(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)
නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.
අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය.
"ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය.
"ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.
සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.
මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.
මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.
චම්පික රණවක ලියපු 'සිහල අභියෝගය' එකකුත් තියෙනවා නේද?
ReplyDeleteDr.Susantha's publictions;
ReplyDeleteAnthropologizing Sri Lanka: A Civilizational Misadventure
Indiana University Press
2001
Recolonisation: Foreign funded NGOs in Sri Lanka
Sage
2006
Toward a Global Science: Mining Civilizational Knowledge
Indiana University Press
1999
Merged Evolution: the Long Term Implications of Information Technology and Biotechnology
Gordon & Breach
1999
Technological Independence: the Asian Experience
United Nations University
1993
Evolution of Information: Lineages in Genes, Culture and Artefact
Pinter Publishers
1992
Aborted Discovery: Science and Creativity in the Third World
Zed Press
1984
Crippled Minds : an Exploration into Colonial Culture
Vikas Publishers
1982
Food as a Human Right
he United Nations University
1982
Jiritsu Suru Ajia No Kagaku-Dai San Sekai Ishiki Karano Kaiho (A Free Asian Science -Towards Liberation of the Third World Mind - Japanese translation of writings by Susantha Goonatilake on non-European knowledge systems
Ochanomizu Shobo Publishers, Tokyo
1990
Al-Iktishaf al-mujahad; al-‘ilm wa-l-ibda’ fi al-‘alam al-thalithSuzantha Ghunatilik Tarjamahu ‘afif al-Razaz (Arabic translation of writings by Susantha Goonatilake on non-European knowledge systems)
Center for Arabic Studies Beirut
1991
Songs of Angst and Ecstasy
Writers’ Workshop, Calcutta
1991
A report on the inputs into scientific research in Sri Lanka:
Institute of Fundamental Studies, Kandy
1987
In retrospect: 25 years of the People's Bank
The People's Bank, Colombo
1986
Science and culture in the Third World and Europe
Third World Seminar Publications: U-landsseminarets skriftserie Development Studies, University of Oslo,
1982
Credit and other government supports for small farmers: history and present status
People's Bank, Colombo,
1978
Tourism in Sri Lanka: the mapping of international inequalities and their internal structural effects
Centre for Developing-Area Studies, McGill University, Montréal
1978
The late development effect: logic and illogic in a concept legitimizing cultural domination
Institute of Development Studies, University of Sussex,
1974
A 16th Century Clash of Civilizations: the Portuguese Presence in Sri Lanka
Vijitha Yapa Publications, Sri Lanka
December 2010
ජාතික චින්තනයත් වැදගත් දෙයක් වගේ පේන්නෙ..ඒකටත් වෙනම ඉතිහාසයක් තිබෙනවා නේ..අමරසේකර උන්නැහේ එදත් ඒ පැත්තෙ ඉදලා කියලා මම දන්නෙ අදයි..
ReplyDeleteප්‍රිය ඇඩ්මින් වෙත,
ReplyDeleteඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
මිට හිතාදර
ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)