කෙසේ වෙතත් එකී සාකච්ඡාවේදී ඔහු මතු කළ වැදගත් කරුණක් වෙයි. එනම්, දේශපාලන හොරකං වලට වඩා වෙනත් හොරකං ද මේ රටේ අනන්තවත් සිදුවනවා ය යන්නය. එබැවින් ඒ මානයද ස්පර්ශ කරමින් මේ ලියන්නට හදන්නේ රටම දන්නා එහෙත් එකෙක්වත් මොකක්වත් නොකියන, නොලියන හොරකමක් ගැන ය.
සති අන්ත පුවත්පතක් ගන්න. පළමු කාණ්ඩයේ දහවන පිටුවෙන් එහාට පෙරළාගෙන යන්න. මතකය හරිනම්, 13 හෝ 14 වන පිටුව පෙරළාගෙන, මෙන්න මෙවැනි දේ තිබේදැයි බලන්න:
- අසරණ දරුවා! සැමියා බිරිඳ හැරගියා ද? ජීවිතයේ බලාපොරොත්තු සිඳීගොස් ද? හඬන්න එපා, පසුතැවෙන්න එපා. එන්න මා වෙත. වරු තුනෙන් ගෙන්වාදෙමි. අත්දුටුවයි, සත්‍යයි, ප්‍රත්‍යක්ෂයි. මුහුදෙන් එතෙරට බලපාන පරිදි කරදෙමි. හරිගියාට පසුව මුදල් ගෙවන්න. මා ඉපදුනේ ඔබට සේවය කිරීමට මයි.
- අතිප්‍රබල නීච කුල වශී ගුරුකම්! සැමියා අනියම් ඇසුරක් පවත්වයිද? බිරිඳ ඔබ හැර ගියේද? පෙම්වතා ඔබ මගහරී ද? කැමති තරුණිය පිටුපායි ද? ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් අකැමැතියි ද? සුරාවෙන් ගැලවීමක් නැද්ද? වරු තුනෙන් විසඳා දෙමි.
- වශී! වශී!! වශී!! ස්ත්‍රී පුරුෂ වශී. රාජ වශී. සර්වජන වශී. වශී වශී. පමාවෙන්න එපා, කැමති තරුණයා / තරුණිය පිටුපායි ද? සැමියා / බිරිඳ ඔබ හැර ගියේ ද? රැකියාවේ ප්‍රගතියක් නැද්ද? තරග විභාග වලින් ජයක් නැද්ද? මහා වශී රාජ යන්ත්‍රය තාමත් අයදුම් කළේ නැද්ද? පමා වී ලතවෙන්න එපා. අදම අයදුම් කරන්න.
- මාතර කඹුරුපිටියේ / නුවර මැණික්හින්නේ / කුරුණෑගල අලව්වේ අතිප්‍රබල ගුරුකම්. වරක් පැමිණෙන්න වෙනස බලන්න.
මේ වනාහි අර කී ලැයිස්තුවේ සුප්‍රකට වචන පෙළවල් කීපයකි. මීට වඩා වුවද උදාහරණ දිය හැකි මුත් දැනට මේ ඇතිය.
මේ කරුණු දෙස බැලුවිට වෙන මොන උලව්වක් නැතත්, අපේ රටේ ගැහැණු පිරිමි සම්බන්ධතා පිළිබඳව ඉතා හොඳ විග්‍රහයක් ලබාගත හැකිය. මේ සියල්ල පසුපස මහා දරුණු, එහෙත් අප්‍රකාශිත ලිංගික දරිද්‍රතාවක් දිවෙන බව සක්සුදක් සේ පැහැදිලිය. කොහොමත් යාලු කාලයේ කරන්නට තියෙන හැම දහඅට මගුලම නැටුවාම, කසදෙන් පසුව කරන්නට දෙයක් ඉතිරි වන්නේ නැත. ඉතිං එදා පුරහඳ වගේ පෙනුණු මූණේ ආවාට දකින විට, එදා තිසර තන අද වලිකුකුළන් සේ පෙනෙන විට, එදා පුළුලුකුළ අද ඇදවුණු ලොරි බොඩියක් සේ පෙනෙන විට, ගෙදර හුචක්කුව අතහැර, පාරේ යන බෙන්ස් එකකට නගින්නට මොන මිනිහාටත් ආසාවක් ඇති වීම සාධාරණය. (මේ හුචක්කු කතාව අපේ එකක් නොවේ. වීඩියෝව පහළින්.) ගෑණි ගැන ද එසේම ය. එදා පෙම් කුමාරයා අද රෙද්දක් හෝදන්නේ නැති කෂඩයා වන විට, එදා "සූකිරි බෝලේ" අද "ඒයි මෙහෙ එනව" වූ විට, එදා පෙම් සුවඳ වෙනුවට අද අරක්කු ගඳ හමන විට, මොන ගෑණිට වුණත් එපා වෙන්නේ ය.
කෙසේ වෙතත් අපේ අරමුණ මේ ගෑණු-පිරිමි හුචක්කු කතාවල් කතා කිරීම නොවේ. අප කියන්නට ආවේ මන්තර හොරු ගැන ය. එසේ කියන්නේ හේතුවක් ඇතිව ය. මන්ද යත් මෙකී මන්තර හොරු වැඩියක්ම මංකොල්ල කන්නෙ අහිංසක ගෑණු මිනිස්සුන්ගේ සල්ලි බැවිණි. අද ඉන්නා යන්තර මන්තර හොරුන්ගේ හොරකමේ මහත පෙන්වා දීම පිණිස සරල උදාහරණ කීපයකින් පමණක් නැවතිය හැකි වුවත් මේ ලිපියේ අරමුණ ඊට වඩා ගැඹුරට කිමිදීමක් වෙත යාම කෙරෙහි ය.
මන්ත්‍ර ගැන ඇත්ත
මන්ත්‍ර යනු අරුත් ගැන්වෙන්නේ "මනසේ ක්‍රියාකාරීතාව" හෙවත් "මනීන්ද්‍රියතාව" ලෙස ය. හිංදු මූල ග්‍රන්ථ ඇසුරෙන් ගත්විට, මන්ත්‍ර යනු විශ්වීය සත්තාවේ ස්වරාලිත නිරූපණයයි. මූලිකව මන්ත්‍ර ගොඩනැගෙන්නේ මන්ත්‍රාක්ෂර වලිනි. එවැනි අක්ෂර එක් පනසකි. ඒවා "මාතෘකා" නම් වේ. මන්ත්‍ර ගොඩ නැගෙන්නේ මාතෘකා වලිනි.
සියලු මන්ත්‍ර, ඕම්කාරය බීජ කොට ඇතැයි කියනු ලැබේ. ඕම් යනු (අං + හුං) අක්ෂර දෙකේ එකතුවකි. පළමුවැන්නෙන් ජනනය, එනම් ඉපිදවීම ද, දෙවැන්නෙන් හායනය හෙවත් විනාශය ද නිරූපණය වේ. ඕම්කාරය තුළ සියලු මන්ත්‍ර ඇතැයි කියන්නේ එබැවිනි. එය සියලු මන්තරවල ප්‍රාණය වන බැවින් ඊට "ප්‍රණවය / ප්‍රණව මන්ත්‍රය / ප්‍රාණබීජය" කියා ද කියති. මෙකී ඕම්කාරය, වෙනත් විවිධ ස්වරස්ථානයන් හා ගැටීමෙන් මන්ත්‍රාක්ෂර උපදී. ඒවාට මූලමන්ත්‍ර යයි කියති.
මන්ත්‍රයක කොටස් හතරකි. එනම්, ප්‍රණවය, නමස්කාරය, යාඥාව සහ පල්ලවය වශයෙනි. ප්‍රණවය හෙවත් ඕම්කාරය මන්ත්‍රයක ශීර්ෂය වේ. නමස්කාරය යනු යම් දේවතාවකු, යක්ෂයකු හෝ වෙනත් සූක්ෂ්ම ශරීරධාරියකු වෙත කෙරෙන ඇමතීමකි. යාඥාව යනු තමන්ට කරගත යුතු කටයුත්තට අදාළ ඉල්ලීමයි. පල්ලවය යනු අලංකාරය යන අරුත් දේ. යාචාර්ථ, නමස්කාරාර්ථ, විධාර්ත, සමොධාර්ත, විද්වෙශාර්ථ ඈ විසින් පල්ලව පද ගණනාවක් ඇත. මන්තරයක් ජපකරන්නා විසින් මේ සියල්ල දැනගෙන කටයුත්තේ ය.
මෙසේ කොටස් හතරකින් සම්පූර්ණ වන මන්ත්‍රය ගැන, මන්ත්‍රධාරියා විසින් කරුණු හයකින් දැනුවත් විය යුත්තේ ය. එනම් ඍෂි, රාග (ඡන්ද), දෙවතා, බීජ, ශක්ති සහ කීලක වශයෙනි. ඍෂි යනු මන්ත්‍රය නිපදවූ පුද්ගලයා ය. රාග යනු අදාළ මන්ත්‍රය දැපිය යුතු ස්වර, ළය, තාන ආදී දැනුමයි. දේවතා යනු මන්ත්‍රාධිපති දේවතාවා කවරේ ද, කවර ගුණ ඇත්තේ ද, කවරාකාරයෙන් සැළකිය යුත්තේ ද යනාදී දැනුමයි. බීජ යනු අදාළ මන්ත්‍රය කවර බීජාක්ෂර කවර ලෙසකින් සංඝටනය වී තැනී ඇත්ද යන්න ගැන දැනුමයි. ශක්ති යනු අදාළ මන්ත්‍රයට අදාළ ශක්ති ගුණයයි. කීලක යනු මන්ත්‍රය තුළ සැඟව ඇත්තා වූ චෛතන්‍ය ගුණය එළියට ගැනීම පිලිබඳ දැනුමයි. මේ සියල්ලට අමතරව, තමා ජපකරන මන්ත්‍රයේ අර්ථ, සගුණ/නිර්ගුණ භේද, මූල, සාත්වික, රාජසික,තාමසික භේද, ජපනාකාර ආදී සියල්ල ගැන මන්ත්‍රධරයා දැනුවත් විය යුතුය.
මන්තරයක් ජප කළ පමණින් ප්‍රතිඵල නොලැබේ. පළමුව අදාළ මන්ත්‍රයේ සිද්ධිය ලබා තිබිය යුතුය. හරියට තුවක්කුවක් අතට ගත් පමණින් වෙඩි තැබිය නොහැක්කා සේ ය. පළමුව අදාළ කෞශල්‍යය ලබා තිබිය යුතුය. මෙකී කෞශල්‍යය ලබාදීම පිණිස මන්ත්‍රය සුදුස්සෙක් අතින් ලැබිය යුතුය. මෙය මන්ත්‍රදීක්ෂාව නම් වන අතර මෙය වනාහි ගුරුවරයා විසින් ගෝලයාට මන්ත්‍රදානය කිරීමයි. ගුරු දානය කරයි; ගෝලයා සාධනය කරයි.
සාධනාව ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඊට දශ සංස්කාර, පංච පුරශ්චරණ, ශොඩෂෝපචාර සියල්ල සපුරා තිබිය යුතුය. ලොපසින් කඩුවක් තනන ලොකුරුවෙකු මෙන් වෙහෙස මහන්සි වී කළ යුතු මේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වන අතර, ලිපියේ බර වැඩි නොවනු පිණිස අදාළ නොවන යම් යම් විස්තර කපාහැර අවශ්‍යම ටික පමණක් දක්වනු කැමැත්තෙමු.
1. ජනන : තඹපතක අධෝමුඛ ත්‍රිකෝණයක් ඇඳ, එහි ජනන යන්ත්‍රය ඇඳගෙන, එහි කොටු 48 හි ඕම්කාරය හා හංසය හැර ඉතිරි මාතෘකාක්ෂර 48 ලිවිය යුතුය. මෙසේ අඳින ලද යන්ත්‍රයෙන්, තමා ඉගෙනගන්නට සැරසෙන මන්තරයේ එක් එක් අකුර බැගින් ගෙන ජනන මන්ත්‍රයෙන් 108 වර ජපා තල්පතක ලිවිය යුතුය. අකුරු සියල්ල සම්පූර්ණ වූ පසුව දෙපසටම ප්‍රණවය යොදා (එනම් "ඕම්" [අදාල මන්ත්‍රය] "ඕම්" ලෙස පිහිටුවා) හත්වරක් ජපකිරීමෙන් මන්ත්‍රය "උපදී".
2. දීපන: අලුත තනාගත් කඩුවක් ගින්නෙන් දවන්නේ යම්සේ ද, එසේම මන්ත්‍රය ද දීපනය කළ යුතුය. මීට මන්ත්‍රයේ දෙපසට මායාබීජ අක්ෂරය යොදා හත්වරක් දැපිය යුත්තේය. (සමහර පොත්වලට අනුව දෙපසට හංසය යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය).
3. බෝධන : තනාගත් කඩුව දිස්නය දෙන පරිදි මදින්නේ යම්සේද, එසේම මන්ත්‍රය බෝධනය කළ යුතුය. ඊට අදාළ මන්ත්‍රයක් ඇති අතර, තනාගත් මන්ත්‍රයේ දෙපසට එය යොදා 5000 වරක් ජපකළ යුත්තේය.
4. තාඩන: තනාගත් කඩුවක් මිටියෙන් තළා පදම් කරන්නේ යම් සේද, එසේම තනාගත් මන්ත්‍රය ද තාඩනය කළ යුත්තේ ය. මීට අදාළ තාඩන මන්ත්‍රයෙන් දෙපස යොදා 1000 වරක් ජපකළ යුත්තේ ය.
5. අභිෂේක: ගින්නෙන් දවා මිටියෙන් තළා පදම් කළ කඩුවක් දියෙන් නහවා සිසිල් කොට සවි කරන්නේ යම් සේ ද, එසේම මන්ත්‍රය ද දියෙන් අබිසෙස් කළ යුත්තේ ය. මීට අදාළ අභිෂේක මන්ත්‍රය දෙපසට යොදා තවත් 1000 වරක් ජපකළ යුත්තේ ය.
6. විමලීකරණ: අලුත තැනු කඩුපතක වන මළ සියල්ල කපාහැර ශුද්ධ කරන්නේ යම් සේ ද, විමලීකරණ මන්ත්‍රයෙන් දහස්වර ජප කිරීමෙන් මන්ත්‍ර ශුද්ධිය වේ.
7. ජීවන: මෙතෙක් හුදෙක් අජීවී අක්ෂර පෙළක් සේ වුණු මන්තරය, ජීවන මන්ත්‍රයෙන් දහස්වර ජපකිරීමෙන් සජීවී මන්ත්‍රයක් වේ.
8. තර්පණ : අලුත උපන් දරුවෙක් කිරෙන් දියෙන් නහවා පවිත්‍ර කරන්නේ යම් සේද, එසේම වමතින් කිරි දිය ගෙන දකුණතේ වන මන්ත්‍රධාර තල්පත නහවමින් අදාළ මන්ත්‍රයෙන් දහස්වර ජප කරන්නේ ය.
9. ගොපණ: අලුත සැදු ගෙයකට ගොම පිරිබඩලමින් හිස්තැන් වසා අඩුතැන් පුරවා මට සුමට කරන්නේ යම් සේද, ගොපී මන්ත්‍රයෙන් දහස්වර ජපකළ යුත්තේය.
10. ආප්‍යායණ: අලුත උපන් දරුවකු ගෙට ගෙවදන්නේ යම් සේද, එසේම ආප්‍යායණ මතුරෙන් දහස්වර මතුරා අදාළ දශ කෘත්‍යය සපුරන්නේ ය.
මේ වනාහි දශ සංස්කාරයයි. එනම් මන්ත්‍රයක් සකස් කිරීමට අදාළ කරුණු දහයයි. සකස් කළ පමණින් මන්ත්‍රය "තමාගේ" වන්නේ නැත. කඩුවක් තැනු පමණින් එය "තමාගේ" යන හුරුව ලැබෙන්නේ නැතුවාක් මෙනි. ඊට පුරශ්චරණ පහක් පිරිය යුතුය.
1. ජපන: මන්ත්‍රයේ එන එක් අකුරකට ලක්ෂවාරයක් ජප කළ යුතුය.
2. දශාංශ හෝම: සෑම ජප දහයකට වරක්ම අග්නි පූජාවක් කළ යුතුය.
3. ශතාංශ තර්පණ: සෑම ජප සියයකටම වරක්ම ජල/ක්ෂීර පූජාවක් කළ යුතුය.
4. සහශ්‍රාන්ශ අභිෂේක: සෑම ජප දහසකටම වරක් අභිෂේක කළ යුතුය.
5. සමාරාධන: සෑම ජප දස-දහසකටම වරක් බ්‍රාහ්මණ දානයක් දිය යුතුය.
මෙසේ මහත් වෙහෙසකින් පසුව සාධනය ලබන මන්ත්‍රය අවසානයේ අදාළ දේවතාවා සම්බන්ධ සිද්ධිය ලැබෙන අතර ඕහට සොළොස් ආකාර සත්කාර පුදදිය යුතුය. එනම්, ආසන, ස්වාගත, නිද්‍ය, ආර්ඝය, ආචමන, මධුපාර්ක, ස්නාන, වස්ත්‍ර, ආභරණ, ගන්ධ, පුෂ්ප, ධූප, දීප, තාම්බුල, අජ්නී, වන්දනා යනුවෙනි.
මේ සියල්ල මැද ඇදුරා සිතින් කයින් වදනින් තුන්දොරින්ම පවිත්‍රව සිටිය යුත්තේ ය. සිතින්වත් අයුත්තක් නොසිතිය යුත්තේය. නිර්මාංශික සහ අනගාරික විය යුත්තේය. (මන්ත්‍ර සාධනය කළාට පසු නම් ගිහියෙක් වෙන්නට බාධාවක් නැත.) මන්ත්‍ර සාධනය යනු මෙවැනි අසීරු ක්‍රියාවකි. මේ වනාහි හුදු එක් මන්ත්‍රයක් පිලිබඳ සාධනාව වේ. මන්ත්‍ර ශාස්ත්‍රයේ එන සෑම මන්ත්‍රයක්ම සෑම අයෙකුටම සාධනා කොට භාවිත කළ නොහැක. තමාට සීහෙන (ගැළපෙන) මන්ත්‍ර මෙන්ම නොසීහෙන මන්ත්‍ර ද වේ. සිද්ධ, සාධ්‍ය සුසිද්ධ, අරි යනාකාර මන්ත්‍ර වර්ග හතරකි. නොදනුමකින් හෝ අරි (සතුරු) මන්ත්‍රයක් භාවිතයේ යෙදුණොත් ඇදුරාත් නසා ආතුරයාත් නසා උදව් දුන් එවුනුත් නසා මිස නොනවතී. එසේම මන්ත්‍රාධිපති දේවතාවන් ගත්තත් තමා හට සීහෙන දෙවතාවන් මෙන්ම නොසීහෙන දෙවතාවන් ද වේ. තමාට නෛසර්ගිකව නොගැළපෙන දේවතාවකු හට අදාළ මන්තරයක් ජප කිරීම යනු ආයුධ සන්නද්ධ සතුරෙක් සිය කැමැත්තෙන් ගෙට වැද්දගැනීම හා සමානය.
මෙසේ අමාරුවෙන් උපයා ගත් මන්ත්‍රය වුවත් ජප කිරීමට අදාළ ක්‍රමවේද ගැන ඇදුරා දැනුවත් විය යුතුය. වාච්‍ය, ලිඛිත, වෛඛාරී, උපාංශු යන සතරාකාර ජපක්‍රම නොවරද්දා ජපකළ යුතුය. එසේම ජප කිරීමේදී, ජප-දිෂ්ටි-ප්‍රාණ-පලිප්පු-ශෝධන දැනගෙනම කළ යුත්තේ ය. එකක් හෝ වැරද්දවීම යනු මුවහත් කඩුවක් වරදවා හැසිරවීම වැනිය. එක්කෝ තමා කපා ගනී; නැත්නම් ආතුරයා විපතට හෙළයි.
මන්ත්‍ර ශාස්ත්‍රයේ අදාළ ශාඛා අටක් වේ. ඒවා අෂ්ටකර්ම නමි. එනම් මන්ත්‍ර වලින් කරන ක්‍රියා අටකි. වශීකරණය ඉන් එකකි. තව හතක් තිබේ. එක් එක් කර්මයට එක් එක් මන්ත්‍රය පමණක් දැනගෙන උන්නත්, එකී මන්ත්‍ර අට පමණක් සාධනයට යන කාලය කොපමණ වේදැයි සිතීම අපහසු නොවේ. වශීකරණය ම ගත්තත් සෑම මන්ත්‍රයක්ම එකසේ පළ දෙන්නේ නොවේ. එසේම සෑම කාලයකම ක්‍රියාවේ යෙදවිය හැක්කේ ද නොවේ. දුබල මන්ත්‍ර අතහැර ප්‍රබල මන්ත්‍ර පමණක් සාධනය කළ හැකි නොවේදැයි කෙනෙක් අසන්නට පිළිවනි. ප්‍රබල මන්ත්‍ර සෑමවිටම ගැළපෙන්නේ නොවේ. ස්නයිපර් තුවක්කුවකින් කරන වැඩේ මල්ටි බැරල් රොකට්ටුවකින් කරන්නට බැරිය. කාලතුවක්කුවකින් කරන දේ රයිෆලයකින් කරන්නටද බැරිය. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ය. දර පලන පොරොවෙන් හදවත් සැත්කම් කරන්නේ නැත.
මේ සරල සමාලෝචනය දුන්නේ සැබැවටම මන්ත්‍ර ජපනය කවරාකාර දෙයක් ද යන්න පාඨක ඔබට වටහා දීමට ය. පුවත්පත්වල වැහි වහින තරම් මන්තරකාරයෝ ඉන්නවානම් මේ රට කොහොමින් කොහොම තැනක් කරන්නට තිබුණා ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

කොවුර් අභියෝගය
ඒබ්‍රහම් ටී. කොවුර් යනු කවුදැයි කියන්නට අද කාලෙ දන්නා උදවිය අඩු වීම ඉතාම අවාසනාවකි. කොවුර් යනු හේතුවාදී (rationalists) මතවාදය වෙනුවෙන් මෑත කාලයේ පෙනී සිටි විශිෂ්ටම සහ විදග්ධම විද්වතෙකි. ජීවත්ව සිටි කාලයේ යන්තර මන්තර හොරුන් හට ප්‍රසිද්ධියේ ම අභියෝග කළ ඔහු, එතෙකින් නොනැවතී හොල්මන් බංගලාවල රාත්‍රීන් ගත කිරීම, පුනරුප්පත්ති හොරු ඇල්ලීම වැනි දේ රාශියක් හරහා හේතුවාදය ජනවිඥානයේ ඉතා වැදගත් තැනකට ඔසොවා තැබීමට සමත් වූවෙකි. පොදුවේ ගත්කළ ඉතාම අන්තවාදී ද්‍රව්‍යවාදී ස්වභාවයක් ගත්තද, කොවුර්ගේ තර්කන විධිය හා ක්‍රියාවිධි අදට ද එලෙසම වලංගු බවට සැකයක් නැත.කොවුර් අභියෝගය ඉතාම සරලය. මෙන්න ඔහුගේම වචනයෙන්:
"I, Abraham T. Kovoor of "Tiruvalla", Pamankada Lane, Colombo-6 do hereby state that l am prepared to pay an award of 100, 000 Sri Lankan rupees to any one from any part of the world who can demonstrate supernatural or miraculous powers under fool-proof and fraud-proof conditions. This offer will remain open till my death or till I find the first winner.
Godmen, saints, yogis, and siddhas who claim that they acquired miraculous powers through spiritual exercises and divine boons win this award if they can perform any of the following "miracles"
- Read the serial number of a sealed up currency note.
- Produce an exact replica of a currency note.
- Stand stationary on burning cinders for half a minute without blistering the feet.
- Materialise from nothing an object I ask.
- Move or bend a solid object using psychokinetic power.
- Read the thought of another person using telepathic powers.
- Make an amputated limb grow even one inch by prayer, spiritual or faith healing powers, Lourdes water, holy ash, blessing etc.
- Levitate in the air by yogic power.
- Stop the heart-beat for five minutes by yogi power.
- Stop breathing for thirty minutes by yogi power.
- Walk on water.
- Leave the body in one place and reappear in another place.
- Predict a future event.
- Develop creative intelligence or get enlightened through transcendental or yogic meditation.
- Speak or understand an unknown language as a result of rebirth or by being possessed by a spirit, holy or evil.
- Produce a spirit or ghost to be photographed.
- Disappear from the negative when photographed.
- Get out of a locked room by spiritual power.
- Increase the quantity by weight of a substance by divine power.
- Detect a hidden object.
- Convert water into petrol or wine.
- Convert wine into blood.
- Astrologers and palmists, who hoodwink the gullible by saying that astrology and palmistry are perfectly "Scientific", can win my award if they can pick out correctly—within a margin of five percent error—those of males, females, and living and the dead from a set of ten palm prints or astrological charts giving the exact time of birth correct to the minute, and places of birth with their latitudes and longitudes.
I invite miracle performers like Satya Sai Baba, Pandrimalai Swamigal, Neelakanta Tathaji, Nirmala Devi Srivastava, Pujya Dadaji, Dattabal, Triprayar Yogini, Gtirudev Anandamurthi, Kamubhai, Chinmayanand, Acharya Rajneesh, Muktanand, Swami Rama, Swami Haridas, Sivabalayogi, Bhagavan Gnanananda, Gurumaharaj-ji, Maharishi Mahesh Yogi, Hazarath Ali, Dr. Vadlaimudi, C. S. Teerthangar, R.P.Tiwari, Uri Geller, Nelya Michailova, Jeane Dixon, Sybil Leek and the numerous "professors" of astrology and palmistry, in India and numerous other gurus, swamijis, mahants, acharyas, andas, babas and bhagavans who have found fresh pastures and wealthier gullibles in Western Countries, to take up my challenge and prove to skeptics like me that they are not hoaxers."
සිංහල පරිවර්තනය ගත්කල එය මෙසේය.
"කොළඹ 06 පාමංකඩ තිරුවැල්ල දරන ස්ථානයේ පදිංචි ඒබ්‍රහම් ටී. කොවුර් වන මම, වංචා විරහිත, සටකපටකම් වලින් තොර වාතාවරණයක් යටතේ ඕනෑම අධි-ස්වභාවික හෝ ප්‍රාතිහාර්යාත්මක දස්කමක් දැක්වීමට සමත් වන ලොව ඕනෑම ප්‍රදේශයක ඕනෑම කෙනෙකු හට, ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව මෙයින් දන්වා සිටිමි.කට්ටඩියන්, සාන්තුවරුන්, යෝගීන්, සිද්ධයින් හෝ වෙනත් අධිමානසික බලයක් හෝ දේව වරමක් සහිත යයි පවසන ඕනෑම අයෙකු හට, පහත දැක්වෙන "ප්‍රාතිහාර්ය" අතරින් එකක් හෝ පෑමෙන් මෙකී ත්‍යාග මුදල දිනාගත හැකිය.
- මුද්‍රා තබන ලද මුදල් නෝට්ටුවක ශ්‍රේණික අංකය කියවීම
- මුදල් නෝට්ටුවක සර්වසම පිටපතක් මැවීම
- දැවෙන අඟුරු මත විනාඩි බාගයක් දෙපා නොපිළිස්සී එකතැන සිටගෙන සිටීම
- මා ඉල්ලන දෙයක් හුදෙක් "හිස් ආකාශයෙන්" මවාදීම
- චිත්තවේග බලය ඇසුරින් ඝණ වස්තුවක් චලනය කරවීම හෝ නැවීම
- ටෙලිපති බලය මගින් අනෙකෙකු ගේ සිත් කියවීම
- කපන ලද ගාත්‍රයක් (අතක් / පයක්), යාඥා, විශ්වාසී බල, ශුද්ධ වූ අළු හෝ ජලය, ආශීර්වාද වැනි දෙයක් මගින් එක අඟලක් වවා පෙන්වීම
- යෝගී බලයෙන් අහසේ පාවීම
- යෝගී බලයෙන් විනාඩි පහක් හෘදය ස්පන්දනය නවත්වා සිටීම
- යෝගී බලයෙන් පැය බාගයක් ආශ්වාස-ප්‍රශ්වාස නවත්වාගෙන සිටීම
- ජලය මත ඇවිදීම
- එකතැනකින් සිරුර අතහැර ගොස් වෙනත් තැනකින් ප්‍රාදුර්භූත වීම
- අනාගත සිද්ධියක් පිලිබඳ පුරෝකථනය කිරීම
- පාරසම්භව හෝ යෝගී බලයක් ඇසුරෙන් යම් ආකාරයක නිර්මාණශීලී බුද්ධියක් ලැබීම
- යළි ඉපදීම, භූත බලවේගයක් ආවේශ වීම හෝ වෙනත් ක්‍රමයකින් උපතේ සිට නොදන්නා භාෂාවක් තේරුම් ගැනීම හෝ කතා කිරීම
- ඡායාරූපයක් ගතහැකි පරිදි හොල්මනක් හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම
- ඡයාරූපයක් ගත්විට නෙගටිව් තහඩුවෙන් අතුරුදන්ව සිටීම
- මුද්‍රා තබන ලද කාමරයක් ඇතුළතින්, යෝගී බලයෙන් නිදහස් වීම
- දේව බලයෙන් යම් වස්තුවක බර වැඩිකිරීම
- සැඟවූ වස්තුවක් සොයාගැනීම
- ජලය, පෙට්‍රල් හෝ වයින් බවට පත්කිරීම
- වයින්, ලේ බවට පත්කිරීම
- ජ්‍යෝතිෂය හා අතබැලීම ඉතාම විද්‍යාත්මක යයි කියමින් අසරණ ජනයා රවටන ජ්‍යෝතිෂවේදීන් හා අතබලන්නන් හට ඉතා පහසුවෙන් මගේ ත්‍යාගය දිනාගත හැකිය. ඒ සඳහා ඔවුන් කළයුතු වන්නේ මෙපමණකි: මා ලබාදෙන අත්ල සටහන් හෝ හරියටම නිරවද්‍ය උපන් වේලාවල් (උපන වෙලාවේ අක්ෂාංශ දේශාංශ සහිතව) දහයක් ඇසුරින්, (සීයට පහක නිරවද්‍යතා සීමාවක් යටතේ) ස්ත්‍රීන්, පුරුෂයන් හා ජීවත් වන්නන් සහ මළවුන් කවරේදැයි පැවසීම පමණකි.
තවද සත්‍ය සායිබාබා, පන්ද්‍රිමලයි ස්වාමිගල්, නීලකාන්ත තථජී, නිර්මලාදේවී ශ්‍රීවාස්තව, පුජ්‍ය දදාජී, දත්තාබාල්, ත්‍රිප්‍රයාර් යෝගිනී, තිරුදේව් ආනන්දමූර්ති, කාමුභායි, චින්මයානන්ද්, ආචාර්ය රාජ්නීශ්, මුක්තානන්ද්, ස්වාමි රාමා, ස්වාමි හරිදාස්, සිවබාලයෝගී, භගවාන් ඥානානන්ද, ගුරුමහරාජ්-ජි, මහර්ශි මහේෂ් යෝගී, හzසරත් අලි, වෛද්‍ය වද්ලායිමුධි, සී.එස්. තීර්ථන්ගර්, ආර්.පී. තිවාරි, යුරි ගෙලර්, නෙල්‍යා මිඛයිලෝවා, ජීන් ඩික්සන්, සිබිල් ලීක් සහ වෙනත් ඉන්දීය ජ්‍යෝතිෂය / හස්තරේඛා "මහාචාර්යවරු" ද, (සිය සටකපටකම් වලින් රැවටීමට බටහිර ලෝකය තුළ නව රැවටෙන්නන් සොයාගෙන ඇති) වෙනත් අනේකවිධ ගුරු, ස්වාමි ජී, මහන්තා, ආචාර්ය, ආන්ද, බාබා සහ භගවාන්වරුන්ගෙන් ද, මේ අභියෝගය බාරගෙන, මා වැනි අව්ශ්වාසිකයකු හට ඔවුන් බොරුකාරයන් නොවෙයි කියා සනාථ කරන මෙන් මම ඉල්ලා සිටිමි. "
1963 දී කරන ලද මේ අභියෝගය අදටද වලංගු වන නමුත් අද වන තුරුත් ඊට ඉදිරිපත් වූ කෙනෙක් සොයාගැනීමට නොහැකිය. (මෙය ඉදිරිපත් කළ මුල්කාලයේ විවිධ කූටෝපාය වලින් එය දිනාගැනීමට උත්සාහ කළවුන් බොහොමයක් අසාර්ථක වූ අයුරු ද පුවත්පත් වාර්තා කෙළේ ය.)
යුරි ගෙලර් සහ පීටර් පොපොෆ් ගැන වචනයක්
ඉහත ලැයිස්තුවේ නම සටහන් වූ මේ පචකාරයා ගැන නිතර පතපොත කියවන උදවියට නම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අවිවාදයෙන්ම බටහිර ලොව ප්‍රසිද්ධම "මායාකාරයා" ලෙස ඔහු හැඳින්වුවද එහි වරදක් නොවේ. ලෝහමය වස්තු නැවීමට හා ලෝහමය /ඉලෙක්ට්‍රොනික උපකරණ චිත්ත බලයෙන් පිළිසකර කිරීමට බලයක් තිබුණේ යැයි කියන මේ පුද්ගලයා ගැන ආචාර්ය රෑන්ඩි විසින් ඉතා සුපරීක්ෂාකාරීව කරන ලද පරීක්ෂණ ශ්‍රේණියක් මගින් සත්‍යය ජනතාවට පෙන්වන ලදි. එහෙත් අදටද ඔහු සත්‍ය වශයෙන්ම මායාකාරයෙක් යැයි පිළිගන්නා පිරිසද සුළුපටු නැත. මෙන්න අදාළ වාර්තා වැඩසටහන.
එසේම පීටර් පොපොෆ් යනුද මෙසේම අසරණ මිනිසුන් දේව බලයෙන් සුවකරන බව කියමින් මුදල් ගරාගත් තවත් කාලකන්නියෙකි. ඇත්තටම ඔහු කළේ වෙන කිසිවක් නොව සිය සුවකිරීම් මෙහෙය අතරමැද සැඟවී සිටි සිය බිරියගේ උදව්වෙන් සුවය ලබන්නවුන්ගේ විස්තර කලින් දැනගෙන ඔවුන් "සුව කළා" සේ පෙන්වීමයි. අදාළ විස්තර සඳහා වීඩියෝව බලන්න.
අභියෝගය විවෘතයි!
අපෙනුත් අභියෝගයක්
අද වන විට රට පුරා මෙවැනි සුවකිරීමේ සුභාරංචි මෙහෙයවල් හතු පිපෙන්නා සේ පවත්වනු අපට දකින්නට ලැබෙ. මේ තරම් සුවකිරීම් මෙහෙයවල් වේනම්, මේ රටට රෝහල් අවශ්‍ය වන්නේ නැත. අපට හැගෙන දේ නම් මේ සියල්ල පට්ටපල් බොරු පච බවයි. ඒ නිසා තහනම් වචන ලියන අපි ද මේ මොහොතේ සරල අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. මීළඟ මාසය ඇතුළත, මෙවැනි සුවකිරීම් මෙහෙයවල් පැවැත්වෙන තැන් කීපයකට යාමට අප බලාපොරොත්තු වන අප ඉල්ලා සිටින්නේ එහිදී අප නම්කරන පුද්ගලයකු ගේ රෝගයක් සුව කරන ලෙසයි. රෝගයවත්, අදාළ පුද්ගලයා වත් ඔහු / ඇය ගැන මොනම විස්තරයක් වත් අප විසින් ලබාදෙනු නොලැබේ. රෝගය සුවකරනු නොහැකිනම් අපට පිළිගත හැකි මට්ටමේ ඕනෑම ප්‍රාතිහාර්යයක් දක්වන අයෙකු හට අප කමිටුව විසින් සම්මාදම් කර දෙනු ලබන මුදල් ත්‍යාගයක් ලබාදෙන අතර, එයද නොහැකිනම් අඩුම තරමේ එවැනි ප්‍රාතිහාර්යයක් පෙන්විය හැකිනම් මේ ලියන්නා ඒ මොහොතේ සිට අදාළ සුවකිරීම කරන්නා ගේ ආගම වැළඳගන්නා බවට ද මේ මොහොතේ අපි දන්වා සිටිමු.අභියෝගය විවෘතයි!