logo banner

Saturday, December 14, 2013

සල්ලි දී කක්කා කෑම | Pay to eat Shit


ලිපිය සහ ඡායාරූපය සුදේෂ් කරුණාතිලකගෙන්.

මේ රටේ මිනිස්සු කඩවලින් කන්නේ, බොන්නේ වහ! ඒක බොරුවක් නොවේ. කඩකාරයෝ හදන කෑම බීම ජාතිවලට දමන ද්‍රව්‍ය බොහෝ විට නිෂ්පාදනය කරන්නේ ප්‍රමිතිගත නිෂ්පාදනාගාරවල නොවේ. ඒ වගේම මොවුන් යොදා ගන්නේ නිෂ්පාදනවලට අවශ්‍ය සැබෑ අමුද්‍රව්‍ය නොවේ. වස සහ විසයි.

මේ බව වඩාත් තහවුරු වන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් දෙසැම්බර් 11 වැනිදා කොළඹ කොම්පඤ්ඤවීදියේ සිදුකළ වැටලීමකදී. මෙම ස්ථානයේ තිබී නිලධාරින් විසින් තක්කාලි සෝස්, මිරිස් කුඩු සහ කහ කුඩු සොයා ගත්හ. තක්කාලි සෝස් සෑදීමට මෙම ජාවාරමුන් විසින් යොදා ගෙන ඇත්තේ චුයින්ගම් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇලෙන සුළු ගම් වර්ගයක් හා වර්ණ ගැන්වීම සඳහා ‍යොදා ගන්නා ෆැබ්රික් ඩයි වර්ගයකි.මොවුන් සිරයට නොව, පණපිටින් අපාගත කළත් ඒ දඬුවමත් මදි තරම් ය.

ගම් හා ඩයි මිශ්‍රණයට තක්කාලි සෝස් ස්වල්පයක් දමා ඉතිරියට වතුරද දමා කවලම් කොට ඇලන සුළු තත්ත්වයෙන් තක්කාලි සෝස් නිපදවා තිබේ. අනතුරුව විවිධ ප්‍රමාණයේ ප්ලාස්ටික් බෝතලවලට තක්කාලි සෝස් අසුරා කඩවලට අලෙවි කරන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එවැනි තක්කාලි සෝස් ලීටර් දෙදහසක් පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත්හ.

මෙම අපරාධකරුවන් මිරිස් කුඩු සහ කහ කුඩු නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ කල් ඉකුත් වූ බටානා පිටි, රතු පැහැති ෆැබ්රික් ඩයි, සිවුරු වර්ණ ගන්වන ෆැබ්රික් ඩයි යනාදියයි. එම ඩයි වර්ග හා බටානා පිටි යොදා සකස් කළ ‘මිරිස් සහ කහ කුඩු’ කි‍ලෝ ග්‍රෑම් පන්සියයක් අධිකාරියේ අත්අඩංගුවට පත් විය.

ඒ වගේම මෙම ස්ථානයේ වැසිකිළි සෝදන දියර සහ පිඟන් සේදීමට ගන්නා සේදුම් දියරද නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා සකස් කිරීමට භාවිතා කළ භාජන, තක්කාලි සෝස් නිපදවන්නට පාවිච්චි කර තිබෙන බවත් අනාවරණය වී තිබේ.මෙම පවුකාරයින්ට දිය යුතු දඬුවම කුමක්දැයි මෙය කියවන ඔබම යෝජනා කරනු මැනවි. මොවුන්ට දඬුවම් ලබා දීමේ බලයක් අපට නැත. නමුත් එයින්වත් සෑහිමකට පත් වීමට පිළිවන.මේ ආකාරයට නිපදවන සෝස් වර්ග සහ මිරිස්,කහ කුඩු ඇතුළු තුනපහ වර්ග යවන්නේ කොහාටද?

මහපාරවල දිගටම දකින්නට ඇත්තේ කොත්තු රොටි කඩ, චයිනීස් රෙස්ටුරන්ට්, පේස්ට්‍රි ෂොප්, පළතුරු බීම කඩ, ආප්ප කඩ යනාදියයි. සවස 5 -6 වන විට මේවාට ඇඟිල්ලක් ඔබන්න බැරි තරමට පාරිභෝගිකයින් පිරී සිටිති. බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ සතියකට දෙතුන් වතාවක් කඩෙන් කන්නටය. ඊට රැයක් දවාලක් කියා වෙනසක් ද නැත. සමහර පේස්ට්‍රි ෂොප්වල වාඩි වී කට්ලට්ස්, පැටිස් තක්කාකාලි සෝස්වල පොඟවා ගෙන යස අපූරුවට බුදින අයුරු අමුතු දසුනක් නොවේ. නමුත් මෙම ආහාර නිපදවීමට යොදා ගන්නා පිටි, සීනි, මිරිස්, කුළු බඩු වර්ග සැබෑ පිරිසිදු ද්‍රව්‍ය නොවන බව ඉතා පැහැදිලිය.

කොත්තු රොටීකාරයට,චයිනීස් ෆුඩ් ෂොප්කාරයාට අවශ්‍ය ලාභයට කුළු බඩුය.සෝස් වර්ගය. රටට නොවේ,මිනිසුන්ගේ බඩ පපුවට මොන වසංගයක් සෑදුනත් මොවුන්ට වගක් නැත. අවශ්‍ය වන්නේ රීරිමාංශ විකුණා හෝ මුදල් උපයන්නටය. ඒවා සැපයීම සිදුකරන්නේ ඉහත කී තක්කඩි ජාවාරමුන්ය.

කොත්තුකාරයාට අවශ්‍ය කොත්තුව විකුණා ගන්නටය. ඊට යොදන සෝස් වර්ග, ලුණු, මිරිස්වල ප්‍රමිතියක් ඔහුටද අවශ්‍ය නැත. රත් වූ තැටියට ගෝදම්බ රොටි අහුරක් දමා, කුණු බිත්තරයක් ද ඊට කඩා දමා, ඩයි මිරිස් කුඩු, ඩයි සෝස් කළළුම් කොට, රටටම ඇහෙන්න තැටියට තාලයට තඩි බා, උණු උණුවේ 

ෂොපින් කොළයට දමා, පාර්සල් ගසා දෙන කුණු කොත්තුව රැගෙන යන්න පාරිභෝගිකයින් බලා සිටින්නේ නොඉවසිල්ලේය.එය බුදින තුරු ඉවසිල්ලක් නැති තරම්ය. දහදරාව දමා සකස් කළ කොත්තු හා චයිනීස් රස කරමින් ආහාරයට ගනිද්දී හෙට දවසේ තමන්ට වැළ‍‍ඳෙන්නේ දොස්තරවරුන්ටවත් සොයා ගන්නට බැරි අසනීපයක් බව අප කාටත් සිතෙන්නේ නැති තරම් ය. ඒ තරම් ප්‍රණීත ‍රසයකින් දිව පිනා යයි.

මේ අන්දමට මගෝඩියන්ට රටේ රජ කරන්නට හැකි වී ඇත්තේ රටේ නීතියට අංශබාගේ රෝගය වැළඳීම නිසාය. කුණු කරවල, කුණු පළතුරු ඕනෑ තරම් පිටකොටුව ප්‍රදේශයේ විකුණති. සමහර වෙළෙන්ඳන් බොහෝ විට රැගෙන එන එළවළු සහ මාලු වර්ග මඳක් එහා මෙහා පෙරළන විට හොඳ මාලු එළවළු අස්සේ සඟවා ගෙන ආ කුණු මාලු සහ එළවළු සොයා ගන්නට පිළිවන. මොවුන් නොබියව මෙවැනි අපරාධ සිදු කරන්නේ නීතියට අංශබාගේ වැළඳීම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද?


මෙම භාණ්ඩ කිරන්නේද හොර තරාදිවලින්ය. පාරිභෝගික ජනතාව වෙළෙන්දන්ගේ අතට අසුවුණ මොහො‍තේ පටන් ගසා කෑමකට ලක් වන්නේ නීතියේ පවතින දැවැන්ත සිදුරු නිසාය.

කෙසේ වෙතත් මෙම ජාවාරමුන් අත්අඩංගුවට ගන්න, පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දරන වෙහෙස අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. ඔවුන් මෙම මගෝඩි වෙළෙන්දන් කුදලා ගෙන ගොස් උසාවි දමා දඩ ගසන්නට කටයුතු කරති. නමුත් තක්කඩි වෙළෙඳාම රටින් තුරන් කර දැමිය නොහැක්කේ තල්මසුන් වැනි ලොකු ප්‍රමාණයේ තක්කඩි ජාවාරමුන්, පිටකොටුවේ ඇටවල්ලන් වැනි තක්කඩි වෙළෙන්ඳන්ට ඉහළින් රජ කරන නිසාය. ‘තල්මසුන්’ අත්අඩංගුවට ගන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ගේ දෑත් දිගු මදිය.

ko3සමාජයේ ඉහළින් හිඳ අපරාධ කරන පුද්ගලයන් සඳහා රටේ නීතිය එකක්ය. පහළ පංතියට නීතිය තව එකක්ය. ජනතාවට පෙනෙන්නේ ඒ වගේය. මේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා නීති බල ගන්වන්ට සිටින බොහෝ නිලධාරින් පසුවන්නේ දැඩි සිත් වේදනාවෙන් බව අප දනිමු.

ආසියාවේ ලොකුම හෙරොයින් තොගයට බදු පනවන්නට එපා යැයි කී අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා පවසන්නේ තමන් එවැනි ලිපියක් රේගුවට නිකුත් නොකළ බවයි. රේගුව කියන්නේ එවැනි ලිපියක් ලැබුණ බවයි. මේ සිද්ධිය ගැන සම්බන්ධිකරණ ලේකම්වරයා‍ගෙන් මේ දක්වා කිසිම කට උත්තරයක් පොලිසිය ලබාගෙන නැත. එවැනි පුද්ගලයෙක් අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වශයෙන් සේවය කළා දැයි පොලිසිය අගමැතිවරයාගෙන් විමසීමක් කර නැත.

කුඩු සිද්ධියකදී පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙලට හාත්පසින්ම වෙනස් ‘හුළං බැහැපු’ තත්ත්වයකින් මෙහිදී ක්‍රියා කරන බවක් ජනතාවට පෙනෙන්නට තිබීම කොහෙත්ම හොඳ නැත. කුඩු ග්‍රෑම් හතරට මරණ දඬුවම නියම කරන රටේ කුඩු කිලෝ ග්‍රෑම් 131ක අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන පිළිවෙල පොලිස් නීති පොතේ කොතැන තිබේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙව් රටේ කොත්තු රොටිය, පේස්ට්‍රිය, චයිනීස් ඇතුළු ආහාර, පළතුරු බීම වස විසෙන් නිපදවීම එච්චර අරුමයක් නොවේ.

21 comments:

  1. මේ කෑම ළමයින්ට දෙන දෙමව්පියන්ට දෙන්න ඕන දඩුවම මොකක්ද ? මොකද පිළිකා රෝහලේ ඉන්න ළමයි ගාන ටික ටික වැඩි වෙනවා . . .

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අම්මල තාත්තලා මීට වඩා තමන්ගේ දරුවන් පිළිබඳව අවදියෙන් ඉන්න ඕනේ.

      Delete
  2. කාලකන්නි හැත්තවල්.... යකෝ මේව දැක්කහම වස බොන්න හිතෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. බොන්න දෙයක් නෑ දැනටත් ඔය පොවනවයින් බහුතරේ වස තමා.. මීට කාලෙකට ඉස්සර අර වතුර බෝතල් ජාවාරම ගැන කියපු වෙලාවේ වෙච්ච දේ මතකයි නේ..

      Delete
  3. ගමේ හැදෙන කොස් දෙල් වලට තැන නැතිවෙලා තියෙන්නේ මේ වගේ පිස්සු හින්දා තමයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් දැන් කෑම ගැනීම විලාසිතාවක් වෙලා නෙව.. මිනිස්සු මැක්ඩොනල්ඩ් යන්නේ කන්න නෙමෙයි ගියා කියල කියන්න..

      Delete
  4. දැන දැනත් කනවනෙ. අම්මලා තමයි ළමයි ලෙඩ කරන්නෙ. එක්කෝ උයන්ට දන්නෙ නෑ. උයන්ට කම්මැලියි. මොකක් හරි හේතුවක් දාලා කඩෙන් ජරාව කනවා.

    ReplyDelete
    Replies
    1. සහ අනිත් හේතුව කාර්ය බහුලත්වය.. අපිම වුණත් දවසකට කී පාරක් කඩෙන් කනවද?

      Delete
  5. ඉහල මිනිස්සු නම් මුදල් වංචා කරනවා කියමුකෝ... ඒත් මේ වගේ තුට්ටු දෙකේ උන් කන කෑමටත් බලු වැඩ කරද්දී කාට කියන්නද .? මුන් නම් නිරයට යන්නම පෙරුම් පුරාගෙන ආව එවුන්... කෑමට වස දාන උන්ට නම් සහ ගහන්න ඕනේ .. එච්චරයි කියන්න තියෙන්නේ .......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.. මොකට කළත් කන බොන දේට, බොන වතුර ටිකට මේ වගේ සහගහන වැඩ කරන එක අන්තිම අපරාදයක්.

      Delete
  6. අදත් පිටකොටුව පැත්තෙ ගිහින් ආවෙ.. කොරන හොර වැඩ නං නිමක් නෑ තමයි.... ඔතනට යන්නෙත් අපි වගේ අවුරුද්දටම එක පාරක් බඩුවක් මුට්ටුවක් ගන්න, අමාරුවෙන් කීයක් හරි එකතු කරගෙන යන දුප්පත් එවුන් කියල දැන දැනම තමයි ඔහොම චංචා කරන්නෙත්.. පොඩි වෙලෙන්දත් වංචාවෙන් තමයි වැඩේ කරන්නෙ.. ඉතිං ලොකු උන් ගැන කුමන කතාද...

    ReplyDelete
    Replies
    1. උඩ සිට පහළට වෙන මුකුත් නෙමෙයි සූරාකෑම.. මොකද එහෙම නොකළොත් ඌ ඉවරයි.. කාට කාටත් වෙලා තියෙන්නේ තමන්ගේ ජීවත් වීම වටිනවා අනිකාගේ ජීවිතයට වඩා.. එහෙම වීම ම, අපේ සමාජය අද ඉන්න තැන ගැන අදහසක් ඇතිකර ගන්න ප්‍රමාණවත්..

      Delete
  7. Really frustrated and disappointed. All this happens owing to lack of proper implementation of thr law

    ReplyDelete
  8. කාලයක් අපිට හිතිච්ච තැනක ඇවිදින්න බැහැ
    ඊට පස්සේ අපිට හිතිච්ච දෙයක් කියන්න බැහැ
    ඊටත් පස්සේ අපිට හිතිච්ච දෙයක් ලියන්න බැහැ, නරඹන්න බැහැ...

    දැන් අපිට හිතිච්ච තැනකින් කන්න බොන්න බැහැ.
    හැම දෙයක් ගැනම නැවත නැවත හිතන්න වෙලා
    හිතලා හිතලා ඇතිවෙලා
    බයක් සැකක් නැතිව
    කන්න බොන්නවත් වටපිටාවක්
    දෙයියනේ (එහෙම එවුන් ඉන්නවානම් )

    ReplyDelete
  9. සෝස් කෑන් අපිත් ගෙනාවා.. :( දානෙට බඩු ගන්න මාකට් ගියාම එම් ඩී තිබුනෙ නෑ .. ගොඩක් බඩු තිබුන නිසා වෙනත් තැඅනකට යන්න බැරි නිසා එතන තිබුන එකක් අරන් මුදලාලි කිව්වා මේක අරගන්න මේක හදන්නෙ මේ පැත්තෙ කෙනෙක් මොනව හරි අවුලක් තියනවනම් ගේන්න කියලා.. පුන්චිලගෙ ගෙදර ඩ්ය්හානෙ තිබුනෙ.. දන්නැතුව ඒක අරං ගියහම හැමෝම කෑගැහුවා කිව්ව එක අරගෙන ආවෙ නෑ කියලා. ඒත් අන්තිමේ ඒකෙන් හැදුවා අපරාදෙ හින්දා.. බටු මෝජුව ඉවරයි :/
    එදා ටීවි එකේ කියද්දි තමයි පොලොව පලං යන්න හිතුනෙ.. එදා තමා දැනගත්තෙ මොන වහක්ද ඒ කියලා.. ඉතුරු ටිකත් අරං ගිහින් අරූගෙ ඔලුවෙ අනින්න ඉන්නෙ >_<

    ReplyDelete
  10. හැකි නම් මෙයත් බලනු මැනවි.http://amuthusithuwili.wordpress.com/2013/12/09/eat-and-die%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%92%E0%B6%BA/

    ReplyDelete
  11. මෙම බ්ලොග් අඩවියේ ලිපි රැසක්ම කියෙව්වෙමි.හින්දු,ඉස්ලාම්,කිතුණු ආගමිකයන් මෙන්ම දෙමළ ,මුස්ලිම් ජාතීන් ගැන එක්තරා ආඩම්බරයක් ඇතිවිය.ඔවුහු විහිළුවටවත් තම ජනකොටස සංස්කෘතිය,පැරණි වීරවරයන් සමච්චලයට ලක් නොකරති.මෙම බ්ලොග් එකේ සිංහල විරෝධී ලිපි වල කරුණු ඔවුහු අගය කරති.එසේම තහනම් වචන හා එක්වී සිංහලයන්ට බැට දෙති.නමුත් මුස්ලිම්වරුන්ට එරෙහිව වචනයක් කියවුනු පමනින් ඔවුහු කුපිත වෙති.තහනම් වචනද මුස්ලිම්වරුන් ට එරෙහිව වචනයකින් හෝ එරෙහි වුනත් කිතුණුවන්ට හෝ ඊළාම් මතවාදයට හෝ එරෙහි ව වචනයක්වත් නොකියයි.තහනම් වචන වල ඇති ඇතැම් තාර්කික කරුණු අගය කරන අපද මෙම සැක සංකා නිසා විචිකිච්චාවට පත් වෙමු.

    ReplyDelete
  12. රැසක්ම කියෙව්වයි කිව්වේ . හොඳසිහියෙන් නෙවෙයිද කියෙව්වේ . ඔය හලාල් ගැන ලීයපු ලිපි හොයලා බලන්න .

    ReplyDelete
  13. කෑම වල අසූචි තිබෙනවා ද කියා පරික්ෂා කරන්නේ එහි “ඊකෝලයි“ බැක්ටීරියාව තිබෙනවාද කියා සොයා බැලීමෙන් බව මා පාසලේදී අසා තිබෙනවා.
    ඒ එම බැක්ටීරියාව ජීවත් වන්නේ මිනිස් අන්ත්‍රෙය් පමණක් වන බැවිනි.
    -----------------
    ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  14. මේකට කඩෙන් කන එක වැරැද්දක් කියන්න එපා. අනිත් එක කෙනෙක් කියලා තිබුනා කෑම කන එකත් දැන් විලාසිතාවක් වෙල කියලා. මිනිස්සු දියුණු වෙනකොට ඒක වෙනවා. අපි මුලින්ම නිකම්ම අමු දේවල් කෑවා. ඊට පස්සේ ගින්දරෙන් පුච්චලා කන්න පටන් ගත්තා, ඊලගට ඒවාට අනිකුත් කුලුබඩු සහ රසකාරක දාන්න පටන් ගත්තා. ඇදුම් වගේම තමයි, කෑම කියන්නේත ෆැෂන් එකක්. අපි කෑම ගන්නේ නිකම්ම බඩ පුරව ගන්න නෙවෙයි, ඒකේ තියෙන රස සහ දැනෙන හැගීම කියන දෙකම ගැන හිතලා. නොදියුණු මිනිස්සු තමයි හැම දෙයක්ම අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ. කෑම සහ බීම (සැර බීම) කියන්නේ ආට් එකක්. ඒක නිකම්ම මොනවා හරි බඩට දාගන්නවා නෙවෙයි.

    ඉතින් මෙතන වෙන්න ඕනේ කඩ වල් පාලනය කරන එක. නියමිත් මිලකට සෞඛ්‍යආරක්ෂිතව කෑම දෙන්න පාලනයක් තියෙන්න ඕනේ. (මම කියන්නේ මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ් ගැන නෙවෙයි) නැත්නම් හැමදාම අපි ගෙදර උයලා කනවා කියන්නේ තේරුමක් නැති දෙයක්.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.