logo banner

Saturday, December 22, 2012

ඉසිඹුව (1)—"අපි අපිම, අපි ආයෙම හමුවුණා ඒ පාරෙම"

නාඳුනන්නෙකුගේ (නොකී) සාක්ෂිය

"....දෙයියනේ සඳුනි! "

"... To really love a woman
To understand her - you gotta know her deep inside
Hear every thought - see every dream
N' give her wings - if she wants to fly
Then when you find yourself lyin' helpless in her arms
You know you really love a woman..."

උදේ පාන්දර බ්‍රයන් ඇඩම්ස් වැලපෙන්නේ මොකදැයි බලන්නට මම අනිත් පැත්ත පෙරලී මොබයිලය අතට ගතිමි. කතා කරන විවිධ පාර්ශව වලට විවිධ රිංග් ටෝන් යෙදීමට ඇති හැකියාව අතින් සෝනි එරික්සන් ජංගමය අති විශිෂ්ටය. සාමාන්‍යයෙන් මා මේ තනුව යොදන්නේ හොඳ කරන්නට බැරි තරමට භයානක ලෙස ලව්සික් උන්ට ය. ඒ නිසා සමහර ඇමතුම් වලට ආන්සර් කරන්නද නැද්දැයි කියා බලන්නත් පෙරම තීරණය කිරීමේ හැකියාව මට ඇත. 



බ්‍රයන් ඇඩම්ස් දිගටම විලාප දෙයි. මේ නම් මොකක් හෝ ජල්තර මරාලයකි. කමක් නැහැ. පෝය දවසේ මොකෙකුට හරි සප් එකක් දී පිනක් කරගන්නට ලැබෙන චාන්ස් එකක් විය යුතුය. අනික ඊයේ ක්ලබ් එකේදී පුරවා ගත් පවු ටික හෙදෙන්නටත් එක්ක මොනවා හෝ පිනක් දහමක් කලාට කමක් නැත. 

හත් ඉලවුවයි! අසංක අයිය! 

මේ යකාට දුරකථන අංක කීපයක් තිබේ. මේ අංකය පාවිච්චි කළේ මූ සෙලිබ්‍රිටි එකක් වන්නට පෙර කාලයේය. ඒ කාලයේ මූට අර අවංක ආදරය නම් වූ ලෙඩේ හැදී තිබිණි. කෙල්ල එපා කිව්වොත් ඒ ඇඳුම වත් නොහඳින තරමේ චීත්තයක් බවට මේ මනුස්සයා ඒ කාලයේ පත්ව සිටියා මට මතකය. මූට මේ රිංග් ටෝනය දැම්මේද ඒ නිසාය. ඒ කාලයේ අසංක අයියා පාසලේ ක්‍රිකටර් කෙනෙකි. අගනුවර ඉහලම බෞද්ධ පාසලක ක්‍රිකටර් කෙනෙකු ලෙස සාමාන්‍ය තරමට යම් නමක් දිනා සිටි ඔහු එතනින් ඔසොවා "තරුවක්" කළේ ඔහුගේ නර්තන හැකියාවයි. "නැටුම් තරුවක්" වූ පසු එතෙක් ඇඳ සිටි චීත්තය ගලවා දැමු ඔහු නියම තරුවකට ඔබින ජීවිතයක් ගත කළේය. දුරකථන අංක පමණක් නොව ගෙවල් දොරවල් පවා මාරු කෙළේය. අපරාදේ කියන්නට බැරි තරම් නියමෙට "කොල්ලකු" බවට පත් වීය. 

දැන් මෙන්න මේ යකා පරණ නම්බරෙන් කෝල් කරයි?

"හෙලෝ අයියේ.. මොකෝ මේ පරණ නම්බරෙන්?"

"ආ මල්ලි.. වැඩකද හිටියේ?" (මම: ඔවු අයියේ මේ පොල් ගගා හිටියේ..)

"නෑ අයියේ.. මේ දැනුයි නැගිට්ටේ.. දන්නැද්ද ඊයේ පොඩ්ඩක් කට්ටිය සෙට් වුනා" 

"කොහෙද, Kama ද?" (මම: තොට මොකටද යකෝ ඒක?)

"නෑ අයියේ, R'N B. ඉතින් ඉතින්, මේ උදේ පාන්දර කතා කළේ?"

"මල්ලි, මට පොඩි කේස් එකක් මල්ලි.." (මම: හරි. අදත් දවසම ඉවරයි. මූ ආයිමත් සඳුනි ගෙන් බැනුම් අහල වගේ. අනේ මෙහෙමත් cuckold ල)

"කියන්න අයියේ මොකෝ සීන් එක?"

"මල්ලි.. අර ගෑණි මාව කෑව මල්ලි.." (මම: හයියෝ සල්ලි..)

"ගණන් ගන්නෙපා අයියේ.. ඕකිගේ හැටි දන්නව නේ.. දවසයි දෙකයි ශේප් වෙයි.. "

"මල්ලි.. සීන් එක ඊට වඩා සීරියස් මල්ලි.. උඹ නෙට් ලොග් වෙලාද ඉන්නේ?"

(නෙට් ලොග් වෙලාද? ඒ මොකද්ද ඒ හරුපේ තේරුම?)

"නෑ අයියේ.. ඕනෙනම් එන්නම්. මොකෝ සීන් එක?"

"මම උඹට මෙසේජ් එකක් දාල ඇති. එකේ තියෙන ලින්ක් එක බලපන් මල්ලි.. අපි ඊට පස්සේ කතා කරමු."

අසංක අයියා හැඬුම් බරව දුරකථනය ක්‍රියා විරහිත කළේය. ශික් අපරාදේ මේ ලබ්බ ආන්සර් කළේ. කමක් නැහැ, ගිහින්ම බලනවා. 

මම Facebook ලොග් වී වහා Messages බලමි. Notifications 99+ ලෙස වැටී තිබුනත් (මං ලොග් නොවුයේ ඊයේ දවසේ පමණි. පිස්සු පීකුදු.) ඒ සියල්ල අමතක කොට අසංක අයියාගේ මෙසේජ් ටික බැලීමට තරම් කුතුහලයක් මේ වන විට මා තුළ ජනිත වී තිබිණි. සඳුනි සමග ඇති ගැටළුවක් මට කීමට අසන්කයාට නෙට් ලින්ක් එකක් අවැසි වුයේ මොන මගුලටද? 

අසන්කගෙන් ඇවිත් තිබුනේ එක මෙසේජයකි. ලින්කුව ෆලෝ කළ විගසම මා යොමු කරනු ලැබුයේ සුප්‍රසිද්ධ XXX වෙබ් අඩවියක් වෙතය. 

"....Dafuq is this?"

මේ වනාහි විවිධාකාර වූ වැඩිහිටියන්ට පමණක් වෙන් වූ රස වින්දන වෙබ් අඩවියකි. අපේ බාසාවෙන් කියනවා නම් වැල සයිට් එකකි. ad banner, ad rotate ආදී දහජරාවෙන් පිරුණු මේ මගුල ලෝඩ් වන්නටම පැයක් වත් යනු නොඅනුමානය. ඊට පෙර මට උදේට දත් මැදගෙන ආ හැකිය. ස්ක්‍රීන් එක ඕෆ් කරලා ගියාම හරි. 

දත් මදින අතර මම සඳුනි සහ අසංක පෙම් පුරාණය යාවත් කාලීන කරන්නට උත්සාහ ගතිමි. හැබෑටම අසංක අයියාට සඳුනි මුණ ගැස්වුයේ මාධ්‍යයයි. අර ස්ටාර් මේ ස්ටාර් කියන්නා වූ නානාප්‍රකාර තරු ෂෝ නිසා නොවන්නට කවදාකවත් අසංක ගාල්ලගේ සහ සඳුනි රණසිංහ කිසිදා හමු නොවන්නට ඉඩ තිබිණි. තරුවක් වන්නට යන මගේ අසංකට හමු වූ විවිධ සමනලියෝ වූහ. ඔවුන් ගෙන් බොහෝ දෙනෙකුගේ ගේ ගතිගුණ අසංකට ඇල්ලුවේ නැත. එහෙත් සඳුනි අසංක තුළ පැවති හැකියාව නිවැරදිව තක්සේරු කළාය. සැබවින්ම ඇයට අවශ්‍ය වුයේ තමා පාලනය කරන පිරිමියකු නොව, තමාට අනුව පාලනය වන පිරිමියෙකි. ඒ වෙනුවෙන් අසංක ගේ පැරණි ආදරය අමතක වන තැනට කටයුතු කළා පමණක් නොව, අසංකට තරුවක් වන්නට අවැසි සියලු දා, මුදලේ පටන්, ලබා දීමටද ඈ නොමසුරු වූවාය. එහෙත් අප ජීවත් වන මේ ආර්ථික ලෝකයේ කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැත. සෑම දෙයකටම වටිනාකමක් සහ මිලක් තිබේ. අසංකට ද මිලක් තිබිණි. සඳුනි එය ගෙවා දැම්මාය. කතාව එච්චරයි. 

ඒ අතින් අසංක සිය යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කළේය. සුවච කීකරු කොල්ලෙකු ලෙස හැමදාමත් සඳුනි ලඟින් සිටි හෙතෙම ඇයට අවශ්‍ය ආදරය හිතින් ගතින් සහමුලින්ම පූජා කෙළේය. සඳුනි ඉතාම සරාගී කෙල්ලෙකි. පිටට පෙනෙන්නට Ice Queen කෙනෙකු ලෙස සිටියත් ඇඳේදී ඈ නියම කොටි ධෙනුවකි. මාධ්‍ය ක්ෂේත්‍රය තුල බොහෝ දෙනා වරද්දා ගන්න තැන වන ලිංගික ගනුදෙනු අතින් සඳුනි කිසිදාක වරද්දා ගත්තේ නැත. අඩුම තරමේ ඇගේ හොඳම සගයා ව සිටි, එහෙත් ඈට වඩා වසර ගණනක් සීනියර් ව සිටි, අත්දැකීම් බහුල ෂෙහාරා පෙරේරා ට වත් නැති තරමේ ගැහැණු ඉවක් ඈ සතුව තිබිණි. ෂෙහාරා මාලකත් සමග පටලවා ගත පෙම් පලහිලවුව නිසා සිය මගුලත් කඩාගෙන පවුල් දෙකක් කඩා ඉහිරවා ගෙන රටටම ජෝක් එකක් වෙද්දී සඳුනි කිසිම කෙනෙකුට නොදනී සිය ලිංගික සන්තර්පනයන් රිසි සේ ඉෂ්ට සිද්ධ කරගත්තාය. (මෙකී ගමන් බිමන් වලදී බොහෝ විට මුන් දෙන්නා තැන් තැන් වලට එක්කන් යනු ලැබුවේ මා විසිනි. සමහර විට උන් දෙන්නා කාමර තුල පෙම් සුව විදින අතර මට සිදු වූයේ ලොබියට වී නැවතී සිටීමටයි. මෙවැනි කුණු ජොබ් අසංකයාට ඇති බොක්ක නිසා මාම බාර ගත්තාට වෙන එකෙකු නම් බාර ගන්නේ ම නැත. ප්‍රේමයෙන් මුසපත්ව සුරතාන්තයට ආසන්නව සිටින පෙම් යුවලක් අතේ දුරින් සිටියදී ඔවුන් ගේ ජවනිකා රහිත හඬ පටය අසා සිටීම ඔබ කෙසේ සිතුවත් සුන්දර අත්දැකීමක් නොවේ.)

අසංකට ද මේ ගනුදෙනුව වාසි දායක විය. නමුත් ඒ වෙනුවෙන් අසංකට ගෙවීමට සිදු වූ මිල එතරම් පහසු මිලක් නොවේ. සඳුනි කියන කියන වෙලාවට කියන කියන තැනට එන්නට මෙන්ම ඈට රිසි විටෙක රිසි ලෙසකට යහන් ගත වීමට ද අසංකට සිදුව තිබිණි. මෙය හුදෙක් ලිංගික ආධිපත්‍යය පමණක් නොවේ. කෑම බීමේ පටන් ඇඳුම් පැළඳුම් දක්වා අසංකගේ ජීවිතයේ කුඩු මහත් සෑම දෙයක්ම සඳුනි සිය අණසක යටතට ගත්තාය. යම් හෙයකින් අසංක විරුද්ධ වුවහොත් ඔහුට වඩා හයියෙන් කෑ ගසා එය යටපත් කිරීමට තරම් පෞරුෂයක් ඈ සතු විය. "ඔයා දැන ගන්න මම සඳුනි රණසිංහ. අද ඔයා ඔතන ඉන්නේ මගේ සල්ලි නිසා. නැත්නම් ඔයා කවදාවත් ***** ස්ටාර් වෙන්නේ නැහැ! අන්න එක මතක තියා ගන්න! " සඳුනි මෙසේ කීවේ වරක් දෙවරක් නොවේ. 

දැන් මේ සියල්ල මතට අසන්කයා ගේ වැලපීමක් ද එක්ව තිබේ. සඳුනි නිසා මූ කන කට්ට මට නම් සුපුරුදුය. එහෙත් මේ උදහනක්කෙම මා අවදි කොට මා ඉදිරියේ මූ වැලපෙන්නේ කීම? සඳුනි තවත් විකාරයක් නටලාද? නැතිනම් වෙනත් ගැටලුවක්ද? සඳුනි පැනලා ගිහින් වත්ද? මේ ආදී නානාප්‍රකාර සිතුවිලි ධාරාවක් අතර අතරමං ව සිටි මම, යන්තම් මුහුණ කට සෝදාගෙන යළි කොම්පියුටරය ඉදිරියේ වාඩි වීමි. අනේ අම්මේ ඇති යන්තම්. SLT එකෙන් මට වීඩියෝව load කර දී තිබේ.

One country, one voice. 

My ass.

One country, one KBPS. lol. 

ලින්කුව Video එකකි. ඊට අනුව Asian කෙල්ලෙකු කළු කොල්ලකු සමග රමණයේ යෙදෙන Interracial Amateur දර්ශනයක් රැගත් කෙටි, විනාඩි 5ක වීඩියෝවක් එහි වීය. මොන මගුලක්ද? උදේ පාන්දර මේ බහු බූතයා මා කතා කොට නැගිට්ටවුයේ මට වැලක් පෙන්නීමටද?
කල්ප කාලාන්තරයක් සේ දැනුනු වෙලාවකින් අනතුරුව අන්තිමට වීඩියෝව ප්ලේ වන්නට පටන් ගන්නවාත් සමගම, එක්වරම සියොළඟ සිසාරා දිව ගිය සියුම් හිරියක් සමග මටත් නොදැනීම මම පුටුවෙන් නැගිටුණා සේ මට දැනිණි. 

"....දෙයියනේ සඳුනි! "

3 comments:

  1. ආයේ ඉතින් වැඩක් නෑනේ

    ReplyDelete
  2. ආයේ ඉතින් වැඩක් නෑනේ

    ReplyDelete
  3. ආපහු මෙහෙම එකක් ලියන්නේ නැද්ද? :)

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.