logo banner

Sunday, October 27, 2013

සිංහ-අලියා මරා මස්කළෙමි | How I Butchered the Sinha-Ali

මුලින්ම මේ "සිංහ-අලියා" කවුදැයි කියා යුතුය. සිංහ-අලි යනු බ්ලොග් අඩවියකි. මෙවැනි අමුතුම නමකින් මේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යනු ලබන්නේ "ප්‍රියන්ත ඇබේ" නමින් බුකියේ පෙනී සිටින එක්තරා මන්ද මානසිකයකු විසිනි.

පසු සටහන: Anonymous One Orig නමින් බ්ලොග් ලෝකයේ පෙනී සිටින්නේ ද මේ අමනයා ම බව සහෘදයෙක් අපට දන්වා සිටියි. 

සිංහ-අලි ප්‍රියන්ත ඇබේ මහතා සිය බුකියේ යොදා ඇති ඡායාරූපය

සාමාන්‍යයෙන් ආතල් එකක් ගන්නට දිනපතා බුකි සංවාද වලට ගොඩ වැදුණත්, මෙවැනි ආතල් සංවාදයක් මින්පෙර කිසිදා මා දැක නැති බව සහසුද්දෙන්ම කිව යුතුය. මන්ද යත් පිස්සෙක්, සිය පිස්සුව සාධාරණීකරණය කරගනු පිණිස කරන උප්පරවැට්ටි එකින් එක ලෙහා දමා උගේ පිස්සුව හෙළි කිරීමද එක්තරා ආතල් එකක් ම වන හෙයිනි. එහෙත් පාට රෙදි හත්පට එතු ගොක්කොළ ගිරවකු ලෙහා බලා ඇතුළත කිසිත් නොදක්නා දරුවකු සෙයින් බලාපොරොත්තු කඩවීමකට මෙහිදී මා නම් ලක් වුයේ නැත: මන්ද අපේ සිංහ-අලි මහතා දිගින් දිගටම ආතල් දෙන්නට සැදී පැහැදී සිටි නිසා ය.

අපේ ඇබේ මහතා අපූරු තියරියක් ගෙන ඒයි. එනම් "මුසල්මානු" යන්න තැනී ඇත්තේ "මූසල්-මෙන්" යන ඉංග්‍රීසි වචනයෙන් ලු. ඒක හැදුනේ මූසල යන සිංහල වචනයෙන් ලු. මෙන්න ඔහුගේම වචන:



මේවාට හිනා වෙන්නට ඕනෑන්නේ කටෙන් නම් නොවන බව කාට වුණත් සක්සුදක් සේ පැහැදිලි ය. කෙසේ වෙතත් අපේ සිංහ-අලි මහත්මා ගේ දැනුම පිණිස, අපි ඇත්තටම මුසල්මානු යන වචනය හැදුණු හැටි ලියා දැක්වීමු. 

ඕනෑම භාෂාවක ශබ්ද මූල තිබේ. අරාබි භාෂාවේ ඇත්තේ ත්‍රියක්ෂර මූල (tri-letter roots) ය.  දැන් අපි උදාහරණයක් සැලකුවොත් K-T-B ("ලිවීම") කියන එකම මූලයෙන්, KiTaB / කිතාබ් ("පොත"), KaTaBa / කතාබා ("ඔහු ලීවේය"), KiTaBat / කිතාබාත් ("ලිවීම / ලේඛනය") taKTiB / තක්තීබ් ("ලියන්නට ඉගැන්වීම") ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ. 

SLM යනු තවත් එවැනි මූලයක් වේ. එහි අර්ථය වෙන්නේ "සම්පූර්ණ වෙනවා" යන්නයි. ඔය එකම මූලයෙන් ඉස්ලාම්, මුස්ලිම්, මුසාලීම්, ඉස්ලාමී, ඉස්ලිම්, ඉසාලීම් ආදී වචන ශ්‍රේණියක් නිර්මාණය වේ. ඒ මිසක් මෙතැන ඔය "මූසල" කතාවක් ලොවෙත් ගෑවිලාවත් ඇත්තේ නැත. මූසල යනු ද සකුවෙන් "මූශල" යන්නයි. හරිනම් "මූසල" යනු පිරිසිදු සිංහල වදනක් වත් නොවන්නේ ය. 

අදාළ වචනය ගැන අන්තර්ජාතික අරාබි-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට ය.
The word muslim (Arabic: مسلم, IPA: [ˈmʊslɪm]; English /ˈmʌzlɨm/, /ˈmʊzlɨm/, /ˈmʊslɨm/ or moslem /ˈmɒzləm/, /ˈmɒsləm/[19]) is the participle of the same verb of which islām is the infinitive, based on the triliteral S-L-M "to be whole, intact".[20][21] A female adherent is a muslima (Arabic: مسلمة). The plural form in Arabic is muslimūn (مسلمون), and its feminine equivalent is muslimāt (مسلمات). The Arabic form muslimun is the stem IV participle[22] of the triliteral S-L-M

නොදන්න පයන්නවල් අතගාන්න ගෙහුං රෙද්දේ රෙවාගන්නවා කියන්නේ මෙව්වට ය!

භාෂාවන් අතර වචන හුවමාරු නොවන්නේ යැයි අපි නොකියමු. සංස්කෘත මාතෘ, පිතෘ, දුහිතෘ යන වචන තුනම එලෙසින්ම, mater, pater, daughter ආදී වශයෙන් අදටද රෝමානික භාෂා වල දක්නට ලැබේ. අමතරව, අරාබියෙන් වෙනත් උදාහරණ ලෙස,

අරාබි "al-kuhl" > ඉංග්‍රීසි "alcohol"
සකු "ඉභ" (ඇතා) > අරාබි "al-ib" > සිංහල "අලියා" (මූලාශ්‍රය JRP සූරියප්පෙරුම)

ද දැක්විය හැකිය.

මූශල යන්න සකු වදනකි. එයත්, ආරාබික "මුස්ලිම්" යන්නත් අතර මොනම මළ කෙහෙල්මල් සම්බන්ධයක් හෝ නැත. තිබුණා නම් සොයා නොගෙන ඉන්නේ ද නැත. එසේ කියන්නේ ඇයි?

බාබෙල් කුළුණ (Tower of Babel) නමින් බයිබලයේ එන පුරාවෘතයක් ඇත. ඉන් කියැවෙන්නේ, මුලින් එකම භාෂාවක් කතා කළ ජනතාව, පසුව භාෂා ගණනාවකට බෙදී වෙන ගිය බවක්. එනිසා, ඔය කියන "සියලු භාෂාවන්ගේ මාතෘ භාෂාව" සෙවීම, බටහිර දේවධර්මවාදීන්ගේ ලොකුම ඉලක්කයක් වී තිබිණි. හොයාගෙන හොයාගෙන ඇවිත් ඔවුන් නැවතුණේ සංස්කෘතයේ ය. සංස්කෘත භාෂාවේ අඩුම ගණනේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. එකක් Classical Sanskrit හෙවත් සම්භාව්‍ය සංස්කෘත ය. අනික Vedic Sanskrit හෙවත් වෛදික සංස්කෘත ය. මෙන්න මේ වෛදික සංස්කෘත බස ය, අදට ජීවත්ව ඇති ඉන්දු ආර්ය භාෂාවලින්, ප්‍රාථමිකම සහ පැරැණිම එක ලෙස ගැනෙන්නේ.

ඒ නිසා මුස්ලිම් යන වචනයට සකු මූලයක් තිබ්බා නම්, බටහිර දේවධර්මවාදීන් ඕක හෝද හෝද මඩේ දමමින් පට්ට ගහනවා මිසක් හංගාගෙන ඉන්නට හේතුවක් නැත.

කෙසේ වෙතත් අපේ "සිංහ-අලියා" හට නම් තවත් ආතල් නිමක් නැත. මෙන්න ඔහුගේ පිළිතුර.


අපි මේ පච වට්ටෝරුවත් සලකා බලමු.

1. මුශල යන වචනයට "හතරවන දරුවා" යන තේරුමක් ලොවෙත් නැත. මෙකී ප්‍රියන්ත නම් වූ ඇබයා මෙන් නොව අප නම් කතා කරන්නේ මූලාශ්‍ර සහිතව ය. සාමාන්‍යයෙන් සකුබස පිළිබඳව ලොව පිළිගත් ඉහළම ශබ්දකෝෂය වන මොනියර් විලියම්ස් ශබ්දකෝෂයේ, මුශල යන්නට අරුත් දැක්වෙන්නේ මෙසේ ය.

අදාළ ඡායාරූපය කුඩා නම් ඒ මත ක්ලික් කිරීමෙන් විශාලිත පිටපතක් ලබාගත හැකිය. 

මේ අනුව "මුශල" යනු වෙන මොකක්වත් නොව, මොල්ගසක් බව පෙනේ. වී කොටන්නට ගන්නා වී නංඩුව හෙවත් මුසින්නට ය, මුශල කියන්නේ. හැබැයි අපේ සිංහ අලියා වැනි "මෝල්" ගසකට නම් ඒ නම වඩාත්ම ගැළපේ.

2. Mosul නගරයට ඒ නම ආවේ කෙසේද? Mosul යනු මුස්ලිම් යන වචනයත් සමග මොනම සම්බන්ධයක් වත් ඇති වදනක් නොවේ. එහි තේරුම වෙන්නේ සංධිස්ථානය ["The City (that) Connects"] යන්නයි.

ක්‍රි.ව. අටවන ශතවර්ෂයේ දී මොසූල් නගරය උමයියාඩ් රජ පෙළපත යටතේ මෙසපොතේමියාවේ අගනගරය වුණාට පසුව, ඔතැන සිට ලෝකයේ හැම අස්සකට මුල්ලකටම වෙළෙඳ මාර්ග ව්‍යාප්ත විය. අන්න ඒ නිසාය, ඊට "සංධිස්ථාන" නගරය යන නම ලැබුණේ. නැත්නම් එහි මුල නම වෙන්නේ al-Faiha ("දිව්‍යලෝකය") නැත්නම් al-Khaḍrah ("හරිත නගරය") යන්නයි. ඒ මිසක් මුස්ලිම් වෙච්ච නිසා මොසූල් කියා නමක් නම් කොහෙන්වත් ආවේ නැත. ලෝක ඉතිහාසය ගැන මෙලෝ මළදානයක් නොදන්නා අමන ගොබ්බයෙක් රටෙත් ඉන්නට බැරිව පළාගොස්, ඉන්න තැනකට වෙලා කරන ජොබ් කට්ටක් කරගෙන නොයිඳ අර්ථ නිරුක්ති දෙන්නට ගියාම මෙවැනි අනාගැනීම් සිද්ද වීම ස්වාභාවික ය.

3. තමිල් නාඩු යනු දෙමළ භූමිය යන අරුත් දෙයි. ඔවුන් සහ මුසල්මානුවන් අතර මොනම ආකාරයක වත් පෙළපත් සබඳතාවක් නැත. තමිල්නාඩුවේ ඉන්න දෙමළු මේ ටික දැක්කා නම් (උදා: "එළාරත් මූසලයෙක්") ඔස්ට්‍රේලියාවට ගොස් මේ ගොබ්බයා ගල් ගසා මරාදමනු ඇත.

දියසේන විකුණන් කෑම


ඊළඟට, අවසාන වශයෙන් අපේ ගොබ්බ මහතා සිය බ්ලොග් පඩංගුවේ මෙන්න මෙහෙම ලිපියක් ලියා තිබේ. ඔහු සිය කරුණු කාරණා වලට දෙන්නේ මෙන්න මේ මූලාශ්‍රය ය.

අවවාදයයි! බඩේ කෑම තියාගෙන මේ ලිපිය කියවීම වමනයට ඒමට හේතුවක් විය හැකිය. ගෙදර පොඩි බබාලා වෙත්නම් මෙය කියවන්නට එපා. හැකිනම් තනිව කියවන්න. නැත්නම් ඔබේ සිනාවට බය වී බබ්බු ඇහැරීම හෝ, සිනාව නවත්වා ගැනීමට නොහැකි වීම නිසා ඔබ පිස්සෙක් යැයි සිතා ඔබව මානසික රෝහලක නැවත්වීමට ඉඩ තිබේ. 

1. ලිපිය ලියන්නා මෙසේ කියයි. 

//වර්ෂය ඇරඹෙන දිනයන් ගේ වෙනස, මේ මාතෘකාව යටතේ ඇති දත්ත විග්‍රහ කිරීමට අවබෝධ කර ගත යුතු ය. මේ ලිපිය ලියන්නේ ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අනුව 2013 පෙබරවාරි (02) මුල දිනයක දීය. අපි සියලු දෙනාම 2013 වසරට පා තබා ඇතැයි සිතමු. එහෙත් ග්‍රේගරියන් වර්ෂ ක්‍රමයට අණුරූප වූ සිංහල (මනු වර්ෂ අතහැර ග්‍රේගරියන් වර්ෂයට අණුරූප වසර එම ගණනින් ම ගත් විට) වසර, එනම් සිංහල වසර 2013 ලබන්නේ ලබන අප්‍රේල් 12-13 දින දී ය. මේ ලියන දින වකවානුව අයත් වසර වනුයේ සිංහල වසර 2012 ය. එසේ නම් ආදි සිංහලයන් කී දෙයක් පරිවර්තනය කර, අණුරූප වසර 2013 අප්‍රේල් මස පහ (05) දින සිදු වේ යයි කීවේ නම්, අප එම දිනය කියන්නේ තව මාස දෙකකින් (02) එන අප්‍රේල් පහ (05) ලෙස ගත හොත්, සැබැවින් ම අප කතා කරන්නේ අණුරූප සිංහල වසර 2012 දී වන දෙයක් නොවේ ද? //

සරලව කියන්නේ නම්, මේ කියන්නේ ග්‍රෙගෝරියන් වර්ෂ 2013 ට අනුරූප වන සිංහල වර්ෂය සොයන්න කියා ය. එනම්, දියසෙන් කුමරු උපදින්නේ ඔහු උපදිනවා යැයි කී 1959 අප්‍රේල් 05 දින උදේ 06.06 (එනම් මධ්‍ය සුර්යෝදයාදී පැය 00.00) ට නොව, ඊට අනුරූප "සිංහල" දිනයට ලු. එනම්, (ඔහු කියන විදියට) "1958 අප්‍රේල් මස පහ දින උදේ 06.06" ඉපදුන කෙනෙක් ලු සෙවිය යුත්තේ.

හිනා යන්නට පටන් ගන්නේ දැන් ය. එනම්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය වනාහි ටිකෙන් ටික ""පස්සට"" යන කැලැන්ඩරයක් මිස, ශකරාජ වර්ෂමානය මෙන් ටිකෙන් ටික ""ඉස්සරහට"" යන වර්ෂ ක්‍රමයක් නොවීමයි. ඒ කියන්නේ දෙනලද ඕනෑම මොහොතක, ශකරාජ වර්ෂය නිවරදි සූර්යමානය අනුව ගියත්, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය එන්නේ ඊට "පසුපසින්" මිසක "ඉදිරියෙන්" නොවීමයි. (වතාවක් ඔහොම දින පස්සට යාම නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ දින 11ක් කපා ඉවත්කොට, හරිගස්සා තිබේ. [Thursday, 4 October 1582 was followed by Friday, 15 October 1582, with ten days "missing". ]. එනිසා ඔය කතාව හරිම කියා කීවත්, එහෙනම් අදාළ "සිංහල" දිනය වන්නේ 1960 අප්‍රේල් 05 මිස, 1959 අප්‍රේල් 05 නොවේ.

2. ගණන් හදල මහන්සි නම් මෙන්න මේ ටික බලල හිනා වෙන්න පුළුවනි. 

//අද දියසේන යන නම භාවිතයේ නැත්තේ නූතන වචන රටාව වෙනස් වීම නිසාය. ආදි කල, දියසේන යනු දිය දෙන කෙනා යයි අරුත් ගති. එකල දිය යයි කී දෑ සුළු දිය මගින් තහවුරු වේ. ඒ අනුව, දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැක. මෙහි දී අදහස් වනුයේ පියා (තාත්තා) යයි කීම ය. පියා යන වදන දිය යන්නෙන් බිහි වූ බව පෙනේ. කලින් ලිපියක තාත්තා යන වචනය ගැන කීවෙමි. එසේම දිය යයි වතුරට ද කියවේ. එකල වතුර ජීවිතයත්, ගින්න මරණයත් සනිටුහන් කලේ, කැළෑ ජීවිතයේ දී ජීවිතය රැකෙන්නේ වතුර ලැබුනොත් පමණි. එසේ නම් දියසේන යනු වතුර සොයාදෙන කෙනා හෙවත් ජීවිතය දෙන කෙනා යයි කිව හැක. අද ද මාතර පෙදෙසේ පියසේන (පියා+කෙනා) සිංහල ගම්වල බහුලව යොදන පිරිමි නමකි. වචන ව්‍යාප්ති විදි අනුව ආදි සිංහලයන් කී දියසේන සෙවිය යුත්තේ එම නමින් නොව එහි නූතන වදන වන පියසේන යෙදීමෙනි.//

දියසේන යන වචනය එන්නේ කොතනින්ද යන්නවත් මේ ලියන්නා නොදනී. ඔය වචනය එන්නේ පැරකුම්බා සිරිතෙනි. එනම්

"ගියකල දෙදහස් පන්සීය.. රජෙක් එතැයි දිය නා" යන්නෙනි.

එනම්, මෙහි අරුත වන්නේ මේ කවියට අදාළ සංවාදය කෙරෙන දිනයේ සිට ඉදිරියට වසර 2500ක් ගතවූ තැන ලෝක නායක රජෙක් එන්නේය කියා ය. දිය යනු ජගත් යන්නෙන් බිඳුනකි. දියනා යන්නෙහි අරුත වන්නේ ලෝක නායක යන්නයි. (අවශ්‍ය නම් වතුර නාගෙන යන අර්ථය ද පහසුවෙන්ම ගන්නට තිබිණි). ඔය වචනය දියසේන කළෝ නම් ටීකාචාරීහු ය. එනම් "ලෝකයම එක සේනාවකට ගන්නෝ ය" යන අරුතිනි. දෙකම එකම අරුතය. දුර්බුද්ධික ජනයා වනාහි මෙය හුදෙක් සංඥා නාමයක් ලෙස වරදවා ගෙන, දියසේන නමින් ඇත්තටම රජෙක් වන්නේ ය කියා සිතීම ස්වභාවිකය.

එහෙත් දියසේන, පියසේන කළ ආකාරය දුටුවිට මා අන්දමන්ද වී ගිය බව අමුතුවෙන් කිවයුතු නැත. එසේම ඔහු කියන ආකාරයට, //දිය යනු අද වහරෙන් ශුක්‍ර ධාතු ලෙස ගත හැකි// නම් වැරදිලාවත් මේ මනුස්සයාගේ ගෙදරට ගිය එකෙක් "දිය පොදක්" ඉල්ලුවොත් වෙන්නේ හරිම හත්වලාමකි!

3. උඩ කී බ්ලොග ලියන්නා ගේ භූගර්භ විද්‍යා දැනුම අප විස්මයෙන් අමන්දානන්දයට පත්කරයි. මෙන්න ඔහුගේම වචනයෙන්.

//ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. තම සුපුරුදු අමනකම ලොවට හඬ ගා කියන ආචාරියන් තිදෙනකු එය ගිණිකොණ දෙස ඇති වූ තිරස් තල ගමනක ප්‍රථිඵලයක් යයි කීහ. එහෙත් පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ ඒ නිසා යයි කීම විහිළුවකි. එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? බොහෝ අසිරිමත් දෑ වන බව දැන දැන නොකියා සිටීමට සිදුවේ. මේවා අද්භූත දෑ ද නොවේ. අප එම සිදුවීම දියසේනයන් තමන් කවුදැයි දැන ගැනීමට සැකය දුරලීමට කල දෙයකැයි කියමු. මීට වසර කිහිපයකට පෙර සිංහල රට ලොකු කර ජනගහණය මිලියන හාර සියය දක්වා වැඩි කිරීම අවශ්‍ය යයි කී කතාවට පසු, ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ. අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//

පළමුව මේ සිද්ධියේ ඇත්ත නැත්ත විමසමු. ලිපිය ලියා ඇත්තේ 2013 පෙබරවාරි මස 08 වන ශනිදා ය. ඒ කියන්නේ මොහු කතාකරන සිංහල අවුරුද්ද වනාහි 2012 වසරේ සිංහල අවුරුද්ද විය යුතුය. මා ළඟ 2012 ලිත නොතිබූනත්, සුළු වෙහෙසකින් පසුව 2012 අලුත් අවුරුද්ද ලැබූ දිනය සහ වෙලාව සොයා ගතිමි. ඒ, 2012 අප්‍රේල් මස 13 වන සිකුරාදා අපර භාග 07.20ට ය. (මූලාශ්‍ර දී තිබේ).

දැන් ඇත්තේ ඔය කියන දිනයට, ලංකාවට දැනුණු යම් භූ චලනයක් වේදැයි සෙවීමය. එයද එතරම් අපහසු කරුණක් නොවී ය. ඒ අනුව 2012 වසරේ අප්‍රේල් මාසයටම ලෝකයේ රික්ටර් පරිමාණය 3.0 ට වඩා විශාල (එනම් යම්තමින් හෝ මිනිසුන්ට දැනෙන) භූකම්පන සිදු වී ඇත්තේ 9ක් පමණි. [මූලාශ්‍රය World Earthquakes Live]

  • April 28 TONGA 1
  • April 21 INDONESIA 1
  • April 17 CHILE 1
  • April 17 PAPUA NEW GUINEA 1
  • April 14 VANUATU 1
  • April 12 CALIFORNIA 1
  • April 11 SUMATRA 2
  • April 11 MEXICO 1

මින් අප්‍රේල් 13 ආසන්න ඒවා පමණක් ගනිමු. එසේනම් ඊට අයත් වන්නේ අප්‍රේල් 11-12-14 දිනවල සිදු වූ ඒවා පමණි. අප්‍රේල් 11 මෙක්සිකෝවේ එකවත්, අප්‍රේල් 12 දින කැලිෆෝනියාවේ එකවත් අප්‍රේල් 14 දින වනවාටු වල එකවත් ලංකාවට දැනෙන්නට විදියක් නැත. එහෙනම් මේ කියන්නේ අප්‍රේල් 11 සුමාත්‍රා හි භූ කම්පනයයි.

ඊළඟට අපි ඒ ගැන සොයා බලමු. 

2012 අප්‍රේල් 11 දින සුමාත්‍රාහි භූ කම්පන දෙකක් සිදුව ඇත. ඒ දෙක, රික්ටර් පරිමාන 8.2 හා 8.6 වන ප්‍රබල ඒවා වේ. මේ දෙකම සිදුව ඇත්තේ පොළොවට කිලෝමීටර් 22.9ක් පහළිනි. එය ලංකාවට දනී ඇත්තේ එදිනම පස්වරු 2.8.38 ට ය. [Wednesday, April 11, 2012 at 02:08:38 PM - Delhi, Bombay, Calcutta]. මෙන්න එහි වාර්තාව.

//At least 2 people killed, 8 others died from heart attacks and 12 injured in Aceh. Felt in much of Sumatra and Java. Felt widely in South and Southeast Asia, including Bangladesh, Brunei, Burma, India, Maldives, Sri Lanka, Thailand and Vietnam. Felt as far as Pune, India and Broome, Australia. A 31-cm tsunami was recorded at Meulaboh, Indonesia.//

දැන් අපි Abe ගේ පච වට්ටෝරුව බලමු. 

1. //ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. // ටොම් පචයකි. අවුරුද්ද ලැබුවේ අප්‍රේල් 13 සිකුරාදා අපරභාග 07.20 ටය. ඔය භූ කම්පන දෙකම ඇතිවුණේ අප්‍රේල් 11 දින, එනම් සිංහල අවුරුද්දට දින දෙකකට පෙර ය. ඒවා ලංකාවට දැනුණේ අප්‍රේල් 11 දින පස්වරු 2:08 ටය.

2. //පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ // මෙහෙම කතාවක් කොහෙවත් කියා නැත. අප්‍රේල් 11න් පසුව ආපහු ඊළඟ භූ චලනය ඇතිවුණේ අප්‍රේල් 12 කැලිෆෝනියාවේ දී ය. ඕකෙ මොනම රටාවක් හෝ ඇත්දැයි කෙනෙකුට සිතියමක් ගෙන අදාළ භූකම්පන ඇතිවූ තැන්වලට තිත් ටිකක් තියා බලන්නට පිළිවනි.

3. //එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? // ඇත්ත වශයෙන්ම එසේ විය. මේ මුග්ධයා මේ ලියන්නේ ඔය කිසිවක් දැනගෙන නොවේ.

අවසාන වශයෙන් හොඳම විහිලුව,

4. //ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ.//

මිනිස්සු 10 දෙනෙක් මරාගෙන ඇතිවූ අපූරු සුබලකුණක් මා මේ අහනවාමද කොහෙද! හැබැයි සුබ නිමිති බැලීම බුදු දහමට අනුව නම් මිථ්‍යාවකි.

භූකම්පාවෙන් මළ මිනිස්සු වෙනුවෙන් හඬන අම්මලා තාත්තලා, දරුවන්ගේ සෝදුක් හඬින් දියසෙනට ආසිරි පතන, මල්වැසි වස්සන අප ලේඛක තෙම, ඊළඟට මෙහෙම කියන්නේ ය.

//අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.//

තිලොවට තිලක වූ අමා මෑණි බුදු පියාණන් වහන්ස! මේ ලේඛකයා හමුවේ ඔබේ දෙසුම් සියල්ල බොරුවී යන්නේ යැ!!

ප්‍රතාපවත් සිංහල පරපුරේ උරුමක්කාරයා යැයි (තමන්ම) කියාගන්නා ප්‍රියන්ත ඇබේ නම් වූ සිංහ-අලියාණෙනි, හැකිනම් මේවාට පිළිතුරු දෙන්න! 

57 comments:

  1. ඉතින් හරිනේ මිනිහා කියන විදිහට දියසේන කියන්නේ --රියෙකි , අද පහල වුනා කියන දියසේනලාත් ,ඔය පහළ වෙන්නට ඉන්නා දියසේනලාත් අමුම අමු --රියන්ය. මිනිසුන්ට සරණක් නැතිවූදාට මෙවැනි මන්ස්ගාත් විශ්වාස කරමින් මනෝ ලෝක තුල මානසික ස්වයං වින්දනයක් ලබනවා විනා වෙන කල හැකි දේකුත් නොමැත.

    ReplyDelete
    Replies
    1. මුගේ පොරටෝක්ස් ටික බලන්න වෙනම නිවාඩුවක් දාල බ්ලොග් එකට යන්ඩ ඕනේ ඉවාන්.. මම හිනාවෙන සද්දේ අහල අපේ පූසා දැන් දවල් ඉඳන් ගෙට එන්නේ නෑ බයේ හැංගිලා..

      කිව්වත් වගේ මේ වගේ ශුක්‍රාණුවන්ට තමන්ගේ ස්වයං වින්දනයේම සුරතාන්තයට පත්වෙන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඕනෙත් නෑ: හැබැයි මුන් ඒ ආතල් එක ගන්නවා නෙමෙයි, අනුන්ට ගොන් ආතල් bo කරන්න යනවා. අන්න එතනයි අවුල.

      Delete
    2. //භූකම්පාවෙන් මළ මිනිස්සු වෙනුවෙන් හඬන අම්මලා තාත්තලා, දරුවන්ගේ සෝදුක් හඬින් දියසෙනට ආසිරි පතන, මල්වැසි වස්සන අප ලේඛක තෙම, ඊළඟට මෙහෙම කියන්නේ ය.// - එකෙක් මලේ නෑ සුනඛයෝ. කියවපිය මම අලවපු ලංකාදීප ප්‍රවෘත්තිය. තෝ වගේ අසමජ්ජාති බල්ලෙක් මම දැක්කමයි. උඹට මදි නම් කියපන්.

      Delete
    3. // //ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ.// - තෝ මම LCN වල 2010 දි විතර කියපු අනාවැකිය බලපිය. එදා මම සිංහල ජනගහණය මිලියන 400 ක් කරනවා කිව්වා. රට මදි නම් ලොකු කරනවා කීවා. උඹලගේ උගත්තු උඩපැන පැන කිව්වා ලංකාවට භූ අනතුරු නෑ කියල. බලං හිටපිය. දැන් උන් මොනවද කියන්නෙ.

      Delete
  2. උඹටත් පිස්සු මේ මැට්ටෝ එක්ක වාද කොරනවට

    ReplyDelete
    Replies
    1. මැට්ටෝ එක්ක වාද කිරීමෙන් පලක් නැති බව මමත් පිළිගන්නවා.. නමුත් මේවට කවරෙක් හෝ පිළිතුරු නොදුන්නොත් වෙන්නේ, මේ මතවාද හරියි කියල සංස්ථාපිත වෙන එක.

      Delete
    2. මේ සක්කිලිය කියන කෙප්ප විශ්වාස කරනඋඹටත් පිස්සු.

      Delete
    3. //නමුත් මේවට කවරෙක් හෝ පිළිතුරු නොදුන්නොත් වෙන්නේ, මේ මතවාද හරියි කියල සංස්ථාපිත වෙන එක. // - අනේ හුකේ උඹ බොරු කරයි. බලං හිටපිය මම තොට කරන දේ.

      Delete
    4. දැන් ඔය නාකි බබා මට මොනාද කරන්නේ බබෝ? :)

      Delete
  3. මාරයා එතැන එකෙක්ව නිරුවත් කරලා මෙතැන තව එකෙක්ව නිරුවත් කොරලා..

    ReplyDelete
    Replies
    1. මෙතුමාගේ නම් නිරුවත් කළාට පේන්ඩ තරම් දෙයක් තිබ්බෙත් නෑ (අන්වීක්ෂයකින් බැලුවොත් ඇරෙන්ඩ).. හැකිනම් මාරයාගේ සබැඳියත් පළකරන්න, නලීන්.

      Delete
    2. // අදාළ වචනය ගැන අන්තර්ජාතික අරාබි-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට ය.

      The word muslim (Arabic: مسلم, IPA: [ˈmʊslɪm];
      English /ˈmʌzlɨm/, /ˈmʊzlɨm/, /ˈmʊslɨm/ or moslem /
      ˈmɒzləm/, /ˈmɒsləm/[19]) is the participle of the same
      verb of which islām is the infinitive, based on the
      triliteral S-L-M "to be whole, intact".[20][21] A
      female adherent is a muslima (Arabic: مسلمة). The
      plural form in Arabic is muslimūn (مسلمون), and its
      feminine equivalent is muslimāt (مسلمات). The Arabic
      form muslimun is the stem IV participle[22] of the
      triliteral S-L-M// -

      නොදන්න පයන්නවල් අතගාන්න ගෙහුං රෙද්දේ රෙවාගන්නවා කියන්නේ මෙව්වට ය!මේ බූරුවා මා
      ඉංග්‍රීසියෙන් කී Moosleman බලන්නේ අරාබි භාෂා ශබ්දකෝෂයේ අරාබි වචනයක් ලෙස ය. එයත් හරියට Ceylon කිව්වම සිංහල ශබ්දකෝෂයේ "සිලෝන්" යයි වචනයක් සොයා නෑ කීම වගෙයි.

      මුගේ සක්කිලි දෙමළකමට මා කී දේ කියා නැත. මේක මේ ලබ්බ බලන උරුළෑවන්ට තේරේ දැයි නොදනිමි. ඒත් මෙන්න ඇත්ත.

      අරාබි වචනය Musaliya . සිංහල වචනය මූසලයා. ඒකේ තේරුම මුගේ කොලෙන්ම බලාගන්න පුළුවන්. වචන එක වගේ ද ?

      Note: මම හිතුවේ නලියට මොළේ කළඳක් ඇත කියලයි.මුගේ බොරුවලට මම උත්තර දීපුව FB එකේ ඇත.

      Delete
    3. //ගිය වසරේ සිංහල අවුරුදු උදාව සමඟ යම් සුවිශේෂ භූමි කම්පනයක් ඇති විය. තම සුපුරුදු අමනකම ලොවට හඬ ගා කියන ආචාරියන් තිදෙනකු එය ගිණිකොණ දෙස ඇති වූ තිරස් තල ගමනක ප්‍රථිඵලයක් යයි කීහ. එහෙත් පැය 24ක් තුල රටාවකට සියලු භූ විවර කම්නය වූයේ ඒ නිසා යයි කීම විහිළුවකි. එසේ නම් සුනාමිය උදා කල මහා කම්පාව දෙරණ කෑලි වලට කැඩිය යුතු නොවේ ද? බොහෝ අසිරිමත් දෑ වන බව දැන දැන නොකියා සිටීමට සිදුවේ. මේවා අද්භූත දෑ ද නොවේ. අප එම සිදුවීම දියසේනයන් තමන් කවුදැයි දැන ගැනීමට සැකය දුරලීමට කල දෙයකැයි කියමු. මීට වසර කිහිපයකට පෙර සිංහල රට ලොකු කර ජනගහණය මිලියන හාර සියය දක්වා වැඩි කිරීම අවශ්‍ය යයි කී කතාවට පසු, ගිණිකොණ දෙස ඇති වූ පැළීම සුභ ලකුණක් සේ පෙනේ. අප මිථ්‍යාවන් යයි බැහැර කරන දේ මගින් කියන්නේ අපේ නොදැනුම මිස වෙන යමක් නොවේ.// -

      මේකෙ ලගින බල්ලන්ට ඇත්ත තිත්ත ය. මෙන්න නාසා එක කී කෙප්පය.

      "මිහිකත යළිත් හෙල්ලෙයි lankadeepa 14042012.htm

      මිහිකත යළිත් හෙල්ලෙයි.
      2012 අපේ‍්‍රල් මස 13 21:19:35 | සජිව විජේවීර

      අද රාත්‍රී නමයට අවසන් වූ විසිහතර පැයේදී ලෝකයේ සියලු භූතල මායිම්වල භූමිකම්පා සිදුවූ බව ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය කියයි. රිච්ටර් මාපකයේ අගය හතර ඉක්මවූ භූමිකම්පා 30 කින් 15 ක්ම සුමාත්‍රා අසළ මුහුදේ සිදුව ඇත. උතුරු ඉන්දියාවේ රිච්ටර් මාපක 4.3 ක හා චීනයේ රිච්ටර් මාපක 4.5 ක භූමිකම්පාවක් සිදුව ඇත. ජපානය හා ඒ අවට භූම්කම්පා පහක් සිදුව ඇති අතර රිච්ටර මාපකයේ 5.0, 5.6 සහ 5.7 අගයන් වලින් යුතු භූමිකම්පා තුනක් ඒ අතර වේ."

      රෝල් කරල ගහගනිල්ලා.

      සක්කිලි බූරුවනේ සුනාමියේදී වත් මෙච්චර දේ වුනා ද? තොපි මීට කලින් මෙවැනි දේ වෙනවා කියල අහලා නැද්ද?

      Delete
    4. //රෝල් කරල ගහගනිල්ලා.// - නියම කතාව. කෙහෙල් ගහේ හොට පැටලේ. අපිත් උගෙ කොල්ලො. බලාගමුකො.

      Delete
    5. මේ ලියන ලේඛකයා වතාවක් පිස්සන්කොටු යන වචනයට දැඩිව විරෝධය පළකළ අයෙකි. එහෙත් දැන් පේන්න ඇති දේවල් අනුව එහෙම තැන් තිබුනාට වරදක් නැත.

      1. මුලින්ම කිවයුත්තේ මුස්ලිම් යනු ආරාබික වචනයක් මිස ඉන්දු-ආර්ය පවුලේ වචනයක් නොවන බවයි. ඉංග්‍රීසි අකුරෙන් "Moosleman" කියා ටයිප් කළාට, එහෙම වචනයක් Oxford, Cambridge හෝ Webster වැනි ලොව පිළිගත් මොනම ශබ්දකෝෂයක වත් නැත.

      මේ යකා කිව්වේ මුස්ලිම් යන්න හැදෙන්නේ මූසල යන වචනයෙන් බවකි. මූසල යන්න සිංහල වදනක් නොවේ. මූසල යනු සංස්කෘත මුශල යන්නෙන් බිඳගත් තද්භව වදනකි. අප මුශල යන්නට අරුත් දක්වා ඇත. අරුත් දුන්නේ ද එසේ මෙසේ ශබ්දකෝෂයකින් නොව, සංස්කෘතය පිලිබඳ ලොව අංක එකේ ශබ්ද කෝෂය වන මොනියර් විලියම්ස් ශබ්දකෝෂය ඇසුරිනි. එහි දක්වා ඇත්තේ "මුශල" යනු මෝල්ගහට කියන නමක් බවයි.

      අපරාදෙ කියන්නට බෑ ඒ නම නම් අපේ ඇබයා මහතාට ගැළපේ. මන්ද ඌ නොම්මර එකේ "මෝල්" ගහක් නිසාය.

      හැකිනම් ලොව පවතින මොනයම් ම හෝ පිළිගත් ශබ්ද කෝෂයකින්, මූසල යන්නෙන් මුසල්මානු යන්න හැදුණු බව පෙන්වන මෙන් අපි මේ ගොනාට කීප විටක්ම අභියෝග කර ඇත. අදටත් ඌ තප්පුලමින් ගොම්පස් දමනවා මිසක අභියෝගය බාරගෙන නැත.

      Delete
    6. ඊළඟට:
      2. මේ ගොන් අලියා (සොරි, සිංහ අලියා) නොදන්නවාට, ලෝකය පුරා විසිහතර පැයේම භූ-කම්පන ඕනෑතරම් සිද්ධ වේ. ඕක මහා මැජික් එකක් නොවේ. බොහෝ භූ කම්පන අපට දැනෙන්නේ වත් නැති ඒවා ය. ඒවා සටහන් වන්නේ seismograph හෙවත් භූ-කම්පා මාපක වල පමණි. භූ-කම්පන ඇතිවන්නේ භූ-තැටි එකටෙක ගැටීම සහ ඇතිල්ලීම නිසා ය. ලෝකයේ ඇති සියලු භූ-තැටි, ඊට යටින් ඇති මැග්මා හෙවත් ලෝදිය ස්තරය මත නිරන්තර පාවෙමින් චලිතයේ යෙදෙමින් පවතී. එනිසා කිසිම භූ-තැටියක් කවදාවත් විනාඩි කීපයකට වඩා කම්පා නොවී පවතින්නේ නැත.

      මේ යකා නාසා ආයතනය ගැන දන්නා දෙයක් ද නැත. එසේම නාසා ආයතනය සහ ඇමරිකාවේ භූ විද්‍යා පර්යේෂණ ආයතනය අතර වෙනසවත් දන්නේ නැත. රික්ටර් පරිමාණය ගැන මෙලෝ ලබ්බක් දන්නේ නැත. සුනාමියේ දී වත් මෙච්චර දේවල් වුණාද කියා නැත්නම් අහන්නේ නැත.

      බුද්ධිමත් පාඨකයන් ගේ දැනුම පිණිස, රික්ටර් පරිමාණය ගැන වචනයක් කියමු: රික්ටර් පරිමාණය යනු, භූ-කම්පාවක් මගින් නිදහස් වන සඵල චාලක ශක්තිය මනින මිම්මකි. භූ-කම්පනයක දී භූ තැටියක් චලනය වන දුර වැඩිවත්ම, ඉන් නිදහස්වන ශක්තිය වැඩි වේ. රික්ටර් අගය යනු, භූ කම්පනයක දී භූ තැටියේ චලනය මයික්‍රොමීටර් වලින් මැනපුවාම ලැබෙන අගයේ ලඝුගණකයයි.

      එනම්, තේරෙන සිංහලෙන් කියන්නේ නම් රික්ටර් 1.0 ට වඩා 2.0 දහගුණයක් ප්‍රබල ය. 2.0 ට වඩා 3.0 දහගුණයක් ප්‍රබල ය. මේ ආදී වශයෙන් ය, එය වැඩි වන්නේ. සුනාමියේ රික්ටර් මාපන අගය 9.0 කි. මේ යකා මේ කියන සුමාත්‍රා භූ-චලන වලින් ඉහළම එක ද, 5.7 කි. එනම් එය සුනාමියට වඩා සිය ගුණයකට ද වඩා දුබල එකකි.

      "සක්කිලි බූරුවනේ සුනාමියේදී වත් මෙච්චර දේ වුනා ද?" කියා අපෙන් අහන අමන ගොබ්බයන් හට දැන් ඉතිං අපට ද පෙරළා කියන්නට ඇත්තේ රෝල් කරලා ගහගනින් තොගේ භූ-කම්පනය කියා පමණි.

      Delete
  4. මචන් මම මුලින් හිතුවේ මේ පොරත් මී ජයේ කරා වගේ වැඩක් කරනවා කියලා..මම බැරිම තැන ඇහුවා " ඔයා මේ කරන්නේ උපහාසයක් නේද " කියලා.. මූ මට දුන්නේ නැද්ද හෙන න්‍යෂ්ඨික ටෝක් එකක්..

    මම හා මචන් කියලා ආවා...

    ( අහ්හ්හ්හ් තව දෙයක් ..කමෙන්ට් වලට රිප්ලයි කරපන්..එතකොටයි සංවාද ඇති වෙන්නේ.. අයියෝ ඕවත් කමෙන්ට්ද ..අපි රිප්ලයි කරන්නේ එහෙමත් කමෙන්ට් එහෙකට විතරයි කියලා හිතන්න එපා )

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහන්.. රිප්ලයි කරන්න කමෙන්ට්ස් බර ගාණක් තියෙනවා පරණ පෝස්ට් වලත්.. ඒත් ඇත්තටම වෙලාවක් නැහැ. මේ ලියන්නේ මාසෙක නිහැඬියාවකට පස්සේ.. මේ හරහා සංවාදයක් ඇතිවෙනවා නම් තමයි මේ වගේ පිස්සු මතවාද සේදිලා ඉවත් වෙන්නේ.. ඒත් ඒ වෙනුවෙන්ම වියදම් කරන්න කෝ අපිට කාලයක්?

      Delete
  5. රෙදි ගලවන කාලේ ආයෙත් උදා වෙලා වගේ !

    ලොල් !

    @සහන් - යකෝ මූ හා මචං කියල ඇවිල්ලා, කමෙන්ට් වලට රිප්ලයි කරන්නලු. ඇයි බොල දුන්නෙ නැත්තෙ දුවන්න??

    ReplyDelete
    Replies
    1. අනිවා සෑම්! ආයෙම පටන්ගත්තා ලියන්න.. මේ වටයේ අල්ලගන්නේ මේ වගේ පුහු මාන්නයෙන් යුතුව පට්ටපල් පච වට්ටෝරු දෙසන පචෝරිස්ලාව..

      Delete
    2. ඌ දුවනවා තියා එක අඩියක් ඉස්සරහට තියන්නේ නැහැ මචන් .. අන්තිමට මම ආවා .:(

      Delete
    3. අන්න ඒ යකා අද ආයෙම මා එක්ක ඇරගන්න (මගෙන් ඇරගන්න) ඇවිල්ලා.. මම කිව්වා පුළුවන් නම් තමුන් දියසේන නම් මාව පැය 48න් මරල දාපං කො බලන්න කියල..

      Delete
    4. මේ හොර නමින් ලියන Chameera Dedduwage රෙදි අඳින්නේ නැත.

      //මම කිව්වා පුළුවන් නම් තමුන් දියසේන නම් මාව පැය 48න් මරල දාපං කො බලන්න කියල.. // උඹට මතකයි නේ ද මම දුන් උත්තරේ. ඕං නංපචං බෑ හරි ද?

      Delete
    5. චමීර නම් තාම ජීවත් වෙනවා නාකි බබෝ.. ඔයා කෝ?

      Delete
    6. ඌ කිව්ව දේ උඹට තේරෙන කොට පරක්කු වැඩියි.

      Delete
    7. මුලින්ම කියන්නට ඇත්තේ, මෙහි පුද්ගලික නම් ගම් වලින් කරන මඩගැහිලි වලට ඉඩක් නොදෙන බවයි. අපේ ලේඛකයන් කවරෙක්වත් "හොර නම් වලින්" ලියන්නේ නැත. චමීර මහතා තහනම් සංසදයේ ආරම්භක සාමාජිකයෙක් බව රහසක් නොවේ. එහෙත් මේ බ්ලොගය තුළ, යමෙක් අපව විවේචනය කරන්නේ නම්, හෝ යමෙක් අපට යම් ප්‍රශංසාවක් කරන්නේ නම්, එය සාමූහික වගකීම යටතේ, තහනම් වචන යන කණ්ඩායමට ම එල්ල කරනවා මිසක තනි තනිව එල්ල කිරීමට ඉඩ ලබා නොදෙන බව තරයේ අවධාරණය කරමි.

      මේ ටික කීවාට, චමීර මහතා ඉතාම හොඳින් ජීවත් වන බව අපේ ආරංචි මාර්ග දන්වා සිටී. ඔහුට පුස් තර්ජන කරන අමන ගොබ්බයන්ට, සිය තර්ජන කොළ කැබැල්ලක ලියා තදින් රෝල්කර ගුද මාර්ගයේ ඇතුළට වන්නට ඔබා ගන්නා ලෙස ඉල්ලා සිටින්නැයි ඔහු අපට SMS පණිවුඩයක් මගින් අද දහවල් දන්වා සිටි බව ද, ගොබ්බ ඇබයා ගේ දැනුම පිණිස සටහන් කරන්නෙමු.

      තාමත් අභියෝගය විවෘත බැවින්, නංපචං නොගා පොන්නයෙක් නොවේ නම් පුළුවන් එකෙකුට, පුළුවන් හානියක් තමන්ට කරන ලෙසද චමීර සහෘදයා කියා සිටියි. පොන්නයන්ට බය නැති බවද ඔහු අවධාරණය කළ බව, මෙහි සඳහන් කළ යුතුමය.

      Delete
  6. මේ දවස්වල වර්චුවල් පිස්සු වැඩි වෙන කාලයක්ද කියලා ජෝතිගෙන් ඇහුව නං හොඳයි වගේ... හි හි...

    ReplyDelete
    Replies
    1. ඔය පිස්සුව ටික ටික වැඩිවෙලා විශාඛා පාගමන කාලෙ උත්කෘෂ්ට ලෙවල් එකට ඇවිල්ල නෙව තිබ්බෙ.. බැහැල ගිහිල්ල දැන් ආයෙම වැඩිවෙලා.. පෝය කවද්ද හිරු? :)

      Delete
    2. මූට දිව දෙකයි. වෙලාවකට බුද්ධ. අනෙක් වෙලාවට ජේසුස්. සක්කිලි ගතිය.

      Delete
    3. තමුන්නැහැ ඉතිං නිර්වාණයත් ප්‍රතික්ෂේප කරන ජාතියේ පොන්නයෙක් නේ ද?

      Delete
  7. ඔය ෆේස්බුක් එකේ ඔහොම පි‍ස්සො ඉන්නවා. මට මතකයි එකෙක් කියල තිබුන ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය ලංකාව නිසා ඒකෙන් ලංකාව උතුම් රටක් බව ඔප්පු වෙනවය කියලා. එතකොට හඳ පොළවට වඩා උතුම් ඇති බොන්න වතුර තියා හුස්ම ගන්න ඔක්සිජන්වත් නැති වුනාට.
    එතකොට තව එකෙක් කියල තිබුන ලංකාවෙ සිතියමේ හරි මැද (සිතියම ඇඳපු කඩදාසියේ මුලු හතරට ඇඳපු විකර්ණ කැපෙන තැන) තියනවලු සිරි මහ බෝධිය. මේක සිතියම ඇඳපු කොලේ මොකක්ද කියල ඉස්සෙල්ලම හොයාගන්න ඕනැ. බෝධිසත්වයෝ පස මහ බැලුම් බලද්දි ගුරුත්වාකර්ෂණය මැනල වෙන්න ඇති ‍"දීපය සහ දේශය" හොයාගන්නෙ.

    මට දුක හිතෙන්නෙ ඕව කියවල විශ්වාස කරන "අමන තරුණ කැල" ගැනයි.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා ඔය බම්බුව.. ඔකේ නියම අර්ථය වෙන්නේ ලංකාව අයත්වන ඩෙකෑන් භූ තැටිය, අනිත් තැටි වලට වඩා ප්‍රාවරයේ ඉහළින් ඇති බව. පොළොවේ කේන්ද්‍රයෙන් ඈත් වෙන්න වෙන්න ගුරුත්වජ බලය අඩුවෙනවා කියන දේ උසස් පෙළ කොල්ලෝ කෙල්ලෝ පවා දන්නා සරල දෙයක්..

      Delete
    2. හෙනහුරා, උඹ නොදන්න ලබ්බකට හෙනහුරු බැල්ම දානවා.

      දේද්දුවගේ, //පොළොවේ කේන්ද්‍රයෙන් ඈත් වෙන්න වෙන්න ගුරුත්වජ බලය අඩුවෙනවා කියන දේ උසස් පෙළ කොල්ලෝ කෙල්ලෝ පවා දන්නා සරල දෙයක්.. // - අනේ හුකේ. උඹ දන්න රෙද්ද? බූරුවෝ එතැන තියෙන කාරණය තොට තේරෙන්නෙ නෑ. ඒක මුළුමනින් අනෙක් පැත්තට ගිය අරුම දෙයක්. ඈ බං න්‍යෂ්ඨික තාක්ෂණේට අත්‍යාවශ්‍ය සර්කෝනියම් ලෝහය ලංකාවේ විතරක් බහුලව තියෙන්නෙ ඇයි? බලපිය ආකාඩය (FB). උඹ න්‍යෂ්ඨික බලාගාරයක් හීනෙන්වත් දැක්ක ද?ගොනා උඹ අහල නැද්ද කැරකෙන ලබ්බවල් වල centrifugal force ගැන. ලබ්බ තමයි. උඹ ඔක්කොම දන්නවා.

      Delete
    3. පොළොවේ කේන්ද්‍රයෙන් ඈත් වෙන්න වෙන්න ගුරුත්ව බලය අඩුවෙනවා කියල කියන්නේ අපි නෙමෙයි, අයිසෙක් නිව්ටන්.. ඒක ලොව පිළිගත්ත විද්‍යාත්මක සත්‍යයක්. අද වෙද්දී හඳට පමණක් නෙමෙයි සෞරග්‍රහ මණ්ඩලෙන් එපිටට පවා ඉතාම නිවැරදිව අජටාකාශ යානා යවන්නේ ඒ නියමට පිං සිද්ද වෙන්න.

      මෙතුමා අපෙන් අහනවා //ඈ බං න්‍යෂ්ඨික තාක්ෂණේට අත්‍යාවශ්‍ය සර්කෝනියම් ලෝහය ලංකාවේ විතරක් බහුලව තියෙන්නෙ ඇයි? බලපිය ආකාඩය (FB). උඹ න්‍යෂ්ඨික බලාගාරයක් හීනෙන්වත් දැක්ක ද?ගොනා උඹ අහල නැද්ද කැරකෙන ලබ්බවල් වල centrifugal force ගැන. ලබ්බ තමයි. උඹ ඔක්කොම දන්නවා.//

      දැන් ගුරුත්වයයි සර්කොනියම් ලෝහයයි අතර සම්බන්ධෙ මොකද්ද? පිස්සු හුකාරිස් නැතුව ඉන්නම බැරිද?

      Delete
    4. අම්මගේ රෙද්ද. මූ ඉල්ලන් කෑවා.

      Delete
    5. කෝ කෝ ඇබේ? කෝ ඔබතුමාගේ මූලාශ්‍ර?

      Delete
  8. හුඟ කාලෙකට පස්සේ නේද?. පිස්සු පූසෙක්ද කොහෙද ඇබේ කාරයා. පවු බං උඹේ පූසා ගෙට ගනින්.

    ReplyDelete
    Replies
    1. හරියටම මාසෙකට පස්සේ අරු.. තාවකාලිකව අනිත් දේවල් නවත්තලා පිස්සෝ මස්කරන්න පටන්ගත්තා ආයෙම.. මොකද ඒකෙ පොඩි ස්වයං-වින්දනයක් තියෙනවා!

      Delete
    2. අම්මගේ රෙද්ද. මූ ඉල්ලන් කෑවා.

      Delete
    3. දැන් කවුද ඉල්ලන් කාල තියෙන්නේ කියල හැමෝම දනනවා..

      බෙට්ටක් දාල ගියාට ස්තුතියි!

      Delete
    4. අම්මගේ රෙද්ද. මූ ඉල්ලන් කෑවා.

      Delete
    5. ඇබේ මහතා රෙදි ගලවාගෙන ඇති බැවින් දැන් නියම එකෙන් නැතිව ඇනෝ එන බව පෙනෙන්ට තිබේ.

      Delete
  9. හෙලෝ, දේද්දුවගේ, මේක ද උඹේ බ්ලොගෙ. උඹේ නමින් දාපන්. මමත් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ තහනම් වචන බ්ලොග් අඩවියයි. මෙහි පුද්ගලික මතවාද නැත. කරුණාකර ඔබේ බස ගැන සැළකිලිමත් වෙන්න. පිස්සු බල්ලන් පුකට පයින් ගසා එළවා දමන බව කරුණාවෙන් සළකන්න.

      Delete
    2. උඹේ තහනම් අඩවිය ඌට බලන්න ඕන නැතිළු

      Delete
    3. මෙහි පුද්ගලික මතවාද නැත. - ඈ බං උඹ ගූගල් නීති කඩල උගේ නම දාල මඩ ගැහුව එක හොඳ ද? ඌ ගූගල් කාරයන්ට කිව්වොත් උඹට මේ ජරාව ලියන්න වෙන්නේ උඹේ රෙද්දෙ තමයි.

      Delete
    4. ගූගල් නීති අනුව වැඩකරන හැටි ගැන, රෙදි නැති ඇනෝලා අපට නූගැන්නුවාට කම් නැත. පුළුවන් එකෙකු හට පුළුවන් දෙයක් කරන මෙන් අපි කීප විටක් ම කියා ඇත්තෙමු.

      Delete
  10. දේද්දුගේ, උඹ සිංහ-අලි බුචර් කලා ද නැත්නම් උඹේ දෙමළකමට ඉල්ලන් කෑව ද යන්න බලාගමුකො. උඹ බොහොම හීනමානෙන් තැවෙන්නෙක්. ප්‍රභාකරනුත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. දැන් ඔබතුමා බලාගන්න බලාගන්න කියල කිව්වට අපිට මොනාද කොළේ? මුකුත් නැහැනේ. නැහැ නෙමේ ඔයාට බැහැ නේ.. නේද?

      Delete
  11. මහත්තයො මේක ලියන එකා මොකා උනත් ඌ පොයින්ට් එකට ගහලා තියෙනවා. නිකං පුස් කතා කියවන්නැතිව ඒ දාල තියෙන පොයින්ට්ස් බොරු කියලා පෙන්නන්නකෝ. එතකොට හොයාගත්තෑකි කාගෙද හීනමානෙ තියෙන්නේ කියලා.

    ReplyDelete
  12. AnonymousOctober 30, 2013 at 2:02:00 PM GMT+5:30: මූ උත්තර දීපුවා දාලා නෑ. තමුසෙ මූ වගේ ම ගොනෙක්. උත්තර FB එකේ. මූට බඩ ගියා.

    ReplyDelete
    Replies
    1. අදාළ ෆේස්බුක් සංවාදයේ ලිංකුව මෙතැන දාන්න ද?

      Delete
  13. මලයාලම් සක්කීලි කොළුවා අතින් අරන් පුකෙන් තබා ගනී...

    ReplyDelete
    Replies
    1. ඇබේ මහතා සිය ආදායම් මාර්ගයේ රහස නොමසුරුව තහනම් වචන පාඨකයන් සමග බෙදා හදාගෙන තිබේ. එහෙත් ඔහු තමාටම සක්කිළි කොලුවා යැයි කියාගන්නේ කවර හෙයින්ද යන්න අපට ගැටළුවකි.

      Delete
  14. තහනම් ගූ කාපියව්.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිවා ආහාරය අපට පුදකලාට බොහොම ස්තුතියි! ඒත් ඔබ අමාරුවෙන් ඕස්ට්‍රේලියන්කාරයින්ට පශ්චාත්භාග දානය කොට උපයාගත් දුප්පත් ආහාරය උදුරාගෙන කෑමට අපට සිත් දෙන්නේ නැත. ඒ නිසා ඔබේ ගූ, ඔබම කා ගන්න.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.