logo banner

Friday, October 24, 2014

රනිල් මාමේ, උඹ මාර පොරකි | Ranil you are such a badass




හිතාදර රනිල් මාමේ,


උඹ නම් මාරම පොරකි.. එසේ මෙසේ පොරක් නොව ලංකාවම හන්ටර් වන තාලෙ පොරකි.. උපාසක බළලා වගේ ඉඳන් මීයො දෙන්න තුන්දෙනා නොව හැත්ත බුරුත්ත පිටිංම අල්ලන තාලෙ පොරකි..


දමිළ කොටි විමුක්ති සංවිධානය හෙවත් LTTE සංවිධානය කියා එකක් මේ ලංකාවෙ තිබුණා උඹ ඒ කාලෙ දන්නවා ද අපි නොදනිමු.. (ඔව් ඔව් අර පර්සි මහත්තය තනියෙන් යුද්ද කරල දිනුවෙ.. හමුදාපති කෙනෙකුත් නැතුව.. ඒක තමා..) ඔය සංවිධානයේ ජාත්‍යන්‍තර ජාලය සහ ඒකට සල්ලි පොම්ප කොරන දමිළ ඩයස්පෝරාව කියන්නෙ එසේ මෙසේ එව්වා නොවේ ය.. විමල් විහිළුවංශ මාමා කියන හැටියට නම් අපේ රට බාබකිව් කරන්න බලාගෙන ඉන්නා බහුජාතික® අධිරාජ්‍යවාදී® කුමන්‍ත්‍රණකාර® ඩොලර්කාක්කන්ගේ® (තනි වචනයකි) මහා බලසම්පන්න ආයුධයකි ඕක.. විෂ්ණුගෙ චක්‍රායුධයට වත්, බ්‍රහ්මයාගෙ බ්‍රහ්මශරයට වත්, කොටිංම යම රජ්ජුරුවන්ගෙ යම දණ්ඩටවත් ඔය සෙල්ලක්කාරයන්ගෙ අංචි එක්ක හැරෙන්නට වත් බැරිය..
එහෙව් මහාබලසම්පන්න උත්තමයන් වාන්සේලාගෙ අචින්තනීය චිත්ත සංතානයට කිමිදිලා ඒ උත්තමයන්ගෙ හිත වෙනස් කරන්න පුළුවන් නම් ඌ පොරක් නොව, අම්බ පොරක් විය යුතුය.. එහෙම පට්ට හැකියාවක් මට තිබුණා නම් අම්මප මෙහෙම මාස්පඩියට කඹුරන්නෙ නැතුව කැනරි අයිලන්ඩ්ස් හෝ මයාමි පැත්තෙන් පොඩියට පොල් අතු පැලක් අටවාගෙන, කිරි කිරි කෑල්ලක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්නවා මිසක, උඹ වාගෙ ඡන්ද දාහතරක් පැරදිලාත් මේකෙ ලැගලා ඉන්නෙ නැත..


නමුත් උඹ පොරක් පමණක් නොව මාර සිරා බොක්කෙ පොරකි.. දැන් බලන්ඩ අර ක්‍රිස් නෝනිස් මහත්තයාගෙ කඩ්ඩටවත්, ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාගෙ දර්ශනේටවත් පුළුහං වුණාද ඔය තරමෙ වික්‍රමයක් එකපාර කොරගන්ඩ.. අර හිච්චි නිවේදකයාට කෙළින්ඩ නෝනිස් මහත්තයට ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියෙන් තුන්කාලක් වියදම් වුණා.. එහෙව් එකේ මන්ත්‍රීලා ඇමති ලා ගැන කවර නම් කතා ද.. ඒත් රනිල් මාමෙ, උඹ යුරෝප් ගෙහුං දවස් හතෙන් කොටි තහනම ඉවත් කරවන්ඩ උඹට පුළුවන් වුණා ය.. යකඩො ඔහොම හැකියාවක් උඹට තියෙනවා කියලා අපි දන්නෙ අද ය.. මට මාර ජෙලස් ය.. උඹලා වාගෙ ගේම්කාරයො විපක්ෂෙ ඉන්න එක ගැන පර්සි මහත්තයා බය වෙන එක සාදාරණ ය.. විමල් මහත්තයා වගේ පචායුදයක්--අයි මීන්, පංචායුදයක්-- මටත් තිවුණා නම් කියා මට දැන් හිතෙන්නේ ය..


මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..

10 comments:

  1. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..//
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. //මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය//

    උත්තරේ තමයි
    මහින්දට රඟපාන්න පුළුවන් එත් රනිල්ට බැරි වීම.
    අපේ අය බොරුවට කැමති වීම.අපේ මිනිස්සු බොරු කරන්න,කියන්න විතරක් නෙමේ අහන්නත් කැමති වීම.

    ReplyDelete
  3. රනිල් හොඳට ඉගෙනගත්ත කෙනෙක් . අවුල් තියෙන්නේ මිනිහා සිංහලෙන් කියන්න ගත්තම කෙලව ගන්නවා . මිනිහ කඩ්ඩෙන් හොඳ හරබර ටෝක්ස් දෙනවා මම අහල තියෙනවා .

    ReplyDelete
  4. Me yana widiyata matanam therena widiyata percy hamuta padigewa unbawenuwata rata palanaya karawanne umbaya.// Patta,Thanks.

    ReplyDelete
  5. රනිල් දේශපාලනය ගැලපෙන්නේ අපි වගේ දේශපාලනය ප්‍රාථමික විදියට කරන රටවල් වලට නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී ද්වීපක්ෂ ක්‍රමයක් තියන දියුණු සදාචාරාත්මක දේශපාලනයක් තියන රටකට

    ReplyDelete
  6. unbiased view of the ranil

    http://www.divaina.com/2014/10/26/nimna09.html

    ReplyDelete
  7. //මට තියෙන එකම පුරස්නෙ නම්, මෙච්චර සිරා ඉන්ටනැෂනල් ගේම් දෙන්න පුළුහංකම තියාගෙන උඹැහැ මොන මගුලට එකදිගට ඡන්ද පරදිනවා ද කියා ය.. අපේ සුපිරි තානාපතිලා දශක ගණනක් මහන්සි වී, පර ෂුද්දන්ට නොවඳිනා වැඳුම් වැඳලා තහනම් කොරගත්ත එක, එක විසිට් එකෙන් ආපහු කැන්සල් කරවන්න තරම් ටැලන්ට් එකක් තියාගෙන උඹ මොන මගුලට විපස්සෙ ඉන්නවා ද කියා මට තේරෙන්නෙ නැත.. ඒ නිසා මගෙ පුංචි මොළේට වැටහෙන විදියට උඹ මේ කරන්නේ ද ගේමකි.. රට්ටු කතන්දර කියන්නේ උඹහැ පර්සි හාමුගෙන් පඩි ලබනවා කියා ය.. මේ යන විදියට මට නම් තේරෙන විදියට පර්සි හාමුට පඩි ගෙවා උඹ වෙනුවට රට පාලනය කරවන්නේ උඹ ය..//
    +++++++++++++++++++

    ReplyDelete
  8. මමත් පලවෙනි සැරෙ රැල්ලට සපොට් කරේ මහින්දට, ඒත් අවුරුදු 10 ආසන්න කාලයක් එතුමාගේ සහ රනිල්ගේ වැඩ දැකලා තේරෙනවා රනිල් කියන්නේ මාරම පොරක් කියලා. මම මේවා අපේ අපක්ෂපාති මීඩියා වලින් දැනගත්ත කරුණු නෙවෙයි වෙනත් ක්‍රම වලින් දැන ගත්ත දේවල්.

    රනිල් කියන්නේ පොරක් තමයි. 2002 කාලේ රනිල්ගේ ආර්තික උපදේෂක වුනේ සිංගප්පූරුවේත් නම ගිය පුද්ගලයෙක්. අපි කෙටි කාලීනව බඩ ගැන නොහිතා ඒ කාලේ ගෙවෙන්න දුන්නනම් අපි අද මීට වඩා ගොඩක් හොද තැනක ඉන්නවා. ඒක කියනකොට තවත් කෙනෙකුගේ තර්කය තමයි මහින්ද නැතුව කවදාවත් යුද්දේ දිනන්න බැහැ කියන එක. ඇත්ත රනිල් කවදාවත් යුද්දේ දිනන්නේ නැහැ. ඒත් රට බෙදන්නේ නැති බවත් සහතිකයි. කවුරු මොනවා කිව්වත් කොටින් ගේ කඩා වැටීම පටන් ගත්තේ රනිල්ගේ කාලේ. අවුරුදු 25 උතුරු නැගෙනහිර කෑලෑවලට වෙලා හිටපු දෙමල කෙල්ලෝ කොල්ලෝ ජීවිතේ පලමු වතාවට මොන යුද්ද තිබුනත් සිංහල අපි ජිවත් වෙන නිදහස් විදිහ දැක්කේ ඒ කාලේ. වැඩි දෙනෙක් යුද්දේ ගැන දෙපාරක් හිතන්න පටන් ගත්තේ ඒ කාලේ. කරුණා කැඩෙන්න පටන් ගන්නේ ඒ කාලේ. රනිල් හිටියනම් යුද්ද නොකර මේ ප්‍රශ්නය ඉවර වෙනවා.

    ඒත් අපි බැලුවේ හැම දේම තමන් ගැන පලමුව කියන සංකල්පයෙන්. අපිට මොනවා හරි කරලා ගානක් කපා ගන්න පුලුවන්නම්, රටට හෙන ගැහුවත් කමක් නැහැ කියන විදිහට. රාජ්‍ය සේවය ඕනවටත් වඩා පිරිලා තියෙද්දි අපිට ඕන වුනේ තව තවත් රජයේ රැකියා. තව තවත් සහන...

    ReplyDelete
  9. Casinos Near Foxwoods Resort Casino - MapyRO
    Casinos Near Foxwoods Resort Casino in 강릉 출장샵 Find your nearest casino and 창원 출장안마 poker room or find a place 광주광역 출장샵 to play. Mapyro 양주 출장샵 users are 광명 출장안마 always at your

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.