logo banner

Sunday, November 3, 2013

රටක් රැවටූ හලාල් වංචාව | The Great Halal Scam

මීට පෙර හලාල් දෙවන වටය නමින් අප පළකළ ලිපියේ, හලාල් ගැන අප මෙන්න මෙවැනි දේවල් ටිකක් කියා ඇත. 

"හලාල් සම්බන්ධව අපේ ස්ථාවරයේ මොනම වෙනසක් වත් සිදුව නැත්තේ ය. හලාල් යනු ඉස්ලාමික නීතිය, ඉස්ලාමික නොවන ජනයා මත බලෙන් පැටවීමෙකැයි අපි එදා සිටම කීවෙමු. 2013 වසරට සුබ "හලාල්" නව වසරක් ගෙන ආපු ACJU එකේ බයියලා, තමන්ගේ ගර්භාෂ ආක්‍රමණවාදයට පහර වදින විට අපව වසා දමන්නට උත්සාහ කළ අයුරු අපි ඊළඟට කීවෙමු. ඊට ප්‍රතිචාර ලෙස හලාල් බද්ද ගැන ඔබට කී අපි, හලාල් සහතිකයද හරිනම් හරාම් බවට උලාමාවට අභියෝග කළෙමු. මෙකී සටනේ දී විව්ධාකාර මන්ද මානසික පිස්සන් හමුවේ අපට විවිධාකාර අපවාද වලට ලක්වන්නට ද සිදුවූ අතර, ඒවාට අදාළ අවස්ථාවන්හි අපි පිළිතුරු ද දුන්නෙමු. ඉස්ලාම් පමණක් නොව බෞද්ධ සහ කිතුණු ආගමික මූලාශ්‍ර ඇසුරින් ද, හලාල් යනු හුදෙක් පදනමක් නැති පුස්සක් බවට අපි කරුණු ගෙනහැර දැක්වීමු. එසේම ඉස්ලාමික ජනතාව ඉදිරියේ සුදනන් වෙන්නට හදන උලාමාවේ මහා ෂරියා බැංකු මගෝඩිය ගැනද අපි සවිස්තරාත්මකව කරුණු දැක්වීමු. "

කෙසේ වෙතත් එකී ලිපියෙන් අප මතුකරන්නට උත්සාහ කළ කරුණ, එනම්, අන්තවාදය කවර මුහුණුවරින් ආවත්--දමිළ වේවා, ඉස්ලාම් වේවා, සිංහල වේවා--සහමුලින්ම පරාජය කළයුතු බව, වෙනුවට සමහර ගොබ්බයන් හලාල් සාධාරණීකරණය කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනු දක්නට ලැබිණි. මේ ටික ලියන්නේ අන්න එකී ඉස්ලාමික ගොබ්බයන්ගේ කටවල් වහනු පිණිස ය. 

2006 දෙසැම්බර් 13 වන දින නිකුත් කරන ලද අංක 1415/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්, සමස්ත ලංකා ජම්මියතුල් උලාමාවේ අවසරයකින් තොරව, "හලාල්" යන නම භාවිත කළ නොහැකි බවට, එවකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති සරත් විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව නියෝගයක් නිකුත් කර තිබිණි. මෙය වනාහි, නිසි ප්‍රමිතියකින් තොරව, විවිධ නිෂ්පාදකයින් විසින් "හලාල්" නම භාවිත කිරීමෙන් මුස්ලිම් පාරිභෝගිකයින් වෙත සිදුවන අසාධාරණය වළක්වාලනු පිණිස දෙනලද වරප්‍රසාදයකි. 

මෙන්න අදාළ ගැසට් පත්‍රයේ ඡායාරූපයක්. 



එහෙත් මෙකී විධිවිධානවල සීමා ඉක්මවා යමින් සහතිකකරණ ක්‍රියාවලිය තුළ මුදල් අයකිරීම හේතුවෙන්, 2007 සැප්තැම්බර් මස 06 වෙනි බ්‍රහස්පතින්දා නිකුත් කළ, අංක 1513/24 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 14 දරන විධානය මගින්, 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පණත යටතේ උලාමාවට ලබා දී තිබු ඉහත වරප්‍රසාද සියල්ල අහෝසි කරන ලදි. 

මෙන්න අදාළ ගැසට් පත්‍රයේ ඡායාරූපය: 



දැන් එතකොට මෙහි සරල අර්ථය වන්නේ 2007 සිට මේ දක්වා, ඕල් සිලෝන් ජම්මියතුල් උලාමාව විසින් හලාල් සහතිකකරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගරාගැනීම සිදුකරනු ලදුව ඇත්තේ, පැහැදිලිවම නීති විරෝධී ආකාරයට බව පෙනේ. 

ඊළඟ ප්‍රශ්නය: මේ ආකාරයට ජම්මියතුල් උලාමාව මේ වන විට කෙතරම් මුදලක් උපයාගෙන ඇත්ද? මෙන්න අපේ පැරණි ලිපියකින් සරල උදාහරණයක්.

ඔබ බිස්කට් නිපදවන්නේ යයිද, මසකට 100g බිස්කට් පැකට් 100,000 ක් නිපදවන්නේ යයිද සිතමු. පරිමාව මත පදනම්ව ඔබට අමතර ව තවත් රු. 200,000 ගෙවීමට සිදු වේ යයි සිතමු. එවිට ඔබේ අමතර මාසික (හලාල්) පිරිවැය (අවම වශයෙන් වත්) රු. 454,000 / 12 = රු. 37,833 කි. එවිට එක පැකට්ටුවකට අමතර වියදම 37,833 / 100,000 = ශත 37කි. එක පැකට්ටුවකට ශත 37 ගණනේ ඔබ ජීවිත කාලයට එකී බිස්කට් packet 1000 ක් කා ඇති යයි සිතමු. එවිට ඔබ මේ වන විට මුසල්මානුවන්ට දැනටම රු. 370 /= ක් ගෙවා ඇත. ඔබ වැනි මිනිසුන් 1000ක් වසන කුඩා ගමකින් මුසල්මානුවන් හට මාසිකව රු. මිලියන 0.37ක බද්දක් ගෙවා තිබේ!! මොකටද? එය හලාල් බව සහතික කිරීමට ය? ඔබ හලාල් නොවේ නම් ඔබ මේ මුදල ගෙවා ඇත්තේ කුමටද?

මේ අනුව මිනිස්සු 1000කට පමණක් බිස්කට් පැකට් ලක්ෂයක් පමණක් විකිණෙන කුඩා පරිමාණ බිස්කට් ව්‍යාපාරිකයකු හරහා උලාමාව මසකට රුපියල් මිලියන 0.37ක නිල නොවන බද්දක් උපයාගෙන තිබේ. ඔබ වැනි හලාල් සහතික ලත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් 100ක් මේ රටේ ඉන්නවා නම්, ඔබ සියල්ලෝම එක්ව උලාමාවට එක් මාසයකට පමණක් රුපියල් මිලියන 37ක් ගෙවා තිබේ. අප මේ කතා කළේ සුළු පරිමාණ ව්‍යාපාර ගැන පමණි. මහා පරිමාණ ව්‍යාපාර ගැන කවර නම් කතාද? 

වැදගත්ම ප්‍රශ්නය වන්නේ මෙකී රුපියල් බිලියන ගණනක අයථා මුදල් යොදවනු ලැබ අත්තේ කවර කාරණා වෙනුවෙන් ද යන්නයි. මෙන්න ජම්මියතුල් උලාමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ම උපුටා ගන්නා ලද වගන්ති:
1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
2. මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
3. ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
4. ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
5. ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
6. අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
7. සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම

අප කලිනුත් කීවා සේ, ඔය කී ලැයිස්තුවේ කොතැනක හෝ ඔබ "ඉස්ලාම්/මුස්ලිම්" යන වචන හැර වෙනත් ආගමකට ජාතියකට සෙතක් වන වචනයක් හෝ දුටුවාද? බිස්කට් පැකට්ටුවකට ශත 37ක් කී විට ඔබ එය "හාපෝ සුළු මුදලක්නේ" යයි කියන්නට ඇත. එය අපට හොඳටම විශ්වාසය. මිනිසුන් 1000ක් යනු ඉතා කුඩා ගමකි. දැන් මේ කුඩා ගමේ මුස්ලිම් පල්ලියක් හදන්නට, මුස්ලිම් වාදය ප්‍රචාරය කරන්නට, ඔබ සිය කැමැත්තෙන්ම මසකට රු. මිලියන 37ක් පල්ලියට නිකම් පූජා කොට ඇති බව පිළිගන්නවාද? ඔබ ඔබේ ගමේ පන්සලට වත් මෙතරම් මුදල් දී තිබේද?

කරුණාකර මෙය අන්තවාදී විහිළුවකැයි නොසිතන්න. අපේ රටේ දැනට මුස්ලිම් නොවන එහෙත් හලාල් ලකුණ දරන භාණ්ඩ 4500ක් පමණ වේ. මෙකී සියලු භාණ්ඩ හා සේවා මගින් වසරකට රු. මිලියන 787ක මුදලක් මුස්ලිම් පල්ලියට ලැබේ. මෙය නියම පරිමාණයට සැලකීම සඳහා අපේ රටේ වසරක තෙල් ආනයන වියදම වන රුපියල් බිලියන 3ක මුදල හා සසඳන්න.

මේ හේතුව නිසාම, තහනම් වචන ලියන අපි, මීට මාස කීපයකට පෙර ජම්මියතුල් උලාමාව වෙත විවෘත සන්දේශයක් යැවීමු. මෙන්න එහි අප ඔවුන්ට කළ අභියෝගයෙන් කොටසක්.
මේ අභියෝගය උලාමා වරුන්හටයි. හැකිනම් ඔබ එදා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් පුවත්පත් දැන්වීම් දැමුවා සේ, තව එක දැන්වීමක්, එකම එක දැන්වීමක් පළ කරන්න. කොන්ද පණ තිබේ නම් එහි මෙන්න මේ විස්තර ටික ඇතුළත් කරන්න. 
1. හලාල් සහතිකය ලැබූ ආයතන වල නම් ලැයිස්තුවක්.
2. පසුගිය වසර පහ තුළ ඔවුන් හලාල් සහතිකය ට ගෙවූ මුදල.
3. පසුගිය වසර පහක ඔබේ විගණන වාර්තා. (ඔබ මේ මුදල වියදම් කළේ කෙසේද?)
4. කෙනෙකු හට සේවයක් නොසලසා ඔහුගෙන් ලබන මුදල හරාම් නොවේ යන්නට ආගමානුකූල සාධක.
5. අවසාන වශයෙන්, මේ ලංකාව තුල මූල්‍ය කටයුතු වල යෙදීම සඳහා අනිවාර්යයෙන්ම ලබා ගත යුතු මහා බැංකු අවසරය පිලිබඳ සාක්ෂි.
අපට මුස්ලිම් ප්‍රජාව සමහ කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව නම් මුස්ලිම් නොවන ප්‍රජාව මත බලෙන් පටවා ඇති මේ හලාල් බද්දයි. අප යෝජනා කරන්නේ ඉතාම සරල විසඳුමකි. එක්කෝ හලාල් නොමිලේ (හෝ සහන මිලකට) දෙන්න. බැරිම නම් හලාල් අකුලා ගන්න. ඔබ ඔබේ වියදමින් ඔබේ ආගම ප්‍රවර්ධනය අපට කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව එය අපේ වියදමින් කිරීමයි.

අන්තිමට හලාල් හොඳයි කියන උදවියගෙන් අහන්න ඉතුරුව ඇත්තේ එකම එක පැනයකි: ගත්තු සල්ලි කැමැත්තෙන් දෙනවද? නැත්නම් නඩු දාල ගන්නද? 

විශේෂ ස්තුතිය: ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර සබඳතා ලේකම් සහ මධ්‍යම කාරක සභික නරේන්ද්‍ර ගුණතිලක මහතාට. 

7 comments:

  1. මේ ලිපියේ දෝෂ ගණනාවක් තිබේ. කිහිපයක් පහත පෙන්වා දෙමි.

    1. //දැන් එතකොට මෙහි සරල අර්ථය වන්නේ 2007 සිට මේ දක්වා, ඕල් සිලෝන් ජම්මියතුල් උලාමාව විසින් හලාල් සහතිකකරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගරාගැනීම සිදුකරනු ලදුව ඇත්තේ, පැහැදිලිවම නීති විරෝධී ආකාරයට බව පෙනේ. //

    මේ සරල යැයි කියන අර්ථය සහමුලින් බොරුවකි. 2007දී ගැසට් පත්‍රයෙන් සිදුකර ඇත්තේ 2003දී ලබා දුන් වරප්‍රසාද අහෝසි කිරීමයි. 2003දී ලබා දුන් වරප්‍රසාදය නම් සමස්ත ලංකා ජම්මියතුල් උලාමාවේ අවසරයකින් තොරව, "හලාල්" යන නම භාවිත කළ නොහැකි වීමයි. එනම් 2007න් පසුව ඕනෑම කෙනෙකුට හලාල් යන වචනය සිය නිෂ්පාදනයේ භාවිතා කල හැක. ඔබ පවසන පරිදි ජම්මියතුල් උලාමාව විසින් හලාල් සහතිකකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම හෝ ඒ සඳහා මුදල් අය කිරීම තහනම් කර නැත. එනම් හලාල් සහතිකය ජම්මියතුල් උලාමාව විසින් නිකුත් කිරීම නීති විරෝධී නොවේ.

    පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ගරාගැනීම සිදු වූ බව පැවසීම තවත් එක බොරුවකි. මෙම බොරුව පදනම් වී හලාල් සහතිකකරන ගාස්තු නිර්ලජ්ජී ලෙස විකෘති කිරීම මත සහ "පැරණි ලිපියේ සරල උදාහරණය" මතයි.
    හලාල් සහතිකකරණයේ සත්‍ය ගාස්තු ජම්මියතුල් උලමා වෙබ් අඩවියෙන් ලබා ගත හැක. එම මාසික ගාස්තු රුපියල් සියයේ සිට විසි පන්දහසක් අතර අගයක් ගන්නේය.

    "පැරණි ලිපියේ සරල උදාහරණයේ" දෝෂය වන්නේ එය ඕනෑවට වඩා සරල වීමයි. එම උදාහරණය, සැබෑ ලෝකයේ ව්‍යාපාර කලමනාකරනයේදී සලකා බැලිය යුතු කරුණු කාරනා සම්පූර්ණයෙන්ම මගහැර දමා ඇත. එපමණක් නොව, හුදෙක් මනඛ්කල්පිත සංඛ්‍යා භාවිතා කරමින් සහතිකකරණය සඳහා මහත් ලාභයක් ලැබෙන බවට චිත්‍රයක් පවා පාන්නේය. හලාල් සහතිකය සඳහා වැයවන පිරිවැය පියවා ගැනීම සිදුවන්නේ එම පිරිවැයට සමානුපාතිකව භාණ්ඩයේ මිල වැඩි කිරීමෙන් වන බවට සිතීම මෝඩ කමකි. සැබෑ ලෝකයේ ව්‍යාපාර සිය භාණ්ඩ වල මිල ගණන් එසේ තීරණය නොකරති.

    ව්‍යාපාරයක දෘෂ්ටි කෝණයෙන් බලන විට, හලාල් සහතිකය යනු ව්‍යාපාරයේ පාරිභෝගික ප්‍රමාණය වැඩිකර ගැනීමට ඇති උපක්‍රමයකි. වෙළඳ දැන්වීම් වල අභිප්‍රාය වන්නේද එයයි. වෙළඳ දැන්වීම් වලට මිලියන ගණන් වැය වේ. එම පිරිවැය සපුරා ගැනෙන්නේ වියඳමට සමානුපාතිකව බඩු මිල වැඩිකිරීමෙන් නොවේ. දැන්වීම් නිසා හෝ, හලාල් සහතිකය නිසා භාණ්ඩ වැඩිපුර අලෙවි වන්නේනම්; එනිසා නිෂ්පාදන ධාරිතාවය වැඩිවන්නේනම්, ඒකීය භාණ්ඩ නිෂ්පාදන මිල පහත දැමිය හැක. එසේ වන්නේ ඇයිදැයි තේරුම් ගැනීම අපහසුනම් අදාළ විෂයන් හැදෑරිය යුතුය. හලාල් සහතිකය නිසා භාණ්ඩයට ඇති (දේශීය සහ විදේශීය) ඉල්ලුම වැඩි වන බව අමතක නොකල යුතුය. ඉල්ලුම වැඩි වීමෙන් භාණ්ඩයේ මිල පහල යාම ප්‍රාථමික සිද්ධාන්තයකි.

    2. //අපට මුස්ලිම් ප්‍රජාව සමහ කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව නම් මුස්ලිම් නොවන ප්‍රජාව මත බලෙන් පටවා ඇති මේ හලාල් බද්දයි. //

    හලාල් සහතිකය ගැනීම හෝ නොගැනීම සම්පූර්ණයෙන්ම ව්‍යාපාර සතු අයිතියකි. එය ඔවුන්ගේ තීරණයකි. ඒගැන චෝදනා ඇත්නම් හලාල් සහතිකය ලබා ගන්නා ව්‍යාපාර වලට කතා කල යුතුය.

    3. //අප යෝජනා කරන්නේ ඉතාම සරල විසඳුමකි. එක්කෝ හලාල් නොමිලේ (හෝ සහන මිලකට) දෙන්න. බැරිම නම් හලාල් අකුලා ගන්න. //

    ඔබේ යෝජනාව පදනම් වී ඇත්තේ දෝෂ සහගත උපකල්පන මතය. හලාල් සහතිකකරණය නිසා භාණ්ඩ වල මිල වැඩි වන්නේ නැත. හලාල් සහතිකකරන ගාස්තු, එම කටයුතු වල එදිනෙදා වියදම් පිරිමසා ගැනීම සඳහා පමණක් ප්‍රමාණවත් වන ලෙස සකස් කර ඇත. එසේම ඔබ ඉදිරිපත් කල ගැසට් පත්‍ර වලට අනුව වර්තමාන නීතිය අනුවනම් ඕනෑම කෙනෙකුට සහතිකය දීම කල හැක. එම අයිතිය ජමියතුල් උලමාව සතුවද පවතී. අකුලා ගන්නවානම් අකුලා ගත යුතු වී ඇත්තේ දුර්මත පදනම් කර ගත යෝජනාය.

    4. //ඔබ ඔබේ වියදමින් ඔබේ ආගම ප්‍රවර්ධනය අපට කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව එය අපේ වියදමින් කිරීමයි.//

    පාරිබෝගිකයන් හලාල් කරණය සඳහා අමතර මුදලක් නොදරති. එසේනම් ගැටලුව කොතනද?

    ReplyDelete
    Replies
    1. Another hidden face of Anwar Manathunga................?

      Delete
  2. //"අන්තිමට හලාල් හොඳයි කියන උදවියගෙන් අහන්න ඉතුරුව ඇත්තේ එකම එක පැනයකි: ගත්තු සල්ලි කැමැත්තෙන් දෙනවද? නැත්නම් නඩු දාල ගන්නද"//
    මමනම් හිතන්නේ ගහලා ගන්න වෙනකන් කිසිම විසඳුමක් ලැබෙන්නේ නැත,.

    ReplyDelete
  3. මුලින් නොදැනුවත්කම නිසා මිලදී ගත්තත් දැන් නම් මම කිසිම හලාල් ලකුණ සහිත භාණ්ඩයක් මිලදී ගන්නේ නෑ. නිකන් මොකටද ත්‍රස්තවාදීන්ට බදු ගෙවන්නෙ.

    හලාල් සහිතකය නැවැත්තුව කිව්වත්, තාමත් භාණ්ඩ අසුරන වල හලාල් සලකුණ තියෙනවා. ඒකට හේතුව මොකක්ද? අලුත් නිෂ්පාදනවල අසුරන වලත් මේක දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ තාමත් අපේ රටේ මුස්ලිම් නොවන අය හලාල් බද්දක් ගෙවනව කියන එකද?

    ReplyDelete
  4. මෙහි තවත් වරදක් නම් ජම්මියතුල් උලාමාව විසින් සැබෑ ලෙස අය කෙරුණු ගණන් අතිශයෝක්තියට නංවා ඕනෑකමින්ම වැරදි චිත්‍රයක් මවා පා තිබීමයි. / පරිමාව මත පදනම්ව ඔබට අමතර ව තවත් රු. 200,000 ගෙවීමට සිදු වේ යයි සිතමු. / මෙය අහසින් ආ ගණනකි. නියම ගාස්තුව මීට අඩු අතර නිෂ්පාදනය වන පැකට් ගණන පරිමාව වශයෙන් ඉතා වැඩිය. ඔවුන් අය කළ නියම ගාස්තු අනුව සැසඳීමේදී බිස්කට් පැකට් එකකට හලාල් සහතිකය සඳහා යන මිළ ඒ පැකට් එකේ කවරයේ අදාළ ලකුණ මුද්‍රණය කිරීමට යන වියදමටද ඉතා අඩුය.

    ඕනෑකමින්ම ද්වේශ සහගත ලෙස කරුණු විකෘති නොකරන ලෙස ලේඛකයාගෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. Writing on behalf of fanatics, are you.? Most of the people who got common sense are vigilant & aware of the hidden agendas of the ulterior Halal motive. Enough is enough.

      Delete
  5. මුන් මේ හලාල් අරවා මේවා අරගෙන ඇවිත් තමයි අන්තිමට රටම සුන්නත් කරන්නේ.. අහල පහල රටවලට වෙලා තියෙන දේ පේනවනේ..

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.