කට්ට අව්වේ අහිංසක පාසැල් දරුවන් දහස් ගණනක් සහ ගුරුවර ගුරුවරියන් වේලීම, සන් ග්ලාස් දා ගත් ආර්යාවෝ ටික කූලර් සහිත කූඩාරමේ හිඳගෙන පොත් පිංචෙන් පවන් සැලීම, ජන පීඩකයන් උස පිළිවෙල අනුව පැමිණීම සහ ඊට කළින් පැමිණි එවුන් එන එන එකාලාව පිලිගැනීම, බෙරිහන් දීමෙන් පසුව බෑන්ඩ් ගැසීම, කොඩි ඉස්සීම, දේවෝ වස්සතු කාලේන කීම, විනාඩි දෙකක් කට වහගෙන හිඳීම, ගිය අවුරුද්දේ ලැබුණු හිඟමන් වලට වෙච්ච දේ ගැන පුරසාරම් කීම, මේ අවුරුද්දේ ජිනීවා කොහොල්ලෑ බබාට උඩ පැන ජිට් කොන්ඩෝ ෂොට් දෙන හැටි කීම, සකළ ලෝකයාම අපට කෙළින්නට බලාගෙන ඉන්නා බව කියන පැරනොයිඩ් බිය වැද්දීම, අතරින් පතරට නොදන්න දෙමළ කථා කර ලෝකයා හිනැස්සීම, යල් පැන ගිය යුද අවි පෙළපාලියේ ගෙන යාම, දවස පුරා ලේ නටන කවි, සින්දු දැමීම, ප්‍රාදේශික වශයෙන් ඉන්නා මහ ඇමති ගවයන් ඉදිරියේ ඒ ඒ පළාතේ අහිංසක පාසැල් දරුවන් පෙළපාලි යෑම, පුරන් අප්පු චිත්‍රපටිය පනස් වෙනි වතාවටත් පෙන්නීම, සුද්දෝ වී.අයි.පී කූඩාරමේ ඉන්දෙද්දී සිංහලෙන් සුද්දාට බැනීම, "මේකනේ හසන්ත නිදහස කියන්නෙ... දැන් මට මළත් සනීපයි... අපිටත් රජෙක් ඉන්නවනෙ හසන්ත" යන වදන් පෙළ අසන්නට සැලැස්සීම, පල් හොරුන්ට පිරිත් නූල් බැඳීම, යනාදි ලොමු ඩැහැ ගන්වන දර්සන රැසක් ඇතුළත් වාර්සික සොමිය හෙටත්....
"මේ වගේ දවසක පණිවිඩ පොජ්ජක් මන්දෝ කිරීම කාගේ කාගේත් සිරිතක් නිසා දැන් බුකියේ පැය ගානක් ලගිමින් මාර දුකක් විඳ අකුරු ගලපා ලියන ලද වචන සමූහයකි. හිත් වේදනා ඇති කර නොගන්න.
[ටයිම් සෝන් අනුව] අද/හෙට මාර දවසකි.
දවසේ මුලින්ම කල යුත්තේ ප්‍රීති වීමයි. ප්‍රීතිවීම ට හැක්කේ බිරිතානි දේශවාසී සකලවිධ ජනතාවට සහ උන්ගේ රටේ නාමිකව ඔටුන්නක් දාගෙන ඉන්න වංශවත් කාන්තාවටයි. රටක් හැටියට ගන්න පුළුවන් හැම රෙද්දම හූරාගෙන, මිනිරන් ටිකටත් කෙලවා මිනිසුන් අවතැන් කොට උන්ගේ ඉඩම් වල තමන්ගේ ආතල් පානය වවා උපරිම ෆන් එකක් ගෙන නිසි කල්හි බරින් නිදහස් වීම ගැනයි. එහෙම නැතිනම් තමන්ගෙන් තුනෙන් පංගුවක් පමණ වන මේ මැටි කඳට කර ගහගෙන විඳින්නට වෙන දුක ගැන සිතු විට ප්‍රීති උත්සව පැවැත්විය යුත්තේ ලන්ඩනයේය.
දෙවනුව කල යුත්තේ ස්තුති කිරීමයි. ස්තුතිය හිමි විය යුත්තේ මලාට ස්තුති කල යුතු එකෙකුට නොවේ. අල්ලපු ගෙදර ඉන්න තාම පාරේ කක්කුස්සි යන ඒ වුනාට අඟහරුට රොකට් යවන නිතරම අපට නියවන කොඩිවින කරන කාලකාන්නියාටය. කාලකන්නියා අහිංසාවෙන් අධිස්ටානයෙන් කල සටන නොවෙන්නට අපිට හෙට වැනි දවසක් එන්නේ නැත. අපේ රට තුල නිදහසක් වෙනුවෙන් හඬක් නැගු එකම මිනිහාත් රට එපාවී මහණදම් පුරන්නට ඉන්දියාවට ගිය බව පාසල් පොතක තිබුණි. ඔන්න ඔහේ ඕන එකක් කියාගෙන කීකරුව බල්ලා සේ වැටී හුන් රටකට නිදහස දුන්නේ ඉන්දියාව කියන මහා රට අතහැරි පසු ලංකාව කියන හුන්ඩුව ආයෙත් මක්කටය කියා සුද්දා සිතු බැවිනි. [ලංකාව අල්ලන්නට ඉංගිරිසිකාරයා හිතුවේද ඉන්දියාව නිසාය. ඒක වෙනම කතාවකි]. අප විසින් එකලම අවුට් සෝස් කරන ලද අපේ නිදහස් සටන කරදීම වෙනුවෙන් මහත්මා ගාන්ධි ජවහල්ලාල් නේරු මොහොමඩ් අලි ජින්නා සුභාෂ් චන්ද්‍රබෝස් වැනි අපේ [අවුට්සෝසිත] නිදහස් සටනේ නියමුවන්ට ස්තුති කල යුතුය.
තෙවනුව කල යුත්තේ කනගාටු වීමයි. එය ලාංකිකයන්ටයි. සාරය හූරා ගත්තද සුද්දා දමා ගියේ කලාපීය මට්ටමින් පාරාදීසයකි. එදා පටන් අද වෙනකම් මේක ආණ්ඩුකාරකම් කල විපක්ෂකම් කල, විප්ලව කල, ප්‍රචණ්ඩ ක්‍රියා කල, ත්‍රස්තවාදී ක්‍රියා කල සියලු දේශපාලනික ප්‍රවාහයන්ට පින් සිද්ද වන්නට අපි අද එක්දහස් අටසිය අසු දෙක දක්වා ආපසු ගොස් සිටිමු. මෙය නොවැටහේ නම් හොඳ හුස්මක් අරගෙන රූපවාහිනිය දමාගෙන පැය කීපයක් නරඹන්නේ නම් ප්‍රමාණවත්ය. ගෝල්ෆේස් එක වැනි තැනක දුවන විහිළු නාටකය බලා කාටත් තමන් ඉන්නා තැන ගැන සිතා ගත හැකිය.
සිව්වෙනුව හෙට හිතන්නට දිනයකි. කාට කාටත් හාන්සි පුටුවක හිඳගෙන හිතන්නට දිනයකි. වෙන මොකවත් ගැන නොවේ. බඩ පොත්ත දක්වා හූරාගෙන ඉන්න උන්ගේ ඉතිරි දෙකහමාරටත් අරිමින්, කුඩු කාරයින් පාතාලයින් හා ආගමික ප්‍රචණ්ඩ කල්ලි අතේ රටේ උසාවි පොලිස් තීරක බලය තබමින්, දශක ගානක් තිස්සේ වීහිලු විගඩම් නටන රටේ අනිද්දා සිට ඉතිරි කාලය ගෙවන හැටිය ගැනය. හැම නිදහස් දවසකටම පස්සේ ඉතිරි වන්නේ ඒ බියකරු සිතිවිල්ල පමණි.
සිතිවිල්ල බියකරු වැඩිනම් ජාතිකාභිමානයෙන් නිර්වින්දනය වීමට හෙට ඔබට නිදහස තිබේ."
'දේවෝ වස්සතු කාලේන- සස්ස සම්පත්ති හෝතු ච
පිතෝ භවතු ලෝකෝච -රාජා භවතු ධම්මිකෝ .....'
විනාඩි දෙකක් බිම බලන් සිටීම... හිඟා කා ගත් දේ වියදම් කළ හැටි පැවසීම... හිඟා කන්නට යන දේ ගැන පැවසීම... හිඟා කා කිරීමට යන දේ ගැන පැවසීම... විදුලි පුටුවට යන සැටි ගැන පුරසාරම් කීම... බටහිර ලෝකයාව ඉන්දියන් සාගරේ අමුතු ඇටේට කෙලවන්නට සිටින බව සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම... කොලේ බලන් දෙමළ කියවීම... Iවන යුද්ධ කාලයේ පමණ භාවිතයට ගත් යුධ අවි ප්‍රදර්ශනය.... කූඩාරම් (V.I.P) තුළ සුද්දන් දමාගෙන උන්ටම සිංහලෙන් බැනීම... වැදි බණ දෙසමින් ජනසතුරන්ට පිරිත්නූල් බැඳීම and much more...!