logo banner

Saturday, March 9, 2013

හලාල් බද්ද අවසන් ද? | Will Halal tax end?

අලුතින්ම ලැබෙන ආරංචි අනුව, හලාල් බද්ද අවසාන කිරීමට උලාමාව එකඟ වී සිටීලු. මේ ආරංචිය අප වෙත ගෙන එන්නේ දෙවිදියකින් සතුටුදායක හැගීමකි. පළමුව, මේ රටේ මුසල්මානුවන් නොවන ප්‍රජාව මත බලෙන් පටවන ලද නිල නොවන හලාල් ජෙසියාව (ඇඟ බද්ද) අකුළා ගැන්නවීමට සමත් වූ ලෝකයේ පළමු සහ එකම රට අප වන නිසාය. දෙවැන්න, මෙතෙක් කල් හලාල් විරෝධයට මුවා වී මුස්ලිම් විරෝධය පෝෂණය කළ අන්තවාදීන් හට සැඟවෙන්නට තැනක් නැති වීමයි.



අතීතය:

අප හලාල් ගැන කතා කරන්නේ සකාරණවය. මිසක එවෙලෙට චූන් වී දඟලන පොඩි එවුන් ලෙස නොවේ. හලාල් බද්ද ගැන සත්‍යය හෙළිකළ පළමු ලිපිය පළ වී සතියක් යන්නට පෙර අපේ අඩවිය තහනම් කිරීමට පවා සමහර අන්තවාදී මුසල්මානු කුහකයන් එඩිතර වී සිටියහ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ අඩවිය දින තුනක් තහනම් ව තිබිණි. ඊට අප ප්‍රතිචාර දැක්වුවේ තවත් කරුණු වලින් සන්නද්ධව, අන්තවාදී උලාමාවේ රෙදි ගැලවීමෙනි. ඒ ලිපිය මෙතනින් බැලිය හැක. අප ලියු තවත් ලිපි එකතුවක් "හලාල්" ලේබලය යටතේ ඔබට දක්නට හැකිය. උලාමාවට අප කළ අභියෝගය සහ අන්වර් මණතුංග නම් කුහකයාට ලබා දුන් පිළිතුරු මෙතනින් බලන්න. 

මොන මොන අඩුපාඩු තිබුණත් බොදු බල සේනා ව්‍යාපාරය මගින් මෙහිදී කරන ලද සාධනීය ක්‍රියාව අනුමත කළ යුතුය. උලාමා ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයයයි කෙළින් කීවේ ඔවුන් පමණක් නිසාය. එදා ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා නොකියා ප්‍රභාකරන් මහතා කියාපන් යැයි චන්ද්‍රිකා ආණ්ඩුව කීවා අපට මතකය. එදා සිට අද දක්වා අපට කෙළවන උන්ට මහත්තුරු පට්ටම් දී කරේ තියා ගැනීම හෙවත් කැළේ ඉන්නා නයි රෙද්ද අස්සේ ගසා ගැනීම අපේ අනන්‍යතාවේ කොටසකි. 

චම්පිකගේ විදුලිය කැපුවට පසු එතුමාද අලුතින් චූන් වී අප්‍රේල් මාසයට පෙර හලාල් අහක් කර නොගතහොත් අවුරුද්දට මුස්ලිම් කඩ වර්ජනය කරවන් බවට තර්ජනය කෙළේය. වෙනෙකක් තබා අවුරුද්දට ඉතාලියෙන් නොන්-හලාල් බිස්කට් ගෙන්වීමට පවා සිංහල රාවයේ සූදානමක් පැවතිණි. උලාමාව නම් දිගටම කීවේ හලාල් සහතිකය නොමිලේ දෙන්න බැරි බවය


වර්තමානය

වර්තමානය වන විට මේ සියල්ල උඩු යටිකුරු වී තිබේ. එක පැත්තකින් ජිනීවා වලදී ආණ්ඩුවේ හෙළුව බේරා ගන්නට උලාමාව පොරොන්දු වී සිටී. බොබසේ නායකයන් (නමට) අත්අඩංගුවට ගෙන, සියලු පහසුකම් සහිතව නවීන පුද්ගලික රෝහලක නවත්වා තැබීමට පවා කටයුතු සැලසී තිබුණේ යයි කියති. 

මුසල්මානය වනාහි හුදු ආගමක් නොවේ. එය දේශපාලන සන්දර්භයක් තුළ ගොඩනැගෙන ආගමික මුහුණුවරකින් පෙනී සිටින ව්‍යාප්තිවාදයකි. "ගර්භාෂ න්‍යාය" නමින් අප ඒ ගැනද ලිපියක් පළකොට තිබේ. සරලවම කියන්නේ නම්, යුද්ධයකදී ජය ලබන්නේ වඩා හොඳ මිනිසුන් ය. හෙවත් සුපිරි සොල්දාදුවන්ය. අප දකින විදියට මුසල්මානය වනාහි CIA, KGB වැනි සංවිධාන වල මූලයම ඇති, තවත් කොවර්ට් ඔපරේෂන් එකකි. ඔබේ සතුරා බොයි, ඔබ නොබොයි. ඔබේ සතුරා එක ළමයකු හදයි, ඔබ ළමයි ඕනා තරම් හදයි. ඔබේ සතුරා අපිරිසිදු ආහාර ගනී, ඔබ හලාල් හෙවත් පිරිසිදු ආහාර පමණක් ගනී. ඔබේ සතුරා ආගම දහම බල්ලට දමයි, ඔබ දවසට පස් වතාවක් ආගම නමදී. ඔබේ සතුරා පරජාතිකයන්ට අඹුවන් දෙයි, ඔබ කිසිදා එසේ නොකරයි. ඔබේ සතුරා ගේ සමාජයේ ගෑණු විළි ඇරගෙන අඩනිරුවතින් මහපාරේ යති. ඔබේ ගෑණු විළි පමණක් නොව මුළු ඇඟම වසාගෙන යති. ඔබේ සතුරාට සිය රටේ ආර්ථිකය ගැන වගේ වගක් නැත. ඔබ එසේ නොවේ, ඔබ ඔබ ජීවත් වන රටේ හොඳම වෙළෙන්දෙක් වේ. ඉතින් මුසල්මානය ව්‍යාප්ත නොවන්නේ මන්ද?

අපේ බහුතර සිංහල බෞද්ධ වීර අයියලාට තිබුණේ මෙන්න මෙකී සංසිද්ධිය දරාගෙන ඉන්නට බැරිව ඇති වූ ඊරිසියාවයි. නැතිව සැබෑ කැක්කුම නොවේ. 


අනාගතය:

දැන් හලාල් සහතිකය නොමිලේ දෙනවා යයි සිතමු. ඒත් කතාව එපමණද? නැත. අපට නම් එහෙම හිතෙන්නේ නැත. හලාල් සහතිකය මුවාවෙන් ආපු නාගරාජයා ඊළඟට වෙනත් මුහුණුවරකින් මතුවන දිනය වැඩි ඈතක නොවේ. නීති විද්‍යාල අර්බුදය උදාහරණයක් ලෙස ගත හැකිය.

ගිරයට අහු වූ පුවක.

මෙතන තවත් කතාවක් ද තිබේ. වැලේ වැල් නැතිව අපත වී පජාත වී කුජීත කුප්පීතු වී ඉන්නා මේ මනස්ගාත ආණ්ඩුවට, රටේ ජනතාවට ප්‍රශ්න අමතක කරවන්නට නාඩගමක් ඕනෑය. මෙතෙක් එහෙම කරපුවා ලැයිස්තුවක් මෙන්න. (මට අමතක වූ දේ වේ නම් කොමෙන්ටුවකින් හෝ දක්වන්න.)

* මාලිංග සහ මාධ්‍ය 

* නයි කෙල්ල සහ පොල් කෙල්ල
* අගවිනිසුරු නාටකය
* ප්‍රිසන් බ්‍රේක්, සීසන් වැලිකඩ
* ද උමං ඔෆ් කිං රාවණා
* මුතුරාජවෙල සත්තලන්
* නාථ, නලින් සහ ආසනික්
* ජාතික ගීයට දෙමළ පද
* යුගෝ චාවේස් (පරිවර්තනයකි) 

දැන් හලාල් හමාරය. ඊළඟට මාලි ආපහු එනවා දෝයි සැකයක් ද වේ. මාලි ගැන අපි වෙනමම දවසක වෙනමම ලිපියක් ලියමු. එතෙක් අපේ අදහස මෙන්න: 



අපට අමතරව හලාල් ගැන වෙනත් අය කී දෑ මෙතනින් බලන්න.

1. "එම්බා අන්වර් මනතුංගය!"
2. "හලාල් සහ ජාතිවාදය"
3. "‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා"
4. "අන්වර් මනතුංගගේ ප්‍රතිචාර වාරණයට පිලියමක්"
5. "අන්වර් මනතුංගට පිලිතුරු"
6. "සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය"
7. "නැගෙනහිර ජිහාඩය ගැන විකිලීක්ස් එළි කරපු දේවල්"
8. "හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ"
9.  "හලාල්, බොරුව හා පරාජය" 
10. "හලාල් වලට විරුද්ධ මුස්ලිම් ජාතිකයින්ට තර්ජන"

සියල්ල සමාලෝචනය කරමින් ලියන ලද ලස්සන සාරාංශයක් "මාතලන්" විසින් ලියා තිබිණි. ඔහුට ස්තුතිවන්ත වෙමින් ඒ උපුටාගැනීමෙන් මේ කතාව අවසාන කරමු.

එහෙයින්, කල යුතු වන්නේ, අප රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වන, විදෙශ් ශ්‍රමිකයින් දඩ මීමා කරගෙන, හලාල් හා ෂරියා නීතී, රටේ ස්තාපිත කිරීමට වෙර දරනා, සියළුම ක්‍රියාදාමයන්, අද අදම කටුගා දැමීමයි, අප රජයෙන් ඉල්ලා සිටින්නේ, සැක කටයුතු දෙමල ජනතාව ගැන මෙන්ම, හලාල් ලබා ගත් සිංහල පොන්න ව්‍යාපරකයින් මෙන්ම, සැක කටයුතු සියළුම ආගම් කෙරෙහි, බුද්ධි අංශවල අවධානය, තව තවත් යොමු කල යුතු බවයි. අවසාන වශයෙන් කිව යුතුව ඇත්තේ, ඉස්ලාම්, හින්දු, බෞද්ධ, සිංහල දෙමළ, මුස්ලිම් කුමන කුලකයක වේවා, අන්තවාදයකට කිසිම ඉඩක් නොතැබිය යුතු බවයි. බොදු බල සේනා නීතිය අතට ගන්නේ නම්, මේ රටේ ආන්ඩු පත් කිරීමෙන් පලක් නොවන බවත්, පොලීසියේද අවශ්‍යතාවයක් නොමැති බවත්, ඉතා කනගාටුවෙන වුවද ලියා තැබිය යුතුමය. 

කතාව නියමෙටම පටන් ගන්නේ දැන්ය. අපි උපේක්ෂාවෙන් බලා සිටිමු. 

12 comments:

  1. ඡන්දෙ ලංවෙද්දි උතුරේ තෙල්
    ඊලගට තව දින නවය කින් මත්තල (*ත්ත)
    තව තව ඒව එයි බං
    ධාතු නැවත වැඩම කරයි
    ජිනීවා
    චැනල් ෆෝ
    බ්ලොග් කබ්බෝ (අහ් වැරදුනා ඒක ආන්ඩුවෙ හවුලක් නැහැනෙ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. දවසක මේ ලැයිස්තුව විතරක් දාල පොස්ටුවක් ලියන්න හිතුණ...

      Delete
  2. මෛත්‍රී පාල සිරිසේනගේ අල්ලපු ගෙදර පුතා..
    මර්වින් සිල්වාගේ ගොන් පුතා..
    දුමින්දාගමනය ...
    ලංකාවෙන් උඩුගුවනට ගිය පළමු ජොයින්ට් එක..
    +++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. දවසක මේ ලැයිස්තුව විතරක් දාල පොස්ටුවක් ලියන්න හිතුණ...

      Delete
  3. Replies
    1. දැනට දන්න විදියට නම් ඇත්ත... දන්නේ නෑ එකත් ජාතික ගීය වගේද කියල..

      Delete
  4. කෙසේ හෝ ඔබ සඳහන් කල අනෙකුත කරුණු හා මෙය ලඝු කොට සැලකීමට හෝ සංසන්දනය කළ නොහැක. කෙදිනක හෝ දුරවල නායකත්වයකදි මෙය නැවත් හිස එසවිය හැක. ඔබ වන් අය කරනුයේ යුගයේ අවශ්‍යතාවයකි. එයට රටක් වශයෙන් අපගේ ගෞරවය හිමි විය යුතුමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්.. හලාල් කතාව ගැන අන්තවාදී නොවී, මුසල්මානු පමණක් නොව, සිංහල අන්තවාදයටත් එරෙහිව ඔබ බොහෝ දේ කියා තිබෙනු මා දුටුවා. මේ කතිකාවේදී අප තනි වී නැති බව සනාථ කළ සුජීව කොකාවල, මාතලන්, බුවා, සෑමා, සිරා, මාලන්, නරේන්ද්‍ර, දුකා, නිශාන් සහ නම් සඳහන් කළ නොහැකි අනිත් බොහෝ දෙනෙකුට ඒ ආඩම්බරය දැනෙනවා ඇති.

      තවත් දෙයක් මම ටක්කෙටම කියන්නම්! ඊළඟ ගැටලුව වන්නේ සිංහල බෞද්ධ තලේබාන්ලාට පිළිතුරු දීමයි. ඒකනම් මීට වඩා බොහෝ අමාරු කාරියක් වනවා නිසැකයි!

      Delete
  5. ඔබේ උත්සහයා අගය කරනවා සහෝ.ඉදිරියේ මොනවා වුනත් අපිට වෙන්නේ ඒවාට බඩගින්නේ හරි මුහුණ දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ සහය නැතිනම් මේ දේ වෙන්නේ නැහැ සහෝ. මීළඟ ගැටළුව වෙන්නේ අපේ ඇහේ ඇති පොල් පරාල අහක් කිරීම. මට දැනටම මැවිලා පේනවා "දේශද්‍රෝහියා, බත්ගොට්ටා" වැනි සුන්දර සුභාෂිත නම්වලින් අපව අමතන ලස්සන!!

      Delete
    2. //මීළඟ ගැටළුව වෙන්නේ අපේ ඇහේ ඇති පොල් පරාල අහක් කිරීම. මට දැනටම මැවිලා පේනවා "දේශද්‍රෝහියා, බත්ගොට්ටා" වැනි සුන්දර සුභාෂිත නම්වලින් අපව අමතන ලස්සන!!//

      අහ් ..මම නම් ඔය ලේබල් සැහෙන කාලෙකට කලින් ඉඳන්ම වද්දගෙන ඉන්නේ

      Delete
    3. බුවා, මම එදා කිවූ දේ අද සත්‍ය වී තිබේ. බුකියේ හෝ ඊයකින් මෙසේජ් එකක් එවන්න, ඉතුරු විස්තර ටික දෙන්නම්. මැරුවත් මම නම් ඒ ගැන ලියන්නේ නැත. ඒත් නොලියාද බැරිය.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.