logo banner

Tuesday, November 5, 2013

අම්මේ, මටත් වටේ යන්න ඕනේ | Mamma, I also want to go round and round

ඇසට කඳුළක් එක්කරන්න තරම් සංවේදී වෙළඳ දැන්වීමක් දකින්න ලැබුණා කලාතුරකින්.. 


පැහැදිලි කිරීම බලන්න කලින් වීඩියෝව බලල ඉන්න.



.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔබ දැක්කද? ඒ කසාද බඳින්නෙ වැන්දඹුවක්...! වැන්දඹුවන් කසාද බඳිනවාට තාමත් එරෙහිවන, කන්‍යාභාවය ඔලුව උඩ තියාගෙන ඉන්න, හම සුදු නැත්නම් කෙල්ලෙක් ලස්සන නැහැයි කියල හිතන ගොබ්බ මානසිකත්වයේ ඉන්න සාම්ප්‍රදායික ඉන්දියානු සමාජයට දීපු ලස්සනම පණිවුඩයක්..

—උපුටාගැනීම චමීර දෙද්දුවගේ ගෙන්... 

14 comments:

  1. ඉන්දියාව විතරක් නෙවෙයි ලංකාවේ දෙමල සමාජයත් මේ වගේ අර්ථ ශූන්‍ය මතවාද හිසේ දරාගෙන ඉන්නේ...උදාහරනයක් ලස ගත්තම දෙමල මිනිස්සුන්ගේ දෑවැද්හ්ද ප්‍රශනය එවැනි එකක්......හැමෝම කරන්නේ දෑවැද්ද එකතු කරන එක..එක ජනරේශන් එකක් දෑවැද්ද එකතු කරලා ඊලග ජනරේශන් එකට දෙනවා..ඒගොල්ලෝ ඒක ඩබල් කරලා ඊලග ජනරේශන් එකට දෙනවා....අන්තිමේදි කවුරුත් ඒ සල්ලි පාවිච්චි කරන්නේ නෑ...ඒවා බැඔකු පොත් වල ඩබල් ට්‍රිපල් වෙවි තියෙනවා..

    මට හිතෙන දෙයක් නම් ලංකාවේ සිංහල මිනිස්සු ලෝකෙට වඩා අවුරුදු සීයක් පිටිපස්සෙ නම් ඉන්නේ දමල මිනිස්සු ඉන්නේ අවුරුහු දේසීයක් පිටිපස්සේ කියලා...

    ReplyDelete
  2. ඉන්දියානු සමජයේ එක පැත්තක් වේගයෙන් ඉස්සරහට එන අතරෙ තව පැත්තක් තාම ඉන්නෙ ගල් යුගයට පියවරක් ඉදිරියෙන්.. ලංකාව පුංචි නිසා ඔය කේස් එක එච්චරම දැනෙන්නෙ නැති උනාට ලංකාවෙත් ඔය තත්වෙ තියෙනව... ඔතනදි කරන්න තියෙන්නෙ පුද්ගල සංවර්ධනය, අධ්‍යාපනය වගේ දේවල් වලින් සමාජය ගොඩ ගන්න එක විතරයි.. මොකද මිනිස්සු හිතන විදිය වෙනස් කරන්නෙ නැතුව ඔය අදහස් වෙනස් කරන්න බෑ... හැබැයි ඒකට ඉතිං තව කාලාන්තරයක් යයි...

    ReplyDelete
  3. හිරූ කියපු විදියට අපේ රට පොඩි නිසා ඔය දේවල් වැඩිය එලියට එන්නෙ නෑ... නමුත් අපේ රටේත් ඔය සිද්දිය වැඩියෙන් තියෙනව.,...

    ReplyDelete
  4. ඉන්දියානු සමාජේ මොකක්ද බන් අපේ සමාජෙත් ඔහොමම තමයි.. වැන්දබුවක් කියන්නේ ආමි එකේ උන්ට නිදානයක්.. අනික් උන් කියලත් වෙනසක් නෑ.. මගේ සහෝදරියක් ඉන්න නිසා මම ඒක හොඳටම දන්නවා.. ඒකිට ඒකිගෙ මැරුන මිනිහත් එපා වෙලා තියෙන්නේ..

    හැබයි රෙන්නෙත් සබ්බත්තේ...

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එකෙක් ආමි එකට ගියොත් ඉතින් කොල්ලො ටිකත් සුන්...

      Delete
  5. අන්තිම ටික බලද්දී නම් හිත වැටෙනවා .... පළමු විවාහයේ දරුවා බාර ගන්න බොහෝ අය මැලි වෙනවා.. ගෑණු පිරිමි වෙනසක් නැහැ.. ඒක මන් හොදටම දැකලා තියෙන දෙයක්.. අන්තිමට දරුවට අම්මත් නැති වෙනවා තාත්තත් නැති වෙනවා...

    දරුවෝ පව් ...එච්චරයි අන්තිමට වෙන්නේ ...

    ReplyDelete
  6. ආසියාතික වැන්දඹුවක වීමේ පාපය

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා ඉන්දියානු වීම !

      Delete
  7. //පළමු විවාහයේ දරුවා බාර ගන්න බොහෝ අය මැලි වෙනවා.. ගෑණු පිරිමි වෙනසක් නැහැ..//
    මේක පරිණාමිකව නම් පැහැදිලි කලහැක.

    ReplyDelete
  8. මේක මම ගොඩක් කාලෙකට කිලින් බැලුවා. මට මතක විදිහට.. නියම වීඩියෝවක්.

    ReplyDelete
  9. දකුණු ආසියානු ඔළු ගෙඩිවල තියෙන ආකල්ප වෙනස් කරන්න තව පරම්පරා කීයක් යයිද කියලා හිතාගන්න බැහැ. සුන්දර කතා බොහොමයක් බොරු අන්දර බං. අසීමිත දුක් වේදනා විඳින ස්ත්‍රීන් කොටසක් ඉන්නවානම් එහි වැඩි කොටස අපේ කළාපයේ වෙන්න ඇති කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හනුමාන් දේවතාවාFebruary 15, 2014 at 8:21:00 AM GMT+5:30

      ඇයි වෙනස් කරන්නේ? :O හොඳ ඒවා එලෙසම තිබුනාවේ :) බටහිර අයට වැඩිය හොඳ කොච්චර ගතිගුණ දකුණු ආසියාතිකයින් ළඟ තිබෙනවද?? :)

      Delete
  10. itnishantha
    ලංකාවෙනම් ඔය වැන්දඹු අයට මම හිතන්නෑ ඉන්දියාවේ තරම් ප්‍රශ්නයක් තියනවා කියලා. ගොඩක් දෙනෙක් නැවත විවාහ නොවන්නේ දරුවෝ නිසා.
    itnishantha

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.