logo banner

Saturday, June 1, 2013

නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

ප්‍රවිෂ්ටය
මේ දිනවල සමාජ ජාල වල වැදගත්ම මාතෘකාව වන්නේ හරක් මස් විරෝධයයි. හරකා සහ අනිත් සතුන් අතර වන මේ වෙසෙස් වෙනස අපට නම් වැටහෙන්නේ නැත. මේ ටික කී විට හරකාට කිරි අම්මා යයි කියන අයට සැහෙන්නට රිදෙනු ඇත. එහෙත් අපේ නම් අදහස, මේ කතාව ඇත්ත නම්, මුළු රටේම කිරි අම්මාවරු දැන් සිටින්නේ එක්කෝ ඕස්ට්‍රේලියාවේ නැතිනම් නව සීලන්තයේ බවයි. හරකාට අම්මා යයි කියන්නේ අප නොව, හින්දුන් බව අපි කලින් වතාවක කරුණු සහිතව දැක්වුයෙමු. එය කියවන්නට නොහැකි වූ අයෙක් වෙතොත් මෙතැනින් කියවිය හැකිය.

මේ ලියන්නා ද බෞද්ධයෙක් සහ වසර ගණනක සිට පූර්ණ නිර්මාංශික වෙයි. ඒ බුදු දහමේ කොහෙවත් නිර්මාංශික වන්නට යයි කියා ඇති නිසා නොව, පුද්ගලික හේතුවක් මත ය. 

නිර්මාංශික භාවය ඍජුව සම්බන්ධ වන්නේ අහිංසාව සමග ය. එහි වරදක් නැත. එහෙත් ප්‍රමාණතික්‍රාන්ත අහිංසාව කිසිදා ප්‍රායෝගිකව කරන්නට බැරි දෙයකි. එය බුදුන් වහන්සේ හොඳින් වටහා ගෙන සිටියෝ ය. මේ නිසාම අපි පළමුව, පළමු සිකපදය ගැන කතා කරමු.



ප්‍රාණඝාතය

ප්‍රාණඝාතය සපිරෙන්නට නම් කරුණු පහක් අවශ්‍ය ය.

1. පණ ඇති සතෙකු වීම.
2. පණ තිබෙන බව දැනගැනීම.
3. පණ නැසීමේ චේතනාව.
4. පණ නැසීම සඳහා යම් උපක්‍රමයක් යෙදීම / යෙදවීම / යෙදීමට අනුබල දීම,
5. එම උපක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස එම සතා ගේ ප්‍රාණය හානි වීම.

වැදගත්ම කරුණ වන්නේ, සතා මරණයට පත්වීමට හේතුව ඔබ අතේ තිබිය යුතුය යන්නයි. ප්‍රාණඝාතය අවිකල්පික ක්‍රියාවකි; එසේම එය නාසඥිවේ. එනම් ඔබ එකෙකු මරන්නට තැත්කරමින් කළ ක්‍රියාවෙන් වෙනෙකෙකු මළාය කියා පව නොපිරෙන්නේ නැත. එසේම මින් එකක් හෝ නොමැති තැන ප්‍රාණඝාතයක් සිදු නොවේ. 

උදාහරණයක් ලෙස, ඔබ වත්තට එන බල්ලෙකුට මරණ චේතනාවෙන් ගල්ගෙඩියකින් ගැසුවාය සිතන්න. වැරදීමකින් ඒ ගල්ගෙඩිය වැදුනේ ඔබේ මවගේ හිසේ යයි සිතන්න. ඇය ඉන් මළොත් ඔබට අනිවාර්යයෙන්ම ආනන්තරිය අකුසලය සිද්ධ වේ. බොහෝ දෙනා මෙහිදී චේතනාව ම කර්මය වේ යැයි සිතා, ආනන්තරිය අකුසලය සිද්ධ නොවන්නේ යැයි කියනු ඇත; එහෙත් අභිධර්ම විග්‍රහය (රේරුකානේ හිමියන්ට අනුව) සැලකුවොත් බල්ලා, මව යන දෙදෙනෙක් නැත; ඇත්තේ පංචස්කන්ධ දෙකක් සහ පරපණ නසන චේතනාව පමණි. එනිසා අකුසලය අනිවාර්යයෙන්ම සිද්ධ වේ.

ඊළඟ වරද්දා නොගත යුතු කාරණය මෙයයි: ප්‍රාණඝාතය සම්පූර්ණ වන්නට නම් පණ නැසීමට ඔබේ ක්‍රියාව ඍජුව හේතු විය යුතුය. එනම්, යම් නිශ්චිත ප්‍රාණියකු හට බලපෑ යුතුය. මරන චේතනාවක් නැතිනම්, ඔහේ ගහන කඩු පහරකින් වුවද මිනිසෙකු මරණයට පත්විය හැකිය. ඉන් අකුසලයක් සිද්ධ නොවේ. 

කෙටියෙන් කියන්නේ නම්, මරන චේතනාවක් නැතිව කඩුවක් අරන් වැනීම නිසා, දාහක් දෙනෙක් මළත් පවු නොපිරේ; එනමුත් බල්ලෙක් මරන චේතනාවෙන් ගලක් වීසිකොට මිනිහෙක් මළත් ප්‍රාණඝාතය සිදුවේ. (කරුණු අනුපිළිවෙල අනුව නොගැළපීමක් ඇති බවට කළ පාඨක පෙන්වාදීමක් අනුව එකතු කළෙමු)

උදාහරණයක් ගනිමු. මිනිහෙක් තව මිනිහෙකුගේ අත කපා දමයි. මෙය අකුසලයක් ද නැද්ද? අපට ඊට ඍජුව පිළිතුරු දිය නොහැක. අත කපන්නා හංදියේ චණ්ඩියෙක් නම් සහ, ඌ එය කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් නම් අකුසලයකි. එහෙත් රෝගියකුගේ දිවි ගලවනු වස් වෛද්‍යවරයකු අත කපා දැමීම අකුසලයක් නොව, කුසලයකි. හැබැයි, රෝගියාගේ අත නොකපා බේරාගන්නට තිබියදී, පරණ තරහක් පිට අත කපන්නට වෙදා සිතන්නේ නම්, එය යළි අකුසලයකි. 

මාංශ අනුභවය
පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ. එනම්, තමා නිසා ම මරණ බව ඇසින් දැක නැති, තමා නිසා ම මරණ ලද බව කනින් අසා නැති, තමා නිසාම මරණ ලද්දේ යයි සැක කිරීමට කරුණක් නැති මාංශය යි. 

කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති. 

(පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ. 

කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි. 

මා මස් කෑමට තීරණය කරන මොහොත (වෙලාව කුමක්ද යන්න වැදගත් නැත) වනවිට මා ආහාරයට ගන්නා සතා මැරී හමාර බවට සැකයක් නැත. හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ. 

මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

උදාහරණයක් ගනිමු. 

1. ඔබ ජීවත් වේ. 
2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
3. ඔබ පණ පිටින් බව මම දනිමි.
4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි. 

නමුත් සත්‍ය කතාව නම්,

1. මුදලාලි ඔබව මරනවා. 
2. මට මස් කන්න හිතෙනවා.
3. මම ඔබේ මළකුණ දකිනවා.
4. මට මස් කන්න හිතෙනවා.
5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි. 

ඔබේ අල්ලේ වණ තිබේද?
මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය. 

මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය. 

තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය: 

බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු. 

වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ." 

ඉංග්‍රීසි බසින් කියවන පාඨකයන් සඳහාත්, අප මෙය ලියන්නට පෙළඹවූ මුල් ලිපිය කියවනු රිසියවුන් සඳහාත්, පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමිගේ ලිපියක් මීටම සබැඳි කොට දක්වමු.

දේවදත්තාගම 
මේ දිනවල රටේ කෙසේ වෙතත් ෆෙස්බුක් වැනි සමාජ ජාල වල පැතිරී යමින් පවතින වෙනත් ආගමක් ද වේ. පෙනුමට එය පෙනෙන්නේ බුදු දහම ලෙස ය. නමුත් යම් යම් සියුම් කරුණු රාශියක් නිසා එය වඩාත් ලං වන්නේ කුරාණයට හෝ දේවදත්ත තෙරුන්ගේ පස්වැදෑරුම් ඉල්ලීමට මිසක, බුදු දහමට නොවන බව පෙනේ. කටවහරේ පහසුව තකා අපි ඊට දේවදත්තාගම යැයි කියමු. 

ඊට අනුව ප්‍රාණඝාතය සහ හිංසනය, අප දන්නා ප්‍රාණඝාතයට සහ හිංසනයට වඩා වෙනස් වේ. මෙන්න අපි දකින වෙනස්කම්: (සමහර කරුණු අපේ අදහස් නොව, අපේ ෆේස්බුක් පිටුවට ලැබුණු පාඨක අදහස් ය.)

1. අ) රට වෙනුවෙන් මැරෙන සොල්දාදුවන් හට ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙන්නේ නැත.
1. ආ) බෝසතුන් නොවන අයටද ජීවිත පූජා කළ හැකිය.
1. ඇ) රට / හරක් වෙනුවෙන් ජීවිතය පිදුවාට පැවිද්දන් හට දුක්කටාපත්ති නැත.

2. අ) මස් කෑම පවු සිද්ද වෙන වැඩකි. 
2. ආ) බිත්තර මාළු කෑවාට කමක් නැත. 
2. ඇ) හරක් මස් කෑම ආනන්තරිය අකුසලයකි.
2. ඈ) එසේ කන්නවුන් හොඳින් හෝ නරකින් ඉන් මුදවා ගැනීම තුසිතයේ ඉපදීමට පවා හේතු වන කුසලයකි.
2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ. 

3. අ) බුදුරදුන් සෑම භික්ෂුවක්ම බුද්ධ වංශයේ යැයි දේශනාකොට ඇතත් ඉතා පසුගාමී, ගෝත්‍රවාදී, ලෞකික මිම්මක් වන "කුලයට" අනුව නිකාය වලට බෙදී වෙන්ව සිටියාට පව් නැත.
3. ආ) භික්ෂූන්ට මද්‍යසාර භාවිතය සහ එසේ කොට රිය පැදවීම කැපය
3. ඇ) භික්ෂූන්ට ප්‍රසිද්ධියේ පරුෂ වචන භාවිතා කිරීම කැපය
3. ඈ) භික්ෂුන් දාන සීල භාවනාදියෙහි යෙදිය යුතු නොවේ; මුස්ලිම් විරෝධය මගින් සියලු පිං අත් වේ.
3. ඉ) භික්ෂූන් පෙළ ගැසිය යුත්තේ වසවත් මරු පැරදුමට නොව ආණ්ඩුවට බලපෑම් කිරීමටයි.

4. අ) අන්‍යගමිකයන්ගේ කඩවලට යන උන්ට බිත්තර ගැහුවාට පවු නැත.
4. ආ) තමන්ට එරෙහිව එන උද්ඝෝෂකයන්ගේ පින්තුර එඩිට් කර කැලෑ පත්තර ගැසීම නිවැරදිය.
4. ඇ) අන්‍යාගමිකයන් හට බලෙන් හිංසාකාරීව හෝ මේ ආගම කියා දුන්නාට පවු නැත. 

5. අ) භික්ෂුන් හට නච්ච ගීත වාදිත වලින් පිරුණු ෆේස්බුක් තහනම් නැත. 
5. ආ) භික්ෂුන් හට දේශපාලනය වරදක් නැත. 
5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත. 

6. බෞද්ධයන්ට නයිට් ක්ලබ් සහ ඉටිපන්දම් අකැපය.

මේ වාහෙලා එදා බුද්ධ කාලයේ නම් සිටියා වෙන්නට බැරිය. සිටියා නම් දෙවුදත්ට පෙර බුදුන්ට ගල් ගහන්නේ මුන්දෙලාය. මේ අයට ය, මේ සිහිපත් කිරීම:

පිංවත, සිහි තබා ගන්න! මිනී 999ක් මරපු අංගුලිමාල රහත් වූ බව සිහි තබා ගන්න. සැණකෙළියක් සැණකෙළියක් ගානේ (අද වගේ නම් නයිට් ක්ලබ් ගානේ) ඇවිද ඇවිද හිටපු උපතිස්ස කෝලිත දෙදෙනා, සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් අගසව් වූ බව සිහි තබා ගන්න. නිරුවතින් වෙහෙරට දිව ආ පටාචාරාවෝ, හික්මීමෙන් අගතැන්පත් මෙහෙණිය වූ බව සිහි තබා ගන්න. බුදු සසුනේ පන්සිල් රකින්නවුන් අතර අග්‍රස්ථානයේ සිටියේ උභය කුල පාරිශුද්ධ විසාඛාව නොවේ; ප්‍රසිද්ධ ගණිකාවක වූ අම්බපාලිය බව සිහි තබා ගන්න. සියල්ලටම වඩා, ජීවිතේට එකම එක පාරක් මහල්ලෙක්, ලෙඩෙක්, මිනියක් සහ භික්ෂුවක් දැකපු සිද්ධාර්ථ බුදු වූ බවත් මතක තබා ගන්න.

මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය පහත උපුටා දක්වමු.

What the Buddha Said About Eating Meat

Ajahn Brahmavamso

Since the very beginning of Buddhism over 2500 years ago, Buddhist monks and nuns have depended on almsfood. They were, and still are, prohibited from growing their own food, storing their own provisions or cooking their own meals. Instead, every morning they would make their day's meal out of whatever was freely given to them by lay supporters. Whether it was rich food or coarse food, delicious or awful tasting it was to be accepted with gratitude and eaten regarding it as medicine. The Buddha laid down several rules forbidding monks from asking for the food that they liked. As a result, they would receive just the sort of meals that ordinary people ate - and that was often meat.

Once, a rich and influential general by the name of Siha (meaning 'Lion') went to visit the Buddha. Siha had been a famous lay supporter of the Jain monks but he was so impressed and inspired by the Teachings he heard from the Buddha that he took refuge in the Triple Gem (i.e. he became a Buddhist). General Siha then invited the Buddha, together with the large number of monks accompanying Him, to a meal at his house in the city the following morning. In preparation for the meal, Siha told one of his servants to buy some meat from the market for the feast. When the Jain monks heard of their erstwhile patron's conversion to Buddhism and the meal that he was preparing for the Buddha and the monks, they were somewhat peeved:

"Now at the time many Niganthas (Jain monks), waving their arms, were moaning from carriage road to carriage road, from cross road to cross road in the city: 'Today a fat beast, killed by Siha the general, is made into a meal for the recluse Gotama (the Buddha), the recluse Gotama makes use of this meat knowing that it was killed on purpose for him, that the deed was done for his sake'..." [1].

Siha was making the ethical distinction between buying meat already prepared for sale and ordering a certain animal to be killed, a distinction which is not obvious to many westerners but which recurs throughout the Buddha's own teachings. Then, to clarify the position on meat eating to the monks, the Buddha said:

"Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you." [2]

There are many places in the Buddhist scriptures which tell of the Buddha and his monks being offered meat and eating it. One of the most interesting of these passages occurs in the introductory story to a totally unrelated rule (Nissaggiya Pacittiya 5) and the observation that the meat is purely incidental to the main theme of the story emphasizes the authenticity of the passage:

Uppalavanna (meaning 'she of the lotus-like complexion') was one of the two chief female disciples of the Buddha. She was ordained as a nun while still a young woman and soon became fully enlightened. As well as being an arahant (enlightened) she also possessed various psychic powers to the extent that the Buddha declared her to be foremost among all the women in this field. Once, while Uppalavanna was meditating alone in the afternoon in the 'Blind-Men's Grove', a secluded forest outside of the city of Savatthi, some thieves passed by. The thieves had just stolen a cow, butchered it and were escaping with the meat. Seeing the composed and serene nun, the chief of the thieves quickly put some of the meat in a leaf-bag and left it for her. Uppalavanna picked up the meat and resolved to give it to the Buddha. Early next morning, having had the meat prepared, she rose into the air and flew to where the Buddha was staying, in the Bamboo Grove outside of Rajagaha, over 200 kilometres as the crow (or nun?) flies! Though there is no specific mention of the Buddha actually consuming this meat, obviously a nun of such high attainments would certainly have known what the Buddha ate.

However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!

Towards the end of the Buddha's life, his cousin Devadatta attempted to usurp the leadership of the Order of monks. In order to win support from other monks, Devadatta tried to be more strict than the Buddha and show Him up as indulgent. Devadatta proposed to the Buddha that all the monks should henceforth be vegetarians. The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.

The Vinaya, then, is quite clear on this matter. Monks and nuns may eat meat. Even the Buddha ate meat. Unfortunately, meat eating is often seen by westerners as an indulgence on the part of the monks. Nothing could be further from the truth - I was a strict vegetarian for three years before I became a monk. In my first years as a monk in North-East Thailand, when I bravely faced many a meal of sticky rice and boiled frog (the whole body bones and all), or rubbery snails, red-ant curry or fried grasshoppers - I would have given ANYTHING to be a vegetarian again! On my first Christmas in N.E. Thailand an American came to visit the monastery a week or so before the 25th. It seemed too good to be true, he had a turkey farm and yes, he quickly understood how we lived and promised us a turkey for Christmas. He said that he would choose a nice fat one especially for us... and my heart sank. We cannot accept meat knowing it was killed especially for monks. We refused his offer. So I had to settle for part of the villager's meal - frogs again.

Monks may not exercise choice when it comes to food and that is much harder than being a vegetarian. Nonetheless, we may encourage vegetarianism and if our lay supporters brought only vegetarian food and no meat, well... monks may not complain either!

May you take the hint and be kind to animals.

References:

[1] Book of the Discipline, Vol. 4, p. 324
[2] ibid, p. 325

Ajahn Brahmavamso

(Newsletter, April-June 1990, Buddhist Society of Western Australia.)

http://www.urbandharma.org/udharma3/meat.html

49 comments:

  1. Replies
    1. ටැබූගේ අදහස කියෙව්වා.. එකඟ වෙන්න අපහසුයි, මොකද ගිහියන්ට සහ පැවිද්දන්ට වෙන වෙනම බලපාන නීති ඇත්තේ විනය පිටකයේ. සුත්‍ර පිටකයේ නොවේ.

      Delete
    2. it has been written in wisely mind which is being expected someone be addressed in such a way...excellent..

      Delete
  2. මෙවන් මෝඩයන්ට වැඩි ආයුෂ නැත. අපේ රටේ ඉන්නේ මෝඩයන් වුවද. ඒ පට්ට මෝඩයන්ට වුවද කරුණු අවභෝධ කර ගැනීමට වැඩි කල් ගත වන්නේ නැත. කොතරම් මෝඩයන්ද යත් ටී වී චැනල් හොර සංඝයා හා එක්ව පෙන්වන ඉතිහාසයක් නැති ධාතු වලට පෝලිමේ ගොස් දොහොත් මුදුන් තබා වඳිති. මේවා ප්‍රශ්ණ කිරීමක් නැත. මහා නායක හිමිවරුන්ද මුනිවත රැකීම ඉතා කනගාටුදායකය.

    ReplyDelete
  3. සියල්ල පටලවාගෙන.

    \\\\\\උදාහරණයක් ලෙස, ඔබ වත්තට එන බල්ලෙකුට ගල්ගෙඩියකින් ගැසුවාය සිතන්න. වැරදීමකින් ඒ ගල්ගෙඩිය වැදුනේ ඔබේ මවගේ හිසේ යයි සිතන්න. ඇය ඉන් මළොත් ඔබට අනිවාර්යයෙන්ම ආනන්තරිය අකුසලය සිද්ධ වේ. බොහෝ දෙනා මෙහිදී චේතනාව ම කර්මය වේ යැයි සිතා, ආනන්තරිය අකුසලය සිද්ධ නොවන්නේ යැයි කියනු ඇත; එහෙත් අභිධර්ම විග්‍රහය (රේරුකානේ හිමියන්ට අනුව) සැලකුවොත් බල්ලා, මව යන දෙදෙනෙක් නැත; ඇත්තේ පංචස්කන්ධ දෙකක් සහ පරපණ නසන චේතනාව පමණි. එනිසා අකුසලය අනිවාර්යයෙන්ම සිද්ධ වේ.\\\\\\

    සහ

    \\\\\ඊළඟ වරද්දා නොගත යුතු කාරණය මෙයයි: ප්‍රාණඝාතය සම්පූර්ණ වන්නට නම් පණ නැසීමට ඔබේ ක්‍රියාව ඍජුව හේතු විය යුතුය. එනම්, යම් නිශ්චිත ප්‍රාණියකු හට බලපෑ යුතුය. මරන චේතනාවක් නැතිනම්, ඔහේ ගහන කඩු පහරකින් වුවද මිනිසෙකු මරණයට පත්විය හැකිය. ඉන් අකුසලයක් සිද්ධ නොවේ.\\\\\\


    අතර ගැළපීමක් නැහැ.ඔබ සියල්ල පටලවමින් මෙවැනි ලිපි පල නොකරන්න.ඔබේ ලිපියේ බොහෝ වැරදි තියෙනවා.එකින් එක පෙන්වා දෙන්න පුළුවන්.ඒත් ඔබ පිළිගන්න එකක් නැහැ.මේ ගැන කතා කරන්න යෑමත් නිෂ්පලයි.

    ReplyDelete
    Replies
    1. අදහස මතු කළාට ස්තුතියි. මෙහෙම කියන්නම්: මරන චේතනාවක් නැතිව කඩුවක් අරන් වනලා, දාහක් මළත් පවු නැහැ. නමුත් බල්ලෙක් මරන චේතනාවෙන් ගලක් ගහල මිනිහෙක් මළත් ප්‍රාණඝාතය තමා. එතකොට අදහස පැහැදිලි වේවි ද?

      Delete
    2. ඇනෝ, ඔබේ කමෙන්ට් කියවන්නේ ලියුම්කරු පමණක් නොවෙයි. මේ ලිපියේ වැරදි ඇත්නම් ඒවා කියවා නොමග යන පාඨකයන් යහ මගට ගැනීම සඳහා කරුණාකරලා ලිපියේ වැරදි පෙන්වලා දෙන්න.

      ඔබ කියන නොගැලපීම මටත් පේන්නෙ නැති නිසා, මා අතිනුත් ප්‍රාණ ඝාතයක් සිදු වන්නට ඉඩ තිබෙනවා. නිකම් වනන ඇනෝ කඩු පාරක් කාටහරි වැදුනොත්?

      Delete
  4. දුටුගැමුණු රජතුමා මැරුවේ ප්‍රාණයන් 1 1/2 කියපු මිනිස්සු හිටිය රටනේ මේ.
    ++++++++++++++++++++++

    ReplyDelete
  5. පර පණ නැසීම අගය නොකරමි. නමුත් ඔබ කියන්න හා එකඟයි. මිනිස්සු අනවශ්ය පැත්තට දහම හරව ගන්නවා. බුදුන් වහන්සේගේ ධර්මය බුදුන්ටත් උගන්නන්න සමත් මේ සේනාවන් එක්ක මොන වාද ද. ඔබේ කලින් ලිපියට මගේ කමෙන්ටුව මෙතැනටත් සුදුසුයි. මට නම් ආහාරය ආහාරයක් පමණයි. මට එහි අන්තර්ගතය කිසිම වැඩක් නැහැ. නමුත් මම නිර්මාශ ආහාරය වඩා ප්‍රියයි. නොකාම බැරි විටක දී වෙනත් කිසිවක් නැති විට මාංශ නොකා ඉන්නෙත් නැහැ. හැබැයි ඒ ආහාරයක් ලෙසම පමණයි.
    ඔබේ මේ පැහැදිලි කිරීම් වල අගය අපමණයි. මෙවැනි දෑ තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. අලගද්දයා හෙවත් සර්පයා වැරදි කොණින් අල්ලාගැනීම භයානකයි නේ වෙදනෝ...

      Delete
  6. "මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි"

    මට තේරුන හැටියට ලිපියෙන් කියවුනේ මස් කන්න හිතෙනකොට සතා මරලා ඉවරයි. ඒක නිසා මස් කෑවත් නැතත් ප්‍රාණඝාතයට බලපෑමක් නෑ කියන එකනෙ.

    ඔය ගැන මෙහෙම හිතන්න බැරිද? මිනිස්සු මස් ගත්තාම තමයි වෙළෙන්ඳට ලාභ ලැබෙන්නෙ. ඒ ලාභය බලාපොරොත්තුවෙන් තමයි වෙළන්ඳා ඊළඟ දවසෙත් මස් මරන්නෙ. නිකමට හිතමුකො වෙළන්ඳා අද කුකුල්ලු 10ක් මරනවා. ඒත් මිනිස්සු කීපදෙනෙක් මස් කෑම නවත්වන නිසා විකිණෙන්නෙ 8යි. එතකොට ඊළඟ සැරේ මිනිහා මරන එක අඩු කරනවා නේද? ඉතින් මෙහෙම හිතුවොත් කන එක මරන එක හේතුවක් වෙන්නේ නැද්ද?

    අනික මරන්ඩ යන හරකුන්ට අභය දානය දෙනවා කියලා කටවුට් ගහගෙන කරන වැඩෙත් බොරු ශෝ එකක් විදිහටයි මම නම් දකින්නෙ. මොකද හිතමුකො ඔය හරකා නිදහස් කරගත්තු පෝරකේ දවසට හරක් 10ක් මස් කරනවා. ඉතින් ඔය එක හරකෙක් නිදහස් කරගත්තාට තව එකෙක් ඔය ගොඩටම එකතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. හරි ඔය කන නිසා මරනවා කියන්නේ ඉල්ලුම-සැපයුම කියන න්‍යාය. සත්‍යම කතාව නම් තවත් සතියකින් මස් කන්න හිතෙන අයටත් සරිලන්නම අද වන විට මස් මරා අවසන්. බුදු හිමිගේ අල්ලපු වැටෙත් මස් මරන්නෙක් හිටියා, උන් වහන්සේ ඒකාවවත් වලක්වන්න ඉදිරිපත් වුනේ නෑ. බොහෝ දේ උපකල්පන පමණයි. නිර්මල බුදු දහම තුල දැන් කියන සමහර දේ සඳහන් වෙලා නෑ.

      Delete
    2. ඔය සියලුම මස් කන්නන් අයිති වන්නේ පාරිභෝගිකයා කියන ගොඩට නේද?ඒ සතුන් මරන්නේ ඒ පාරිභෝගිකයා වෙනුවෙන් නොවේද?එසේනම් තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති යන්නෙහි තමා පාරිභෝගිකයා ලෙස ඉදිරිපත් නොවන්නේද?එසේනම් දැනටමත් මරා අවසන් ඉදිරියේදී මස් කන්නට හිතෙන පුද්ගලයා අයිතිවන්නේ මස් මරන්නා බලාපොරොත්තුවූ ඒ පාරිභෝගිකයාගේ ගොඩටම නේද?
      බුදුරජාණන්වහන්සේ සිදුකලේ මාර්ගය පෙන්වීමක් පමණයි.බලෙන් ඇදගෙන ඇවිත් බලෙන් තියාගෙන එහි ගමන් කෙරෙව්වේ නැහැ.කැමතිනම් යන්න පුළුවන් නැත්තනම් නොයා ඉන්න පුළුවන්.

      Delete
    3. @ සු දී ක,

      කන්න කලින් මරන එක පැහැදිලියි. ඒත් ඉල්ලුම බලාපොරොත්තුවෙන් තමයි සැපයුම කෙරෙන්නෙ. මස් නොකා හිටියා කියලා කලින් මැරිච්ච සත්තුන්ට පණදෙන්න බැරි වුනත් ඒ ටික විකුණාගන්න බැරි වුනාම තවත් සතුන් මැරීම ගැන දෙවරක් හිතාවි.

      Delete
    4. ඔය බටහිර සමාජේ තියෙන අවිහිංසාවාදයයි. ප්‍රාණගාත අකුසල කර්මයි පටලවා ගන්න හොඳ නෑ.

      Delete
    5. සුදීක,
      ඔබට අකුසලයක් නොවනවා නම් ඔයා ඕනෙම දෙයක් කරනවාද? මස් කෑමේදී, චිත්තය චේතනා චෛතසිකයෙන් මෙහෙයවා නොකරන නිසා මස් කෑම හෝ ඉල්ලුම අකුසලයක් නොවේ., එහෙත් ඔබ දන්නෙ නැද්ද අද ගෙවන මිළ හෙට වෙළෙඳපොළ සැපයුමට දෙන ඉඟියක් බව., ඒක මෙහෙම හිතන්න..
      ඔයා යට කුරුමුණියො කූබි ඉන්න තණකොළ උඩින් ඒ සතුන් මරන චේතනාව නැතිව පාගගෙන ගියාට ඔයාට චේතනාත්මක අකුසලයක් පැහැදිලිවම වෙන්නෙ නෑ., කෙනෙක් ඔයාට ඒක කරන්න එපා කිව්වොත් බුදු දහමෙ චේතනාවයි කර්මයයි ගැන කිය කිය, මගෙ උන්ව මරන චේතනාවක් නෑ, ඒක පවක් නොවේ කියල ඒක උඩින්ම යනවද?? එහෙම යන එක තමයි ඔයා මේ කරන්නෙ, ඒ මදිවට මහා උගතෙක් වගේ පම්පෝරිත් ගහන්ව...
      නුවණැත්තෙක් නම් තේරුම් ගන්න ඕනෙ බුදුන් ප්‍රශංසා කළ විදියට තමුන්ගේ ක්‍රියාවක් නිසා කවුරුන් හෝ පීඩාවට පත් වෙයි නම් එයින් වළකින්න, ඒක බුදුන් නොයෙක් තැන්වල කියා දුන් දෙයක්., චුන්ද සූකරිකට ධර්මය කිව්ව ඕක වැරදියි, ඕකෙන් වළකින්න කියන එක, ඔයා ඔයාගෙ මතයෙ දැන් ඉන්නව වගේ චුන්ද එහෙම නෑ කියන මතයෙ හිටිය,.
      මස් කෑම අකුසලයක් නොවෙයි, ඉල්ලුමත් අකුසලයත් නොවෙයි,. සමහර ඉල්ලුම් ඉල්ලන්නා නොදැනිම අකුසලයක් පිරෙන්න පුලුවන්., කොහොම උනත් මස් ඉල්ලුමෙන් වැළකීම කලින් කියපු තණ කොළ උඩින් ගමන් කිරීමෙන් වැළකීම වගෙයි, තමුන් නිසා කෙනෙකුට විය හැකි හිංසාවක් තමුන්ගේ නුවණින් සළකා බලා වැලැක්වීමයි..

      Delete
  7. Let's think this is right !!
    Anyway it is good to avoid eating meat as much as possible.

    ReplyDelete
  8. බුදුරජාණන් වහන්සේ මස් වර්ග 10ක් ආහාරයට නොගන්නා ලෙස සඳහන් කර තිබෙනවා. ඒවාත් හේතු සහිතව, අනෙක ඒ ඒ සිද්ධි ඇති වූ විට. මිනිස්, සිංහ, කොටි, ව්‍යාඝ්‍ර, සර්ප, ඇත්, අස්, බලු සහ තවත් තුනක්(හරියටම මතක නැති නිසා සටහන් නොකරමි. මේ මස් වර්ග තුනක්ම නොකෑ යුතු ගණයට එක් කොට ඇත්තේ ඒ මස් කෑ අයගේ ඉව එම සතුන්ට ඇති වී මරා දැමීමට හේතු විය හැකි නිසාය. කොටින්ම බුදු දහම ආහාර වට්ටෝරු ඉදිරිපත් කරන තත්වයේ එකක් නොවේ.

    ReplyDelete
    Replies
    1. However there are some meats which are specifically prohibited for monks to eat: human meat, for obvious reasons; meat from elephants and horses as these were then considered royal animals; dog meat - as this was considered by ordinary people to be disgusting; and meat from snakes, lions, tigers, panthers, bears and hyenas - because one who had just eaten the flesh of such dangerous jungle animals was thought to give forth such a smell as to draw forth revenge from the same species!

      Delete
  9. ඔය සියලුම මස් කන්නන් අයිති වන්නේ පාරිභෝගිකයා කියන ගොඩට නේද?ඒ සතුන් මරන්නේ ඒ පාරිභෝගිකයා වෙනුවෙන් නොවේද?එසේනම් තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති යන්නෙහි තමා පාරිභෝගිකයා ලෙස ඉදිරිපත් නොවන්නේද?එසේනම් දැනටමත් මරා අවසන් ඉදිරියේදී මස් කන්නට හිතෙන පුද්ගලයා අයිතිවන්නේ මස් මරන්නා බලාපොරොත්තුවූ ඒ පාරිභෝගිකයාගේ ගොඩටම නේද?

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔබ මුලින් කියන්න මට, මැරුණු කුකුලා මලේ ඔය පාරිභෝගිකයින් ගෙන් කොයි කෙනා වෙනුවෙන් ද? අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මස් කෑම පාපයක්.

      Delete
  10. පරිසරයට විශාල හනියක් සිඳුවන ගස් වැල් අල බතලද ආහාරයට නොගෙන.. දත් මිටි කා හුලං බී සැනසෙන්න....

    ReplyDelete
  11. /* 2. ඇ) හරක් මස් කෑම ආනන්තරිය අකුසලයකි. */

    What they really mean is that Cannibalism is = ආනන්තරිය අකුසලය.

    ReplyDelete
  12. ලිපියේ ගොඩක් කරුණු එක්ක එකඟ වෙන්න වෙනවා. ඒත් කරුමෙට වගේ මට නම් ඉස්සෙල්ලම පේන්නේ ඇදකුද විතරද කොහෙද. මස් මාංශ අනුභවය ගැන ලිපියක් එනවා නම් ඒකට අනිවාර්යෙන්ම සඳහන් වෙන්න ඕනි දෙයක් තමා ඛුද්දකනිකායේ ආමගන්ධ සූත්‍රය. මස් මාළු ගැන කියවන ගොඩක් අයට කෙලින්ම දෙන්න තියෙන උත්තරයක් ඒක. (සමහර අති පණ්ඩිත වහන්සේලා මේක බුද්ධ වචන නෙමෙයි කිව්වත් එතන පැහැදිලිවම මස් මාංශ අනුභවය ගැන බෞද්ධ ආකල්පය තියෙනවා.)
    අනික තමයි
    2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ.
    ප්‍රාණඝාතයේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය බව ගැන පොඩ්ඩක්
    හොයල බලන්න. චේතනාව කර්මය වේ තමයි. හැබැයි විපාකය සකස් කරන්නේ චේතනාවම විතරක් නෙවෙයි.

    ReplyDelete
  13. මචන් උබ පූර්ණ නිර්මාංශික විමට හෙතුව කියපන්කෝ අපිත් දැන ගන්න ආසයි..:D

    ReplyDelete
  14. සීල සමාධි ප්‍රඥා ආහාරය තුලින් වඩන්න ඇහැකි නම් මෙලහකට රහතන් වහන්සේලා ගනින්න බැරි ප්‍රමාණයට ඉඳීවි... නමුත් සත්‍ය නම් මේ ලිපියේ සමහර කරුණු වලට මාගේ අවබෝධය නොගලපුනද සාරාංශයක් වශයෙන් මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නාවූ සංකල්පය මාගේ අවබෝදයට හොඳින්ම ගැළපෙන්නකි.. තන්හා ජායති සොඛෝ.. තන්හා ජායති භයං... , හොඳින් තේරුම් ගෙන පංච ඉන්ද්‍රිය පිනවීම අරමුණු කරගෙන කරන්නා වූ ඕනෑම දෙයක් චේතනා සහගතව සිදුවන බැවින් ඒ සියල්ලම අපගේ සංසාර ගමන දිගු වීමට පුර්ණ වනා වූ අකුසල කර්ම වේ... ඒසෙම යමෙක් පංච ඉන්ද්‍රියන් ගෙන් වෙන්වී දුටු දේ දුටුවා පමණයි ඇසු දේ ඇසුවා පමණයි දැනුනු දේ දැනුනා පමණයි සිතා අනිත්‍ය මෙනෙහි කරමින් වෙසෙන්නේ ද.. අනිත්‍ය අරමුණු මගින් අනිත්‍ය නිමිති තම සිත තුල තබා නොගනිද ඔහු අරමුණු කරන්නේ අමා මහා නිවන් සුවයමද ඔහු අනිවාර්යෙන්ම සෝතාපන්න පලයට පත්වෙය... වර්තමාන තත්වය නිර්මාණය වී ඇත්තේ රාග ද්වේශ මෝහ යන තේ ආකාරී හැඟීම් වලට වහල් වූ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් ලෙසිනි... කොහොම උනත් ගිහි ජීවිතය සාර්ථක කරගැනීමට අනිත්‍ය වටහාගැනීම තරම් සුභ කාර්යයක් තවත් නැති තරම් ය... චෙත්නාහන් භික්කවේ... කම්මන් වදාමි...

    ReplyDelete
    Replies
    1. පසිඳුරන් පිනවීමේ සිරගෙයින් නිදහස් වෙලා ඉන්න පුළුවන් නම්, එතැනට මස් කනවාද නැද්ද යන්න අදාළ නැහැ. මොකද වරක් කර්මක්ලේශයන් ප්‍රහාණය කළාට පස්සේ ආයෙ කනබොන දෙයින් වැඩක් නැති නිසා.

      ඔබ මේ කියන්නේ පොදුවේ ආහාරයට ගිජු වීම ගැන නම්, ඔබේ අදහස සමග සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  15. මස් කෑම සාධාරණීකරණය කරන්න මේ ලිපිය ලියලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් සාධාරණීකරණය කරන්න දෙයක් නෑ.. ත්‍රිකෝටි පාරිශුද්ධික නම් සාධාරණයි තමයි...

      Delete
  16. Mage shop eke kukullu keepadenek ithurui, meka liyapu ekawath awilla e tika aran giya nam farm eke ekaata order eka denna thibuna.

    Anika Mr. Perera hemadaama magen kukulek ganna nisa mama me tika genawe. koheda ithin miniha den me palathe ne ne,

    me kukullu tika kawuruth aran giye nethth next week nam thawa kukullu 20k wath genath thiyanna one, mokada Mrs. Silva ge birthday eka enawa ne, Mrs. silva last year kukullu 15kma gaththa, me para wediyen ganii sure ekatama. Mr. Silva awa welawe kiuwa wife ge yaluwo wediyen kanna kemathi Devilled Chicken kiyala, e nisa me para chicken wediyen hadanawalu. Mr. Silva ge Devilled Chicken eka kanna next birthday ekatath invite karanna kiuwa lu ne. FB eke beef kanna epa kiyana nisa Giya para beef okkoma ithurui lu.

    ReplyDelete
    Replies
    1. "Chethanaham Bhikkawe Kamman Wadami" wani deshith dharmayak awbhoda kara ganeema sellamak nowe. Tharka witharka thulin dahama awbhodaya kara ganeemata ho wigraha kireemata yama nikam VIHILUWAKMA thama. Pererala, Siavala saha Kukullu wani wigrahayan hudu aswada janaka tharkayan pamanyi. Budu dahama oyatharam sahaluwen wigrha karanna uthsaha karanna epa.

      Delete
    2. Pererala, Siavala saha Kukullu gena therum gannawath shakthiayk thibunaaa nammm....

      Delete
    3. GAJAYA ta amatharawa Pererala, Siavala saha Kukullu gena therune NETHI thawa keepadenek wisthara athuwa reply kaloth mama me kathawa newatha itha saralawa wisthara karannam....

      mama kiyana de theruna kenek innawa nam GAJAYA ta therena widiyata wisthara kalath kamak ne.

      Delete
    4. මස් ඉල්ලල සතුන් මරවන්න මුදල් දෙන්නෙපා කිව්වාම, තමුන් නිසා මැරෙන බව දැක දැකත් GAYIYA වගේ හීන බුද්ධිකයො කර්මයක් ඉස්සරහට දාගෙන මගුලක් කියවනව., කවුද ගයියො මෙතන කර්මයක් පිරෙන බවක් කියල තියෙන්නෙ? තමුන් නිසා මැරෙනව නම් එයින් වළකින්න, එච්චරයි.,

      Delete
  17. නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම/ Vegan Scam & Devadattism wani ithamath artha dayi lipiyak publish kireema gana api ithamath sthuhiwanrha wemu. Mewani lipi thawathawath pala kireemata shakthiya saha dhairyaya labewa.

    ReplyDelete
  18. ඕකෙම මෙහෙම තර්කයකුත් තියෙනවා.

    1. මම (සහ අනෙක් එවුන්) මස් කන බව මුදලාලි දන්නවා
    2. මස් කන එවුන්ට විකුනන්න මුදලාලි ඔබව මරනවා
    3. මට මස් කන්න හිතෙනවා.
    4. මම ඔබේ මළකුණ දකිනවා.
    5. මට මස් කන්න හිතෙනවා.
    6. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    එතකොට මුදලාලි ඔබව මැරුවේ අපි සල්ලි දීලා ගන්න නිසයි. අපි ගමේ එකෙක්වත් මස් කන්නේ නැත්නම් මුදලාලිගෙන් මස් ගන්නේ නැනේ. එතකොට මුදලාලි ඔබව මරන්නේ නෑ. මොකෝ එකෙන් වැඩක් නැති නිසා. සරලව කිව්වොත් 'මස්' කියන පාරිබෝගික භාණ්ඩය ඇතිවෙන්නේ එක 'පරිබෝජනයට' අපෙන් 'ඉල්ලුමක්' තියෙනකන් විතරයි. හරියට අපි බත් කන එක නවතුවම කවුරුත් කුඹුරු කරන්නේ නෑ වගේ.

    ඕක සහ බෞද්ධ මෙව්වා එකේ සීන් කෝන් නම් මම දන්නේ නෑ. හැබැයි මස් කන එවුන් එක පවු නෑ කියන්න හදන එකනම් ගොන් ආතල් එකක් කියලයි මට හිතෙන්නේ.

    මිට,
    අම්බානක මස් කන එකෙක්

    ReplyDelete
    Replies
    1. මට මස් කන්න හිතෙන වෙලාව වෙනකොට සතා පණපිටින් ඉඳලා, මගේ ආසාව මුදලාලි දැනගැනීම නිසා සතා මළා නම්, ඔව් එහෙනම් ඒ සතා මට කන්න සුදුසු නෑ. නමුත් වෙන්නේ එහෙම නෙමෙයිනේ. සතා දැනටමත් මැරිලා අහවරයි. මස්කන එක නෙමෙයි මිනීමස් කෑවත් පවක් නෑ තමයි, ත්‍රිකෝටි පාරිශුද්ධික නම්. ලංකා ඉතිහාසයේ වතාවක් එහෙමත් මිනිස්සු දිවිරැකගත්තා.

      හුදෙක් මස්කෑමේ වැරද්දක් නැත්නම් ඒ බව කෙලින් කීමද, වඩා ගොන් ආතල් එක වෙන්නේ, නැත්නම්, දැනටමත් මැරිච්ච සතෙක් ගේ මරණෙට මාව වැරදිකරු කරන්න හදන එකද?

      Delete
    2. මැරිච්ච සතෙකුගේ මරණයට නොවෙයි ඔබ වැරදිකරු වන්නේ, හෙට මැරෙන සතාටයි.. ඉල්ලුම කියන්නෙ Flow එකක්, ඒක දිගින් දිගටම වෙන දෙයක්,. පෙර සතියෙ මිලට ගත් ප්‍රමාණය අනුව තමයි ලබන සතියෙ සැපයුම් ප්‍රමාණය, Economics ටිකක් ඉගෙන ගන්න තේරෙන් නැත්තම්,. අද ඉල්ලුම දැනටමත් සිදු උන දෙයකට හේතුවක් වෙන් නෑ, ඒක බලපාන්නෙ ලබන සතියෙ සැපයුම් ප්‍රමාණය වැඩි වීමටයි.,
      මාංස කෑමේ කිසිම විටෙක අකුසලයක් නෑ, මරවන චේතනාව තිබ්බත් නැතත් ඉල්ලුම ඇතැම් විට අකුසලයක් වෙන්න පුලුවන්, මෙතන හෑල්ලක් වගේ විස්තර කියන්න බෑ, අභිධර්මය ටිකක් ඉගෙන ගන්න.,
      සෝවාන් පුද්ගලයෙක් පන්සිල් දිවිහිමියෙන් සුරකිනව කියල මෝඩ කතා කියන්නෙපා, ඔයාට කවුද ඔහොම ඉගෙන්නුවෙ, ආනන්තරීය කර්මයක් විතරයි නොවෙන්නෙ,. සෝවාන් පුද්ගලයා ආත්ම හතක් උපදින්න පුලුවන්, මතු ආත්මයෙ මනුස්ස ලොව ඉපදුනොත් ධර්මය නොදකින, නොඅසන තාක්කල් ඕනෙ තරම් අකුසල් කරන්න පුලුවන්, ඔහුගෙ කාමරාගයත්, පටිඝයත් තියෙනව,. වෙනත් මිත්‍යා දෘෂ්ටීන් වෙත යන්නෙ නෑ විතරයි.. ඉතින් ඔහු අපාගත වෙන්නෙ නෑ,. බුදුන් මරන්න ඇය දුනු ඊතල දෙද්දි ඇය ඒ ආත්මයේදීම සෝවාන් බව ලැබුවෙ, ඇය බුදුගුණත්, බුදුන්ව කිසිවෙකුට මැරිය නොහැකි බවත් දන්නව,.
      චේතනාවක් නැතිව කර්මයක් සකස් වෙන් නෑ, අභිධර්මයේ චේතනාව ගැන පැහැදිලි අවභෝධයක් ඇතුව මේ කතාව කියන්න., ප්‍රතිග්‍රාහක පාර්ෂවය කියල එකකුත් තියෙනව,.
      අකුසලයක් නොවුනට ඉල්ලුම නිසයි සතා මරන්නෙ, අකුසලයක් නෑ කිය කිය ඒකටම අනුගත වීමට වඩා එය වැළක්වීමේ කුසල පක්ෂයේ චේතනාවක් ඇතිව එයින් වැළකීමයි නුවණැත්තෙක් නම් කරන්න ඕනෙ., ප්‍රෝයෝගිකව සතුන් මැරීම හෝ කෑම කිසි කලෙකත් නවත්වන්න බෑ, පව්කොට අපාගත උනු තිරිසන් සතුන් ඒ කර්මය ගෙවිය යුතුමයි, නුවණත්තා කළ යුත්තේ වචනෙකින්, ඉගියකින්වත් එයට සපෝට් කරන සියලු දෙයින් වැළකිලා ඉන්න එකයි, එහෙම නොවුනා කියල අකුසලයක් නෑ,.

      Delete
  19. If you want to eat meat, go ahead and eat meat. Why do you find it necessary to justify your actions? Unless deep down inside, somewhere in your conscience, you know it is wrong?
    If you honestly believed you are correct, that eating meat is ok, then I don't see why you have to write long articles justifying it? Unless you are trying to convince yourself.
    Why do you try so hard to say that people who don't eat meat are bad or mislead? (Calling them a "western scam". Classic) Maybe you are just trying to convert everyone to what you do, so that you can feel good about yourself?
    Honestly, I think you are just trying to convince yourself you are correct. Vegetarianism is not something bad, just because according to you it is a "western concept". Don't try to make them look bad, just so that you can look good.
    So go ahead and eat meat. No one cares, really, and it doesn't really matter to anyone. Except yourself.

    ReplyDelete
    Replies
    1. That's the whole point. We do not "justify" to anyone, least of all to ourselves. This article is not meant to be a self-justifying rattle. However, if those so-called Vegans feel it all right to blatantly mutilate what Lord Buddha told, and warp it to suit their needs as they themselves see fit to, then we don't see any wrong in replying them back.

      Perhaps you are laboring under the delusion that we wrote this article to justify meat-eating to ourselves. No, we don't need it. We wrote this as a reply to those self-proclaimed "pure" Buddhists, in order to dispel the myth they keep spreading.

      Delete
  20. මේ කියපුවා වැරදි නම් රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියපුවා වැරදි වෙන්න ඕනේ. බෞද්ධයාහේ අත් පොත කියන ග්‍රන්ථයේ පිටු අංක 51 ඉදන් බලන් යන ලෙස ඉල්ලමි. ඒ සම්බන්ධයෙන් ගැටලුත් මතු වෙනවා. ධර්මානුකුලවත් නිසි පිළිතුරු ලබා දීමක් සිදු වන්නේ නැත්තේ මොකද මන්දා?......හොද ලිපියක් .......

    ReplyDelete
  21. පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)

    බුදුහාමුදුරුවෝ කියල තියනවා.
    සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
    ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)

    මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)
    Edit/Delete Message

    ReplyDelete
  22. ලිපිය ලියූ එකා නම් ප්‍රාමානික හරකෙක් බව වැටහෙනව..

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.