logo banner

Friday, February 8, 2013

නි.ද.හ.ස.



අපි නිදහස්!

අපි එසේ කියමු, වසරක් වසරක් පාසා එසේ කියමු. නිකම් නොවේ, මහ උජාරුවෙන් හඬගා ගිරිය පැලෙන්නට බෙරිහන් දී මහා හයියෙන් කෑ ගසා කියමු. 

අපි නිදහස් ද?

මම ඔබෙන් අසමි. 

එකෙනෙහිම ඔබේ පපු කෙනෙති වලට යමක් දැනේවි. ඒ කුමක්දැයි මා ඔබෙන් අසන්නේ නැත. ඒ වෙනුවට "නිදහස" යනු කුමක් දැයි අපි මඳක් කතා කරමු.

"නි + දාස" හෙවත් "දාස නොවන්නේ" නිදහස් නමි. එනම් ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ නිදහස් වේ. නිදහස් තීරණ යැයි කී විට "මොනවා ගැනද" යන්නද ඇසිය යුතුමය. 

01. ආර්ථික නිදහස: එනම්, බාධාවකින් තොරව සැමට සමසේ සිය විභවතාවට අනුරූපී ක්‍රය ශක්තියක් ලැබෙන බව. 

(සභාවේ සිනා).

02. සමාජයීය නිදහස සහ ආගමික නිදහස: තමන් ජීවත් වන සමාජය තුළ සිය ආගම, සංස්‌කෘතිය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇති බව සහ ඊට කිසිම ආකාරයක තහංචි පැනවීමක් නැති බව. 


03. නෛතික නිදහස: මොනම ආකාරයකට වත් අනීතික සිද්ධි වලට සමාවක් නැති බව..


නීතියේ සාධාරණත්වය සුරක්ෂිත කොට ඇති බව. 



තව කියන්නට දාහක් දේ ඇතත් මා ඔබේ හදවතින් අසන්නේ එකම එක පැනයකි:

ඔබ නිදහස් ද? 


3 comments:

  1. 1948දි නිදහස් වුනෙමු...

    ඊට පසු සිය දහස් වර නිදහස නැති කර ගත්තෙමු.
    තවමත් එසේමය.

    ReplyDelete
  2. අපේ නිදහස අපිට නෑ බන්... හැමතැනින්ම අපිට කරදර.... බඩු මිල. හලාල්. හැම දේකින්ම... ජීවත් වෙන්නත් එපා වෙනව....

    ReplyDelete
  3. නිදහස යනු මුලාවකි! අපි අපිවම රවටා ගැනීමකි!

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.