(ප්රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)
නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.
අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.
"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.
"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.
සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්රිතාන්ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.
මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්ය නම් තම අනන්යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.
මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.
Showing posts with label නලින් ඩි සිල්වා. Show all posts
Showing posts with label නලින් ඩි සිල්වා. Show all posts
Saturday, August 16, 2014
Monday, July 29, 2013
නලියානං වන්දාමි | Hail O Lord Nalin!
බටහිර විද්යාව ඉගෙනගන්නට ගොස් අනාගත් උදවියගේ සුපුරුදු අඬවැඩියාවත්, මිදිවල්ල කඩාගත නොහැකිව ඊට දෝෂාරෝපණය කරන නරියාගේ විලාපයත් අතර පැහැදිලි වෙනසක් සොයා දෙන්නෙකු හට තෑග්ගක් දිය යුතුයැයි මට සිතී තිබේ.!!!
මේ අසාම්ප්රදායික ආරම්භය ගන්නට සිදුවුණේ එක්තරා සයිබර් සාකච්ඡා මණ්ඩපයක සිදු කරන්නට යෙදුණු සංවාදයක් අතරතුර, බටහිර විද්යාවට ගරහන, මහාචාර්ය නලින් ඩි සිල්වා අනුගාමිකයකු විසින් දෙසාබාන්නට යෙදුණු පච වට්ටෝරුවක් ශ්රවණය කිරීමෙන් අනතුරුව ය.
මහාචාර්ය නලින් යනු මේ දේශය සතු සම්පතක් බව සත්යයකි. අද බොහෝ දෙනා කරේ එල්ලගෙන කන "ජාතිකවාදය"ට ආරම්භක මූල බීජ සැපයු කීප දෙනා අතර එතුමෝ ද වෙති. ජාතිකත්ව මතවාදයට තමන්ටම කියා පැරඩයිම් එකක් නොතිබූ යුගයක, ඊට අනන්ය න්යායක් සපයන්නට වෙහෙසුණු චරිත කීපයක් වෙයි. ගුණදාස අමරසේකරයන්, නලින් ඩි සිල්වාණන් ඇතුළු කීප දෙනෙක් එහිදී මතකයට නැගේ. මෙහිලා න්යායාචාර්ය කාර්යය ඉහළින්ම ඉටු කලේ සහ ජාතිකවාදය දේශපාලනිකව සජීව්ය ස්ථරයට ඔසොවා තබනු ලැබුවේ නලින් තුමාණෝ බවට සැකයක් නැත. එහෙත් ඒ වූ පලියට බටහිර විද්යාව පිලිබඳ ඔහුගේ න්යාය සත්ය සහ සර්වතෝභද්ර වන්නේ නොවේ. ආසනික් ගැන කියන්නට ගොස් අනාගත් අනාගැනිල්ල අපේ පාඨකයන් හට අමතක වන්නට බැරි ය. ජාතික මතය සම්බන්ධයෙන් එතුමා කවර මට්ටමේ ප්රාමාණිකත්වයක් දැරුවද, බටහිර විද්යාවේ වලංගුභාවය ගැන කියන තැනදී හෙතෙම ඉතාම ළද බොළඳ ටෙලිවිෂන් පඬියකු බවට පත්වීම නොවැලැක්විය හැකිය.
(සටහන: මෙකී තත්ත්වයට වගකිව යුත්තේ මෙරට නුහුගත ජනයා සහ උන්ටම හරියන ගොබ්බ මාධ්යකරණය බවට ද සැකයක් නැත. පියාඹන මාළු ජරා වෙද්දී සිද්ධාර්ථ චෝයි වෙන සමාජයකට, ඊට වඩා දෙයක් ඉල්ලීමට අයිතියක් ද නැත.)
මෙතැන් සිට ඉදිරියට ඉදිරිපත් වන්නේ එකී සංවාදය තුළ මතුකරන්නට යෙදුණු යම් යම් කාරනා කීපයකි. අප ඒවා Q & A ආකෘතියට (එනම් මේ ඊනියා පෙරදිග්ගුන්ට අනුව, "පටිපුච්ඡා ව්යාකරණීයව") දක්වා ඇත.
***
Q: බටහිර විද්යාව ඇතැම්මු විශ්වාස කරති. ඒ විශ්වාස කරන්නේ කුඩා කළ සිටම පාසලේ උගන්වන නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. පාසලේ බටහිර විද්යාව උගන්වන්නේ මෙය සත්යය ලෙස කියා මිස මෙය වෙනස්වන දෙයක් කියා නොවේ. ඒවා සිසුහු කිසිම ප්රශ්න කිරීමකින් තොරව විශ්වාස කරති.
A: බටහිර විද්යාවේ "විශ්වාස" කිරීමක් නැත. මෙය යළි යළිත් කීමට සිදුවන්නේ බටහිර විද්යාව යනු කුමක් අරබයා, කුමක් සඳහා, කවර පදනමකින් පවතින්නේද යන්න නොදැන, යම් යම් ටෙලිවිෂන් පඬියන් ගේ දේශනවලින් පමණක් එගැන අසා ඇති අඳබාලයන් හට ය.
Q: නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ අයින්ස්ටයින්ගේ අවකාශ-කාලය පංචේන්ද්රියන්ට ගෝචර වන දේ නොවේ. ඔවුන් ඉන්ද්රියානුභූතවාදීන් නොව යථාර්තවාදී භෞතිකවාදීන්ය.
A: බටහිර විද්යාව පමණක් නොව ලෝකේ ඕනෑම කෙහෙල්මල් විද්යාවක්, ඉන්ද්රීයානුභූතික ඥානය මත යැපේ. ඊනියා "පෙරදිග" විද්යාව හෙවත් දෙයියන්ට මල්පහන් තබා සාත්තර අසා දැනුම ලබාගැනීම වුව, එය හුදෙක් ඉන්ද්රීයානුභූතික ම වේ.
උදාහරණයක් ලෙස මෑත කාලයේ ජනප්රියම විද්යාත්මක ක්රමවේදය වන "දෙයියන්ගෙන් සාත්තර ඇසීම" ගනිමු: සාත්තරය කියන්නේ A නම් දෙයියා යයි B නම් කෙනෙක් අපට කියා තිබේ; මේ A නම් දෙයියා ඇහැට දැකපු එකෙක් නැත. එසේ A නම් දෙයියෙක් වන්නේ ය, ඔහු තමා සමග සංනිවේදනය කරන්නේ ය යන්න හුදු කතාවකි. මෙය B ගේ අවංකත්වය මතම රඳා පවතී. එහෙත් A නම් දෙයියා, B නම් වූ යම් අතරමැදියකු හරහා යම් දැනුමක් ප්රදානය කරන්නේ යයි අපට කියා තිබේ. C නම් මිනිහා ඒ සාත්තරය අසා සිට, ඒ අනුව යම් ක්රියාමාර්ග ගනියි. දැන් මේ ක්රියාමාර්ග අනුව C නම් මිනිහාට සාර්ථක ප්රතිඵල ලැබුණේ ම යැයි සිතන්න: එහෙත් ඉන් A නම් දෙයියාගේ පැවැත්ම වත්, A නම් එකාගේ (එහෙම එකෙක් සිටී නම්) උගේ දේවත්වය වත්, B ගේ අවංකත්වයවත් සනාථ නොවේ.
දැන් මේ "ජරා, කසිකබල්, පට්ටපල් බොරු" බටහිර විද්යාවට විකල්පයක් සේ ගෙන එනු ලබන "චෝයි" පෙරදිග විද්යාවේ, අර කී ඉන්ද්රීයබද්ධතාව නැද්ද? පෙරදිග විද්යාවේ ඔය කියන සාත්තර ක්රමවේදය, "ජරා" බටහිර විද්යාවටත් වඩා අවිශ්වසනීය බව කියන්නත් දෙයක් ද? අඩුම ගානෙ බටහිර විද්යාවේ තීරණ ගන්නා ක්රමය ඇහැට පෙනෙන්නට තිබේ. ඉලෙක්ට්රොන ඇහැට පෙනෙන්නේ නැති වුණාට ඉලෙක්ට්රෝන වල චලිතය නිසා ඇතිවන විද්යුතය සහ එමගින් ඇතිවන ආලෝකය ඇහැට පෙන්විය හැකිය. එහෙත් දෙයියෙක් හෝ උගේ විමානය මොනම ජගතෙක් ආවත් ඇහැට පෙන්විය නොහැකිය. ඒ අනුව ගත්තොත් ඊනියා පෙරදිග විද්යාව, බටහිර විද්යාවටද වඩා "black box" එකකි.
Q: බටහිර විද්යාවේ (මෙතන පාරම්බාල තියෙන) වෙනස් වන ප්රවාද කතාව කාල් පොපර් වැනි පස්සෙ කාලෙක ආපු බටහිර විද්යාවේ දාර්ශනිකයන්ගෙ කතාවක් මිස විද්යාඥයන් හැමෝගෙම කතාවක් නොවේය. වැඩි විද්යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ තමන් "සොයා ගත්" දේ පරම සත්යය කියා මිස පසුව අසත්යකරණය කළ හැකි දෙයක් කියා නොවේය.
A: බටහිර විද්යාව එක් එක් පුද්ගලයා අධ්යයනය කරන ආකාරය අපට අදාළ නැත. ඉතාම දැඩි දේවභක්තිකයෝ ද, නිරාගමිකයෝ ද එකසේ බටහිර විද්යාව කෙරෙහි දායක වෙති. පෙරකී අයට එය දෙවියන් සොයා යාමක් වන අතර, දෙවනුව කී අයට එය යතාර්ථය සොයා යාමකි. (සමහරුන්ට අනුව යතාර්ථයක් නැතිබවට සාක්ෂි සොයා යාමකි.) එකී සොයා යන මොකක් හෝ දෙය, ඔවුන්ට අනුව නිරපේක්ෂ සත්යය ලෙස ඔවුහු සිතති. නිරපේක්ෂ සත්යය කියා දෙයක් ඇත්තටම ඇද්ද, නැද්ද යන්න, මෙහිදී වැදගත් වන්නේ නැත.
Q: දෙවියන් ලෝකය නිර්මාණය කර ඇත්තේ එකම නොවෙනස්, සරල, ආකාරයකින් බවත් ඒවා සොයා ගැනීම තමන් කළ දේ බව නිව්ටන් සහ අයින්ස්ටයින් දෙදෙනාගේම විශ්වාසය විය. අනෙක් විද්යාඥයන් ගැන කවර කතාද?
A: බටහිර විද්යාව යනු නිව්ටන්, අයින්ස්ටයින් හෝ පොපර් ගේ පරවේණි බූදලයක් නොවේ. නිව්ටන්, අයින්ස්ටයින් දෙදෙනා එතෙක් මෙතෙක් බිහිවූ විද්යාඥයන් අතර විශිෂ්ටතමයන් දෙදෙනා වන බවට ද සැකයක් නැත. එහෙත් සචින් තෙන්ඩුල්කාර් හොඳ පිතිකරුවකු වූ පළියට, ඔහු වැසිකිළියේ මුත්රා කරන්නේ හිටගෙනද ඉඳගෙනද යන්න අපට වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ ඔය කියන විද්යාඥයින් ඉතා භක්තිමත් දේවවාදීන් ය යන්න නොව, ඔවුන්ගේ විද්යාත්මක චින්තනය පමණි. බටහිර විද්යාව යනු ඔවුන්ගේ සොයාගැනීම් සහ ඉදිරිපත් කළ ප්රවාද මිස, එතැනින් එහාට ඔවුන් කනබොන නිදියන යාඥා කරන ප්රජනනය කරන මළපහ කරන ආකාරය නොවේ.
***
ඊනියා "පෙරදිග විද්යාව" හෙවත් සත්ය වශයෙන්ම "anti-බටහිර විද්යාව" වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුස්පඬියන් හට පොදු බරපතළ වරදක් තිබේ: එනම් මාතෘකාවකට අනුව කරුණු පෙළගස්වා ගන්නට බැරි කම සහ කියන දේ තේරුම් ගන්නට බැරි වීමයි.
බුදුන් වහන්සේ කෙරෙහි "ඇදහීමක්" බෞද්ධයින්ගේ තිබිය නොහැක. බෞද්ධයින් හට ඇත්තේ සකාරණ විශ්වාසයකි. හෙවත් ශ්රද්ධාවකි. ඒ ශ්රද්ධාව අන් කිසිවකට වඩා ඉහළින් පවතී. බටහිර යැයි කියන විද්යාව කොතෙක් පරිහරණය කළත් ඒ කෙරෙහි ඇති ලැදිකම තිබිය හැක්කේ අරිට පහළිනි. බොහෝ "පෙරදිගාගමිකයන්" සිතා සිටින පරිදි අයින්ස්ටයින් වන්දනාවක් හෝ නිව්ටන් වන්දනාවක් හෝ එහි නැත. එහෙත් මේ කෑගහන බකයන් හට නම් හොඳ කළ නොහැකි නලිනාභිවන්දනයක් වැළදී තිබේ.
මෙකී නලිනාගමිකයන් නිතර පම්පෝරි ගහන කාරණාවක් නම්, බටහිරාගමේ (ඔවුන්ගේ වචනයකි) උගන්වන ක්ෂේත්ර සහ අංශු ඇහැට දැකපු අය නැතැයි යන්නය. ක්ෂේත්ර සහ අංශු ඇහැට දැකපු එකෙක් නැතිවා සේම, නාථ දෙවියන් (අපේ උදාහරණයක් ලෙස) ඇහැට දැකපු එකෙක් ද නැත. කොටින්ම නාථ කියා එකෙක් ඉන්නවාදැයි වත් මේ එකෙක්වත් දන්නේ නැත. (දේව නමින් සත්ත්ව කොට්ඨාසයක් ඇති බවක් මිසක නාථ කියා දෙවි කෙනෙක් ගැන බුදුන් වහන්සේ දේශනා කර නැත. එබැවින් බුද්ධ වචනය උකසට තබා නාථට අයිඩෙන්ටි හැදිල්ල හරියන්නේ නැත.) ක්ෂේත්ර දකින්නට බැරි වුණාට එහි ප්රතිඵල දැකිය හැකිය. එහෙත් නාථ තබා ඔහුගේ ප්රතිඵල කොහෙවත් දකිනට නැත. එසේනම් ඔවුන් ගෙනෙන විකල්ප බුද්ධි ගවේෂණ ක්රමය, එමගින් ප්රතිස්ථාපනය කරන්නට හදන එකට වඩා අජූත ය. ලෑලි බිත්තිය නරකයි නම් එය ගලවා සිමෙන්තියෙන් දමනු මිස, ලෑලි වෙනුවට කෙසෙල් කොළ වලින් බිත්ති ගහන සිරිතක් නැත.
මේ හැර මේ ඊනියා විකල්ප විද්යාව භාවිත වන ඊළඟ වැදගත්ම කරුණ වන්නේ එක එකාගෙ දේසපාලන ආරම්මණයන් සාධාරණීකරණය කරනු පිණිස ය. ඒ ගැන වෙනත් මානයක දිවෙන කතාවක් අපට වඩා හොඳට "දයල් බතී" විසින් ලියා තිබේ: ගිහිං බලනවා නම් මෙන්න ලිංකුව.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. මේ ඊළඟ ඡේදය තුළ, ජාතිකවාදය මුවාවෙන් පෙනී සිටින ජාතිකවාතය ගැන අපේ සම්පූර්ණ නිරීක්ෂණය අන්තර්ගත ය.
"ලංකාවේ ජාතිකවාදීන්ට අමතරව හුජ්-ජාතිකවාදීන් නම් පිරිසකුත් සිටිති. බොහෝ විට මේ පිරිස පහළ මධ්යම පාන්තික (යැයි සම්මත) පවුලක ඉපිද, නිසි අධ්යාපනයක්, රැකියාවක් හෝ ක්රය ශක්තියක් නැති, තමා අවට සමාජයෙන් පිළිගැනීමක් නැති, තමාට කියා "නිකේතනයක්" (niche එකක්) නැති, පරිගණක සාක්ෂරතාව මඳක් ඇති, සිංහල යුනිකෝඩ් කොටාගැනීමේ හැකියාව තරමක් දුරට ඇති, ෆොටෝ බඩ් කිරීමට තරමක හැකියාවක් ඇති, අතිශය දරුණු ගණයේ අනන්යතා විසංකූලතාවකින් (පොරසෝකයෙන්) පෙළෙන, දොරමඩලාවෙන් හා විජ්ජුත් ටීකාවෙන් උගත් ඉතිහාසය ඇරෙන්නට සෙල්ලිපියක් දැකලාවත් නැති, කූරගල ගැන ළය පැලී මියයන්නට වගේ උන්නත් ජීවිතේට කූරගල ගිහිං නැති, බොහෝ විට හයිලෙවල් (138) පාර, ගාලුපාර හෝ බේස්ලයින් පාර අවට පදිංචි, බටහිරට හා බටහිර සංස්කෘතියට වෛර කරන, එහෙත් ඒ ගමන්ම ඒ සංස්කෘතියේ එන කාම සුඛල්ලිකානුයෝගයට හිත යටින් පෙරේත කම් කරන, එහෙත් එය ලබා ගන්නට තරමේ හැකියාවක් නැති, ඒ නිසාම උතුරායන නෂ්ටකාමයෙන්, ලිංගික දරිද්රතාවෙන් හා ලිංගික ඊර්ෂ්යාවෙන් පෙලන ලද, පුදුමාකාර ලෙස අනුකම්පාවට මෙන්ම සියුම් නිරීක්ෂණයට ද ලක්විය යුතු සත්ත්ව කොට්ඨාසයකි."
තවත් තේරෙන්නේ නැතිනම් අපට කියන්නට දෙයක් නැත: අර උඩ පෙන්වා ඇති කාටූනයම කථා කරනු ඇත.
Saturday, May 18, 2013
සත්තයි සහතිකයි අත්දුටුවයි ප්රත්යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash
විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් කරන ලද සටහනක්.
පුරෝකථනය
විදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ දේවල් සිද්ද වෙනු ඇත....1. අඳුරට අධිපති දෙවඟන, තුම්මුල්ලේ ලෙමන් පෆ්, සහ ඇහින්දානන්ද වැනි හතර පස් දෙනෙකු සමග රජය සරණ ගිය වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා හම්පඩ ප්රාණ කාරයන් කිහිප දෙනෙකු සූපවාහිනියට හෝ නයිටියෙන් එකේ පැවැත්වෙන් ඒක පාර්ශ්වික "සාකච්ඡා වටයකට" සහභාගී වී, විදුලි බිල ගැන පට්ටම ඇනලයිස් පාරක් දෙනු ඇත...විදුලි බිලෙන් ජනතාවට ලැබෙන සහන, සහ මේ විදුලි බිල නිසා ජනතාව පෙරටත් වඩා සුඛිත මුදිත වී දෙව් මිනිස් සැප කෙළවර ආසියාවේ අමා මහ ආශ්චර්ය ළඟා කර ගන්නා හැටි කියා දෙනු ඇත....ගොට්ට ඇල්ලීමට සහ හොට්ට හැලීමට ගෙන ආ වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා කබරයන් ටික "වැඩ වර්ජනය කිරීම නම් මොන තරම් වසල ක්රියාවක්දැයි" පැහැදිලි කරනු ඇත...
2. බොහෝ විට මේ තකතීරු විග්රහයන් අසා ජනතාව තවත් කෝප වන බැවින්, තත්වය තවත් නරක අතට හැරුණහොත්, අනිත් අය පසෙක සිටියදී ලෙමන් පෆ් තනියෙන් ගේමට බැස "එරික් සෝල්හයිම්ගේ සිට ධවල මන්දිරයේ බැරැක් ඔබාමාගේ සුරතල් බල්ලා දක්වා සියල්ලෝම" මතක් කොට, අප සැමගේ පෙර කළ කුශල ශක්තියෙන් පහළ වූ මේ පාලනය හොඳින් දිගා වී, හාන්සි වී රැක ගැනීම අප සැමගේ පරම යුතුකම බවත්, ඒ වෙනුවෙන් ඇඳිවත ඉරි ගොස්, වෙන ඇඳුම් මහන්නට රෙදි නැතිව, නිරුවත් වූවත් ඉවසා වැදෑරිය යුතු බවත්, කියා දෙනු ඇත.....
එසේම මේ වැඩවර්ජනය කරන්නට ඉදිරිපත් වන අය පෙරේදා රාත්රී ආහාරය ගත්තේ ඇමරිකානු තානාපතිනිය / නෝර්වේ තානාපති / ස්වීඩන් තානාපති / බ්රිතාන්ය මහ කොමසාරිස් ( මෙයින් සුදුසු නම තබා අනෙක්වා කපා දමන්න ) සමග බවත්, එහිදී මේ රජය අපාසුතාවයට පත් කරන්න උපදෙස් ලැබුණු බවත් කියනු ඇත....
3 . දේශයේ පිනෙන් පහළ වූ හිටපු විදුලි තුමා වැඩිය ප්රසිද්ධ නැති ජන මාධ්ය වල ප්රාදුර්භූත වී, මේ විදුලි අර්බුදයට තමා වග නොකිව යුතු බවත්, දැන් ඉන්න එකී වැඩේ අනා ඇති බවත්, මේ විදුලි අර්බුදයේ මුල් ඇත්තේ කෝණාගම බුදුන් සමයටත් එපිට බවත්, එවකට මේ ශ්රී ලංකා ද්වීපය හැඳින්වූයේ වෙනත් නමකින් බවත්, මේ අර්බුදයට මුල් වූයේ මෙහි එවකට රජ කළ රජවරුන් බවත් පවසනු ඇත....
4. ජනතාව තව, තව මේ සටනේදී ආණ්ඩුවට එරෙහිව එකතු වේගෙන එන බවක් පෙනුනොත්, දැනට යටපත්ව ඇති සිංහල - මුස්ලිම් ගැටුම එක පාරටම යළිත් ගොජ දමමින් උතුරා එනු ඇත....හන්දියක් හන්දියක් ගානේ තෙද විකුම් පාන රැළි එකසිය ගාණට සංවිධානය වනු ඇත....
5. යුද සමරුවේදී මෙන්න මෙවැනි කථාවක් ඇසෙනු ඇත...
" දැන් ඒ බලවේගම නැවත මේ රට අස්ථාවර කරන්න වැඩ වර්ජන රැල්ලක් සූදානම් කරගෙන එනවා....මේ දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි ඒකට ඉඩ දෙන්නෙ නෑ හාමුදුරුවනේ...එඩුවාන්ගල් වන්ගිපුරම් භයන්කර වාදන් එන්ඩු පෝම්...!"
6. ඉරිදාට පළවන පුවත් පතක, සතිපතා ඵලවන එක්තරා ලිපියක මෙසේ ලියැවෙනු ඇත... // " වැඩ වර්ජන යනු යුදෙව් ක්රිස්තියානි සංකල්පයකි....අද මෙරට වැඩ වර්ජන කරුවන් බටහිරයන්ගේ කොන්ත්රාත්තු ඉටු කරමින් සිටිති....මෙහිදී වැඩ වර්ජකයෝ රජය පැරදවීමට ක්රියා කරතත්, යුදෙව් ක්රිස්තියානි චින්තනයේ ප්රතිඵලයක් වන "විදුලි බලය" පරාජය කිරීමට සූදානම් නැත....අප කළ යුත්තේ බටහිරයන්ගේ කසි කබල් "විදුලිය" පරාජය කොට, අපේ පැරැන්නන්ට හුරු පරිදි ආධ්යාත්මික බලයෙන් ආලෝකය සපයා ගැනීමයි.....වාස්තවික විදුලිය කියා දෙයක් නැති බැවින් ***** //
7 . මොන බාධක ආවත් එදිනට වැඩ වර්ජනය පැවතුණොත්, සූපවාහිනි සහ නයිටියෙන් ප්රධාන පර-වෘත්ති වල මෙසේ ඇසුනු ඇත.... // ... " ***තුමා තමයි මේ රට නිදහස් කරල දුන්නේ....අද අපට ආණ්ඩුවේ කන්තෝරු වලට ඇවිල්ලා වැඩක් කර ගන්න නෑ....බලන්න අපි මොන තරම් රස්තියාදු වෙනවද කියලා....මම ත්රිකුණාමලේ ඉඳන් ආවේ....මේ මිනිස්සු ස්ට්රයික් කරනවා....අපි තමයි මේකෙන් තැලෙන්නෙ....මම හාරිස්පත්තුවෙ ඉඳන් උදේ පාන්දර බස් එකේ ආවේ...... ****තුමාට අපි කියන්නෙ ඔබතුමා නිදහස් කර ගත්තු මේ රටේ මේ වැඩවර්ජකයො පරාජය කරලා අපිට සහනය සලසන්න කියලා...බලන්න මම කීයෙ ඉඳලද මෙතන ඉන්නෙ..?..."
මෙන්න අංක 6 සැබෑවක් වූ හැටි
මා කුඩා කළ අප නිවසේ විදුලිය නො තිබිණි. අප විදුලිය ලබාගත්තේ මා තුන්වැනි පංතියේ සිටිය දී ය. එදා සිට මා පශ්චාත් උපාධියක් ලබාගෙන විදුලි උපකරණ භාවිතය හඳුන්වා දෙන තෙක් අප නිවසේ විදුලි පරිභෝජනය ඒකක තිහකට අඩුවිය. එහෙත් අද වන විට මගේත් සහෝදර සහෝදරියන්ගේත් නිවෙස්වල විදුලි පරිභෝජනය ඒකක සියය ඉක්මවා ගොස් ඇත. අද බටහිර ලෝකයේ දියුණුව යන්නෙන් අදහස් කරන්නේ ශක්ති පරිභෝජනය ඉහළ යැම ය. අපේ ඉඳුරන් වැඩි වැඩියෙන් පිනවීම ය. ඉඳුරන් පිනවීම පිනක් ද යන්න තීරණය කෙරෙන්නේ සංස්කෘතියට සාපේක්ෂව ය. අප නමින් සිංහල බෞද්ධ වූවත් සංස්කෘතියෙන් බටහිර ක්රිස්තියානි වෙමු. ඒ තාක් අපට නිදහසක් නැත.
විදුලි බිල වැඩිවීම ගැන කිසිදු අයකු සතුටට පත් නො වේ. පසුගිය දා ඇතැමුන් පෙළපාලි ගියේ විදුලි බිල වැඩිකිරීමට පක්ෂව නොවන බව පාර්ලිමේන්තුවේ දී මුග්ධ ප්රශ්න අසන විපක්ෂයේ කිහිප දෙනාට නොතේරුණාද මෙරට බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත. ඔවුන් පෙළපාලි ගියේ විරුද්ධ පක්ෂය බටහිරයන්, විශේෂයෙන් ම ඇමරිකානු තානාපතිනිය සමග එක් වී ආණ්ඩුව අස්ථායී කර රට අවුල් කර දෙමළ ජාතිවාදයට රට යටකිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව ය. මෙරට වත්මන් අමෙරිකානු තානාපතිනිය රටවල් අස්ථායී කර අවුල් කිරීම පිළිබඳ නම් දැරූ අයෙකි. ඇය මෙරට කුණු අහුලන්නේ කුණු දමමින්ය. දැනට සති කිහිපයකට පෙර ඇය ලංකා විදුලි බල මණ්ඩලයේ කටයුතුවලට අත දැමීමට කිසිදු තානාපතිවරයකු එතෙක් කර නොතිබූ අයුරින් කටයුතු කළේ මෙරට අමෙරිකාවේ යටත්විජිතයක් ලෙස සලකමිනි. විදුලි බිල වැඩිවීමට හේතු ගණනාවකි. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ හේතු එකින් එක ගෙන ජනතාවට පැහැදිලි කිරීම ය. එසේ ම එයින් නැතිකිරීමට හැකි හේතු සොයා බලා ඒ සඳහා අවශ්ය පියවර ගැනීම ය. කෙසේ වෙතත් ආණ්ඩුව දැන් ඒකක හැටකට අඩු අයට විදුලි බිල වැඩි නොකිරීමට කටයුතු කර ඇත. අද විරුද්ධ පක්ෂය පෙළපාලි යන්නේ උද්ඝෝෂණය කරන්නේ ඒකක හැටකට වඩා විදුලිය පරිභෝජනය කරන්නන් වෙනුවෙනි. එනම් අධික විදුලි පරිභෝජකයන් වෙනුවෙනි. ඔවුහු රටේ බහුතරයක් නො වෙති. මගේ දෙමවුපියන් ජීවත් ව සිටියේ නම් ඔවුන්ට මේ උද්ඝෝෂණයෙන් කිසිම ප්රතිලාභයක් අත්නොවනු ඇත. මෙරට බහුතරයකට මේ උද්ඝෝෂණය වැඩක් නැත. බටහිර ප්රජාතන්ත්රවාදයට අනුව විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ආණ්ඩුව අවශ්ය විට විවේචනය කරමින් රටට වැඩදායක වන අයුරින් කටයුතු කිරීම මිස බටහිර තානාපතිවරුන් සමග එක් වී ආණ්ඩු පෙරළිම නො වේ. කසිකබල් මාක්ස්වාදී පක්ෂ නම් බලාපොරොත්තුවන්නේ ඊනියා කම්කරු පංති විප්ලවය සිදු කිරීමට ය. මාක්ස්වාදය යනු ඊනියා කම්කරු පංති නායකයන්ට බලාපොරොත්තු ගෙන දෙන අබිං ය. බටහිර ගැති ඊනියා රාජ්ය නොවන සංවිධාන බටහිරයන්ගේ අනුග්රහයෙන් ආණ්ඩුව පෙරළිමට වසන්ත කිහිපයක් පසු කළේ ය. කටුනායක, ධීවර, විශ්වවිද්යාල, අලුත්කඩේ කඩේ වසන්ත ඒ අතර විය. තවම ක්රිකට් වසන්තයේ නායකයාට අවශ්ය ජනප්රියතාව නැති බැවින් ඔවුන් විදුලි වසන්තයකට මාරු වී ඇත. බටහිරයන්ට අවශ්ය තමන්ට අවනත නො වී ත්රස්තවාදය නන්දිකඩාල් කලපුවේ ගිල් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා රාජ්ය නොවන බැළයන්ගේ කසිකබල් මාක්ස්වාදීන්ගේ හා ලිබරලයන්ගේ ආධාරයෙන් මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් දංගෙඩියට යවා අප ලබාගෙන ඇති සීමිත නිදහසත් නැති කිරීම ය, රට බෙදීම ය. විරුද්ධ පක්ෂයේ උද්ඝෝෂකයන් විදුලි වසන්තය ක්රියාත්මක කිරීම සඳහා මැයි 21 තෝරාගැනීම අපට සංකේතාත්මක ව යමක් කියා දෙයි. මැයි 21 වැටෙන්නේ මැයි 18 (නන්දිකඩාල්) හා මැයි 22 (ජනරජ) දින අතරට ය. ත්රස්තවාදය පැරදවීමට විරුද්ධ වූ මොවුන් බොහෝ දෙනාට අවශ්ය රට බෙදීම ය. විදුලි වසන්තය ද බටහිර අධ්යාපනය විසින් බිහිකර ඇති කසිකබලුන් ද පරදවා පුර්ණ නිදහස දිනා ගනිමු.
අපට හිතෙන හැටියට නම් මේ විචාරයේ මහා විසාල අඩුවක් තිබේ. නලින් තුමාණන් හැමදාම සිය විචාරයන් හි දෙසන කාරනා කිහිපයක් ම ඉන් හැලී ගොස් යැ. ඒ නැති වැ ඒ විචාරයේ රසයක් ද නැත්තේ යැ. එබැවින් එතුමා මේ ලිපිය ලියන්නට ඇත්තේ හදිසියකින් වෙන්නට ඇති බව සිතමින් ද, ඒ හදිසියෙදී එතුමාට මෙන්න මේ මේ දේවල් මගහැරුනා වෙන්නට පිළිවනි යයි උපකල්පනය කරමින් ද, මේවා බලන් ඉඳීමෙන් කෙසාන්තයේ සිට පාදාන්තය තෙක් මැ රෝමෝද්ගමනය වන, ආශ්චර්යය හසන්තය, ආශ්චර්යය යැයි කියවෙන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ද, අපි, ඒ ලිපියට මෙසේ ඌණ පූරණයක් ඉදිරිපත් කරන්නෙමු.
මෙන්න එතුමාට සිය විචාරයේදී අමතක වූ කරුණු බිඳක්!
"විදුලිය විදුලියක් වෙන්නේ යම් දැනුම් පද්ධතියක් තුළ ය. ඒ දැනුම බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුම නොවේ. අපේ දැනුම තුළ බලෙන් බැඳ තබාගෙන වැඩ ගන්නා විදුලියක් නැත. අපට හිටියේ විජ්ජුල්ලතාවෝ ය. ඒ සාපේක්ෂ දැනුම, බටහිරයන්ගේ ඊනියා වාස්තවික දැනුමට ගෝචර වන්නේ නැත. වාස්තවික දැනුම කියා එකක් කොහෙවත් ඇත්තේ නැත. බටහිරයන්ට සහ උන්ට වඳින පුදන අපේ ඇන්කරයන්ට, ඇන්කරියන්ට නොතේරුණාට මේවා අපේ පෙරදිග චතුෂ්කෝටික දැනුම් පද්ධතිය තුළ අරුම දේ නොවේ. මේ අනුව මා හැමදාමත් කී ලෙස, බටහිර විද්යාව පට්ටපල් බොරුවක් බව ඉතිහාසය තුළ යළිත් වරක් සනාථ වී යයි.
විදුලිය යනු විදු-ලිය හෙවත් දැනුම් ලතාවයි. බටහිර ගැති අපේ කළු සුද්දන්ට දැනුම යනු අන්තර්ජාලයෙන්, රූපවාහිනියෙන්, ගුවන් විදුලියෙන් ලබා ගන්නා දැනුමයි. මේවා සියල්ලම බටහිරයන් ගේ නිර්මාණ ය. ඔවුන්ගේ විශ්ව විද්යාල යැයි කියා ගන්නා දැනුම් කඩ තුළින් කරන්නා සේ ම, මෙකී මාධ්ය හරහා ද ඔවුන්ගේ ඊනියා දැනුම අපේ මොළ වලට බලෙන් එන්නත් කරනු ලැබේ. මෙය පැහැදිලි ලෙසම ව්යසනයකි. එහෙත් අපට ඊට එරෙහි විය නොහැක. මන්ද සුද්දන් විසින් ම බලෙන් පටවා ගිය රෝම ලන්දේසි නීතිය නිසා ය. අපේ පැරැණි රාජ නීතිය අනුව මේ කෙහෙල් මල් මානව නිදහසක් තිබ්බේ නැත. අවශ්ය වන්නේ ද නැත. එහෙත් අපේ දෙරණේ පිනකට පත්ව සිටින, සිවු මහා බඹුන් දුන් විවරණ බෙලෙන් රට කරවන (අපේ දැනුමට අනුව රට පාලනය කරනවා කියා එකක් නැත. අපට අනුව ඇත්තේ රට කරවනවා යන්නකි.) අපේ සවන මිහිඳු රජාණෝ මේ ව්යසනය තේරුම් ගෙන තිබේ.
විදුලිය බිල වැඩි කිරීම හරහා සුද්දන්ගේ විදුලිය වෙනුවට, අපේම විජු-ලිය සොයා යාමට අපට අවස්ථාව ලැබී ඇත. විදුලිය නැති නිසා එයින් දුවන කම් හල් ද නැතිවනු ඇත. එවිට පෙර අප මුතුන් මිත්තන් කළා සේ අමුඩයක් ගසාගෙන එළියට බැස නියම ගොවිකමේ යෙදෙන්නට අපට හැකිවනු ඇත. ඇවසි නම්, කැලයකට ගොස් කොළ අතු හැඳගෙන පවා සිටිය හැකිය. බටහිරයන්ගේ ඊනියා දැනුම බෙදන වස විස බෙදන වාහිනී සියල්ලම වැසී යනු ඇත. එදාට, රටේ ජනයාට සත්යය කියන පවුලේ නාලිකාව සහ ජාතික රූපවාහිනී පමණක් විකාශය වනු ඇති අතර, ඒ බැලීමට ද මහා ලොකු සෙනගක් නැතිවනු ඇත. කොහොමත් මේ රූප වාහිනී, ගුවන් විදුලි, පරිගණක, අන්තර්ජාලය වැනි එව්වා කොල්ලයි බල්ලයි හැම එකාටම දෙන්නට ගියාම උන් පිටරටින් එන මාක්ස්වාදී ද අරකද මේකද යනාදී වෛරස වලින් ඔලුව පුරවා ගන්නා නිසා ඔව්වා නැති තරමට හොඳ ය. මගේ පුතා නම් ඉගෙන ගන්නේ ඕස්ට්රේලියාවේ ය. ඌට ඔව්ව බැලුවට කමක් නැත.
මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත්කරන්නට දිවා රෑ නිදි නොබලා වෙහෙසෙන අපේ මහරජතුමන් හට සැබෑ ජාතිකත්ව මතධාරීන් ලෙස (කොළ අතු ඇඳගෙන) අපි අපේ ගෞරව භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුදකරමු...."

Monday, February 25, 2013
නාථ සහ ආසනික් (Natha God & Arsenic)
පූර්විකාව
පසුගිය දිනවල හොට්ම හොට් මාතෘකාවක් ව තිබුණේ රජරට වකුගඩු රෝගය ය. ඊටත් වඩා එම රෝගයට හේතුව ලෙස අපේ සමහර මහාචාර්ය වරුන් විසින් ගෙන හැර දැක්වූ සුන්දර සුරංගනා කතා ය.
මේ ගැන අප කියනවාට වඩා එවැනි එක මහාචාර්ය වරයකු කියන ප්රකාශයක් මෙහි ගෙන හැර දැක්වීම වඩා ප්රයෝගිකයයි සිතමු.
"රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ය. මම ඔවුන් කවුරුන් දැයි නමින් හැරෙන්නට නො දනිමි. ඔවුන් සමග මගේ ඍජු සම්බන්ධයක් ද නැත. ඔවුන් සමග මගේ සියයට සියයක පෑහීමක් ද නැත. එහෙත් ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට බවට මට කිසිදු සැකයක් නැත. ඒ මෙන්ම මට නොහැකි වුව ද ආධ්යාත්මික ව දියුණු අයට (පාරමී දම් පුරා ඇති අයට) දෙවියන් ගෙන් බඹුන් ගෙන් නාගයන් ගෙන් දැනුම ලබා ගත හැකි බවට ද මට කිසිම සැකයක් නැත.
රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව ද, ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ බව ද රජරට ප්රදේශවල ජලයේ කිවුල් බව හා පසෙහි ස්වභාවය එයාට බලපාන බව ද දෙවියෝ අපට කියා දුන් හ. අපි ඒ අනුව රසායන විද්යාවෙහි කළ හැකි පර්යේෂණ කළෙමු. මා අවුරුද්දකට මඳක් වැඩි කාලයක් කැලණියෙහි සේවා දිගුවක් ලබා ගත්තේ ද මේ පර්යේෂණ සඳහා අවශ්ය නිල ශක්තිය ලබා දීමට ය. අප ඒ පර්යේෂණ කළේ තමන් බටහිර විද්යාඥයන් යයි සිතා සිටින නිවට පුස්සන් ගේ බලවත් විරෝධතාව මධ්යයෙහි ය."
උපුටා ගැනීම නලින් ද සිල්වා, 2012 ජනවාරි 29, "බටහිර විද්යාව, ආසනික් සහ දෙවියෝ, විසිදුණු ප්රකාශන, ISBN 978-955-0955-09-1.
මේ කතාවෙන් ගම්ය වන කරුණු කීපයක්ම ඇතත් අප ඉන් වැදගත්ම කරුණු ටික මෙහි සාරාංශ කොට දක්වමු:
1. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් වේ.
2. ආසනික් එකතු වන්නේ කෘමිනාශක ඔස්සේ ය.
3. එසේ කියා ඇත්තේ "නාථ" සහ "විපස්සක" ලෙස හඳුන්වා ගන්නා ලද "දෙවිවරු" පිරිසකි. (සැ.යු. යකුන්, භූතයන්, ප්රේතයන් නොවේ. කෙළින්ම දෙවිවරුය. මෙය අපට පසුවට ඉතාම වැදගත් වේ.)
4. නමුත් එසේ කියා ඇත්තේ මහාචාර්ය තුමාට නොවේ. එතුමාට එවැනි ආධ්යාත්මික දියුණුවක් නැත.
5. එසේ කියා ඇත්තේ වෙන කාට හරි ය. මහාචාර්ය තුමා ඒ සමග ඍජු සම්බන්ධයක් නැත.
6. එසේ වුවත් එතුමා ඒ මතය ආරක්ෂා කිරීමට පමණක් නොව, ඒ වෙනුවෙන් සිය ධුර කාලය දික් කර ගැනීමට වුවද සූදානම් ය.
7. ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද එතුමා ප්රමාද නොවේ.
මේ මාතෘකාව එක ලිපියකින් කතා කොට අවසාන කළ හැකි එකක් නොවේ. එබැවින් අපි මේ ගවේෂණය පියවරෙන් පියවර ඉදිරියට කරගෙන යාමට තීරණය කළෙමු. එබැවින් එහි මූලික පියවරක් ලෙස හෙට දින, එනම් පොහොය දින, තහනම් වචන නියෝජිතයෙකු මාලබේ බලා පිටත් වනු ඇත. මාලබේ පිට්ටුගල ආසන්නයේ ඇති, "වේද ගෙදර" නමින් දන්නා තැනක, එක්තරා තැනැත්තියක් අධිමානසික බලයෙන් ලෙඩ හොඳ කරන බවත්, රජරට ජලයේ ආසනික් ඇති බව කියා ඇත්තේ එම තැනැත්තිය බවත් අපට ආරංචි වූ නිසාය.
එම මූලික ගවේෂණය පල දරන තුරු අපි නලින් මහතා ගැනද යමක් කිව යුතුය.
නලින් ඩි සිල්වා යනු මෙරට බිහි වූ අග්රගණ්ය බුද්ධිමතෙකු බවට විවාදයක් නැත. බටහිර විද්යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥානවිභාගය ගැන ඔහු තරම් මේ රටේ කතා කොට ඇති ඇත්තෝ විරල බව ලේඛකයා අවධාරණය කරයි. නලින් පෙනී සිටින්නේ මේ රටේ සිංහල බෞද්ධ ව්යාපාරය වෙනුවෙනි. ඔහු ඊට "චින්තන පදනම" යැයි නමක්ද යොදා ගෙන තිබේ.
නලින්ට දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට පවත්නා රජය සමග සංගාමී වන්නකි. මහින්ද චින්තනය, වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්රභාකරන් ආදී සියලු මෙකී නොකී මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි එතුමා විසින් ලියන්නට යේදී ඇත. මින් බහුතරයක් සාමාන්යයෙන් හරවත්ය. හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපි එතුමා අගය කරමු.
නලින් යනු දරුණු විවේචකයෙකුද වේ. බටහිර විද්යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද ඔහු කීවේය. එමතු නොව, ඒ ගැන අවශ්ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ඔහු ආරාධනා කෙළේය.
බටහිර විද්යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ ලියන ලේඛකයාද සරසවිය පසු කෙළේ විද්යා විෂය ධාරාවෙන් නිසා (වෛද්ය හෝ ඉංජිනේරු නොව, ශුද්ධ විද්යා විෂය නිසා) ඒ ගැන අමුතුවෙන් පාරම් බෑම විකාරයක් බව අපේ අදහසයි. බටහිර විද්යාව පමණක් නොව, ඕනෑම විද්යාවකින් කරන්නේ කතන්දර හැදීමයි. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්යාවේ හැටි ය. වරදක් නොවේ.
අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්යාවට ම පලු යන්නට බනින එතුමා (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) දැන් මේ කරන්නේ බටහිර විද්යාව තුළ පැන නගින ගැටළුවකට පාර භෞතික පිළිතුරක් දීමටය. මීට කලකට පෙර "බුදු දහම විද්යාත්මක කිරීමේ මුළාව" නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් බටහිර විද්යාවට පැලැස්තර ඇලවීමය.
නලින්ගේ ජනප්රියම වචනයක් වෙයි. එනම් "ග්රීක යුදෙවු ක්රිස්තියානි සංස්කෘතිය" යන්නයි. ඔහුට අනුව විද්යාව යනු තනිකරම ජෙහෝවා සොයා යන ගමනකි. ඔහුට අනුව විද්යාව මෝසෙස් කෙනෙකි. එදා විද්යාවට එහෙම කී ඔහු, අද කරන්නේ ඊටම නොදෙවෙනි ක්රියාවකි. එදා ජෙහෝවා අද නාථ ය. එදා මෝසෙස් අද නලින්ය. අහෝ දෛවයේ සරදමක මහත!
නාථ
නාථ යන්නෙහි අරුත "ගැලවුම්කරුවා" යන්නයි. සනාථ, අනාථ, වැනි සමප්රභව වචන වලින් කෙනෙකුට අර්ථය තහවුරු කර ගත හැක. (අප ලියන සියලු අර්ථ දැක්වීම් වලට මූලාශ්රය වන්නේ මොනියර් විලියම්ස් සංස්කෘත ඉංග්රීසි ශබ්ද කෝෂයේ 2005 වර්ෂයේ නව මුද්රණයයි). නාථ යනු අවලෝකිතේශ්වර බොධිසත්ත්වයන්ගේ නමක් ලෙසද සැළකේ. ඒ කතාව සත්ය නම්, නාථ යන්නට "නොපැමිණි තැනැත්තා, ස්වරූපයක් රහිත කෙනා" වැනි අරුත් ද තිබේ. මහායාන සාහිත්යය අනුව නාථ වාසය කරන්නේ බඹ ලොවේය. හීනෙන් වත් මනුලොවට නොඑන බඹ ලොවේය. (දෙවියෝ නම් ඉඳ හිටලා වත් මිනිස්සු හමුවෙති). එසේ මෙසේ බඹ ලොවකද නොවේ; නිසංඛාර ප්රවර්තකයේ හෙවත් සුඛාවතියේ ය. අවලෝකිතේශ්වර යන්නෙහි අරුත "ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඊශ්වර" යන අරුතයි. අවලෝකිතේශ්වර, පද්මසම්භව (මනිපද්ම), වජ්ර ගර්භ සහ මෛත්රී යන සිවු මහා බෝසතුන් අතරින් නිහඬ ම කෙනා අවලෝකිතේශ්වර ය. එබැවින් ඔවුන'තරින් අඩුම වන්දනීයත්වයක් ලබන්නේ ද ඔහු ය. පශ්චාත් වෛදික හින්දු සමාජයේ සියල්ල අතික්රමණය කරමින් පැන නැගී තාන්ත්රික චින්තනය තුළ, ශිව හෙවත් ඊශ්වර, අවලෝකිතේශ්වර සමග සමානකරණයක් කෙරී තිබේ. මෙය ගුහ්යසූත්ර, හේවජ්ර තන්ත්ර වැනි තාන්ත්රික ග්රන්ථ වල මනාව කැපී පෙනේ. මෙකී තාන්ත්රික මතවාද හරහා "නාථ" (මෙය ද ශිව ගේ විරුදයකි) ලෙස අලුත් පණක් ලබන නාථ දේව සංකල්පය, ලංකාවේ රජ පෙළන්තිය නායක්කර් වංශයට අයිති වීම සමග සතර මහා දේවාල වලින් එකක අයිතිය ලැබීම දක්වා වර්ධනය වේ. අප අද දන්නේ එකී විෂ්ණු, කතරගම (ස්කන්ධ), නාථ සහ පත්තිනි යන දේවාල හතරයි. (මීට වෙනස් ව ගනේශ්වර, කෘතෙශ්වර, නාතේශ්වර සහ මහේෂ්වර ලෙස වෙනත් හතර මහා දේව සංකල්පයක් පවතින බවද අප කළ සොයා ගැනීම් වලදී පෙනී ගියේ ය). උඩරට කෙසේ වෙතත් පහත රට දී නම් නාථ එතරම් පිදුම් ලබන කෙනෙක් නොවේ. ඊට වඩා පිරිසක් ගනේශ්වර නැතහොත් සරස්වතී දෙවාලයයේ පාක්කුඩම් අල්ලාගෙන සිටිති.
මේ සියල්ල කීවේ නාථ යනු කවුද, නලින් යනු කවුද යන්න කෙටියෙන් හඳුන්වා දිය යුතු නිසාය. කවුරු මොනවා කීවත් අපේ නම් පිළිගැනීම වන්නේ මේ කතාව විශ්වාස කිරීමට අපහසු බවයි. පූජනීය මහනුවර දළදා මාළිගයට බෝම්බ ගහද්දී, මහබෝ මැඩදී අමු අමුවේ මිනී මරද්දී, අරන්තලාවේ අහිංසක බුදු පුතුන් කපා කොටා මස් ගොඩක් කරද්දී, වන්නියේ, පදවියේ සිංහල බෞද්ධ කුල කාන්තාවන් සමූහ වශයෙන් දූෂණය කරද්දී, ජවිපෙ සහ ආණ්ඩුව තරගයට මිනී මරද්දී, තරුණ කොල්ලන් කෙල්ලන් දහස් ගණනක් දස වධ දී මරා දමද්දී, සෝම හිමි ඇස් පනා පිට අපට අහිමි කරද්දී, සුනාමියෙන් දකුණු පළාතම සෝදා ගෙන යද්දී, රටේ සාරය හූරා කද්දී, මේ සියලු කී-නොකී සියල්ල වෙද්දී නොඇරුණු නාථ ගේ ඇස දැන් ඇරී ඇතැයි ඔබ සිතන්නේ ද? දෙව්දතුන් බුදුන්ට ගල් පෙරලද්දී නාපු නාථ අපේ රජරට වකුගඩු රෝගයට පිහිට වෙන්නට ආවයි ඔබ සිතනවාද?
කෙසේ වෙතත් මේ මාතෘකාව මෙසේ එක ලිපියකින් අවසාන කළ නොහැක්කකි. අප මින් මඳ විරාමයක් ගෙන අපේ නියෝජිතයා සිය රාජකාරිය ඉටු කොට තොරතුරු රැගෙන එනතුරු සිටිය යුතුය.
එතෙක් අවසර!

Subscribe to:
Posts (Atom)