logo banner

Friday, December 13, 2013

රාජපකිස්තාන් රේස් කෝස් | The Race Course in Rajapakisthan


වතාවක් යුද්ධය, සොල්දාදුවා සහ නයිට් රේස් ගැන අප ලියු ලිපි පෙළක පළමුවැන්න වූ "දුටුගැමුණු නම් වූ මිනීමරුවා" නම් ලිපියේ අපි මෙසේ කීමු. 

ගෝල්ෆේස් එකේ
නයිට් රේස් එකට
වැලි කොට්ට අදින
සොල්දාදු මාමේ
මට කියන්
කෝ උඹේ තුවක්කුව?
(කර්තෘ අඥාතයි)



රේස් ජෝක් එකේ ඊළඟ අදියර දැන් මේ දිනවල කොළඹ නගරයේ රංග කරළියට පිවිස තිබේ. එනම් බේබිලාට රේස් පදින්නට පාරවල් වසා දැමීමයි. සාධාරණව ගත්තොත් අපි බේබිලාට දොස් කිව්වට මෙව්වා උන්ගේ වැරදි නොවේ. මෙතරම් රටේ ප්‍රශ්න තිබියදී ඒ ගැන වගේ වගක් නැතිව ඕනෑම පිස්සුවක් කෙළින්නට මුන්ට ඉඩ දී ඇති අපේ රටේ කාලකන්ණි නපුංසක ප්‍රජාවට ය, අපේ දෝෂාරෝපණය එල්ල විය යුත්තේ. හැබැයි එක අතකට මේවා ලිවීම පවා අප කරන කාලය නාස්තියකි. අප මෙවැනි කාරණා කාරණා කොතෙක් කීවත් අපේ ජනී ජනයෝ උන්ට නෙමෙයි වගේ ආතල් එකේ සිටිති. ඇත්තටම ජනතාවට මෙව්වා ගැන වදවෙන්නට වෙලාවක් නැත. කාගෙ කාගේත් සිතේ ඇත්තේ පරෙස්සමට ගෙදර ගොස් බාග රොටිය හෝ පුච්චන් කා හෙට දවස ගැටගසා ගැනීමයි. දිනපතා උසුලන්නට වී ඇති (ජීවන නොවේ) ණය බර නිසා ය, බේබිලාට කාර් පදින්නට කොළඹ පාරවල් වසා තැබීම ගැන පමණක් නොව, වෙනත් මොනම මලදානයක් ගැන වත් ජනතාවට වගේ වගක් නැත්තේ.  හැබැයි එහෙමයි කියා ජනතාවට සමාවක් දිය නොහේ. යන්තං හෝ දේශපාලන දැක්මක් ඇති අපේ එව්වෝ ද එකාට එකා සෙට් වූ විට ආඩම්බරකාර බාප්පා හට පලු යන්නට බණිති. එහෙත් සාකච්ඡාව අහවර වෙන්නේ එකම තැනකිනි: එනම් මේවා අපි කොතෙක් කතා කළත් මේ රට හදන්න බැරි බවයි. දේශපාලන අවබෝධයක් නැතිව හුදෙක් මේ රටේ ජනී ජනයාගේ වහල් මානසිකත්වයට පිං සිදුවන්නට ගොන්නු පාර්ලිමේන්තු ආවාම, සහ ඇවිත් "රට" කරවනවා වෙනුවට "රටට" කරවන්නට ගත්තාම වෙන්නේ ඔය ටික පමණකි. 

කතාවට නියම පදමට සෙට් වෙන්නට, අපේ සහෘද ලේඛක දමිත් කේතක කදිම පදමාලාවක් පළකොට තිබිණි. හුදී ජන පහන් සංවේගය පිණිස අපි එය මෙසේ බෙදා හදා ගනිමු. 



Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

මැදපෙරදිග සල්ලි වලින් නටන්නෙ බයිලා...
අධ්‍යාපනයට නිදහස් කෙළින්නෙ බයිලා...
වකුගඩු ලෙඩ ගොවියන්ටත් කියන්නෙ බයිලා......
රතුපස්වල වතුර ටිකට ගහන්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

උතුරු කොණේ නඩරාජට ගහන්නෙ බයිලා...
දකුණු කරේ සුමනසිරිට අරින්නෙ බයිලා ...
ජාතික ආලෙන් සමහරු නටන්නෙ බයිලා...
යූ.එන් ආවම උන්ටත් කෙළින්නෙ බයිලා...

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

චීනෙන් ණය පොළියට ගෙන නටන්නෙ බයිලා....
චෝගම් වුන චාටර් එක වහන්නෙ බයිලා...
ජහ මනයා කරබාගෙන අහන්නෙ බයිලා ...
වතුර නටන කල් කකුලුවො රඟන්නෙ බයිලා....

Bring the Gallardo .. Hurry up... Bring the Gallardo....
නයිට් රේස් කළම්බු අල්ලේ....
හලෝ මහරජා හිටගෙන දැන් ඇරසෝලා....
හුළං බකන් නටමුද වැල්ලේ...... //

( කැරකිල... කහ, කහ , කහකහ , නැවි, නැවි )

8 comments:

  1. පන්ති දෙකක සිදුවීම් මේ ... එකිනෙකට පෑහෙන්නේ නැහැ... අපි කව්ද ඒ උත්තමයෝ කව්ද ...

    ReplyDelete
    Replies
    1. අන්න හරි සහන්.. යුද්දෙන් පස්සේ වෙච්ච එකම දේ අපේ සමාජය තුළ වඩාත් තදින් පන්තිභේදය මතුවීම පමණයි..

      Delete
  2. ඔවා නම් මොනවද....මෙහේ පාරවල් වහනවා විතරයි.....වැඩිම උනොත් වැලි කොට්ටවලට යන වියදම විතරයි......

    එන්නකො මල්ලි හම්බන්තොට....අපි යස අගේට තියෙන අඩි 100 පාර, තවත් පලල් කොරලා කාපට දානවා. කොල්ඹ තියෙන රේස් අපො කවදා හරි ගමට ගේනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් එකට තමයි සංවර්ධනය ගමට කියන්නේ...:D

      Delete
    2. කොහොමත් මයියෝ මේ ආණ්ඩුව එදා ඉඳන් කළේ අපේ ##වල් (පාරවල්) පළල් කරන එකම නේන්නං.. අපිත් ඉතිං අනේ සැපයි කියල දීගෙන ඉන්නවා.

      Delete
  3. Mehema liyana eka kala nasthiyak neweyi.Loku sewayak.Kohomahari dawasaka me mee harak janathawage as areyine.

    ReplyDelete
    Replies
    1. අම්මාපල් එදාට මේ බ්ලොග වහනවා සරත්!

      Delete
  4. හෙහ් හෙහ්!! දමිත් අයියා ඕව්වට උපන් හපන් ;)

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.