logo banner

Thursday, March 21, 2013

ජිනීවා සහ ජංගි | Geneva and Panties

සෑහෙන කාලෙකින් යමක් නොලීවේ වැඩ වැඩි කම නිසාම නොවේ. ලියන්නට ගියොත් කුණුහරුප ලියවේ යයි බය නිසාය. නැතිනම් මඩිස්සේ නිශාන් ගෙන ආයෙමත් අහගන්නට වෙනවාය. කෙසේ වෙතත් අද වැනි ඓතිහාසික දවසක නොලියන ලිපි ආයේ කවදා නම් ලියන්නද යයි ද සිතේ. ඒ නිසා ලියමි. 


උඩින් මොන හොඳ හිත පෙන්නුවත් ඉන්දියාව හැමදාමත් කෙළේ අපට වල කපන එකය. එසේ වෙන්නේ ඇයිදැයි ඇසුවහොත් දෙන්නට ඇති හොඳම පිළිතුර ඉතිහාසය කියවා බැලීමයි. උදාහරණයක් ලෙස රාම රාවණ යුද්ධය ගත හැකිය. රාවණා ශ්‍රේෂ්ට පාලකයකු වී යයි රාමායණය ලී වාල්මිකියෝම පවසති. එහෙත් රාම රඝු වංශිකයෙකි. කැත්කුල සම්මත රාමා, මිනීමරුවකු කෙළේ බමුණු අන්තවාදය මිස වෙන දෙයක් නොවේ.

නමුත් රාම රාවණ යුද්ධය 
අහවර වී යුග ගණනක් ගිහිණුත් ඉන්දියාවට රාවණා නරකය, රාම හොඳය. සුර්පනඛා යකින්නියක වූ පලියට ඇගේ නහය, කන් කැපු රාම හොඳය. රාවනා දෙස මුහුණ නොබැලු සීතාවගේ පතිවත ඔප්පු කරන්නට ගින්දර මැද්දෙන් ඇවිද්දවූ රාම හොඳය. එහෙමත් කරපු ගැහැණිය, රට්ටුන්ගේ කතා වලට බයේ කාලයට පිටුවහල් කල රාම හොඳය. ඒ ඔක්කොමත් මදිවාට, ශුද්‍රයකු තාපසකම් කල වරදට ඔහු ගෙල කපා මරාදැමූ රාම දෙවියෙකි. රාවණා යකෙකි.

පසුගිය දින කීපය තුළ මේ වෛරී දේශපාලනයේ තවත් ජවනිකාවක් තිරගත විය. එනම් සිංහල බෞද්ධ භික්ෂුන් ඉලක්ක කරගත් පහර දීමය. මේ වනාහි ලංකාවේ දමිළයන් ගැන බඩ පපුව පිපිරෙන්නට කෑමොර දෙන, එහෙත් කුලය නිසා එක මේසයේ වාඩි ගන්නට අකමැති, ලංකාවේ දමිළ කාන්තාවන් ගේ ආරක්ෂාව ගැන කෑමොර දෙන, එහෙත් සිය රටේදී ගැහැණුන් සමූහ දූෂණයට ලක්කොට මරාදමන, බලය සඳහා සිය පක්ෂය මෙන්ම පිළිවෙතද පාවාදෙමින් තමිල්නාඩුවේ යකා නටන කරුණානිධි සහ ජයලලිතා ප්‍රමුඛ බළල් අත්වල LTTE නපුංසක පො*** (පොළොංගු) න්ගේ තවත් හපන් කමකි. 


මෙන්න ඒ වීඩියෝව:




මේ කම්මුල් පහර ඔබටයි! රටට විණ කරන තුරන් කෙළ කෝටියක් සිටියදී නිතිනින්දේ නිදිවදින ඔබටයි!! රට වෙනුවෙන් කරන්නට දහසක් දේ තිබියදී ඒ දේ නොකළ ඔබටයි!!! 


මේ සිද්ධියෙන් පසුව අපේ යතිවරයාණන් වහන්සේද හැසිරුණු විදිය ඉතාම ප්‍රශස්තය. "අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය නොසන්සිඳේ.. අසවලා මට බැන්නේය, ගැසුවේය, මා පරාජය කෙළේය, මා සතු දේ ගත්තේය.. මෙසේ යමෙක් සිතමින් එල්බෙමින් යන්නේද ඔහුගේ වෛරය සන්සිඳේ. වෛරයෙන් වෛරය කිසිදා සමථ වන්නේ නැත. වෛරය සමථ වන්නේ අවෛරයෙන්ම පමණි. මෙය සනාතන දහමකි." යන බුදු බණ ආදර්ශනීය ලෙස පිලිපමින් උන් වහන්සේ හැසිරුණහ. (වෙන උන්දෙලා නම් මෙලාකට සිවුර කරේ තියාන කෑගහමින් ඉන්දියානු කොඩි ගිණි තබනවා නියතය). අන්න ඒ නිසා මේ පහර කෑමට ලක් වූ වතුපොල වංගීස නම් වූ යතිවරයාණන්ට අපේ උත්තමාචාරය පුද කරමු. 

බුද්ධ පුත්‍රයන් වහන්ස! බලු රැළක් මැදට මැදිව ජාතියේ නාමයෙන් පහර ඉවසා දරාගත් ඔබ වහන්සේට අපේ ශ්‍රද්ධා භක්ති පූර්වක දණ්ඩ නමස්කාරය මෙසේ පුද කරමු. එමෙන්ම, හැංගි හැංගී මෙවැනි පො*** (පොළොන්) තගරි දමන තමිල්නාඩු අයියලා මෙහෙම නොවේ, කොහොම කීවත්, මේ රට කවමදාකවත් දෙකඩ කරන්නේ නැති බව, ඇට මස් ලේ නහර මතු නොව, දිවි හිමියෙන් ප්‍රතිඥා දෙමු. 





විය යුතුම පරිද්දෙන් මේ සිද්ධිය සියලු ලාංකිකයන්ගේ කන හරහා ගැසූ පහරක් විය. නමුත් මේ සිද්ධිය වෙත විවිධ බෞද්ධ සංවිධාන පිළිතුරු දුන්නේ විවිධාකාර ක්‍රම වලටය. පුදුමයකට මෙන් මේ සිද්ධියේ දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කරන්නට සිහල රාවය සමත් විය. කුලියාපිටියේදී කතෝලික නිවසකට කඩාපැන යකා නැටු සිංහල රාවයෙන් එවැනි සාධනීය දෙයක් මේ ලියන මා නම් කිසිදිනෙක බලාපොරොත්තු වුණේ නැත. එහෙත් කළ හොඳ වැඩය අගය කරන ගමන්ම, මෙන්න මේ ටිකද කිව යුතුය. තමිල්නාඩුවේ දී භික්ෂුන්ට පහර දීම වැරදි නම්, එදා කුලියාපිටියේදී සිංහල රාවය කළ දේ හරිය කියන්නටද බැරිය. 

හලාල් සිද්ධිය හරහා තරුවක් වූ බොදු බල සේනා නම් කෙළේ ඉතාම හාස්‍යජනක ප්‍රකාශයකි. විහිලුව චොර කරන්නේ නැතිව මෙන්න ඔරිමජිනල් වර්ෂන් එක. 


පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධින්වලට අන්තවාදී මුස්ලිම් කල්ලියක් සම්බන්ධ වී ඇති බවට සැකයක් මතුවී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා අද (19) පෙරවරු 10.30 ට බොදු බල සේනා මුලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි ද එම සංවිධානයේ ප්‍රධානියකු ‘මිරර්’වෙත පැවසිය. [source link]
මේ කතාව විහිළුවක් වන්නේ, මේ ප්‍රකාශය කරන කෙනා, පසුගිය දශක ගණනක සිට ඉන්දියාව අර අඳින්නේ මොකාටදැයි හාංකවිසියක් වත් දන්නේ නැති බබෙකු ගේ ගානට කතා කරන නිසාය. 

අන්න ඒ බබාලා සියල්ලටම බලාගන්නත් එක්කම, ඉන්දියාව අද සමස්ත ලෝකය හමුවේ සිය ජංගිය ගළවා නිරුවත පෙන්වා තිබේ. මේ ක්‍රියාවලියේ වීරවරිය වන්නේ නවනීදන් පිල්ලේ නම් මානව හිමිකම් කමිටු සභාපතිනියයි.


නවනීදන් පිල්ලෛ

සුපුරුදු පරිදි ඉන්දියාවේ කුණකටු ප්‍රතිපත්තිය නිසා අද ශ්‍රී ලංකාව UNHRC හෙවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් පරාජයට පත්විය. උතුරු නැගෙනහිර යුද්ධයේදී LTTE ත්‍රස්තයන් සමග නිදි වැදි ජෙයලලිතා ප්‍රමුඛ සුනඛයන්ගේ සහ කෙලෙහිගුණ නොදත් සෝනියා ගාන්ධිගේ අබලන්කම නිසා, අසල්වැසි ලඟම ඥාතියා වන (හිකිස්) ඉන්දියාව ප්‍රමුඛ රටවල් 25ක් එරෙහිවද, "හම්බ" පාකිස්ථානය ප්‍රමුඛ රටවල් 13ක් පක්ෂවද, රටවල් 8ක නිර්චන්දයෙන්ද ලංකාවට එරෙහි තුට්ටු දෙකේ යෝජනාව (හෙවත් නවනීදම් පිල්ලෙයි ගේ මාස්ටර් ප්ලෑන) දිනා තිබේ. උතුරු නැගෙනහිර යුද්ධයේදී සිදුවූ යුද අපරාධ පිළිබඳව අපක්ෂපාතී සහ විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට බල කෙරෙන යෝජනාවකි, ඒ.


ඉන්දියාව වෙනුවෙන් බිරුම් හඬ දුන් ඉන්දීය නියෝජිත දිලිප් සිංහා කියා සිටියේ "අන්තර්ජාතික ප්‍රජාවට පිළිගත හැකි මට්ටමේ විශ්වසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව සහ ලාංකීය දමිළ ජනතාවද ඇතුළුව සියල්ලන්ටම පිළිගත හැකි දේශපාලන විසඳුමක් ගෙන එම සඳහා ලංකාවට බල කලයුතු බවත්"ය. ගොනා හැරෙන්නේ මොන පොල් පැලෙටදැයි දැන් තවත් අටුවා ටීකා අනවශ්‍යය. බලය උදෙසා මිනිස්සු නොකරන දෙයක් නැත. සිය සැමියාගේ මිනීමරුවන් හට දඬුවම් දුන් අපට වඩා සෝනියා ගාන්ධිට ලලිතා ලොකුය. කමක් නැත, ඒ දේශපාලනයේ හැටිය. දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ සදාකාලික මිතුරන් නැත. ඉන්දීය දේශපාලනයේ සිනමා මැරයා වන ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් හෙවත් DMK පක්ෂය මේ යෝජනාව ගැන "සිය පූර්ණ නොසතුට" පළකළේය. ඔවුන්ට අනුව "පූර්ණ" සතුටුදායක විසඳුම කුමක්දැයි අපට නොතේරෙන්නේ නැත. 


මේ ටික වන බව අපි දැන සිටියෙමු. දැන් ප්‍රශ්නය වන්නේ ඊළඟට වන්නේ කුමක්ද යන්නයි. 

මේ තීරණාත්මක මොහොතේ චීනය ප්‍රමුඛ සමාජවාදී රටවලට අමතරව අප සමග සිටියේ "හම්බ" රටවල් වන මාලදිවයින සහ පකිස්ථානයයි. "ලංකාවේ ස්වෛරී භාවය ආරක්ෂා කිරීම සඳහා චීනය මින් ඉදිරියටත් සියලු සහයෝගය ලබාදෙන බව" චීනය පැවසීය. ඉන්දියාවේ දේශපාලන අර්බුද වවාගෙන කන්නට කරන මේ කූටෝපක්‍රමය හෙළා දැකිය යුතු බව පකිස්ථානයේ මතය විය. (හලාල් සටනින් තරුවක් වූ අහවල් සේනාවට, ගෙවල් වලට පැන බයිබල් පොළොවේ ගහන අහවල් රාවයට, සීතාවකට මුස්ලිම් පල්ලි එපාය කී අහවල් සහෝදරත්වයට දැන් මේවත් හලාල් දැයි පැහැදිලි කිරීමට සිදු වනු ඇත.)

කෙසේ වෙතත් කතාවේ දෙපැත්තක් ඇත. මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරාන්ඩුව සමග ඉන්නේ, මොකා හෝ රට කරවන එකා රැකගත යුතු බැවිනි. නැතිනම් ඇහැලේපොළ නාඩගම ඉතිහාසය තුළ යළිත් වරක් රඟ දැක්වෙනු ඇති බැවිනි. යුධ අපරාධ චෝදනාව සදහටම පරාජය කරන්න නම් සෑහෙන මහන්සියක් වියදම් කොට අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය. නමුත් ලෝකයේ යුද ජයග්‍රහණ වලින් දිනු අනිත් රටවලටත් මේ උදවිය මේ දේ කියාවිද? උදාහරණයක් ලෙස ඇමරිකාවේ යුද ජයග්‍රහණ වලින් පසු ඔවුන්ගේ සිර කරුවන්ට සැලකු හැටි ගැන පරීක්ෂණ කරන්නට සමත් හු වෙත්ද? නැත. මේ ඉල්ලන්නේ සාධාරණ පරීක්ෂණයක් නොව, ප්‍රභා මරපු උන්ගේ ලේ දීපිය කියාය.

නමුත් එහෙමයි කියා මේ රටේ කිසිම මානව හිමිකමක් කඩවුයේ නැතැයි කටක් ඇර කීමට අපට නම් බැරිය. ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ආයේ කවදාවත් එන්නේ නැත. ටැබූට බ්ලොග වසා දමා යන්ට විය. මැරවින් ලා, දුමියා ලා ඉන්නේ මේ රටේය. සාරුව සුනිල් සහ සුදර්මන් රදලියගම තාමත් යහතින්ය. යුද්දේ දිනලා දීපු සරත් ෆොන්සේකාට සිදු වුයේ හිරබත් කන්ටය. ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවන ලදී. පී බී අබේසුන්දරයා තාමත් ෂෝයි එකට සිටී. කොටින්ගේ අහුවුණා කී රත්රන් කොහෙවත් නැත. කටුගේ/ දුටුගැමුණු කඩුව, රාවණ උමග, ළඟදීම උස්සන් ගිය පින්නවල මහා ඇතා, මේ සියල්ල මේ රෙජීමයේ කුණුය. 

වැරදි හදාගෙන ගොඩ යන්ට තවත් අවස්ථාවක් රෙජීමයට ලැබී තිබේ. මේ සමහර විට අන්තිම අවස්ථාව වන්ට පිළිවනි. කණේ පාර සැර වුණත් එයිනුදු ඉගෙන ගන්නට දෙයක් තිබේ. මේ අවස්ථාව වත් ප්‍රයෝජනයට ගෙන මේ රට ඇත්තටම හැදේවා යයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. 

19 comments:

  1. //මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරාන්ඩුව සමග ඉන්නේ, මොකා හෝ රට කරවන එකා රැකගත යුතු බැවිනි. නැතිනම් ඇහැලේපොළ නාඩගම ඉතිහාසය තුළ යළිත් වරක් රඟ දැක්වෙනු ඇති බැවිනි.//

    ReplyDelete
  2. ඔබගේ මේ ලිපියට කීසිසෙත් එකඟ නැත . විස්තර කරන්නට කාලය හරස් වෙතත් ඉතා සරලව මා මෙසේ කියන්නම්

    "මෙය සන්ධාන රජයේ ඉතා දුර්වල තකතිරු විදේශ ප්‍රතිපත්තියේ හොඳ කමෙන් සිදුවු ඉල්ලන් කැමකි , 2009 සිට මෙදක්වා ජ්නිවා වලට පැමිණි යෝජනා මොනවාද , රට නියෝජනය කල නිලධාරින් කව්ද , සහය් දුන් රටවල් මොනවාද , ප්‍රථිලය කුමක් වීද යන්න නීරීක්ෂණය කර බලන්න


    මුස්ලිම් රටක් තවත් රටක මානව හිමිකම් කඩවේ කියා අත් උස්සන්නේ නම් එය සියවසේ මහා විහිලුවයි .ඇමරිකන් ගැති කටාරයද ලංකාවට අත් උස්සන්නේ තමන්ගේ කිල්ලෝට වලට හුණු ගෝනි ගණන් ඇති නිසාය

    ReplyDelete
    Replies
    1. කැමති නම් පිළිතුරු ලිපියක් සමග ලින්කුවක් යොදන්න. මගේ මතයම සත්‍ය විය යුතුයැයි නීතියක් නැත. මා වැරදි නම් පෙන්වා දෙන්න. සියලු විවේචන සාදරයෙන් භාරගනු ලැබේ.

      Delete
  3. අරාබි රටවල ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියත් පකිස්ථානයේ ඉන්දියානු විරෝධයත් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස බලපෑවා වීමට ඉඩ ඇත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වෙන බව සත්‍යයක් බැවින් එය නිවැරදි කරගැනීමට අවශ්‍යය. ඉන්දියාවට සිදු වී ඇත්තේ අන් සියල්ලටමත් වඩා තමිල්නාඩුවේ බලපෑමට මහ ආණ්ඩුව යටත් වීමයි.
    මේ සිද්ධිය සම්බන්ධයෙන් ඡන්දය දුන් නොදුන් රටවල් ගැන විවේචනය කරමින් සිටිනවාට වඩා අපේ වැරදි හදාගැනීම වැදගත්ය. ඇමරිකාව තරම් ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර නැති නමුත් පොල් ගෙඩියක් සොරකම් කරන එකා ගෙවල් බිඳීමේ සැකයට පාත්‍ර වනු නොවැළැක්විය හැකිය.
    සිංහල ව්‍යාපාරිකයාගේ උරුමයන් ආරක්ෂා කර දීමට දඟලන බොදු බල සේනාවට, සිංහල රාවයට කඩේ යන ඇමරිකන් ගැති සිංහලයන් තමන්ගේ බුද්ධිය වැඩි දුර මෙහෙයවීමත් අවශ්‍ය වේ.

    ReplyDelete
  4. මෙම ලිපියේ සදහන් කර අැති අාකාරයටම උන් වහන්සේ (වතුපොල වංගීස හිමි)ඒ අවස්තාවේ බෞධාගමේ ගෞරවය රැකෙන අයුරින් හැසුරුනු සේක.අප ඒය අගය කල යුතුය.නමුත් අප සලකා බැලිය යුත්තේ උන් වහන්සේ මෙසේ පහරකෑමට ලක්වූයේ අැයි ද? යන්නයි.මෙය කොටි හිතවාදීන්ගේම ප්‍රහාරයක් ලෙස අර්ථදැක්වීම අසාධාරණය.අප මේ කන්නේ අනුංගේ පරිප්පුය.නිකම්ම නොව අනුන්ගේ මල්ලේ අැති පරිප්පු රැගෙන උයාගෙන බෙදා ගෙන කන්නේය. චීනයත් ඉන්දියාවත් අප දන්නා කාලයේ සිටම හතුරන්ය.ඉන්දියාවත් සමග හොද හිත පැවත්වූ ටිබෙටය අද චීනයේ පාලනයට යටත් වීඅැත.ඒහි හිටපු අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාට අද ටිබෙටය තහනම් දේශයකි. නිදහස් රටක් ලෙස පවතින්නට උත්සාහ කල තායිවානය අද පාලනය කරන්නේ චීනයයි.ඔවුන් ඒ තීරන ගත්තේ චීනයේ අාරක්ෂාව ගැන සිතලාය. ඉන්දියාවද තම රටේ අාරක්ෂාව ගැන උනන්දු වන නිසා චීනය ලංකාව තුල කරනු ලබන මැදිහත් වීම් ඉන්දියාවට දිරවන්නේ නැත.චීනය අපට සමීප මන සෑම අවස්තාවකම ඉන්දියාව අපට කෙනිහිලි කම් කරයි.චීනයේ අාශීර්වාදය අැතිව 1971 ජෙ.වී.පී.කැරැල්ල අැතිවන විට ඉන්දියාවේ අාශීර්වාදය අැතිව ද්‍රවිඩ ත්‍රස්තවාදය අැතිවුනි.ඒමෙන්ම මැතිනියගේ කාලයේ බන්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවත් අළුත්කඩේ උසාවි සංකීර්නයත් චීන අාධාර යටතේ මෙහි ඉදිවන විට ඉන්දියාව ද්‍රවිඩ ත්‍රස්තවාදය තවතවත් අවුළුවන ලදී.ඉන් පසුව ජේ.අාර්.අැමරිකාවට සමීප වීමත් ජෙ.වී.පී.ය1983 පමණ වන විට නැවත අායුධ සන්නද්ද අරගලයකට යොමුවීමත් නිසා 1983න් පසු ද්‍රවිඩ ත්‍රස්තවාදය උත්සන්න විය. ඒවා සිදු වූයේ ඉන්දියානු න්‍යාය පත්‍රයට අනුව බව පැහැදිලිය. පසුගිය වසර කහිපය තුල චීනය විසින් ලංකාවෙ සිදුකල මැදිහත්වීම් නිසා ඉන්දියාව සිටියේ අප්‍රසාදයෙනි. ද්‍රවිඩ ත්‍රස්තවාදය නැතිනිසා ඔවුන් ඒ සදහා අළුත් ක්‍රමයක් පසුගිය වසරක හෝ ඊට ටිකක් වැඩි කාලයක සිට අත්හදා බලමින් සිටී. අප ස්වාමීන් වහන්සේලා දෙනමක් ප්‍රහාරයට ලක් වන්නේ ඒහි ප්‍රතිඵලයක් ලෙසයි.

    ReplyDelete
  5. ඉන්දියාවට වෙන කළ හැක්කක් නොමැත. කරුණානිධි සිඳුකලේ මුළු ඉන්දියාව වෙනුවෙන්ම කඩේ යාමකි. මේ සියල්ල විහිළු මිස වෙන කිසිවක් නොවේ. අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ ඇමරිකාවයි. එයම මහා විහිළුවකි. මුස්ලිම් රටවල් ඡන්දය දුන්නේ ඇයිදැයි කියා ඇමරිකාව පවා දන්නවාය. එසේ නොමැතිව ඒ රටවලටත් අරාබි වසන්තය උදාවනවා ඇත. ආයතන තුල මෙන්ම, ලංකික දේශපාලනයේද, ළෝක දේශපාලනයේද, එක්සත් ජාතින්ගේ සංවිධානයේද රජ කරන්නේ බොරුව මිස වෙන කිසිවක් නොවේ. නමුත්, ජාති ආගම් බේදයකින් තොරව, නිදහසෙන් පසු, අපි අපේ රටේ ජනතාවට යුතුකම් ඉටුකර තිබෙනවාද.. නිසි අධ්‍යාපනයක් ලබා දී තීබෙනවාද... ප්‍රෞඩ අතීත කාමයක ගැලී ස්වයං වින්දනයේ හෙදීමෙන් පලක් වෙද, සියළු ජනතාවට ප්‍රෞඩ වත්මනක් උදා වූ දිනෙක ලක් මාතාව සුරතාන්තයට පත් වනු ඇත. එතෙක් මේවා දෙස බලා සිනහසෙනවා හැර. හඬා වැලපීමෙන් කිසිඳු වින්දනයක් ලැබිය නොහැක.

    ReplyDelete
    Replies
    1. J.R.ඒදා අැමරිකාව පැත්තට යොමුවන විට අපට ඒරෙහි වූ ඉන්දියාව අද අැමරිකාව සමගය. ඒ ඔවුන්ගේ පොදු සතුරා චීනය නිසාය. අප උවමනාවට වඩා චීන ගැති වීඹ තුලින් අප ලබන වාසියට වඩා අපට අැති අනතුර විශාල බවයි මටනම් හැගෙන්නේ.චීනය පිලිබදවද අපට මැඩි විශ්වාසයක් තබා කටයුතු කල නොහැක. ඒයට හේතුව නම් ඔබම ඉහතින් පැහැදිලි කරඅැති අයුරින් කොලේ වහලා ගහන,දිය යටින් ගින්දර ගෙනයන,ඒකක් කියා තව ඒකක් කරන කපටි බොරුකාර ලෝක දේශපාලනයේම කොටස් කරුවන් බැවිනි. යම්කිසි තීරනාත්මක අවස්තාවක ඔවුන් අප අත්හැර දැමීමට තීරණය කලහොත් ඔවුන් ගේඅාරක්ෂාව ලබා ගැනීම සදහා අපට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැක.කොටින්ම සවුදි අරාබියට අැමරිකාව නැතිව බැරිවා සේම ලංකාවට චීනය නැතිව බැරි තත්වයකට අප පත්විය යුතු නැත.පසුගිය දා අාරක්ෂක ලේඛම් තුමා පවසා තිබුනේ, "අපට අැමරිකාව නැතුවට කමක් නැහැ,අපට චීනය ඉන්නවා" කියලයි.චීනයේ පාවිච්චි කරනලද ටර්බයින් යන්ත්‍ර නැවත පේන්ට් කර අළුත් ඒවා මෙන් ගෙනැවිත් නොරොච්චෝල තාප විදුලි බලාගාරයට සවි කල ඔවුන් පිලිබදව අප විශ්වාසය තැපිය යුත්තේ ප්‍රවේසමිනි.

      Delete
  6. කීයක් ඔට්ටුද අපේ උන් හැදෙන්නේ නැහැ.ආර්ථික සම්බාදක වැටුනත් ඒකෙනුත් තමන්ගේ බලය තහවුරුකර ගන්න බලයි.

    ReplyDelete
    Replies
    1. වැටෙන්නෙ මොකක්ද...? දැනටමත් වැටිලා, ඇඟළුම් කම්හලුත් වැහිලා නේ තියෙන්නේ. ඉන්දියාවත් එක්ක ඔට්ටු වෙන්න ගිහින් අන්තීමේදි සංචාරක ව්‍යාපාරයත් කඩා ගන්නවා. චීන්නු මෙහේ එන්නෙ නෑ උන් යන්නෙ ඇමරිකාවේ. මෙහේ එන්නේ වැඩිපුරම ඉන්දියාවෙ උන්. ඒකත් චෙන්නායි වලින්.

      Delete
    2. මාතලන්

      ඇමරිකාවටත් වැඩි ආයුෂ නැහැ. තමන්ගේ රටේ බජට් එක හරියට කතා බහ කරල හදා ගන්න බැරි අති විශාල දරා ගන්න බැරි ණය බරකින් මිරිකිල ඉන්න , දේශපාලනික තීන්දු නිසා අයවැය පරතරය අහස උසට නැගල තියෙන , මිලිටරිය ඕනැවටත් වඩා ස්ට්‍රෙච් වෙලා තියෙන රටක්. තාමත් අල්ලල ඉන්නේ ලෝකෙම සංචිත කරන්සි එක උන් ගාව තියෙන හින්ද. ඒත් වැඩි කාලෙකට නෙවේ. උන්ගේ මහා ලොකු ආර්ථික තියරි දැන් පිළිගන්නේ නෑ කවුරුත්.
      ඔය රට වැටෙන්නේ හරියට ඇසිරියාව නම් දුෂ්ට අධිරාජ්‍යය වැටුනා වගේ එක පාරටම.

      Delete
    3. ඒත් දැන්ම නම් නෙමෙයි පුතෝ...

      Delete
    4. ඇමරිකාව වැටෙන තුරු බලං ඉන්න එක පොඩ්ඩක් විතර විහිලුයි වගේ නැද්ද?

      Delete
    5. විහිළුවක් නෑ. ටිකක් රිසර්ච් කරල බැලුවොත් හොඳයි නේ ද

      Delete
  7. ක්‍රොකඩයිල් ඩන්ඩීMarch 22, 2013 at 12:17:00 PM GMT+5:30

    //ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ආයේ කවදාවත් එන්නේ නැත. ටැබූට බ්ලොග වසා දමා යන්ට විය//
    ටැබූ නම් සෑහෙන දුරට රඟපෑමක් වෙන්න පුළුවන් කළේ . මමත් මුලින් ටැබූ ඔය ලිස්ට් එනත් එක්ක තමා හිතුවේ .

    ReplyDelete
    Replies
    1. මචන් පුරන්, උඹලා අර බ්ලොග් දෙකට මොකෝ කළේ?

      ලහිරුවා, අපි ඒ දෙකටම චීනෙක් ලව්වා නියම වැඩක් දුන්නා මචන්. චීනා වැඩි ගාණක් ගත්තෙත් නැහැ. ආයේ තිතටම වැඩේ දුන්නා.
      එකක්නම් කෙළින්ම ඩිලීට් කරලා දැම්මා. ඊට පස්සේ පොරව චාටර් කරලත් දැම්මා ආයේ ලියන්න බැරි වෙන්නම. අනිකනම් දැන් කන්ට්‍රෝල් කරන්නේ අපේ එකෙක්. ඌ ඒකත් එක්ක සෙල්ලම් කරනවා, ඉදලා හිටලා වාක්‍යක් දෙකක් දාලා. හා හා. නියම ආතල් වැඩේ.

      එළ එළ, එතකොට අර එක බ්ලොග් එකක් ලියපු එකෙක් ලෙක්චරර් කෙනෙක්ද කොහෙද කිව්වා නේද? උඹලට බැරිවුනාද පොරව හොයාගන්න?

      අනේ මන්දා බන්, ඌ බොරුද කොහෙද දාලා තිබිලා තියෙන්නේ. අපි තව පොඩ්ඩෙන් අහකයන එවුන් දෙන්නෙක්ගේ අතපය කඩනවා. නුලෙන් උන් දෙන්නා බේරුනේ.

      හරි මචන්, මම යනවා ප්‍රොගෑම් එකට. ආයේ පස්සේ වෙලාවක සෙට් වෙමු.

      තෙරුවන් සරණයි ලහිරු.

      http://malansamarawickrama.wordpress.com/2011/07/29/nude-beach/

      Delete
    2. ක්‍රොකඩයිල් ඩන්ඩීMarch 22, 2013 at 2:46:00 PM GMT+5:30

      ඇනෝ

      ටැබූ වීරයෙක් කර ගන්න එපා . ඒක භයානකයි . වැරදි මිනිස්සු වීරයෝ කර ගැනීම තමන්වම රවටා ගැනීමක

      Delete
    3. ක්‍රොකඩයිල් ඩන්ඩී, ඇයි ටැබූ වීරයෙක් කරගත යුතු නැත්තේ?

      Delete
    4. ක්‍රොකඩයිල් ඩන්ඩීMarch 22, 2013 at 5:24:00 PM GMT+5:30

      වීරයෙක් කියන්නේ නොබියව තම මතය තම නමින්ම සමාජය හමුවේ කියන ඒ වගේම (දේශපාලනික අරුතකින්) එම මතය මහ පොළොවේ නොබියව ප්‍රමෝට් කරන්න මනුස්සයෙක්. දේශපාලනිකව කෙතරම් එකඟ නොවුනත් නලින් ද සිල්වා, ලසන්ත වික්‍රමතුංහ මට නම් "පොරවල්" එම කරුණ නිසා.
      හැබැයි ටැබූ කියන්නේ නිර්මාණශීලි ලේඛකයෙක් වුනත් අර වගේ අ‍යෙක් නොවෙයි නේද ? අන්වර්ත නමින් එකකුත් නියම නමින් ඊට හාත්පසින් වෙනස් දෙයකුත් කියන අයෙක් මම හිතන්නේ එතරම් ගණන් ගත යුතු අයෙක් නොවේ

      Delete
    5. මම ඉන්නේ ඔය තැන් දෙකට මැද. බොහෝ දේශපාලන බ්ලොග්කරුවන්ට තම සැබෑ නමින් ලියන්න බැහැ. අප එක තේරුම් ගන්න ඕනේ. අනික අපට වැදගත් වෙන්නේ මිනිස්ක්ගේ මතය මිස මිනිසා නෙමේ. හැබැයි අනිත් අතට වීරාභිවන්දනය නම් එතරම් හොඳ නැති බවත් ඇත්ත.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.