logo banner

Monday, August 5, 2013

වැලිවේරියේ සැඟවුණු මරණ | Untold Deaths at Weliweriya

රතුපස්වල කරන ලද අමානුෂික මර්දනයෙන් මියගිය පිරිස මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, ඒ සම්බන්ධව සත්‍ය දත්ත මේ වන තුරුත් පිට කර නොමැති බව වාර්තා වේ. මේ ඒ සම්බන්ධව අප වෙත එවන ලද පාඨක ඉ-ලිපියකින් සකසන ලද්දකි. ලිපියේ සියලු වගකීම එවනනා සතු අතර, කිසිදු හේතුවක් මත ඔහුගේ/ඇයගේ අනන්‍යතාව හෙළි නොකරන බව කරුණාවෙන් සළකන්න. 



වැලිවේරියේ සිදුකළ ජනමර්දනයේදී මියගියා යැයි සැළකෙන, එහෙත් මෙතෙක් ඒ බව මාධ්‍ය වලට දන්වා නොමැති තිදෙනෙක්ගේ විස්තර, ලියන්නා අපට දන්වා සිටී.

ඒ අය මෙසේය:

• නම: ශාන්ත දිනේෂ්
වයස: අවු 45 යි
ලිපිනය: 230/7, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 974/2013

හිසේ වම් පසට වෙඩි වැදී මොලයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පහර දීමෙන් වම් කණට ඉහලින් හිස් කබල පුපුරා ගොස් තිබේ.

• නම: සුනන්ද පෙරේරා
වයස: අවු. 37 යි
ලිපිනය: 1/58, ජයලත් නිවාස, වැලිවේරිය
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 983/2013

හිසට උල් ආයුධයකින් ඇණ ඇත. පහර දීමකින් දකුණු කණට පහලින් ඛෙල්ලේ නහරයක් විසන්ධි වී ඇත. හිසේ පිටුපසට එල්ල කළ පහර දීමක් හේතුවෙන් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත.

• නම: ඩී.ඩී. ජයවර්ධන
වයස: නොදනී
ලිපිනය: 75/1, විල්ගොල්ල, පෙතියාගොඩ, ගම්පහ.
අධිකරණ වෛද්‍ය පෝරම අංකය(ජී.එච්.ටී.අංකය) : 987/2013

ටෙලිකොම් සේවකයෙකි. වැඩ ඇරී පැමිණ දරුවාගේ බඩේ අමාරුවක් නිසා දෙහි ගෙඩියක් ගෙන ඒමට කඩයට ගොස් ඇත. යකඩ පොලූ පහරකින් හිස් මුදුනේ හිස් කබල බිඳී ගොස් මොළයට ලේ වහනය වීමෙන් මරණය සිදුව ඇත. පිටෙහි අඟල් 6 හමාරක පමණ පහර දීමකින් වූ බරපතල තැලීමක් ඇත.

ඉහත තිදෙනා ජීවතුන් අතර නැතත් දැනට දැඩි සත්කාර ඒකක වල සිටින බව පවසමින් ජනතාව මුලා කරමින් සිටින බව ලියන්නා අපට දැනුම් දෙයි. 

7 comments:

  1. සැත්තැම්බර් චන්දෙත් දීපියව් තොපි පියාට
    තව තව ලැබෙයි තොපිලට බඩ පුරාවට

    ReplyDelete
  2. ගහන්න මෙහෙයවපු එවුන්ගෙ මරණ වාර්ථාත් හැකි ඉක්මනින් මේ ලෙසම දකින්න ලැබේවා කියා පතනවා.... හරියට ප්‍රේමෙ පපඩම් උනා වගේ....

    ReplyDelete
  3. මේවා බලයි හුල්ලයි සති දෙකෙන් අමතකයි!

    ReplyDelete
    Replies
    1. තෝ ප්‍රභාකරන් ද බොල?
      අපට එහෙම ලේසියෙන් මේවා අමතක වෙන්නේ නෑ.

      Delete
  4. මේකම ඊ නිව්ස් එකෙත් තිබුනා..

    ReplyDelete
  5. ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේකටයි දරුවා.

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
    Replies
    1. නොදකින්.... මේක අස්සෙත් තමන්ගෙ බ්ලොග් එක මාකට් කරන්නෙ උඹ අමුම අමු අමනයෙක් වෙන්න ඕනි...

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.