රෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් "අම්මගේ", "ආච්චිගේ" වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් දෙයක් නිසා එසේ වනවා විය හැක. මවුපස ඥාතීන්ගේ රෙද්ද ගැන කියනවා මිසක පියපස ඥාතීන්ගේ රෙද්ද ගැන කවරෙකුවත් කතා කරන්නේ නැත. සමහර විට නිරුවත, පිරිමි සමාජය තුළ සාමාන්‍යයීකරණය වී ඇති නිසා හෝ, ගැහැණු නිරුවත තරම් පිරිමි නිරුවතෙහි "පෙනෙන්ට දෙයක් නැති නිසා" හෝ විය හැක. නමුත් මේ කතාවට අදාළ ජීව විද්‍යාත්මක පසුබිම ගැන කීමට මේ තැන නොවේ.
රෙදි ගැලවීම ලැජ්ජාවකි. රෙදි අඳින්නේ විළිබිය ඇති නිසාය. එහෙත් ඒ එසේ වන්නේ නො-රහත් සමාජයකය. රහත් සමාජයක රෙද්ද තිබුණත් නැතත් ඉන් වන වෙනසක් නැත. එක අතකට රෙදි අඳින්නට බල කිරීමට කාටවත් අයිතියක් නැත. නමුත් අපි අපිම, අප ජීවත් වන සමාජයේ මිනිසුන් රහත් වී නැති බව සළකා ගනිමින්, රෙදි අඳින්නට ස්වයං-වාරණයක් පණවා ගනිමු. නීතියට කළ හැක්කේ ඊට යම් අවම සීමාවක් පැනවීම පමණි. මේ සීමාව, එක් එක් රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ ස්වභාවය අනුව වෙනස් වේ.
කවුරු කොහොම කීවත් රෙදි ගැලවීමද කලාවකි. මේ කලාව නොදනී නම් පවුල් ජීවිතය ගෙනයනවාට වඩා ලොවුතුරු සැප සෙවීම අගනේය. "ලොව ඇති සුන්දරම කවිය නිරුවත් ලිය සිරුරය" කියා ඔමාර් ඛයියාම් කීවේ එනිසා විය යුතුය. "සිහිනෙන් වත් ලියන් තන නොසිපියේ සිය මවගේ යොවුන් බැව් නමැති වනයට එල්ල කළ පොරෝ පහරකැයි" අලගියවන්න මුකවෙටියෝ කීහ. (ගැලවීම පමණක් නොව රෙදි ඇන්දවීමද කලාවකි; ඇඳගැනීම ද කලාවකි; ඒ ගැන පසුවට). රෙදි ගැලවීම යන පදයටද ලිංගික අර්ථයක් මෙන්ම ව්‍යන්ගාර්ථයක් ද තිබේ. ලිංගිකව ගත් විට රෙද්ද ගැලවීම යනු අනිකාගේ ලිංගික තෘප්තිය පිණිස සිය සිරුර සූදානම් කර දීමයි. මෙය නීත්‍යානුකූලව කරන විට ඊට කසාදය කියාද, නීතිවිරෝධීව කරන විට අවලම් කම කියාද කියති. රෙදි ගැලවීමට ගාස්තුව පිණිස යම් සන්තෝසමක් ලබා ගන්නේ නම් ඊට ගණිකා වෘත්තීය කියාද කියති. මෙය මුදල් ම වීම අත්‍යවශ්‍ය නැත. වැඩකරන ඔපීසියක නම් ලොක්කාගේ බුරුල, විශ්ව විද්‍යාලයක නම් ඉහල පන්ති සාමාර්ථ, නීති විරෝධී සමාජය තුළ නම් නීතියෙන් සහනය යනාදී විවිධ මුදල් පරිමාණ වලට මෙය කෙරේ. (වැඩකරන සමාජය තුළ ලෙහෙසියෙන්ම රෙදි ගැලවීමට ලක් වන්නේ, සමාජයටම අඳින්නට රෙදි මහන සන්නාලියන් වීමද බරපතල විරුද්ධාභාසයකි. )
මේ අනුව බලන විට රෙද්ද යනු හුදෙක් සෙලියුලෝස්, නයිලෝන් කෙඳිති එක්ව සෑදෙන වියමනක් පමණක් නොව, සමාජයීය වගකීමක් ද වේ. අප රෙදි අඳින මට්ටම හෝ ආකාරය ගැන තහංචි දැමීමට සමාජයට නීති සපයා දෙන්නෙ අපම වන බැවින් එහි දේශපාලනාර්ථයක් ද වෙයි. ඒ අර්ථයෙන් ගත්විට, රෙද්ද පමණක් නොව රෙදි ගැලවීමද දේශපාලන වැදගත්කමක් ඇති ක්‍රියාවකි. (දේශපාලනයේදීද රෙදි ගැලවීම් සිදු වේ. මෑතකදී විමලෙ මල්ලි සුජීව ගෙන් ප්‍රශ්න අහන්නට ගොස් රෙද්ද ගලවා ගත්තා කාටත් මතක ඇතැයි සිතමු).
මේ සොපහාසී ආරම්භය අප ලබා ගත්තේ මේ දිනවල රෙද්ද සහ හෙළුව දේශපාලන මුහුණුවරකින් කතා කරන නිසාය. කොටින්ම අමු හිංගලෙන් කියන්නේ නම් මීළඟ දේශපාලන ගුණ්ඩුව (වරහන් තුළ: ජනතාවට අන්දවන රෙද්ද) වන්නේ බුර්කාව නිසාය.
බුර්කාව (برقع )
බුර්කාව, හිජාබය, නිකාබය, පර්දාව සහ අබායාව ආදී ඉස්ලාමික සම්භවයක් ඇති විව්ධාකාර ඇඳුම් තිබේ. ඉනුත්, මුළු ශරීරයම ආවරණය වන සේ අඳිනු ලබන කළු පැහැති ලෝගුවක් වැනි ඇඳුම, බුර්කාව ලෙස හඳුන්වනු ලැබේ.
කුරාණයේ බුර්කාව ගැන සඳහන් වන්නේ මෙසේය.
And tell the believing women to reduce [some] of their vision and guard their private parts and not expose their adornment except that which [necessarily] appears thereof and to wrap [a portion of] their head-covers over their chests and not expose their adornment except to their husbands, their fathers, their husbands' fathers, their sons, their husbands' sons, their brothers, their brothers' sons, their sisters' sons, their women, that which their right hands possess, or those male attendants having no physical desire, or children who are not yet aware of the private aspects of women. And let them not stamp their feet to make known what they conceal of their adornment. And turn to Allah in repentance, all of you, O believers, that you might succeed.—Surat An-Nūr (The Light) - سورة النور
පරිවර්තනය: තවද, සිය දර්ශනයෙන් (පෙනුමෙන්, රූපයෙන්) කොටසක්ද, රහස්‍ය අංගද ආවරණය කරගන්නා ලෙසත්, ස්වභාවයෙන්ම පෙනෙන අලංකරණ හැර වෙනත් කිසිවක් ප්‍රදර්ශනය නොකරන ලෙසත්, සිය හිස් ආවරණයෙන් කොටසක් ළය වැසෙන සේ පොරොවන ලෙසත්, සිය සුන්දරත්වය සිය සැමියා, පියා, සැමියාගේ පියා, පුතා, සැමියාගේ පුතා, සහෝදරයා, සහෝදරයාගේ පුතා, සහෝදරියගේ පුතා, ඔවුන්ගේ ගැහැණුන් (අඹුවන්), වහලුන් (lit. "මා මලකත් අයිමාන්'කුම්--දකුණු අතට අයත් අය: එනම් වහලුන්), ශාරීරික ආශාවක් නැති පිරිමි සහචරයන්, කාන්තා ශරීරය ගැන අවබෝධයක් නැති කුඩා දරුවන් හැර අන් උදවිය ඉදිරියේ නොපෙන්වන ලෙසත්, විශ්වාසී (" මුසල්මානු ": මුස්ලිම් යන්නෙහි අරුත දේව භක්තික හෙවත් විශ්වාසී යන්නයි) කාන්තාවන්ට කියන්න.
සාමාන්‍යයෙන් අන්තවාදී යයි හංවඩු ගසනු ලබන කුරාණය, මේ කාරණාවේදී ඉතාම තර්කානුකූල ප්‍රවේශයක් ලබාගෙන ඇති බව පෙනේ. කොටින්ම මේ හදිත් වැකියෙහි සරල සාරාංශය වන්නේ, සිය ශරීරය, අන් පිරිමියකුගේ කාමාශාව වර්ධනය කරවීමට අනුබල නොදෙන්න කියාය. "පිරිමින්ගේ පාප කඳට ගැහැනුන් දෝස විඳීම" අප අනුමත නොකළත්, සදාචාර සම්පන්න සහ රහත් නොවූ සමාජයක, පිරිමින්ගේ කාමාශාව උද්දීපනය නොකර සිටීමට ගැහැණුන් හට ඇති යුතුකම අප පිළිගන්නා බැවින් මේ වැකිය දෙස අප බලන්නේ උපේක්ෂා සහගතවය. ස්ත්‍රී ශරීරය තරම් පිරිමි සිත හාත්පසින්ම වෙලාගන්නා අන් කවර හෝ දෙයක් මම නොදකිමි යයි කීවේ නබි නොව බුදුන් ය. නාබිය නොදක්වා -- සළු ඇඳ බොලට දක්වා -- නොපව තන සක්වා -- සිනා නොමසෙන් දසන් දක්වා යයි කියන තරමට සදාචාර වාදීන් සිටියත් මේ ලංකාවේ ගැහැණු සුද්දා එන්නට පෙර ඇන්දේ යටට පමණි. උඩට නොවේ. (සීගිරි ගැහැණු බ්‍රෙෂියර් ඇන්දේ නැත.) උඩුකය නිරාවරණව දළදා මැදුරට මල් ගෙනයන ගැහැණුන්ගේ චිත්‍රයක් මහනුවර කෞතුකාගාරයේ තිබේ. සූසැට බරණින් සැරසුණු පංච කල්‍යාණියකට මේ ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යසට ආවගිය හැකි කාලයක් පැවතුණු බවද සිහිපත් කළයුතුය. ඊට හේතුව වන්නේ ලංකාවේ එවුන්ට ඇති ලිංගික බෙලහීනතාවක් හෝ, මහා අමුතු සදාචාරයක් නිසා හෝ නොවේ. ලිංගිකත්වය අපේ සමාජයේ වහංගු කොට නොතැබූ නිසාය. ඕනෙම නම්, දවල්ට පාරේ යන පංච කල්‍යාණිය දකින මිනිහා රෑට සිය බිරිඳ සමග පොඩ්ඩක් වැඩියෙන් සෙල්ලම් කරනු ඇත. කතාව එතනින් අහවරය.
සංවර ඇඳුමක් ලෙස, ලිංගික ප්‍රදේශ ආවරණය වන්නට අන්දපල්ලා යයි කී රෙද්ද, මුහුණ මතු නොව, ඇස් දෙක පවා වැසෙන තැනට ආවේ කෙසේද? මෙන්න ඊට පිළිතුර:
The correct view as indicated by the evidence is that the woman's face is 'awrah which must be covered. It is the most tempting part of her body, because what people look at most is the face, so the face is the greatest 'awrah of a woman. [source]මේ ලියන්නේ නබි නොවේ. මේ ලියන්නේ නබිගේ අහලකින්වත් තියන්නට බැරි උලෙයිමාවෙකි. අර බුකියේ ආදිවාසියා කියන පරිද්දෙන්, ගැටළු ඇතිවන්නේ ආගම් කර්තෘන් නිසා නොව, ඔවුන්ගේ සේල්ස් රෙප් ලා ගෙනි. ඔවුහු බුදුන්ට වඩා බුදුදහමද, ජේසුට වඩා කිතුණු දහමද, ක්‍රිෂ්නාට වඩා වේදයද, නබිට වඩා ඉස්ලාමයද දනිති. ඉස ගසාගෙන ජීවත් වන්නට බැරි මේ කාලකන්ණි සත්ත්ව විශේෂ නිසාය. ඔවුන්ගේ අතෘප්තකර කාමාශාව වර්ධනය වීමේ ලා ගැහැණු මුහුණක් වුව ප්‍රමාණවත් යයි මින් ගම්‍ය කරගත යුතු දේ වන්නේය.
අපට පෙනෙන ආකාරයට නම්, හිස වැසෙන්නට ඇඳි පර්දාව, මුහුණ වැසෙන්නට ඇඳපු නිකාබයේ සිට හිජාබය සහ බුර්කාව දක්වා පරිණාමනය වීමේ ක්‍රියාවලිය එහෙම පිටින්ම පුරුෂ ලිංගික පද්ධතියේ බලපෑම මිසක, ස්ත්‍රී ලිංගික පද්ධතියේ බලපෑම නිසා සිදු වූවක් නොවන බව පෙනේ. ගැහැණුන්ට ඇඟ වැහෙන්ට අන්දන ගමන්ම, පිරිමින්ට හැඟුම් පාලනයත් ඉගැන්නුවා නම්, ඉස්ලාමය මේ කාරණාවේදී අතිවිශිෂ්ට වන්නට ඉඩ තිබිණි. නමුත් එහෙම එකක් නැත. ඉස්ලාමයේදී මේ කාරණාවේ බර එහෙම පිටින්ම දමා ඇත්තේ කාන්තාවගේ උර මතටය. අප හිජාබයට එරෙහි වන්නේ අන්න ඒ නිසාය. මන්ද මේ තුළින් ස්ත්‍රී දූෂණ වල වරද පවා ගැහැනියගේ පිට පටවා ඈ කස පහරට ලක් කිරීමට තරම් නිදහසක් සහ ආධිපත්‍යයක් පිරිමි සමාජයට ලැබෙන බැවිනි.
බුර්කා විරෝධය
අප අපේ ප්‍රස්තුත මාතෘකාවේ වැදගත්ම තැනට එන්නේ දැන්ය. එනම් බුර්කා විරෝධය දෙසටය.
කිසිම ආගමක වතාවත් වලට හෝ සිරිත් විරිත් වලට හෝ විරුද්ධ වීමට ඒ ආගමේ නොවන අප හට අයිතියක් නැත. මීට වසර ගණනකට පෙර "ටැබූ" නම් බ්ලොග් රචකයා සිය අවසන් ලිපියේදී කී වචන ටික මෙහි දක්වනු රිසියෙමි.
ශිෂ්ට සමාජයක ආගම යනු පුද්ගලයකු හා සම්බන්ධ අතිශයින් පෞද්ගලික දෙයකි. එය කෙනකුගේ රුචිය තේ වලටද, කෝපි වලටද නැතොත් කෝලා පානයකටද වැනි කාරණාවක් මිස සමාජයට අදාළ කටයුත්තක් නොවේ. කතෝලික පල්ලියක බිත්ති හතර තුළ වන දෙයක් වෙතොත් ඒ කතෝලිකයන්ට පමණක් අදාළ දෙයකි. (අදාළ කටයුත්ත නීති විරෝධී හා සමාජ විරෝධී වන්නේ නම් හැර) කුරාණයේ ඇති දෙයක් අදාළ වෙතොත් ඒ ඉස්ලාම් භක්තිකයින්ට පමණෙකි. A දෙයියාට වඩා B දෙයියා හොඳය; කාරුණිකය; බලසම්පන්නය වැනි කාරණා වාදයකට ගත යුතු මාතෘකා නොවේ. එක – A දෙයියාද, B දෙයියාද ඉන්නවාද නැද්ද වත් දන්නා කෙනෙක් වත් නොවෙති. ඔවුන්ගේ ශක්‍යතාවයන් තියා, පැවැත්ම වත් විද්‍යාගාරයකදී පරීක්ෂා කළ නොහැකිය. දෙක – හොඳ, කාරුණික බව, බල සම්පන්න බව යනාදිය අවාස්තවික (subjective) කාරණාය. තුන – A දෙයියා ඇත්තටම B දෙයියාට වඩා හොඳ වුවද, B දෙයියාගේ අනුගාමිකයින් එය පිළිගනීය සිතීම උගහටය. ආගමකට ආගමක් කියන්නේ එනිසාය.
ටැබූ ගේ දර්ශනය සමග අපට එරෙහි වන්නට බොහෝ දෑ තිබුණත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් සීයෙට සීයක් එකඟ විය හැකිය. මුස්ලිම් පල්ලියක සිදුවන යම් දෙයක් වේ නම් එය ඔවුන්ගේ බිත්ති හතර තුළ පමණක් සිදු වන දෙයකි. එය සමාජ විරෝධී ක්‍රියාවක් නම් හැර, අපට ඊට එරෙහි විය නොහැක. උදාහරණයක් ලෙස මුසල්මානුවන් ගේ හලාල් සහතිකය ගැන අපට විරුද්ධ විය නොහැක, නමුත් ඒ වෙනුවෙන් අපෙන් මුදල් අයකරගැනීමට අපට විරුද්ධ විය හැක. ඔවුන්ගේ වතාවත් වලට අපට විරුද්ධ විය නොහැකි වුණත්, ඔවුන්ගේ යාඥා වෙලාවල් වල කෙරෙන කන්කරච්චලයට අපට විරුද්ධ විය හැක. හිජාබය ගැනද එසේමැයි.
මෙහිදී අපි අන්ත දෙකක් දකිමු. එකක් නම් වරෙක අපේ රටේ ද කළුතර කැලිඩෝ වෙරළෙහි අරින්නට ගිය නිරුවත් වෙරළයි. ඒ ගැන අපේ මිත්‍ර මාලන් සමරවික්‍රම සජීවී වාර්තාවක් "හැන්දෑව" හරහා ඉදිරිපත් කළා අපට මතකය. දෙවැන්න හිජාබයයි. නිරුවත් වෙරළෙහි ඇඳුම් නැත. සැවොම නිරුවතින් හිරු රැස් සුව විඳිති. රමණයේ යෙදෙනු කැමැත්තෝ එසේ කරති. රැල්ල පාගනු කැමැත්තෝ එසේ කරති. එයද එක්තරා සුන්දර දෙයකි. එහෙත් ගැටළුව අපේ රටේ සංස්කෘතියට එය නොගැලපීම කෙසේ වෙතත් අපේ අයියලාගේ අහවල් එකේ පාලනයක් නැති වීමයි. අප ඉන්නේ හිජාබය සහ නිර්වස්ත්‍ර භාවය අතර මැද සාධනීය තැනකය. අර කී අන්ත දෙකම අපට හුදෙක් අන්තවාද පමණි.
එසේනම් හිජාබයට / බුර්කාවට විරුද්ධ වීමට අපට අයිතියක් තිබේද? මා සිතන්නේ එසේ විරුද්ධ වීමක් වේ නම් එය මතුවිය යුත්තේ මුස්ල්මානු සමාජය තුළින්ම මිස ඊට පිටතින් නොවේ යනුවෙනි. එසේ විරුද්ධ වන්නන් නොවේ යයි කාටවත් කිව නොහැකිය. මුස්ලිම් ෂරියා නීතියේ අලුත්ම බිල්ල වන ඊජිප්තුව තුළ, ඇඳුම් පැළඳුම් වාරණයට එරෙහිව, අලියා-මහ්දා-එල්-මාහ්දී නම් තරුණ කාන්තාව, සිය නිරුවත් චායාරූප ප්‍රසිද්ධියේම සිය බ්ලොග් අඩවියේ පලකලාය. ඈට සහය දැක්වීමට ගිය අනිකුත් අයට විවිධ හිංසන වලට ලක්වීමට සිදු විය. එහෙත් ඉන් හිජාබයට එරෙහි ජනමතයක් ගොඩ නැගුණු බව පිළිගත යුතුය.
එහෙත් හැමදාමත් වාගෙ බොදුබල සේනා මෙහිදී පොලිස්කාරයාගේ චරිතය සිය කැමැත්තෙන්ම අතට ගෙන තිබේ. වෙන මොකක් සිදු වුණත්, නූනත්, මින් සිදුවන්නේ ඇත්තටම බුර්කාවට විරුද්ධ මුස්ලිම් ප්‍රජාව පවා, ඒ විරෝධය යටපත් කරගෙන "මේන්ස්ට්‍රීම් එකට" එකතු වීම බව අපේ අයියලාට තේරෙන්නේ නැත. එබැවින් අපට කළ හැකි එකම දේ සාධුකාරයක් දී බලා සිටීම පමණි.
ඇත්ත අපි යමකට විරුද්ධ නම් ඒ විරෝධය මතු විය යුත්තේ එම අසාධාරණයට ලක්වන අයගෙනි. එය මා ද අදහමි.
ReplyDeleteබොබසේ යන්නෙ පොල් පැලේටමයි. වැඩි කල් නොගොස් ශරියා නීතියට විරුද්ධව බෞද්ධ නීතිය කියලා එකකුත්, ඊටත් පසුව බෞද්ධ ඇදුම කියලා එකකුත් ගේන්න බැරිකමක් නැහැ කියන එක මේ යන හැටියට මට නම් හිතෙනවා.
මොකක් හෝ දෙයක්, මී කුණක් හෝ විකුණාගෙන සිය දේශපාලන ස්ථාවරය හදාගන්නට උත්සාහ නොකරන සැබෑ නායකයන් අපට සිටියා නම් මේ දේ මෙතරම් දුරදිග යන්නේ නැති බවයි කියන්නට වෙන්නේ. ඔබ කීවත් වගේ ඊළඟට ළමා සාරිය නීතිගත කළත් මා පුදුම වන්නේ නැහැ, වෙදනා...
Deleteරටක ආරක්ෂාවට තර්ජනයක් වෙන මට්ටම ඉවත් කිරීම දක්වා රජයකට යන්න පුලුවන් . කාන්තා අයිතිවාසිකම් පැත්තෙන් සලකලා මම ඉස්ලාමයෙන් කාන්තාවන්ට ඇඳුමක් පනවා තිබීම කියන සංකල්පයටම විරුද්ධයි .(අ.මනතුංග එක්ක මගේ ගැටුමේ වස්තු බීජයත් ඕක ) පහුගිය දවස් වල ෆේස් බුකියේ සහ අනෙකුත් තැන් වල මම දැකපු කියපු දේත් එක්ක , මේවා ගැන කථා කරන , ශෙයා කරන ෆේස් බුක් වීරයන් ඉන්න අන්තගාමී , ගෝත්‍රික මතවාදයන් දිහා බලපුවාම , ඔවුන් විසින් පෙනී සිටින මමත් එකඟ මතවාදයක් වෙනුවෙන් වුනත් එක පෙලට සිට ගැනීමට අකමැතියි . මොකද පෙනී සිටින්නේ එකම දේ වුනත් , බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය වගේම ,සැබවින්ම සිදුවෙන දෙය හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්න පුලුවන් . මේ ප්ලිබඳ මදක් නිහඬව ඉන්න තීරණය කලා , මොකද බුර්කාව ඉවත් කරලා බලහත්කාරයෙන් ලමා සාරි අන්දවන්න වුවමනාවක් නැති නිසා .
ReplyDeleteඒ නිසා භාහිර සමාජයට හඬක් නැගිය හැකියි කියල විශ්වාස කලත් මේ මොහොතේදී ඒ දෙය කරන පිරිස සහ කරන්න උත්සාහ කරන විදිහ නිසා , ප්‍රායෝගිකව අපි දෙන්නම ඉන්නේ එකම තැනක
එකඟයි බුවා මම හලාල් වලටත් පෙර විරුද්ධ වූයේ මේ අරාබි ඇඳුම් අනුකරණයටයි. එහෙත් අපේ අය ගෙනියන්නාවූ අන්තවාදි බව නිසාම. මමත් ස්වයං වාරණයක් පනවා ගත්තා. මන්ද බුර්කාවට, අරාබී ලෝගුවලට වඩා මට මනුෂ්‍ය ජීවීත වටිනා නිසා. අවුරුදු 30 ලේ දැක්කා හොඳටෝම ඇති.
Deleteමාතලන් සහ බුවා දෙන්නම ඉන්නා ස්වයං වාරනයේම තමා මමත් ඉන්නේ. බුර්කාව රටේ ආරක්ෂාවට තර්ජනයක් බව ඇත්ත. එතනදී "අනේ මේක ආගමිකයි මෙයා" කීම ප්‍රයෝගික නැහැ. අනිත් අතට පිරිමින්ගේ ලිංගයේ පාලනයක් නැතිකමට කාන්තාවන් ලෝගු තුළට කොටු කිරීම මොනතරම් අමානුෂිකද යන්න අමුතුවෙන් කිවයුතු නැහැ. (නමුත් අපේ ලාංකික ස්ත්‍රී වාදී නෝනලා මේ ගැන කතා කරනවාද?) නමුත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තය ලෙස මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාව බලෙන් ඉවත් කිරීමත් ඒ වගේම සාපරාධී බවයි මගේ වැටහීම.
Deleteමාතලන් කියන්නා වගේ අරාබි අනුකාරක බුර්කාව, හලාල් වලට වඩා ඇහැට කණට පේන දෙයක්. නමුත් බුර්කාව එපා කිව්වොත් මට හිටගන්න වෙන්නේ අර කී සිංහලබෞද්ධ™ (තනි වචනයකි, වෙළඳ නාමයකි) ගෝත්‍රික ප්‍රජාව එක්ක. ඊට වඩා මට බුර්කාව හොඳා!
(ඉස්ලාමයේදී මේ කාරණාවේ බර එහෙම පිටින්ම දමා ඇත්තේ කාන්තාවගේ උර මතටය)
Delete30. Tell the believing men to restrain their looks, and to guard their privates. That is purer for them. God is cognizant of what they do.
sura an noor-the light (chapter 24:sentence 30)
ඔබ කාරණාව පටලවා ගෙන ඇතිබවයි පෙනී යන්නේ. අප කිව්වේ නැහැ මුස්ලිම් මිනිසුන්ට ඇඟ වැහෙන්නට ඇඳුම් අඳින්න යයි කුරානයෙන් කියා නැහැ කියා. අප කියන්නේ, සිය හැගීම් පාලනය කරගන්නට පිරිමින්ට උගන්වනු වෙනුවට බලෙන් ගැහැණුන්ගේ ඇඟ වැහීම අසාධාරණ බවයි.
Deletebrother, this werse apples for men
Delete30. Tell the believing men to restrain their looks, and to guard their privates. That is purer for them. God is cognizant of what they do.
sura an noor-the light (chapter 24:sentence 30)
Yes, and shall we start talking about how these respective Hadiths are enforced?
Deleteමම පෞද්ගලිකවම හිතන්නේ මුස්ලිම් කාන්තාව මේ ඇදුමට කැමති නැහැ කියල.
ReplyDelete2008 වසරේ මගෙ මිතුරියක් හිටියා. අපිත් එක්කම ට්‍රේනින් එකක. ඒකි ඒ ඇදුම ඇන්ද. දවසක් අපි කස්ටිය සැට් වෙලා ආව වෝටර් වර්ල්ඩ් බලන්න. අපේ ගෙවල් ඒ ලග නිසා එයා ඇදුම මාරු කරගෙන එහෙ ගියේ. ඇය එදා කිව්වෙ මේ ඇදුම ඇදන් ගියාම මිනිස්සු ඕනවට වඩා එයා දිහා බලන එක එයාට වදයක් කියල.
මෙයා මෑතකදි ආයෙත් මාව ඇමතුවා. උදව්වක් ගන්න. ඒ උදව්ව ඉල්ලපු කාරනාව මම පෝස්ට් එකක් විදිහට නොදා ඉන්නෙ ඒකෙන් මුස්ලිම් කාන්තාව කොච්චර නම් පීඩනයක ඉන්නවද කියල ඔප්පු වෙන නිසා.
ඒත් ඇයි එයාල ඒවාට විරුද්ධව නැගි නොසිටින්නෙ? අන්ධ විශ්වාසයක් නිසාද? කතා කරන්න බය නිසාද?
ජය !
සැමෝ ලංකාවේ ගොඩක් මුස්ලිම් ළමයි ඉන්නේ ලොකු පීඩනයක..
Deleteතනියම එළියට එන්න හයිය හත්තිය මදි බන් උන්ට ..එහෙම ආවත්
වෙන්නේ මැරුම් කන්න ..මැරුම් නොකෑවත් වෙන්නේ ලොකු කොන්වීමකට
මූණ දෙන්න ..ඉතින් ඔහේ ඉන්නවා...
අපි මුසල්මානු කාන්තාවන් ඉන්නා පීඩනය ගැන මීට වඩා සමාජය දැනුවත් කළයුතුයි සෑම්. එවිට අර කී විරෝධය ඔවුන් තුළින් ඉබේම මතුවේවි. මට පේන හැටියට හිජාබයට විරුද්ධ ප්‍රජාවට වුණත් තිබෙන ගැටළුව, මුස්ලිම් සමාජය අතහැර ආවොත් අල්ලපු අත්තත්, පයගහපු අත්තත් නැතිවේවි යන බිය.
Deletefrom anwer manatunga blog(http://www.anvermanatunga.com/2013/03/24/muslim-kantha-wasthraya/#comment-20930)
Deleteහිජාබය ගැන මම මගේම අත්දැකීමෙන් දෙයක් පවසමි.පෙරදී සිංහල කාන්තාවක් (දැනුදු සිංහල නමුත් මගේ ආගම ඉස්ලාමයයි)ලෙසට මා සියලුම අන්දමේ සාමාන්යහ කාන්තාවන් හදින ආකාරයෙන් ඇදුම් හැඳ ඇත. අනන්ත වාරයක් මා අපහසුතාවයන්ට පත්වී ද ඇත්තෙමි.(අඩ නිරුවත් ඇදුම් හැඳ නොවේ සාමාන්යී විදියට සාරිය ඔසරිය හැදීමෙනි.)නමුත් හිජබය හැදින්නට ගත් දින පටන් අප්රනමාන සැනසිලිදායක බවක් මගේ හදවතින් විදිමි.කිසිවකුට මගේ සිරුර මනෝ රුපයක් නොවන බැවින් මම සතුටු වෙමි.එසේම සරලය චාම්ය.මා හට ඉස්ලාමය අදහන්නයයි කිසිවකු පැවසුවේ නැත.නමුත් මුස්ලිම් කාන්තාවක් ලබන ගෞරවණීය බව,මුස්ලිම් සමාජයෙන් ඔවුන්ට ලැබෙන ආරක්ෂාව මම අගය කරන නිසාවෙන් සහා මෙහිදී විස්තර කල නොහැකි තවත් හේතුන් මත මා ඉස්ලාමය අදහන්නට පටන් ගතිමි. නමුත් කිසිවකු මට හිජාබය අදින්න යයි කිඉවේ නැත.නමුත් හිජබය ඇදීමෙන් මම වෙනදට වැඩ ආරක්ෂිතත යයි මට හැඟේ.
හිජබයට විරුද්ධව නිකන් කෑ ගසන යට මට කියන්නට ඇත්තේ තමන්ගේම සිතින් විමසා බලන්න.අපි වැහෙන හදිනවානම් ඔබ එයට විරුද්ධ ඇයි?
ඇත්තෙන්ම අපට කිසිම ගැටළුවක් නැහැ සහෝදරිය. කලිනුත් කීවා සේ හිජාබයට යම් විරෝධයක් එල්ල වනවා නම් එය එල්ල විය යුත්තේ මුස්ලිම් සමාජය තුලින්ම මිස ඉන් බාහිර සමාජයෙන් නොවේ. ඔබ සතුටින් නම් ජීවත් වන්නේ අපට එහි ගැටළුවක් නැහැ. ඔබම කියන පරිදි මෙහි ලියා නොදැක්විය හැකි වෙනත් හේතු ඔබට තිබෙන්නට පිළිවනි, ඒ ඔබේ නිදහස. නමුත් ඔබට දැනෙන දේම අනිත් අයට නොදැනෙන්නට ඉඩ ඇති බවත් අමතක කරන්න එපා. හිජාබයට විරුද්ධ මුස්ලිම් සමාජයකුත් තිබෙන බව ඔබ නොදන්නවා වන්නට බැහැ.
DeleteBBC වාර්තාව චිත්‍රපටිය බලන්න ,ඇයි දැන් UK වල වැඩියෙන්ම ඉස්ලාම් අගමැ වෙලන්දගන්නේ ,එයිනුත් ගෙහනුන් ඇයි .ගැහැණියට උවමනාවටත් වැඩ නිදහස තිබෙන රටක (නිරුවත්ව වුනත් පාරේ යා හැකියි)එම නිදහස එපා කියා ඉස්ලාම් ආගමෙහි ඇති නීති වලට කැමති වෙන්නේ .මෙය ප්‍රහලිකාවක් වූ BBC මදය ආයතනය ,නමින් මුස්ලිම් වූ නිරුපිකාවක් ලවා කරව ඇති අපක්ෂපාති වාර්තා චිරපටිය බලන්න,
Deletewww.youtube.com/watch?v=xq7khMFo5RA&feature=player_embedded
මුසල්මානු කාන්තාවන් හට ඇති නිදහස ගැන අපි මේ වීඩියෝව බලලම කතා කරමු?
Deletehttp://www.youtube.com/watch?v=ouNwX3-ucOg
සම්මත වාදී සුන්නි නිකායික කොල්ලකු සමග පෙමින් බැඳුණු වරදට ෂියා නිකායික කෙල්ලෙකු හට සලකන ආකාරය මේ. තව ගොඩක් දේ තිබෙනවා සහෝදරයා...
AnonymousMarch 28, 2013 at 9:30:00 AM GMT+05:30 සහ
DeleteAnonymousMarch 27, 2013 at 4:03:00 PM GMT+05:30 වෙත:
මේ සිද්ධිය ගැන ඔබ දරන මතය කුමක්දැයි කරුණාකර පවසන්න!
http://www.youtube.com/watch?v=gq4PFnl1S6Q
සහෝදර,මෙය ලියන මා සහෝදරියක් බව කීමට කැමෙත්තෙමි.අනාචාරයේ හැසිරීමට ඉස්ලාමයේ අනුමැතියක් නොමැත. අනාචාරයට ඉස්ලාමයේ නීති ඉතා තදය. අනාචාරයෙන් සිදුවෙන පලවිපාක විඳින්නට සිදුවන්නේද ස්ත්‍රීයකටය.එලෙසම මුස්ලිම් ජාතිකයෙක් කල දෙයකට ඉස්ලාමය මත වැරදි පැටවිම සාදාරණද?උදාහරණයක් ලෙස බෞද්ධ ජාතික පියෙක් තම දියණියව දූෂණය කලා හෝ අසරණ මහළු දෙමව්ප්යන් වැඩිහිටි නිවාස වලට යැවිමෙන් ආගම මත වරද පැටවිය හැකිද? වීඩියෝ නම් ඕනම කෙනෙකුට නිර්මාණය කළහැකි බව කවුරුත් දනිති.තවද ඔබ මෙම සංවාදය තර්ක කිරීමේ අදහසින් ගෙන යන්නෙ නම් එයටත් මට ආගමේ අනුමැතියක් නොමැත.
Deleteඅදහසට ස්තුතියි සොයුරිය! මා මේ සංවාදය තර්ක කිරීමේ අරමුණින් ගෙනයනවා නොවේ. එසේ විවාද කළාය කියා ඔබට හෝ මට වන සෙතක් නොමැත. අප කරන්නේ සංවාදයක් පමණි. එබැවින් නොබියව කරුණු දක්වන්න.
Deleteඅනාචාරයට ඉස්ලාමයේ ඇති දඬුවම් ඉතාම ම්ලේච්ඡ බව කණගාටුවෙන් වුවත් කියනු රිසියෙමි. ඒ මගේ කියවීමයි. එමෙන්ම බොහෝ විට ඒ දණ්ඩනයන්ට ලක් වන්නට සිදු වන්නේ කාන්තාවට මිස පිරිමියාට නොවන බවත්, ඔබ ඔය කියන ආකාරයේ සමානාත්මතාවක් එහිදී නැති බවත් (ඔබේ හිත රිදුණත්) ඉතාම පැහැදිළිව කියන්නට අවශ්‍යයි.
අනික අපේ විරෝධය මුසල්මානුවන්ට නොවේ. අන්තගාමීන්ට එරෙහිවය.
සහෝදර,ඔබ අන්තවාදී යැය් පවසන්නේ ආගමද මුස්ලිම්වරුන්ද?ඔබේ අදහස පැහැදිලි මදි
Deleteලිපිය එක හෙළා අනුමත කරමි..
ReplyDeleteජයෙන් .ජය. ..
ස්තුතියි! සුබ සහ ජය!
Deleteකවුරු මොන රෙද්දක් ඇන්ඳත් ගැලෙව්වත් මට නම් කමක් නැහැ. රෙදි අරන් දෙන්න මගේ මුදල් උදුරාගන්නෙ නැත්නම් සහ මගේ ගේ ඇතුලට රෙදි ඇඳන් හෝ රෙදි නැතිව එන්න දෙන නොදෙන අවසරය තීරණය කරන්න මට හැකියාව තියෙනවා නම්. :D
ReplyDeleteඅරුණි:
Delete1. //රෙදි අරන් දෙන්න මගේ මුදල් උදුරාගැනීම // මේකට කියන්නේ හලාල්. ඔන්න යන්තම් ඒ වාණිජ ත්‍රස්තවාදය නම් අහවරයි (ලු).
2. //මගේ ගේ ඇතුලට රෙදි ඇඳන් හෝ රෙදි නැතිව එන්න දෙන නොදෙන අවසරය තීරණය කරන්න මට බැරි වීම // මේකට කියන්නේ කොන්ද පණනැති බව. වෙනත් වචන වලින් කියන්නේ නම් ස්ත්‍රියට එරෙහිව ගොඩනගන්නා වූ ඒකපාර්ශවික සමාජයීය පීඩනය.
ප.ලි.: ලස්සන කොමෙන්ටුව!
Deleteමේ සතියේ කියවපු හොදම ලිපිය..ජය..සුභ..!!
ReplyDeleteස්තුතියි!
Deleteඑකඟයි. මුස්ලිම් සමාජය තුලින් පිපිරීම සිදුවනතුරු නොසිට බොබසේ වගේ අන්තගාමීන් මේකට මැදිහත්වීමෙන් සිදුවෙන්නෙ පරිවර්ථනය පරක්කු වීම සහ ඊට පක්ෂ වන්නන් වැඩිවීම.(තමුන්ගෙ ගෙදර මොන වැරදි තිබුනත් අල්ලපු ගෙදර මැදිහත්වීමකට එරෙහිවීම වගේ)
ReplyDeleteඅනිවාර්යයෙන්ම. සමාන්තර උදාහරණයක් ගේන්නම්: ශ්‍රී ලංකාවේ මොන විදියට මානව හිමිකම් කඩවුනත්, ඉන්දියාව මැද්දට පැනීමෙන් මොකද වුණේ? අන්න ඒ දේම තමා මුස්ල්මානු සමාජය තුළ වෙන්නෙත්.
Delete