logo banner

Saturday, February 16, 2013

කටට දීම (Fellatio)

කට
කට යනු මනුෂ්‍ය ශරීරයේ ඇති ඉතාමත්ම වැදගත් අවයවයකි. මොන දේ කරන්නටත් කාලා ඉන්නට ඕනේ ය. ඇමීබාවන්, පහත් පණුවන් හැර අන් සියලු සත්ත්වයන් හට කටක් ඇත්තේ එම නිසාය. "එක නාම කිං" (එක යනු කුමක්ද?) යැයි ඇසු විට "සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා" යයි බුදුන් කීවේ ද එනිසාය. එහි තේරුම නම් සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන්නෝය යන්නයි. අපේ බොහෝ දෙනෙක් මෙන් නොව බුදුහු නම් එය ක්‍රියාවෙන්ම ඔප්පු කළෝය. බණ අහන්නට ආ දුප්පත් කම්කරු වැඩකරන ජනතාවගෙන් කෙනෙකු වන ගොවියකුට මුලින්ම කන්නට දීමට තරම් බුදුහු ප්‍රායෝගික වූහ. අපට එය හොඳ වෙතත් මගේ එක්තරා සමාජවාදී මිතුරකු නම් මෙය දැක්කේ ධනේශ්වර පන්තියේ ආධිපත්‍යය විදහා දැක්වීමක් ලෙසය. ඒ ගැන පසුව කතා කරමු. වැදගත්ම දෙය නම් "කණට දීමට" පෙර, "කටට (සහ බඩට) දී සිටිය යුතු බව" අද ඉන්න සුචරිතවාදීන්ට වඩා හොඳට බුදුන්ට තේරී තිබීමයි.



දීම (1)
දීම යනුද ඉතාම හොඳ  දෙයකි. පාළියෙන් ඊට "දාන" යයි කියති. ඕක කොයි තරම් හොඳද කියතොත් දෙන හැමෝම කැමති දෙන එක හැමෝටම පේන්නට දෙන්නටය. ලවුස්කීපර් දමාගෙන, බැනර් ගහගෙන, රටටම කියාගෙන දුන්නොත් මිසක් දෙන එකේ වැඩක් නැතැයි සිතීම බොහෝ දෙනාගේ ජානබද්ධ සංලක්ෂණයකි. හැබැයි ජේසුන් නම් කීවේ දකුණ'තින් දෙන එක වම'තට වත් නොදැනෙන්නට දීපං කියාය. 

දෙන එකේ ප්‍රභේද දෙකක් තිබේ. එනම් කැමැත්තෙන් දීම සහ අකමැත්තෙන් දීමයි. කැමැත්තෙන් දීම යනු තමන්ට පාඩුවක් වන බව දන දැනත් හිතේ සංතෝසමට දීමයි. එහෙම කරන්නට නම් වෙනම හේතුවක් තිබිය යුතුය. කවුරුත් නිකං දෙන්නෙ නැත. බුදුබව ලබන්නට පාරමිතා පිරෙන්නේ නැතිනම් වෙස්සන්තර රජ්ජුරුවෝ වුනත් දරුවන් දන් දෙන්නෙ නැත. මේ නිසා දෙන්නෙ කැමැත්තෙන් වුණත් ඇත්තම කතාව නම් ඒ පිටුපස ලබාගැනීමේ අරමුණක් ද ඇති බවයි. 

අකමැත්තෙන් දීම යනු දෙන්නට කැමති නැති වුණත් දෙන්නට සිද්ද වීමයි. උදාහරණයක් ලෙස චන්දය දීම දැක්විය හැක. මේ රටේ කවුරුත් චන්දය දෙන්නට කැමති නැත. චන්දය යනු කැමැත්තයි. කැමැත්තෙන් හොරු, ස්ත්‍රී දූෂකයන්, මංකොල්ලකරුවන්, පට්ට පල් කෙබරයන්, ගං කබරයන් උත්තරීතර පාර්ලිමේන්තුවට යවන්නට මේ රටේ පරමාධිපත්‍ය බලය දරන සතිමත්, බුද්ධිමත්, උගත් ජනතාව කැමති යැයි ලොවෙත් හිතන්නට බැරිය. චන්දය (කැමැත්ත) දීම යන්න විහිළුවක් වන්නේ එබැවිනි. ඒකත් හරියට ස්ත්‍රී දූෂකයෙක් දූෂණය කරන්න බලන් ඉන්නා කෙල්ලෙකු ගෙන් කැමැත්ත ඇසීම වැනිය. ඕක දුන්නත් නැතත් වැඩේ වෙන්නේ එකම දේ ය. 



දීම (2)
දෙනවා යන වචනයට වත්මන් සමාජ සන්දර්භය තුළ තවත් තේරුමක් තිබේ. එනම් "ලිංගික සංතෘප්තියට ඉඩ ලබා දෙනවා" යන්නයි. ලිංගික සංසර්ගයේ විවිධාකාර ක්‍රම රාශියක් තිබේ. අරක දීම, මේක දීම ආදී වශයෙන් ඊට නම් ද තිබේ. මෙයද අපේ සමාජයේ පමණක් දැකිය හැකි සින්ඩ්‍රෝමයකි. බටහිර රටවල නම් සෙක්ස් දෙනවා කියා දෙයක් නැත. ඒ චින්තන රටාව තුළ ඇත්තේ සෙක්ස් ගන්නවා යන සංකල්පයයි. අපේ මිනිස්සු හිතන් ඉන්නේ සෙක්ස් යනු තමන්ගේ ලිංගික සහකරු / සහකාරිය විසින් තමන්ට "දෙන" දෙයක් කියාය. ඒ තරමටම අපේ සමාජය තුළ ලිංගිකත්වය යන්න පෙට්ටගමකට දමා වහංගු කොට තබන දෙයකි. තමන්ට ලිංගික ආශාවන් ඇති බව පිළිගන්නට කවුරුත් කැමති නැත. ඒකත් හරියට "අනේ මට නම් බඩගිනි නෑ.. ඔයා දෙන නිසා කනවා.. ඔයා ආදරෙන් හදල දෙන දේ නේ".. වගේ කතාවකි. කවුරු බැන්නත්, මොන තරම් පිස්සෙකු වුණත් අශෝක හඳගම සිය "අක්ෂරය" චිත්‍රපටයෙන් කතිකා කළේ මේ දෙපිටකාට්ටු සමාජ සම්මතයයි. මෑත කාලයේ බ්ලොග් අවකාශයේ දුටු "ලයිට් නිවා නින්දට යාම" නම් වූ එක්තරා ලිපියක මේ කතාවම මීට වඩා හොඳට කියා තිබිණි. 

කටට දීම 
කට යනු හොඳ වචනයකි. දීම යනුද ඉතාම හොඳ වචනයකි. එහෙත් මේ දෙක එකතු කොට ගත් විට සැදෙන "කටට දෙනවා" යන්න තහනම් වචනයකි. වත්මන් සමාජ තත්වය තුල කටට දෙනවා යන්නෙහි සාමාන්‍ය තේරුම නම් පිරිමියකු සිය ලිංගික අවයවය වෙනත් කාන්තාවක / පිරිමියකු ගේ මුව තුළට රුවා කරන ලිංගික ක්‍රියාවයි. 

කටට දීම ඒ තේරුමෙන් ගත්තාම ද හිතන්නට ගොඩක් දේ තිබේ. පළමුවෙනි වැදගත්ම දේ නම් කටට දුන්නාම ඒක ගන්නා එකාට කතා කරන්නට බැරි වීමයි. ඒ නිසා කියන්නට දහසක් දේ තිබුණත් ඒ කිසිවක් කියා ගන්නට බැරි වීමක් එහිදී සිදු වේ. කොහොමත් කටේ මොනවා හෝ තියෙද්දී කතා කිරීම හොඳ නැති ක්‍රියාවකි. ඒ නිසා කටේ මොනවා හෝ තියෙද්දී කියන වචන සේරම (හරිනම්) තහනම් වචන වේ. 

මේ සියල්ල ලීවේ අද වන විට මේ රටේ ක්‍රියාත්මක වන දේශපාලන න්‍යායක් ඔබට හඳුන්වා දීම පිණිසය. සෑහෙන කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලනය හඳුන්වා දීමට සුදුසු මොඩලයක් නැතහොත් ආකෘතියක් සොය සොයා හිටියත් එහෙම එකක් මේ වන තුරු ලැබුණේ නැත. නමුත් මේ ළඟදී අහම්බෙන් අප මිතුරකු අප සියලු දෙනා ඉන්න තැනක කී යම් කතාවකින් පසුව ඒ කතාව මොන තරම් ගැලපෙන්නේ දැයි සිය දහස් වර කල්පනා විය. මේ ලිපිය ලියවෙන්නේ අන්න ඒ අරමුණෙනි. හෙවත් අද්‍යතන ලාංකීය සමාජයේ ක්‍රියාත්මක දේශපාලන මාදිලිය පහදා දීම සඳහා ආකෘතියක් යෝජනා කිරීමටය. 


දේශපාලනික කටට දීම 
අද මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්ගේ දේශපාලන මොඩලය වී ඇත්තේ කටට දීම සහ ගැනීමයි. උදාහරණයක් ලෙස මීට ටික කලකට පෙර ජාතික චින්තනය සහ සිංහල බෞද්ධ චන්ද පදනම වෙනුවෙන් බෙරිහන් දෙමින් සිට, සෝම හිමියන්ගේ (මහින්දට මහින්ද යයි කියන මා සෝමට සෝම යයි නොකියා කට පුරා සෝම හිමි යයි කියන්නේ හේතුවක් ඇතිවය) මිණිය පිටින් පාර්ලිමේන්තු ගත වූ හෙළ උරුමය සැළකිය හැකිය. එදා මහා හයියෙන් ආණ්ඩුවට රිමෝට් කොන්ට්‍රෝල් එකක් හයි කරන්නම් කියා ආණ්ඩුවට අත දුන් ඔවුන්ට අද කට පූට්ටු වී ඇත. හෙවත් ඔවුන්ට "කටට" යමක් "දීලා" තිබේ. නැතිනම් මේ දිනවල හොට්ම ටොපික් එක වන බොබසේ ගනිමු. සාරුව සුනිල්ගේ ගේ වටලනවා, වරෝ, වරෝ කියමින් සෙනග රැස් කළාට වටලාපු ගෙයක් නම් නැත. ඒ ගැන ඇසුවාම ඥාන-සාර (අපි කියන විදියට නම් "නාන - සාර") හට කට උත්තර නැත. ඒ කියන්නේ ඔහුටද කවුරුන් හෝ කටට දී තිබේ. 



ආණ්ඩුවට කොන්දක් සපයන්නම් කියා පැනගත් ජවිපෙට වූ දෙය නම් හතුරෙකුටවත් සිදු නොවිය යුතුය. කටට දුන්නා පමණක් නොව, ඔවුන්ට සිදු වූයේ තමන් ළඟ හිටි හොඳම කට ආණ්ඩුවට නිකම් දී කටක් නැතිව ගෙදර එන්නටය. අද විමලෙ මල්ලී ලස්සනට සහ කලාවට සිය කට පාවිච්චි කරමින් සිටී. කටක් නැති ජවිපෙට සිදු වූයේ පළමුව ජානිපෙ (පංචායුධ කාරයන්) සහ දෙවනුව පෙසපෙ (හෙවත් පෙරටුගාමීන්) අතින් මාරුවෙන් මාරුවට කටට ගන්නට සිදු වීමයි. 


ඔන්න ළඟදී චම්පික ගේ නම් කට ඇරී තිබේ. මෙතෙක් කල් ආණ්ඩුවේ කුණුගොඩක් කටට අරන් හිටි ඔහුට, දැන් විවේකයක් ලැබී ඇත. චම්පිකගේ කට වැසීම පිණිස කටට දී තිබූ විදුලිබල ඇමතිකම දැන් කටට අරන් ඉන්නේ පවිත්තරා දෙවින්නාන්සේය. ඇමැති කම නොවේ පුරාවිද්‍යා චක්‍රවර්තිකම තිබුණත් කටට දුන්නාම ඉබේම කට වැසේ. කොටින්ම දැන් වැද්දෝ පවා කටක් අරින්නේ නැත. 

කටට දීමේ සහ ගැනීමේ මාතෘකාව තුළ කතා නොකරම බැරි චරිතයක් වන පොනිල් අක්‍රමසිංහ ගැනද වචනයක් හෝ කිව යුතුය. මේ රටේ ඔහි තරම් කටට ගැනීමේ ශූරයෝ තවත් වේ යයි සිතන්නට අමාරුය. මන්දයත් සාමාන්‍ය එවුන් කරන්නේ එකෙක් කටට ගැනීමයි. නමුත් පොනිල්ගේ වැඩ නිසා මුළුමහත් පක්ෂයක්ම එකා මෙන් (සමහරු නම් දැන දැනම සහ සමහරු නොදැන) කටට ගෙන මුඛ පූට්ටු වී සිටිති. වාසනාවන්! 



මේ අතර සමහරු නම් කරන්නේ කටට ගැනීම නොව, කට ගැනීමයි. ඒ කියන්නේ කට ඇතුළට දේවල් ගැනීම නොව, කටෙන් එලියට දේවල් දැමීමයි. කෙනෙකුට අවැසි නම් මේවා "දිව දැමීම" ලෙසද හැඳින්විය හැක. දිව දැමීම වනාහී මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සින්නක්කර ජොබක් ලෙස සැලකුණි. ඒ ඉස්සරය. දැන් නම් එහෙම නැත. දැන් පාර හෝදන එකාගේ සිට මහාචාරියා දක්වා සියල්ලෝම දිව දැමීමට දනිති. එහෙත් මේ ජොබ සිරාවටම කරන්නෝ නම් මාධ්‍ය කරුවෝ වෙති. මේකෙදී කෙරෙන්නේ තමන්ගේ දිව පාවිච්චි කොට සල්ලි තියෙන උන්ට ආතල් එක ලැබෙන පරිදි දිව එහෙට මෙහෙට නැටවීමය. කටට ගැනීමට වඩා දිව නැටවීම මාර ආතල් ය. කටට දීමේදී ගන්න එකා සයිලන්ට් වේ. එනිසා ඒ තරම් ආතල් එකක් නැත. නමුත් දිව දීමේදී එහෙම නැත. දිව නටවන අතර ඉතාම වියත් හරවත් වදනින් කණ පිනවන සුන්දර වදන් පැවසීම නිසා මේක ඒකට වඩා ජොලිය. ඇහින්ද ගොඩේ සුන්දරයා, නාන්නේ නැති හඩ්ඩා, බියර් මාදුවා, හසන්තගේ සූරී, මොණරපිල් සඳරුවා වැනි පිරිස මේ ජොබ වෘත්තීය මට්ටමින් කරගෙන යන්නෝ වෙති. 

එතකොට අපි? 

ඇත්තටම වැඩියෙන්ම හිනා යන දේ නම් මේ රටේ මොන දේ කරන මොකාටත් වඩා කටට ගෙන ඇත්තේ මේ රටේ මහජනතාව වීමයි. කන්න දොතේ නැතත්, බඩ පොත්ත පිට පොත්තට ඇලුනත්, මේ රටේ ජනතාව "මීක්" තරම් වත් වචනයක් නොකියා දිගටම ලැබෙන සොච්චම් පනම් කාසිය "කටට ගෙන" සිටිති.

කතාව කියා ඉවර බැවින් ගීයක් ඇසීමට සිත් විය. මෙතන ගැළපෙනම ගීය නම් "මාස්ටර් සර්" ගීයයි. මේ ගීය සහෝදර සමාගමේ සාදර අනුග්‍රහයෙනි. මඳ උත්සාහයකින් පසු පැරණි පිටපතක් සොයා ගතිමි. ජය! 



16 comments:

  1. අදමයි මම මෙහෙට ආවේ පට්ටයි නේ. අපේ මිනිස්සු කොච්චර හොඳ වචන චාටර් කරන තියෙනවද කියල හිතෙනවා. කොහොම උනත් සුපිරි ලිපියක්
    ?කෝරලේ වලව්ව

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්......
    හැමෝම දන්නවා තමං කටට අරං ඉන්නේ කියලා...
    විරුද්ධව පියවරක් ගන්නැත්තේ මේක ආතල් නිසාද නැත්තං බයටද???????

    ReplyDelete
  3. එහෙම බලනකොට අපිත් කටට අරගෙන ඉන්නේ.
    නැත්නම් මෙච්චර දේවල් වෙනකොටත් බකන් නිලාගෙන ඉඳීවියැයි

    ReplyDelete
    Replies
    1. චික්! කියන කැත කතා

      Delete
    2. ඔයා කටට ගත්තෙ අදක ඊයෙකයෑ

      Delete
  4. ජනතාව කටට අරන නැතත් උන් කතා කර හඩ ඇහෙන්නෙ නැත්තෙ ජනතා හඩ වෙනුවෙන් පෙනී ඉන්න මාද්දිය කටට නෙවේ උගුරටම අරන් නිසා...

    ReplyDelete
  5. ඇමති කමක් ගත්ත කියන්නෙ කටට අර ගත්ත වගෙ තමා. සද්ද නැහැ :ඩී

    ReplyDelete
    Replies
    1. ඔයා නම් ඉතිං කටට පුකට දෙකටමනේද?

      Delete
  6. ලොක්කා ඔය මුළු ඇමති මණ්ඩලේටමත් කට්ට දීලා තියෙන්නේ

    ReplyDelete
  7. අපිට කටට දීලා තියෙන හැටියට ඉස් මොල්ලේ හිගින් තියෙන්නේ දැන්!

    ReplyDelete
  8. කට දෙපැත්තෙන් වැක්කෙරෙනවා ඕං...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. ඒ අතින් මහින්ද මහත්තයා මෙන්ම රනිල් උන්නෑහෙත් කටට දෙන්න අති දස්සය. මහින්ද මැති ඇමතිවරු, ජනතාව පමණක් නොව නීතීයේ දෙවඟනෙත් කට දීලා අහවරය. රනිල් විපස්සේ උන්ගේ කටට දෙනවාය. මේ ළඟදි, කටට ගන්න බැහැමයි කියපු සජිත්ටත් කටට දුන්නාය. කටේ මුකුත් තියෙන කොට කතා කරන්න එපා කියා සජිත්ගේ අම්මා සජිත්ට කියා දී ඇති නිසා. එයත් දැන් ලොල ලොල කියනවාය.

    ලිවිල්ල නම් පට්ටැය, එළකිරිස්ය. උපරිමය.....

    ReplyDelete
  10. දේශපාලනය කරන සහ කරන්න ඉන්න අය කොහොමත් ලොකු එවුන්ගේ ඒවා කටට ගන්නවා... සාමාන්‍ය දෙයක්...

    ReplyDelete
  11. හික්ස් මරු ලිවිල්ල සහෝ.

    ReplyDelete
  12. අවුරුදු 4 න් හතරට 6න් හයට කටට
    ගද්දි නිකන් දැනී නොදැනී පුදුම සනීපයක්
    බන් දැනෙන්නේ ....:D


    ( ලිවිල්ල නම් පට්ට මචන්... එල )

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.