logo banner

Friday, August 2, 2013

තුවක්කුවෙන් පුකේ ඇරීම | Rifle Butt in Yo Butt



කොළඹ නුවර පාරට ආසන්නව රතුපස්වල කියා දේශද්‍රෝහී ගමක් තිබේ. ඒ ගමේ වෙසෙන දේශද්‍රෝහියෝ එසේ දේශද්‍රෝහී වී ඇත්තේ මේ මෑතකදීය. ඊයේ පෙරේදා වනතුරු ඒ මිනිස්සු ද ආසියාවේ ආශ්චර්යයේ ආඩම්බරකාර පුරවැසියෝ ව සිටියහ. රතුපස්වල පිහිටි "වින්ග්‍රෝ" නම් කම්හලකින් මුදාහැරෙන අපජලය නිසා ප්‍රදේශවාසී මිනිස්සුන්ට බොන්නට වතුර නැති වීම මෙසේ දේශද්‍රෝහී වන්නට හේතුව යයි කියති.

(පසුබිමින් සජීව ආවරණය බලන්න. වැඩි විස්තර මෙතැනින්.)



අපේ රටේ මිනිස්සුලාට මොන දේ කළත් ගුණයක් නැතැයි කියන්නේ ඕකට ය. බොන වතුර ටික නැහැමයි කියමු. වතුර නැත්තං මැරෙනවාද? උගන්ඩාවේ පානීය ජල පුරස්නය විසඳීම පිණිස, ඇමරිකාවෙන් ණයට ගත් සල්ලි ඩොලර් මිලියන 160 ක් අපේ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ අත දිගෑරලා වියදං කොරාපු අපෙ ආඩම්බරකාර තාත්තා ගැන හිතනකොට, හරිහමං දේශප්‍රේමී ජනතාවක් නම් නිකංම බඩ පිරෙන්නට ඕනේ නේද? අනික මේ රටේ බොන්න වතුර ටික ද ලොකුම ප්‍රශ්නේ? නැගෙනහිර, හලාල්, කූරගල, හලාල්, තම්බි, රාමසාන්, ජිහාඩ්, හලාල්, අන්‍යාගමික කුමන්ත්‍රණ, හලාල්, හලාල්, හලාල් යකෝ හලාල්, ඩෝසර් කරපු පූජාබූමි, දඹුල්ල, උලාමාවරු, වහබි, ජිහාඩ්, හලාල්, මහියංගණේ පල්ලිය, සලාෆි, සුල්ෆික්, හලාල්, තවුෆීක්, නාශිඩ්, හලාල්, මූදු මහ විහාරය, හලාල්, නැගෙනහිර, කූරගල, උලාමා, වහාබි වැනි ප්‍රශ්න කීයක් මේ රටේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ද?

අනික මේ වින්ග්‍රෝ සමාගමේ බහුතර කොටස් හිමි වන්නේ හේලීස් සමාගමට වන අතර එහි අධිපති ධුරය දරන්නේ ද මේ රටේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයකු දේශප්‍රේමියකු වන ධම්මික පෙරේරා ය.

කෙසේ වෙතත් මේ දේශද්‍රෝහී පරබල්ලන් පන්දහසක් වැනි සුළු පිරිසක් අද දින බැලුම්මහර අසලදී කොළඹ නුවර මාර්ගය පැයක පමණ කාලයක් අවහිර කරගෙන උද්ඝෝෂණය කර තිබේ. වහ වහා එතැනට පැමිණි අපේ වීරෝදාර STF බලකාය විසින් සිය අවම බලය පාවිච්චි කරමින් කඳුළු ගෑස්, ජලප්‍රහාර සහ බැටන් පොලු ප්‍රහාර එල්ලකර තිබේ. මෙවැනි පාහර බල්ලන් හට පහරදී එළවා දැමීමට මෙවැනි අවම බලයක් පාවිච්චි කිරීම ගැන රටේ ජනතාව පුදුම වන අතර, මේ අහස පොළොව නූහුලන අපරාදය බලා ඉන්නට බැරි තැන, රබර් උණ්ඩ රැගත් කළහ මර්දන තුවක්කුවක් නාථ දෙවියන්ගේ ආනුභාවයෙන් ඉබේම පත්තු වී, ඉන් එක් දේශද්‍රෝහියෙක්  දේශද්‍රෝහියෝ දෙන්නෙක් දේශද්‍රෝහියෝ සිවුදෙනෙක් මියගොස් තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මුලින්ම වාර්තා වූ මරණය මේ උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති 16 හැවිරිදි පාසැල් ශිෂ්‍යයෙකු වන අතර  ප්‍රදේශයේ කලක පටන් පැවති ආරවුලක් නිසා සිදු වූ සිද්ධියක් වන අතර, එය මේ සිද්ධියට සම්බන්ධ කරමින් හමුදා ප්‍රහාර වලින් පාසැල් ශිෂ්‍යයකු ගේ මරණයක් සිදු වූ බවට කැරලිකරුවෝ අසත්‍ය ප්‍රචාර ද පතුරුවමින් සිටිති.

මේ අවස්ථාවේ දී මේ උද්ඝෝෂණය මැඩලීම සියලු ජාත්‍යන්තර නීති රීති වලට අනුවම සිදුව ඇති අතර, රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින්, කැරලිකරුවන් තියුණු මුවහත් පිහිවලින් ඔවුන්වම කපාගෙන, ඔවුන්ගේ තුවාලකරුවන් ඔවුන්ම පයින් පාගාගෙන, තුවාලකරුවන් බාරගන්නට සියලු රෝහල් සූදානම්ව සිටියදී ඒවාට ඇතුලත් නොකර, අන්තිමේදී එදා රාත්‍රියේ යුද හමුදාව සේ බොරුවට පෙනී සිටිමින් කැරලිකාර පවුල් වල ගෙවල් වලට පැන උද්ඝෝෂකයන් හට බිම පෙරළාගෙන පහර දී ඇති බවද "ලක්බිම" වාර්තාව අනුව අපට පැහැදිලිය. 


මඳ විරාමයක්.. මේ ගීතය ඔබ වෙත ගෙන එන්නේ රණවිරු රියල් ස්ටාර් අනුග්‍රහයෙන්..

බෝධි පූජා තිබ්බ උන්ටත් කෙළින හැටි දැක රණ මතින්....
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
මානුසික මෙහෙයුමේ වගතුග හිතා ගනු ඇත පිට රටුන්....
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
මව් බිමේ දිය පොද පතා මහ මගට බට පුර වැසි පුතුන්...
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... )
උන්ගේ ලේ සහ උතුරෙ ලේ එක ලෙස පෙරේ මහ උන් නමින්...
( පැප්ප පෝං ... පැපැප්ප පෝං... ) 
පදරචනාව දමිත් කේතක ගෙන්. 


මේ අතර මේ සිද්ධිය ගැන නයි.ටී.එන්. හෙවත් උගේ පවුලේ නාලිකාට අදහස් දක්වමින් දවටගහ පල්ලියේ බැතිමතෙක්:

බොන්න වතුර ඉල්ලං පාරට බයින්න මුන්ට පිශ්ශුනෙ අයිෂෙ. එක්කො ඉල්ලපිය වරායක්. එයාපෝට් එකක්.. ෂල් මල් කුළුනක්.. නයිට් රේෂ් එකක්.. දැයට කිරුළක්.. ශැටලයිට් එකක්.. ඇමරිකං පුබ්බෝල්... මුනාද මේ මුන් ඉල්ලුවෙ? තූ නොදකිං වෙඩි තියපු එකමයි හොද.. ඈශ්චර්යටත් කැළලක් මුං!!
නිර්මාණය Seze Caprio 


මේ අතර මේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන ප්‍රවීණ ගූ-තිෂවේදී ගොන්සිරි බණ්ඩා වෙනුවෙන් උගේ--සමාවෙන්න ඒ මහතාගේ නියෝජිත සුරේෂ් කොල්ලා මෙසේ අදහස් දැක්වීය.

• 2010 (ජුලි) මාතරදී සුසන්ත අරුණ බණ්ඩාර ....
• 2011 (ජුනි) කටුනායකදී රොෂාන් චානක ....
• 2012 ( පෙබරවාරි ) හලාවතදී ඇන්ටනි ෆර්නෑන්ඩෝ ....
• 2013 (අගෝස්තු) වැලිවේරියේදී .................................

ට්‍රීන් ට්‍රීන් .... ඊළඟ එන්න ......
(පොර කන්න එපා යකෝ)

සබැඳි වෙනත් ලිපි

  1. ටැබූ - සොල්දාදුවෝ දැන් බැහැපිය කරෙන් බිමට! 
  2. මාතලන්රතුපස්වලට අමා වතුර 
  3. කතන්දර - "කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර්"
  4. Loopholes - මහා බෝධි පුජා පිංකම 
  5. Aru - "හමුදා ටින්කිරි"
  6. අපේ ඉසව්ව - "වැලිවේරිය, රූකාන්ත,චන්ද්‍රලේඛා සහ තවත් කතා"
  7. කසාපබ්බත - එක ප්‍රශ්නයකට එක බිල්ලක් 
  8. සංවේදීවෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන
  9. රැඩිකල් අදහස් - නිකරුණේ මිනීමරන කුලී හමුදාව
  10. අමාවක - රතුපස්වල දේශප්‍රේමය
  11. මානවකදුෂ්ටයා හමුදාව විතරද?
  12. නාඩියා - "දයාබර වැම්පියර්තුමනි"
  13. අන්සතු දිනපොත - "අවියෙන් දුන් වතුර"
  14. ඉවාන් පවුලූශා - "පෙරළුණු නැවුම් (රතු) පස.."
  15. තුරු සෙවන ලියන මැණික් - "වතුර !! කඳුලු !! වතුර !!"
  16. Sabithඋතුර දකුණ රතුපස්වල සහ අපි!
  17. නිදහස් සිතුවිලි - "පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය..2009 සහ 2013."
  18. බිගුසර - "ආදරණිය රණවිරුවනේ මේ ඔබේ අවධානය පිණිසයි.."

අදත් පිටපත උගෙන්ම තමා.


59 comments:

  1. අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනුවෙන් හඩක් නගන්න ඉඩක් නිදහසක් නැති එකනම් බොහොම කනගාටුවට කරුණක්.. නමුත් සතියක් කෑ ගහපු මිනිස්සු අද පාරට බැස්සේ නිෂ්පල ගමනක්.. අර තරුණ ජිවිතේ අපරාදේ..

    ඔකත් ලබන සතිය වෙද්දී අමතක වෙලා යාවි.... .. එතකොට ඔක්කොම සැටල් .. ආශ්චර්යය .....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ පාර අතුරුදන් වූවනුත් ඉන්නවලු. කැරලි මර්දනයකදී කොහොමද අතුරුදන් වෙන්නේ?

      Delete
  2. ........ කලින් පිසින ලද නයි.ටී.එන්. පිළුනු නිවුස් - අගෝස්තු දෙවන සිකුරාදා ........

    පලාත් සභා මැතිවරණයක් පැවැත්වෙන මේ මොහොතේ රජය අපහසුතාවයට පත් කිරීමට සහ ජාත්‍යන්තරව අපකීර්තියට පත් කිරීමේ පරමාර්ථයෙන් වැලිවේරියේ කලබල ඇතිකල කුමන්ත්‍රණකරුවන් සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරඹයි.

    වැලිවේරියෙදී කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට අසු වී මියගිය_______ ගේ පවුලේ අය අමතා ශෝකය ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මේ ඝාතනයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව කියයි.

    බස්නාහිර පලාත් මහ ඇමතිතුමා මියගිය __________ වෙනුවෙන් වන්දි මුදලක් පිරිනමයි.

    'මගේ මහත්තයගේ මරණය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ඔහුට කරන නින්දාවක්' මියගිය _______ගේ බිරිය කියයි.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කරල බේරෙන්න බෑ පේට්‍රියට්.. මේ ගැන ලිපියක් ලියන්න.

      Delete
  3. වතුර ඉල්ලා උද්ඝෝෂණය කල දේශද්‍රෝහීන්ට එරෙහි වූ දේශප්‍රේමී හමුදාවට බුකී බලකායේ උත්තමාචාරය, හෙට සිට

    ReplyDelete
    Replies
    1. දැන් මතක නෑ ආනා. දැන් සති දෙක පැනලා ඉවරයි..

      Delete
  4. අපගේ හමුදාවට සහ පොලිසියට අපගේ ආචාර්ය .

    ReplyDelete
  5. සන්නද්ධ උද්ඝෝෂකයෝ තමන්ට ම වෙඩි තියා ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

      Delete
    2. මගේ නූතන ජන කවි පෝස්ටුවේ URL එක මෙහි සඳහන් කළ ඇනෝට මගේ ස්තුතිය.

      ඒ කවි කියවා කාලකන්නි සතුටක් ලබා ගත හැකියි.

      වැලිවේරියේ සිද්ධියට අදාල තවත් මා ලියූ කතන්දරයක් තමයි "පොලීසියට බයේ දුවපු කොල්ලා".

      Delete
    3. KAKKO, MEKA OHEGE NOTICE BOARD EKA NOVE.

      Delete
    4. ස්තුතියි කකා!

      Delete
    5. ජනතාව වැඩිවීම සමගම ආර්ථිකය ප්‍රසාරණය නොවීම තමයි හේතුව. ස්වභාවික සම්පත් නැති රටක ව්‍යවසායකත්වය කියන එක සිල්ලර කඩවලට සීමා වෙලා තියෙන කොට ඔහොම තමයි.

      වැඩක කලත් ඒවා උණු ආප්ප දානවා වගේ, දීර්ඝ කාලීන සැලසුම් නෑ.

      Delete
  6. ඉස්සරහට බඩු මිල කොහොම වැඩි වුනත් ,ආණ්ඩුව කොහොම ආණ්ඩු කලත් උද්ඝෝෂණ නම් කරන්න හදන්න එපා කියන පණිවිඩේ!

    ReplyDelete
    Replies
    1. අපටත් හිතෙන්නේ මේ දීල තියෙන්නේ pre-show warning එක..

      Delete
  7. Replies
    1. සොරි මචෝ.දේශකයාගේ එකේඅ දාන්න ගිය කොමේට් එක වැරදිල වැටුනා..

      Delete
  8. මටත් හිතෙන්නේ මේ රතු පස්සර ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට ඇසිඩ් එකතු කරගෙන තියෙන්නේ ජනතාවමයි කියලා....එහෙම නැතුව ධම්මික පෙරේරාගේ හේලීස් සමාගමට අයත් මේ ගල්වුස් කොම්පැණිය ඔය වගේ එකක් කරයි කියලා කොහෝම්ත් හිතන්න බෑ...අනිත් ඒ වගේ වැඩක් කොම්පැණියක් කලෝත් මධය්ම පරිසර අධිකාරියයි, සෞඛ්‍ය දේපාරතමේන්තුවයි කාටත් කලින් ඇවිල්ලා කොම්පැණියා සීල් තියෙනවා...ඔය දේශපාලඥයෝ කියන කම් ඒගොල්ල්ලො බල බල ඉන්නේ නෑ....

    මේ ජනතාවගේම වැඩක්..වේඩි තියාගේන තියෙන්නේත් ඒ මැරිච්චි අසරනයම වෙන්න ඇති.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ පාර කියනවා පාකිස්තානයෙන් ගෙන්නන ග්ලවුස් වලට අභියෝග කළ නිසා ධම්මික පෙරේරා වට්ටන්න කරපු කුමන්ත්‍රණයක් ලු මේක.

      Delete
  9. ඕනම උද්ගෝෂනයකට මරාගේ විසඳුම වෙඩි තැබීම

    ReplyDelete
    Replies
    1. අනාගතය අදයි (ඩයලොග් නෙමේ හේලීස්).

      Delete
  10. වෙඩි තියලා තියෙන්නේ එස් ටී එෆ් නෙමෙයි හමුදාව..

    වැලිවේරිය ජනතාවට අපේ ප්‍රණාමය...

    ReplyDelete
    Replies
    1. උදේ වැඩ භාර අරගෙන හවස වැඩ අල්ලලා අලුත් පතිය.

      Delete
    2. උන් මචෝ නමට හමුදාපති. ඒ යකා මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඇති.

      Delete
    3. ජනතාව තේරුම් ගන්න ඕනේ දේ තමා මේ වෙලාවේ රටේ මර්මස්ථාන වල ඉන්නේ රූකඩ බවත්, ඒ රූකඩ වල නූල් ඇත්තේ සීමිත පිරිසක් අතේ බවත්..

      Delete
  11. මේක කාලකන්නින්ගෙ රටක්. අවුරුදු සියගානකටවත් යථා තත්වයට පත්නොවෙන ආකාරයේ පරිසර දූෂණයක් දිහා බලන විදියෙන් හිතාගන්න පුළුවන් නේද.

    ReplyDelete
    Replies
    1. අනේ රාජ්.... උඹ අවුරුදු 100ක් ජීවත් වෙනවද? නිකං වෙඩි කන්න හදන්න එපා ඩෝ.... දෙන වතුර ටික බීලා නිදාගනින්....

      Delete
  12. දකුණෙ දැන් ඉන්නෙ යුද්ධය තිබුනුකලෙ හිටපු රනවිරුවො, අපි බෝධි පූජාවල් හිටං තිබ්බෙ , ඒ ගොල්ලො නිවෙයි දැන් ඉන්නෙ, දැන් ඉන්නෙ දෙමල කොටි හමුදාවක්. අනුරාධපුර ශ්‍රී මහ බොධිය ලඟදි සිංහල අහිංසක පිරිසක් මරා දැම්මෙ, උන් තමයි දැන් ඉන්නෙ නැත්නම් මීනීමරු නියෝග ක්‍රියාත්මක කරයිද?

    ReplyDelete
    Replies
    1. හික්.... තමන්ගෙ පැත්තට තුවක්කු එල්ල වෙනකොට කියන බොළද කතා තමා ඕවා.... මිනී මරන්න ශක්තිය ඉල්ලලා බෝධි පූජා තිබ්බ එවුන් නේද දැන් අහසට දෑත් දික්කරලා හෙණ ඉල්ලන්නෙ....
      සතියෙන් අමතක වෙන බුද්ධිමත් ජනතාවක සාඩම්බර කොටස් කරුවො වෙච්ච ගම්පහ ජනතාවට සුභ අනාගතයක්....

      Delete
    2. පව් දකුණේ ජනතාව. රණවිරුවෝ, පුකඉරුවෝ

      Delete
    3. //සතියෙන් අමතක වෙන බුද්ධිමත් ජනතාවක සාඩම්බර කොටස් කරුවො වෙච්ච ගම්පහ ජනතාවට සුභ අනාගතයක්....//

      නැත්තං අර කිරි වැස්සිව දිස්ත්‍රික්කෙන්ම පලවෙනිය කරල පාර්ලිමේන්තුවට යවයිද බං ??

      Delete
    4. ඔය බෝධි පූජා සිද්ධිය ගැන කලකට පෙර ලියු ලිපියක්: "දුටුගැමුණු නම් වූ මිනීමරුවා"

      Delete
  13. පරිසර අමාත්‍යාන්ස කියල එකක් දාගෙන මෙකරල තියෙන්නෙ දෙශපාලන හෙන්චයියලට job අරන් දිම පමනයි.නැත්නම් මෙච්චර දෙයක් වෙනකන් මුං මොකද කලෙ.මෙවට වග කිව යුත්තො මෙගොල්ලො තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඉන්න උන් කියලා නහින්නද බං....... නීතියක් නැති රටක උන්ට නීති ක්‍රියාත්මක කරන්න ගිහින් ඇරගන්න කියලද කියන්නෙ..... උඹ පරිසර අමාත්‍යන්ශෙ ජොබ් එකකට ගිහින් කොරලා බලපන්කො....

      Delete
    2. එකෙක් හරි පළමුවෙනියා වෙන්නම ඕනේ, ඇනෝ.

      Delete
  14. ආයෙත් පාරක් වැඩිම චන්දයෙන් මහ රජාවම පත්කර ගමු

    ReplyDelete
    Replies
    1. චන්ද? ඒ මොනවද ඒ රොබින්?

      Delete
  15. Replies
    1. වෙන කොහෙ යන්නද දැන් ඉතිං?

      Delete
  16. අර ම.රා.පු.දෙ. මාරයාත් ඔය ගම්පහ බයියෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ මල්ලි නම් ගම්පහ ඉන්න තිබ්බ කොල්ලෙක්!

      Delete
  17. මේ තොපට මා පෙන්වූ පලමු හමුදාපති රංගණයයි.ඉතිරිය ඉස්සහරට.වතුර අපේ සතුරාය.උඩහ ගේම ඉවර කරේත් වතුරෙන් පටන්ගෙනය.මට ඕවා ලොකු නැත.
    මීට,
    ඊයේ දිවුරුම් දුන්
    නව හමුදාපති උත්තම.

    ReplyDelete
    Replies
    1. වතුරෙන් පටන්ගෙන වතුරෙන් අවසන් වූ දේශප්‍රේමය..

      Delete
    2. උඹට පුලුවන් නම් මගේ හමුදා ටින්කිරි කියවපන්.මොකටවත් නෙමේ මම ආසයි උඹේ අදහස් දැනගන්න.

      Delete
    3. අදහස් පලකලා අරු. වටිනා ලිපියක්.

      Delete
  18. ලැජ්ජයි මොනවත් හිතාගන්න කියාගන්න බැරි තරමට ලැජ්ජයි දුකයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කිව්වේ මේකයි. මේකත් තවත් එක රැකියාවක් විතරයි. ගරු නම්බු බලාපොරොත්තු වෙන්න එපා.

      Delete
    2. එදා අපේ සතුරාට දෂ්ට කරන්න කියලා අපි කරේ තියාගෙන ගිය විසකුරු සර්පයෝ අද අපේ බෙල්ලම කනවා. එච්චරයි.

      Delete
  19. ශ්‍රී ලංකාව තුළ තිබහට වතුර ඉල්ලීම දඩුවම් ලැබිය හැකි වරදකි!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන බ්ලොග් පෝස්ට් ලිවීම ගිණුම හැක් කරන්නට තැත් කිරීමට තරම් වරදකි.

      Delete
  20. පෝස්ට් එක සැරායි... හැබැයි රසායි..අදමයි මේ බ්ලොග් එක කියෙව්වෙ.නියමයි..

    ගණන් ගන්ඩ එපා මචන්ලා.සාධාරණ ඩලස් තුමා කියන විදියට මේක රස්සාව නැතිවුන ජේ.වී.පී කාරයො ටික දෙනෙකුගෙ වැඩක්.ඒක ඇත්තනම් දැන් ලංකාවෙ පවතින රජයට වඩා ජනතා විමුක්ති පෙරමුණට බලයක් පවතින බව පිලිගැනීමට සිදුවේ.හැබැයි ගිය පාර ඡන්දෙදි නම් ගම්පහ පැත්තෙ ජේ.වී.පී එක දිනපු බවක් මතක නෑ.කොහොමවුනත් ඇසිඩ් බීල හරි දේශප්‍රේමියො වෙමු.කාටද ආඩම්බර නේද?...

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාලකන්ණි සිද්ධියක් වෙච්ච දවසෙම ඔබව පිළිගන්න ලැබීම ගැන සමාවෙන්න! කොහොමත් මේ බ්ලොගේ "සැර" පෝස්ට් හැර වෙනත් එව්වා පළවෙන්නේ නැත.

      Delete
  21. meya uputa ganimaki..

    ජලය යනු වාස්තවික වූවක් නොවේ… බටහිරයන්ගේ ඊනියා විද්‍යාවට අනුව එය වාස්තවික වූවක් ලෙස හඳුනා ගනු ලබන අතර, “ජලය පානය සඳහා ඇති අයිතිය ” ලෙස ඔවුන් පංචේන්ද්‍රියන්ට පරිබාහිර වූ මානව හිමිකමක් හඳුනා ගන්නේද ඒ යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුවමය… මෙරට සිටින බටහිර අනුකාරක පඬියන්ද මේ ජනතාවට ජලය පානය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි… නමුත් අපගේ දැක්ම තුළ මෙය “ආපෝ” ලෙස හඳුනා ගනු ලබන අතර, වාස්තවික වූ සත්වයෙකු පවා නොමැති නිසා, ඒ සත්වයාගේ පිපාසයද වාස්තවික නොවන මනස විසින් නිර්මාණය කරගත් හුදු ප්‍රවාදයක් බව පැහැදිලි වන කරුණකි… මනසද මනසේ නිර්මාණයක් බැවින් පිපාසය ඉවස දරා ගත හැක… බටහිරයන්ට ඒ බව නොපෙනේ… මොවුන් මේ අර අඳින්නේ නන්දිකඩාල් කළපුවෙන් අප පරාජය කළ ඔවුන්ගේ බළල් අත් නැවත “ජල වසන්තයක්” හරහා පණ ගන්වන්නටය… ඒ සඳහා බටහිර අනුකාරක වාදී පඬියන් ලවා ජනතාවට “පිපාසයක්” ඇති කර තිබේ.

    ReplyDelete
    Replies
    1. මෙය දමිත් කේතකගේ නිර්මාණයකි. පළකලාට ස්තුතියි!

      Delete
  22. ප්‍රකාශිත යුද්ධයක් තියෙන අවස්ථාවක, අවි ගත් ත්‍රස්තවාදීන්ට පහරදීම සහ රතුපස්වල නිරායුධ උද්ගෝශකයන්ට පහරදීම සන්සංදනය කරන්න එපා. ඒ දෙක සිද්ධි දෙකක්.
    (සමහරු බොරදියේ මාලුබාන්න හදනවා.ඒකයි මෙහෙම ලියුවේ)

    ReplyDelete
    Replies
    1. එහෙම සංසන්දනය කරනවා නම් ඒ එක්කෝ තොත්ත බබෙක්. නැත්නම් අවස්ථාවාදී අමනයෙක්.

      Delete
  23. WATHURA ILLANNE NETHIWA MUNTA WARAYAK (HARBOUR) ILLANNA THIBBANE.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.