logo banner

Tuesday, January 29, 2013

මයියා සහ Fuck Off!

අවවාදයි! මෙම පොස්ටුවේ කුණුහරුප සඳහන් විය හැකිය. එබැවින් සංවේදී සිත් ඇති පොඩි බබාලා මෙය කියවීමෙන් වළකින්න.


What the Fuck is Fuck?

Fuck යන වචනය ඉතා රසවත් ඉතිහාසයක් ඇති වචනයකි. සරලව කියනවා නම් "ලිංගිකව එකතු වනවා" යන අර්ථය ඊට ඇත. මෙය කවදා කෙලෙස ඉංග්‍රීසි වාඞ්මාලාවට එක වීදැයි නොදන්නා නමුත් ඒ ගැන රසවත් ඉතිහාස කතා රාශියක් ඇත.

එවැනි එක කතාවකට අනුව  එහි ඉතිහාසය මෙසේය. මධ්‍යකාලීන යුගයේ පැවති මහාමාරිය වසංගතය කෙතරම් දරුණු වීද යත්, ජනගහණ පාලනය සහ ආගමන විගමන පාලනය අතිශයින්ම වැදගත් කරුණක් බවට   පත් වී ලු. එහිදී අයිරිෂ් සහ බ්‍රිතාන්‍ය රටවල වැසියන් හට දරුවන් හැදීමට පෙර "ලයිසන්" ගැනීමට සිදු වී ලු. (මෙකලද මෙය සිදු වන්නේ නම් කොතරම් හොඳ දැයි සිතේ. නමුත් මේ දිනවල හොට් ටොපික් එක ඕක නොවේ; කසාද පහක් කරගැනීමය.)

ඒ කාලයේ ළමයින් හැදීමට පෙර රජුගෙන් අවසර ගැනීමක් කළ යුතු වී ලු. ඉතින් මෙවැනි ලයිසමක් ගන්නා යුවලක්, සිය නිවසේ දොරටුවේ Fornication Under Consent of the King හෙවත් "රජුගේ අවසරය යටතේ සංසර්ගයේ යෙදේ" යන වැකිය සහිත පුවරුවක් එල්ලා තැබීම සිරිතක් වී ලු. මෙලෙස අවසරයකින් තොරව ලිංගිකව එකතු වන්නන් (එකල කොන්ඩම් යනුවෙන් දෙයක් තිබුණේ නැත.) හට දඬුවම් පැමිණවීමට මහේස්ත්‍රාත් වරයා හට අවසර තිබුණේලු. (වරද කරන එවුං හොයා ගන්නේ කෙසේද, උන්ට දෙන දඬුවම් මොනවාද යන්න සොයා බැලීමට වටී.)

මෙන්න මේ Fornication Under Consent of the King යන්නෙහි මුල'කුරු හතර ගෙන FUCK යන කෙටි නම සැදුණේ යයි ජනප්‍රවාදයක් පවතී. කෙසේ වෙතත් අද වන විට මෙය සැළකෙන්නේ කුණුහරුපයක් (හෙවත් තහනම් වචනයක්) ලෙසය. මීටම සමාන්තරව "ශුක්‍ර" යන සංස්කෘත වචනයෙන් බිඳගත් "හුකනවා" යන ශුද්ධ සිංහල වචනයද තහනම් වචනයක් සේ සැළකේ.

යමෙකු ආවේගශීලී වූ විට එක්කෝ තමාටම, නැතහොත් අනිකාට "Fuck!" ("හුකපං!") යනුවෙන් කීමේ පුරුද්දක් ඇත. Fuck Off යන්න අන්තිම පොෂ් ඉහළ පාන්තික වචනයක් වන විට, ඊටම සමාන්තර එකට එක ගැළපෙන සිංහල වචනය වන "හුකා ගනිං!" යන්න අන්තිම පහත ගණයේ වචනයක් වන්නේ කෙසේද යන්න අපට නම් නොතේරේ. සමහර විට නොතේරෙන භාෂාවකින් කුණුහරුප කී විට එය කුණුහරුපයක් නොවනවා වන්නට ඇත. නැතිනම් සුද්දා කී විට කුණුහරුප පවා හොඳ වචන වන නිසා විය හැක. කෙසේ වෙතත් භාෂා දෙකක් එකටෙක පරිවර්තනය කිරීම සුදුසු නොවේ. එසේ කරන්නා හට වන්නේ රිටිගල මුදියන්සේට සිදු වූ දෙයය. නොදන්නවුන්ගේ දැනගැනීම සහ හුදී ජන පහන් සංවේගය පිණිස ඒ වගත් මෙසේම ලියා දක්වමු.

රිටිගල මුදියන්සේ ගේ වෙසක් නාටකය

අපේ රට සුද්දා අල්ලන් හිටි කාලයේ එක්තරා ගමක රාජකාරි කළ මුදියන්සේ කෙනෙකු, සිය වැයික්කියේ සංවිධානය කළ වෙසක් නාටකයක් මුහුරත් කෙරීමට ආරාධනා කෙළේ එවකට ඒ ප්‍රදේශයේ සිටි ඉංග්‍රීසි ආණ්ඩුවේ දිසාපති තුමාටලු. දිසාපති තුමා එන නිසා අපේ මුදියන්සේ කතාව ලියා ගත්තේ කඩ්ඩෙන් ලු. එය ඉතා සරල, short and sweet කතාවකි. මෙන්න කතාව: 

Ladies and gentlemen, we are very glad to see you here. Your participation fills us with great pleasure. When the curtain is raised, you will see the play, thank you very much!

අන්තිම මොහොතේ දිසාපති තුමාට එන්නට නොහැකි බව දන්වා පණිවුඩයක් ඒවා තිබුණේලු. ඒ වෙනුවට ඒ පළාතේ වෙනත් ලොක්කෙකු සහ සිය පවුලම (පොඩි ළමයිනුත් එක්ක) සහභාගී වීමට තිබුණේලු. දැන් එන්නේ සුද්දා නොවේ, කල්ලෙකි. එබැවින් ඌට තේරෙන්නට කතාව හනි හනික පරිවර්තනය කිරීමට මුදියන්සෙට අවශ්‍ය වීලු. පරිවර්තනය බාරගත්තේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ලු. උන්නාන්සේත් කොයිකටත් කියා ලොකු හාමුදුරුවන්ගේ පොතකින් (එකල ශබ්ද කෝෂ තිබුණාද මම නොදනිමි) බලා ගෙන වචන ටික යන්තම් පරිවර්තනය කොළෝය. මෙන්න පරිවර්තනය. (ගළපා ගැනීම ඔබට භාරය)

  • Ladies and gentlemen = නෝනා වරුනි, මහත්වරුනි
  • glad = සන්තෝසයි
  • to see = දකින්නට
  • participation = පැමිණීම, පයුරුපාසානම
  • fills = පිරෙනවා
  • pleasure = සන්තොසය, උත්කර්ෂය
  • curtain  = තිරය, රෙද්ද
  • is raised = ඉස්සුවාම (raise = ඔසොවනවා, උස්සනවා) 
  • play = සෙල්ලම, නාටකය, කෙළිය (to play = කෙළිනවා)
  • will see = පෙනේවි
  • thank you very much! = බොහොම ස්තුතියි! 

(සැ.යු. වචන කිහිපයක් තිබෙන තැන් වල, ඇත්තටම පාවිච්චි වූ වචනය තද අකුරින් දක්වා තිබේ.)

"බ්‍රහ්මයාගේ මුව යනු බැමිණියගේ යෝනියද?"

කරුණාකර මට නොබනින්න! මෙය ඇසුවේ මා නොවේ, ලොවුතුරා බුදුන් වහන්සේය.


බැණීම යනු ඉතිහාසය පුරාවටම ඒක පාර්ශ්වික නීතියකි. කල්ලකු හට බනින්නට, ගහන්නට මතු නොව මරන්නට පවා සුද්දකුට නිදහස තිබුණි. හමේ පාට හෙවත් වර්ණය මත පදනම්ව මෙම බෙදීම සිදු වූ නිසා එය වර්ණභේද වාදය නමින්ද හැඳින්විණි. සුද්දන්ට දැන් පලු යනතුරු බැන්නත් ඒ කාලයේ පෙරදිග මහා ලොකු ශිෂ්ටම ශිෂ්ටාචාරය යයි කියා ගන්නා ඉන්දියාවේ ද, ශුද්‍රයන්ට සැළකුවේ බල්ලන්ටත් වඩා අන්ත විදියටය. අපි අද පෙරදිග ශිෂ්ටාචාරය මාර සිරා යයි කිව්වත් එකල පෙරදිග ශිෂ්ටාචාරය යනුද අමුම නරාවලකි. ශුද්‍රයන්ට වේදය ශ්‍රවණය පවා තහනම්ය. ශුද්‍රයකු දුටු විට ගෙදර ගොස් දෑස කිරෙන් සේදීම බමුණු සිරිතකි. ශුද්‍ර යනු "කළු" යන තේරුම දෙන වචනයකි. 

සමාජ සංශෝධකයකු ලෙස බුදුන් වැදගත් වන්නේ මේ නිසාය. ඒ ශුද්‍ර කුල සම්මත සුනීතලා, සෝපාකලා වැනි "කල්ලන්" මහණ කළා පමණක් නොව, සිය ගිහි කළ පුතණුවන් වූ, රාජ රාජේශ්වර සම්මත ගෝත්‍රයක උපන් රාහුල සමග එකට වාඩි කරවීමට තරම් කොන්දක් බුදුන්ට තිබුණු නිසා පමණක් නොව, "කෙනෙකු වසලයකු වන්නේ හෝ බ්‍රාහ්මණයකු වන්නේ ජාතියෙන් නොවේ යයි" කී නිසා පමණක් නොව, බමුණු මත වලට එලි පිට පහර දීමට තරම් හැකියාවක් තිබුණු නිසාය. ඊට ගැලපෙනම උදාහරණය දීඝ නිකාය, අම්බට්ඨ සුත්‍රයේ සඳහන් වේ. 

අම්බට්ඨ නම් බමුණු කුල උපන් ත්‍රිවේදී බමුණු කුමරෙක් සහ බුදුන් අතර ඇති වූ සාකච්චාවකි, ඒ. ඍග් වෙදයයේ 10වන මණ්ඩලයේ දැක්වෙන පරිදි,

බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසීද් -- බාහු රාජාන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍ය යද් වෛශ්යඃ -- පාදභ්‍යාම් ශුද්‍රෝ අජායති
තේරුම: බ්‍රාහ්මණයෝ (මහා බ්‍රහ්මයාගේ) මුවින් ද, බාහු වලින් රාජාන්‍යයෝද (ක්ෂත්‍රියයෝද), ඌරු වලින් වෛශ්‍යයෝද, පාදවලින් ශුද්‍රයෝද කරන ලද්දාහුය (උපදින්නෝය). 

බුදුන් විසින් කළ ලස්සනම සහ රිදෙන තැනට රිදෙන්නම වදින්නට පහර දෙන ප්‍රකාශය මේ ය.

"අම්බට්ඨ, තරුණ බැමිණියන් සරණ යනවා ඔබ දකිනවා නේද? ඔවුන් ගැබ්බර වනවා ඔබ දකිනවා නේද? ඔවුන් සිය යෝනියෙන් ළදරු බමුණු කුමරුන් ප්‍රසූත කරනවා ඔබ දකිනවා නේද? මේ සියල්ල දැක දැකත් ඔබ තවමත් බමුණන් උපදින්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් යැයි කියනවා නම්, බ්‍රහ්මයාට කළ හැකි ඊට වඩා අපහාසයක් තවත් කොයින්ද?" 
කරුණාකර ඔබ බෞද්ධයෙක් නම් සිනා වීම නවත්වන්න! ඔබ සිනා වෙන්නේ ඔබටමය. මන්දයත් මේ තරම් දැඩි ලෙස කුලවාදය හෙළා දුටු ගෞතම බුදුන්ගේ ශාසනයේ පැවිද්ද ලබා දීමත්, අද වන විට කුලය අත්‍යවශ්‍ය සාධකයකි. අද සමාජයේ කුලය විමසන්නේ තැන් දෙකකදීය. එකක් කසාදයේදීය. අනික මහණ කිරීමේදීය. පළමු වන්න කෙසේ වෙතත් දෙවැන්න ගැන අප අපටම සිනා විය යුතුය. 

සර් ජෝන් සහ කුකුළා


අපේ මෑත ඉතිහාසයේ මේ වර්ගවාදය අපි අත්වින්දේ සුද්දාගේ කාලයේදීය. අප කවුරුත් අසා ඇති සර් ජෝන් කොතලාවල සුද්දන්ට නෙලාපු හැටි ගැන කතා ඒමට ය. සමහර විට තේ වතු අයිතිකාර සුද්දා සිය සේවකයන්ට අම්මා අප්පා මතක් කර බනින විට, "මේ සුද්දා මේ තොපේ අම්මලට අප්පලට යකෝ මේ බනින්නේ.. මුගේ අම්මට හුකා ගන්න කියල තොපි දැන්වත් පලයව් ගිහිං වැඩ කරපියව්" යනුවෙන් වරක් ප්‍රසිද්ධියේම පැවසීමට තරම් කොන්දක් ඔහුට තිබිණි. 

වරක් සර් ජෝන් එංගලන්තයට ගොස් රෑ කෑමට රොස්ට් කුකුලෙක් ඉල්ලුවේ ලු. තිබුණු එකම කුකුළා සර් ජෝන් ගත් පසුව, එතනට ආ සුද්දෙකු ද රෝස්ට් කුකුළෙකු ඉල්ලුවේ ලු. ආපන ශාලා හිමියා සර් ජෝන් පෙන්වා, අවසන් කුකුළා මේ දැන් විකුණා හමාර යයි කීවේ ලු. සර් ජෝන් ලඟට ආ මැර සුද්දා මෙසේ කීවේලු. 

"තෝ මේ කුකුළාට කරන ඕනෙම දෙයක් මම තොට කරනවා!" (අදහස: තෝ මූව කැපුවොත් මම තෝව කපනවා! ) 

සර් ජෝන් තමන්ට නෙමේ වගේ කුකුළාගේ පුකට ඇඟිල්ල ගසා දෙපාරක් කරකවා එළියට ගෙන ලෙව කෑවේ ලු.

වර්ගවාදය සහ ක්‍රිකට්

සුද්දා අපට ක්‍රිකට් දී ගියාට ක්‍රිකට් අපේ ක්‍රීඩාවක් වූයේ 1996න් පසුවය යන්න අපේ මතයයි. අර්ජුන රණතුංග වැනි "පරණවාඩියේ හරක් මඩුව" ලෙස නම් කරනු ලැබූ පාසලකින් ආපු "සරොං ජොනියකු" එතනට නො එන්නට කවදාවත් එය සිදු නොවන බවද එසේම සත්‍යයකි. දෙමළ හින්දුවකු වන මුත්තයියා මුරලිධරන් හට සුද්දකු වන ඩැරල් හෙයාර් විසින් පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල කළ විට, ඊට විරෝධය පාමින් සිය කණ්ඩායම පිටියෙන් ඉවතට ගෙන යන්නට තරම් ලේ රත් වීමක් සිංහල බෞද්ධයකු වූ ඔහුට තිබිණි. මන්ද අප අපට මොන ලේබල් ගසා ගත්තත් සුද්දා ඉදිරියේ අප සැවොම කල්ලන්ය යන සත්‍යය, මහ ලොකු ජාතිකවාදී අයියලාට නොතේරුණාට, පරිනත නායකයකු ලෙස ඔහුට තේරුණු බැවිනි.



සුදු පාලනයෙන් අපේ සංස්කෘතියට ලද එකම හොඳ දෙය යනු ක්‍රිකට් යැයි, 2012 Cowdrey අනුස්මරණ දේශනය කරමින් කුමාර් සංගක්කාර පැවසීය. මෙතෙක් එය බලා නැති කෙනෙක් වේ නම් කරුණාකර එය නැරඹීම වඩා සුදුසුය. (අපේ රටේ අපේ යයි සම්මත කොට තෝරා ගත පාර්ලිමේන්තුවට, අපේ චන්දයෙන් ගිය අපේ ක්‍රීඩා ඇමතිතුමාට නම් ඒ ප්‍රකාශය දිරවා තිබුණේ නැත.)



අනික සුද්දන් කල්ලන්ට ක්‍රිකට් දුන්නේ ආදරේට නොව, උන්ට හිනා වීමටය යන මතය ඔස්සේ තිරගත වූ "ලගාන්" හින්දි චිත්‍රපටය  වාර්තා පිට වාර්තා පිහිටවීම සහ ඉන්දියානුවන් ක්‍රිකට් වලට දක්වන උන්මාදය අතර සම්බන්ධයක් නැතිවාම වන්නටත් බැරිය.


මයියා ගේ තහනම් වචනය

මයියගේ තහනම් වචනය අප වාර්තා කරන්නේ, සහ ඒ ගැන කතා කිරීම අන්තිමටම තබා ගත්තේ ඇයිදැයි මේ වන විට ඔබට වැටහෙනු ඇත. දෙනගමගේ ප්‍රබෝත් මහේල ඩි සිල්වා ජයවර්ධන නම් වූ ඒ සුන්දර, තැන්පත්, උගත් සහ නිශ්ශබ්ද මිනිසා, ක්‍රීඩා පිටියක් මැදදී ම අමු කුණුහරුපයෙන් බැන වැදීම නිකන්ම වුණා වන්නට ද බැරිය. මයියා යනු නොම්මර එකේ ක්‍රීඩකයෙකි. ටිප් කැච් එකක් හෙම වැරදිලාවත් මයියා අතින් මිස් වෙන්නේ නැත. වයසින් වසර 35ක් වෙතත් පළමු ස්ලිප් ක්‍රීඩක ස්ථානයේ ලෝකයේ හොඳම පන්දු රැකීම ඇත්තේ ඔහුගේ නමටය. එපමණක් නොව ඔහු නොම්මර එකේ පිතිකරුවෙකි. මයියාගේ Late cut එකට ගහන්නට එකෙක් අදටත් නැත. එමතුද නොව, මයියා යනු සිරාම නායකයෙකි. 2007 Wisdon සම්මානයෙන් පමණක් නොව, වත්මන් ICC ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද හොබවන දීප්තිමත්, බුද්ධිමත් නායකයෙකි.




ඔස්ට්‍රේලියාවට කොහොමත් ලංකාව ගැන පොඩි කැසිල්ලක් තිබේ. ඒ වග අපි 96 සිටම දන්නෙමු. ෂේන් වෝන් සහ මුරලි අතර පැවති වලිය නොදන්නා එකෙකු ඉන්නට බැරිය. එපමණක් නොව, ඔස්ට්‍රේලියාවට වැඩියෙන්ම නීති විරෝධී සංක්‍රමණිකයන් ඇතුළු වන රටවල් අතර ලංකාව අංක 1 සාඩම්බර ස්ථානය හිමි කරගෙන සිටී. මේ නිසා අප මොනවා කිව්වත් ඔස්ට්‍රේලියාවට නම් ලංකාව පරපුටුවෙකි. කන්න දොතේ නැතත් ක්‍රිකට් පම්පොරියෙන් ඉදිමෙන තුට්ටු දෙකේ කළු ජාතියකි.

කැන්ගරුවන් මයියාගේ තරහ අවුස්සා ගත්තේ මේ සීරීස් එක පටන් ගනිද්දීමය. ජය පෙනී පෙනී තිබුණු මැච් එක වැස්ස මුවාවෙන් ශේප් කරගෙන යන්තම් විළි වහගෙන, එක්දින තරග සම ශූරයන් වූ හැටි අපි උපේක්ෂාවෙන් බලා සිටියෙමු. මන්දයත් සැබෑ ක්‍රීඩකයන් කවුද, සැබෑ නායකයා කවුද යන්න අපි අපේ හදවත් වලින් ම දැනගෙන සිටි බැවිනි. එදා ඒ බලු වැඩේ නොකරන්නට මයියා ලීඩ් කළ අවසන් තරගමාලාව ජයෙන් නිමා වන්නට ඉඩ තිබිණි. තරගය නිමා වූ පසු ඒ ගැන නියම හින්ට් එකක් ගැසූ මහේල කියා සිටියේ "අපේ රටේ නම් අපි මුළු පිට්ටනියම වසන බවත්, ඕස්ට්‍රේලියාව ද ඒ ක්‍රමය අත්හදා බැලුවා නම් හොඳ බවත්" ය.



මැච් එක තියලා අවසාන වූ නමුත්, බලන්නේ හයිලයිට් නමුත්, ඊයේ පැවති තරගයේ අවසාන පන්දු තුන යැවීමට තිසර පෙරේරාට දුන්නේ මොකාටදැයි මටනම් තවමත් සිතෙන්නේ ය. අන්තිම බෝල තුනෙන් ජය පරාජය තීරණය වන විටක, "ඉඳා ගහපං" යයි දුන්නා සේ පිට පිටම එකම තැනට එකම විදියට බෝල තුනක් දැමීමට වඩා යමක් අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකුගෙන් අපි බලාපොරොත්තු වෙමු. වාසනාවට වගේ අන්තිම බෝලය මිස් වුණා නොවන්නට, මේ කතාව මීට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

පන්දු දෙක යවා අවසාන වූ පසුව සුද්දා සිතුවේ මැච් එක දිනා ඉවර යයි කියාය. තුන්වෙනි බෝලය එවන තුරු ඌට ඉවසිල්ලක් නැතිව ගියේය. Bring it on ("වරෙන් දාපං") යයි අභියෝග කරන්නට ඌට සිතුනේ එබැවිනි. කොහොමත් සුද්දන්ට දිනීම හරි හදිස්සිය. එදා 1815 ගිවිසුම අත්සන් කරන තුරු පවා නොසිට කොඩිය උස්සන්නට හදිස්සි වූ සුද්දාට වාරියපොළ සුමංගල හිමියෝ යස පාඩම් ඉගැන්වූහ. මුරලි ඊට නොදෙවෙනි ලෙස ෂේන් වෝන්ට පාඩමක් ඉගැන්වීය. උන්ට ඒවා මතක නැත. උන්ට  අමතක එක දෙයක් අපට මතක තිබේ. එනම් මීට වසර කීපයකට පෙරද, කැන්ගරුවන්ටම එරෙහිව මීට වඩා භයානක පරාජයක් පෙනී පෙනී අප දිනා ඇති බවයි. මෙන්න සාක්ෂි!



කතාවේ ඉතුරු ටික ඔබ දනී. නොදන්නේ නම් මෙන්න බැලිය යුතු හොඳම වෙලාව.



ඔබට මේ තුලින් පෙනෙන්නේ කාවද යන්න මම නොදනිමි. එහෙත් මට නම් පෙනෙන්නේ ශතවර්ෂ ගණනාවක් පුරාවට අපව පාගා ගෙන සිටි සුදු යටත් විජිතවාදයේ සාඩම්බර සෝපහාසය සහ, ඊට එරෙහිව නොබියව, සුද්දාගේ රටේදීම උගේ පිට්ටනියේදීම ඌට උගේ බාසාවෙන්ම අමු කුණුහබ්බෙන් බැනීමට තරම් කොන්දක් තිබුණු පොඩි කල්ලෙකි.

අපද මයියා අනුමත කරමින් කැන්ගරුවන්ට ඒ ටිකම කියන්නේ අන්න ඒ නිසාය. හැබැයි අප කියන්නේ උගේ බාසාවෙන් Fuck Off කියා නොවේ. අපේ බාසාවෙනි, එනම් "හුකා ගනිං!" කියාය.

34 comments:

  1. හෙහ් එක්තරා ජාතියක ලිවිල්ලක් .ඔයා නේද අර පරක්කුවෙලා බෑග් එකක් එල්ලගෙන ආවේ

    ReplyDelete
    Replies
    1. නෑ අටම් අයියේ.. මම තමා "ශ්‍රී ලංකන් ක්‍රිකට්" ටී ෂර්ට් එක ඇඳල උන්නේ... ;)

      Delete
  2. පට්ට ලිපියක්... නොදැන සිටි කතා ගොඩක් දැනගත්තා...
    ස්තුතියි.....

    ReplyDelete
  3. මුලින්ම මම ඔබෙන් සමාව ඉල්ලනවා, ඔබගේ බ්ලොග් අඩවිය ඉඳහිට දැක දැකත් නොකියවීම පිළිබඳව. අද අහම්බෙන් නෙත ගැටුනා වචනෙ සැර නිසා ඉබේම කියවුනා. හරිම අපූරුයි. මම කියවූ හොදම බ්ලොග් ලිපියක්. මෙහෙම දේ බ්ලොග්වල යනව නම් කෙදිනක් හෝ බ්ලොග් අවකාශය යනු විශ්ව කෝෂයක්, සිනා සාගරයක්. හොදම මඟ පෙන්වන්නෙක් වෙන එක ස්ථිරයි.

    මගේ බලවත් ප්‍රසාදය ඔබට!!!!

    ReplyDelete
  4. ඇත්තට බං උඹ කියන්න ගිය එක කිව්වද???

    ReplyDelete
    Replies
    1. අනිවා දේශකයෝ.. කතාවේ "ඇම" තමා මයියා. ;)

      Delete
  5. පට්ටයි හොඳේ... ඔක්කම කතා එක පාර දැම්මේ අපරාදේ.. හිනා වී මිය යමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් තෝරා ගත් කතා වලින් කීපයක් පමණයි දැම්මේ... තව තියේ.. ;)

      Delete
  6. ඉහළයි.........අන්තිම ඉහළයි...

    ReplyDelete
  7. හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  8. http://wiki.answers.com/Q/What_does_%27Fornication_Under_Consent_of_the_King%27_mean

    ReplyDelete
    Replies
    1. Yes, as I mentioned clearly, it is a proverb, or an urban legend. Doesn't really mean that it WAS the true origin. In case you were wondering, the REAL origin of the word dates back to German "FVCCANT", cognate with Latin "Pugnus" (to fist), Indo-European "FUK", "to attack" and Old High German "pfluog", "to plough".

      Thanks anyway for the added colour!

      Delete
  9. ටෙස්ට් යන වචනය තැන් කීපයක අනවශ්ය ලෙස යොදා ඇත. :)
    ඒ වෙනුවට "50 overs", "ODI" හෝ "එක් දින" වැන්නක් ආදේශ කළ මැනවි!... :D

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි.. පෙන්වා දීමට ස්තුතියි!

      Delete
  10. අප්පේ! මේකනම් එල ම තමා! කොහොමත් මචං ඔය පර සුද්දොන්ට තේරෙන භාෂාවෙන් දෙකක් කිව්වේ නැත්තන් තේරෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල! "ඌරාගේ මාළු උගේ ඇඟේම තබා කැපීම"

      Delete
  11. එක හුස්මට කියෝගෙන ගියා..ලෙසටම ලියා ඇත :D
    ඔය බුදු පිලීමෙ තියන ඉස්කෝලෙනම් උඹ ඉන්නෙ මමත් ඒකෙ තමයි..:)

    කොහොමින් හරි ප්‍රමාද වී හෝ හදුනා ගැනීම සතුටක්!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දවසකට වැඩිම වාර ගණනක් වැඳුම් ලබන පිළිමේ ;) සන්තෝසයි එකම වැයික්කියේ කොල්ලෙක් හඳුනා ගැනීමට ලැබීම ගැන!!

      Delete
  12. ෆක් ඕෆ් ඈ....
    සිරා පෝස්ට් එක...
    මෙවුවා බලලා මයියා තවත් කුනුහබ්බ කියයිද දන්නෑ...

    ReplyDelete
  13. අපේ බාසාවෙනි, එනම් "හුකා ගනිං!" කියාය. hmmmmmmmmmm

    ReplyDelete
  14. ගෙට්ටුවේදී වචනයක් කතා කරන්න බැරි වුනානේ.

    ReplyDelete
  15. එළ.... නියමටම කියා තිබේ!

    ReplyDelete
  16. නොකියවපු එම මක්කටද කියලා තමයි කියන්න තියෙන්න

    ReplyDelete
  17. Ehenam Anande kolloth blog liyanawa neda?? Supiri post eka.. (mama ahala thiyena widihata ape budhu pilime asiyawema dawasakata wadima wadum pramanayak labala eka kiyala..kathawe aththa naththa nodani)
    P.S.- math anande..haduna ganeema sathutak

    ReplyDelete
  18. ජෝන් කොතලාවල නම් තවත් එක බොරු කාරයෙක් පමණයි.ඔහුට සුදු විරෝධයක් තිබුනේ නැත.දේශපාලනයෙන් සමුගෙන එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ ගොවිපලක් සහිත මන්දිරයක් මිලට ගෙන නයිට් වරයෙකු මෙන් ඔහු ජීවත් විය.

    ReplyDelete
  19. එල මචන් මාරුවට කියල තියෙනවා

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.