා,මට අත්දෙකෙන් ගුද මාර්ගය පේන්න පළල් කරන්න කිව්වා. මා එසේ කලා. ඔහු අත තිබූ පොල්ල මගේ ගුද මාර්ගය තුලට යවන්න තද කලා. මා විලාප තියා කෑගැහුව්වා. ඊට පස්සේ මට පයින් ගැහුව්වා. මාව වැටුනා. මාව නැගිට්ටවලා කණ් දෙකට ගැහුව්වා. හතර පාරක් විතර ගැහුව්වා....... එයින් පසුව, මාව කාමරයෙන් එළීයට දැම්මා. එලියේ සිටිය නියාමකවරු තුන්දෙනෙක් මට ගැහුව්වා. එසේ ගහන කොට, බන්ධණාගාරය තුලට යන ගේට්ටුවට අනෙක් පැත්තෙන් (බන්දණාගාර ගොඩනැගිලි පැත්තේ) සිටි නියාමකවරු ” ඕකාව විනාඩි පහකට මට දෙන්න” කියමින් මාව ඉල්ලා සිටියා.......

මා බන්ධණාගාර ඇතුළු ගේට්ටුවෙන්, බන්ධණාගාර ගොඩනැගිලි තිබෙන තැනට තල්ලූ කලා. එතැන බුදු පිළීමය තිබුනා. අවට ලයිට් නිව්වා. මට අතින් පයින් පහර දුන්නා. එතැනදී බිම වැටුනාට පස්සෙත් ගැහුව්වා.

ඉන්පසු නැගිට්ටවා, වරෙන් උඹව වාට්ටුවට දාන්න කියා දිග පොල්ලක් අතේ තිබුන නියාමකවරයා මාව ඇදගෙන ඇතුලට ගෙන ගියා. කණූවල තිබුන ලයිට් නිව්වා. මගේ ඔලූවට දුගඳ හමන ගෝනියක් දමා, මුහුණ වැහෙන්න බෙල්ලට තබා තද කලා. බිම වැටෙනකන් පොලූවලින් පයින් ගැහුව්වා........

පසුව පහරදීම නැවැත්වුවා. මූණ වසා තිබුන ගොනිය ඉවත් කලා. ලයිට් දාලා තිබුනා. පොල්ල අතේ තිබුන නියාමක පමණයි සිටියේ. අනෙක් අය පේන්න හිටියේ නැහැ.............

එතැන වොලිබොල් කෝට් එක ළඟට ගෙන ගියා. එතැන ලයිට් එකද නිව්වා. ඔහු මාව පිටුපස හරවා, අත් දෙක බිත්තියට තියන්න කියා. මගේ දණහිස් වලට පොල්ලෙන් පහර දුන්නා. මාව වැටෙනකන් ගැහුව්වා. මාව නැගිට්ටවා ඇදගෙන ගොස් වාට්ටුවක් ඇතුලට දැම්මා. වාට්ටුවට දැම්මේ කණට පාරවල් හතරක් ගසා.

වාට්ටුවේ විනාඩි පහක් පමණ ඉන්නකොට, නියාමක වරයෙක් පැමිණ, මගේ කණට ගසමින් එළීයට ඇදගෙන ආවා. එලියට ගත්තු ගමන්, යලිත් ඔහු අත තිබුන පොල්ලෙන් මගේ දණහිස් වලට ගැහුව්වා.

එතැනින් අරන් ගිහිල්ලා වෙනත් වාට්ටුවකට දැමමා. එය ”G” වාට්ටුව. ඒ වාට්ටුව ඇතුලට දාන්න ඉස්සෙල්ලා පොලූ පාරවල් තුනක් දණහිස්වලට ගසා ඇතුලට තල්ලූ කලා. වාට්ටුවේ හිටපු, බාර කොල්ලාට කතාකොට කිව්වා, මූට රෑට නිදාගන්න දෙන්න එපා කියා කිව්වා. මාව තල්ලූ කලා වැසිකිලිය ලඟට. මා ඒ අසල වාඩි වුනා. ඔලූව දණහිස් උඩ තියා ගත්තා. එවිට නැවත මට නියාමකවරු දෙන්නා කතාකොට, බොට ඔහොම ඉන්න දෙන්න බෑ කිව්වා. කොන්ද කෙළින් තියාගෙන වාට්ටුවේ කෙළවරට ගොස් නැවත ගේට්ටුව ළඟට දණගාගෙන එන්න කිව්වා.

එසේ දණගාන කොට, මා වැටෙනවා. වැටුන හැම වේලාවේම නැවත මුල ඉඳලාම දණගාන්න කිව්වා. ඒ ආකාරයට මම හතර පස් වතාවක්ම ගියා. ඉන් පසුව, නියාමකවරු වාට්ටුව බාර කොල්ලාට කිව්වා මූව එළීවෙනකන් නාවන්න කියා. ඔහු මාව වතුර බැරල් එක ගාවට ගෙන ගිහින්, කලිසමයි, ෂර්ට් එකයි ගලවා වාඩි කරවා මාව නෑව්වා. එසේ මාව හත් අට වතාවක් නෑව්වා. ඊට පස්සේ නියාමක මට, වතුර බැරලයට බැහැලා ඉන්න කිව්වා. උදේ පාන්දර නියාමකවරයෙක් කිව්වා මට බැරලයෙන් බහින්න කියා.

මම එදින (05දා) වාට්ටුවට වී ඉන්නකොට, දවල් 11.30 පමණ, නියාමක නුවන් මෙන්ඩස් පැමිණ මාව එළීයට ගත්තා. ඒ වෙලාවේ, අනෙක් සිරකරුවන් කෑමට ගිහිල්ලා. මාව ඔහු කාටවත් නොපෙනෙන තැනකට (කුස්සිය පැත්තට) ගෙනිච්චා. ”බොට දුන්නේ ටිකයි, අද රෑටත් තියෙනවා බොට ”පෝරියල්” එක කියා ඔහු අත තිබූ පොල්ලෙන් මගේ දණහිස්වලට තුන් හතර පාරක් ගැහුව්වා. මට ඔහු කිව්වා පලයන් වාට්ටුවට කියා. මම වැටි වැටී වාට්ටුවට ගියා.

වාට්ටුවේ ඉන්න කොට, දවල් එකට විතර, මගේ නම කියනවා ඇහුණා. මම නැගිට්ටා. විසිට් එකක් ඇවිල්ලා කිව්වා. මට කෙළීන් හිටගන්න බැරිව හිටියේ. එවිට, අච්චු විඳින සිරකරුවන් දෙන්නෙක් පැමිණ මාව වත්තම් කරගෙන, ඉස්සරහාට ගෙනවිත්, විසිට් කූඩුවට දැම්මා. මගේ අම්මයි, නංගියි මා බලන්න ඇවිත් හිටියා. මම ඔවුන්ට කිව්වා, නියාමක නුවන් මෙන්ඩිස් මට ගැහුව්වා. ඔහු කියවලා, එළීවෙනකම් මට ගැස්සුවා, අදත් ගහනවා කිව්වා කියා. මාව මැරෙයි කියා මා පැවසුවා.

මගේ මව, ඒ අවස්ථාවේදීම අධීකාරී ළඟට ගොස්, මට පහරදීම ගැන පැමිණීලි කලා. ටික වේලාවකින්, මාව අධීකාරීවරයා ළඟට ගෙන ගියා. ඔහු මගෙන් ඇහුව්වා ගැහුව්වාද කියා. ඔහුට මම පාරවල් පෙන්නුවා. විස්තර කිව්වා. ඔහු සියලූ විස්තර අසා පහරදීමක් වෙලා තියෙනවා කියා, තවත් නිලධාරී මහතෙකුට මගෙන් කටඋත්තරයක් ගන්න කිව්වා. ඒ මහතා මගෙන් විස්තර අසා ලියා ගත්තා. ඒ අවස්ථාවේ මට පහරදුන්න හා මට ගැස්සවූ නියාමක නුවන් මෙන්ඩිස් ද එතැන හිටියා.

කටඋත්තර ලියා ගත්තු නිලධාරී මගෙන් ඇහුව්වා - ගැහුව්වේ හිරකාරයෝද, ගාඞ් මහතුන්ද කියා. මම කිව්වා සිරකාරයෝ සපත්තු දාන්නේ නැහැනේ කියා. එවිට අසල සිටි නුවන් මෙන්ඩිස් ඉදිරියට පැමිණ මගේ බෙල්ලට අතින් ගසා, ආ පරයෝ තෝ දන්නවාද කාටද කතා කරන්නේ කියා අසා, මූව ගෙනියන්න කියා නියාමකවරයෙකුට මාව බාර දුන්නා. ඒ වෙලාවේ මගෙන් ප්‍රකාශයක් ගත්තු නිලධාරියා මට අත්සන් කරන්න කිව්වා. මම කිව්වා කියවන්න කියා. කියවන්න දුන්නේ නෑ. නුවන් මෙන්ඩිස් මට බැණ අත්සන් කරන්න බලකලා. මම අත්සන් කලා. මාව ඊට පස්සේ වාට්ටුවට ගෙනහින් දැම්මා.

එදින (05 දා), රාත්‍රීයේ 10.00ට පමණ නියාමකවරු දෙදෙනෙක් පැමිණ මට කලිසම ගලවන්න කිව්වා. ඊට පස්සේ පුරුෂ ලිංගය හම පස්සට ගසා, විනාඩි 10, එවෙලාවේ වාට්ටුවේ හිටිය 22 නාටම පෙන්වන්න කිව්වා. මම ඒ අනුව පෙන්වා සිටියා.

පසුදින (06දා) උදේ කෑම වේලාවේ සිරකරුවෙක් (රිමාන්ඞ්) වාට්ටුව ළඟට ඇවිත් මාදම්පේ ඉඳලා ආපු කොල්ලා කෝ කියා ඇසුවා. මම එළියට ආවා. ඒ වෙලාවේ උදේ කෑම ගන්න යන්න වාට්ටුව ඇරලා තිබුනේ. ඔහු - ”උඹ නුවන් මෙන්ඩිස් මහත්තයාගේ මස්සිනාට කරදර කළේ ඇයි කියා අසා", ඔහු මට කිව්වා ”නුවන් මෙන්ඩිස් මට කිව්වා උඹට කණේ පාරවල් හතක් ගහන්න කියලා, නමුත් මම උඹට එහෙම කරන්නේ නැහැ, කෑම වේලාවෙදි ගහපු විදිහට ඉන්න” කිව්වා.

සිකුරාදා (08දා) උසාවි ගෙන එන්න වොලිබෝල් කෝඞ් එක ළඟ පෝලිම් කරලා ඉන්න කොට නුවන් මෙන්ඩිස් හා තවත් නියාමකයෙක් මගේ ළඟට ආවා. එම නියාමක මට ‘‘නුවන් මෙන්ඩිස් ව පෙන්වා’’ කිව්වා එළීයට ගිහිල්ලා කරදර කරන්න එපා, උඹ ආයෙත් ආවොත් පෝරියල් එක දෙන්නේ බාල්කවල එල්ලලා කියා.

මාව උසාවියට ගේන කොට, මගේ සෙරප්පු දෙක පවා දුන්නේ නැහැ. උසාවයේදී, මගේ මව නීතිඥ මහතෙකු මාර්ගයෙන් මට පහරදීම පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තිබුනා. එතැනදී දැනගත්තා, මගේ මව 07දා මෝසමක් මගින් මට පහරදීම ගැන උසාවියට දැනුම් දීලා තියෙන බව. ඒ නිසා 08 දා මාව උසාවි ගෙන ආ බව.

නඩුව කථා කළ විට, මහේස්ත්රාත්තුමා මාව ඉදිරියට ගෙන්නුවා. මගෙන් විමසුවා. පහරදුන්නාද කියා. මම ඔව් කිව්වා. තුවාල පෙන්නුවා. මහේස්ත්රාත්තුමා, බන්ධනාගාරයට නියම කලා ඒ වෙලාවේම බලපිටිය මූලික රෝහලේ අධීකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ගෙන එන්න කියා.

බන්ධානගාර නිලධාරීන් මට මාංචු දමා පයින්, මීටර් 100 පමණ ගෙන ගිහින්, බන්ධණාගාර බස් එකට නැග්ගුවා. මට ගෙදරින් ගෙනත් දීපු සෙරප්පු දෙක දාන්න දුන්නේ නැහැ.

බලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා මාව පරීක්ෂා කර, වාර්තාව බන්ධණාගාර නිලධාරීන්ට බාර දුන්නා. නැවත මාව අධිකරණයට ගෙන ආවා.

නැවත නඩුව කැඳවූ විට, වෛද්‍ය වාර්තාව මහේස්ත්රාත්තුමාට ඉදිරිපත් කලා. මගෙන් මට පහරදුන්න නිලධාරියාව විමසුවා. මම අධීකරණයට ප්‍රකාශ කලා නියාමක නුවන් මෙන්ඩිස් සහ ඔහුගේ අවශ්‍යතාවයට තවත් නිලධාරීන් පහරදුන් බව. අධීකරණය බන්ධණාගාරයට නියම කලා මට පහරදීම ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට. මට ඇප ලබාදුන්නා.

දැනට මාගේ දකුණු කණ වේදනා ගෙන දෙයි. ඇසීම දුර්වලයි. එමෙන්ම මට නින්දයන්නේ නැත. සිනෙන් භයවි ඇහරේ..............

මා 2013. 11. 11 දින මේ සම්බ්ධයේන් ගාල්ල පොලීසියේ පැමිණිලි කළෙමි..... නමුත් මේ දක්වාම පියවරක් ගෙන නැති බව ප්‍රකාශ කරමි."Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com17tag:blogger.com,1999:blog-1869431321354372266.post-59592931471122213272013-11-18T21:41:00.001+05:302013-11-18T21:48:05.763+05:30ඔවුහු චෝ ගම් ගා අලවාගත්හ. | They stuck CHOGM up their asses

සුද්දා ආවේය. මෙහෙ එව්වෝ සද්ද දැම්මෝ ය. සුද්දා ඒවා පඩේකට ගණන් ගත්තේ නැත. සුද්දා යාපනේ ගියේ ය. සුද්දාට එරෙහිව නඩු පවරනවා ය කී, මේ රටෙන් අල්ලාගත් වැලි කැටයක් කැටයක් ගණනේ වන්දි ලබාදෙනවා ය කී උන්දෙලා පශ්චාත් භාගයේ තාර ගාගෙන ඇඳන් යටට වී එබිකම් කළෝ ය. සුද්දාට මුන් කියන කතා දැනගන්න ලැබුණේ නැත. දැනගත්තත් පඩේකට ගණන් ගන්නේ ද නැත. සුද්දා මෙහෙ ඇවිත් කොළඹ තෑග්ගැහුණේ නැත. යන්ට හිටි හැම තැනකම ගියේ ය.

සුද්දා මුරලි සමග ක්‍රිකට් ද ගැහුවේ ය. අච්චර ආණ්ඩුවේ හොරනෑවල් තියෙද්දී සුද්දා ඇසුවේ මුරලි කියන දේ ය. මේ ක්‍රිකට් මැච් එක හුදෙක් ආලෝක ක්‍රිකට් තරුවක් සමග ක්‍රිකට් ගසා ආතල් ගන්නට කළ දෙයක් පමණක් යැයි කවරෙක් හෝ සිතන්නේ නම් ඒ ද ළදරු චින්තනයකි. හැබැයි මුරලි නම් කියන්න ඕනේ දේ කියා තිබුණේ ය. ඒ වුණත් සුද්දා ඒවා ගණන් ගත්තාද නැද්ද දන්නේ සුද්දාම පමණක් ය. කොයිහැටි වෙතත් යන්ට හිටි දිනට කලින් සුද්දා ගොස් තිබුණේ ය. නිකම්ම නොවේ ය. "එක්කෝ තොපි පරීක්ෂණ කරපියවූ, නැත්නම් අපි පරීක්ෂණ කරනවා" කියා සද්දයක් ද දමාගෙන ය. බලාගෙන ගියාම කෝටි ගණන් සල්ලි ගෙවා ආඩම්බරකාර මහප්පා කර තිබෙන්නේ අතින් අල්ලා අහවල් එකේ තබා ගැනීම පමණකි. නිකං නොවේ, ඉල්ලං මාමයිට් ද ගා ගෙන ය.

චෝගම් නම් වූ මේ විකට නළුවෙ මේ සිද්ධිය වුණු කෙටි කාලය පුරාවට ජවනිකා දෙකක් රඟදැක්විණි. එකක් රූගත කළේ CNN ආයතනය විසිනි. එහි ප්‍රධාන නළුවා වුණේ ක්‍රිස් නෝනිස් මහතා ය. අපරාදෙ කියන්නට බෑ සුද්දාට පවා මදි නොකියන්න සුපිරිම කඩ්ඩෙන් නෙළා ඇවිත් තිබුණි. ඒ ගැන නම් ආඩම්බර ය. හැබැයි මෙහෙ අපේ ජාතිකවාතකාරයෝ තාම උන්දැගේ ආගම කතෝලික බව නොදන්නවා විය යුතුය. එක්කෝ දන්නවා නම් පුකේ පමණක් නොව කටේ ද තාර ගා ගෙන, කටවහගෙන ඉන්නවා විය යුතුය. එහෙමත් නැත්නම් මෙච්චර කල් සුද්දා අපිට ඇරපු ඇරිල්ලට අමාරුවෙන් දීගෙන හිටපු උන්ට, අපේ එකෙකේ අනිත් පැත්තට ඇරියාම දැනෙන සනීපය සහ සුරතාන්තය තුළ, උගේ ජාතිය ආගම වැනි සුළු සුළු ඩීටේල්ස් අමතක වෙලා වෙන්නට ඇත.

දෙවන ජවනිකාව සටන් ජවනිකාවකි. එය පිටකෝට්ටේ සිරිකොතේදී රඟදක්වන ලදි. ප්‍රවීණ සටන් නළු ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් වහන්සේ තුමූ ම අද්-යක්ෂ-ණය කොට තුමු ම රංගනයෙන් ද දායක වීමට තරම් පාරමිතාබර වූ හ. අම්බානක කන්නට වෙන බව දැනදැනම, සෙට් එක මැදට තනියෙන් පැන, විහින් ගුටිකෑම වනාහි ලේසි පාසු කර්තව්‍යයක් නොවේ. මීට පෙර අප තෙරුන් වහන්සේ ලා ස්වයංඝාතක ජවනිකා රඟදක්වා ඇතත්, මෙවැන්නක් කළ පළමු අවස්ථාව මෙය වෙයි. ශවොලින්, තාවෝ, සිචුවාන් පමණක් නොව චීනඩි පොල්ලඩි වුව භික්ෂුන්ට කැප බව අප මුලින් කුංෆු මාලා නාටකය තුළින් දැනගත්තත්, එවැන්නක් ලාංකේය හිමිනමක් විසින් කරන ලද පළමු අවස්ථාව මෙය වන බැවින් මේ සිද්ධිය ඉතිහාසගත වෙයි.

අවසානයේ චෝගම් මගුල අවසාන විය. එය අවසාන වූ බව අප දැනගත්තේ මෙතෙක් කල් අතුරුදන් ව සිටි පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද පහත ප්රකාශයෙනි.

මේ ගැන අදහස් දැක්වූ අපේ පේට්‍රියට් බ්ලොග් කරුවා මේ දැකීමෙන් හටගත් සිය සැනසුම් සුසුම වදන්වලට නැගුවේ මෙසේ ය.

"ලිපියනම් කියවන්න ඕනෙත් නෑ. නමයි, පින්තූරෙයි දැක්කහම අනේ වාසනාවන් කියල, සැනසුම් හුස්මක් හෙලුනා. චෝගම් ඉවරවෙනකම්ම ෂුවර් නැතිව හිටියේ ඔබතුමාට කරදරයක්වත් වුනාද කියලා. දැනුයි දැන්ගත්තේ ඇත්තටම චෝගම් ඉවරවෙලා කියල.

නොදන්න කමටයි අහන්නේ; කැමරනුයි, චාල්සුයි, පැකරුයි, මැකරෙයි, මිලරුයි ඔබතුමාට කනට කරල මුකුත් කිව්වෙ එහෙම නැත්ද?"

කොහොමින් හරි චණ්ඩියා ඇවිත් චණ්ඩි පාට් එක දමා යනතුරු ඇඳන් යට සැඟවී සිටි අපේ බයියලා දැන් ටික ටික කටවල් හොලවන්නට පටන්ගෙන තිබේ. කොහොමත් ඔය කටවල් හෙල්ලෙනවා ඇරෙන්නට වෙන වැඩක් කරන්නේ නැති තරම් ය. අඩුම තරමේ බතල කොළ වත් හිටවන්නේ නැත. කට ගැන කියනවා නම් වෙනම ලිපියක් ලිවිය යුතුය. අප ලංකාවේ දේශපාලනය හඳුන්වන්නේ ද එක්තරා විදියක "කටට ගැනීමක්" විදියටය. පැරණි පාඨකයෝ නම් ඒ ලිපිය කියවා ඇත. ආයෙත් කියවන්නට අවැසි වෙතොත් මෙතැනින් කියවිය හැකිය. හැබැයි කොහොම මොන විදියට කටට ගත්තත් / දුන්නත් අවසානයේ ලොකුම ලන්සුව ඉදිරිපත් කරන පිම්පියා වෙත ගණිකාව වෙන්දේසි වේ. අපට ඇති ගැටළුව වන්නේ වෙන්දේසිය දිනන්නේ බ්‍රිතාන්‍යය ද, චීනය ද කියා පමණි. දැනට නම් චීනය අපට කට පිරෙන්නට දී තිබුණත් ඉස්සර ලංකාව දිහා බලුබල්ලෙක් හැරී නොබලන කාලයක ලංකාවට යුද ආයුධ සහන ලබාදීම ආරම්භ කෙළේ බ්‍රිතාන්‍යය බව බොහෝ දෙනාට මතක නැත.

දැන් ඊළඟට සුපුරුදූ ඩ්‍රාමා එක යළිත් කරළියේ රඟදැක්වෙනු ඇත. එනම්,

1. ළඟ එන නත්තල් සමය බලා බඩුමිල සොච්චමක් අඩු කිරීම (චෝගම් එකෙන් වියදම් වූ කොටි ගණනක මුදල නිසා පාඩුවක් සිද්ද නොවූ බව ජනතාවට ඒත්තු ගැන්වීමට) සහ අවුරුද්දෙන් පසුව ආයෙම අහස උසට බඩුමිල නැංවීම,

2. නත්තලට ආඩම්බරකාර මහප්පා යාපනේ ගොස් සරණාගතයන් හමුවී නත්තල් සීයා වීම, සහ (එතුමාම හෝ ශිරා ලොකම්මා හෝ දෙන්නාම හෝ) LTTE පුනරුත්ථාපිත දරුවන් හමුවී සුරතල් බඩු බෙදා දී හුරතල් කොට ෆොටෝ කෑලි පළකිරීම,

3. බේබි මහත්තයා සිය තරුණ සේනාව සමග යාපනයේ / ට්‍රින්කෝ / බැටිකලෝ සංචාරයක් ගොස් පැමිණීම සහ, නවවසර සමරනු පිණිස චෝගම් එකට ගෙනාපු වාහන කන්දරාවෙන් කීපයක් තෝරාගෙන ආයෙම කාර් රේස් එකක් තැබීම

4. ආණ්ඩුවට කඩේ යහ දේශප්‍රේමී ගැන්සිය නයි-ටී-එන් එකෙන් දොර-මඩ-ලා ගන්නා අතරතුර, වසර 2500ක් මුළුල්ලේ ස්වෛරීය එකස්ථාම්භික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව (වැරදුණා--ඔවැනි තැන්වල ඔවුන් කියන්නේ සිංහලේ කියා ය) සතු භෞමික අඛණ්ඩතාව සහ ස්වයංවින්දන අයිතිය තහවුරු කොට සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම කියා දීම සහ,

5. එතනදීම කැමරන් මරා මස්කොට හක්කේ තබා සේම ද ඇර, ඇඟේ මයිල් කෙලින් වෙන ජාතියේ, ආශ්චර්යයක් හසන්ත මහත්තයෝ කියවෙන ජාතියේ විචාරයක් ලබා දී, හැනිබාල් කාර්තෙජයේ ගේට්ටු කඩන්නට සිංහල අලි ගෙනගිය තැනින් පටන්ගෙන, රාවණා දඬුමොණරයෙන් ගොස් සීතාව අරං ආපු තැන දක්වා ලෝක ඉතිහාසයේ අප විසින් ඉටුකරන ලද මහා දැවැන්ත කාර්යභාරය ගැන ද ජනතාව දැනුවත් කරනු ඇත.

6. එවැනි දැනුවත් කිරීමකින් පසුව ඊළඟට, ජාතික චින්තනය ගුරුකොටගත්, බටහිර අධ්‍යාපනය පිළිකුල් කරන, එහෙත් ඇමරිකාවේ ඉහළම සරසවියක සිය පුතාට උගන්වන එක්තරා මහැදුරු වරයෙක්, මෙකී සමස්ත ක්‍රියාදාමය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතකරණයේ වර්තමාන ශානරය බවත්, මෙකී හුදු ද්‍රව්‍යවාදී සහ පොන්ටිෆ්වාදී දයලෙක්තිකය තුළ, ඩෙරීඩාටවත් විසංයෝජනය කරන්නට දෙයක් ඉතිරිවන්නේ නැති බවත්, අවසානයේ කොහොමත් දේවවාදී ඇරිස්ටෝටලීය ද්විකෝටික චින්තනය තුළ, ඔවැනි දේ විග්රහ කිරීම අසාර්ථක බවත්, මේ අනුව නුදුරු අනාගතයේදීම මුළුමහත් බටහිර විද්‍යාවම බිඳවැටෙනු ඇති බවට තමාට නාථ දෙයියෝ ඊයේ රැ එස්.එම්.එස්. එකකින් දැන්වූ බවත් කියනු ඇත.

7. ඊළඟ සතියක් පමණ ඔය ආතල් එක යන්නට දීමෙන් පසුව ලෙමන් පෆ් මහතා සීගිරිය බලන්නට ගිය බයිසිකලෙන්ම ආපහු ඇවිත් (උන්නැහැ මේ දවස්වල පෙන්න හිටියේ නැත්තේ සීගිරිය බලන්නට ගිය නිසා ය.) ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ලෙමන් පෆ් ඉල්ලා අඛණ්ඩ මාරාන්තික උපවාසයක නිරත වනු ඇත.

8. මහා සංඝරත්නයට අතතැබීමේ පාපය පලදෙන හැටි පෙන්වන්නට මෙන්, අද මේ සියලල් සිද්ද වන්නේ රටට ශක්තිමත් දේශපාලන විකල්පයක් නැති නිසා බව පවසන බොබසේ, රට විකුණන දේශද්‍රෝහී රනිල් කල්ලිය වෙනුවට රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බව පවසමින් තමන්ම දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරනු ඇති අතර එහි මූලික පියවර ලෙස මුලින් මුලින් පොඩි මාධ්‍ය සංදර්ශන කීපයක් පෙන්වා අත්හදා බලනු ඇත.

මේ අපේ අනාවැකි කීපයකි. අසරණ දරුවා, මෙය මුදල් බලාගෙන කරන සේවයක් නොවේ. හරිගියොත් පමණක් ආධාර කරන්න.

දැන් මේ හදිස්සියේ අපි මේ කුණු අදින්නේ මන්දැයි ද අපෙන් ප්‍රශ්න කරනු ඇත. ඊට දිය හැකි පිළිතුර මේ ය. අනුන්ගේ කුණු සෙවීමේ අයිතිය සින්නක්කර ලියා දී ඇත්තේ ජාතිකවාතකාර සෙට් එකට පමණක් යැයි කවරෙක් හෝ සිතා ඉන්නේ නම්, එය ඉතාම ළදරු සිඟිති සිහිනයකි. නයිට් ක්ලබ් වල රමණයේ යෙදෙන හැටි සොයමින්, ගැහැණුන් කොටට ඇඳීම ගැන විවේචනය කරමින්, කන්‍යාභාවය නීතිගත කරන්නට සිහින මවමින්, මිනිස්සු මුස්ලිම් කඩවලින් බඩුගැනීමට එරෙහිව බිත්තර සේනාවන්ට හුරේ දැමු, විශාඛාවන්ගේ පාගමනේ දොස් සොයමින් ඔවුන්ට වෛශ්‍යාවන් යැයි අපහාස කළ කාලකන්ණි අමනයන්, දැන් අපිට තමන් ගැන නොසොයා අප ගැන බලාගන්න යැයි බණ කියති. එදා උන්ට අනුන්ගේ කුණු සෙවීම කැප වන්නටත්, අද අපට උන්ගේ කුණු ඇවිස්සීම අකැප වන්නටත් හේතුවක් මට පෙනෙන්නේ නැත. වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නට එපාය කියන්නේ නිකං නොවේ.

දැන් එළඹ ඇත්තේ ජාතිකවතකාරයන් පුකේ තාර ගාගෙන උලමුන් සේ නියවමින්, ක්‍රිස් නෝනිස් ගේ පශ්චාත්භාග වන්දනයේ යෙදෙන මොහොතයි. දැන් අපිදු, ඔවුන්ගේ පැරණි කුණු එකක් නෑර අදිමින් ඔවුන්ගේ මුහුණේ අතුල්ලමින් සිටිමු. මෙයාලාගේ සීන ලොවේ වීරයන් පවා චෝගම් අහවර වෙනතුරු ඇටිකෙහෙල් කාපු උගුඩුවන් වගේ ඉන්නට සිද්ධ වූ විට, කටත් අනිත් කොණත් වසාගෙන ඉන්නවා ඇරෙන්නට ජාතිකවාතකාරයන් හට වෙනත් විකල්පයක් මේ වන විට ඉතිරිව නැත.

කෙසේ වෙතත් අර සුද්දාගෙන් හම්බුවෙනවා යයි කී ලොකුවයින් වන්දිය අපේ උන්දෙලා අපට ඇරගෙන දෙනතුරු අපේ බබ්බු ටික තාමත් චෝගම්, චෝගම් කියමින් ඇඟිලි විකමින් බල සිටිති. එනිසා චම්පක රණවක සහ උදය ගම්මන්පිල මාමලා ඒ අසරණයන් ගේ දුක බලා වදාරන සේක්වා යයි මෙසේ පතමු. මන්ද අපිට ඔබලා කෙසේ පෙනුණත්, මේ රටේ බහුතරයට ඔබ තවමත් වීරයන් බැවිණි.Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com15tag:blogger.com,1999:blog-1869431321354372266.post-4994347959451217072013-11-17T22:42:00.000+05:302013-12-13T22:10:42.576+05:30එන්න මහත්වරුනි, අපි නෝනිස්ගෙ කරේ යං | Come Sir, Let's All Ride Chris Nonisචෝගම් නමැති මනාලයා නැති මගුල් කෙළිය අවසානයේ අපේ උන්දෙලා විහින් රෙද්ද ගලවගත්තා පමණක් නොව, ඉස්සරහ පස්ස වංගෙඩි දෙකම උකස් කරගෙන ආපසු ආ හ. සියලු පරාජයන් හමුවේ විඳි එකම ජයග්‍රහණය වුණු නිසා ම, සියල්ලෝම සිත්සේ ක්‍රිස් නෝනිස් මහතා විකුණාගෙන කෑ හ. ඔබ තාමත් ඒ වීඩියෝව බලා නැතැයි අප සිතන්නේ නැත. එහෙත් ලිපිය සම්පූර්ණ වනු පිණිස එය මෙසේ පළකරමු.

මේ එක්කම ඔබ නැරඹිය යුතු තවත් වීඩියෝවක් වෙයි. ඒ වනාහි සිරිකොතේ පවත්වන්නට යෙදුණු ඡායාරූප ප්‍රදර්ශනය වෙත වැඩිය අපේ උන්නාන්සේ නමක් විසින් කරගනු ලැබූ ඇබැද්දියයි.

http://www.youtube.com/watch?v=b3IE2DrTfe0

ගුටිපොරේ ගැන නම් අපට කියන්නට ඇත්තේ මෙන්න මෙපමණකි. වචන දහසකට වඩා වටිනා මේ ඡායාරූපය ලබාදුන් චතුර වැල්ලගේ හට අපේ ස්තුතිය හිමි වේ.

වැදගත්ම දේ නම්, ක්‍රිස් නෝනිස් මහතාගේ වීර ක්‍රියාව හමුවේ බොහෝ ජාතිකවාතකරුවන්ට සිය ස්ථාවරයන් බොහොමයක් අමතකව තිබීමයි. මේ ගැන "බුවාගේ සිතිවිලි" බ්ලොගය ලියන අපේ සහෘද "බුවා" මෙසේ සිහිපත් කරයි.

සිංහල-බෞද්ධ දේශප්‍රේමියෙකුගේ ලක්ෂණ

01) බටහිර විද්‍යාවට එරෙහිය , දේශීය විද්‍යාවක්, දැනුම් පද්ධතියක් පිලිබඳ විශ්වාස කරයි (නමුත් ලෙඩක් දුකක් හැදුනු විට බටහිර දොස්තරලාගෙන් බෙත් ගැනීමට මෙය ගැටලුවක් නොවේ )

02) බටහිර සංස්කෘතියට එරෙහිය , දේශීය සංස්කෘතික වටිනා කම් පිලිබඳ ඉහලින් කථා කරයි (බටහිර චිත්‍රපට මාලා නාටක නැරඹීමට මෙය බාධාවක් නොවේ )

03) බටහිර රටවල මූලයන් සහිත ව්‍යාපාරයන්ට විරුද්ධය , එවා බටහිර රාජ්‍යයන්ගේ කුමන්ත්‍රණවල කොටස් කරුවන් සේ දකියි (ඇමරිකානු සමාගම් වල සේවාවන් වු ෆෙස්බුක් ට්විටර් ආදිය භාවිතයට මෙය බාධාවක් නොවේ )

04) ප්‍රියතම දේශපාලකයා (දේශීය ) - චම්පික රණවක (ඡන්දය දෙන විට මහින්ද රාජපක්ෂ )

05) ප්‍රියතම දේශපාලකයා (විදේශීය ) - ෆිදෙල් ක්‍රස්තෝ, පුටින් හෝ චීන ජනපති (මට නම මතක නැත )

06) අප්‍රියතම දේශපාලකයා (දේශීය ) - රනිල් වික්‍රමසිංහ , වික්‍රමභාහු කරුණාරත්න

07) අප්‍රියතම දේශපාලකයා (විදේශීය ) - බැරක් ඔබාමා, ඩෙවිඩ් කැමරන්, මන් මෝහන් සිං

08) ප්‍රියතම මාධ්‍ය ආයතනය (දේශීය ) - අයි ටි එන්, ලංකා සී නිවුස්

09) ප්‍රියතම මාධ්‍ය ආයතනය (විදේශීය ) - රශියා ටුඩේ

10) අප්‍රියතම මාධ්‍ය ආයතනය (දේශීය ) - ලංකා ඊ නිවුස්

11)අප්‍රියතම මාධ්‍ය ආයතනය (විදේශීය ) - චැනල් 4

12 ) ප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකයා - වෛද්‍ය ක්‍රිස් නෝනිස්

13) අප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකයා - අචාර්ය දයාන් ජයතිලක

මේ සමස්ත සිද්ධිය ගැන අපේ සම්පත් දායකයෙක් "හරකාගේ බ්ලොග් අඩවිය" වෙත මෙසේ කියා තිබිණි.

පට්ටම ආතල් එක තමා දැන් ක්‍රිස් නෝනිස් මහත්මයාව උඩ දාගෙන පුම්බන බොහෝ දෙනා, ඔහු එංගලන්තයේ උගත්, බටහිර අධ්‍යාපනය ඉහළින්ම ලැබූ, සිංහල කතෝලිකයෙක් බව නොදැනීම. සිංහල වෙන්න නම් බෞද්ධ වෙන්ඩ ඕනේ, කතෝලිකයෝ සිංහලයෝ නෙමෙයි කියල කෑගහන, ඉංග්‍රීසි දැනුම සහ සුද්දගෙ දැනුම තුට්ටුවට දාල කතා කරන, "කැම්පස් ලොකු නෑ / බටහිර විද්‍යාව ලොකු නෑ" කියල කියන "ජාතිකවාතකාර" උන්දෙලා, (දොර-මඩ-ලා ගන්න ප්‍රෝග්‍රෑම් වලදි බටහිර අධ්‍යාපනයට එරෙහිව කෙස්පැලෙන විචාර දෙන ගමන් තමන්ගේ දරුවන්ට ඉහළින්ම බටහිර අධ්‍යපනය දෙන මහැදුරුතුමන්ලාත් ඇතුළුව) දැන් මොකද කියන්නේ? බටහිර අධ්‍යාපනය ලද, කතෝලික, කඩ්ඩෙන් කතාකරන, ආදී ජෝසපියන් කෙනෙකු වන ක්‍රිස් නෝනිස් මහතා සිංහල ද? නැද්ද? දීහල්ල බලන්න උත්තර.

ඊළඟට: විදේශයක ඉගෙන ගත්තු කතෝලික ක්‍රිස් නෝනිස් මහතා අපේ රට වෙනුවෙන් ලොව ඉහළම ප්රවෘත්ති නාලිකාවක් වන CNN සමග වාග් ප්රහාරයක ඉඳිද්දි, අපේ රටේ පැරණිම දේශපාලන පක්ෂයක් වන, සංකේතය පවා සිංහල බෞද්ධ සංකේතයක් වන, නමට "ජාතික" කෑල්ල අලවගත්තු, හොඳ සිංහල නමක් තියෙන පක්ෂ මූලස්ථානයක එක්රැස් වෙච්ච අපේ රටේම මිනිස්සු, චැනල් 4 කියන ටැබ්ලොයිඩ් ගණයේ නාලිකාවකට පේන්න "යුද අපරාධ" වලට සාක්ෂි රැගත් ඡායාරූප ප්‍රදර්ශනයක් තියනවා. දැන් කවුද දේශප්‍රේමියෝ, කවුද දේශද්‍රෝහියෝ? සිංහල බෞද්ධ ලකුණක් දරන පක්ෂය ද, අර බටහිර හැදී වැඩුණු කතෝලිකයා ද?

ඊළඟට: යුධ අපරාධ ගැන අපෙන් ප්‍රශ්න කරන නාලිකා දෙකක් මේ සතියේ අපි දැක්කා, සමගාමීව. එකක් CNN, අනික චැනල් 4. චැනල් 4 විරෝධයට වැඩියේ බුද්ධ චීවරය ඇඟේ දාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. CNN එක්ක හැප්පුණේ කතෝලික ගිහියෙක්. දැන් මේ දෙකෙන් වඩා සාර්ථක වුණේ කවුද? අසාර්ථක වුණේ කවුද? එක්කෙනෙක් නිසා ජාති ආගම් භේදයකින් තොරව රටක් ආඩම්බර වෙද්දී, අනිකා නිසා බෞද්ධයන්ට පාරේ බැහැල යන්න බැරි මට්ටමට ඇවිල්ල තියෙනවා. දැන් අපි තෝරාගන්න ඕනේ කාගෙ ප්‍රතිපත්තිය ද?

මෙන්න සරලම සමාලෝචනය: "පිරුණු කළේ - දිය නොසැලේ".

දැන් ඊළඟට: ක්‍රිස් නෝනිස් මහතාට ශ්‍රී ලංකාව, රණවිරුවන් සහ රජය වෙනුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ අභීතව කතා කළ හැකි වීමට "ප්‍රධාන හේතු" කවරේද?

[1] බටහිර වාසගමක් තිබීම, ඉංග්‍රීසි පුළුවන් වීම, පොෂ් වීම, කතෝලිකයෙක් වීම, එතුමා ලබා ඇති විශිෂ්ට අධ්‍යාපනය සහ සහජ දක්ෂතාවය ද?

[2] රට ගැන ආදරයක් හා කැක්කුමක් තිබීම, ජනාධිපති වරයාගේ නිවැරදි පත්කිරීම, රජයේ ප්‍රතිපත්ති වලට පක්ෂපාතී වීම, කිව යුතු දෑ ගැන නිසි උපදෙස් ලබා දීම සහ පිළිපැදීම ද?

මේ එක්තරා දේශපාලන විචාරකයෙක් අසා තිබු පැනයකි. පිළිතුර එක ද, දෙක ද? අපට දෙන්නට ඇති පිළිතුර වන්නේ, දෙකම නොවේ යන්නයි. බටහිර වාසගමක් ඇති, ඉංග්‍රීසි පුළුවන්, පොෂ්, කතෝලික, උගත්, සහජයෙන්ම දක්ෂ දේශද්‍රෝහියෝ වෙති; එසේම රට ගැන ආදරයක් කැක්කුමක් ඇති (ලෙස පෙන්වන) රජයට දෙකට නැවීගෙන ඉනනා, උපදෙස් අකුරටම පිළිපදින සහ ඒ වෙනුවෙන් මිනී මරන්නට පවා ලැස්ති උන්දෙලා (උදා: වැලිවේරිය) සිටිති. මේ දෙගොල්ලොම පිස්සු යක්කු ය. වැදගත් වන්නේ ඔය එකක් වත් නොවේ. වැදගත් වන්නේ ඔහුගේ ආකල්ප ය.

ආකල්පය යනු කුමක් ද? කෙනෙකුට අවශ්‍ය නම් ආකල්පය යනු රට ගැන කැක්කුමක් තිබීම කියත හැකිය. එහෙත් එපමණක් කියා කීම සාර්ථක වන්නේ නැත. ඔහුගේ ආකල්පය යනු ඔහු රට ගැන පමණක් නොව, තම රට ලෝකය ඉදිරියේ පෙන්වන්නේ කෙසේද, පෙන්විය යුත්තේ කෙසේද යන්න ගැන දරන මතයයි. එකම වගේ අරමුණු වෙනුවෙන් පෙනී ඉන්නවා සේ අපට පෙනුනත්, ඥානසාර ක්‍රමය සහ නෝනිස් ක්‍රමය අතර වෙනස ඇතිවන්නේ ඔන්න ඔය ආකල්පමය වෙනස නිසා ය.

මේ අතරේ "ඉන්ද්‍රඛීලය" ලියන බ්ලොග්කරු මේ ගැන මෙසේ කියා තිබුණි.

"ක්‍රිස් නෝනිස්ව දිරවා ගත නොහැකිව අවජාතිකයන්ට බුකිය පුරා බඩ යමින් පවතී. විචාර වසුරු ගොඩවල් තැන් තැන් වල එමටයැ.

"ක්‍රිස් නෝනිස් සිරා පොරක් නෙවෙයි. සිරා නැත්තෙත් නෑ. හැබැයි දයානුත් සිරා. දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ පැටලුනා ක්‍රිස්ට වඩා සිරා දයාන්....... "

"ක්‍රිස් නෝනිස් තරමට ඉංග්‍රිසි බැරි වීම නිසා තමයි, අපේ රටේ මිනිස්සුන්ට කෙළ වෙලා තියෙන්නේ. වහාම ක්‍රිස් නෝනිස් වගේ ඉංගිරිසි කතා කළ හැකි පරපුරක් හදන්න අපි හෙට ඉඳන්ම වග බලාගන්න ඕන."

"ක්‍රිස් නෝනිස් පැවත ගෙන එන්නෙ පෘතුගීසි පරම්පරාවකින්. අන්න පේනව නේද පරංගි අපව අල්ල ගත්ත එකේ වටිනාකම. පරංගි අපිව අල්ල ගත්තෙ නැත්තන් කෝ අපිට සී.එන්.එන්. එකේ සුද්දො එක්ක හරි හරියට කතා කරන්න පුළුවන් ක්‍රිස් නෝනිස් කෙනෙක්."?

සත්‍ය වශයෙන්ම, මෙකී කතාව තුළ, අපේ සමාජය ක්‍රිස් නෝනිස් ව "දිරවාගෙන" ඇති ආකාරය ගැන සරල සුන්දර චිත්‍රයක් ඇඳගත හැකිය. මෙකී ජාතිකෝන්මාදකරුවන් සිතා සිටින්නේ අපේ රටේ බහුතරය ක්‍රිස් නෝනිස් ව අගය කරන්නේ සුද්දා සමග කඩ්ඩෙන් කතා කළ නිසා කියා විය යුතුය.

අපේ විග්රහයට පෙර අපේ පිළිතුර මෙන්න.

"ක්‍රිස් නෝනිස්ව දිරවා ගත නොහැකිව ජාතිකවාතකාරයන්ට ද බුකිය පුරා බඩ යමින් පවතී. විචාර වසුරු ගොඩවල් තැන් තැන් වල එමටයැ.

"ක්‍රිස් නෝනිස් සිරා පොරක් ඕයි. හැබැයි ඌ කතෝලිකයා. කමක් නෑ සිරා නැත්තෙත් නෑ. හැබැයි දයාන් බෞද්ධලු නේද? දයානුත් සිරා. නෑ නෑ දයාන් ක්‍රිස්ට වඩා සිරා. නෑ ක්‍රිස් තාම වඩා සිරා. නෑ පැටලුනා ක්‍රිස්ට වඩා සිරා දයාන්....... "

"ක්‍රිස් නෝනිස් හොඳ කඩ්ඩෙන් තර්කානුකූලව කතාකලා තමා, එහෙම නොකළා නම් CNN එකත් එක්ක හැරෙන්න වත් බෑ තමා.. හැබැයි ඒ වගේ කතා කරන්න පුළුවන් වීම මහදෙයක් නෙමෙයි, ඔය ඉංගිරිසිය බදාගෙන ඉඳීම තමා අපේ රටේ මිනිස්සුන්ට කෙළ වෙලා තියෙන්නේ. ඊට වඩා කොච්චර ශෝක් ද නාථ දෙයියන්ගෙන් බණ අහන එක. හැබැයි නාථ දෙයියෝ ආවද CNN එකට? නෑ නෑ එයා තමා ක්‍රිස් ගේ කටට වචන දුන්නේ. වහාම අපි සිංහල පමණක් අනිවාර්ය, ඉංගිරිසි වෛකල්පික කරල හෙළ පරපුරක් හදන්න අපි හෙට ඉඳන්ම වග බලාගන්න ඕන. ක්‍රිස්ලා බිහිවෙයි වෙලාවට"

"ක්‍රිස් නෝනිස් පැවත ගෙන එන්නෙ පෘතුගීසි පරම්පරාවකින්. හාපෝ චාටර්. හැබැයි ඒක මේ වෙලාවේ කියන්න එපා නේද? මොනා වුණත් මිනිස්සු අතරේ ඒ යකා වීරයෙක් නේ. අපි මේ වෙලාවේ වැල යන අතට මැස්ස ගහන්න ඕනේ. මොකා වුණත්, පරංගියා වුණත්, අපි වෙනුවෙන් කතා කරලා අපේ අතිගරු ජනපතිතුමාගේ මෙවුව එක පරෙස්සම් කරපු මිනිහා නේ. බලන්න එතනත් අපේ තුමාගේ දේශපාලන ඥාණය. එතුමා ක්‍රිස්ව ඔතෙන්ට නොදැම්මා නම් අද කො අපිට මෙහෙම ආතල් එකක්? අන්න හරි. එහෙම කියමු."

පලි: සියල්ල අවසානයේ අනාවැකියක් ද කියන්නෙමු. සිරිකොත සිද්ධිය ගැන එක්තරා මහාචාර්යවරයකුගේ පැහැදිලි කිරීම ලබන සතියේ පුවත්පතේ මෙලෙස වාර්තා වනු ඇත.

"ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. "

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com4tag:blogger.com,1999:blog-1869431321354372266.post-54461367342228064832013-11-16T20:47:00.001+05:302013-11-16T20:53:45.954+05:30කන්‍යාවන් අවශ්‍ය කර තිබේ (18+) | Virgins wanted (18+)

අද සමාජයේ පවතින විවාදාපන්න ම සහ පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් ගැන කතාකරන්නට ය, මේ සැරසෙන්නේ. ලිපියට ආරම්භයක් ලෙස අපි අපේ සහෘද බ්ලොග් රචිකා "සිත්තරී" ලියු "සංස්කාර විනිවිද" බ්ලොගයෙන් "ලේ" නම් වූ ලිපිය උපුටා දක්වමු.

ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් බබෙක් වගේ පරිස්සමට. ලැජ්ජාවද, බයද, කුතුහලයද, සැකයද, අස්ථාවරත්වයද කියන්න දන්නෙ නැති මොකද්දෝ හැඟීමක් එක්ක මම ඒ වෙලේ අම්ම දිහා බලල හිනා වෙන ගමන් බිම බලා ගත්තා. මංගල රැය ගැන මනාළියකගෙ හිතේ ඇතිවන තිගැස්ම අනිත් කාටත් වගේ මටත් ඒ වෙලේ ඇති වෙලා තිබුණා.

එදා පෝරුවට නගින්න කලින් දවසෙ මුළු රෑම ඇහැරගෙන එකින් එක පොර කකා ආපු සිතිවිලි අතර ඒ වගේ සිතිවිල්ලකුත් අහම්බෙන් හරි මතු වෙන්න ඇති කියල මට හිතුණා. ඇස් වලට උනපු කඳුළු ආයෙමත් ඇස් යටටම ගිලාබස්සවන්න මම උඩ බලාගෙන ඇහිපිල්ලන් ගැහුවේ මීදුමත් එක්ක හිතේ ආයෙමත් පුරෝගත්තු මහා බර එක මොහොතකට හරි පැත්තකින් තියන්න ඕන නිසා. කඳුළු කියන දේ ඉස්සරහටත් මට ඕනකරන වටිනා දෙයක් බව තේරුම් අරන් හිටිය නිසා කඳුළු පරිස්සම් කරගන්න අවශ්‍ය වුණත් මම ඒ මොහොතෙදිත් ආයෙමත් මටම වුණ පොරොන්දුව මතක්කරගත්තා.

'ඇඳ හදනවා'

ඕනෑවට එපාවට සඟරාව පෙරළ පෙරළ හිටපු ඔහු මට කිවෙ රෑ කෑම මෙසේ අස් කර කර ඉද්දි. හීල්ලුණ සුසුමට ඔහේ පාවෙන්න ඇරල මම පුරුදු වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න උත්සාහයක යෙදුණෙ සීතලට නොවුණත් මටම වාරු නැතින වෙව්ලන ඇඟිලි තුඩු අවනත කරගන්න උත්සහයක යෙදෙන ගමන්. ඒ නියෝගය හැමදාම ලැබෙන එකක් නොවුණත් මම කවදාවත් කනට අහන්න ආස කරපු නියෝගයක් නෙවෙයි ඒක.

'කි පාරක් කියන්න ඕනද මළමිණියක් වගේ ඉන්ඩ එපා කියලා'

හතියත් හුස්මත් අතර අරගලයට මද විවේකයක් දීලා කඳ කෙලින් කරගත්තු ඔහුගෙ ඇස් මගේ ඇස් වලට එබුණ ඒ තරවටුවත් එක්ක. ඒත් එක්කම ජනේලෙ විනිවිදගෙන ආපු අකුණු එළියෙන් ලා රතු පාටට ඒ ඇස් දිලිසුණා.

'තෝ මගේ ජීවිතේ කාලකණ්ණි කළා වල් වේසාවි' මගේ කන් අස්සෙ නිදාන උන්නු ඒ වචන අඬු පඬු දිගහැරල අවදි වෙනවත් එක්කම මම කකුල් තද කරල ඔහුගෙ උකුල හිරකරගත්තා

මගේ ඇස් කට්ට කළුපාට අඳුරෙ මමත් නොදන්න දෙයක් හෙව්වා. කවදාවත්ම මට හොයාගන්න බැරිවුණු, සමහරවිට හෙව්වත් ජීවිත කාලෙටම හොයාගන්න බැරිවෙන දෙයක්. ඔහේ බලා ඉන්නව ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔහුගෙත් මගේත් එකට කලවම් වුණු දාඩිය පිහදන්න ටිකෙක් ටික එළියෙ දඟලපු සීතල ලං වුණා. 'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න' මම මට පුළුවන් උපරිම හඬින් ඒ වෙලේ මුර ගෑවා.

මේ එක් පුද්ගලයකු ගේ කතාවක් නොවේ. "මේ බුදුන්ගේ දේශයයි" කියා බස්වල තඩි පොල් අකුරෙන් ලියාගෙන යන (නමුත් ඇතුළේ තම දරුවන්ගේ වයසේ පාසැල් දරුවන්ට ජැක ගහන අංකල්ලා ඉන්න) රටේ මානවිකාවන් බොහෝ දෙනෙකු නොකියන කතාවයි.

කාලකන්ණි වර්තමානයෙන් මොහොතකට මිදී, අතීතය දෙස හැරී බලා පොඩි සංසන්දනයක් කරනු පිණිස, අපි මොහොතක ඉසිඹුවක් ගෙන, මෙන්න මේ පුද්ගලයා දෙස බලමු.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ, 1918 දී "What A Young Woman Ought To Know" ග්‍රන්ථය රචනා කළ ලේඛිකා Mary Wood Allen (1841-1908) මහත්මියයි. "Self and Sex" නම් ග්රන්ථ මාලාවේ කොටසක් ලෙස වර්ෂ 1918 දී ඈ විසින් රචනා කරන්නට යෙදුණ මේ ග්‍රන්ථය, දශක ගණනක් තිස්සේ දෙමාපියන් විසින් සිය දූවරුන්ට "හරිමග" කියා දෙන්නට පාවිච්චි කරන ලද්දකි. මේ වනාහි අද කන්‍යාභාවය මෙන්, එදා "අතිවිශිෂ්ට" ගණයේ සදාචාර සම්පන්න රාමුවක් ලෙස අර්ථ ගන්වන ලද යම් කරුණු කීපයක් දෙස, දශක ගණනකට පසුව ආපසු හැරී බැලීමකි. මූලාශ්‍ර වූ ඉංග්‍රීසි ලිපිය මෙතැනින් බලන්න.

මේ පහත දැක්වෙන්නේ එකී ග්‍රන්ථයේ "හුදෙකලා පාපය" (Solitary Vice) නම් පරිච්ඡේදයේ සිංහල පරිවර්තනයකි.

ගැහැණු දරුවකුගේ ලිංගික ප්‍රජනක පද්ධතිය අවදිවීමත් සමග, එය ස්වාභාවිකවම ඇයගේ මානසික ආකර්ෂණය ඇදගන්නට සමත්වන අතර, මෙය සිදුවීමත් සමග ඇගේ මනස (ඒ හැර) වෙනත් දේවල් වලට යොමු කරවීම කෙරෙහි උත්සුක විය යුතු වේ.

මා කලිනුත් පවසා ඇති ආකාරයට, බොළඳ ආදර කතා කියැවීම (මේ කෙරෙහි) වඩාත්ම හානිකර බලපෑම ඇති කරයි. අනුරාගී ප්‍රේම ජවනිකා වලින් පිරී ඇති ඔවැනි ආදරබර, ශෘංගාරාත්මක කතන්දර කියැවීම මගින් එය කියවන්නා ගේ ලිංගික පද්ධතිය කෙරෙහි උත්තේජනයක් ඇති කරනු ලබන අතර, එමගින් ඇගේ ප්‍රජනක පද්ධතිය සක්‍රීය කරවීමත්, ඒ තුළින් ඇගේ මනස, එහි පියවි තත්ත්වයෙන් පිරිහීමටත් හේතු පාදක වේ. තරුණයන් සහ තරුණියන් අතර සිදුවන අල්ලාප සල්ලාප, බොළඳ කතා, හැඟුම්බර සිහින ආදියෙන් පිරි ලෝකයක අතරමංවීම, ගැහැණු දරුවකුගේ ප්‍රජනක පද්ධතිය අනවශ්‍ය ලෙස උද්දීපනය කිරීමට හේතු වන අතර, එමගින් ගැහැණු ළමයකු, ගැහැණියක බවට පත්වීම ඉක්මන් කරවයි.

මෙකී උද්දීපනය, සමහර අවස්ථාවලදී "ස්වයං-අපහරණය" ලෙස හඳුන්වනු ලබන තත්ත්වය දක්වා වර්ධනය විය හැකි අතර, එහිදී ලිංගික අවයවයන්හි වින්දනාත්මක උත්තේජනයක් ඇතිකරනු ලබයි. මෙකී උත්තේජනය, භෞතික ක්‍රම මගින් හෝ හුදු මානසිකවම හෝ සිදු විය හැකි අතර, බොහෝ තරුණ ගැහැණු ළමෝ (සමහර විට මෙහි අහිතකර භාවය පිළිබඳව ඉවෙන් මෙන් වටහාගත්තත්) මෙහි ආදීනව පිළිබඳව දැනුවත් නොවෙති. මෙකී උත්තේජනය ලබාගනු පිණිස භෞතිකව ස්පර්ශය හෝ වෙනත් එවැනි ක්‍රම භාවිතා කිරීමට තරම් පහත් මට්ටමට නොවැටෙන ගැහැණු ළමෝ පවා, මානසිකව මෙකී වින්දනයට ඇබ්බැහි ව සිටින හෙයින්, අර පළමු කී අයවලුන්ගෙන් එතරම් වෙනස් නොවෙති.

ස්වයං-අපහරණයේ ප්‍රතිඵල ඉතා භයානක ය. එය මානසික ශක්තිය දුර්වල කරයි; මතක ශක්තිය පිරිහීමට හේතු වෙයි. එය සමේ වර්ණය අවපැහැ ගන්වයි; ඇස් වල දීප්තිය මිලාන කරවයි. ශරීරය දුර්වල කරවයි; එසේම උමතු භාවය දක්වා වර්ධනය විය හැකිය. ඉතාම ඇබ්බැහි කරවන සුළු මේ නරක පුරුද්දෙහි අයථා ප්‍රතිඵල දීර්ඝ කාලයක් පුරා පවතිනවා පමණක් නොව, ඉදිරි පරම්පරා වලට පවා සම්ප්‍රේෂණය විය හැකිය.

පළමුව: මේ පොත කියවන්නට අවශ්‍ය කෙනෙක් වේ යයි සිතාගන්නට අපහසු වුණත්, මෙය ඓතිහාසික වැදගත්කමක් ඇති ග්රන්ථයක් නිසා, එය බාගත කරගන්නට කැමැත්තවුන් සිටී යයි උපකල්පනය කරමු. අවශ්‍ය උදවිය මෙතැනින් බා ගන්න.

දෙවනුව, අපි මේ කෘතිය වත්මන් දැනුම සමග සංසන්දනය කර බලමු. මෙය කොහෙත්ම අපහාසාත්මක විවේචනයක් නොවේ. එදා Mary Wood Allen මහත්මිය විසින් ඉතාම සද්භාවයෙන් යුතුව ලියන්නට යෙදුණු මේ කෘතියේ අඩංගු කරුණු කෙතරම් ප්‍රමාණයක් අද වන විට අවලංගු වී ඇත්දැයි සිතාගැනීම අපහසු නොවේ. විශේෂයෙන්ම දෙමාපිය පුරුදු නිසා දරුවන්ට ලිංගික සංකූලතා අත්වන්නේ ය යන කාරණයම, මෙකී මතයේ ඇති දුර්වලභාවය සනාථ කරවයි.

සටහන: කිසිදු ජීවියෙක්, සිය ජීවිත කාලය තුළ අත්කරගන්නා වූ ශාරීරික වෙනස්කම්, දරුවන් හට සම්ප්‍රේෂණය කිරීමෙහි සමත් වන්නේ නැත. එසේනම්, අතක් කැපුණු මිනිසකුගේ දරුවා ද අතක් නැතිව ඉපදිය යුතුය. මෙසේම, පරම්පරාවෙන් ඉතා කෙසඟ සිරුරක් හිමි අයෙකුට, දීර්ඝ කාලීන ව්‍යායාම මගින් පුෂ්ටිමත් සිරුරක් ලබාගත හැකිය. එහෙත් එසේ වුනාය කියා ඔහුගේ දරුවන් එවැනි සිරුරක් සහිතව උපදින්නේ නැත.

අප මේ ලිපිය පළකෙළේ, කාලයත් සමග, සමහර සංකල්ප කෙතරම් නම් අවලංගු වන්නේ ද යන්න පෙන්වනු පිණිස ය. එදා ස්වයං-අපහරණය ලෙස හඳුන්වනු ලැබූ මෙම චර්යාව, අද හඳුන්වන්නේ ස්වයං වින්දනය යන නමිනි. එසේම එදා මෙන් නොව, අද එය වෛද්‍යවරුන් විසින් කිසිම දෝෂ දර්ශනයකට ලක් කිරීමකින් තොරව අනුමත කරනු ලබන සාමාන්‍ය චර්යාවකි. ඒ වනාහි, මීට වසර ගණනකට පෙර බටහිර ලෝකය ලිංගිකත්වය දුටු ආකාරයයි. වාසනාවකට මෙන් ඔවුන් අද ඒ ගොත්‍රිකත්වය කෙරෙන් මිදී ඇත. එහෙත් සුද්දා ගැහැණුන් වෙනුවට බල්ලන් ආදේශ කළ වනචාරී යුගයේ, යුද්දෙට යන සොල්දාදුවන්ගේ ගැහැණුන්ගේ අවංකත්වය රක්කවනු පිණිස කකුල් දෙක එක්කොට ඉබි යතුරු දැමු ම්ලේච්ඡ යුගයේ සිටිද්දී, කිසිදු සංස්කෘතික මරාලයකින් තොරව ගැහැණු උඩුකය නිරුවත්ව සිටි, එසේම ඕනෑම ගැහැනියකට ඕනෑම වෙලාවක නොබියව පාරේ යන්නට පිළිවන් ව හිටි අප, අද සුද්දාටත් වඩා කාලයේ ආපස්සට ගොස් ඇත.

ඕනෑම වැඩුණු ජීවියකු තුළ ලිංගික පරිණතියෙන් අනතුරුව ඇතිවන ලිංගික උද්දීපනයක් තිබේ. මෙය, බලෙන් යටපත් කොට වැළක්විය හැක්කක් නොවේ. එසේ කළ යුත්තක් ද නොවේ. එහෙත් ලිංගික හැගීම් සහ චර්යාවන් එළිපිට නොපෙන්වීම, මානව ශිෂ්ටාචාර ලක්ෂණයකි. එබැවින්ය, අප ඇඳුම් අඳින්නේ සහ ගෙවල් හදාගන්නේ. අග්ගඥ්ඥ සුත්‍ර දේශනාවට අනුව, ලිංගපරිණාමය නිසා නොවන්නට මිනිසුන්ට තනිව වෙසෙන්නට ගෙවල් අවශ්‍ය වන්නේ ද නැත.

එබැවින් ලිංගික උත්තේජයන් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව අපට දිය හැකි පිළිතුරු ප්‍රමාණය සීමාසහිත වෙයි. අප රහතන් වහන්සේලා හෝ සාන්තුවරුන් හෝ නොවන බැවින්, (එවැනි මානසික වර්ධනයක් ලබාගන්නා තුරු වත්, අඩුම ගණනේ) යෙදිය හැකි විසඳුම් දෙකක් වෙයි: එක්කෝ ප්රාග්-වෛවාහික ලිංගික සම්බන්ධතා අනුදැනිය යුතුය; නැතිනම්, ස්වයං-වින්දනය අනුදැනිය යුතුය. අපි මුලින්ම, මින් වඩාත්ම ආකර්ෂණීය මාතෘකාව වන ප්රාග්-වෛවාහික ලිංගිකත්වය පිළිබඳව කතා කරමු.

පළමුව: කන්‍යාව යනු ලිංගික හැසිරීමක නොයෙදුණු තැනැත්තිය ය. කන්‍යාභාවය, ගැහැණුන්ට පමණක් අදාළ කරන්නේ මෙහි අපේ කලාපයේ ය; බටහිර රටවල නම් virgin යන වදන, ගැහැණු පිරිමි දෙපාර්ශවය කෙරෙහිම සම සේ යෙදේ. ගැහැණියට පමණක් බර පටවන මෙකී වචනය ගැන අපට ගැටළු රාශියක් ඇත. එහෙත් ඒ සියල්ලට පළමුව, මෙහි අර්ථ දැක්වීම පිළිබඳවම මහා බරපතළ ගැටළුවක් ඇති හෙයින් ඒ ගැන මුලින් සාකච්ඡා කරමු. සැබවින්ම කන්‍යාව යනු කිසිදාක ලිංගික චර්යාවක නොයෙදුණු පුද්ගලයෙකි. යුනික (vaginal), ගුදාශ්‍රීය (anal) සහ මෞඛ (oral) ලෙස ලිංගික චර්යාවන් ප්‍රධාන වර්ග තුනකි. අප රටේ මෙන්ම දකුණු ඉන්දීය කලාපයේ ම, කන්‍යාව ලෙස ගැනෙන්නේ කන්‍යා පටලය ලෙස හඳුන්වන චර්මීය සිවිය නොබිඳුණු, එනම් යුනික සංසර්ගයක නොයෙදුණු ඇත්තියකි. එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප දක්වා ඇති, එහෙත් කන්‍යා පටලය නොබිඳගත් ගැහැණියක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න පළමුව විමසිය යුතුය.

දෙවනුව, උපතින්ම කන්‍යා පටලය අහිමිව උපදින 20%ක පමණ කාන්තාවන් සම්බන්ධයෙන් කන්‍යාභාවය පිරික්සන්නේ කෙලෙසක දැයි විමසිය යුතුය. (සටහන: අර උඩ කී සෙල්ලංකාරිය පරම පිවිතුරු කන්‍යාවක් ලෙස ගරුසම්මාන ලබා ගෙට වැද්දගනිද්දී, නොකළ දෙයකට [අප මෙහිදී "නොකළ වරදකට" යැයි නොකියා නොකළ දෙයකට කියන්නේ හිතා මතාම ය] අර දෙවනු කී කාන්තාව හතුරෙකුට වත් නොකරන අන්දමේ නින්දා අපහාස ගැරහුම් ලබන, නින්දා සම්පන්න සමාජයක් අදටත් මෙහි පවතින බව අපි ඔබට සිහිපත් කරමු).

තෙවනුව, කන්‍යා පටලය ද හුදෙක් අවයවයක් ම බව සිහියේ තබාගත යුතු බව ද කිව යුතුය. මේ කියන්නේ, කෙනෙකුගේ කේශ කලාපය, ඇස්වල වර්ණය, සමේ වර්ණය මෙන්ම, කන්‍යා පටලයේ ද ස්වභාවික වෙනස්කම් පැවතිය හැකි බව ය. සමහරුන්ගේ මෙය ඉතා ගනකම්ව පිහිටිය හැකිවාක් මෙන්ම, සමහරුන්ගේ මෙය ඉතා සියුම් ව ද පිහිටා තිබිය හැකිය. ශාරීරික ව්‍යායාම් හෝ හදිසි අනතුරු වැනි හේතු මත, අතක් පයක් තුවාල වනවා මෙන්ම, කන්‍යා පටලයට ද හානි පැමිණිය හැකිය. දැන් මේ කාණ්ඩයේ උදවිය කන්‍යාවන් සේ සලකනවාද නැද්ද යන්න ද ඇසිය යුතුය. (සටහන: මෙකී අනියත බිය නිසාම සිය දියණියන් ක්‍රීඩා වලට සහභාගි නොකරවන දෙමාපියන් ගණන අද සමාජයේ ද සුළුපටු නොවන බව කිව යුතුය).

සිවුවෙනුව, hymenoplasty නම් සැත්කම් විශේෂය මගින්, හානි පැමිණුනු කන්‍යා පටලයක් ප්ලාස්ටික් සැත්කම් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට තරම් අද වෛද්‍ය විද්‍යාව දියුණුව ඇති බවද කිව යුතුය. අද වන විට ලක්ෂ කිහිපයක මුදලින් සිංගප්පූරුව වැනි රටකදී මෙකී සැත්කම කරවා ගැනීමේ පහසුව තිබේ. ලංකාවේ ද එක්තරා සුප්‍රසිද්ධ පුද්ගලික වෛද්‍ය ආයතනයක මෙකී සේවය සපයනු ලබන අතර, එහි මෙම සේවය ලබාගෙන ඇති පිරිස ද සුළු පටු නොවේ. (සටහන: මේ කියන්නේ මීට වසර තුනකට එපිට මතකය ඇසුරිනි; අද වන විට මෙම සැත්කම් හි සමත් අදාළ ශල්‍ය වෛද්‍යවරයා එහි සේවය කරන්නේ ද නැද්ද යන්න අප දන්නේ නැති බැවින්, ඒ ගැන විමසීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.) දැන් මෙකී සෙකන්ඩ්-හෑන්ඩ් කන්‍යාව, කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද, නැද්ද යන්න, කන්‍යා සිවියෙන් සියල්ල මනින සංස්කෘතික පොලිස්කාරයින් ගේ විචාරයට ලක්කළ යුතුය.

පස්වෙනුව, කන්‍යාභාවය තිබ්බත් නැතත්, වැදගත් වන්නේ ඉන් ඉදිරියට කාන්තාවක් හැසිරෙන ආකාරය ය. සිරි යහනේ දී කන්‍යාවක් වන ගැහැණියක්, ඉන් පසුව රට වටේ අයාලෙ යන්නියක් වුණොත්, අපේ සංස්කෘතික පොලිස්කාර අයියලා කොහොම හිටීවි ද? සැබවින්ම ඔබ තෝරාගන්නට කැමැති, මංගල යහනේ දී කන්‍යාවක් වන, එහෙත් ඉන්පසුව කිසිම සංවරයක් නැති ගැහැණියක් ද, නැතහොත් කන්‍යාවක් නොවන නමුත් විවාහය පණමෙන් රකින ගැහැණියක් ද?

බටහිර රටවල නම් කන්‍යාභාවය යනු නොගිනිය හැකි වැදගත්කමක් ඇත්තාක් වනවා පමණක් නොව, සමහර විටෙක ලජ්ජා වීමට කාරණාවක් ද වන අවස්ථා තිබේ. එබැවින් විවාහයට ප්‍රථම ලිංගික එක්වීම යනු එහි එතරම් සැළකිය යුත්තක් ද නොවේ. එහෙත් ලාංකේය යයි අපම කියා ගන්නා සංස්කෘතිය තුළ, කන්‍යාභාවය යනු ඉතාම වැදගත්කමක් සහ බලවත්කමක් ඇති දෙයකි. ඇත්තටම අප්‍රිකානු ගෝත්‍රික සමාජ වල සහ දකුණු ඉන්දීය (උදා: කන්නඩා) වැනි සංස්කෘතීන්හි හැරෙන්නට, කන්‍යාභාවය පිරුවටයෙන් පරීක්ෂා කිරීම නම් වූ අමන ගෝත්‍රික චාරිත්‍රයට මේ තරම් වැදගත්කමක් ආරෝපණය කරන එකම රට අප විය යුතුය.

කන්‍යාභාවය පමණක් නොව ස්ත්‍රියක් හා බැඳුණු බොහෝ සංකල්ප, ද්‍රාවිඩිය සමාජය තුළ "taboo" හෙවත් තහනම් වචන වෙයි. මෙහිදී අප ද්‍රාවිඩිය සමාජය යන්නෙන් අදහස් කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පැවතෙන ආර්යයන්ට අයත් නොවන, ඉන්දීය අර්ධද්වීපයට ආර්යයන් පැමිණීමට පෙර වාසය කළ ගෝත්‍රික ජනයා ය. දමිළ, තෙලිඟු, වංග, කන්නඩා, චෝඩ, මලයාලි, ආදී විවධ ජනවර්ග රාශියක් මීට අයත් වේ. මෙකී ජනවර්ග සියල්ල තුළම, කාන්තාව සහ ලිංගිකත්වය යන සංකල්ප, පෙට්ටගමක් ඇතුළේ ලා වසා තැබීමේ සිරිත දක්නට තිබේ. එසේම කාන්තාවන් හට අවසැළකිලි දැක්වීම, අසාමාන්‍ය විවාහ චාරිත්‍ර (උදා: දකුණු ඉන්දියාවේ දී කාන්තාවකගේ මවගේ බාල සොයුරු මාමා හට සිට ලේලිය අතර විවාහය තහනම් නොවේ.), ළමා විවාහ, බහු විවාහ යන මේවා සාමාන්‍ය දේවල් ය. අද ද, දකුණු ඉන්දියාවේ කන්නඩා චාරිත්‍ර අනුව, ඔසප් කාන්තාව ගෙට වැද්දගනු නොලැබේ; ඇය ඔසප් පසුවන තුරු ගෙයින් පිටත වෙනම කුටියක වාසය කළ යුතුය. ආර්යයෝ මේ චාරිත්‍ර තරයේ පිළිකුල් කළහ. ඔවුන් අතර ද බහු විවාහ සහ සොයුරු-සොයුරි විවාහ නොපැවැත්තේ නොවේ. එහෙත් ඔවුන් කිසිදාක ලිංගිකත්වය මේ තරම් හිංසක සංකල්පයක් බවට පත්කෙළේ නැත. පසුකාලීන බ්‍රාහ්මණ සංකල්ප නිසා නොවන්නට, ආර්ය සමාජය පැහැදිලිව ස්ත්‍රිය හට දිය යුතු තැන දී තිබු සංස්කෘතියක් විය. මෙය මෙවැනි තනි ලිපියකින් පැහැදිලි කළ නොහේ.

කෙසේ වෙතත් අද අප "කිළි" කියා අදහන බොහෝ දේවල්, සැබවින්ම දකුණු ඉන්දීය ආක්‍රමණ සහ ඉන් ලද ආභාසය නිසා ලද දේවල් මිස අපේ සංකල්ප නොවන බව කිව යුතුය.

කන්‍යාභාවය සෙවීමේ වෙනම කුහක යටි අරමුණක් ද වෙයි. එනම් තමා මේ සයනය කරන්නේ නහඹුල් යුවතියක් සමගය යන හැගීම විඳිනු පිණිස ය. එහි වරදක් අපට කිව නොහැක. එහෙමනම්, කසාදය කරගන්නට පෙරාතුවම තමා කන්‍යාවක් සොයන බව පැහැදිලිව ප්‍රකාශ කර, ඊට ගැළපෙන විදියේ සහකාරියක් සොයා ගත යුතුය. නමුත් එසේ වන්නට නම්, තමාද එවැනිම වූ සංයමයකින් යුක්තව ඉන්නා එකෙක් වී තිබිය යුතුය. සරලව, ඔබ නහඹුල් යුවතියක් සොයන්නේ නම්, ඔබද නහඹුල් විය යුතුය. මිනිහෙකුට කළ හැකි කුහකම වැඩේ වන්නේ තමා ලෝකේ වටේ ඉන්නා ගැහැණුන් සමග සයනය කරන්නටත්, එසේ සයනය කර මංගල යහනේ දී කන්‍යාවක් සමග සයනය කරනු පිණිස සිහින දකින්නට සැරසීමත් ය.

අපේ කාන්තාවන් හට මේ විකාරය මෙතැනින්ම කපා හෙළීම එතරම් අපහසු නොවේ. මේ ගැන අපට අදහස් රාශියක් දිය හැකි නමුත් අපි සරල ප්‍රශ්නයකින් ලිපිය අහවර කරමු: වැරදිලාවත් රටේ සියලු කාන්තාවන් කන්‍යාවන් නොවන දිනයක් ආවොත්, ඔය පරසක්වළ ගහන පාරිශුද්ධභාවය සොයන සිල්වත් ගුණවත් උපාසක අයියලා එදාට කසාද නොබැඳ ඉඳීවි ද? Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com22tag:blogger.com,1999:blog-1869431321354372266.post-64903894358044037322013-11-09T16:43:00.001+05:302013-11-09T16:48:07.116+05:30බුදු හාමුදුරුවෝ සිංහල බෞද්ධ ද? මේ ලිපියට ප්රස්තුත මාතෘකාව වන්නේ අන් කවරෙකුවත් නොව, ලොවී ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. එබැවින් ඉහවහා ගිය අන්ධ භක්තිය, කඩුකස්තාන වනන ජාත්‍යාතල් එක සහ "ලෝකෙන් උතුම්ම මෙව්වා එක අපේ එක යකෝ" යයි සිතා සිටින අහවල් එක නිසා යම් යම් මතවාද වල එල්බගෙන සිටින සංවේදී සිත් ඇත්තන්ට මේ පොස්ටුව කියවීමෙන් වළකින ලෙස තරයේ අවධාරණය කර සිටුම්හ!

හැමදාම දකින බුදුන් වෙනුවට මේ රූපය යෙදුවේ ද යම් හේතුවක් පිණිස ය. වටහා ගන්නෝ වටහා ගනිත්වා!

බුදුන් යනු කවරෙක් ද?

පළමුව කිව යුත්තේ "බුද්ධ" යන්න ගෞරව සම්ප්‍රයුක්ත අභිධානයක් හෙවත් එක්තරා ආකාරයක පදවි නාමයක් මිසක පුද්ගල සංඥාවක් නොවන බවයි. අප වඳින්නේ පුදන්නේ "බුද්ධ" නම් වූ පුද්ගලයාට නොවේ. බුද්ධ නම් වූ ගුණයට ය. බොධියට හෙවත් "දැනීමට" පත් වුයේ බුද්ධ නමි. බුද්ධ යැයි කී විට අරහන්ත බුද්ධ, පච්චෙක බුද්ධ සහ සම්‍යක් සම්බුද්ධ යන බොධි තුනම අදාළ වේ. වෙනෙකෙක් ගේ උදව්වක් නැතිව තමා තම නැණින් චතුරාර්ය සත්‍යය වටහාගන්නේ, සහ දෙසීමෙහි සමත් වන්නේ සම්මා සම්බුද්ධ නමි. තමා තම නැණින් දැක වටහාගත්තත්, වෙනෙකෙකු හට මග පෙන්විය නොහැක්කේ පච්චේක බුද්ධ (හෙවත් පසේබුදු) නම් වේ. වෙනෙකෙකු ගේ මග පෙන්වීමෙන් ම කෙළෙස් නසා නිවන් සාක්ෂාත් කරගන්නේ අරහන්ත බුද්ධ (හෙවත් රහතන් වහන්සේ) නමි. තුන්තරා බෝධිය යැයි කී විට, නැතිනම් බුද්ධ යයි කී විට මේ තිදෙනාම අයත් වේ. එසේ වෙතත්, සාමාන්‍යයෙන් බුද්ධ යැයි කී විට ගැනෙන්නේ සම්‍යක් සම්බුද්ධ ගුණයෝ ය. එකී බුදු ගුණයෝ නම් අනන්තය හ, අප්‍රමාණය හ. ඒ ගුණ එකින් එක මෙනෙහි කිරීම අපහසු බැවින් අපි නව අරහාදී බුදු ගුණ නම් වූ ගුණස්කන්ධ නවයකට බෙදා ඒ ගුණකඳු එකින් එක සිහි කරමු.

බුද්ධෙ'පි බුද්ධස්ස භණෙය්ය වණ්නං - කප්පම්'පි චෙ අඤ්ඤ මහාසමානො

ඛීයෙථ කප්පො චිර දීඝ මන්තරෙ - වණ්ණො න ඛීයෙථ තථාගතස්ස

යන මැයෙන් පූජාවලියේ පූජා සංග්‍රහ කථාවේ දක්වා ඇති විග්‍රහය අනුව, "කපක් මුළුල්ලේ බුදු මුවකින් ම බුදු ගුණ වැනුවත් කප ගෙවේ; බුදු ගුණ නො ගෙවේ." යනුවෙනි.

බුද්ධෝත්පාදය යනු කුමක්ද?

බුද්ධෝත්පාදය වනාහි දුලබ කරුණකි. එක් ඇසක් කණ කැස්බාවකු වසර සීයකට වරක් මුහුදු මතුපිටට පැමිණෙන විට, සයුරේ පාවන වියක සිදුරකින් අහස දැකීමට ඇති සම්භාවිතාව යම් සේ වන්නේ ද, මිනිසත් බවක් ලබා බුදු බණ ඇසීමට ඇති සම්භාවිතාව ඊට වඩා අඩු වන්නේ යැයි බුදුහු දෙසා වදාළ හ. එවැනි මිනිසත් බවක් ලදත්, ශුෂ්ක කල්පයක හෝ අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලදොත් බණ ඇසීමක් නැත. කල්පය යනු එසේ මෙසේ කාලයක් නොවේ. ගව්වක් දිග, ගව්වක් පළල, ගව්වක් ගැඹුරැති වලක් කපා, වසර සීයකට වරක් අබ ඇටයක් බැගින් දමමින් වල පිරවුවොත්, වල පිරුණත් කල්පය නොගෙවේ යැයි කියති. එසේම ගව්වක් උස, ගව්වක් දග, ගව්වක් පළල කළුගල් පව්වක් සිනිඳු සුදු මුදු සේද රෙද්දකින් පිරිමැද කළුගල ගෙවා දැම්මත්, කල්පය නොගෙවේ යැයිද කියති. සමහර කල්පවල බුදුවරු උපදින්නේ නැත. ඒවා ශුෂ්ක කල්ප වේ. කල්පයක උපරිමව බුදුවන්නේ බුදුවරු පස්නමකි. එවැනි කල්ප භද්‍ර කල්ප නම් වේ. අප මේ ගෙවන්නේ එවැනි භද්‍ර කල්පයකි.

බුද්ධෝත්පාදය එතරම් ම දුලබ නිසාය, අප අද ද බුදුන් වඳින විට "යෙ ච බුද්ධා අතීතා ච, යෙ ච බුද්ධා අනාගතා - පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා" හෙවත් "අතීතයේ යම් බුදු කෙනෙක් වී ද, අනාගතයේ යම් බුදු කෙනෙක් වන්නේ ද, වර්තමානයේ යම් බුදු කෙනෙකුන් වන්නේ ද, ඒ සියල්ලන් සදාකල් හිම වන්දනා කරමි" යනුවෙන් වඳින්නේ. අද්‍යතන ශාසනය වනාහි මේ කල්පයේ සිවුවන ප්‍රඥාධික මූල සම්පන්න ගෞතම බුද්ධ ශාසනයයි. මේ කල්පය තුළ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී (මෙත්තෙය්‍ය) නමින් බුදු වරු පස් නමක් බුදු වී වදාරන්නේ යැයි ලලිත විස්තරයේ සඳහන් වේ. මේ එහි සිවුවන ගෞතම බුද්ධ ශාසනයයි.

බුදුකෙනෙකුන් බුදු වීම වනාහි ද, එසේ මෙසේ කරුණක් නොවේ. බුදු වීමට නම් දස පාරමී ධර්ම, එක එකක් තුන් ආකාරයක් බැගින් පාරමී තිහක් පිරිය යුතුය. මෙසේ පාරමී දම් පුරන්නෝ බෝධිසත්ත්ව හෙවත් බෝසත්වරු නම් වෙති. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික ලෙස බෝසත්වරු තුන් කොටසකි. ප්‍රඥාධික බෝසත්වරු, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් (කල්ප වලින් අසංඛ්‍ය ලක්ෂ හතරක්; අසංඛ්‍යය යනු දහයේ විසිහතර වන බලයයි, ලක්ෂය යනු දහයේ පස්වන බලයයි) පාරමී ධර්ම පුරති. ශ්‍රද්ධාධික බෝසත්වරු අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ අටක්), වීර්යාධික බෝසත්වරු ශෝඩසාසංඛ්ය කල්ප ලක්ෂයක් ද (කල්ප අසංඛ්‍ය ලක්ෂ දහසයක්) පෙරුම් දම් පුරති.

පෙරුම් දම් හෙවත් පාරමී ධර්ම ගැනද වචනයක් කිවයුතුය. නිර්වාණාවබෝධය පිණිස පාරමී ධර්ම නම් වූ ගුණධර්ම සමුදායක් සපුරා තිබිය යුතුය. දස පාරමී ධර්ම ලෙස හැඳින්වෙන්නේ ඒවාය.

දාන සීලංච නෙක්ඛම්මං පඥ්ඥා වීරියෙන පංචමං

ඛන්තී සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛා'ති මෙ දස

හෙවත් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යනු ඒ පාරමිතා දහයයි. මේවා, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී ලෙස තත්ත්ව තුනකින් යුතුය, පාරමී යනු ගේ දොර වතුපිටි දේපළ පවා කැප කරගෙන මෙකී ගුණධර්ම පිරීමයි. උප පාරමී යනු සිය ශරීරාංග පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. පරමත්ථ පාරමී යනු ජීවිතය පවා කැප කරගෙන ගුණදම් පිරීමයි. රහත් වෙන්නට දස පාරමී ප්‍රමාණවත් ය. පසේබුදු වෙන්නට පාරමී සහ උප පාරමී අවශ්‍ය වේ. බුදු වෙන්නට නම් සමතිසක් පාරමී දම් තිහම සපුරා තිබිය යුතුය. (පසුගිය දිනෙක හරකුන් වෙනුවෙන් "ජීවිත පූජාවක්" කළ එක්තරා හිමිනමක් සම්බන්ධයෙන් සමහරු කීවේ උන් වහන්සේ පරමත්ථ පාරමී පිරු බවකි. ඒ ගැන අපේ මතය මෙන්න මේ ලිපියෙන් බලන්න.)

කරුණු මෙසේ හෙයින් බුදු හාමුදුරුවන් වැඳීම යනු පුද්ගලයෙක් වැඳීමක් නොව යම් ගුණ සමුදායක් කෙරෙහි දක්වන ගරුත්වයක් බව පැහැදිළිය. දේවාගම් සහ ඊශ්වරනිර්මාණවාද වලින් බුදු දහම වෙනස් වන්නේ මෙන්න මෙකී කාරණාව නිසාය. බුදුදහම තුළ අන්ධ භක්තියක් නැත. එතුළ ඇත්තේ විමංසනසීලී ගෞරවයකි. බෞද්ධයකු තුළ බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ පාලකයකු කෙරෙහි වහලෙකු දක්වන ආකාරයේ භය සම්ප්‍රයුක්ත යටහත් භාවයක් නොව, වැඩිහිටියකු කෙරෙහි දරුවකු, ගුරුවරයකු කෙරෙහි ශිෂ්‍යයකු හෝ තමාට වඩා වයසින් ගුණයෙන් වැඩි කලණ මිතුරකු කෙරෙහි මිතුරකු දක්වන්නා වූ ගෞරවයකි.

බෞද්ධයා යනු කවරෙක් ද?

බෞද්ධයා යනු තෙරුවන් සරණ ගිය කෙනෙකිය යන්න පෙරපාසල් දරුවකු පවා දන්නා දෙයකි. එහෙත් මේ පිටුපස ඇති පුළුල් අර්ථය ග්‍රහණය කර නොගැනීම නිසා, ඕනෑම කාපාළුවකු හට හුදෙක් සරණාගමනය කී පමණින් බෞද්ධයකු විය හැකියැයි ගම්‍ය වේ. සත්‍ය වශයෙන්ම සරණාගමනය යනු එවැනි සරල කටයුත්තක් නොවේ. එකී වාක්‍ය තුන තුළ ගැබ්ව ඇති ගැඹුර විස්තර කරනු වස් මෙවැනි බ්ලොග් ලිපි එකක් කොහෙත්ම ප්‍රමාණවත් නොවේ.

සරණ යන්නේ කීම? අසරණ බවක් නැත්තකු හට සරණ යාමක් අවශ්‍ය නොවේ. සරණ යාමක් අවශ්‍ය වනුයේ සසර බිය දකින්නකු හටය. උපතේ සිට මරණය දක්වා ජීවත් වන හැම මොහොතකම, ජීවිතය පිරී ඇති අවිනිශ්චිත භාවය සහ අනනුකම්පීය භාවය ග්‍රහණය කර නොගන්නකු හට, සංසාරය තුළ බියක් ඇති බවක් දැනෙන්නේ නැත. මෙසේ සසර බිය දක්නේ, එකී සසර බියෙන් නිදහස් වනු කැමැත්තේ, එකී සසර ගමන නවතනු වස් බුදුන් සරණ යයි; දහම් සරණ යයි; සඟුන් සරණ යයි. එතෙකින් හෙතෙම බෞද්ධ උපාසක (උපාසිකා) නම් වේ. එහෙත් සරණ ගිය පමණින් නිදහස් වෙන්නේ නැත; පන්තියට ගිය පළමු දවසෙම සම්පූර්ණ විෂය නිර්දේශය ඉගෙන ගත හැකි නොවන්නා සේ ය. (එසේ කල සමහරු එදා ද වූහ; අද ද විය හැකිය; හෙට ද වනු ඇත.)

කරුණු එසේ හෙයින් සරණාගමනය යන්න වැදගත් වන්නේ කවර හෙයින්ද යන්න ගැන මේ තරම් විස්තරයක් හෝ කර තිබීමේ වැදගත්කම, අප මෙන්ම පාඨකයා ද හඟිනු ඇත.

බුදුහාමුදුරුවන් කාගෙ ද?

බුදු කෙනෙක් ලොව උපදින්නේ කාටවත් කොපිරයිට් දෙන්නට / ගන්නට නොවේ. බුදු කෙනෙක් උපදින්නේ සමස්ත සකල ජනී ජනයාගේම හිතෝපදේශය පිණිසය. එහෙව් බුද්ධ උප්පාදය වනාහී සක්වලක් සක්වලක් සිසාරා චතුරාර්ය සත්‍යය පතුරුවා, බුද්ධ වචනයෙන්ම කියන්නේ නම් "දහම් අමා බෙරය වයන්නටම" මිස, මේ කොදිව්වටම පමණක් සින්නක්කර ලියාගත හැක්කක් නොවේ. එසේ බුද්ධ චරිතය ඇසුරින් අපට උප්පැන්න ලියාගන්නට තරම් නිවට නිහීන ජාතියක් බවට පත්වන්නට තරම් අමිහිරි අතීතයක් අපට නැත.

බුදු හිමියන් සිය වදනින් මැ පහාරාද සුත්‍ර දේශනාවේ දී වදාළේ මෙසේ ය.

"පහාරාදය, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්. "

පාළි පාඨය:

"සෙය්යථාපි පහාරාද, යා කාචි මහා නදියො, සෙය්යථිදං; ගංගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සංඛං ගච්ඡන්ති, එවමෙව ඛො පහාරාද, චත්තාරො මෙ වණ්ණා, ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, "සමණා සක්යපුත්තියා"ත්වෙව සංඛං ගච්ඡන්ති. යම්පි පහාරාද චත්තාරො මෙ වණ්ණා, ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, "සමණා සක්යපුත්තියා"ත්වෙව සංඛං ගච්ඡන්ති. අයං පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ චතුත්ථො අච්ඡරියො අබ්භූතෝ ධම්මො යං දිස්වා භික්ඛු ඉමස්මිං ධමමවිනයෙ අභිරමන්ති."

[අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය, පඨම පණ්ණාසකය, දෙවන මහාවග්ගය, නවවන සුත්‍රය වන පහාරාද සුත්‍රය: ආශ්රිතය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා 2006 නව මුද්‍රණය.]

එසේනම් ඊළඟට පිළිතුරු දිය යුතු අනිවාර්ය ගැටළුව වන්නේ, "සිංහල" බෞද්ධයන් සිටිය හැකි ද යන්නයි. බෞද්ධයා බෞද්ධයෙකි. සසර බිය දකින්නෙකි. මිසක ජාතිවාදයෙන් උදම් වන්නෙකු නොවේ. ජාතිකාභිමානය කරණකොටගෙන සිය ජනවර්ගයේ උන්නතිය පිණිස පෘථග්ජනයකු ක්‍රියා කිරීම කෙසේ වෙතත්, බුදුදහම සින්නක්කර ලියාගැනීමට සමහර ජාතිකවාතකරුවන් දරන ප්රයත්නය කෙතරම් විහිළුවක් ද යන්න මින් මනාව පෙනේ.

බෞද්ධයන්ට පිට කොඳු ආනයනය කිරීම

බුදුන් මෙලකට වඩින්නට පෙර පටන් මැ අපි ඉතාම ප්‍රෞඪ දේශයක් ව සිටියෙමු. බලි, තරු, රාවණ ආදී අසුරයින් ද, ඊටත් පසුව අනේකාකාර වූ උදාර සිංහල රජදරුවන්ද බිහිකළ මේ දේශයට, වීරත්වය අමුතුවෙන් තීන්ත ගා ආලිප්ත කරන්ට අවශ්‍ය වන්නේ නැත; එසේ අවශ්‍ය වන්නේ යයි යමෙක් සිතන්නේ නම් ඔහු වනාහි ඉතාම දුර්වල හීනමානයකින් පෙළෙන්නෙක් මිසක අන් කවරෙක් හෝ නොවේ.

එහෙත් අවාසනාවකට මෙන් අද අපට දකින්නට ලැබෙන්නේ ඔය කියනාකාර නිහතමානී ප්‍රෞඪත්වයක් නොව, නිවට නියාලු ඔතැනි ගෝත්‍රික සමාජයක කොටු වී ජීවත් වන වල්සතුන් පිරිසක් මිස උදාර සංස්කෘතියක උරුමක්කාරයන් පිරිසක් නම් නොවේ. මහින්දාගමනයෙන් ලද බුදුදහම හැරෙන්නට අද වෙනවිට අපට ගිරිය පුප්පාගෙන කෑ ගසන්ට වෙනින් මොනම කජ්ජක් හෝ නැත. ඒ නිසාය අද වෙන විට අහවල් පාපන්දු ක්‍රීඩකයා, අහවල් ගායකයා, අහවල් දේශපාලකයා, අහවල් චින්තකයා, අහවල් හොලිවුඩ් නිළිය බෞද්ධ වුනාය කියමින් කෑකොස්සන් දෙන්නේ. ඒ වනාහි ද, ඔය ඉහත කී හීනමානය නිසා මිසක අන් කවරක් හෝ නිසා නොවේ.

කොළඹ එක්තරා උපකාරක පංති ගුරුවරයකු සිය විෂය හඳුන්වා දුන්නේ, "මේ විෂය අමාරු නැත; අමාරු කරගෙන ඇත" කියා ය. එසේම අපටද, බුද්ධ ධර්මය සංකීර්ණ නැත; සංකීර්ණ කරගෙන ඇත කියා කියන්නට සිදුව තිබේ. අපේ පන්සල්වල හට පැනපු නායක හිමිවරු ත්‍රිපිටකය පොත් රාක්ක වල ඔබාගෙන සුවඳ දුම් අල්ල අල්ල ඉන්න අතරේ සුද්දෝ අපට වඩා වඩා ඉහළින් දහම් දැනුම ලබති. අපට කලින් ජීවිතයේ රසය විඳිති. අපේ උන්දෙලා තාමත් ලැජ්ජ නැතිව අරයගෙ මෙයාගෙ පශ්චාත් භාගයේ එල්ලි එල්ලී සිටිති.

"විජටයෙ ජටං" යන වචන දෙකෙන් සමස්ත බුදු දහම විස්තර කළ හැකිය. බුදු දහම තිබෙන්නේ ගැට ලිහන්න මිසක් ගැටගහන්නට නොවේ. අපේ බෞද්ධයන් කරන්නේ ගැටයක් අතට ලැබුණු විට ඊට "ශ්‍රී ලංකා" ලේබලය ඇලවීම මිසක ගැට ලෙහීම නොවේ. කොතරම් හීනමානික චින්තනයක් මේ රටේ ඇත්ද කියන්නේ නම්, හීනමානිකද කියනවා නම් බුදු හාමුදුරුවොත් මෙහෙටම සින්නක්කර ලියාගත්තේ නැත්නම් ආහාර ජීර්ණය පවා සිද්ද නොවෙන තැනට අපේ සමහරු පිටකොඳු බිඳගෙන සිටිති.

බුදුන් උපන්න දිවයින මේක (ලු)

පහුගිය කාලයේ මීවනපලානේ තෙරනම යැයි හඳුන්වනු ලබන එක්තරා තෙරනමකගේ මූලිකත්වයෙන්, ලැව්ගින්නක් සේ පැතිර ගිය "ජන්බුද්වීපවාදය" ද අපට මෙහිදී උදාහරණයක් සේ ගත හැකිය. මේ මිනිස්සු මේ සර්පයා අල්ලාගෙන ඇත්තේ ද අපූරු තැනකිනි. එනම් ජම්බුද්වීප යන්නෙනි. ජන්බුද්වීපවාදීන් ඔය වචනය කඩන්නේ "ජන් + බු + ද්වීප" කියා ය. සිහළ-සකු-පාළි සියලු සන්ධි රීති එසේ කඩා දමන ඔවුහු, ඊළඟට ඕකට බුදුන් උපන්න දීපය කියා ද කියති. අප දන්නා ඉතිහාසය අනුව නම් බුදු කෙනෙක් "උපදින්නේ" නැත; උපදින්නේ සිදුහත් කුමරු ය. බුදු වෙන්නේ ඊට පසුව ය. ජන්බුද්ද්වීප = බුදුන් උපන් ද්වීපය නම්, එසේනම් කක්කල් කැස්ස යන්නට "කක්කා කල් ඉකුත් වීමෙන් සෑදෙන කැස්ස" කියාද අර්ථ දැක්විය හැකි විය යුතුය.

ජන්බුද්වීප වාදීන් කියන ජනප්‍රියම තර්කය නම් ඉතිහාසයේ අශෝක නම් රජෙක් සිටියේ නැති බවත්, එය ඉන්දීය ඉතිහාසය "අමුතුවෙන්" ලියු සුද්දන්ගේ නිර්මාණයක් බවත් ය. එසේම, මහින්ද තෙරණුවන් ගේ ලංකාගමනය පිළිකෙව් කරන ඔවුහු මහාවංශය ලිව්වේ දමිලයෙක් බව කියමින් එය ද බැහැර කරති.

මහාවංශයට ගරහන මිනිස්සු ද ඇත; ඊට වඳින පුදන මිනිස්සු ද ඇත. අප ඒ දෙකටම අයත් නොවේ. මහාවංශය පමණක් නොව ඕනෑම ඉතිහාස ග්රන්ථයක් යම් තරමකට පක්ෂග්රාහී වීම වැළක්විය නොහැක. ඕනෑම ඓතිහාසික පොතක් විශ්වාස කළ හැකි සීමාවක් ඇත. අප අන්න ඒ සීමාව දැන, තාර බර හැර කරුණු වෙන්කර ගත යුතුය. වරදක් දෙකක් හෝ කීපයක් තිබු පමණින් මහාවංශය කුණු බක්කියට දැමීමට තරම් අපට උන්මාදයක් නැත.

මහාවංශය සහ අනිකුත් පොත් වැරදියට පරිවර්තනය කළාය කියන උදවිය ඔය කතා කරන්නේ පාළි ඉගෙන ගෙනද? පාළි එපා කියන ඔවුන් පාළි මහාවංශය ඇහැට වත් දැක ඇත්ද? යන්න වෙනම නැගිය යුතු පැනයකි.

මහාවංශයේ වැරදි තිබේ. ඒ කෙසේ වෙතත් උග්‍ර හීනමානයෙන් සහ භින්නෝන්මාදයෙන් පෙළෙන මානසික රෝගීන්ගේ සිතේ පහළවන මානසික ව්‍යාධි සම්පන්න පිස්සු මනෝවිකාරයකට වඩා අපට මහාවංශය විශ්වාස සම්පන්නය.

අපේ දැක්ම

අද වන විට මේ රටේ ඇතිව තිබෙන සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික පසුබෑම නොදකින, නොදැනෙන එකෙකු මේ රටේ ඉන්නවා යැයි සිතන්නට බැරිය. ලොව උතුම්ම ධර්මය සිය පරවේණි බූදලයක් සේ සලකන රටේම මෙවැනි දේවල් දක්නට ලැබීම මහත්ම අවාසනාවකි. මන්ද ඒ හරහා ලෝකයට දෙනු ලබන පණිවුඩය ඉතාම ප්‍රබල එකක් නිසා ය. එබැවින් අවසාන වශයෙන් මේ රටේ සියලු බෞද්ධයන් ගෙන් එකම එක ඉල්ලීමක් කළයුතුව තිබේ.

පිස්සු කෙළින එක නවත්තලා දහමේ හිටපල්ලා. එවිට සියල්ල සාර්ථක වනු ඇත.

Anonymoushttp://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com47