logo banner

Tuesday, May 20, 2014

පැරැණි රසාංග I - ඩොල්ෆින් අර්බුදය | The Dolphin Crisis

ප්‍රවේශය

ෆේස්බුක් සහ බ්ලොග් වලට ප්‍රථම සයිබර් මතවාදයන් ව්‍යාප්ත වීමෙහි ලා වැඩිම කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ඊමේල් මගිනි. සයිබරයේ අප තහනම් වචන ලියන්නට සෑහෙන කලකට පෙර පටන්ම, විද්‍යුත් තැපැල් හරහා අපි අපේ පාඨකයන් සමග බොහෝ දේ බෙදාගත්තෙමු. කාලයක් පැවති නිහඬතාව බිඳ දමමින් යළි පාඨකයන් අතරට පිවිසීමක් වනු පිණිස ද, පැරැණ්නන් හට අප කවුදැයි හඳුනාගැනීමට රුකුලක් වනු පිණිස ද, නවකයන් හට පැරැණි රසාංග රසවින්දනයට අවසරයක් ලබාදෙනු පිණිස ද, මෙතැන් පටන් ඒ පැරැණි ලිපි සටහන් කීපයක් ඔබ හමුවේ තබන්නෙමු. 

මෙතැන් පටන් දිගහැරෙන්නේ එවැනි පැරැණි ලිපියකි. 

***


"ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑමවිටම සාර්ථක වන කෝකටත් තෛලයක් ලෙස සිතාගෙන සිටින සමාජයට, ඒ මතය යළි විමසා බැලීමට හේතුවක් මෑතකාලීන සිද්ධි නිසා නිර්මාණය වී තිබේ. මෙහි ලා කිසියම්ම හෝ පක්ෂයක්, පාටක්, දේශපාලනයක් හෝ වෙනත් කල්ලිවාදයක් නියෝජනය නොකරන මධ්‍යස්ථ පුද්ගලයකුට වුවද, වරක් පෙන්වාදුන් පසුව මෙකී සිදුර සොයාගැනීම සහ එහි භයානකකම වටහාගැනීම අපහසු නොවන බව අපේ අදහසයි. එබැවින් අපි මේ සඳහා සරල උදාහරණයක් ගනිමු. 

මිනිසා ලඟට වඩාත්ම දියුණු බුද්ධියක් ඇති සත්ත්වයා වශයෙන් ලොව පිළිගැනෙන්නේ ඩොල්ෆින් මත්ස්‍යයා ය. මධ්‍යධරණීය ඩොල්ෆින් රංචු, මිනිසුන් සමග එක්ව දඩයම් කළ අවස්ථා පවා ඉතිහාස කතාවල සඳහන් වේ. සමහර පරීක්ෂණාගාර බුද්ධි පරීක්ෂණ වලින් මිනිසා ළඟටම ඒමට මෙන්ම, මිනිසා අබිබවා යාමටද ඩොල්ෆින් මසුන් සමත්වන අවස්ථා තිබේ. අපේ උපකල්පිතය සඳහා වස්තුබීජයක් ලෙස අපි එබැවින් ඩොල්ෆින් මසුන් තෝරාගනිමු. යම් පරිණාමික විපර්යාසයක් හේතුවෙන් ඩොල්ෆින් මසුන් හට මිනිසුන්ට මෙන් දියුණු සංඥා භාෂාවක් මාර්ගයෙන් අදහස් හුවමාරු කිරීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ යයි අපි මොහොතකට සිතමු. එසේම මිනිසා දරුවන් සුළු ප්‍රමාණයක් ද ඩොල්ෆින් මසුන් දරුවන් විශාල ප්‍රමාණයක් ද බිහි කරන්නේ යයි සිතමු. 

ඩොල්ෆින් මිනිසා තරමටම දියුණු සංවිධානගත ධුරාවලියකට අනුගත වන්නේ නම් මිනිසා සහ ඩොල්ෆින් අතර පැනනගින පළමු ගැටළුව මතුවන්නේ සාගර සම්පත් බෙදාගැනීම ගැන ය. සම්පත් සීමිත අතර ඒවායින් යැපෙන ජීවිත ගණන අසීමිත ය. එබැවින් සීමිත සම්පත් බෙදාගැනීම පිණිස මිනිසා සහ ඩොල්ෆින් අතර යම් තරගයක් හටගැනීම ස්වාභාවික ය. ලොව විශාලතම ස්වාභාවික සම්පත් නිධි පිහිටා ඇත්තේ සාගරයේ නිසා ද, සාගරය පාලනය කරන්නා හට නිතැතින්ම ගොඩබිම කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකි හෙයින් ද, මෙහි වැඩි වාසිය යන්නේ ඩොල්ෆින් මසුන්ට බව අමුතුවෙන් කිවයුතු නොවේ. යම්තාක් දුරකට මිනිසා සාගරය මත යැපෙන්නේ ද, ඒ තාක් දුරට ඩොල්ෆින් මසුන්ගේ කේවල් කිරීමේ බලය ද විශාල වනු ඇත. යම් දිනෙක මිනිසා සාගරය මත නොයැපී සිය අවශ්‍යතා සපුරාගන්නට ක්‍රමයක් සොයාගන්නා තුරු මේ බල අසමතුලිතය එසේම පවතිනු ඇත. 

තතු මෙසේ හෙයින්, මිනිස් සමාජයේ නෛතික සීමාවෙන් අර්ථ නොදැක්වෙන, හෙවත් අපට සාපේක්ෂව වනචාරී යයි සම්මත චර්යාවන්හි පවා යෙදීමට ඩොල්ෆින් මසුන්ට සම්පූර්ණ අයිතිය තිබීම ද පිළිගත යුත්තක් බවට පත්වේ. උදාහරණයක් ලෙස ඩොල්ෆින් සමාජයේ එක පිරිමි මසෙකුට ගැහැණු මසුන් හත්දෙනෙක් සමග රමණය කළ හැකි පරිදි නීතියක් තිබුණේ යයි සිතන්න. නැතිනම් සිය සහකාරිය හට ශාරීරිකව අඩන්තේට්ටම් කරන්නට පිරිමි ඩොල්ෆිනයකු හට අවසර තිබේ යැයි සිතන්න. එසේත් නැතිනම් සිය දුවගේ වයසෙහි වන ගැහැණු මසකු සමග සංසර්ගයෙහි යෙදෙන්නට පිරිමි මසෙකු (රැළේ නායකයා යැයි සිතමු) ඉදිරිපත් වන්නේ යයි සිතමු. අපට ඒ ගැන කළ හැකි යමක් නොමැත. එහෙත් අප එය පිළිගන්නවාය, නැතහොත් ඒ චර්යාවන් අනුමත කරනවාය යන්නක් ඉන් ගම්‍ය විය නොහැකිය. අපට කළ හැකි එකම දේ වන්නේ එකී චර්යාවන් පිළිකුළෙන් හෙළා දැකීම පමණි. ඒවා දැක අප කෝපදීප්තව සියලු ඩොල්ෆින් මසුන් මරන්නට යන්නේ නම්, එහි බරපතළ වරදක් තිබේ. මන්ද සෑම ඩොල්ෆිනයකුම ඉහත සඳහන් අභව්‍ය චර්යාවන්හි යෙදෙන්නේ ය, අනුමත කරන්නේ ය යන්නක් ඉන් අදහස් නොවන බැවිණි. අප සියලු ඩොල්ෆින් මසුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්නේ නම් අප කරන්නේ නැති සතුරන් සාදා ගැනීමකි. 

එසේනම් අපට කළ හැක්කේ කුමක් ද? අපට කළ හැකි හොඳම දෙය වන්නේ ඩොල්ෆින් මසුන් ආර්ථිකව හාමත් කිරීමයි. එනම්, හැකිතාක් ඔවුන් මත නොයැපී අපේ අවශ්‍යතාවන් සපුරාගැනීමට කටයුතු කිරීමයි. අපට සාගරය අතහැරීම කළ නොහැකිය. මිනිසුන්ට තෙල් නොමැතිව ජීවත් විය නොහැක්කා සේම, සාගරය ද අතහැරිය නොහැකි සම්පතකි. එහෙත් අපට ඊට වඩා සුළු දේවල් වලින් ඩොල්ෆිනයන් හාමත් කළ හැකිය. අප තනි අයෙකු කරන්නේ සුළු දෙයක් විය හැකිය. එහෙත් අප බිලියන 600 ක ජනගහණය එකාත්මිකව, ඒකමතිකව, එකස්වරයෙන් යම් සුළු දෙයක් කරන්නේ නම්, ඒ සුළු දේ හි අවසාන ප්‍රතිඵලය මහත් වනු ඇත. මෙහි වක්‍ර යහපතක් ද වෙයි. එනම්, අපට ඩොල්ෆින් ගහණය වැඩිවීම කෘත්‍රිමව පාලනය කිරීමට අවශ්‍ය නොවීමයි. අධික දරුවන් පිරිසක් නඩත්තු කිරීමට අවැසි තරම් සම්පත් නැති වන දාට ඩොල්ෆින් මාපියන් දරුවන් රොත්තක් හදන්නට පෙර දෙවරක් සිතනු ඇත. එමගින් අපට වඩාත් මානුෂීයව මේ ගැටළුව විසඳාගත හැකිය. 

අප පෙන්වාදුන් සිදුර දැන් මේ වනවිට පාඨකයා හට පැහැදිලි විය යුතුය. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය භාව්තකර යම් පිරිසකට තවත් පිරිසක් යටපත් කිරීමට අවශ්‍ය වන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඔළුගෙඩි ගණනක් පමණි. එම ඔළුගෙඩි ගණන යම් සීමාකාරී අගයකින් එහාට ගියහොත් එතනින් එහාට එම සමාජය ආපසු හැරවීමක් කිසිදිනෙක කළ නොහැකි වනු ඇත. එබැවින් අපේ වගකීම වනුයේ අප වෙසෙන සමාජය මෙකී නිවර්තන ලක්ෂ්‍යය කරා එළඹෙන්නට පෙර ක්‍රියාත්මක වීමයි. "


සැ.යු.: මෙහි ස්වාභාවික සම්පතක් ලෙස තෙල් යොදාගැනීම මගින් කිසිදු ජනවර්ගයක් ඉලක්ක කිරීමක් අදහස් නොකළ බව කරුණාවෙන් සළකන්න. 

7 comments:

  1. කතා කරන්න ඕන, ඒත් කතා කරන්න ඕන තරමට කතා නොකරන මාතෘකාවක්...
    ජයවේවා !!

    ReplyDelete
  2. දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ ඩොල්පින් මත්සයින් මත යපීමෙන් තොරව ජීවත් වීමට සරිලන් මානසිකත්වයක් ඇතිකරගැනීමට දක්වන නොකමත්තයි.

    ReplyDelete
  3. Dena eka danena ayata ridennama dila. Niyamai. Aththa kathawak. Jaya wewa

    ReplyDelete
  4. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් අඩුපාඩු නැති සංකල්පයක් නෙවෙයි. ඒකත් වැදගත්ම දෙයක් හිතන්න. සම්පත් බෙදාගන්න තරඟය මත ඇනකොටාගන්න ඉස්සර වෙලා සම්පත් පරිහරණයේ ප්‍රමිතියක් ගැන හිතුවොත් ඒකත් හොඳයි වගේ.

    ReplyDelete
  5. මේ මිනීමරු ඩොල්ෆින් ලා අසරණ හුරුල්ලා නමැති මත්ස්‍යාව මරා කන බව ආරංචියි.
    මං හුරුල්ලන් ගලවා ගැනීමට පණ වුනත් දෙන්නයි හිතාගෙන ඉන්නේ!

    ReplyDelete
  6. ඊට වඩා ලේසි නැද්ද. මේ දැන් තියෙන බෞද්ධ දර්ශණයයි. තලේබාන් දර්ශණයයි වගේ දෙක තුනක් ඒ අයට හඳුන්වා දීම. තව දෙයක් තියෙනවා. ඩොල්ෆින්ලට මැදමුලන විස්ස විජ්ජාලේ ගරු සිස්සත්ත ලබා දෙනවා. එතකොට උන් නිකම්ම ගානක් දීලා ෂේප් කර ගන්න පුළුවන්. තෙල් ටිකත් අපිටම දිගටම ගන්න පුළුවන්. පොඩ්ඩක් මේ ගැනත් කල්පනා කරලා බලන්න. වැඩි වියදමක් නැති දේවල්.

    ReplyDelete
  7. නොතිර සසරMay 23, 2014 at 6:02:00 PM GMT+5:30

    බලපෑමක් තියෙද ??තවම නෑ පේන්න.? කොහෙද අපේ උන්දැල එකපාර ෆෝම් වෙනව. ඊට පස්සෙ ගානක්වත් නෑ මැදමුලනක් මතක්කරගෙන ආයෙ ඩොල්පින් හොයාගෙන යනව කවන්න.
    ප්‍රධාන ප්‍රශ්නය එහෙම්මයි. කෙලගන්නෙ අපි අපිමයි. එක්කො අපිට පිස්සු වෙන්නැති වස්තරේ
    -නොතිර සසර

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.