logo banner

Monday, May 20, 2013

විදුලි වේසකම | Electricity in Prostitution

අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය.


මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ "වේශ්‍යා" යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය "වෛශ්‍යා" යනුවෙන් වැරැදියට වහරති. "වෛශ්‍යා" යනු "වෛශ්‍ය" හෙවත් වෙළෙන්දා ගේ ස්ත්‍රී ලිංග පදයයි. ගණිකාව යන අරුතක් ඊට නැත. ගණිකාව හෙවත් වේශ්‍යාව යන අර්ථය දෙන නියම සිංහල වදන වන්නේ වේසිය යන්නයි. කෙසේ වෙතත් මෙය බලන හුදී ජන පහන් සංවේගය සහ නාඩිවේගය ගැන සිතා අපි හැකි සෑමවිටම ගණිකාව යන වදන යොදමු. අවැසි නම් අපට ඊට වඩා ලස්සනට "නගර ශෝභණී" ("නගර ශෝභිණි" කිව්වොත් වැරැදි ය) කියා ද කිව හැකි මුත් මේ කියන්නට යන අසුන්දර කතාවට එවැනි සුන්දර වදනක් ගැළපෙන්නේ නැත. 

වේස කම හෙවත් ගණිකා වෘත්තීය ලෝකයේ පළමු රැකියාවය කියති. මුලින් ලෝකයේ රැකියා කියා දෙයක් තිබ්බේ නැත. එක එකා තමන්ට හැකි පමණ වගා කරගෙන හෝ මරාගෙන කෑහ. "මම දෙයක් දෙන්නම්, මට දෙයක් දෙන්න" යනාර්ථයෙන් කරන දේ ය, රැකියාව වන්නේ. එනයින් බැලූකළ මේ කතාව ඇත්ත වන්නට ද පිළිවනි. එහෙත් පුද්ගලිකව මේ ලියන ලේඛකයා නම් ඒ අදහසට එකඟ නැත. ඒ තිබියේ වා! වැදගත් ම දේ, ගණිකා වෘත්තීය තුළ, අනෙකාගේ ලිංගික සන්තර්පණය පිණිස සිය ශරීරය විකිණීම සිදු වීමයි. සාමාන්‍ය බස් වහරින් මෙයට "දීම" යයි කියති. දීම ගැන අපි කලින් වතාවක දීර්ඝ විස්තරයක් ලියා ඇත. 

ශරීරය කිව්වාම ඒකෙ විවිධාකාර අංගෝපාංග ද තිබේ. ඒ හා බැඳුණු ලිංගික කෘත්‍ය ද ඇත්තේ යි. ඒවාට විවිධාකාර නම් ද තිබේ. සාමාන්‍යයෙන් සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඉන් වැදගත්ම අවයවය වන්නේ කටයි. මේ කට ද, ඉහළ මිලකට විකිණිය හැකි ඉතා හොඳ වෙළෙඳ භාණ්ඩයකි. විශේෂයෙන් ම පාරිභෝගික සමාජයක ඊට ඉතා දැවැන්ත වටිනාකමක් තිබේ. 

අප ප්‍රස්තුත මාතෘකාව වෙත දැන් දෑස යොමා බැලුවහොත්, ඉන් කියවෙන්නේ "විදුලි වේසකමක්" ගැනයි. මේ වදන අප විසින් තනන්නට යෙදුණේ, මෑතකදී අන්තිම අසාධාරණ ලෙස වැඩි කළ විදුලි බිලට "පක්ෂව" පෙළපාලි ගිය කාලකන්ණි ටික දැක ය. 

විදුලි බිල අහස උසට නැග්ගවූ ආණ්ඩුවේ ඒකායන පරමාර්ථය වුයේ මේ රටේ ජනතාව යළි ඇන්දවීමකි. පිටකොටුවේ පදික වෙළෙන්දෝ සහ වෙළෙන්දියෝ (එනම්, වෛශ්‍යයෝ සහ වෛශ්‍යාවෝ) ද පාවිච්චි කරන සරල දෙයකි. එනම්, තමන්ට කපා ගන්නට ඕනෑ ගණන තබාගෙන හෙට්ටු කරන්නට ඉඩ දීමයි. ඒකක 60 කට අඩු නම් ලැබෙන්නේ යයි කියන ඊනියා සහනය පුස්සක් වන්නේ අන්න ඒ හේතුව නිසා ය. 



මේ කතාව පැහැදිලි කරගනු වස් අපි සරල ගණිත කර්මයක් කරමු: ඒකකයක් යනු කිලෝ වොට් පැය එකකි. ඒකක 60 ක් යනු කිලෝ වොට් පැය හැටකි. එනම් වොට් හැටේ බල්බයක් පැයක් දල්වා තැබූ විට වොට් පැය හැටකි.

වොට් 60 බල්බය පැයක් දැල්වේ නම්----------------- වොට් පැය  1
වොට් 60 බල්බය දිනකට පැය 12ක් දැල්වේ නම් ----- වොට් පැය 12
එවැනි දින 30 කට ----------------------------------- වොට් පැය 12 x 30 = වොට් පැය 360
එවැනි බල්බ 5ක් ගෙදර ඇත්තේ නම් ----------------- වොට් පැය 360 x 5 = වොට් පැය 1800 කි. 

එනම් වොට් හැටේ බල්බ 5 ක් පමණක් පාවිච්චි කරන ගෙදරක මාසික බිල ඒකක 1.8 කි. 

වොට් අගය යනු තාපජනක අගය ගැන මිනුමකි. බල්බය ඉතා අඩු අගයක් ගනී. සාමාන්‍ය ගෙදරක හීටරය වොට් 100-300 පරාසයේ ද, රූපවාහිනිය වොට් 100-500 පරාසයේ ද, තාපකයක් වේ නම් එය වොට් 300-1000 පරාසයේ ද වේ. මේ අනුව වැඩි කළ විදුලි බිල් කතුරට හසු නොවීමට නම් අප කළ යුත්තේ මෙන්න මේ ඡායාරූප දෙකෙන් එකකි.


ඒ පළමු වැන්නයි.

මේ දෙවැන්නයි.



එසේ හෙයින්, මේ මස 15 වෙනිදා පවත්වන්නට යෙදුණු සාමකාමී උද්ඝෝෂණයට සහභාගී වුයේ එක්තරා "මහාචාරිය වරයෙක්" කී ලෙස අධික විදුලි පාරිභෝගිකයන් නොවේ. මේ රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාව ය. 



පෙළපාලි ගියවුන්ට එරෙහිව රාජ්‍ය යාන්ත්‍රණය සිය සුපුරුදු මර්දන කාරී ප්‍රතිපත්තිය දිගහැර තිබිණි.
ආණ්ඩුව විසින් විදුලි බිල් ගාස්තු ඉහළ දැමීමට එරෙහි විරෝධතා සටන් පාඨ සහිත පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු අද (17) අළුයම කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
"රැවටිලි එපා, විදුලිය ගාස්තු වහා අඩු කරනු" යනුවෙන් ජනතා විමුක්ති පෙරමු‍ණ විසින් අද සවස කුරුණෑගල නගරයේ පැවැත්වීමට නියමිත ජනතා උද්ඝෝෂණයට සම්බන්ධ පෝස්ටරයක් ඔවුන් විසින් අලවමින් සිට ඇත.


පෙළපාලිය අතරතුර, ඊට එරෙහිව, එනම්, විදුලි බිල වැඩිකිරීමට "පක්ෂව" ද වෙනත් පෙළපාලියක් පවත්වන්නට යෙදිණි. 

උපුටාගැනීම "මුරුක්කු" පිටුවෙන්

දැන්නම් රාජ්‍ය මාධ්‍ය රෙදි නැතුව කියන්නේ මේ දෙවෙනි එක කෙළේ විදුලි බිලට එරෙහි අපට එරෙහිව නොව, ඊට අත පොවන්නට සැරසුණු අමෙරිකානු තානාපතීන්ට එරෙහිව බවය. අනේ අපි බබ්බු ය. නයි ටී එන් එකේ යන හැමදේම අහං ඉන්නට තරම් බබ්බු ය. 

නයි ටී එන් නිවුස් කියන්නට ඉගෙන ගන්න--පාඩම් අංක එක.

"මරා, මරා, මරා.... කෝ කියන්න...?..."
"මලා, මලා, මලා..."
"ඔහොම නෙමෙයි, මෙහෙම...අයියෝ....මරා, මරා, මරා, මරා, මරා, බැරා, බැරා, බැරා, බැරා, මරා, මරා, මරා, ගෝරා, ගෝරා, චරා, මරා, මරා, බැරා, නාරා, නාරා, මරා, මරා, මරා, ඉඳල හිටල ශිරා, මරා, මරා, මරා, මරා, යෝරා, චරා, මරා, බැරා, බැරා, ඉඳහිට රෝරා, මරා, මරා, මරා,බැරා, බැරා, ගෝරා....."
"මොනවද පුතේ කරන්නෙ...සද්දේ ඇහෙනවා කුස්සියට...?"
"මම මේ නංගිට අයි.ටී.එන් එකේ නිව්ස් කියන්න උගන්නනො..."

විදුලි ගණිකාවෝ

විදුලි බිලට එරෙහි ජනතා ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත් වෙද්දී, වෙන්නේ මොකද්දැයි අපි කළින්ම කීවෙමු. හූනෙකුටවත් ඊට වඩා හොඳ අනාවැකියක් කියන්නට බැරි ය. දැන් දැන්, ඒ අනාවැකියට අමතරව, එක එකා එක එක මට්ටමේ විචාර දෙන්නට පටන් ගෙන තිබේ. උදේ පාන්දර ජනතාවගේ දවස මූසල කරන, නාන්නෙ නැති හඩ්ඩා මේ ඊයේ පෙරේදා කීවේ "විදුලිය යනු ලක්ෂරි අයිටම් එකක්" බවය. විදුලිය ලක්ෂරි අයිටම් එකක් වන්නේ නයිට් රේස් සාමාන්‍ය වන රටේ ය. පන්සලෙන් නිකං කා හැදුණු මේ පිං බතා නොදන්නවාට විදුලිය යනු ලක්ෂරි  අයිටම් එකක් නොව, මූලික මට්ටමේ යටිතල පහසුකමකි. මේ කියන අමන කතාවලට අනුව නම්, මුගේ ආදරණීය පිතෘ රත්නය, මූව පිළිසිඳ ගනු පිණිස සිය ශුක්‍රධාතුව විමෝචනය කළාට වඩා ඒ ටික සිය සරමේ පිහිදා ගත්තා නම් හොඳ යැයි සිතෙන්නේ ය; අඩුම ගානේ කූඹි වත් කනවා ඇත. 

මීට අමතරව බ්ලොග් අවකාශයේ "දෙන සේනා" නමින් තවත් ගණිකා මඩමක් පටන් ගෙන තිබේ. අප ඊට ගණිකා මඩමක් යැයි කියන්නේ අර කී ලෙස, ගණිකා වෘත්තියේ යෙදෙන නිසා ය. ඒ ගැන අපට අහිතක් නැත. එහෙත්, අප කියන දේ වැරදි නම් ඊට එරෙහිව සකාරණ ව තාර්කිකව කරුණු දැක්වීම වෙනුවට, හුදෙක් ජෝක් සහ ආතල් සැපයීම පමණක් කරන්නේ නම් ඊට ගණිකා වෘත්තීය විනා වෙන නමක් නො හොබී. 

මේ උදවියට කියන්නට ඇත්තේ, සිය පදනමක් නැති ගොන්කතා සියල්ල පසෙක ලා හැකිනම්, මේ විදුලි බිලෙහි වැඩිවීම සාධාරණ බැව් පෙන්වන්න කියා ය. විදුලි බිල වැඩිවීම මතු නොව, එය සාමාන්‍ය පාරිභෝගිකයාට සහ ධනවත් එකාට බලපාන අන්දම ගැන වෙනම ම විශ්ලේෂණයක් කර පෙන්වන්න කියා ය. 

මේ තිබියදී, අර කී පෙළපාලි කරුවෝ එදා පාර දෙපැත්තට, ආණ්ඩුවට කඩේ යමින් විදුලි බිල වැඩි කළ යුත්තේ ඇයිද යන්න ගැන "දැනුවත් කෙරෙන" පත්‍රිකා ද බෙදා හැර තිබිණි. අංශු මාත්‍ර ඇත්තක් නැති මේ කසිකබල් පත්‍රිකා වලට කරන්නට සරි එකම එක වැඩක් අපට යෝජනා කළ හැකි ය. එනම් පෙළපාලියට ගිය එක එකාටම, සිය දෙපා සීරුවෙන් දෙපසට කොට, ඇඳ සිටින මොකක් හෝ එක උස්සා/පහත් කොට, ජංගිය ගළවා (ජොකා වෙන්නට බැරි ය; අනිවා ජංගිය විය යුතුය.) සිය අන්තර් තට්ටම් අවකාශය අතරින් ඇඟිල්ල සීරුවෙන් යවා, ගුද මාර්ග විවරය සොයා ගෙන, අර කී පත්‍රිකාව හොඳහැටි තුනීවට රෝල් කර ඒ තුළට ඔබා ගන්නා ලෙසයි.  


පසු සටහන

විදුලි බිල සාධාරණ යයි බෙරිහන් දෙන උන්දෙලාට තව එක දෙයක් අවසාන වශයෙන් කියන්නට පිළිවනි: එනම්, අනේ බං, අපේ බිලත් එක්ක ගෙවාපන් කියා ය.

7 comments:

  1. කියල වැඩක් නැ බන් දෙන එක රිදෙන්නම දීල තියෙනවා..නියම ලිපිය..උබලට හිතෙන දේ රජ්ජුරුවන්ට තේරෙන්නේ නැත්තේ උන් කුඩු ගහනවද බොලන්???

    ReplyDelete
  2. දේශද්‍රෝහී කතා කියන්න එපා දරුවා. උදේ පාන්දර. ඇයි මීට කලින් ලයිට් නැතුව ඉඳලම නැද්ද. වැඩිවෙලා නම් අඩුකරගන්න එකනේ තියෙන්නේ. ඇයි මීටරේ බලන්න බැරි තොපේ ඇස් පොට්ට වෙලාද. 58 ආපු ගමන් ඕෆ් කරලා දාන්න තොපේ ගෙවල්වල ට්‍රිප් සුවිච් කියන් ඒවා නැතිද. තෝපි කියන්නේ දිනාගත් දේශය ලයිට් බිලට පාවලා දෙන්න කියලද. තොපි ඕන මළදානයක් කර ගනිව්. අපි එක බිම් අඟලක් කිසිම කෙනෙකුට දෙන්නේ නෑ. ඔය හෝටල් වලට එපාට්මන්ට් වලට කෙහෙල් වගාවලට දෙනවා මිසක්. වැඩිය දැඟලුවොත් අල්ලනවා තොගේ පුකට තිස් තුන් දාහ...

    ReplyDelete
  3. LIPIYA KIYEWWEMI. HONDAYA, NAMUTH, JOKA, JANGI, PUKA ( GUDA MARGAYA) WENI WACHANA TAHANAM BAWA SALAKANNA. - KATHANDARA -

    ReplyDelete
  4. කියවන්නෙක් පමණිMay 20, 2013 at 12:46:00 PM GMT+5:30

    මේකෙන් ඉතාම පැහැදිලිය විදුලි බිල වැඩිකරනවට පක්ෂ පරිසක් හා විරැද්ධ පරිසක් ඉන්න බව‍. මේ පාර විදුලි බිල ගේන කෙනා අහනවා විදුලි බිල වැඩිකරනවට කැමතිද අකමැතිද කියලා ඒක සටහන් කරගෙන යනවා. ඔය වැඩිකරනවට පක්ෂව පෙලපාලි ගිය අය කියයිනේ කැමතියි කියලා. දේශප්‍රේමි දේශ මාමක ආණ්ඩුව අන්න ඒ වැඩි කරනන්න කැමතියි කියන අයගේ විතරක් වැඩිකරනවලු

    ReplyDelete
  5. අනිවා ජංගිය කියන්නේ මොකක්ද අච්චර සගිස්කුරුත දන්නා පාට් එක පෙන්නුවා එකා අන්තිමට සිංහල කාලා නේද? නොදකින් හරකා.

    ReplyDelete
  6. my salary is 100k, and my electricity bill is 8500, only 3 people live here and no matter what we do cant get lesser than that, its almost 8.5% of my monthly income and its unbearable and we are no rich people ( we hv no car nothing luxury ),,we hardly meet the ends every month, i still didnt get the bill according to the new tarrif, after the new bill comes i'll hv to do wat u suggest to get a bill less than 60 units,

    ReplyDelete
  7. උරාගෙ මාළු උරා පිට තියා කැපීම වගේ දෙයක් නේ ඔය උද්ගෝෂණ වලට ප්‍රති උද්ගෝෂණ කියන්නේ
    "අපි වෙනුවෙන් අපි" තේමාවේ අනිත් version එක " අපට එරෙහි අප"

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.