පූර්විකාව
අන්වර් මණතුංග නමින් පෙනී සිටින එක්තරා බ්ලොග් රචකයකු විසින් හලාල් සාධාරණීකරණය කරමින් ලියන ලද ලිපියක් අහම්බෙන් වාගෙ ඇස ගැටුණු අතර එහි දක්වා ඇති යම් කරුණු පිලිබඳ බලවත් විචිකිච්ඡා සහගත හැගීම මෙම ලිපිය ලිවීමේ ප්‍රස්තුතය වේ. අපට කාට වත් පෞද්ගලිකව පහර දීමේ කිසිම අවශ්‍යතාවක් නැතත් මෙවැනි ලිපි මගින් කෙරෙන මොළ ශෝධනයට පිළිතුරු නොදී සිටීම බුද්ධිමත් පාඨක ජනතාවට අප කරන අසාධාරණයකි. එබැවින් වෙලාව කා ගෙන හෝ, අන්තර්ජාල බිල ඉහල නවා ගෙන හෝ මෙය ලිවීම අපේ යුතුකමකැයි අපි සිතමු.[deleted text: අඩේ මචං අපිත් ගහමු බොදු-නෙට් බද්දක්.. ඊට පස්සේ එළකිරි වගේ සතියකට එකක් ආටිකල් දාල ෆන් එකේ ඉමු..]
අන්වර්ගෙන් "කපිල" නමැත්තකු ඇසු ප්‍රශ්න ගැන අපට කිසිදු වගකීමක් දැරිය නොහැකි බැවින් ඒ ගැන සාකච්ඡා නොකිරීමට අපි තීරණය කෙළෙමු. එහෙත් සිය පිළිතුරු වලදී අන්වර් ලබා දී තිබූ අහස පොළොව නූහුලන පච වට්ටෝරු වලට අපෙන් ප්‍රති-උත්තර දීමට අපි අපේක්ෂා කරමු.
අන්වර්ගේ පළමු පිළිතුර
" ... ක්‍රිස්තු වර්ෂ 2000ට පෙරද අපේ රටේ හලාල් සහතිකය සම්බන්ධ ආයතනයක් ක්‍රියාත්මක විය. හලාල් ලාංඡනයක්ද තිබුණි. 2000 වසරේදී සිදුවුයේ සමස්ථ ලංකා ආගමික විද්වතුන්ගේ සංගමය විසින් එය පාර්ලිමේන්තු පණතක් මගින් සංස්ථාපනය කිරීමයි. ඉස්ලාමය විසින් හලාල් සහ හරාම් සම්බන්ධව නියමයන් පැනවුණු දා පටන් මුස්ලිම් වරුන් හරාම් හෙවත් අනුමත නොවන දේ සම්බන්ධව අවධානයෙන් සිටින අතර ඉහත සංස්ථාපනය කෙරුණු හලාල් කමිටුව විසින් කරන්නේ හලාල් දේ මොනවාදැයි ජනතාවට පෙන්වා දීම පමණකි. හලාල් නොවන දේ නොගන්නා ලෙස මුස්ලිම් වරුන්ට බලකිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. හලාල් නොවන දේ නොගතයුතු බව මුස්ලිම් වරුන් තම කුඩා කාලයේ ලද ආගමික ඉගැන්වීම් තුලින්ම දනිති."..ක්‍රි.ව. 2000 ට පෙර ක්‍රියාත්මක වූ ආයතන ගැන හෝ එහි වගතුග ගැන සෙවීම අපට අදාළ නොවේ. අන්වර් අකමැත්තෙන් හෝ එක ඇත්තක් කියා තිබේ. එනම් "ඕල් සිලෝන් ජම්මියතුල් උලාමා"ව පළමු වරට ව්‍යවස්ථාපිත කරන ලද්දේ වර්ෂ 2000 දී බවයි.
අන්වර් නොකී කතාව
මේ තරම් දිග විස්තරයක් ජම්මියතුල් උලාමාව ගැන කී අපේ ආදරණීය උගත් මිත්‍ර අන්වර් මහතා හට එකම එක, ඉතාම නොවැදගත්, අබමල් රේණුවක වත් වැදගැම්මකට නැති, කුරා කූඹියකුට වත් වටින්නේ නැති පුංචි කාරණාවක් අමතක වී තිබේ. එනම් ජම්මියතුල් උලාමාව මෙරට ව්‍යවස්ථාපිත කොට ඇත්තේ ලාභ නොලබන ආගමික සංවිධානයක් ලෙස බවයි. වෙනත් වචන වලින් කියන්නේ නම් පරිත්‍යාග හෝ ආධාර හැර වෙනත් කිසිම ආකාරයක මුදල් අයකිරීමක් කරන්නට ඔවුන් හට නීතිමය බලයක් නැති බවයි. කවුරුත් දන්නා පරිදි මේ රටේ ආහාර, ඇඳුම්, වැනි වෙනත් සේවා සඳහා ප්‍රමිති සම්පාදනය කරන සහ ඒවා ක්‍රියාත්මක කරන ISO, SLS වැනි ප්‍රමිතිකරණ ආයතන තිබේ. ආගමික සංවිධානයක් ලෙස මුල් ඇදගත් ජම්මියතුල් උලාමාව දැන් කරන්නේ ප්‍රමිතිකරණ ආයතනයකින් කරන වැඩකි. එනම් බල්ලගෙ වැඩේ බූරුවා කිරීමකි. අප කලින්ද කියා ඇති පරිදි මේ සහතිකය නිකම් දෙන්නෙ නම් අපට එහි කිසිම ගැටළුවක් නැත. එහෙත් මෙය ලබා දීමට අය කරන අති විශාල මුදල ට වෙන්නේ මොනවාද? එහෙම මුදල් ගැනීම සඳහා මොවුන් හට තිබෙන අයිතිය කුමක්ද?අන්වර්ගේ දෙවන පිළිතුර
මෙය සහමුලින්ම අමුලික පට්ටපල් බොරුවකි. හලාල් සහතිකය සම්බන්ධව නිශ්චිත එක මිල ගණනක් නොමැත. හලාල් සහතිකය සඳහා අයකිරීම් කෙරෙන්නේ නිශ්පාදනයක ස්වභාවය සහ එහි නිශ්පාදන ධාරිතාව මතයි. එසේ අය කරන මිල ගණන් රේඛනය කරන්නාවු වගුව පහතින් දක්වා ඇත්තෙමු.
නිෂ්පාදන වර්ග
|
මසකට ගෙවන මුදල (රුපියල් වලින්)
| ||
කුඩා කර්මාන්ත
|
මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත
|
මහා පරිමානයේ කර්මාන්ත හා බහු ජාතික කර්මාන්ත ආයතන
| |
1 – 5 | 500 සිට 700 දක්වා | 1000 සිට 1250 දක්වා | 1500 - 2000 දක්වා |
6 – 10 | 400 සිට 600 දක්වා | 800 සිට 1000 දක්වා | 1250 – 1500 |
11 – 20 | 250 සිට 400 දක්වා | 600 සිට 800 දක්වා | 800 – 1000 |
21 – 30 | - | 400 සිට 600 දක්වා | 600 – 800 |
31 – 50 | - | 200 සිට 300 දක්වා | 350 – 500 |
51 – 100 | - | 100 සිට 200 දක්වා | 200 – 300 |
100 වඩා | - | - | 20000 – 25000 |
අන්වර් නොකී කතාව
අන්වර්ගේ තුන්වන පිළිතුර
හලාල් කමිටුවේ මව් ආයතනය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් ස්වකීය අරමුණු සහ කාර්යභාරය ඉටුකිරීම සම්බන්ධව මුදල් සොයා ගන්නේ හලාල් කමිටුවෙන් ලැබෙන ආදායමෙන් නොව දීපව්‍යාප්තව ඇති 3000 කට වඩා ඔවුන්ගේ සාමාජිකත්වයෙන් ලැබෙන මුදල් සහ ඔවුන්ට ලැබෙන වෙනත් ආධාර වලිනි. ඒ ගැන කිසිවෙකුට කුකුසක් ඇත්තේ නම් සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ විගණන වාර්ථාව සහ හලාල් කමිටුවේ වාර්තාව යන දෙක කියවා බලා සංසංධනය කර වටහා ගත හැකිය.
අන්වර් නොකී කතාව
සමාප්තිය
මේ ලංකාවේ වෙසෙන කිසිම දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, ජා හෝ වෙනත් කිසිදු ජාතියකට අයත් මිනිසුන් සමග හෝ, බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි (සහ එහි නානාප්‍රකාර නිකාය ද ඇතුළත්ව), රෙපරමාදු, ඉස්ලාම්, පැස්ටෆාරියන් හෝ වෙනත් කිසිදු ආගමකට අයත් මිනිසුන් සමග හෝ අපට ගැටළුවක් නොමැත. ගැටළුව ඇත්තේ ආගමේ, ජාතියේ, ජනවර්ගයේ නාමයෙන් මිනිසුන් රවටන, සූරා කන, පීඩාවට පත් කරන හෝ අන් අයුරකින් වේදනාවට පත් කරන නොමිනිසුන් සමගය.අප ජම්මියතුල් උලාමාවට එරෙහිව මිස මුස්ලිම් සහෝදරයන්ට එරෙහිව නොවේ.
සියල්ල කියා අවසානයේ එක වැදගත් කරුණක් කිව යුතුය. තිස් වසරක් පැවති විනාශකාරී යුද්ධය අවසාන වුයේ ජීවිත දහස් ගණනක් යළි පිළිසකර කළ නොහැකි ලෙස විනාශ මුඛයට ඇද දමමිනි. එහෙත් එය බොහෝ දෙනාට ප්‍රවෘත්ති මවන තෝතැන්නක් විය. එමෙන්ම යුද්ධයෙන් පසුව මේ රටේ ජනයාට ලැබේවි යයි පුල පුලා බලා සිටි සහන වලින් ඇබින්දක් වත් නොලැබුණු බවද කවුරුත් දන්නවා වුවද කිව යුතුමය.
ReplyDeleteඅපේ අරමුණ "යුද්දේ නැතුව පාළුයි" කියන බඩගොස්තරවාදීන් හට උල්පන්දම් දීම නොවේ. මේ රටේ උපන් හැම මිනිහාම අපට මිනිහෙකි. මුස්ලිම් සහෝදරයා ප්‍රජාව වෙත අප මේ මොහොතේ ඉතා පැහැදිළිව යොමු කරන පණිවුඩය නම්, අපේ ගැටළුව ඇත්තේ සහෝදර ඔබ සමග නොවන බවයි.
මිත්‍රය අකුරු ලොකු කරන්න..
ReplyDeleteඔබගේ අවසන් එක් කිරීම ගැන ස්තූති වන්ත වෙමි.
එළකිරිය තනිකරම ජාති වාදීන්ට රඟ පිටියකි.එයින් බොහෝ
සේ මේ රටට විෂ බීජ එක් විය.
2009 මුල සිට වඩාත් ව්‍යාප්ත විය , පාලනාධිකාරිය
මීට වඩා සිතුවානම් එළකිරිය එළකිරියක් ලෙසම පවතී ,
යනුවෙන් අදද කීමට හැකිය..
රංග හොද කෙනෙකු වුවද ඔහුද එක් පුරුකක් පමණි.නොදන්නා
කරුණක් ඔවුන් සියල්ල අනුගමනය කරයි..
මට තියෙන ප්‍රශ්නේ තමයි ඔය බොදු බලු සේනාවට හලාල් එපානම් ඇයි නොකා ඉන්ට බැරි..? ඇයි මේ ජාතිවාදයක් අවුස්සවන්නේ..?
ReplyDelete