කෙසේ වෙතත් මෙකී බිරිල්ල පසුපස හුදෙක් ලිංගික ඊර්ෂ්‍යාව පමණක් පදනම් ව ඇති බවට අප කළ අනුමානය වැරදි බව මේ වන විට පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ අපේ ඊනියා අධිසදාචාර වාදී හුචක්කුවන්ගේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. අප මුලින් උපකල්පනය කෙළේ මෙකී අධිසදාචාර අයියලා වනාහි හුදෙක් "පහන තියා බුදු සාදුට හිමිදිරියේ" ගෙදරින් ඇවිත් රෑට "යටලීයෙන් නාරිලතා මල් පූදිනු" දකින තාලේ ජෙකීල්-හයිඩ් මානසිකත්වකාරයන් කියා ය. බැලින්නම් ඊට වඩා මුන්ගේ මානසික විකෘතිය දරුණු ය.
අප මීළඟට ඔබට පෙන්වන විගඩම පළකළ අපේ ෆොටෝ කරුවා තමාගේ පිටුව හඳුන්වා දෙන්නේ "සිංහල ජාතියට,බුදු දහමට වින කරන අයගේ මූණු බලන්න ආසද? එහෙනම් මෙහෙ එන්න" යනුවෙනි. ඇත්තටම එය ඇත්ත ය; මන්ද ඔහුගේ පිටුවේ ඇත්තේ ම, සිංහල ජාතියට, බුදු දහමට වින කරන ආකාරයේ පෝස්ට් පමණක් බැවිණි. මේ ඉන් මෑතදීම පළ වූ ජෝක් එක ය. මෙය උපුටාගෙන ඇත්තේ "සිංහ FBI" ලෙස තමන්වම හඳුන්වා ගන්නා නපුංසකයකු ගේ වෙනත් පිටුවකිනි. (මේ දෙකම කරන්නේ එකාම බව උන්ගේ වචන භාවිතය බැලුවාම පැහැදිලිව පෙනේ. )
පුහුල් හොරා කරෙන් දැනෙන්නේ කියන්නේ මෙව්වාට ය. මෙව්වා බලා පුකෙන් හිනා වෙනවාට වඩා මොනවා කරන්නද? "ආදරණීය විශාඛාවනි!" යැයි මේ ෆොටෝ එකේ උලා තිබෙන එකාලා සහ උගේ හැත්ත බුරුත්ත පහුගිය කාලයේ විශාඛාවන්ට ඇමතුවේ "ආදරණීය" කියා නොවේ. වේසාඛා, වෛශාඛා, වේසියෝ යනාදී සුන්දර අමෘතාවාහ වචනයෙනි.
හොරාට කලියෙන් කෙහෙල් කැන වැට පනිනවා යයි කීවා සේ ලත් තැනම රීගෙන ඇති මේ ගොන් කතාවට දෙන්නට ඇති හොඳම උත්තරය අපේ ෆේස්බුක් සහෘදයකු විසින් මුහුණටම කියා තිබිණි. අපි එයද එසේම උපුටා දක්වමු:
"සිංහ එෆ්.බී.අයි.... බඩ යනවා ඕයි හිනා වෙලා...!....ෆේක් පුණ්ඩියන්ගෙ එෆ්.බී.අයි....! එෆ්.බි.අයි එකයි, සිංහයොයි දෙගොල්ලම මුන්ට නඩු දානවා මේක දැක්ක නම්...
"අපි ඔබට බුර්කා අඳින්න කියන්නෙ නැත... ඔබලාට ලැබී ඇති නිදහස එයයි..." ... යකෝ එතකොට මුන් තමයි ගෑණුන්ට අඳින්න ඕන එක කියලා දෙන, උන්ට නිදහස දෙන පොරවල් දැන්.... මුන් බුර්කා අඳින්න නොකියන නිසා තමයි ලංකාවෙ ගෑණුන්ට ඒ නිදහස ලැබිලා තියෙන්නෙ....! අඳින්න කියලා මුන් නියෝග කළා නම් අඳින්න වෙනවද එතකොට...? .....කියලා වැඩක් නෑ ඕයි...!...ෆේස්බුක් පුණ්ඩි ගිය උඩ කිව්වලු...!....මරු අයියලා ටික නම් ගම් මූණු නැති....!"
දැන් මේ "සිංහ FBI" aka "වින කටින උන් අල්ලන මහඑකා" ගේ පේජ් එක කරන එකා කරන්නට හදන්නේ කුමක් ද? මේ කරන්න හදන්නේ "උඹලට මේ මඩ ප්‍රහාර නවත්වා ගන්න ඕනේ නම් අපිත් එක්ක වරෙවු" යනුවෙන් බ්ලැක්මේල් කිරීම නොවේ ද? මේ වනාහි හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් නොව, හොරාගේ අම්මා, බඩුවේ අයිතිකාරයාගේ ගෙදෙට්ට ඇවිත් රෙද්ද ඉස්සීමකි. මීට හේතුව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. දිනෙන් දින පල්ලම් බහින ඊනියා අම්මගේ රෙද්දේ ජාතික ව්‍යාපාරය හෙවත් ජාතිකත්වය ව්‍යාපාරයක් කරගැනීම නමැති නරාවලට මිනිස්සු වැටීම ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතී. වරක් අපේ සහෘදයකු පැවසුවා සේ, අදටත් මේ ජාතිකත්ව මෙවුවා එකේ ඉදිරියෙන්ම සිටින්නේ 138 පාර දෙපැත්තේ ඇති ජනාවාස සහ (ඊට යමක් එක්කරන්නේ නම්) දෙහිවල සිට එහාට ගාලු පාර දෙපස කළුතර වාද්දුව දක්වා ජනාවාස පමණි. එයද, මෙකී අධිසදාචාරවාදීන් ගේ අහවල් වික්‍රමයක් නොව, (අපවත් වූ නොව) අපවත් කරවා වදාළ අති ගෞරවාර්හ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් ගේ සහ ඊට පෙර, මුළු රටම දහම් සුවෙන් නැහැවූ සුමධුර ධර්ම කථික, විචිත්‍රභාණක පානදුරේ අරියධම්ම හිමිපාණන් ගේ දේශනා මහිමය නිසා ය.
එසේ වෙතත් මෙකී ජාතික ව්‍යාපාරයේ ලැගගෙන ඉන්නා අමන පිස්සු බල්ලන්ගේ ක්‍රියාවන් නිසා තත්වය මොකක් වුණත් දිනෙන් දින මිනිස්සු ඒ හා බිඳෙමින් ඉවත් වෙමින් යන බව ඇස්පනාපිට ම දකින්නට හැකි විය යුතුය. එසේ නොපෙනෙන්නේ පඬු පාට කණ්නාඩි පැළඳි දෑසින් ලොව බලන අමන මුග්ධයන් හට ය. මෙය කිසි සෙත් අප අපේක්ෂා කළ මට්ටමක් වත්, අප අනුමත කරන ප්‍රපංචයක් වත් නොවේ. කෙසේ වෙතත් උද්ගතව ඇති තත්වය කෙතරම් ඛේදනීය ද යත්, සමහර සංවිධාන වලට තමන්ව ප්‍රොමෝට් කරගැනීම පිණිස මුදල් ගෙවා "ප්‍රවර්ධකයන්" ද පත්කර ගැනීමට සිදුවී තිබේ. දැන් මේ සිද්ද වන්නේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා වාගෙ, දිනෙන් දින පජාත වන ඊනියා ස්වොත්තම
තහනම් වචන ලියන අප, එදා සිටම ජාතික ව්‍යාපාරයට සහ විශේෂයෙන් ම බොදු බල සේනාවට යම් පාර්ශ්වික භාවයක් දැක්වූ බව රහසක් නොවේ. එහෙත් දැන් මේ සිද්ධ වන්නා වූ දේවල් සමග අපට එහි යම් ක්‍රියාකාරීන් (හෝ එසේ පෙනී සිටින්නන්) සමග බරපතළ මතගැටුමකට මුහුණ දීමට සිදු වී තිබේ.
වජිර S යනුවෙන් අප හඳුන්වන්නට කැමති එක්තරා ඓහිකවාදී විචාරකයෙක් ෆේස්බුක් හරහා මේ ගැන සිය දැකීම මෙසේ පැහැදිලි කර තිබිණි. මෙය වනාහි ජාතිකත්ව චින්තනයේ සීමාවෙන් ඔබ්බෙහි වසන යම් තුන්වන පාර්ශ්වයකගේ කියවීමක් ලෙස සළකමු:
"සදාචාරය පුද්ගලිකය, එය හැසිරීමෙන් සහ භාෂිතයෙන් ඔබ්බට ගිය, යමෙක් පුද්ගලිකව පිළිපදින්නා වූ චින්තන රටාවකි. සදාචාරාත්මක බවෙහි මූලිකම ගුණාංගය වන්නේ අන් අයගේ සදාචාරය පිලිබඳ ඇති නිහඬ පිළිවෙතයි, අන් අයගේ සදාචාරාත්මක භාවය පිලිබඳ ඇඟිලි දිගු කරමින්, ඔවුන් පහත හෙලමින්, අන්තර්ජාලයෙහි ඇති පොදු සමාජ ජාලවල ගිරිය යටින් කෑගසන්නන් සියල්ලම පාහේ වදවෙන්නේ ඔවුන්ගේ සදාචාරත්මක භාවය ගැන නොවේ. තමන්ට කිසි සේත්ම අදාලත්වයක් නැති, තමන් අන්තර්ජාලයෙන් පමණක් දැක ඇති, අන් තැනෙක වෙසෙන අයගේ හැදියාව ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්ලජ්ජිත භාවයක් සහ මුග්ධ බවක් අපේ තරුණ පරපුරට ලැබී ඇත්තේ මෙවැනි රටක වෙසෙන්නේකුගේ ස්වභාවික මානසික පීඩනය සහ ලිංගික අසහනය “ ජාතික ව්‍යාපාරය” නමැති කිණිහිරය මත තැලුම් කන විටය.
බොදු බල සේනාව හා අනෙකුත් “ජාතික ව්‍යාපාර” වලින් රටට සිදු වන හානිය හුදෙක් ජාතිවාදය හෝ ප්‍රචණ්ඩත්වය පමණක් නොවේ - රටෙහි තරුණ පරපුරෙහි මනස තුල පසුගාමී චින්තනයක් වැපිරීමේ හානිය මේ දෙකටම වඩා භයානකය, “හම්බයින්ට” සහ “කුරුසකාරයින්ට” එල්ල වන ප්‍රචණ්ඩත්වය පිළුණු වූ විට එය නැවතත් හැරෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ එදිනදා නිදහසට, රටෙහි කාන්තාවගේ අයිතිවාසිකම්වලට එරෙහිව අන්තවාදී සහ පසුගාමී “සිංහල බෞද්ධ” යුටෝපියාවකට රට ගෙනයන බෞද්ධ සෞදි රාජයකට පාර කපන බල කඳවුරකටය.
ජාතික ව්‍යාපාරයට පෙර මෙවැනි ආකල්ප තිබුනානම් එය සුළුතරයකි, සින්හලකමද නොවන, බෞද්ධකමද නොවන මෙවැනි ආකල්ප වලට මුල් වන්නේ ඊර්ෂ්‍යාව සහ කාලකන්නිකමයි.
රටෙහි “ගැහැනුන්” සදාචාරාත්මක කිරීමට වලිකන පිරිමින් තුල ඇත්තේ සදාචාරය නොවේ, ආතතිය සහ පැරනොයාවකි, අරාබිකරයේ වෙසෙන ඔවුනේ ඉස්ලාමික අන්තවාදී සහෝදරයින් මෙය දෑනටමත් අත්පත් කරගෙන ඇත්තේ සිය කාන්තා පරපුර හිසේ සිට පාද තෙක් වසා, සමාජයෙන් කොන්කර, භාෂණයට හෝ අද්‍යාපනය ඇති අයිතීන් උල්ලංගනය කොට මුහුණක්, හඬක් හෝ සිතිවිලි නැති හුදෙක් ප්‍රජනන උපාංග බවට පත් කිරීමෙනි - ඔවුන්ට එරෙහිව හඬ නගන අපේ කරුමක්කාරයින් වෙනස් වන්නේ ජාතියෙන් සහ ආගමෙන් පමණි, ආකල්ප අතර වැඩි වෙනසක් නැත...
සිය මව හැරෙන්නට අන් කිසි ගැහැණියකට සමීප නොවන්නෙකු ගේ මනසේ වෙසෙන ගැහැණිය, සිය මව වැනි දරදිය අදින, පියාට කීකරු, පුද්ගලිකත්වයක් නැති තැනැත්තියකි, එබැවින් සමාජයට පිළිපන් කල්හි මොවුන් අන් ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ මනෝභාවයන්ට අභියෝග නොකරන ඉතා කීකරු ඇවිදින මළකඳන් ය - ඔවුන් තනාගන්නා රාමුවෙන් පිට ජීවත් වන ගැහැණිය යනු “නිවැරදි මගට ගත යුතු” වෙය්ශ්යාවකි.මේ මතය සමග සීයට සීයක් එකඟ විය නොහැකි තැන් ද ඇති මුත්, සමස්තයක් වශයෙන් එය ඉතා හොඳ කියවීමකි. මේ වනාහි ජාතිකත්ව ව්‍යාපාරය අද පත්ව ඇති තැන පිළිබිඹු කරන හොඳ කැටපතකි.
ගැටුම් විසඳිය හැක, දේපල පිළිසකර කල හැක, නමුත් මෙවන් ආකල්ප සමාජය පුර ඔඩු දිවීම ඒ දෙකටම වඩා පිළිසකර කිරීමට අපහසු තත්වයකි."
මේ ෆොටෝ කල්ලියේ අමනයා ගැන ද යමක් කියා ම, මෙය අවසාන කරන්නෙමු. එදා මුගේම කල්ලියේ අනිත් උන්දෙලා සමග පාගමනට පලු යන්නට බණින ෆොටෝ වලට උඩ පනිමින් ලයික් කළ, ෂෙයාර් කළ, නුරා මතින් යුතුව හූ කියමින් කමෙන්ට් කළ ජාතිකත්ව නරි රැලේ ඉහළම සාමාජිකයා හෙවත් මෙකී කාලකන්නි ෆොටෝ කරුවා දැන් (රෙදිත් ඇඳගෙන දෝ හෝ) සිය ඊනියා ජාතික ව්‍යාපාර වල රැස්වීම් වලට ද එන ලෙස "ආදරණීය විශාඛාවන්ට" ආමන්ත්‍රණය කරයි.
අනේ ආදරණීය නංගියේ.. රත්තරං දුවේ.. පණට ආදරයක් තියේ නම් මේ අසහනකාරයොන්ගෙන් හත්ගව්වක් ඈත් වෙලා හිටපල්ලා..
මානසික ලෙඩ්ඩු වැඩියෙන්ම ඉන්න තැනක් තමයි බුකිය කියන්නේ. මට හරි දුකයි උඹත් එතන එල්ලිලා ඉන්න එක ගැන.
ReplyDeleteමූණු පොතේ මම දැක්ක එකම හොඳ අඳුනන්නේ නැති ඒත් අඳුනගන්න වටිනා අයව අඳුනගන්න ලැබීම විතරයි . නැතිවෙන්න ඕන නම් නියම තැන මූණු පොත .
ReplyDeleteඑහෙම කියන්න එපා මාතලන් .... මානසික ලෙඩ්ඩු ඉස්පිරිතාලෙ ඉන්නවා වගේම උන්ව හොඳ කරන්න ඕනෙ දොස්තරලත් ඉන්න ඕනෙ ඉස්පිරිතාලෙමනෙ..... ඉතින් අපි බලා සිටිමු.....
ReplyDeleteබුකියෙන් රට හදන ඇයො වැහි වැහැලානේ අයියා කාලයක් හලලාල් කාලයක් බො.බ.සෙ කාලයක් ගිනිතියාගත්ත හාමුදුරුවො දැන් මෙ කෙහෙවත් නැති පාගමනක් තව ටික දවසකින් ඔකත් කට්ටියට අමතක වෙලා යයි
ReplyDeleteබුකියට එන්නේ හැමෝම ඔප දුප කතා කරලා රට හදන්න
ඔය කැ ගහන හුඟක් ඇයොන්ගේ ඇතුල පුස්
හදලානම් මෙලහකටත් ආස්චර්යට ලං වෙලා
හා නැත්ද ;)
i have no time otherwise i would love to go thru this fake accounts n find out who are actually this mentally disabled basterds . any one has any idea from what kind of a background one would turned in to a racist like that, i mean we all know majority of kudu man's are frm slums, majority of army fellows are from villages, riches are frm cinnamon garden . like wise can some one explain wat would create such monsters
ReplyDeleteමේ බ්ලොග්කරු වුනත් මෙතන දාල ගිහින් තියෙන්නේ බොකක් තමයි මගේ බොකට වඩා උන්ගේ බොක ගඳ වැඩියි වගේ තර්කයක් අරගෙන අධිසුචරිතවාදියෙක් විදිහට තමන්ම ලේබල් කරගැනීමට දරන බොළඳ උත්සාහයකට වඩා වැඩි දෙයක් මෙතන නෑ.
ReplyDeleteane huke
DeleteAnonymousJuly 18, 2013 at 6:03:00 AM GMT+5:30
Deleteඉතිං උඹ එක එකාගෙ ගූ ඉඹින්න යන්නේ නැතුව පුක නොදී හිටහන් කො.
අපි ඉඹින්න ගිය බෙට්ටක් නෑ ඕයි, පාරේ බොග දැම්මම ගද හතර අතට යනවා.
Deleteමේ මහත්වරු එක්කෙනෙක් හටවත් අම්ම අප්පා වැසිකිළි යන හැටි කියා දී නැත. කරුණාකර ඔබ දෙපලගේ පුද්ගලික මඩ, වෙන වෙනම බේරා ගන්න.
Deleteඅපෙ එවුන්ට මොන දේ දුන්නත් බොහොම ටික කාලෙකින් ඒක ජරාවක් කරනවා.. ෆේස්බුක් එක තමයි හොඳම උදාහරණේ...
ReplyDeleteමොනවා උනත් තහනම් වචනයෝ ඔය බුකියෙන් අයින් වෙයන්.. පේට්‍රියට් කොලුවටත් වැරදුණේ ඕක නිසා..ඉස්සර අපි එක්ක බොගක් දාගෙන හිටපු එකා දැන් ලොවෙත් නැහැ..
ReplyDeleteHEMADENAGE DENAGENIMA PINISAI... MEA BLOG EKA KARANA EKA KRISTIYANI ANTHAWADIYEK....! MU KARANNE PALLIYE KONTHRATH EKAK... BALAGENAI
ReplyDeleteමේ කමෙන්ටුව දැමු ඔබේ අවධානය පිණිස, මෙන්න මේ ලිංකුව බලන්න.
Deleteකතෝලික පල්ලියෙන් කොන්තරාත් ලබන අන්තවාදියකුට, වතිකානුවේ සමලිංගිකත්වය ගැන කතා කළ හැකි ද?
pasal lamai mathpen/dumweti bona eka gena obe adahasa kumakda?
ReplyDeleteවිරුද්ධයි.
Delete