logo banner

Saturday, March 16, 2013

රිදෙන්නටම වැදී තිබේ!!


මීට මාස කිහිපයකට පෙර අප “තහනම් වචන” ආරම්භ කෙළේ රට පුරා ව්‍යාප්ත වූ ඉස්ලාම් ව්‍යාප්තවාදී රැල්ලට එරෙහිව බව කාටත් මතක තිබේ. නමුත් අප වරින් වර, කිහිප විටකදීම කියා ඇති පරිදි, තහනම් වචන යනු මිනීමරු පොට් එකක් නොවේ.
අප හලාල් ගැන කතා කරන්නේ සකාරණවය. මිසක එවෙලෙට චූන් වී දඟලන පොඩි එවුන් ලෙස නොවේ. හලාල් බද්ද ගැන සත්‍යය හෙළිකළ පළමු ලිපිය පළ වී සතියක් යන්නට පෙර අපේ අඩවිය තහනම් කිරීමට පවා සමහර අන්තවාදී මුසල්මානු කුහකයන් එඩිතර වී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ අඩවිය දින තුනක් තහනම් ව තිබිණි. ඊට අප ප්‍රතිචාර දැක්වුවේ තවත් කරුණු වලින් සන්නද්ධව, අන්තවාදී උලාමාවේ රෙදි ගැලවීමෙනි.
අපේ මූලික අඩවිය වන තහනම් වචන අඩවියට විටින් විට එල්ල වූ ප්‍රහාර නිසා අපේ අඩවිය wordpress හරහා mirror කිරීමට අප පියවර ගෙන තිබිණි. අද උදෑසන වන විට එම අඩවිය (මේ වසර සඳහා පමණක්) hits 5000ක් පසු කර තිබූ අතර, ඒ වෙනුවෙන් යම් විශේෂ ලිපියක් ලිවීමට අප අදහස් කොට තිබුණි. නමුත් එහි යාවත්කාලීන කටයුතු සඳහා ගූගල් විමසුමක් කරද්දී අහම්බෙන් ඇස ගැටුණු දසුනකි, මේ.

Hits 5000ක් සමරන්නට මීට වඩා හොඳ ක්‍රමයක් ගැන අපට නම් හිතාගන්නට වත් බැරිය. මේ ෆේස්බුක් පේජ් එකේ හැටියට, තහනම් වචන වනාහි මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන, වඩාත්ම අවධානයෙන් සිටිය යුතු අඩවි අතරින් තුන්වන ස්ථානයේ පසුවේ. 
තහනම් වචන කවදාවත් කිසිම අන්තවාදයක් වෙනුවෙන් කඩේ ගියේ නැත. යන්තමට හෝ පක්ෂග්‍රාහී වුණා නම් ඒ මේ රටේ සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පමණි. එහෙත් ඒ ද, කඩු කැති පොලු මුගුරු අතින් ගෙන කරන්නා වූ සංග්‍රාමයක් වෙනුවෙන් නොවේ.
එහෙත් යම් යම් මුසල්මානු අන්තවාදීන්ට නම් අපව දිරවා නැති බව පෙනේ. ඔවුන්ට පමණක් නොව, බෞද්ධ තාලිබාන් ලාටද අපව දිරවන්නේ නැත. එහෙත් “අවධානයෙන් බලා සිටිය යුතු” ලයිස්තුවේ තුන්වන තැනට අප ආවේ නිකන් වෙන්නට බැරිය. අප දෙස අවධානයෙන් බලා සිටිය යුතු යයි යමෙක් කියන්නේ නම් ඒ අප යමක් කළ නිසා විය යුතුය.
එබැවින් අපට ඒ උපහාරය ලබාදුන් මුසල්මානුවන්ට අපේ ප්‍රණාමය!!
ප.ලි. යම් හෙයකින් හෝ අපේ මවු අඩවිය (එනම් මෙය) අකර්මණ්‍ය වී නම්, මේ ලිපි වලින් බොහොමයක් මෙන්න මේ පිළිබිඹු අඩවියෙන් (mirror site එකෙන්) ලබාගත හැකි බව දන්වා සිටිමු. 

12 comments:

  1. Replies
    1. ස්තුතියි බුවා! අන්වර්ගේ විකාරවලට උත්තර බඳින්න දුන්නු සහයට අනේක වාරයක් පිං!

      Delete
  2. ආඩම්බරයි.

    ආරම්භ කරල මාස ගානයි කිව්ව නේද? එතකොට කබ්බෙක් ද මෙච්චර දෙයක් කරල තියෙන්නෙ ? ;)

    සුභ ගමන් සහෝ !

    ReplyDelete
  3. වරේවා... කොහොමත් උඹලා දිණුම්..
    අල්ලාහු අක්බාර්....!!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල! දුන්නු හැම උපදෙසකටම, බෙදා ගත්තු හැම අදහසකටම අනේකවාරයක් ස්තුතියි මාතලන්!

      Delete
  4. සුභ පැතුම්!!!!
    සැමදා සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටින්නට දිරිය ලැබේවා!!!!

    ReplyDelete
  5. හ්ම්ම්ම් නියමයි කොනකපාලලාට තරු පෙනිලා තියෙන්නේ අන්තවාදය කියන එක හොඳ නැහැ කියන එක මේ බූරුවෝ තේරුම් ගන්නේ නැහැනේ. :)

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.