logo banner

Tuesday, January 29, 2013

මයියා සහ Fuck Off!

අවවාදයි! මෙම පොස්ටුවේ කුණුහරුප සඳහන් විය හැකිය. එබැවින් සංවේදී සිත් ඇති පොඩි බබාලා මෙය කියවීමෙන් වළකින්න.


What the Fuck is Fuck?

Fuck යන වචනය ඉතා රසවත් ඉතිහාසයක් ඇති වචනයකි. සරලව කියනවා නම් "ලිංගිකව එකතු වනවා" යන අර්ථය ඊට ඇත. මෙය කවදා කෙලෙස ඉංග්‍රීසි වාඞ්මාලාවට එක වීදැයි නොදන්නා නමුත් ඒ ගැන රසවත් ඉතිහාස කතා රාශියක් ඇත.

එවැනි එක කතාවකට අනුව  එහි ඉතිහාසය මෙසේය. මධ්‍යකාලීන යුගයේ පැවති මහාමාරිය වසංගතය කෙතරම් දරුණු වීද යත්, ජනගහණ පාලනය සහ ආගමන විගමන පාලනය අතිශයින්ම වැදගත් කරුණක් බවට   පත් වී ලු. එහිදී අයිරිෂ් සහ බ්‍රිතාන්‍ය රටවල වැසියන් හට දරුවන් හැදීමට පෙර "ලයිසන්" ගැනීමට සිදු වී ලු. (මෙකලද මෙය සිදු වන්නේ නම් කොතරම් හොඳ දැයි සිතේ. නමුත් මේ දිනවල හොට් ටොපික් එක ඕක නොවේ; කසාද පහක් කරගැනීමය.)

ඒ කාලයේ ළමයින් හැදීමට පෙර රජුගෙන් අවසර ගැනීමක් කළ යුතු වී ලු. ඉතින් මෙවැනි ලයිසමක් ගන්නා යුවලක්, සිය නිවසේ දොරටුවේ Fornication Under Consent of the King හෙවත් "රජුගේ අවසරය යටතේ සංසර්ගයේ යෙදේ" යන වැකිය සහිත පුවරුවක් එල්ලා තැබීම සිරිතක් වී ලු. මෙලෙස අවසරයකින් තොරව ලිංගිකව එකතු වන්නන් (එකල කොන්ඩම් යනුවෙන් දෙයක් තිබුණේ නැත.) හට දඬුවම් පැමිණවීමට මහේස්ත්‍රාත් වරයා හට අවසර තිබුණේලු. (වරද කරන එවුං හොයා ගන්නේ කෙසේද, උන්ට දෙන දඬුවම් මොනවාද යන්න සොයා බැලීමට වටී.)

මෙන්න මේ Fornication Under Consent of the King යන්නෙහි මුල'කුරු හතර ගෙන FUCK යන කෙටි නම සැදුණේ යයි ජනප්‍රවාදයක් පවතී. කෙසේ වෙතත් අද වන විට මෙය සැළකෙන්නේ කුණුහරුපයක් (හෙවත් තහනම් වචනයක්) ලෙසය. මීටම සමාන්තරව "ශුක්‍ර" යන සංස්කෘත වචනයෙන් බිඳගත් "හුකනවා" යන ශුද්ධ සිංහල වචනයද තහනම් වචනයක් සේ සැළකේ.

යමෙකු ආවේගශීලී වූ විට එක්කෝ තමාටම, නැතහොත් අනිකාට "Fuck!" ("හුකපං!") යනුවෙන් කීමේ පුරුද්දක් ඇත. Fuck Off යන්න අන්තිම පොෂ් ඉහළ පාන්තික වචනයක් වන විට, ඊටම සමාන්තර එකට එක ගැළපෙන සිංහල වචනය වන "හුකා ගනිං!" යන්න අන්තිම පහත ගණයේ වචනයක් වන්නේ කෙසේද යන්න අපට නම් නොතේරේ. සමහර විට නොතේරෙන භාෂාවකින් කුණුහරුප කී විට එය කුණුහරුපයක් නොවනවා වන්නට ඇත. නැතිනම් සුද්දා කී විට කුණුහරුප පවා හොඳ වචන වන නිසා විය හැක. කෙසේ වෙතත් භාෂා දෙකක් එකටෙක පරිවර්තනය කිරීම සුදුසු නොවේ. එසේ කරන්නා හට වන්නේ රිටිගල මුදියන්සේට සිදු වූ දෙයය. නොදන්නවුන්ගේ දැනගැනීම සහ හුදී ජන පහන් සංවේගය පිණිස ඒ වගත් මෙසේම ලියා දක්වමු.

රිටිගල මුදියන්සේ ගේ වෙසක් නාටකය

අපේ රට සුද්දා අල්ලන් හිටි කාලයේ එක්තරා ගමක රාජකාරි කළ මුදියන්සේ කෙනෙකු, සිය වැයික්කියේ සංවිධානය කළ වෙසක් නාටකයක් මුහුරත් කෙරීමට ආරාධනා කෙළේ එවකට ඒ ප්‍රදේශයේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ දිසාපති තුමාටලු. දිසාපති තුමා එන නිසා අපේ මුදියන්සේ කතාව ලියා ගත්තේ කඩ්ඩෙන් ලු. එය ඉතා සරල, short and sweet කතාවකි. මෙන්න කතාව: 

Ladies and gentlemen, we are very glad to see you here. Your participation fills us with great pleasure. When the curtain is raised, you will see the play, thank you very much!

අන්තිම මොහොතේ දිසාපති තුමාට එන්නට නොහැකි බව දන්වා පණිවුඩයක් ඒවා තිබුණේලු. ඒ වෙනුවට ඒ පළාතේ වෙනත් ලොක්කෙකු සහ සිය පවුලම (පොඩි ළමයිනුත් එක්ක) සහභාගී වීමට තිබුණේලු. දැන් එන්නේ සුද්දා නොවේ, කල්ලෙකි. එබැවින් ඌට තේරෙන්නට කතාව හනි හනික පරිවර්තනය කිරීමට මුදියන්සෙට අවශ්‍ය වීලු. පරිවර්තනය බාරගත්තේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ලු. උන්නාන්සේත් කොයිකටත් කියා ලොකු හාමුදුරුවන්ගේ පොතකින් (එකල ශබ්ද කෝෂ තිබුණාද මම නොදනිමි) බලා ගෙන වචන ටික යන්තම් පරිවර්තනය කොළෝය. මෙන්න පරිවර්තනය. (ගළපා ගැනීම ඔබට භාරය)

  • Ladies and gentlemen = නෝනා වරුනි, මහත්වරුනි
  • glad = සන්තෝසයි
  • to see = දකින්නට
  • participation = පැමිණීම, පයුරුපාසානම
  • fills = පිරෙනවා
  • pleasure = සන්තොසය, උත්කර්ෂය
  • curtain  = තිරය, රෙද්ද
  • is raised = ඉස්සුවාම (raise = ඔසොවනවා, උස්සනවා) 
  • play = සෙල්ලම, නාටකය, කෙළිය (to play = කෙළිනවා)
  • will see = පෙනේවි
  • thank you very much! = බොහොම ස්තුතියි! 

(සැ.යු. වචන කිහිපයක් තිබෙන තැන් වල, ඇත්තටම පාවිච්චි වූ වචනය තද අකුරින් දක්වා තිබේ.)

"බ්‍රහ්මයාගේ මුව යනු බැමිණියගේ යෝනියද?"

කරුණාකර මට නොබනින්න! මෙය ඇසුවේ මා නොවේ, ලොවුතුරා බුදුන් වහන්සේය.


බැණීම යනු ඉතිහාසය පුරාවටම ඒක පාර්ශ්වික නීතියකි. කල්ලකු හට බනින්නට, ගහන්නට මතු නොව මරන්නට පවා සුද්දකුට නිදහස තිබුණි. හමේ පාට හෙවත් වර්ණය මත පදනම්ව මෙම බෙදීම සිදු වූ නිසා එය වර්ණභේද වාදය නමින්ද හැඳින්විණි. සුද්දන්ට දැන් පලු යනතුරු බැන්නත් ඒ කාලයේ පෙරදිග මහා ලොකු ශිෂ්ටම ශිෂ්ටාචාරය යයි කියා ගන්නා ඉන්දියාවේ ද, ශුද්‍රයන්ට සැළකුවේ බල්ලන්ටත් වඩා අන්ත විදියටය. අපි අද පෙරදිග ශිෂ්ටාචාරය මාර සිරා යයි කිව්වත් එකල පෙරදිග ශිෂ්ටාචාරය යනුද අමුම නරාවලකි. ශුද්‍රයන්ට වේදය ශ්‍රවණය පවා තහනම්ය. ශුද්‍රයකු දුටු විට ගෙදර ගොස් දෑස කිරෙන් සේදීම බමුණු සිරිතකි. ශුද්‍ර යනු "කළු" යන තේරුම දෙන වචනයකි. 

සමාජ සංශෝධකයකු ලෙස බුදුන් වැදගත් වන්නේ මේ නිසාය. ඒ ශුද්‍ර කුල සම්මත සුනීතලා, සෝපාකලා වැනි "කල්ලන්" මහණ කළා පමණක් නොව, සිය ගිහි කළ පුතණුවන් වූ, රාජ රාජේශ්වර සම්මත ගෝත්‍රයක උපන් රාහුල සමග එකට වාඩි කරවීමට තරම් කොන්දක් බුදුන්ට තිබුණු නිසා පමණක් නොව, "කෙනෙකු වසලයකු වන්නේ හෝ බ්‍රාහ්මණයකු වන්නේ ජාතියෙන් නොවේ යයි" කී නිසා පමණක් නොව, බමුණු මත වලට එලි පිට පහර දීමට තරම් හැකියාවක් තිබුණු නිසාය. ඊට ගැලපෙනම උදාහරණය දීඝ නිකාය, අම්බට්ඨ සුත්‍රයේ සඳහන් වේ. 

අම්බට්ඨ නම් බමුණු කුල උපන් ත්‍රිවේදී බමුණු කුමරෙක් සහ බුදුන් අතර ඇති වූ සාකච්චාවකි, ඒ. ඍග් වෙදයයේ 10වන මණ්ඩලයේ දැක්වෙන පරිදි,

බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසීද් -- බාහු රාජාන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍ය යද් වෛශ්යඃ -- පාදභ්‍යාම් ශුද්‍රෝ අජායති
තේරුම: බ්‍රාහ්මණයෝ (මහා බ්‍රහ්මයාගේ) මුවින් ද, බාහු වලින් රාජාන්‍යයෝද (ක්ෂත්‍රියයෝද), ඌරු වලින් වෛශ්‍යයෝද, පාදවලින් ශුද්‍රයෝද කරන ලද්දාහුය (උපදින්නෝය). 

බුදුන් විසින් කළ ලස්සනම සහ රිදෙන තැනට රිදෙන්නම වදින්නට පහර දෙන ප්‍රකාශය මේ ය.

"අම්බට්ඨ, තරුණ බැමිණියන් සරණ යනවා ඔබ දකිනවා නේද? ඔවුන් ගැබ්බර වනවා ඔබ දකිනවා නේද? ඔවුන් සිය යෝනියෙන් ළදරු බමුණු කුමරුන් ප්‍රසූත කරනවා ඔබ දකිනවා නේද? මේ සියල්ල දැක දැකත් ඔබ තවමත් බමුණන් උපදින්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් යැයි කියනවා නම්, බ්‍රහ්මයාට කළ හැකි ඊට වඩා අපහාසයක් තවත් කොයින්ද?" 
කරුණාකර ඔබ බෞද්ධයෙක් නම් සිනා වීම නවත්වන්න! ඔබ සිනා වෙන්නේ ඔබටමය. මන්දයත් මේ තරම් දැඩි ලෙස කුලවාදය හෙළා දුටු ගෞතම බුදුන්ගේ ශාසනයේ පැවිද්ද ලබා දීමත්, අද වන විට කුලය අත්‍යවශ්‍ය සාධකයකි. අද සමාජයේ කුලය විමසන්නේ තැන් දෙකකදීය. එකක් කසාදයේදීය. අනික මහණ කිරීමේදීය. පළමු වන්න කෙසේ වෙතත් දෙවැන්න ගැන අප අපටම සිනා විය යුතුය. 

සර් ජෝන් සහ කුකුළා


අපේ මෑත ඉතිහාසයේ මේ වර්ගවාදය අපි අත්වින්දේ සුද්දාගේ කාලයේදීය. අප කවුරුත් අසා ඇති සර් ජෝන් කොතලාවල සුද්දන්ට නෙලාපු හැටි ගැන කතා ඒමට ය. සමහර විට තේ වතු අයිතිකාර සුද්දා සිය සේවකයන්ට අම්මා අප්පා මතක් කර බනින විට, "මේ සුද්දා මේ තොපේ අම්මලට අප්පලට යකෝ මේ බනින්නේ.. මුගේ අම්මට හුකා ගන්න කියල තොපි දැන්වත් පලයව් ගිහිං වැඩ කරපියව්" යනුවෙන් වරක් ප්‍රසිද්ධියේම පැවසීමට තරම් කොන්දක් ඔහුට තිබිණි. 

වරක් සර් ජෝන් එංගලන්තයට ගොස් රෑ කෑමට රොස්ට් කුකුලෙක් ඉල්ලුවේ ලු. තිබුණු එකම කුකුළා සර් ජෝන් ගත් පසුව, එතනට ආ සුද්දෙකු ද රෝස්ට් කුකුළෙකු ඉල්ලුවේ ලු. ආපන ශාලා හිමියා සර් ජෝන් පෙන්වා, අවසන් කුකුළා මේ දැන් විකුණා හමාර යයි කීවේ ලු. සර් ජෝන් ලඟට ආ මැර සුද්දා මෙසේ කීවේලු. 

"තෝ මේ කුකුළාට කරන ඕනෙම දෙයක් මම තොට කරනවා!" (අදහස: තෝ මූව කැපුවොත් මම තෝව කපනවා! ) 

සර් ජෝන් තමන්ට නෙමේ වගේ කුකුළාගේ පුකට ඇඟිල්ල ගසා දෙපාරක් කරකවා එළියට ගෙන ලෙව කෑවේ ලු.

වර්ගවාදය සහ ක්‍රිකට්

සුද්දා අපට ක්‍රිකට් දී ගියාට ක්‍රිකට් අපේ ක්‍රීඩාවක් වූයේ 1996න් පසුවය යන්න අපේ මතයයි. අර්ජුන රණතුංග වැනි "පරණවාඩියේ හරක් මඩුව" ලෙස නම් කරනු ලැබූ පාසලකින් ආපු "සරොං ජොනියකු" එතනට නො එන්නට කවදාවත් එය සිදු නොවන බවද එසේම සත්‍යයකි. දෙමළ හින්දුවකු වන මුත්තයියා මුරලිධරන් හට සුද්දකු වන ඩැරල් හෙයාර් විසින් පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල කළ විට, ඊට විරෝධය පාමින් සිය කණ්ඩායම පිටියෙන් ඉවතට ගෙන යන්නට තරම් ලේ රත් වීමක් සිංහල බෞද්ධයකු වූ ඔහුට තිබිණි. මන්ද අප අපට මොන ලේබල් ගසා ගත්තත් සුද්දා ඉදිරියේ අප සැවොම කල්ලන්ය යන සත්‍යය, මහ ලොකු ජාතිකවාදී අයියලාට නොතේරුණාට, පරිනත නායකයකු ලෙස ඔහුට තේරුණු බැවිනි.



සුදු පාලනයෙන් අපේ සංස්කෘතියට ලද එකම හොඳ දෙය යනු ක්‍රිකට් යැයි, 2012 Cowdrey අනුස්මරණ දේශනය කරමින් කුමාර් සංගක්කාර පැවසීය. මෙතෙක් එය බලා නැති කෙනෙක් වේ නම් කරුණාකර එය නැරඹීම වඩා සුදුසුය. (අපේ රටේ අපේ යයි සම්මත කොට තෝරා ගත පාර්ලිමේන්තුවට, අපේ චන්දයෙන් ගිය අපේ ක්‍රීඩා ඇමතිතුමාට නම් ඒ ප්‍රකාශය දිරවා තිබුණේ නැත.)



අනික සුද්දන් කල්ලන්ට ක්‍රිකට් දුන්නේ ආදරේට නොව, උන්ට හිනා වීමටය යන මතය ඔස්සේ තිරගත වූ "ලගාන්" හින්දි චිත්‍රපටය  වාර්තා පිට වාර්තා පිහිටවීම සහ ඉන්දියානුවන් ක්‍රිකට් වලට දක්වන උන්මාදය අතර සම්බන්ධයක් නැතිවාම වන්නටත් බැරිය.


මයියා ගේ තහනම් වචනය

මයියගේ තහනම් වචනය අප වාර්තා කරන්නේ, සහ ඒ ගැන කතා කිරීම අන්තිමටම තබා ගත්තේ ඇයිදැයි මේ වන විට ඔබට වැටහෙනු ඇත. දෙනගමගේ ප්‍රබෝත් මහේල ඩි සිල්වා ජයවර්ධන නම් වූ ඒ සුන්දර, තැන්පත්, උගත් සහ නිශ්ශබ්ද මිනිසා, ක්‍රීඩා පිටියක් මැදදී ම අමු කුණුහරුපයෙන් බැන වැදීම නිකන්ම වුණා වන්නට ද බැරිය. මයියා යනු නොම්මර එකේ ක්‍රීඩකයෙකි. ටිප් කැච් එකක් හෙම වැරදිලාවත් මයියා අතින් මිස් වෙන්නේ නැත. වයසින් වසර 35ක් වෙතත් පළමු ස්ලිප් ක්‍රීඩක ස්ථානයේ ලෝකයේ හොඳම පන්දු රැකීම ඇත්තේ ඔහුගේ නමටය. එපමණක් නොව ඔහු නොම්මර එකේ පිතිකරුවෙකි. මයියාගේ Late cut එකට ගහන්නට එකෙක් අදටත් නැත. එමතුද නොව, මයියා යනු සිරාම නායකයෙකි. 2007 Wisdon සම්මානයෙන් පමණක් නොව, වත්මන් ICC ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද හොබවන දීප්තිමත්, බුද්ධිමත් නායකයෙකි.




ඔස්ට්‍රේලියාවට කොහොමත් ලංකාව ගැන පොඩි කැසිල්ලක් තිබේ. ඒ වග අපි 96 සිටම දන්නෙමු. ෂේන් වෝන් සහ මුරලි අතර පැවති වලිය නොදන්නා එකෙකු ඉන්නට බැරිය. එපමණක් නොව, ඔස්ට්‍රේලියාවට වැඩියෙන්ම නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වන රටවල් අතර ලංකාව අංක 1 සාඩම්බර ස්ථානය හිමි කරගෙන සිටී. මේ නිසා අප මොනවා කිව්වත් ඔස්ට්‍රේලියාවට නම් ලංකාව පරපුටුවෙකි. කන්න දොතේ නැතත් ක්‍රිකට් පම්පොරියෙන් ඉදිමෙන තුට්ටු දෙකේ කළු ජාතියකි.

කැන්ගරුවන් මයියාගේ තරහ අවුස්සා ගත්තේ මේ සීරීස් එක පටන් ගනිද්දීමය. ජය පෙනී පෙනී තිබුණු මැච් එක වැස්ස මුවාවෙන් ශේප් කරගෙන යන්තම් විළි වහගෙන, එක්දින තරග සම ශූරයන් වූ හැටි අපි උපේක්ෂාවෙන් බලා සිටියෙමු. මන්දයත් සැබෑ ක්‍රීඩකයන් කවුද, සැබෑ නායකයා කවුද යන්න අපි අපේ හදවත් වලින් ම දැනගෙන සිටි බැවිනි. එදා ඒ බලු වැඩේ නොකරන්නට මයියා ලීඩ් කළ අවසන් තරගමාලාව ජයෙන් නිමා වන්නට ඉඩ තිබිණි. තරගය නිමා වූ පසු ඒ ගැන නියම හින්ට් එකක් ගැසූ මහේල කියා සිටියේ "අපේ රටේ නම් අපි මුළු පිට්ටනියම වසන බවත්, ඕස්ට්‍රේලියාව ද ඒ ක්‍රමය අත්හදා බැලුවා නම් හොඳ බවත්" ය.



මැච් එක තියලා අවසාන වූ නමුත්, බලන්නේ හයිලයිට් නමුත්, ඊයේ පැවති තරගයේ අවසාන පන්දු තුන යැවීමට තිසර පෙරේරාට දුන්නේ මොකාටදැයි මටනම් තවමත් සිතෙන්නේ ය. අන්තිම බෝල තුනෙන් ජය පරාජය තීරණය වන විටක, "ඉඳා ගහපං" යයි දුන්නා සේ පිට පිටම එකම තැනට එකම විදියට බෝල තුනක් දැමීමට වඩා යමක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකුගෙන් අපි බලාපොරොත්තු වෙමු. වාසනාවට වගේ අන්තිම බෝලය මිස් වුණා නොවන්නට, මේ කතාව මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

පන්දු දෙක යවා අවසාන වූ පසුව සුද්දා සිතුවේ මැච් එක දිනා ඉවර යයි කියාය. තුන්වෙනි බෝලය එවන තුරු ඌට ඉවසිල්ලක් නැතිව ගියේය. Bring it on ("වරෙන් දාපං") යයි අභියෝග කරන්නට ඌට සිතුනේ එබැවිනි. කොහොමත් සුද්දන්ට දිනීම හරි හදිස්සිය. එදා 1815 ගිවිසුම අත්සන් කරන තුරු පවා නොසිට කොඩිය උස්සන්නට හදිස්සි වූ සුද්දාට වාරියපොළ සුමංගල හිමියෝ යස පාඩම් ඉගැන්වූහ. මුරලි ඊට නොදෙවෙනි ලෙස ෂේන් වෝන්ට පාඩමක් ඉගැන්වීය. උන්ට ඒවා මතක නැත. උන්ට  අමතක එක දෙයක් අපට මතක තිබේ. එනම් මීට වසර කීපයකට පෙරද, කැන්ගරුවන්ටම එරෙහිව මීට වඩා භයානක පරාජයක් පෙනී පෙනී අප දිනා ඇති බවයි. මෙන්න සාක්ෂි!



කතාවේ ඉතුරු ටික ඔබ දනී. නොදන්නේ නම් මෙන්න බැලිය යුතු හොඳම වෙලාව.



ඔබට මේ තුලින් පෙනෙන්නේ කාවද යන්න මම නොදනිමි. එහෙත් මට නම් පෙනෙන්නේ ශතවර්ෂ ගණනාවක් පුරාවට අපව පාගා ගෙන සිටි සුදු යටත් විජිතවාදයේ සාඩම්බර සෝපහාසය සහ, ඊට එරෙහිව නොබියව, සුද්දාගේ රටේදීම උගේ පිට්ටනියේදීම ඌට උගේ බාසාවෙන්ම අමු කුණුහබ්බෙන් බැනීමට තරම් කොන්දක් තිබුණු පොඩි කල්ලෙකි.

අපද මයියා අනුමත කරමින් කැන්ගරුවන්ට ඒ ටිකම කියන්නේ අන්න ඒ නිසාය. හැබැයි අප කියන්නේ උගේ බාසාවෙන් Fuck Off කියා නොවේ. අපේ බාසාවෙනි, එනම් "හුකා ගනිං!" කියාය.

Saturday, January 26, 2013

ටැබූගේ සෙවණැල්ල යට | Under the shadow of Taboo



"ටැබූ... යන නම බ්ලොග්-අවකාශයේ සරන්නන් හට අමුතු නුපුරුදු නමක් වන්නට බැරිය. බ්ලොග් එකකට කළ හැකි දේ මේ යැයි විදහා දැක්වූ, අතිශයින් සුමට කර්කශ (විරුද්ධාභාසයක් නොවේ) වාග් ප්‍රහාරයක අනුකම්පා විරහිත ප්‍රහාරය, පරිණත ලේඛකයකුගේ ස්වයං පාලනය සමග එකට දක්නට ලැබුණු විරල අවස්ථාවකි, ඒ. ඔහුගේ දේශපාලන දර්ශනය මොකක් වුණත්, (ගියා නම්) කාට කඩේ ගියත්, (කළා නම්) මොනවා මාකට් කළත් එය වටින්නේ ඒ නිසාය. 

ටැබූගේ පරණ ලිපි කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ තැන් තැන් වල දක්නට ලැබුණා මතකය. අතීතාවර්ජනා නමින් අපද ඒ ගැන වරෙක කියා තිබේ. එදා කී ඒ බොහෝ දේ අදටද එලෙසින්ම වලංගු යැයි සිතෙන තරමට ඒ කතා අළුත් බව නොකියාම බැරිය. 

"Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා"  නමින් එදා ඒ පළ කළ ලිපි සමහරක් යළි බ්ලොග් අවකාශයට මුදා හරින්නට ටැබූ පාඨකයකු ඉදිරිපත් වී සිටීම අප අගයන්නේ එබැවිනි. 

මේ සියල්ල කියන්නේ, මෙකී පුනරාගමනය නිසා "සැබෑ ටැබූ" හට මොනයම් හෝ අකරතැබ්බයක් සිදු නොවේවා! යයි පතන අතරතුරම බවද කිව යුතුමය. 

ගෙදරට ආපු මනුස්සයෙක් හිස'තින් යැවීම මේ රටේ සිරිත නොවෙන බැවින් ආපු එකේ කියවන්නට ඉහත බ්ලොගයෙන් ගත මෙන්න මේ කෙටි උධෘත දෙකක් පමණක් දක්වනු කැමැත්තෙමි.
"  ...කෙනකු උපතින් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නොවේ. ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් වෙත්මැයි. මේ කිව්වේ චේගුවේරා නොව බුදුන් වහන්සේය. එහෙත් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට නම් තවමත් කුලය වැදගත් සාධකයකි. සිළුමිණ පත්තරයේ බොහෝ මංගල යෝජනා පළ කරන්නේ “බොදු ගොවි දියණියට” හෝ “බොදු කරාව පුතුට” සම කුල පුතකු හෝ දියණියක හොයන දෙමාපියන්ය. ගෙදරට නාකිවුනත්, ගර්භාෂයේ මකුළු දැල් බැඳුනත් අඩු කුළ එකකු/එකියක හා සරණ යන්නට අපේ කුලවත් දියණියන්/පුතනුවන් කැමති නැත.කුලය ඉස්සරහට එන තවත් අවස්ථා දෙකක් අපේ සමාජයේ ඇත. එකක් දේශපාලනයයි. ජනප්‍රියතාවයෙන් හීන මහින්ද විජේසේකර නැමති දේශපාලනඥයා තාමත් ජාම බේරා ගන්නේ කරාව කුලයෙන් පක්ෂය නොසලකා ලැබෙන ඡන්ද වලිනි. කියන්නට ලැජ්ජා වුනත් කුලය වැදගත් වන අනෙක් අවස්ථාව දරුවකු මහණ කිරීමයි. අඩුකුල එවුන් වැද්ද ගැනීමට සියම් නිකායික භික්ෂූන් තවමත් සූදානම් නැත. එකට දේශපාලනය කළත් ගොවිගම මේධානන්දත් දුරාවේ ඕමල්පේ සෝභිතත් සිවුර පොරවන්නේ දෙයාකාරයකටය. ... "

මේ දෙවැන්නය.
" ...ප්‍රාග්-කොමියුනිස්ට්, වැඩවසම් රුසියාවේ යස්නයා පොල්යානාහි ලෙව් නිකොලායෙවිච් තෝල්ස්තෝයි දිවි ගෙවන්නේ රදළ සිටුවරයකුට සැම අතින්ම ගැළපෙන ආකාරයටය. හැම රදළයකු ලෙසින්ම තෝල්ස්තෝයිද තම වැයික්කියේ හැම බිම් අඟලක්ම තමගේ රාජකාරි සීමාව කරගනී. මීට දුප්පත් ගොවියන්ගේ පැල්පත් වල කීරි ගහන පරණ ඇඳන්ද අයත්ය. රදළයා ඇතුළුගෙයි තම තරුණ රූබර දියණිය සමඟ යහන් ගත වෙද්දී ඇගේ පියා හූල්ලමින් පිලේ ඈඳිගෙන සිටියි.

මොවුන් ගැබ්බර වූ විට (මේ ප්‍රාග්-කොමියුනිස්ට් පමණක් නොව ප්‍රාග්-කොන්ඩෝම් යුගයක්ද වේ.) සිටු මැදුරෙහි සේවය කරන නෝංජල් මිනිසකුට සරණ පාවා දෙනු ලබන්නේය. තරුණිය ලබන දරුවන් කාගේද යන්න ටික දෙනකුට රහසක් නොවන මුත් උප්පැන්නය ලියැවෙන්නේ අර නෝංජල් ‘පියාගේ’ නමටය.

මේ තෝල්ස්තෝයිට අවමන් කිරීමකැයි වරදවා වටහා නොගත යුතුය. මෙය වැඩවසම් යුගයේ සාමාන්‍ය පිළිගත් සම්ප්‍රදායයි. රදළයකුසේ තෝල්ස්තෝයිද මේ ගැන දෙවරක් නොසිතුවාට සැක නැත. වඩා ආසන්න පරිසරයකට ආවොත් ලංකාවේ හොරණ ශ්‍රීපාලිය බිහිකළ විල්මට් ඒ. පෙරේරාද මීට සමාන ජීවිතයක් ගතකළ රදළයෙකි. එවක සාරධර්ම අනුව මේවා අසාධාරණ හෝ අසම්මත චර්යාවන් සේ සැලැකුණේ නොවේ.
සමාජය රැවටුවද ජීව විද්‍යාව රවටනු බැරිය. කරදඬු උස්වන විට මෙකී දරුවෝද තම ජීව විද්‍යාත්මක පියාගේ ගති ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමට පටන් ගනිති. නෝංජල්ව ඇකිළී සිටිනු වෙනුවට රදළයන්ට පොදු ගතියක් වන ‘චණ්ඩිකම්’ ප්‍රදර්ශනය කරන්නට පටන් ගනිති.

තෝල්ස්තෝයිටද මෙබඳු මැර ‘අවජාතක දරුවකු’ සිටි බව සඳහන්ය. මේ සිය ගණනකින් එකකු විය හැකිය. පසු කලෙක ඔහුගේ අස්ස කරත්තයේ රියැදුරා වූයේ මේ තරුණයාය. කොයි තරම් පැමිණිලි ආවත් තෝල්ස්තෝයි තම ‘රියැදුරාගේ’ මැරකම් මුවින් නොබැණ ඉවසූ බවත් සඳහන්ය. ...  "

ඉතුරු ටික කියවනවාද නැද්ද යන්න ඔබට භාරය. 

Thursday, January 24, 2013

නයි නළඟනගේ කතාව

කොල්ලුපිටියේ සමාජ ශාලාවක රැඟුම් පෑ "නයි නළඟන" හෙවත් දන්තුරේ පදිංචි නිරෝෂා විමලරත්න  පසුගිය කාලයේ සයිබර් අවකාශය තුළ බොහෝ කතාබහට ලක්වූ චරිතයකි. මෙය කියවන සෑම කෙනෙකුටම පසුගිය දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක් වූ "නාගීනා" සිහි වන්නට ඇති බව නිසැක ය. සැබෑ නම නිරෝෂා විමලරත්න වුවද ඇය රඟන්නේ ඩිලානි චොප්රා යන ආරූඪ නමිනි. රටේ තොටේ වද වෙන්නට අටෝරාසියක් කරුණු කාරණා තියෙද්දී නයෙක් සහ නළඟනක් ගැන මෙතරම් වද වීමට අපේ රටේ මිනිස්සුන්ට ඇති හේතුව කුමක්දැයි සෙවීමට අපට ද සිතක් පහළ විය. මේ සටහන ලියන්නේ ඔය කතාව එදා මෙදා තුර ඇදී ආ අන්දම යළි මතක් කරමිනි.


මෙතෙක් කතාව:

කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේදී නයෙකු තුරුළු කරගෙන නිදා ගත්තේ යයි යන චෝදනාව පිට 21 හැවිරිදි ඩිලානි පොලිස් අත් අඩංගුවට පත් වන්නේ 2012 දෙසැම්බර් මස දීය. ඇගේම වචනයෙන් කියන්නේ නම්, "කිසිම වග විභාගයක් නැතිව අසභ්‍ය වචනයෙන් බැන වැදී පොලිසියට ගෙනයාමෙන්" පසුව, කොල්ලුපිටිය පොලීසිය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබේ. ඊට පෙර ඇය මානසික රෝගියකු යයි කියමින් කොළඹ ජාතික රෝහලට ද ඈ ඇතුළු කර තිබූ බව කියවිණි. කතාව ඇරඹෙන්නේ එතැනිනි.

අනතුරුව දිග හැරෙන නාටකයේ විවිධාකාර ජවනිකා පෙළකි. මේ අසන්නේ සැබෑ ජීවිතයේ කතාවක්ද, නැතහොත් හින්දි චිත්‍රපටයක තිර රචනාවක්දැයි සිතා ගැනීමට බැරි තරම් එය සංවේදීය. හද කකියවන සුළු ය. එබැවින් අපි මෙය කොටස් වශයෙන් විභාග කරමු.

මුලින්ම කිව යුත්තේ සුරතලයට ඇති කළ හැකි සහ නොහැකි ලෙස සතුන් වර්ග දෙකක් ඇති බවයි. කෙනෙකුට ඕනෑ ඕනෑ හැටියට සතුන් සුරතලයට හදන්නට බැරිය. එහෙම පුළුවන් වුණානම් ක්ලියෝපැට්රා අග රැජන කළා සේ චීටාවකු හදන්නට, නෙෆෙස්තිනීස් කළා සේ පිඹුරකු හදන්නට, නැතිනම් හැරී පොටර් කතාවේ voldemort සේ නයෙකු හදන්නට ඕනෑම කෙනෙකුට හැකි විය යුතුය. සත්‍ය නම් අන්තරායකර සහ වනගත සතුන් සුරතලයට හැදීම සත්ත්ව හිංසා සහ ආරක්ෂණ පනත යටතේ නීතියෙන් තහනම් බවයි. බල්ලන්, බළලුන් මෙන් නොව, නයින් පොළඟුන් ගෙදර නොහදන්නේ එබැවිනි.


එහෙත් මේ ලංකාවය. මෙහෙ නීති රීති යනු පරණ ජංගියක් වගේය. ඒ කියන්නේ නමට විලි වැහෙන්නට තිබුණත් තැන් තැන් වල ඉරුණු හිල් තිබෙන බව සහ ඒ තුළින් සමාජයේ සත්‍ය නිරුවත් භාවය පෙනෙන බවය. මේ රටේ පමණක් නොව ලෝකයේ කිසිම රටක හදන්නට අවසර නැති වඳවී යන පක්ෂීන් රජ මැදුරේ යසට වසන්නේ එබැවිනි. කන්ට දෙන්ට එකෙකු ඉන්නවා නම් එතන දාල යන්නට සතා සීපාවා වත් කැමති වන්නේ නැත. එබැවින් ඒ ගැන වැරද්දක් සතුන්ට කියන්නට බැරිය. රජතුමා නම් කොහොමත් හරිය. එතුමා අතින් වැරදිලාවත් වැරදි වෙන්නේ නැත. (එත් එතුමාගේ අහිංසක කම සහ නොදැනුවත් කම මතින් අයුතු ප්‍රයෝජන ගන්නා විජාතික කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස යම් යම් දේ වන්නට පිළිවන. මොනවා වුනත් යුද්දේ දිනු රජ්ජුරුවන්ට කවුරුත් දොස් කීම මහම මහ තුප්පහි වැඩකි.) එතකොට වැරදි අපි ය. එනිසා අපි ඒ ගැන කට වහගෙන ඉඳීම වඩා හොඳය.

අපි යළිත් මාතෘකාවට ආවොත්, මේ කී පරිදි නයෙකු සුරතලයට හැදීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ නළඟන වැරදිය. හැබැයි ඈ හරි වුනත් වැරදි වුනත් පොලීසිය ඈට කුණුහරුපයෙන් බැන වැදීම ගැන ඈ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබේ. මේ ද ඇගේ නොදන්නා කමය. වසර ගණනාවක් මේ රටෙන් පිට ජීවත් වුණු නිසාදෝ දිලානිට මේ රට ගැන දැනුමක් නොමැත. අංක එකේ කාරණය, නමට හදිසි නීතිය අවලංගු කළත් මේ රටේ හැමදාමත් ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය බව ඇය දන්නේ නැතිවා විය යුතුය. අංක දෙකේ කාරණය නම් මේ රටේ අධිකරණ තියෙන්නේ නමට පමණක් බවය. (අගවිනිසුරුටත් නීතිය ක්‍රියාත්මක නොවන රටේ මොන නීතිද බං.. හුකෑස්.. ) එබැවින් එතුමියගේ සහ (පොලීසිය එහෙම නොකළ යුතු යයි කියන) අපේ සම-හරක් ගේ දැනුම වැඩීම පිණිස මුලින්ම මේ කතන්දර දෙක කිව යුතුය.


කතන්දර අංක එක: වළහා සහ පොලෝසිය.



ඔන්න එකෝමත් එක කාලෙක රට රටවල පොලෝසි වල අපරාධකරුවන් ඇල්ලීමේ හැකියාව මැන බැලීමට එක්තරා පරීක්ෂණයක් සැලසුම් කළා ලු. මීට රට රටවල බොහෝ පොලොසිද සහභාගී වුණේ ලු. මීට අපේ රටේ පොලිස් මාමලා දෙන්නෙක්ද සහභාගී වුනේ ලු. කරන්නට තිබ්බේ සුළු දෙයකි. කාලයකට මුදා හළ හාවකු, අඩුම කාලයක් තුල සොයා ගෙන එන්නාට ජයග්‍රහණය හිමි වේ.

මුලින්ම කැලෑවට ගිය එංගලන්ත පොලිසිය, ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ගස් මුල් වලින් පවා කට උත්තර සටහන් කරගෙන අවසානයේ කියා සිටියේ හාවා ආගිය අතක් නොමැති බවත් ඌ සෙවීම සඳහා බුද්ධි අංශ සහය ලබා ගත යුතු බවත්ය.

ඇමරිකාව නම් ඊට වඩා ඉතාම ප්‍රායෝගිකව සහ ඉක්මන් ලෙස කළේ වියට්නාමයට කළා සේ මුළු කැළයටම අධිබලැති නේපාම් බෝම්බ එල්ල කොට කැලය ගිනි තැබීමයි. අන්තිමට ඔවුන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් හාවාගෙන් කිසි බියක් නොමැති බවත්, ශිෂ්ට සම්පන්න ලෝකයට මින් පසුව සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි බවත්ය.

චීනයෙන් ගිය දෙන්නා කළේ හාවා ගේ සියලුම ළඟ ඥාතීන්ගේ සියලුම චංචල නිශ්චල දේපළ රාජ සන්තක කිරීමයි. ජනතාවාදී සමාජයක් තුල කිසිම පරගැති, ප්‍රතිගාමී හාවෙකුට සෙල්ලම් දමන්නට බැරි බවත්, ධනේශ්වර පන්තියේ බඩගත්තරවාදී බත් ගොට්ටන්ට චීනය නිසි පිළිතුර දී ඇති බවත්, ජනතාවගේ සතුරා සියල්ලගේම සතුරා බවත්..... තවත් වැල් වටාරම් රාශියකින් පසුව හාවා එළියට ආපු දිනක ඌට ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්නට සිදුවන බවත් ඔවුන්ගේ නිල ප්‍රකාශයේ සටහන් විය.

ලංකාවේ දෙන්නා කැලය තුල ගත කළේ විනාඩි 15 කටත් අඩු කාලයකි. හැබැයි ආවේ හිස් අතින්ද නොවේ. තඩි වලහෙක් ඇවිද ගන්නටත් බැරිව (ලාච්චු කෝස් එක නිසා විය හැක) උන් දෙන්නා එක්කම (දක්කා ගෙන එමින්) මෙසේ කියමින් එනු පෙනිණි. "අනේ සර් තවත් නම් ගහන්නෙපා.. මම තමා හාවා, මම තමා හාවා.. අනේ බුදු සර් ගහන්නෙපා!"


දෙවන ජවනිකාව: සුපිරි නළඟන අහිගුන්ටික වීම



කතන්දර අංක දෙක ලිපියේ අන්තිමට තබා අපි නයා සහ නළඟන දෙසට හැරෙමු. ඇගේ හදාගත් පියා වන ආර්.එම්. විමලරත්න සිහල බෞද්ධ වන අතර ඇගේ මව ඉන්දීය සම්භවයක් ඇති බව මාධ්‍ය වාර්තා වල දැක්විණි. රටේ ජනතාවට නළඟන වෙනුවෙන් කරුණු කී පිරිස කීවේ කීවේ නිරෝෂා හින්දු භක්තික බවත්, නිතර නිතර කෝවිල් යන බවත්, ඇය නයින්ට දේවත්වයෙන් සළකන බවත්ය. ඇගේ පියාද නයි නටවන්නකු වන අතර ඔහු සතුව නයින් තිදෙනෙකු ද සිටින බව කියවිණි. තවද මෙකී නාගයා ඈට දොඩම්වල දේවාලයේදී නැයින්නක විසින් දන් දුන් බවද ඈ මාධ්‍ය වෙත පවසා තිබිණි. ඒ ගැන මුළු විස්තරය මෙතනින් කියවිය හැකිය.  ඇගේ නියම පියා ඉරාන ජාතිකයකු බවද ඇගේ මව නාසික් හි සහ පියා හයිද්‍රාබාද් හි පදිංචි බවද සිය ජන්ම භූමිය ඉන්දියාව බවද ඇය කියා සිටී.

දරු තිදෙනෙකු ගෙන් සමන්විත විමලරත්න පවුලේ බාලයා වන දිලානි, දන්තුරේ මාධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ වනතුරු ඉගෙන ගෙන, අධ්‍යාපන සමත්කම් ද දක්වා ඇති තැනැත්තියක් බවද සඳහන් විය. දන්තුරේ සෙන්ට්‍රල් එකෙන් සාපෙළට උගත්, නුවර සිංහල බෞද්ධ පවුලක හැදුණු වැඩුණු, ඉරාන ජාතික නයි නටවන්නකුගේ ඉන්දීය දියණිය, කොළඹ කොල්ලුපිටියේ සුපිරිම සමාජ ශාලාවක නළඟනක් බවට පත් වීම ම අපේ සමාජය ගැන පුළුල් පැතිකඩක් ගැන විග්‍රහ කළ හැකි මාතෘකාවකි. දන්තුරේ සහ කොල්ලුපිටිය අතර මහා දුරක් තිබේ. ඒ වනාහී ඇවිදින දුරින් පමණක් නොවේ. සංස්කෘතික, සමාජයීය සහ ආර්ථික අතින්ද මේ පරිසර දෙක අහසට පොළොව වගේ ය. මේ දෙක යා කළේ කවුද, කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ඒ ගැන ඇගේම වචනයෙන් කියනවා නම්, "ක්ලබ් ජීවිතේ ගැන ඉගෙන ගන්නකොට මම ගොඩක් දුර ගිහින් ඉවරයි."

උසාවියේදී නළඟන ගේ පැත්තට කරුණු දක්වූ විත්තියේ උගත් නීතිඥ මහත්වරු පැවසුවේ වෙන කතාවකි. එනම් ඔය කියන අන්දමට එහෙනම් මේ රටේ ඉන්නා සෑම අහිගුන්ටිකයකුම වැරදි කරුවකු වන බවත්, නයින් සමග මුළු ජීවිතයම ගත කරන ඔවුන් අල්ලන්නට මොනාක පොලීසියක් වත් එන්නේ නැති නම් මේ නඩුවට පමණක් මෙතරම් බර තබන්නේ මන්ද යන බවත්ය. කතාවද ඇත්තය. අහිගුන්ටිකයන් ජීවත් වන්නේ "පෙට්ටිය ඇතුලේ නයියා පටවාගෙන" යන තරමටය. ඕක තහනම් කළොත් වෙන්නේ වහ කන්නටය. එබැවින් අන්තිමට උසාවිය විසින් එතෙක් දෙහිවල සත්වෝද්‍යානයේ රඳවාගෙන සිටි නයා නළඟන වෙතම භාර දීමට නියෝග කරන ලදී. එහෙත් රටේ ඕනෑ තරම් නඩු, පරම්පරා හතර පහ පරක්කුවෙද්දී මෙතරම් ඉක්මනට මේ නඩුව විභාග වුණේ කෙසේද, ඊට මුදල් ලබා දුන්නේ කවුද යන්න ගැන කිසිම සටහනක් අපට දැන ගන්නට ලැබුණේ ද නැත.

නළඟන ඇල්ලු පොලිසියට විරුද්ධව ලක්ෂ 20ක වන්දියක් ඉල්ලා දිලානි විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද නඩුව, නිමල් ගාමිණි අමරතුංග, එස්.අයි. ඉමාම් සහ චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මේ වන විට විභාග වෙයි. එය 2013 මාර්තු මස 13 වෙනි දින යළි විභාගයට ගැනීමට නියමිතය. සිය නයාගේ දළ කඩා ඇති බවත්, ඌට රිදවා ඇති බවත් ඇය මාධ්‍ය වෙත හැඬුම්බර හඬින් කියා සිටියාය. නයා බැරිනම් යකා ඇල්ලුවත් ඌට හින්සා පීඩා පැමිණවීම නම් වරදක් ලෙස අපිද දකිමු. හැබැයි ඉතින් ඒ අපේ පොලෝසියේ හැටිය. කතන්දර අංක දෙක කියවූ පසුව වඩාත් පැහැදිලි වනු ඇත. කොහොමත් මේ නඩුවෙන් පොලිසිය පරදින්නේ නැති බව දන්නා නිසා මේ නඩුව ඉල්ලා අස් කරගැනීම වඩා හොඳය. නැතහොත් අර සමෘද්ධි නියාමක තුමා තමන්වම ගසකට බැඳ ගත්තා සේ, මේජර් රෙහාන් තමන්ටම පහර දී ගත්තා සේ, නැතිනම් ලකී මහත්තයා දුමීව දැක තමන්ටම වෙඩි තියා ගත්තා සේ නළඟන ද තමුන්ටම මොකක් හෝ කරගනු ඇත. අපි මේ කියන්නේ ඇයගේ හොඳටය.


කතන්දර අංක දෙක: ලෝවැඩ සඟරාව

එක්තරා පොලිසියක පොලිස් සේවයට බැඳීමට අයදුම් කළ කොල්ලෙකුගේ සාමාන්‍ය දැනීම පරීක්ෂා කර බැලීමට ස්ථානාධිපති හට සිත් විය. කොල්ලා ලඟට කතා කර ගත් ඕ අයි සී උගෙන් මෙසේ ඇසීය.

"තමුන් දන්නවද ලෝවැඩ සඟරාව ලිව්වේ කවුද කියල?"
"අනේ නෑ සර්, මම පත්තර සඟරා කියවන්නේ නැහැ."
"ඕයි!! ලෝවැඩ සඟරාව කියන්නේ එහෙම එකක් නෙමේ! තමුසෙට විනාඩි පහක් දෙන්නම්, කල්පනා කරලා බලල දෙනවා මට උත්තරේ!"

මෙසේ කියා සිතෙන් බැන බැන එලියට යන ගමන්, අපේ ස්ථානාධිපති තුමා ළඟ හිටි එස්.අයි. කෙනෙකුට කතා කොට මෙසේ කීය. "අන්න අරූගෙන් අහල දැනගන්නවා කවුද ලෝවැඩ සඟරාව ලිව්වේ කියල.."

විනාඩි දහයකට පසුව ලොක්කා ඇතුළට එන විට කොල්ලා හතර ගාතෙන් බිම වැටී සිටි අතර, කාමරයේ බඩු මුට්ටු වලින් හොඳ හරියක් ද ඉවරයක් කොට කඩා බිඳ දමා තිබිණි. ඒ මැද ජයග්‍රාහී විලාසයෙන් සිටගෙන සිටි එස්.අයි. මෙසේ කීය.

"බලන්න සර් මම දෙකයි ඇන්නේ.. මූ යස අගේට කිව්වේ මූ තමා ඕක ලිව්වේ කියල.. කොහෙද සර් ල මුන්ව හුරතල් කරනවනේ!!"


තුන්වන ජවනිකාව: නළඟන හලාල් වීම (සහ පොලිසිය හොඳ වීම) 


මෙතෙක් අපි කතා කළේ අතීතය ගැන නිසා අපි දැන් තිර නාටකයේ වර්තමානයට එමු. එනම්, ජනවාරි 23 වනදාට ය. කතාව ඇරඹෙන්නේ ඩිලානි චොප්රා නොහොත් නිරෝෂා විමලරත්න සිය රාත්‍රී වැඩමුරය අවසාන කොට එදින පාන්දර 3.30 ට පමණ සිය ඉරාන ජාතික පෙම්වතා වන "සුල්තාන්" සමග ඔහුගේම රථයෙන් වැල්ලම්පිටියට පැමිණීමත් සමගය. තමාව විවාහ කර ගන්නා බවට පොරොන්දු දෙමින් සිටින නමුත් දිනෙන් දින විවාහය මග හරින පෙම්වතා සමග හට ගන්නා බහින් බස් වීම දුරදිග යන්නේ එවිට ය. අවසානයේ මේ වචන හුවමාරුව අවසාන වන්නේ බෝතල් කටුවකින් ගෙල කපා දැමු ඩිලානිගේ සිහිසුන් සිරුර, වැල්ලම්පිටියේ තෙල් පිරිපහදුව අසල මහමග දමා යාමෙනි. අධික රුධිර වහනය නිසා මරණයට පත් වීමට පවා ඉඩ තිබූ ඩිලානි වැල්ලම්පිටිය පොලීසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන පොලිසිය විසින් හඳුනාගෙන ඈ පෙරවරු 5.45 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් නොකරන්නට ඈ මරණයට පත් වීමට පවා ඉඩ තිබිණි.

සුල්තාන් ගැන යමක් කියන්නේ නම්, ඩිලානි / නිරෝෂා සමග දිගු කලක් අඹු සැමියන් ලෙස එකට ජීවත් වූ පුද්ගලයකු බව මේ වන විට හෙළි වී තිබේ. නිරෝෂාගේ කොළඹ ආගමනයෙන් පසුව සීදුව සමාජ ශාලාවකදී ඇයට මුණ ගැසෙන මේ පුද්ගලයා, මුදල් හදල් අතින් පමණක් නොව ආරක්ෂාව අතින්ද ඇයට සහය දී තිබෙන බව කියවේ.

දීර්ඝ කාලයක් තිස්සේ ගෙනගිය ඇසුර සම්මත එකක් බවට පත් කරන්නට ඇයට ඉතාම තද වුවමනාවක් තිබූ බව කියවේ. සමහර විට උපන් රට, මවුපිය රට මොකක් වුණත් අපේ සංස්කෘතියෙන් කොටසක් හෝ ගෑවී තිබීම නිසා විය හැක. එහෙත් අපේ ප්‍රේමවන්තයා නම් ඊට එක පයින්ම විරුද්ධ වූ බවද කියවේ. එක අතකට ක්ලියෝ ක්ලබ් එකේ නැට්ටිච්චියකට කර ගහනවාට වඩා හොඳ තැනකින්, උපන් දා සිට බුර්ඛාවකින් මුහුණ පමණක් නොව මුළු කයම වසාගත් නහඹුල් යුවතියක් සිය ජීවන සහකාරිය ලෙස තෝරා ගන්නට ඔහුට හිතුණා වන්නට පිළිවනි. එහිද එතරම් වරදක් නොමැත. නමුත් ගැටළුව වන්නේ කසාදය නොකිරීමට හේතුව ආගමික හේතුවක් නම්, නැට්ටිච්චි "හරාම්" නම්, මෙච්චර කල් ඈ සමග නිදි වැදීම "හලාල්" වුයේ කෙසේද යන්නයි.

කොහොමත් කියන දේ නාහන ගැහැණුන් හට තරවටු කරන්නට, සිරි යහනේදී වෙන් කරන්නට, කොන් කරන්නට පමණක් නොව, අවශ්‍ය නම් කෝටුවකින් තලන්නට වුවද කුරානයෙන් නීතියෙන්ම ඉඩ දී ඇති බැවින් මේවා එතරම් වද වන්නට කාරණා නොවේ. මැද පෙරදිග නමින් හඳුන්වන නරාවලේ වහල් සේවයට යන අපේ අක්කලාට නම් මේවා සාමාන්‍ය දේවල් ය. හාම්පුතුන්ගේ බැල මෙහෙවර කරන්නට, ලිංගික අසහනය දුරු කරන්නට පමණක් නොව වරදක් වුණු විට හම යනතුරු කසෙන් තැලුම් කන්නට පවා සූදානම් වී යා යුතු ගමනකි, ගෘහ සේවය. හදිසියේ පොඩි එකාට කිරි පොවන විට ඉස්මොලයෙ ගොස් ළමයා මැරුනොත් රිසානාට කළා සේ අර සේවිකාවගේ හිස ගසා දමනු ලැබේ. එතනදී ඈ මුස්ලිම් ද නැද්ද යන්න සළකා බැලීමක් නැත. අනික එහෙම හිස් ගැසුම් කෑවත් හැදු වැඩු අම්මා අප්පා වත් ඒක වැරදියි කියන්නේ නැත. මේ එම සමාජයේ හැටි ය. ඒක අපට කෙසේ වෙතත් ඔවුන්ට නම් වරදක් නොවනවා වන්නට ඇත.

එබැවින් ඩිලානිට ඇත්තේ, ඔය ලැබුණේ සුල්තාන්ව බැන්දා නම් වෙන්නට තිබුණු ටිකේ රිහර්සල් එකක් යයි හිතා හිත හදා ගැනීමයි. කොහොමත් නියම ෂෝ එකට පෙර රිහර්සල් කිරීම නළඟනක් වන ඇයට අමුත්තක් වන්නට බැරිය. එබැවින් මෙතනින් එහාට මේ "ෂෝ" එක යන්නේ කොතැනටදැයි තීරණය කිරීම අපේ නොව, ඇගේ තීරණයකි.

අවසානයේ අපේ පොලිසිය ගැනද යමක් කිව යුතුය. පොලිසිය නිසා හිත රිදීමට ලක් වූ ඩිලානි, මහ මග හිඟන්නියක් සේ පණ අදින විට, දෛවයේ සරදමකට මෙන්,  ඈ රෝහලට ගෙන ගොස් ඇගේ ජීවිතය ගළවා ගත්තේද පොලිසිය විසින්මය. ඒ අතින් ගත් කළ මේ කතාව "නාගීනා" ට ද වඩා හොඳය. නාගීනා ඔරිජිනල් එකේ වත් මේ තරම් චරිත පරිවර්තන තිබුණේ නැත; විටෙක ඇය චතුරව හින්දි බව හසුරවන ඉන්දීය ගැමි කෙල්ලකි. විටෙක ඇය දුප්පත් සිංහල බෞද්ධ පවුලක බාල දියණියකි. විටෙක ඇය, ඔබට මට, හැමදාම හමුවන, නුවර සාප්පුවක ෂොප් ගර්ල් කෙනෙකි. විටෙක ඇය ඉරාන ජාතික නයි නටවන පියෙකුගේ දුවකි. නයින් සමග සාංසාරික බැඳීමක් ඇති අමුතුම කෙල්ලකි. නයින් සමග මිත්‍ර වීමට මතු නොව, උන් කියන දේ තේරුම් ගැනීමට පවා හැකි කෙල්ලකි. තවත් විටෙක ඇය සිය ඉරාන ජාතික මුස්ලිම් පෙම්වතාගෙන් බැට කන මධ්‍යකාලීන ඉස්ලාමික පීඩිත යුවතියකි. එහෙත් ඒ සමගම තමාට සහ තම නයි සුරතලාට කළ හිංසාවට එරෙහිව උසාවි යන්නට පවා ශක්තියක් ඇති විප්ලවකාරියකි.

එහෙත් අපේ සමාජය නම් හැමදාමත් ඈ දකිනු ඇත්තේ කොළඹ සුපිරි ක්ලබ් එකක නයින් සමග රැඟුම්පාන නයි නළඟනක් ලෙසය.


Tuesday, January 22, 2013

බොක්කේ සිටම හලාල්


“මුස්ලිම් ආක්‍රමණයේ ස්වරූපය නොහොත් ගර්භාෂ න්‍යාය”


පූර්විකාව

ඉස්ලාමය යනු සාමයේ ආගම යයි මරහඬ දෙන අපේ උන්දෙලාට තරු විසිවන දේවල් බොහොමයක් පසුගියදා සිදු විය. එහෙත් අප ඒ ගැන කතා නොකළේ මන්දැයි බොහෝ දෙනා විසින් ප්‍රශ්න කරන්නට යේදී තිබිණි. ඇත්තටම ඒ ගැන කතා නොකෙළේ රිසානාගේ අම්මා අප්පටවත් නැති අමාරුවක් අපට ඇති වන්නට හේතුවක් නැති නිසාය. හැදු වැඩු දෙමවුපියන්ම තම දරුවා හිස ගසා මරා දැමු පසුව, දරුවා දුන්නෙත් අල්ලාහ් ය, ගත්තෙත් අල්ලාහ් ය, ෂරියා යනු දේව නීතිය ය, කියන කොට අපට කට කසන පලියට කට නෑර තද කොට වසා සිටීමම නොවේද යස?

මේ සතියේ අප ඔබට ඉදිරිපත් කරන්නේ ඉන්දියාවේ හිටපු පොලිස්පති වරයකු ගේ ඇසින් ජිහාඩය දුටු අන්දමයි. මේ ලිපිය අප ලියන්නේ, මීට පසුව එන ලිපි ගණනාවක ප්‍රවේශය බවට පත් කරමිනි. (මෙහි කර්තෘතුමා කවරෙකු වෙතත් ඔහුට / ඇයට අපේ ප්‍රණාමය! )

කතුවැකිය

ඉන්දියාවේ වෙසෙන මා හිතවත් ඉන්දීය ජාතික මිත්‍රෙයකු විසින් මා වෙත එවන්නට යෙදුණු ලිපියක් මෙසේ ම‘විසින් සිංහලයට නැගීමට කටයුතු ක‍ළෙමි. ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පතිවරයා විසින් ලියන ලද මෙම ලිපිය එරට ජාතික පුවත්පත් කිහිපයක ම පළවිය. මුස්ලිම් ජන විද්‍යාත්මක ව්‍යාප්තවාදය පිළිබදව ඉන්දීය රාජ්‍ය නිළධාරින් දරන මතවාදය එයින් ප්‍රකට වෙයි. නමුත් ලංකාවේ මෙසේ ඍජුව කතා කරන්නට තරම් කොන්දක් ඇති සිංහල රාජ්‍ය නිළධාරින් නොවීම ගැන අපි කම්පා වන්නෙමු.

"ශුද්ධ" වූ කුරාණය 

ඉස්ලාමිකයන් විසින් ම ශුද්ධ යැයි කියාගන්නා එක්තරා කෘතියක් තිබේ. එය වූ කලි කුරාණය යැයි කියනු ලැබේ. මෙය ශුද්ධ වන්නේ කවර කාරණයකින් ද කියා අපි නොදනිමු. කෙසේ වෙතත් ඉස්ලාමිකයෝ උපායෙහි අතිශූර ය. ඔවුන් බහුතරයක් වෙසෙන සියලු රටවල සාක්ෂරතාව ඉතා පහළ අගයක් ගන්නා නමුත්, සහජයෙන් ම ලැබුණු සියුම් සට කපට වෙළද ඤාණයකින් ඔවුහු යුක්ත වෙති. මේ නිසා ඔවුහු කපටියෝ ලෙස හැදින්විය යුතුය. මෙයින් දශක කිහිපයකට පෙර යුරෝපය හා ඉන්දියාව තද නින්දකට වැටී සිටිද්දී මුස්ලිම් රටවල නායකයෝ තීරණයකට එළඹුණහ. ඇත්තෙන් ම එය මහත් බලගතු ක්‍රීඩාවක් සේ හැදින්වීමෙහි වරදක් නැත. ශුද්ධ යැයි ඔවුන් විසින් ම කියාගන්නා පොතට අනුව ශුද්ධ වූ අල්ලා වෙනුවෙන් කැප කරන ලද, ෂරීයා නීතිය පිළිගන්නා ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයකට ඔවුහු මුල සකස් කළහ. ලෝකයේ අද්‍යතන සමාජ රටාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතාන්ත්‍රවාදී න්‍යාය තුළ ඒකාධිපති හෝ ආක්‍රමණකාරී ලෙස රටවල් යටත් කරගැනීම දුෂ්කර බව වටහාගත් එම මුස්ලිම් නායකයෝ ප්‍රජාතාන්ත්‍රවාදය තුළින් ම වඩාත් ශක්තිමත් අධිරාජ්‍යයක් තැනීමට මං සෙවූහ. ඒ අනුව ලෝකය ඇල්ලීමේ හොද ම මෙවලම ජන සංඛ්‍යා විද්‍යාව බව ඔවුහු තේරුම් ගත්හ. ලෝක බලවතා වීමේ දේශපාලනික අභිප්‍රාය, නොපෙනෙන අල්ලාගේ කර මතින් දමා අශුද්ධ රාජ්‍යයන්ගෙන් සමන්විත ලෝකයක්, ශුද්ධ නාමයෙන් තැනීමේ කර්තව්‍යය ඔවුහු බාරගත්හ. ඒ අනුව ලෝකය පුරා ප්‍රබල මුස්ලිම් ගහණයක් ඇතිකිරීම ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැසුම විය. අද වන විට මුලු ලෝකයේ සියලු ම රටවල් තුළ මේ කුමන්ත්‍රණකාරී පාදඩ ව්‍යාපාරය ක්‍රියාත්මක වේ. එළිපිට ම ක්‍රියාත්මක වන ඇමෙරිකානු බලවේග වලට වඩා ලෝකය ප්‍රවේසම් විය යුත්තේ මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට ය. ක්‍රිස්තියානි යුරෝපය මෙන් ම, හින්දු ඉන්දියාව ද ඉහළ මුස්ලිම් ජනගහනයක් ඇති කොට මුස්ලිම් රාජ්‍යයන් බවට පත්කිරීමේ මූලික සැලසුම් දැනටමත් සැකසී හමාර ය. ශතවර්ෂ හතරකට ආසන්න අතරමැදි කාලය හමාර වීමෙන් පසුව ඉස්ලාමය වඩාත් අන්තවාදී මුහුණුවරකින් කළඑළි බැස තිබේ. ඔවුහු කවර රටක ව්‍යාප්ත ව සිටියත්, ඔවුහු තමන්ගේ අනන්‍යතාව මැනැවින් රකින්නේ ඒ උපාය අනුව ය. ඔවුහු තමා ඉන්දියානුවෙකැයි කීමට මැලි වෙති. හින්දූන්, තමා ඉන්දියානුවකැයි කියා ආඩම්බර වෙද්දී මුස්ලිම් ජාතිකයෝ තමා මරක්කලයෙක් වීම ගැන ආඩම්බර වෙති.

ආගමක්ද, දේශපාලන ක්‍රමවේදයක්ද? 

කුරාණය, හදිත්, සහි බුකාරි, සහි මුස්ලිම් යන සහතික කරන ලද ප්‍රකාශනයන්ට අනුව ඉස්ලාම් යනු ඇත්ත වශයෙන් ම යටපත් කර දමනු පිණිස ම හැදුණු දේශපාලනික ක්‍රමවේදයකි. එහි ආගමික ලක්ෂණ නැති හෙයින් අප එයට ආගමක් යැයි කිව යුතු නැත. එහි උගන්වන ආකාරය අනුව, පළමුව සෙසු ආගමිකයන්ට ස්ව කැමැත්තෙන් තමන්ගේ මිත්‍යාදෘෂ්ටික අල්ලා දෙවිදුන් යැයි කියාගන්නා කෙනාගේ ආගම යැයි කියාගන්නා ප්‍රපංචයට අනුගත වන සේ දැනුම් දෙයි. එය ‘ඩාවා‘ නමි. එසේ නැතහොත් ‘ජිහාඩ්‘ නම් ශුද්ධ යැයි කියාගන්නා අශුද්ධ තිරිසන් යුදමය මාවතට පැමිණීමට මේ නින්දිත ආගම විසින් ඉඩ ලබා දෙයි. හින්දු දර්ශනය සහ බුද්ධ ධර්ශනය සේම කිතු සමය යුද්ධය ප්‍රතික්ෂේප කොට සාමය අවශ්‍ය බව කියද්දී, මේ අශුද්ධ ආගම යුද්ධය අනුමත කිරීමෙන් ම පෙනී යන්නේ එය ආගමක් නොව, දේශපාලන උපාය මාර්ගයක් පමණක් ම වන බව ය. මෙසේ යුද්ධයෙන් ආගම ගෙන යාම ‘දාර් උල් ඉස්ලාම්‘ ලෙස හැදින්වේ. දැනටමත් ඉන්දියාව තුළ මෙම පවස නිවාගැනීමේ කටයුතු ඇරඹී තිබේ. සෙසු සියලු ම ආගම් විසින් මනුෂ්‍යත්වය උතුම් සේ දේශනා කරද්දී මේ අශුද්ධ ඉස්ලාමය, මනුෂ්‍යත්වය මගහැර යයි. ඔවුන් මනුෂ්‍යත්වය යැයි කියන්නේ, අල්ලාගේ ෂරීයා නම් වූ අධම, ම්ලේච්ඡ නීතියට ය. තම රාජ්‍යයට සම්බන්ධ නැති බව හැගවෙන සේ ව්‍යාජ රගපෑම්වල යෙදෙන බවට පොරොන්දු ගෙන, ත්‍රස්තවාදී පහර දීම් ලොව පුරා සිදුකිරීමට මුස්ලිම් රාජ්‍යයන් උපකාර කරති. මෙම ‘ජිහාඩ්‘ නම් අශුද්ධ තිරිසන් ම්ලේච්ඡ යුද්ධය වැඩිපුරම ව්‍යාප්ත කරන්නේ, නිහතමානී මිනිසුන් වෙසෙන ශිෂ්ටාචාරයක ඇති රටවල ය. මෙම ජිහාඩ් සංවිධානවලට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන යන දැඩි ක්‍රියාකලාපය, ලිබරල්වාදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙතත්, එය එසේ නොවන්නට අද ලිබියාව, සවුදිය, ඉරාකය වැනි රටවල් ඉතා බලවත් ව ලෝකයේ සෙසු රාජ්‍යවලට බලපෑම් කරනු ඇත.
(ඇමෙරිකාව විසින් මැදපෙරදිග සිදුකරන යුද කටයුතු සිදුවන්නේ මේ ජිහාඩයට බලවත් සේ දායක වන රටවල් වෙතට ය. ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, ඉරාකය, සිරියාව, ලිබියාව, ඊජිප්තුව ආදි රටවල් දැනටමත් ඇමෙරිකාව හමුවේ අන්ත පරාජයට පත් ව සිටීම ගැන අප සතුටු විය යුතුය. - පරිවර්තක)
1995 දී සවුදියේ තිබූ ඇමෙරිකානු පුහුණු මධ්‍යස්ථානවලට බෝම්බ දමා ඇමෙරිකානු සෙබලුන් 5 දෙනෙකු මරා දමා තිබිණි. ඇමෙරිකානු ගැත්තෙකු යැයි ජිහාඩය විසින් එවක හදුන්වා දී සිටි ඊජිප්තුවේ හොස්නි මුබාරක් ඝාතනය කිරීමට ද ම්ලේච්ඡ මුසල්මානු අන්තවාදීහු උත්සාහ කළහ. 1998 දී කෙන්යාවේ හා ටැන්සානියාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලවලට පහර දී තිබිණි. එම ප්‍රහාරවලින් ඇමෙරිකානුවෝ 224 ක් පමණ මිය ගියහ. ඇමෙරිකානු බුද්ධි අංශවලට අනුව එය බින්ලාඩන්ගේ කුමන්ත්‍රණයකි. බින්ලාඩන්ගේ කුමන්ත්‍රණවලින් ම යේමනය අසල මුහුදේදී ඇමෙරිකානු නාවිකයන් 12 ක් මරා දැමුණි. 2001 සැප්තැම්බර් 11 වන දා ඇමෙරිකාවේ හදවතට පහර දීම සමගින් ම ඇමෙරිකාව, මේ ජිහාඩයට විරුද්ධ යුද ප්‍රකාශ කළේය. එහි මුල් පියවර ලෙස තලේබාන් අල්කයිදා සංවිධානය ඉලක්ක කෙරිණි. ඇමෙරිකානු ප්‍රහාරයට පසුව, එනම් 2001 දෙසැම්බර් 13 වැනි දා ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්කර් -ඊ-ටයේබා නම් ජිහාඩ් ක්‍රියාකාරිකයෝ ඉන්දියාවේ හදවත වන, ඉන්දියානු ලෝක් සභාවට (පාර්ලිමේන්තුව) ද පහර දුන් හ.
මේ දක්වා බටහිර රටවල් හා ඉන්දියාව ජිහාඩ් පහරදීම් රැසකට ලක්ව සිටී. 2008 නොවැම්බරයේ 20 වැනි දා මුම්බායේ සිදුවූ ජිහාඩ් පහරදීමෙන් දහස් ගණන් ඉන්දියානුවෝ මිය ගියහ. මේ වනවිට (2011 වන විට) ලෝකය පුරා ජිහාඩ් පහරදීම් 18300ක් සිදු ව තිබේ. මේවායින් 60000ක් පමණ මියගොස් 90000ක් පමණ තුවාල ලබා තිබේ. (මෙම වාර්තාවලට පසුගිය වසර 2 තුළ සිදුවූ පහරදීම් ඇතුළත් නොවේ.)
මෙම පහරදීම් බොහොමයක් පෙර සදහන් කළ මුස්ලිම් රාජ්‍යවලට සම්බන්ධ නොකර සිදුකිරීමට, ත්‍රස්තවාදීහු කටයුතු යොදා ඇත. එහෙත් ඔවුහු එම රටවලින් පෝෂණය වන්නන් බව සැගවීම අපහසු ය. ඉන්දීය පාර්ලිමේතු ප්‍රහාරය සිදු කළ ජාහිෂ්-ඊ-මුහම්මද් සහ ලස්කර් -ඊ-ටයේබා පිළිබද කළ පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු අනුව ඔවුහු සවුදි රජයේ මූලික අනුග්‍රහය ලබන්නන් බව තහවුරු වී තිබේ. නමුත් ක්‍රියාවලිය මෙහෙයවනු ලබන්නේ පාකිස්තානය යි. තලේබාන් හා අල්කයිදාවන් පෝෂණය කළේ ද පාකිස්තානය යි.

ජන බලය සහ ඔලු ගෙඩි ගණන

මුසල්මානුවන්ගේ ගැලවුම්කාරයා යැයි කියන ලෝකය විනාශ කිරීමේ මහාභාරකරු වන අල්ලාගේ අණ වන්නේ ‘මිස්කට්-උල්-මසාබි‘ හි කී පරිදි ලෝකයේ ‘උම්මා‘ශක්තිය වර්ධනය කරගැනීම යි. එනම්, වැඩි වැඩියෙන් දරුවන් බිහි කළ යුතු බවයි. මියගිය ඔරියානා ෆැලැසි ලියූ නම් සායනික විශ්ලේෂණාත්මක කෘතියට අනුව ඇය පෙන්වා දී තිබෙන්නේ, ඉස්ලාමිකයන්ගේ අවසන් ඉලක්කය වන්නේ ඔලුගෙඩි ගණනින් ම මුස්ලිම් නොවන රටවල බලය අල්ලාගැනීම වන බවයි. ඉස්ලාම් ජිහාදයේ මෙම ජන ප්‍රසාරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් හා අතු සියල්ල විනාශ කර දමයි. රටක මුස්ලිම් ගහණය වැඩි වූ විට ‘ෂරීයා‘ නම් තුච්ඡ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඔවුන්ට ලැබේ.

මුස්ලිම් නොවන රටවල හා මුස්ලිම් වර්ගයා වෙසෙන රටවල මේ ව්‍යාපාරය ශක්තිමත් කරන්නේ ‘උලෙමා‘ නම් සංවිධානය විසිනි. ආහාරයෙන් පවා මුදල් ගරාගෙන ස්වකීය වර්ගයා ගොඩනැගීමට උත්සාහ ගන්නේ ඔවුහු ය. මුස්ලිම් උගතුන් යැයි කියන නූගත් අන්තවාදීන් විසින් ජනවිද්‍යාවේ වැදගත්කම පල්ලිවලදී ඔවුන්ට උගන්වති. උපත් පාලන ද්‍රව්‍ය තහනම් කර ඇති අතර, කුඩා පවුල් ද අකැප බව පෙන්වා දෙන්නේ ඔවුහු ය. මුස්ලිම් රටවල අතිරික්ත ජනගහනය විදේශ, මුස්ලිම් නොවන රාජ්‍යයන් සදහා ශ්‍රමිකයන් ලෙස පිටත් කර හරින්නේ ද මේ සැලසුමේ ම කොටසක් වශයෙනි. මෙසේ මුස්ලිම් වරු සිටින කවර හෝ රාජ්‍යයක වේවා දේශපාලනය අනිවාර්යයෙන් ම ව්‍යාකූල වීම පොදුවේ දැකගත හැකිය. ඔවුහු පරපෝෂිතයෝ ය.
රටක් සංවර්ධනය වීමට නම්, ප්‍රමාණවත් තරම් කාර්යක්ෂම මානව සම්පත අවශ්‍ය ය. එමෙන්ම රටේ ආරක්ෂාව සදහා ප්‍රමාණවත් තරම් තරුණ පිරිසක් ද අවශ්‍යය ය. විශේෂයෙන් ම ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, රුසියාව හා ඕස්ත්‍රේලියාව වැනි විශාල භූමියකින් යුක්ත රටවල් වල පවා දේශපාලන බිම් බෙදීම් තීරණය වන්නේ ජීවත් වන ජනවර්ගය, භූ විෂමතාව, සමාජයීය ව්‍යුහය හා ඉතිහාසය පිළිබද සැලකිලිමත් වෙමිනි. මේ තත්වය ද මුස්ලිම් අන්තවාදීන් යම් යම් රටවල් තුළ ස්ථාවර වීමේ දී උපාය කොට ගනිති. කෘතිම ඉතිහාසයක් මැවීම ඉන් එකකි.

බොක්කෙ සිටම හලාල් 

1974 දී ඇල්ජීරියාවේ ජනාධිපති බූමැඩියන්, එක්සත් ජාතින්ගේ සමුළුව හමුවේ මෙසේ කීවේයත
“අනාගතයේ යම්දිනය දසලක්ෂ ගණන් මිනිස් හමුදාවක් දකුණු අර්ධගෝලයෙන් උතුරු අර්ධගෝලයට සතුරන් ලෙසින් පැමිණෙනු ඇත. ආක්‍රමණකාරී ජන ප්‍රසාරණය ඔවුන්ගේ යුද අවිය යි. ඉන් බේරීමට අපට ඇති එකම පිහිට නම්, අපගේ ගැහැණුන්ගේ ශ්‍රේෂ්ඨ වූ ගර්භාෂය ම පමණි.”
The Force of Reason කෘතියේ දී ඔරියානා ෆැලැසි, අධික ලෙස මුස්ලිම්වරු බෝවීම මගින් රටවල් අල්ලාගැනීමේ ප්‍රතිපත්තිය හදුන්වාදෙන්නේ ‘ගර්භාෂයේ ප්‍රතිපත්තිය’ වශයෙනි. ඇය කියා සිටින්නේ 2011 දී පාකිස්තානයේ ලාහෝර් හි දී පැවැත්වූ ඉස්ලාමීය සමුළුවේදී ස්ථිර වූ යෝජනාවක් අනුව, විශාල මුස්ලිම් පිරිසක් නුදුරේදීම යුරෝපයට යවා යුරෝපය අල්ලාගැනීමට සැලසුම් කළ බවයි. යුරෝපයේ සෑම මුස්ලිම් පල්ලියක ම සිකුරාදා යාඥාව සිදුකරන ‘ඉමාම්’ වරයාගේ අනුශාසනාව වන්නේ වැඩිවශයෙන් දරුවන් බෝකරන ලෙස දැනුවත් කිරීම ය. අවම වශයෙන් එක් පිරිමියෙකු ගැහැණුන් දෙදෙනෙකු තබාගෙන සිටියි නම්, දරුවන් 10 ක් වත් බිහි කළ යුතු යැයි ඔහු කියයි. වැඩිවන සෑම බිරිදකට ම අවම වශයෙන් දරුවන් 5 ක් වත් ඉපැද්දවිය යුතු යැයි ඔහු අණ කරයි. යැපීමට අවශ්‍ය කරන මුදල් හා සෙසු උවමනා එපාකම්, ජුම්මාව හා උලමාව විසින් සපයයි.

ෆැලැසි විසින් යුරෝපා ලිබරල්වාදීන්ව හදුන්වා දෙන්නේ මූලධර්මවාදී ඉස්ලාමිකයන් නමැති පිළිලය පුරෝපය තුළට ගෙන ඒමට සහය වන ‘රැහැයියන්’ වශයෙනි. කාලකණ්ණි මුස්ලිම්වරුන්ට එරෙහි ව ජාත්‍යන්තර මට්ටමෙන් හඩ නැගූ ජියර්ට් විල්ඩර්ස්, කරළියට ඒමට පෙර ඒ ගැන ලෝකය ම අවදි කළ පළමු තැනැත්තිය වූයේ ද ඔරියානා ෆැලැසි ය. ඇය දන්වා සිටියේ, ක්‍රිස්තියානුවන් මුස්ලිමුන් සමග පවත්වන වෙළද ගණුදෙණු, සමාජ හා සංස්කෘතික සියලු සබදතා නැවැත්විය යුතු බව ය. 1972 දී පලස්තීන නායක ජෝර්ජ් හබ්බාස් සමග කළ සාකච්චාවක් ඇය ඉදිරිපත් කරයි. හබ්බාස් කියා සිටින්නේ, “පලස්තීන අර්බුදය ඊශ්‍රායලය සමග ගැටීමට වඩා වැඩි දෙයකි. ඔවුන්ගේ හතුරා යුරෝපය ද ඇතුළු මුළු බටහිර යි. අපේ විප්ලවය ලෝක විප්ලවයේ කොටසක්” යනුවෙනි.

මෙතනින්? කොතනටද? 

හබ්බාස් ව්‍යංගයෙන් කියා සිටියේ සංස්කෘතික හා ප්‍රජාවිද්‍යාත්මක මෙන්ම ආගමික යුද්ධයක් වන සිය බලය පැතිරවීම, තවත් රටක ජනතාවගේ උරුමය හා අයිතිය සූරාකෑමටත්, උදුරාගැනීමටත් වෙනුවෙන් වන බව ය. එය වු කලි සමස්ත ඉස්ලාමයේ ම ගෝලීය දැක්ම යි. එය පියවරින් පියවර, මිලිමීටරයෙන් මිලිමීටරය, තත්පරයෙන් තත්පරය ක්‍රියාත්මක වන්නේ අධිෂ්ඨානශීලිව ය. එමෙන් ම දරදඩු ලෙස ය. එය වූ කලි පෘථිවිය පුරා ම මෙහෙයවීම ඔවුන්ගේ අරමුණයි. මේ යටතේ ලෝකයේ සිටින කිසිදු මුස්ලිමයෙකු සුද්ධ කළ නොහැකිය. කුරාණය නම් මහා කෙබර ග්‍රන්ථය වටා එක් රැස්ව සිටින ඔවුහු සියල්ලෝ ම කටයුතු කරන්නේ එක ම අරමුණ වෙනුවෙනි. එය වූ කලි තිරිසන් ආගමක් ලෝකය පුරා පතුරුවා, ස්වකීය ආධිපත්‍යය වැඩිකිරීම යි.

1970 තරම් මෑත කාලයේ සිට ලොව පුරා සියලු ම මුස්ලිම් දේශපාලන නායකත්වයන් අඩු වැඩි වශයෙන් මෙම පාහර ව්‍යාපාරයට සහය වෙති. එයින් මිදී සිටින්නට ඔවුන්ට නුපුළුවන. නේපාලය, තායිලන්තය වැනි රටවල මේ තත්වය උග්‍ර ය. ඉන්දියාවට ද එසේම ය. පාක්ස්තාන් තානාපතියෙකු හා උගතෙක් යැයි කියාගන්නා අක්බාර් එස්. අහමඩ්, පාරම්බාන්නේ එය වූ කලි ඉස්ලාමය සියලු ප්‍රධාන ආගම් අතර ඇතිවූ ගැටීම්වලින් ඇතිවූ අද්විතිය සංකලනයන්ගේ හා දේශපාලනික ව්‍යාපාරයන්ගේ ප්‍රතිඵලය වශයෙනි.
ප්‍රධාන ආගම් සමග ගැටීම මුද පෙරදිග ජුදා ආගම, බෝල්කන් අර්ධද්වීපයේ, චෙච්නියාවේ, නයිජීරියාවේ, සුඩානයේ හා තැනින් තැන විසිරී ඇති පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ ක්‍රිස්තියානිය, දකුණු ආසියාවේ හින්දු ආගම හා බිමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමෙන් පසු බුදුදහම යන අගම් හා ස්ථාන ඔහු දැක්වූ ආගමික ගැටුම් ප්‍රදේශයන් ය. පෙනෙන ආකාරයට මේ ඉස්ලාම් ව්‍යාප්තිය සවුදිය හා තවත් මුස්ලිම් රාජ්‍යයන් කිහිපයකින් සැපයෙන් ප්‍රකෝටි ගණන් වූ තෙල් ඩොලර් මතිනව් අතිධාවනයේ යෙදෙන පාකිස්තානයේ ජිහාඩ් උම්මත්තකයන්ගේ වෑයමකි.

ලෙබනනයේ මැරෝනයිට් ක්‍රිස්තියානින්ගේ බෝවීම අඩුවීම නිසා සිදුවූ මහා පරිමාණ ජන සංඛ්‍යාත්මක බෙදී යාම ප්‍රචණ්ඩකාරී දේශපාලනික හා සිවිල් යුද්ධ කරා රට ගෙන ගිය ආකාරය ප්‍රකට කරන පැහැදිලි උදාහරණයකි. 1932 දී ලෙබනන් මැරෝටියානු ක්‍රිස්තියානින්ගේ සංඛ්‍යාව මුපු ජනගහනයෙන් සියයට 55ක් වූ අතර මුස්ලිම් ගහණය සියයට 45ක් විය. මෙම පදනම මත ඇතිකරගත් එකගතා ගිවිසුම අනුව ජන අනුපාතය අනුව පාලන බලය ක්‍රිස්තියානි හා මුස්ලිම්වරු අතර සමානුපාතිකව බෙදී යා යුතු බව තීරණය විය. මේ අනුව රටේ ප්‍රධාන අමාත්‍ය ධූර 6:5 අනුපාතය යටතේ බෙදී ගියේ ය. තවදුරටත් එරට ජනාධිපතිවරයා ක්‍රිස්තියානි ද, අගමැතිවරයා මුස්ලිම් ද විය යුතු යැයි ද තීරණය කෙරුණි. එහෙත් දශක තුනක් ඇතුළත තත්වය වෙනස් විය. ක්‍රිස්තියානින්ගේ ක්‍රඩා පවුල් නිසා 1970 වන විට ක්‍රිස්තියානින් සුලුතරය බවට පත්විය. සමාජයීය නායකත්වය කොතෙක් උත්සාහ කළත් මෙම තත්වය වෙනස් වූයේ නැත. මේ අතර රටේ සම්පූර්ණ පාලන බලය ඔවුහු ඉල්ලා සිටියහ. දෙපාර්ශවය අතර සිවිල් යුද්ධය 1975 දී අරඹිණි. එහෙත් අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන්ගේ ජිහාඩ් උපකාර මත ක්‍රිස්තියානින් සංහාරය වූ ලිබියාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්විය.
ප්‍රමාද වී හෝ ලෝක නායකත්වය වන ඇමෙරිකාව මුස්ලිමුන් වද කිරීමේ ව්‍යාපෘති අරඹා තිබේ. ‘ජාත්‍යන්තර සාමය සදහා වූ පරිත්‍යාගශීලී කානගි සංවිධානය’ ට අනුව 2008 වන විට ලෝකයේ මුස්ලිම් ගහණය බිලියන 1.65 කි. එවකට ලෝක ජනගහනය බිලියන 6.69 ක් විය. ඒ අනුව 2008 වන විට පමණක් ලෝකයේ ජනගහනයෙන් සියයට 24.31 ක් ඔවුහු අල්ලාගෙන සිටියහ. ඇමෙරිකාවේ ‘පිච් පර්යේෂණ මධ්‍යස්ථානය’ ට අනුව 2009 දී ලෝක ජනගහනය බිලියන 6.8ක් වූ අතර, එයින් 1.57ම මුස්ලිම් ය. 2010 සමීක්ෂණවලට අනුව මුස්ලිම් ජනගහන වර්ධන වේගය සෑම වසරකම සියයට 1.5කින් වැඩිවන අතර, මුස්ලිම් නොව ප්‍රජාවගේ වාර්ෂික වර්ධනය සියයට 0.7 ක් පමණි. ක්‍රිස්තියානි ලෝකය අද බියට පත්ව සිටින්නේ මුස්ලිම් ජනගහන වර්ධනය තමාට වඩා තුන්ගුණයක් වන නිසා ය. 1900 දී ලෝක ජනගහනයෙන් සියයට 12ක් වූ මුස්ලිම් ගහණය 2000 වන විට සියයට 25කට ආසන්න වී තිබුණි. මෙය මුස්ලිමුන්ගේ ආගමේ ජයග්‍රහණයක් නොව, තිරිසන් ජිහාඩ් ප්‍රචණ්ඩකාරීන්ගේ බලු ව්‍යාප්තියේ ඵලය යි. මේ නිසා ලෝකය වහා අවදි විය යුතුය. මැදපෙරදිග සමග සබදතා හැකිතාත් අවම කොට, බටහිර සමග සබදතා තර කරගැනීම කෙරෙහි ආසියාතික සභ්‍යවත් රටවල දේශපාලන නායකයක් උනන්දු වියයුතුය.
ලෝකයේ පොදු සතුරා වන ඉස්ලාමයට එරෙහිව නැගි සිටිය යුතු කාලය එළඹ තිබේ.

ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ හිටපු පොලිස්පති රන්ජිත් ෂේකර් මූෂාරි විසිනි.


අවසානය

මේ කතාවේ ඇරඹුම කෙසේ වෙතත් අවසානය සිදු වන අන්දම දැනටමත් අපි දනිමු. කොළඹ මුස්ලිම් ජනගහණය 21% සිට 43% දක්වා වැඩිවන තුරු බුදි වැද සිටි අපේ පර සිංහල අන්ධ පරම්පරාව මේවා දැක වත් පිබිදෙන්නේ නැති බව අපි හොඳටම දනිමු. මේ ටික අප අන්තිමට ලියන්නේ අන්න එකී හේතුව නිසාය.


ඔවුන් මකුලාරාමයට ගියෝය – අපි මකුලාරාමයේ නොවීමු
ඔවුන් නාලන්දා විහාරයට ගියෝය – අපි නාලන්දාවේ නොවීමු
ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය – අපි ඇෆ්ගනිස්ථානයේ නොවීමු
ඔවුන් පාකිස්ථානයට ගියෝය – අපි පාකිස්ථානයේ නොවීමු
ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය – අපි ඉන්දුනීසියාවේ නොවීමු
ඔවුන් මාලදිවයිනට ගියෝය – අපි මාලදිවයිනේ නොවීමු
ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය – අපි බාමියන් වැසියන් නොවීමු
ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය – අපි තායි භික්ෂූන් වහන්සේ නොවීමු
ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය – අපි බංග්ලාදේශයේ නොවීමු
ඔවුන් බුද්ධගයාව කරා ගියෝය – අපි බුද්ධගයා විහාරවාසීන් නොවීමු
ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය – අපි ඒ ප්ර දේශ වල නොවීමු
ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්යාෝපාර බංකොළොත් කර දැම්මෝය – ඒත් අපි ව්යායපාරිකයින් නොවීමු.

එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මන්ද යත් අපි ජාතිවාදීන් නොවන බැවිනි. අවජාතිකවාදීන් අපට ජාතිවාදී ලේබලය අලවයි කියා බිය බැවිනි.

මමනම් සිංහල ජාතිවාදියෙකි. බෞද්ධයෙකි. සියල්ලට වඩා මිනිසෙක්මි.