logo banner

Tuesday, May 21, 2013

වර්ජනය අසාර්ථකයි | The Failed Strike

වර්ජනය අසාර්ථකයැයි ද, ආණ්ඩුව සාර්ථක යැයි ද මේ දිනවල මහා ගෝසෙට කතාව යනු පෙනේ. මේ "ජයග්‍රහණයෙන් මත්වී උද්දාම වන උදවියගේ ආතල් කැඩීමට අපට සිත් නොදෙතත්, උන්ගේ ආතල් වලට ගෙවන අහිංසක මිනිසුන් වෙනුවෙන් මේ වචන ටික කිව යුතුමය. මේ ඔබ දකින්නේ අපට ඉතිරිව ඇති එකම විමධ්‍යගත මාධ්‍ය වන අන්තර්ජාලය ඔස්සේ පළවූ අදහස් කීපයකි.




රජු දිගා වේවා!

අපේ ඉතිහාසයේ ඈත ඉඳන් පැවත එන එක්තරා සෙට් එකක් සිටිති; ඒ වනාහි, ඒ කාලයේ, සිය අඹුව, සිය දුවණිය, ඒ කාලයේ රට පාලනය කළ කෙනා සමග නිදි වද්දවති. ඊට පසුව, "මගේ ගෑනි, මගේ දුව අහවල් රජතුමාත් එක්ක රැය පහන් කළා" යනුවෙන් මුළු රටටම බොහොම උජාරුවෙන් කියති.. සුද්දා ආ පසු ද වුණේ ඔය ටික මය. සුද්දා ගේ සුදු හමට ලොබ බැඳි අපේ වාහෙලා එළිපිටම සුද්දන් සමග ලැග්ගා පමණක් නොව, ඒ ගැන හරිම ආඩම්බරයෙන් කියන්නට ද පෙළඹ සිටියෝ ය. අනේ ඉතින් අර ගොබ්බ රජු මොනවා කලත් සාදු, කියනවා ඇරෙන්නට වෙන මුන්ගෙන් සිදු වූ දෙයක් නැත..අදටත් ඒ පරම්පරාවෙන් පැවත එන අය සිටිති, උන් අද කියන්නේ කරන්ට් බිල වැඩි කරාට මොකද? අපේ රජතුමානේ කියා ය..

~~ලසන්ත සංජය ගෙන් උපුටා ගන්නා ලදී.

ලබ්බට තිබ්බ අතමය පුහුලටත් කියන සංකල්පය යටතේ, රාජ්‍යයට එරෙහිව ආ ලබ්බේ බලවේග මර්දනයට යොදාගත් අවනීති හා අව-සංකල්ප පුහුලේ බලවේග සඳහාද යොදාගැනෙනු ඇත. එමෙන්ම ජාතිකවාදීන් විසින් සාධාරණීකරනය කරමින් තිබුනු අතීතකාමයද මෙ මොහොතේ ආණ්ඩුව විසින් සිය මර්දන යන්ත්‍රය ශක්තිමත් කිරීමට යොදාගනු ඇත. මේ අනුව මේ තිබෙන්නේ නිකන් සිල්ලර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයකින් පත්වූ ආන්ඩුවක් නොවේ. මේක මහාසම්මත රාජාණ්ඩුවකි. ජනතාව මහාසම්මතයකින් අනුමත කරනතාක් සියලු ආන්ඩු විරෝධී කටයුතු රාජ්‍ය-විරෝධී යැයි සම්මතය. කොටින්ම මහාසම්මත ක්‍රමය යටතේ 'රාජ්‍යය' (state) හා 'ආන්ඩුව' (regime) අතර වෙනසක් නැත. එහෙම වෙනස් කම් ඇත්තෙ පර-සුද්දාගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේය.
~~"රිටිගල ජයසේන"

මේ කතාවල් මැද්දට ම අපට ද කතාවක් කියන්නට සිත් විය.


එකෝමත් එක කාලෙක, සිය රදළ ස්වාමියා ගැන මහත් ආඩම්බරයෙන් අනිත් වහලුන් සමග දබර කරගත් වහලෙක් අරබයා, මේ කතාව මහළු මිනිහෙක් විසින් කීවේ ලු.


රදළ දවසක් රදළයෙක් අස්ස කරත්තයෙන් යනකොට දැක්කලු ගොවියෙක් තමන්ගෙ භාර්යාවත් එක්ක පොළට යනවා.. ඉතිං මේ රදළයාට මේ ගොවි තරුණිය ගැන සරාගී සිතක් පහළ වුණාලු. රදළයන්ට මොන තහංචි ද? ඉතිං මූ කිව්වලු අර ගොවියට, "උඹේ ගෑණිව කරත්තේ ඇතුළට නග්ගල උඹ ගිහිං අර අස්සයව අල්ලං හිටපං කොහෙවත් යන්න නොදී.. ඌට පොඩ්ඩක් මද කිපිලා.. ඒ නිසා රිදෙන්න හයියෙන් වෘෂණ කෝෂ දෙක අල්ලං හිටපං එතකොට දඟලන්නෙ නැහැ"යි කියල. අනේ අර මිණිහත් ඉතිං රදළයා තමන්ගෙ ගෑණිත් එක්ක රමණකෘත්‍යයේ යෙදෙද්දී අර අස්සයගේ වෘෂණ කෝෂ දෙක අල්ලං ඉන්නවලු. කොහොමිං හරි රදළයත් වැඩේ අහවර කරලා ගොවිය දිහාට රිදී කාසියක් විසික් කරලා යන්න ගියාලු. ගියාට පස්සේ අර ගොවියා බොහොම උජාරුවෙන් තමන්ගෙ නෝනට කියනවලු.. "ඔය දන්නවද.. ඌ හිතං ඉන්නේ මම උගෙ අස්සයගේ ඇටදෙක අල්ලං හිටියාය කියල වෙන්නැති.. මම අල්ලං හිටපු ඇටයක් නැහැ.. උන්දෑ හිතං ඉන්නවා ඇති අපි මේ එයාගෙ අත පල්ලෙන් වැටිලා කියල උගේ අස්සන්යන්ගේ ඇට දෙක අල්ලං ඉන්න.. හුහ්.. එව්වා කොහෙද මාත් එක්ක.. "
ආණ්ඩුව කියන දේ ත් එක අතකට ඇත්ත ය. වැඩ වර්ජනය අසාර්ථක ය. වෙනින් මොකුත් ම නිසා නොවේ. සමහරු හරි උජාරුවෙන් අල්ලං ඉන්නා වෘෂණ කෝෂ බිම තබ්බවන්නට අපට නොහැකි වූ බැවිනි. 

අවසාන වශයෙන් මේ කතාව පුරාවට ආණ්ඩුවට කඩේ ගිය උන්ගෙන් අහන්නට ඇත්තේ එක දෙයකි: ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?

10 comments:

  1. මට දුක මේවගේ හොඳම අවස්තාවක් මගහැර ගත්තු එකට. මේ වගේ අවස්තාවකින් වත් ප්‍රයෝජනයක් ගන්න බැරි උන් කොහොමද ආන්ඩුවක් පෙරලන්නේ

    ReplyDelete
  2. නියම කතාව සහ ඇත්ත කතාව මචන්.... නියමයි.... බට් පොඩ්ඩක් පරිස්සමින් හිටපන්... සුදු වෑන් එන්න ගනීවි උබගෙ ගෙවල් පැත්තට....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඇටේ අල්ලාගෙන නොව, කටේ දාගෙන ලෙවනවාය. රදළයා එදා මෙන්ම අදත් දිනුම්ය. නෝනා පුක පලාගෙන ඉස්පිරිතාලයේය. ආතල් වැඩිවි හඩ්ඩා තප්පුලනවාය..

    ඔබ සැමට සුභ අනාගතයක්ය...

    ReplyDelete
    Replies
    1. හඩ්ඩා ගෙ කර අඹන්න කාලය හරි වගේ.

      Delete
    2. අඹන්න කරක් හඩ්ඩට තිබ්බොත් නේ!

      Delete
  5. හදිසියේ වැඩි වූ විදුලි බිලට ඒරෙහි වීම සදහා ඒකි නෙකට සමීප සම්බන්ධයක් නැති දේශපාලන පක්ෂ, වෘතීය සමිති සහ නොයෙකුත් සංවිධාන රාශියක ඒකමුතුවෙන් පවත්වන්නට යෙදුනු වැඩවර්ජනය සංවිධාන කටයුතු වල දුර්වල තාවය නිසා අසාර්ථක වූ බවයි පෙනෙන්නේ. විදුලි බිල වැඩි වීම සියළු දෙනාටම ඒක සේ බලපාන ප්‍රශ්ණයක් නිසා වැඩ කරන ජනතාව ස්වේඡ්ඡාවෙන් ඉදිරිපත් වී වර්ජනයට සහභාගී වනු අැතැයි සංවිධායකයින් අධි තක්සේරුවක සිටියා වන්නටද පුළුවන.
    ගැමුණු විජේරත්න වැන්නන් ගෙන් දෘෂ්‍යමාන වන්නේ අද වැඩ කරන ජනතාව මුහුණ දී අැති අභග්‍යය සම්පන්න තත්වයයි. ඒක්කෝ ඔහු මුදලට විකිනී අැත. නැතිනම් තර්ජනයට භිය වී අැත.

    ReplyDelete
    Replies
    1. කළින් පාර වර්ජනයේදී ගැමුණුගේ මුහුණ ආදරෙන් අතගාපු හැටි ඌට මතක නැතුවා වෙන්නට බැරි ය.

      Delete
  6. ////ඔබ තවමත් පාලක අස්සයාගේ ඇටදෙක අල්ලං ඉන්නවාද?////
    ++++++
    ඔක්කොමත් හරි මේකත් හරි පින්තුරෙත් හරි

    ReplyDelete
  7. ටිල්වියාගේ ඇට දෙක අල්ලන් ඉන්නවට වඩා හොඳයි කියල හිතෙන්නෙ කරුමෙටද මන්ද?

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.