logo banner

Saturday, May 18, 2013

වීරාතල් විනාශනය | Busting the Heroes



ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක් වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:

~~සටහන දමිත් කේතක ගෙනි.

1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - "යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි පොදු වචන සෙට් එකක් සෑම කමෙන්ටුවකදීම භාවිතා වනු ඇත....

2. සංවාදය ( කියලා අපි හිතාගෙන ඉන්න එක.... සැ.යු : අපිට මේක පේන්නෙ පුටුවක ඉඳගෙන කම්පියුටරයක ටයිප් කරනවා වගේ උනාට, උන්ට මේක පේන්නෙ අර හොලිවුඩ් ඉතිහාස ෆිල්ම් වල වගේ මහා සේනා දෙකක් මුහුණට මුහුණලා හැප්පෙන්න එන ත්‍රාස ජනක දර්ශණයක් හැටියට...) ආරම්භයේදී එකම දේ පුන, පුනා ඇසීම නිසා සහ ඌ කියන ගොන් කථා වලට ඔබට මළ පනී නම් කමෙන්ටු තුන හතරක් ඇතුළත් ඉක්මණින් ඔබේ කේන්තිය පිට කරගෙන දිග හුස්මක් ගන්න....

3. හදන්න පුලුවන්, හැදෙන්න ඩිංගිත්තක් හරි මොළයක් තියෙන එකෙක් දැයි පොඩ්ඩක් මුලින් ටෙස්ට් කර බලන්න.....ඒ සඳහා, "මේ විදියට ගියොත් මේ රටට අනාගතයේ සිදුවිය හැකි දේ මෙහෙමයි, ජාත්‍යන්තර වශයෙන් වෙන බලපෑම මෙහෙමයි, රට බෙදෙන්න තියෙන ඉඩ මෙහෙමයි" යනාදි වශයෙන් පොඩි පැහැදිලි කිරීමක් මුලින් කර බලන්න....එයට දක්වන ප්‍රතිචාරය පහත සඳහන් දෙවිදිය විය හැකිය...


ප්‍රතිචාරය :


අ ) " ඒක නම් ඇත්ත තමයි බං....ඒත් අපිට මේවා බල, බල වෙන මොනවද බං කරන්න කියන්නෙ..? "

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමට හැකි තත්වයක් තවමත් පවතී...ටිකක් උන්ගේ ලෙවල් එකට බැස කථා කර, ටික, ටික ඌ වළෙන් ගොඩ ගෙන අඳුරු යථාර්තය තේරුම් කර දීමට උත්සාහ කරන්න....

ආ ) " මුළු ලෝකෙම ආවත් අපිව පරද්දන්න බෑ යකෝ....තොපි නිවට හැත්ත බලා හිටපියව්....අපි සිංහයො යකෝ...අපිව පරද්දන්න ඇමරිකාවටවත් බෑ..."

නම් ඌ හෝ ඒකි ගොඩ ගැනීමේ කිසිදු හැකියාවක් නැත....එවැනි කේස් වලට දර්ශණය පැහැදිලි කර දීමට යාමෙන් හෝ, අනාගතය විස්තර කර දීමට යාමෙන් හැකි තාක් වළකින්න...

4. ඔබගේ පරීක්ෂණයට ලැබෙන ප්‍රතිචාරය ඉහත තුන්වන කමෙන්ටුවේ ( ආ ) අනුඛණ්ඩයට අයිති නම්, එතැන් සිට ඔබ තරහ නොගෙන වාදය ක්‍රමයෙන් ආතල් එකක් බවට පෙරළා ගන්න.... 

* විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණ - මුන් දවසේ වැඩ කොටස කරන්න කම්පියුටරය ඉස්සරහා වාඩි වෙන්නෙ, චතුරංගණී සේනාව පිරිවරා ගෙන රණමද්දව නම් වෙළඹ පිට නැඟී මාගම් පුරයෙන් නික්මෙන ගාමිණී මහරජු වගේ ෆීලිං එකකිනි....ඒක උන් ඉන්නා සිහිනයේ උච්ඡතම අවස්ථාවයි....කොම්පියුටරය මඟුල් කඩුව ලෙසත්, පුටුව අස්සයා ලෙසත් පෙනෙන අවස්ථාවකි..."ලයික් අ බොස්" ෆීලිං එක කියන්නෙ මේකටය....ඒ වෙලාවට කාමරයෙන් පිටත සිටින ලෝකයා තමා එන විට පාරෙන් කාණුවට පැන "ජය ශ්‍රී කුමරාණෙනි..!" කියනු ඇතැයි මුන් සිතයි....ඒ වෙලාවට චේන් ගන් එක සහ බුලට් මාලය දමාගෙන 1000 ක විතර හමුදාවකට නෙළන්නට හෙලිකොප්ටරයෙන් බහින රම්බෝ වගේය.....අඩු "සඟ සහ ඇඟ" පමණි... ( සමහර විට බැක් ග්‍රවුන්ඩ් එකෙන් ලේ නටන සින්දුවක් එහෙමත් දාගෙන වැඩේට බහිනවාද විය හැක...)

මෙවැනි වෙලාවට මුන්ගේ ඔලුවේ ඇති "අර ලොකුවයින් එක" නිසා බනින්න යෑමේ තේරුමක් නැත....ඒ වෙනුවට " සුදු පැටියා, උක්කුං පුතා, වස්තුව, බබෝ" වැනි වචන වලින් උන්ව ආමන්ත්‍රණය කරන්න.....ප්‍රතිඵල අත් දුටුවයි, සත්තයි...!....මවාගෙන ඉන්නා "ලොකුවයින් එක"ට එයින් සිදුවන හානිය නිසා ක්ෂණයකින් මළ පැන, මීටර් අවුල් වී, සර්කිට් ෂෝට් වී, වයර් බ්ලාස්ට් වී, මෙමරි කුඩු වී අමු තිත්ත කුණු හබ්බෙන් බැණ වැදීම අරඹනු ඇත....එතැන් සිට ඔබේ ආතල් එක සිත් සේ ගන්න....

7 comments:

  1. සාර්ථක සමික්ෂණයක්....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙවෙයි, සාර්ථක විශ්ලේෂණයක්.
      මමත් කුනුහරප අහන්න ආස හිතුනම ඕවගේ එකක් පටලවාගන්නවා.

      Delete
  2. හිනා වෙලා පන යනවා.... ඇත්තම ඇත්ත කතාව.
    මමත් ඕක සමහර වෙලාවට try කරලා බලනව. තමුන්ගේ හතර වටේ එල්ලගෙන ඉන්න සංකල්ප වලට පහර වැදුනම ඒ අය මාරු විකල්ලෙන් වගේ නටන්නේ.පැවැත්මක් හදාගන්න මොකක් හරි ගොඩකට වැටෙන එක වත් lable එකක් එල්ල ගන්න එකවත් නෙමෙයි කරන්න ඕන හදවතට එකගව හරි දේ කරන්නයි ඕන....

    ReplyDelete
  3. මම නම් බුකියට යන්නෙ නැති තරම්. පුදුම කලකිරීමක් ඇති වෙන්නේ.

    ReplyDelete
  4. මේ සියල්ල මට මග හැරිලා ගිහින් ...නියමයි...

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.