logo banner

Sunday, November 23, 2014

ජනතාවගෙන් වසං කළ "සටන" මෙන්න | "Satana" (full video of censored political program)

පූර්විකාව (මංජුල සමරසේකර විසිනි)

සිරස අද සටන දේශපාලන වැඩසටහන පැවැත්වීමේන් කලේ ඉතා හොද දෙයකි.

මේ හරහා කරුණු කීපයක් සාක්ෂාත් වුණි. මට තේරුණ කාරණාවලට අමතරව ඔබට යමක් වැටහුණා නම් මෙහි සටහන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

1. මහින්ද රාජපක්ෂ යනු තව දුරටත් යුද්ධය මෙහෙයවූ අභීත නායකයා නොව, විරුද්ධ මතවාද ජනතාවට ලගා වීම වැලැක්වීම සදහා නිර්ලජ්ජිතව තාක්ෂණික කඩා කප්පල් කාරි ක්‍රියා සිදු කරවන බියගුළු ගොඩේ බයියෙකු බව බඩේ බත් මෙන් සපථ විය.

(න ජච්චා ගොඩේ බයියා හෝති - කම්මනා ගොඩේ බයියා හෝති)

2. මේ ඡන්දයේ අරමුණ වියරු ඒකාධිපති රාජපක්ෂ පාලනය පෙරළා දමා සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවට තමන් කැමැති පාලනයක් සෘජු හෝ වක්‍ර බලකිරීමකින් තොරව පත්කරගත හැකි වාතාවරණයක් සැකසීම පමණක් මිස රාජපක්ෂ වෙනුවට සිරිසේන පත්කර ගැනීම නොවන බව පැහැදිලි විය.

3. ඉහත දෙවනි කාරණය අනුව කටයුතු කළද, ඒ බව මහජනතාවට සන්නිවේදනය කිරීමේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජිත සේනාරත්න යම් ආකාරයක හානියක් පොදු අපේක්ෂක පාර්ශවයට සිදු කළ හැකි බව පැහැදිලි විය.

(මේ නම් අතරට තවත් නම් කීපයක් එක් විය හැකි බව ඉගි ලැබෙමින්ද පවතී, නමුත් ප්‍රභල කථිකයෙක් ලවා මේ පොදු ප්‍රයත්නයේ අපේක්ෂාව අනුව අවශේෂ තනි පුද්ගල චරිතවල ස්වභාවය ගැන තැකීමක් කළ යුතු නැති බව සන්නිවේදනය කළ යුතුව තිබේ)

3. පෞද්ගලිකව මා හටද, තවත් බොහෝ දෙනා හටද ඇති වී තිබූ ප්‍රමුඛ ගැටළුවක් වූ ජනාධිපතිවරණයේදී ජවිපෙහි භූමිකාව ගැන ඉතා පැහැදිලි හෝඩුවාවක් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ලබා දෙනු ලැබිණ.

ජවිපෙ තම නිල මතය තවම සෘජුව ප්‍රකාශ නොකළද, රාජපක්ෂ පාලනයේ දුර්දාන්ත ස්වභාවය පැහැදිලි කරන, අන් සියළු පක්ෂවලට වඩා නිර්මාණශීලී ප්‍රචාරක වැඩ පිළිවෙලක් ජවිපෙහි ඉතාම මෑතකදී දියත් කරනු ඇත. ඒ හරහා මෛත්‍රී දිනවිය යුතු බව නොකීවද, මහජනතාව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන පැහැදිලි මාර්ගෝපදේශයක් ලබා දෙනු ඇත. ජවීපෙ තම අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනු ඇත.

(මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි. මෛත්‍රීලාට, රාජිතලාට, රතන හිමියන්ට කෙළ වූ විට මතක් වූ සත්‍ය තර්ජන, අවලාද, මඩ ප්‍රහාර හමුවේ නොබියව, නොසැලී, දිගින් දිගටම පැවසූ අනුර කුමාර සහෝදරයා නැවතත් තම නායකත්ව හැකියාව මනාව ප්‍රදර්ශණය කලේය)

4. මෛත්‍රීපාල සහ රතන හිමි හෙළි කරන ලද කරුණු ඇසුරෙන් ශ්‍රීලනිපයේ සහ සංධාන ආණ්ඩුව ජේ‍ය්‍යෂ්ඨ ඇමතිවරුන් අතර ඇති තද බල පීඩනය ගැන මනාව පැහැදිලි විය. කුමන ආකාරයේ කුමන්ත්‍රණයකින් හෝ රාජපක්ෂ නැවත බලයට පත්වූවොත්, මීළග වසර කීපය තුළ රටපුරා අති භයානක ලේ වැගිරීම් සිදුවන ආකාරයේ මහජන නැගීටීමකට ඉහත කී අමාත්‍යවරුගේම සහයෙන් මාර්ගය විවර වනු ඇත.

5. අවසාන වශයෙන් රාජපක්ෂ පාලනය බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් පොදු අපේක්ෂකයා කැපී පෙනෙන තත්වයක් උඩ, අපි මීට සති කීපයකිට කලින් කීවාක් මෙන්, මේ වියරු ඒකාධිපතියා ශ්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැකි මට්ටමේ මිල අධික තාක්ෂණික උපකරණ, මැර කණ්ඩායම්, කටකතා බලකායන්, සයිබර් ප්‍රහාරකයන්, මාධ්‍ය මර්ධකයන්, සුරා, අල්ලස්, ගණිකාවන්, ජිල්මාට්, රාජ්‍ය දේපල, රාජ්‍ය සේවකයන් ඉදිරි සති කීපයේ සිට භාවිතා කරනු ඇත. මෙය බොහෝ විට ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති භයානකම, දූෂිතම මැතිවරණය බවට පත්වනු ඇත.


( මේ අවසාන කාරණයට බිය වන අයට කියන්නට ඇත්තේ, හැංගිලා ඉන්න ඔබට අනාගතයේ ඔබේ දරුවා ශාප කරනු ඇති බවයි )


සටන සම්පූර්ණ සංවාදය

2014 නොවැම්බර් මස 22වන දින සිරස මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වූ, එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් Peo TV සහ ඩයලොග් TV මගින් වාරණය කරන ලද "සටන" සම්පූර්ණ දේශපාලන සංවාදය මෙතැනින් නරඹන්න..

Part 1



Part 2



Part 3



Part 4


4 comments:

  1. ANURA KUMARA MONAWADA KIWWE, HARIYATA POTHAK KATA PADAM KARALA WAGE.
    JVP STHAWARAYA MOKAKADA KELIN KIYANNE NATHTHE AI.
    MATANAM HITHTHENNE ME AYATH, KOOTI 50 ARAGENA WAGE.

    ReplyDelete
  2. මේ වැඩසටහන තුළ සිටි ප්‍රතාවත්ම චරිතය බවට පත්වූයේ නිසැකයෙන්ම මෛත්‍රී නොව අනුර කුමාරයි.//
    අනිවාර්යයෙන්ම
    අනුර කුමාරපක්ෂ නායකත්වයටපත්වූ දා සිටම තම විශිෂ්ටත්වය පෙන්වූවා
    මෙහිදීත් ඔවුන් ඉතාම නිවැරදි ස්ථාවරයක.ඔවුන් මෙයට ඉදිරිපත්නොවී යම් මාර්ගෝපදේශකත්වයක් දෙනව.එයයි විය යුත්තෙ

    ReplyDelete
  3. ජවිපෙ සතුව තම පක්ෂ න්‍යාය පත්‍රයක් තියෙනවා ඉදිරි මහ මැතිවරනයක් වෙනුවෙන් ඉලක්ක කරගෙන. ඒක වරදක් නොවේ. හැම පක්ෂයක්ම එහෙමයි. කාරනය පැහැදිලියි මරාව පරදමු කියන්නේ මෛත්‍රීව දිනවමු කියන එකනේ. එහෙම නැතුව ටැට්ටර් සාදුට ඡන්දේ දෙන්න කියන එක නෙමෙයි. හෙට අනිද්දා වෙනකොට ජවිපෙ දායකත්වය සාර්ථකව ලබාදිය යුතු යැයි අපි හිතනවා. එය එසේම වේ යැයි අපිටත් හිතෙනවා. ඒ නිසා අනුර කුමාර කියනවා වගේම පළමුවෙන් කලයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවම වටිනාකම හරි ගොඩනගා ගන්න මේ ඒකාධිපතියා පරාජය කිරීමයි.

    ReplyDelete
  4. අනුර කුමාර දිසානායක සහ ජ වි පෙ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන්න ඒ වේදිකාවටම ගොඩ විය යුතුයි. අපේක්ෂකයෙක් නොවී මැතිවරණ රැස්වීම් පැවැත්වීමට නීතියෙන් ඉඩක් නැහැ.

    පොදු අපේක්ෂකයා හොඳ වුනත් නැතත් එයාගෙ වැරදි තිබුනත් නැතත් මේ වෙලාවේ එයාව දිනවිය යුතුමයි. ඒක රටට වගේම මහින්දටත් කරන සේවයක්. මහින්ද නැවත පත් වෙලා වැටෙන්න යන වළෙන් ගොඩගැනීම කළ ගුණ දත් ජනතාවගේ යුතුකමයි.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.