logo banner

Saturday, October 26, 2013

දොස්තර vs ඉංජා ගේ කවි හබය | Doc vs Eng

දීර්ඝ නිහැඬියාවකින් පසුව යළිත් බ්ලොගෙහි මකුළු දැල් කඩා ඉහිරවා හැර යමක් ලියන්නට සිත සිතා සිටියත්, මේ වෙන සංගදි වලට මොනවා ලියන්නද කියා සිතෙන නිසාත්, මෙවුවා ලියනවාට වඩා මගේ පුද්ගලික ජීවිතය සකසා ගත යුතු නිසාත් නිහඬව සිටීමේ පිළිවෙත අනුගමනය කළෙමි. හැමෝම ආතල් ගන්නා ලෝකෙක අප පමණක් සීරියස් වීම තේරුමක් නැති දෙයක් දෝ සිතෙන වාර ගණන අනන්තය. අප්‍රමාණය. 



ඒ නිසා ඔන්න කාටත් ආතල් ගන්නට, පහුගිය දිනෙක බුකියේ පළ වූ සුහද ගී හබයක් මෙලෙස ලියා තබන්නෙමි. මේ ලියන්නේ ද මෙකී නිර්මාණ අමරණීය විය යුතුයැයි සිතන බැවිණි. මිසක් වෙනත් කිසිම පණිවුඩයක් දෙන්නට නොවේ. 

***
දොස්තර යනු එදා සිටම අපේ සමාජයේ මහත් "තැනක්" ලබන චරිතයකි. එහෙත් එකම වගේ අධ්‍යාපන සුදුසුකම් ඇති ඉංජාට, දොස්තරට ලැබෙන සමාජ ගෞරවය ලැබෙන්නේ කලාතුරකිනි. මේ ගැන විස්සෝප වන ඉංජා මෙසේ සිය දුක ගීයට පෙරළයි. (නිර්මාණය දමිත් කේතක)

දොස්තර සඳකි - අප ඒ ලොව හිරුය රිදී..... 
ඒ ඉර හඳෙන් - රෝගින් සැම සුවය ලදී.... 
බටහිර වෙදකමට ටෙක්නොලොජියක සැදී...
ඉන්ජිනියර්ට කව් ගී ලියැවුණා මදී.... //

සිරුරේ තුළට අල්ට්‍රා සවුන්ඩ් එක වැදුනේ....
කුසයේ ඇතුළතත් කැමරාවෙනි පෙණුනේ...
විදුලිය නැතිව ස්කෑනින් නැත හිස ඇතුලේ... 
පුදුමයි පුතුනි කිම අප "ජීවක"නොවුණේ.... 

ඩොකෙකුට මුවා වී ජීවය රැක දෙන්නේ.... 
අප වෙමු පුතුනි එය අප පමණයි දන්නේ.... 
ඉන්ජිනියර් නැතිද දරුවනි හඳුනන්නේ...
දොස්තර වරුන් පමණද මතු බුදු වන්නේ........ 

***

මෙන්න ඩොකාගේ පිළිතුර: (නිර්මාණය චින්තක පෙරේරා)

දොස්තර සඳකි වෙදකම ලොව හිරුය රිදී..
ඒ ඉර හඳින් මුලු ලෝකය එලිය වුණී..
රැක්මට ලෙඩුන් දිවියේ දුක් ගැහැට විදී..
ඒ වෙදකමට කවි ගී ලියවුනා මදී..

ජීවක එදා බුදුන්ගෙ ලෙඩ සුව කෙරුවේ..
අල්ට්‍රා සවුන්ඩ් එකකින් බලලද පුතුනේ..
"ක්ලිනිකල්" කියා වදනක් ඇත වෙද ලෝකේ..
ඉංජණි අනේ නැතිවද නුබ එය දන්නේ..

සිත්තරු කැන්වසය මත සිතුවම් ඇන්දේ..
සායම් වලින් ඒ සිත්තම හැඩ කෙරුවේ..
සායම් හැදුනෙ "සායම් කරුවෙකු" අතිනේ..
පුදුමයි පුතුණි කිම ඔහු "සිත්තරු" නොවුනේ..

"සුශෘත" එදා අරුමැති සැත්කම් කෙරුවේ..
"බුදදස්" නමින් වෙදකම සිහසුන දැරුවේ..
පස් මහ බලය ඇතුලෙත් වෙදකම තිබුනේ..
ඒ වෙදකමිනි මිනිසත්කම පණ ලැබුවේ..

ඩොකෙකුට මුවා වී ගොඩ යන්නට යන්නේ..
ඉංජණි ලොව නැතිද උඹලට සලකන්නේ..
විදුලිය නැති දාට ඉංජට කිම වෙන්නේ..
ඉංජන් නැතත් වෙදකම ලොව පවතින්නේ..

11 comments:

  1. මචන් මට මේක පෙරේදා මගේ යාලුවෙක් ස්කයිප් හරහා එව්වා.. ( උඹේ නමත් එක්කම )

    මට දැකපු හැටියේ හිනා ගියා.. ඉතාම රසවත් ...

    ReplyDelete
    Replies
    1. හැමෝම ආතල් ගන්නා ලෝකෙක අප පමණක් සීරියස් වීම තේරුමක් නැති දෙයක් දෝ සිතෙන වාර ගණන අනන්තය.

      මටත් ඕක හිතෙනවා ... ඒ එක්කම දාහක් ඒවා ඔලුවට එනවා.. ආයේ අමතක වෙනවා සහ විහින් අමතක කරවගන්නවා.. ඒත් හොඳම වැඩේ තමයි වැල යන අතට අපේ මැස්සත් ගහගන්න එක... :(

      ( මට මා ගැනම කණගාටුයි.. හැබැයි මම මේ තීරණේ ගැන කවදා හරි සතුටු වේවි.. මෙම ප්‍රකාශය හුදෙක් ලංකාව වැනි රටක ඉපදීම නිසා ඇති වූ මෙව්වා එක නිසා දැමු එකක් බව සළකන්න .. )

      Delete
    2. ඇත්ත සහන්. අපි කරන්නේ අප ජීවත් වන ඒකාකාරී ලෝකයෙන් මොහොතකට මිදී, අප දන්නා කියන දේ අනුන් සමග බෙදාහදා ගැනීම සහ අපත් නොදන්නා අලුත් දෙයක් වේ නම්, ඒ දේ ඉගෙන ගැනීම; එසේම ඒ තුළින් මේවා කියවන්නවුන් හට වැදගත් යමක් ලබාදෙන්නට උත්සාහ දැරීම.

      ඒත් බොහෝවිට ඒ ව්‍යායාමය අවසානයේ සිද්ද වෙන්නේ අප හතිවැටීමට ලක්වීම පමණයි. මෙය පබාට මට පමණක් නොවෙයි බොහෝ දෙනාට පොදු ලෝක ධර්මතාවක්.

      Delete
  2. නියම පිළිතුරු කවිය , හැබැයි එකත් හරි ,මේකත් හරි වගේ

    ReplyDelete
    Replies
    1. මම මේ බලාන ඉන්නේ ඊළඟ වටය එනකල්, ඉවාන්!

      Delete
  3. ශ්‍රමිකයා සඳකි - කම්කරුවා ලොව හිරුය රිදී.....
    ඒ මිනිසුන්ය - ලොව ශ්‍රම කඳ වැඟිරූවේ....
    රැකුමට ලොවේ මිනිසත්බව ගැහට විදී....
    කම්කරුවන්ට කව් ගී ලියැවුණා මදී.... //

    සිරුරේ දුවන ලේ දහඩියට කඳට පෙරී....
    ඉදි කෙරුනේ අහස සිඹින නිමවුම් ලොව පුදුම කෙරූ....
    ශ්‍රම කඳ නොමැතිව කොහොම ඉන්ජෝ, ඩොකා නම ගත්තේ....
    පුදුමයි පුතුනි ඉතිහාසය නෑ කම්කරුවා මතකෙට ගන්නේත්....

    කම්කරු ශ්‍රමයට මුවා වී මේ හැම ගොඩ යන්නේ....
    ඉංජණි / ඩොකනි තොප පමණද ලොව තැනවූයේ....
    ශ්‍රමිකයෝ නැති දාට තොපහට කිම වෙන්නේ....
    කම්කරුවා නැති දාට තොපට ලොව රජ විය හැකිද....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! තුන්වන වටයත් පටන්ගන්න යනවාද මංදා!

      Delete
  4. දොස්තරවරුන් සහ ඉංජිනේරුවන් ඔහුන් ලද අධ්‍යාපනයත් සමග නිසි ගෞරවයට ලක් විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත් ගෞරවයට පාත්‍ර විය යුත්තේ ඔහුන් පමණද?
    මං නම් කියන්නෙ කාටත් අත නොපා (රැකියා කල නොහැකි ‍යාචකයන් අදාල නොවේ) වැසිකිළි සෝදා හෝ ජීවත් වන පුද්ගලයින් ගෞරව‍යට පාත්‍ර විය යුතුය.

    ReplyDelete
    Replies
    1. සුද්දා හදල ගියේ රස්සාවල් පහයි නේ චතුරංග. ජීව විද්‍යාව කළොත් එක්කෝ ඩොක්ට, නැත්නම් දොට්ට.. ගණිතය කළොත් එක්කෝ ඉංජා, නැත්නම් ගංජා.. ආර්ථික විද්‍යාව කළොත් එක්කෝ ගණකාධිකාරී නැත්නම් හුළං.. කලාව කළොත් එක්කෝ ලෝයර් නැත්නම් චාටර්.. පහම බැරිවුණොත් ක්ලාක් / ලිපිකරු.

      මෙතැනින් එහාට හිතන්න තරම් අපේ සමාජය පරිණත වෙලා නැති බව නම් පැහැදිලියි අදටත්.

      Delete
    2. පෝස්ට් එක කෙසේ වෙතත් මෙන්න මේ කමෙන්ට් එකට නං +++++++++++හි හි .....

      Delete
  5. ටොපේ ටොප් පෝස්ට් එක!

    //// ජීව විද්‍යාව කළොත් එක්කෝ ඩොක්ට, නැත්නම් දොට්ට.. ////

    මම දොට්ට......වැඩට ගියා හෝටලයක.... Zoology මතක් වෙනවා මස් කපන කොට....Botany..මතක් වෙනවා එලවලු කපන කොට...ෆුල් ආතල්

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.