logo banner

Thursday, October 23, 2014

මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't?



"මහින්දට බෑ...!"

කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..



ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..


දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල? මීට පස්සෙ මාත් කියන්නෙ,


"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්.."

11 comments:

  1. මුන්ට පිස්සු බං....ඔය හාදයාට බැරි දෙයක් තියෙනවාද....පුදුමෙට කාරනේ තුනෙන් නවත්හපු එක. ඔය කියන විදිහට වැල නොකැඩී ජාතක කරන්න පුළුවන්නේ. ජාතක පාලනයයි, අවජාතක පාලනයෙයි, වෙනස හරියට..කොපුව පැලුනාම හැදෙන දරුවෙකුයි, ඕනකමට හදන දරුවෙකුයි වගේනේ....

    ReplyDelete
    Replies
    1. //මුන්ට පිස්සු බං....ඔය හාදයාට බැරි දෙයක් තියෙනවාද....පුදුමෙට කාරනේ තුනෙන් නවත්හපු එක.// ++++++++++ මටත් තියෙන පුදුමෙ ඕක තමා. පුදුමයි මිනිහා තුනෙන් නවත්තපු එක

      Delete
    2. පොඩ්ඩක් හරි චෑන්ස් එකක් දුන්නනම් මිසිස් මහින්දටත් ගොඩක් දේවල් පුළුවන්.

      Delete
  2. මහින්දට බැරි නම් කාටද අනේ පුළුවන්...

    ReplyDelete
  3. \\මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න\\

    මේක නම් අපිට සම්පූර්ණ ඇත්ත කියලා අනිවා පිලිගන්න වෙනවා. මොකෝ සරත් සිල්වත් ලැජ්ජාවක් නැතිව පිලිගත්තානෙ ඌ සාක්කුවට වැටුනා කියලා.

    ReplyDelete
  4. මහින්දට පුළුවන් , බෑ කියන අය හොඳටම දන්නවා මහින්දට පුළුවන් කියලා

    ReplyDelete
  5. ඉතින් හරිනේ මෙයා.එයා මේකේ භාරකාරයානේ ඉතින් කොහොමැයි එයාට බැරි වෙන්නේ.?

    ReplyDelete
  6. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete
  7. ලබන පාර අවොත්,මිනිහට ලංකාව නරකාදියක් කරන්නත් පුලුවන්.

    ReplyDelete
  8. ප්‍රමුඛ පුවත..
    ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රය සිද්ධාලේප..
    ඩිෂ්ටිටි ඩිඩි ඩිම් ඩිෂ්ටිටි ඩිඩි ඩිම් සිද්ධාලේපේ...

    රාජ්‍ය සේවකයා වෙනුවෙන් පොරොන්දු ඉටු කල හෑ ඔවුන් හඳුනා ගත් එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත්, රාජ්‍ය සේවකයන් දහස් ගනනින්න් පාරට අද දැමු එජාප රජයක් නැවතත් බලයට පත් වීම වෙනුවෙන් දෙන පොරොන්දු විශ්වාස කල නොහැකි බවත් ඒකාබද්ධ වෘත්තීය සේවක සමිතිය අද කැඳවූ මාධ්‍ය සාකච්චාවකදී කියා සිටියේ ය. තව දුරටත් අදහස් දක්වූ සංගමය පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිඹඳ පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, රාජ්‍ය සේවකයන්ට පවතී ගැටළු විසඳූ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත්ය.

    ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ,
    සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහතා සිද්ධාලේප..
    ඩිෂ්ටිටි ඩිඩි ඩිම් ඩිෂ්ටිටි ඩිඩි ඩිම් සිද්ධාලේපේ..... :D

    මොනාවත් අතින් දැම්මේ නෑ, හයයි කාලට බස් එකෙන් බැහැලා මාරු කාසි ගනිද්දී ඇහුනේ..

    ReplyDelete
  9. /* ....රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා........*/

    මට මතක හැටියට පෝද්දල ජයන්‍ත ලේකහවුස් දිනමිණ පත්තරේ හිටිය පත්තරකාරයෙක්. ඔය තමන්ම පැහැර අරගෙන තමන්ම ගුටිකන කාලේ ශී‍්‍ර ලංකා වෘත්තිය පත‍්‍රකලාවේදී සංගමයේ ලේකම්!

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.