logo banner

Tuesday, August 6, 2013

කො තොපේ වීරයෝ? | Where the Fuck are your Heroes?

සටහන: 
එළව එළවා පහරදීම අපේ පුරුද්ද නොවේ. එහෙත් පසුගිය කාලයේ අප හරිවැරැද්ද වෙනුවෙන් කතා කළ විට අපට ලැබුණේ අපේ මවුපියාණෝ මතක් කර බණින අන්තිම පාහර බැණුම් ද, අතොරක් නැති මරණ තර්ජන කල්ලි තර්ජන හා මැර තර්ජන ද, පමණි.

එදා අප හඳුන්වන්න ට මේ හුජ්-ජාතිවාදියෝ පාවිච්චි කළ වචන සෙට් එකක් තිබේ. ඒවායින් සුලබම සෙට් එක මෙන්න මෙසේ දක්වතොත්, 


සර්වාගමික පූට්ටු කාරයෝ!
දේශද්‍රෝහියෝ!
නිරාගමිකයෝ!
බල්ලෝ!
අවජාතිකවාදියෝ!
මේ රටේ පවට උපන්න හැත්ත!
තම්බින්ට පුක දෙන්නෝ!

මේ ලැයිස්තුව අහවර කරන්නට වෙනම ම ලිපියක් ලීව යුතුය. එහෙයින් මේ අවලාද නවත්වා අපි වර්තමානයට ආ යුතුය. වර්තමානයේ අර වෙඩි කෑ අසරණයින් වෙනුවෙන් ගිණිතියාගන්නට නොවේ, පාරට බැස හඬක් නගන්නවත් ඉතිරි වුණේ කවුද? බොදු බල සේනාවද? සිංහල රාවයද? රාවණා බලයද? මොකාද? 

ඇත්ත කතාව වන්නේ මේ මොන පරයෙක් වත් අර වෙඩි කාපු උන් වෙනුවෙන් කතා කරන්නට ආවේ නැත යන්නයි. හරක් මැරිල්ලට එරෙහිව චීවරය පිටින් ගිණි තියාගන්නා රටේ කැසිනෝකාර මුදලාලි කෙනෙකුගේ පැට්ටේරියකිං ගලන වතුර ටික විස වී පාරට බැස්ස පවට බල්ලන් බළලුන් සේ වෙඩි  තබා මරාදමන ලද අහිංසක පරාන වෙනුවෙන් කතා කරන්නේ ඒ සර්වාගමික පූට්ටු කාරයෝ ය. ඒ දේශද්‍රෝහියෝ ය. ඒ නිරාගමිකයෝ ය. ඒ බල්ලෝ ය. ඒ අවජාතිකවාදියෝ ය. මේ රටේ පවට උපන්න හැත්ත ය. තම්බින්ට පුක දෙන්නෝ ය. 

කොටිම්ම වෙනදාට දවසට එක ගණනේ පිටු ගණන් ලියන සමහරක් අති දැවැන්ත බ්ලොග්කාරයෝ පවා අද නිහඬ ය. බොහෝ දෙනා ඒ ගැන විවේචන මුඛයෙන් කතා කළත් අප නම් කියන්නේ එය විවේචනය නොකළ යුතුය යන්නයි. මන්ද, ඒ නිහැඬියාවම මහා හයියෙන් කෑගසා හඬන බැවිණි. රටේ මහ එව්වෝ ම කට පිරෙන්නට කටට ඇරගෙන ඉන්නා විට අනිත් එව්වෝ ගැන කවර කතා ද? මේ එක පරයෙක් වත් කටක් අරින්නේ නැත්තේ උන්ට කට පිරෙන්නටම ශුක්‍ර ධාතුව පොවා ඇති බැවිණි.


Photo Credits to partyrehab


ඒ නිසා දැන් එළැඹ ඇත්තේ අපේ වාරයයි. මේ කරන්නේ මිනී බෙදාගන්නට සණ්ඩු සරුවල් කිරීම නොව, ඇත්ත ඇති සැටියෙන් කියා දීම ය. මේ වෙලාව කට කාටත් ඊනියා ජාත්‍යාතල් එකෙන් අන්ධව තිබු ඇස්දෙකට පොඩි එළි කරුවලක් වැටෙන මොහොතකි. එසේ හෙයින් මේ ලද අවස්ථාවේ දී වත් මේ ටික කිව යුතුමය.

මේ පහතින් දැක්වෙන්නේ වත්පොත හරහා පළවූ එවැනි අදහස් කීපයකි.


මතං නානසාරේ මේ ටිකේ උඹෑ කොහේ ගියෑද? මං හිතං උන්නේ අපහු ඔබා අයියා බලන්ඩ ගෙහුං කියලා. උඹෑ සද්ද බද්ද නොකර උන්නු අල්ල පනල්ලේ අපේ වීරෝදාර මුර දෙයියොන්ටයි හිංගල බහුද්ද ජහමනයාටයි අඟහරු ලෝකෙන් මෙහෙට්ට කඩාපැනපු කුරුමිට්ටෝ දහ පාළොස් දෙනෙක් හරියට අරියාදු කොරලා. මේ පාර වෘෂභ දෙයියොන්ට නෙවෙයි අපේ... අපේ.... ලේ තියෙන අපේ උන්ට යකෝ. තොපිට අපිට අත්පුඩි ගහපු උන්ට යකෝ.

නාථ දෙයියොන්ට ම ඔප්පු වෙච්චාවේ.... පස්සෙනේ දන්නේ උඹෑත් ලේෆ්ට් රයිට් ඩිශුම් ඩිශුම් ඩොන් පටෝන් පුරුදු වෙලා තරු හුඟාරියක් තීන පුටුවක ඉඳගත්ත කියල. දැන් ඉතිං හම්බයොන්ට දෙතෑකී................................
ආනන්ද තෙන්නකෝන්


හරක් මස් කඩ ගිණි තියන්න පන්දම් විලක්කු තියාගෙන පහුගිය දවස් වල ගිය බොදු බල සේනාවේ පාහරයන්ට ඔය විලක්කු පන්දම් අරන් ගිහින් වැලිවේරියේ මිනිසුන්ට වස දෙන ෆැක්ට්‍රියට ගිණි තියන්න බැරි බිජ්ජ කොර වෙලාද ?

වෝල් පෝස්ට් වලින් සිංහ නාදය දාපු පගර හැත්තට මේ පේන විනාශයට අකුරක් ලියන්න බැරි උඹලාගේ ඇගිලි වණ වෙලාද ?
කැළුම් විජේවර්ධන


වෙනදට "අවජාතික වාදියො, අවජාතකයො, බටහිර දැනුමෙන් ඔලුව කුරුවල් කර ගත්තු පඬියො, පුස්සො, කට පාඩම් උගත්තු, ජාතියක් ජම්මයක් නැති එවුන්, දේශ ද්‍රෝහියො, ජාති ද්‍රෝහියො, පර ගැත්තො, බටහිර කුක්කො, සමාජවාදි පරයො, පශ්චාත් නූතන වාදි බල්ලො, බටහිර නූතනවාදි හිපියො" කියලා තොපෙන් කුණු බැණුම් අහගත්තු පිරිසක් ඉන්නව නේද...?... අන්තිමට තොපි උඩ දාගෙන දඟලන එවුන් තොපිට බල්ලන්ට වගේ වෙඩි තියලා දැම්මට පස්සෙ කට අඬකින් වත් තොපි වෙනුවෙන් කෑ ගහන්න ඉතිරි වුනේ උන් ටික විතරයි නේද...? 

කෝ දැන් තොපි වෙනුවෙන්ය කියලා හන්දියක් හන්දියක් ගානේ බිහිවෙච්ච අටෝරාසියක් "ජාතික සංවිධාන" ... ???? ... "අහවල් එක රැකීමේ බළකාය, අහවල් සේනාව, අහවල් බලවේගය, අහවල් සිංහයො, අහවල් අසිපත, අහවල් දුන්න, අහවල් හෙල්ලය, අහවල් පර්ෂදය "... කෝ දැන් ඒවා...?... එක්කෝ උන් කටයි අනිත් කොණයි වහගෙන ගම් කාපු රිලව් වගේ ඉන්නවා...නැත්තන් උන් තොපිට වෙඩි තියලා දාන්න අණ දීපු උන්ගෙ පැත්ත අරගෙන වෙඩි තියපු එක සාධාරණීකරණය කරලා, වැරැද්ද තොපෙයි කියන්න හදනවා නේද...?... අඩු ගානේ හරක් වෙනුවෙන් දක්වපු උනන්දුව සහ අනුකම්පාව වත් වතුර ටිකක් ඉල්ලපු එකට වෙඩි කාපු තොපි වගේම අහිංසකයො වෙනුවෙන් දැක්වුවද?... 

දැන් තේරෙනවද පර සුද්දගෙ සංකල්ප කියලා හංවඩු ගහලා තියෙන , මේ "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය නිදහස, නූතන අයිතිවාසිකම්, කම්කරු අයිතීන්" වගේ දේවල් තියෙන ඕන ඇයි කියලා...?... දැන් තේරෙනවද ඒවා වෙනුවෙන් කෑ ගහන එවුන් බැණුම් අහගෙන හරි ඒක කරන්න ඕන ඇයි කියලා...?... 

බටහිර නීතිය, බටහිර සම්ප්‍රදාය, බටහිරින් ආපු මානුෂිය අයිතිවාසිකම්, මේ සේරටම පයින් ගහලා වරෙව් යන්න අපේ අතීතයේ මුල් හොයාගෙන කියලා නිතර දෙවේලෙ තොපිට අඬ ගහන, යෝජනා කරන උන් අද කොහෙද ඉන්නෙ...?.. උන් ඉන්නෙ එක්කො කට පුක වහගෙන, නැත්නම් තොපිට වෙඩි තියපු උන්ගෙ පැත්තෙ.... ආතල්ද...?... 

දැන් තේරෙනවද තොපිට උන් "වරෙල්ලා අපේ කම හොයාගෙන යන්න" කියලා අඬ ගහන්නෙ මොන වගේ ලෝකෙකට යන්නද කියලා...?...දැන් තේරෙනවද තොපිට ඔය ජාතික ව්‍යාපාර කියලා, ජාතිකත්වය යළි පුනරුදයක් කරන්න කියලා, අටවගෙන ඉන්න ඒවයේ එවුන් "මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන්" කියන ඒවා බටහිර සංකල්ප කියලා ඒවට පයින් ගහන්න තොපිට පුරුදු කරන්නෙ ඇයි කියලා...?... 

" බටහිරින් ආවත්, මොන තූත්තු කුඩියෙන් ආවත් මේ තරම් යාන්තම් හෙවණැල්ලක් වගේ හරි ඉතිරි වෙලා තියෙන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබඳ නීති එහෙම නැත්තටම නැති වෙලා ගිය දාට තොපිට පහළ වෙන ප්‍රෞඪ අතීත ස්වර්ග රාජ්‍යයේ සයිස් එක ගැන දැන්වත් අවබෝධ වෙනවද...? ... දැන් තේරෙනවද බටහිරින් ස්වාධීන වෙනවය කියලා ඒවාට ලෝස් නැතුව පයින් ගහලා දැම්මාම වාසිය කාටද කියලා...? .. 

දැන් තේරෙනවද නඩු නැති, මරණ වරෙන්තු තියා අඩුම ගානේ මැරුණු එවුන්ගෙ මළ මිනී වත් නැති සමාජ ක්‍රමයකට හුරේ දාන එක මොන තරම් භයානකද කියලා...?.. .. බාගෙට රාජාණ්ඩුවක් වෙච්ච රටක ජීවත් වෙනකොට, දැන් උඹලට වැටහෙනවද අතීතයේ තිබුණු රාජාණ්ඩු, ඔය ඊනියා "අපේ ආණ්ඩු ක්‍රම, අපේ ක්‍රමවේදයන්, අපේ නීතිය, අපේ නඩු විසඳන ක්‍රම" එහෙම ආයෙ ආවොත් කොහොම සොමියක් තියෙයිද කියලා.... ?.... ඕන වෙලාවක රජ දරුවන්ට, නිළමෙලට, මුළාදෑනිලට, මොහොට්ටාලලට, රාජ පුරුසයන්ට ඕනම දෙයක් කරන්න ඉඩ ලැබිච්ච අතීතය මොන වගේ වෙන්න ඇත්ද කියලා දැන් පේනවද...? 

දැන් තේරෙනවද සරල ක්‍රම වලින් ප්‍රශ්ණ විසඳනවා කියලා කාට උනත් ලේසියෙන් තුවක්කු පත්තු කරන්න ආශිර්වාද කරන එක මොන තරම් භයානක දෙයක්ද කියලා... ?
දමිත් කේතක

19 comments:

  1. ඔය එක එක සේනා කියල ජනතාව මුලාකලාට,ඒ සේනා එලියට බහින්නෙ මහතැනින් කියන ඒවාට විතරනෙ.

    ReplyDelete
    Replies
    1. රියර් ගේට් එකේ කුජීත උනා නේද? කරාබු සීන් එකක් ගැන කතාකරන්න ගිහිල්ලා....... ඔය දේශ ප්‍රේමියොත් ඔයවගේම තමයි..... කොච්චර උඩ පැන්නත් රියල් කේස් එකක දී බොක්කෙ තියන දඩ මස් එලියට එනවා....

      Delete
    2. KARABU DANA KOLLAN HATA ADARE KIREEMA KAKATA PAMANAK AITHI BAWA SALAKANNA.

      Delete
    3. පොඩි වචනයක් මංගච්ච වෙච්ච හුරාට ඇයි මෙච්චර කෙලිඤනෙ මන්ද,
      දැන්වත් පොඩි අප්පොල ස්ටොප් පොජ්ජක් කොරෝනවද මේ හුරාට අම්ම අප්පො හිස් මුදුනට නගින්න කලියොන්.

      Delete
    4. AMMA, APPA, KAKKA, CHOO WANI DE GANA LIYANNATA AWASARA ATHTHE KAKATA PAMANI.

      Delete
  2. ජාතිකත්වය .... මෑණියන්ගේ වස්ත්‍රය තමා පිංවත

    ReplyDelete
  3. /කොටිම්ම වෙනදාට දවසට එක ගණනේ පිටු ගණන් ලියන සමහරක් අති දැවැන්ත බ්ලොග්කාරයෝ පවා අද නිහඬ ය. බොහෝ දෙනා ඒ ගැන විවේචන මුඛයෙන් කතා කළත් අප නම් කියන්නේ එය විවේචනය නොකළ යුතුය යන්නයි. මන්ද, ඒ නිහැඬියාවම මහා හයියෙන් කෑගසා හඬන බැවිණි. රටේ මහ එව්වෝ ම කට පිරෙන්නට කටට ඇරගෙන ඉන්නා විට අනිත් එව්වෝ ගැන කවර කතා ද? මේ එක පරයෙක් වත් කටක් අරින්නේ නැත්තේ උන්ට කට පිරෙන්නටම ශුක්‍ර ධාතුව පොවා ඇති බැවිණි./

    එන්න එපා අපේ මාරයියට හින්ට් ගහන්න!

    ReplyDelete
    Replies
    1. KAKKA, CHOO, SHUKRA WANI WACHANA PAWICHCHIYA NARAKA WADAKI. MEETA KAKKA.

      Delete
  4. //අඩු ගානේ හරක් වෙනුවෙන් දක්වපු උනන්දුව සහ අනුකම්පාව වත් වතුර ටිකක් ඉල්ලපු එකට වෙඩි කාපු තොපි වගේම අහිංසකයො වෙනුවෙන් දැක්වුවද?... //

    එහෙම කියන්න එපා ආයිබෝවං. හරක් කියන්නෙ සම්මානනීය පුරවැසියන් කොටහක්.

    ReplyDelete
  5. උන් පිස්සෝ කියලා කිව්වම අපිව මරාගෙන කන්න ආපු උන්ගේ අද කටේ පිට්ටු. අත් බ්ලොක් වෙලා. බ්ලොග් හිරවෙලා. ඔතන තව කස්ටියක් ඉන්නවා උඹට අමතක වෙච්ච. ඒ තමා දෙමලගේ මානව හිමිකම් ගැන කතා කරන සිවිල් පොරවල්. උන්ට සිංහලයා කියන්නේ මානවයෙක් නෙමෙයි.

    ReplyDelete
  6. ඕක තමයි එදා ප්‍රභාකරන් කිව්වේ සිංහලයට ඔක්කොම සති දෙකෙන් අමතක වෙනවා කියලා. දැන් මෙතනකපුවාගේ පුතා නෙවෙයි කපුවාම දෙයියන්ගේ ඔලුව උඩම රීලා. හැබැයි කපුවාගේ පුක ලේවකන්නෝ තමන්ගේ කටින් තමන්ගේම පුක විකාගෙන සද්ද නැතුව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ම්හු .... තේරුම් ගන්ඩ ම බෑ .. මං මාර කට්ටක් කැවා විචාරක තුමාගේ මේ සික්රට් මැසේජ් එක " ඩිකොඩ් " කොරන්ඩ කොහෙද..... බෑනේ

      Delete
    2. මම කියන්නේ මේකයි සමීර, එදා රතුපස්වල තුන්දෙනෙක් නෙවෙයි රතුපස්වල මිනිස්සු ඔක්කොම මැරුණත් දවස් දෙකක් තුනක් කෑගහනවා. කවුරුහරි හොර තක්කඩි ඇමෑත්තයෙක් ඇවිල්ලා සල්ලි ටිකක් දීලා වන්දි ගෙව්වා කිව්වම ඔක්කොම අමතකයි. ඊළඟට ඒ හොර තක්කඩින්ටමයි ආයෙත් ඡන්දේ දෙන්නේ. මිනිස්සුන්ට කරපු වින්නැහිය අමතක කරනවා. කියමනක් තියනවනේ කපුවාගේ පුතා දේවාලේ ඇතුලේ පැහැරුවාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ නීතිය රකින අයගේ ගෝලයන් අතින් සුළු වැරැද්දක් වුනාට කමක් නැහැ කියලා. නමුත් මෙතන හමුදාව අතින්ම මහා බරපතල වැරැද්දක් වෙලා. හමුදාවට අණදෙන ලොකුම තැන තමයි වැරැද්ද තියෙන්නේ. ඒ කියන්නේ කපුවාම දේවාලේ පහරලා. දෙයියන්ගේ (මහජනතාවගේ. මහජනතාව අතේ තමයි පරමාධිපත්‍ය බලය තිබෙන්නේ)ඔලුව උඩ. ඒවා දැක දැකත්, දැන දැනත්, ඔය රජයේ සට්ටඹීයෝ,සද්ද නැතුව ඉන්නවා.

      Delete
  7. මෙව්වා ගැන ඉතින් අපි උබලා බුකියේ ලියපු කොටපු එකක් විතරයි " ජාතික " කියන පුවත්පත්වල ඉන්න නපුන්සක වාහෙලට මේ කොල්ලෝ මරපු එකට වඩා ලොකු සිනි බෝල කේස් ඕනි තරම් එව්වයේ දාන්න . එපි සයිබරයේ දාපු විස්තරයක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ ... තව ටික කලකින් මේකත් අමතක වෙලා ගියාම සංවේදී මහා එකයි උගේ අනික් එවුන් ටිකයි තව කොහේ හරි වැලිවෙරියක් හදන කන් මේ රටේ ඉන්න උන්ට අශ්චර්යේ චුන් එක හප හපා උන්න හැකි ........

    ReplyDelete
  8. හරක් මැරිල්ලට ජීවිත පූජා කරා යැයි තප්පුලපු මීහරක් සේනාවේ එක ගොබ්බයෙකුට බැරි උනා මේ ජීවිත පූජාව ගැන කටක් අරින්න.මී හරක් හොඳයි බන් උන් අඩුම ගානේ කුඹුරකටවත් බහිනවා.

    ReplyDelete
  9. jathiwadaya,agamwadaya olu gedi walata dala minissunge olu hiriwattala thiyenne me wage dewal kisi karadarayak nathuwa karaganna thamai..man bauddayek..e darshane piliganna kenek..eth agamwadiyekwath,jathi wadiyekwath nemei..niyama bauddayata e wage anthagamee wenna baha kawadawath...apita baninawa agamak dahamak nathi un,deshadrohiyo kiyala....eth mehema hari wachanayak katha karanna ithuru une api wage drohiyo thamai..api drohiyo thamai..e me raajyata nemei...dushakayanta,kudukarayanta,mankollakarayanta...

    ReplyDelete
  10. මේ දෑතින් බෝධිය නහවා බැතින
    පැතුවේ එදා ඔබෙ ජිවිත රැක දෙන්න
    වතුර බිඳක් ඉල්ලූ වරදට බොන්න
    කැඩුවේ ඒ අතයි සෙබළුනි දැනගන්න

    උතුරෙදි නුඹට ලේ ඕනෑ කිවුව දිනේ
    මෙවැනිම උනන්දුවෙනුයි අපි එකතු වුනේ
    සෙබළුනි තවත් කොහොමද මෙය ඉවසන්නේ
    ඒ ලේ වලින්මයි රතු පස අද වැහුනේ

    මිතුරන් වූ අපට මේ ලෙස සලකන්ට
    සිත් දැඩි වුනානම් කීකරු වී අණට
    නුඹ එදිරිව ගිය හැටි සතුරන් ගමට
    බෑ සඟවන්ට තව නම් එය ලෝකයට

    මිලියන එකසිය පනහ යූ.එස්.ඩොලර් වලින්
    දුන්නයි උගන්ඩාවට අපි සෙනේ සිතින්
    පිරිසිදු ජලය සපයන්නට ඒ මුදලින්
    එහෙ වැඩ කරති, මෙහෙ අප මරති තූ නොදකින්

    මේ මැයි මසත් සිහි කෙරුවා වීර දිනේ
    පින් පැමිණුවා සිහි කල දිවි පිදුවන්නේ
    'අපි වෙනුවෙන් අපි'කියලයි එකතුවුනේ
    දැන් අපෙ පැත්තටයි රයිෆල හැරවෙන්නේ
    -දීපාල්-

    ReplyDelete
  11. මම ඇනෝ එන්නම්.මම බටහිර විරෝධී බ්ලොග් එකක කරන කෙනෙක්.අතීතයේ මුල් හොයා ගෙන ගියොත් නවතින්න වෙන්නෙ කොතනද කියන එක නම් ගැඹුරින් සොයා බලන්න ඕන.සමහරු ඇමරිකාව පරද්දල චීනෙ උඩට එනවනම් කැමතියි.නමුත් ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යාන්තර ප්‍රජාව නොසිටියනම් අපි වගෙ රටවල ම්නිස්සු බල්ලො බලල්ලු වගෙ මරල දානව.ඒව සාධාරණීකරනය කරන්න එක එක බයිල ගහන්නෙ මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරමින්.චීන කියන්නෙ මැරුව මදි කියල.චීඑනෙ ඔහොම දෙයක් වුනා නම් දෙතුන් දාහක් මරල.වැඩවසම්වාදය සරණැ යනකොට අපි අද භුක්ති විදින සියල්ල ඒ වෙනුවෙන් කැප කරන්න ලෑස්තිද යන්න දෙවරක් හිතන්න ඕන

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.