logo banner

Thursday, February 21, 2013

ප්‍රොක්සි (Proxies)

"දැනුම ලබා ගැනීම අපරාධයක් නම් දිනෙක දැනුවත් මිනිසුන් වන්නේ අපරාධ කරුවන් පමණි..."



අටුවා ටීකා අනවශ්‍යය. Gossip9.com වෙබ් අඩවියට කළ දේ ඔබ දනී. මීළඟ අවිය එල්ල වන්නේ බ්ලොග් වදවී වලට එරෙහිවය. සියලු කේන්ද්‍රීය මාධ්‍ය රාජ්‍ය පරිපාලනය නම් වූ දඬු අඬුවට යට කොට ගෙල මිරිකා හුස්ම හිර කොට මරා දැමූ පසුව අවසානයේ අපට ඉතිරි වන්නේ විමධ්‍යගත මාධ්‍ය පමණි. එහෙත් මේ විමධ්‍යගත මාධ්‍ය පවා සිර කිරීමට තාක්ෂණයේ පිහිටෙන් දූෂක පැලැන්තියට හැකියාව තිබේ. එනිසා අප ඔවුන්ට වඩා අඩියක් නොව, අඩි දෙක තුනක් දුරින් සිටිය යුතුය. 

එනිසා නිදහස් මාධ්‍ය කරණයේ යෙදෙන ඔබට, මෙන්න අපෙන් උපදෙස් හතක්:

1. සිය IP ලිපිනය රහසක්ව තබා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න. මෙය අනිවාර්ය බව සලකන්න. (උපදෙස් පසුවට)
2. සතියකට වරක් වත්  සිය මුරපදය මාරු කරන්න. එය කොහෙවත් ලියා නොතබන්න. 
මුරපදය ලෙස ඔබේ පෙම්වතියගේ නම, ඔබේ ප්‍රියතම ගායකයාගේ නම වැනි දේ කොහෙත්ම නොයොදන්න. 

3. මුරපදය අකුරු, ඉලක්කම් සහ සංකේත යන තුනෙන්ම සමන්විත කරන්න. එහි දිග අකුරු 10කට හෝ ඊට වැඩි මිස මොනම හේතුවක් නිසා වත් අඩු නොකරන්න.
4. Phishing යන්න ගැන දැනුවත් වන්න. සෑම විටම තමා ලොග් වන අඩවිය සැබෑ අඩවියද, නැතහොත් ඒ වගේම පෙනෙන්නට තැනු වෙනත් ව්‍යාජ අඩවියක්ද යන්න ගැන අවධානයෙන් සිටින්න. 
5. Key logging යන්න ගැන දැනුවත් වන්න. සෑම විටම ඔබේ නොවන පරිගණකයකින් ඔබේ පුද්ගලික ගිණුමක් පරිහරණය කළ පසුව මුරපද සහ ජාලගත ඉතිහාසය (Passwords & Browsing history) මකා දමන්න.
6. කිසිම විටෙක ලිපිගොනු නිකන්ම Shift + Delete නොකරන්න. අදාළ මෘදුකාංග ඇති අයෙකුට එසේ මැකු ගොනු, පත්තරේ කියවන්නා සේ කියවිය හැකිය. File shredder නම් මෘදුකාංග තිබේ. යමක් කිසිවෙකුට කියවන්නට බැරි වන සේ මකන්නට අවැසි නම් මුලින් එම ගොනුව Shred කරන්න. 
7. ඔබේ දුරකථන සංවාද සහ SMS සියල්ලම වසරක කාලයක් තුළ පටිගත වන බව සලකන්න. මෙය සිදු කරන්නේ අපරාධ මර්දන පණත යටතේය. එබැවින් Phone Sex කරන්නටම අවශ්‍ය නම් ඊටම වෙන් වූ Distorter නම් මෘදුකාංග තිබේ. ඒවා පාවිච්චි කරන්න. 

ප්‍රොක්සි? 

ප්‍රොක්සි හෙවත් පෙරකලාසිකරු යනු කෙනෙකු වෙනුවට පෙනී සිටින කෙනෙකි. ඔබ වෙබ් අඩවි ලිපිනයක් සටහන් කළ විට එය මුලින්ම DNS හෙවත් අඩවි නාම සේවා සපයන්නා වෙතද, ඉන්පසු ISP හෙවත් අන්තර්ජාල සේවා සපයන්නා වෙතද ආදී වශයෙන් සර්වර රාශියක් හරහා ගමන් කරයි. මෙසේ දත්ත ගමන් කරන්නේ දත්ත පැකට්ටු වශයෙනි. නිසි බලය ලත් නිලධරයකුට මෙම පැකට්ටු Packet sniffers නම් මෘදුකාංග භාවිතයෙන් කියවීමේ අවසරය තිබේ. 

"ප්‍රොක්සි උමං" යනු මෙසේ දත්ත මාරුවන අතරේදී අතර මැදියන් රවටමින් ඔබේ පණිවුඩය කාටවත් කියවීමට නොහැකි ලෙස විකෘති කිරීමයි. උදාහරණයක් ලෙස ඔබත් ඔබේ මිතුරෙකුත් යම් රහස් භාෂාවක් භාවිත කරන්නේ යයි සිතමු. ඊට අනුව සෑම අකුරකින්ම කියවෙන්නේ ඊට පෙර අකුර යයි සිතමු. එවිට J MPWF ZPV යන්නෙහි තේරුම I LOVE YOU යන්නයි. මේ රහස නොදන්නා කෙනෙකුට මේ පණිවිඩය කියවිය නොහේ. 

ප්‍රොක්සි උමං වලින් කරන්නේ මෙයයි. එනම් ඔබේ දත්ත රහසිගතව හුවමාරු කිරීමයි. ප්‍රොක්සි උමං වඩාත් වැදගත් වන්නේ වසා දැමු හෝ බ්ලොක් කළ අඩවි වලට පිවිසීමේදීය. මෙවැනි මෘදුකාංග වලට උදාහරණ කීපයක් සළකා බලමු: 

1. Ninja Proxy: online ප්‍රොක්සි සර්වරයකි. අවශ්‍ය අඩවියේ ලිපිනය සටහන් කොට පිවිසිය හැකිය. සාමාන්‍යයෙන් හොඳය. වරකට හුවමාරු කළ හැකි දත්ත පැකට් ගණන උපරිමයක් පවතී. 



2. Security KISS: බොහෝ මෙහෙයුම් පද්ධති සඳහා බාගත කොට පාවිච්චි කළ හැකිය. දවසකට හුවමාරු කළ හැක්කේ 300MB පමණි.


3. Ultra Surf: මෙයද ඉහත කී ගනයේමය. සාමාන්‍යයෙන් පොඩ්ඩක් මන්දගාමී නමුත් ආරක්ෂාව ඉහළය. 



4. Socks chain: ප්‍රොක්සි එකක් නොව ප්‍රොක්සි දාමයකි. ආරක්ෂාව අතින් ඉතාමත්ම විශිෂ්ටය, නමුත් නොමිලේ දෙන වර්ෂන් එකේදී වරකට විවෘත කළ හැකි උමං ගණන සීමිතය.

මේ සියල්ල කීවේ මේ රටේ නැත්තටම නැති වන්නට යන ඇත්ත දන ගැනීමේ අයිතිය සුරකිනු පිණිස සහ අධ්‍යාපනික පදනම මත මිස නීති විරෝධී කටයුතු වලට අනුබල දෙනු පිණිස නොවේ. තහනම් කළ අඩවියකට පිවිසීමට හිතාමතා තැත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව තරයේ සළකන්න. මීට අමතරව  මෙම ලිපියේ එන කරුණු අනුගමනය කිරීම හෝ නොකිරීම පාඨකයාගේ තීරණයක් නිසා ඔබේ තීරණ වලට අප වග නොකියන බවද කරුණාවෙන් සළකන්න. 

12 comments:

  1. හොර වැඩ කරන කෙනෙකුට රටක් වටින ලිපියක්

    ReplyDelete
  2. හොර වැඩ වලටම නෙවෙයි! ඉතා වටිනා වැඩ ටිකක් මේ..කොහොමත් මමනම් ඕවා ටිකක් පාවිච්චි කරනවා !

    ReplyDelete
  3. හොර වැඩ කරන්න නොවෙයි, හොර නායකයාගෙන් ෙබ්රෙන්නයි මේවා වටින්නේ.

    ReplyDelete
  4. අනේ බොලේ මම මේ දෙවල් අදමයි අහුවෙ... අදම මම ඔය දෙවල් ඔක්කොම ක්‍රියාත්මක කොරනව.. නැත්තම් මගේ වෙබ් එකත් අපේ ජනාධිපති උතුම විසින් ක්‍රියා විරහිත කරල දායි... බොහොම පින් ඈ කියල දුන්නට...

    ReplyDelete
  5. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. යුගයේ අවශ්‍ය තාවයක්.. පැරාගේ එකෙත් තියෙනවා මාර්ගය...

    ReplyDelete
  7. දැන් දැන් සිදුවෙන දේවල් දිහා බැලුවම බ්ලොග් කියන්නෙත් අදාල අංශ වල අවධානය යොමුවුන මාධ්‍යක්. තහනම කියන දේ ඕන වෙලාවක එන්න පුළුවන්. මොකද "අදහස්" වලට පුදුමාකාර විදියට භය උදවියනේ ඉන්නෙ. දේශපාලන බ්ලොග්කරුවන් නිර්ණාමිකව ඉඳිම තමයි හොඳම‍ දේ.(උඹ කියපු දේවලට අමතරව)

    ReplyDelete
    Replies
    1. ඒත් මචං අපි වගේ ඇනෝ කොමෙන්ට් කාරයන්ට පෝලිමේ ඇවිත් පොන්නයෝ කියනවනේ.

      Delete
  8. අවදානමට පෙර සූදානම!

    ReplyDelete
  9. හරිම වටිනවා මේ කරුනු ගැන දැනගෙන ඉන්න එක.

    බොහෝම ස්තූතියි මචං . .

    ඒ වගේම පහුගිය ටිකේ කොමෙන්ට් වල උඹේ අදහස් දැක්කා . .

    සතුටු හිතුනා උඹල වගේ හිතන උන් තව ම කීප දෙනෙක් හරි ඉන්නවා කියලා හිතුනාම . .

    ජය . . .!

    ReplyDelete
  10. ස්තුතියි ඔබට....! මෙවැනි කරුණු බ්ලොග් කරුවනට ඉතාම වටිනවා රටේ තියෙන තත්වය එක්කම....

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.