logo banner

Friday, July 5, 2013

දොර අරින්න එපා මයෙ අම්මා! | Don't Open the Door

උඹ නෑවට, තෙමන්නේ නැහැ, මයෙ අම්මා...!



"දොර කියයි: මම කලින් දවසේ හොදටම මහන්සි චුට්ටක් දාල හිටියේ, ඒ කොල්ල ලඟට අපු වෙලාවේ අමතක වෙලා ඇරෙන්න ගියා. කොල්ල තමයි මාව ඇරෙන්න නොදී වැහුවේ" —by Dinindu Udara
(නයි ටී එන් පුවතක්)

මේ පුවත දුටු විචාරකයෝ දෙදෙනක් මෙසේ කී ලු. 


~ ~ ~ 

"එක්ස් ෆයිල්ස්" ෂෝ එකේ එක කොටසක ප්ලේන් එකක දොරක් ගැලවිලා ලොකු එළියක් ඇවිත්, ඒකෙ ඉන්න පොරක්ව ඒ එළිය දිගේ අහසෙ පාවෙලා පිට සක්වළ ජීවී යානාවකට ඇදිලා යනවා... එහෙම දේවල් වෙන්න පුලුවන් කියලා ඇමරිකන් කාරයො දැනගෙන හිටියට අපේ බයියො ඒවා දන්නෙ නෑනේ... ඉත්තීන් අර අහිංසකයට හිටු කියලා දොස් කියනවා...
යකුනේ ඔය වෙන්න ගියේ මේකයි....දැන් මේ මහා ආසියාවේ අච්චාරුව... සමාවෙන්න... ආසියාවේ ආශ්චර්යය ගැන පිට මන්දාකිණි වලටත් දැනිලා, එහේ පිටසක්වළ ජීවීන් පවා විශ්මයට පත්වෙලා ඉන්නෙ... උන්ට ඕන දැන් කොහොම හරි මේ ආශ්චර්යයේ වාසය කරන එකෙක්ව අල්ලගෙන ඌව පරීක්ෂා කරලා බලන්න කොහොමද මේ තරම් ආශ්චර්යයක් උදා කරගත්තේ කියලා...දැන් මේ පහුගිය දවස් වල රටේ තැන, තැන පිටසක්වළ යානා පෙනුනෙත් එහෙම ආපු උන්...
රටේ ගමක්, ගමක් ගානෙම පියාඹන පීරිසි වල ගිහින් බැලුවට පරීක්ෂණයක් කරන්න තරම් මස් කළඳක් තියෙන, මූණේ ලේ පොදක් තියෙන එකෙක් උන්ට හම්බ උනේ නෑ... පස්සෙ මුන් හිතලා තියෙනවා ඇමති පුතෙක් අල්ල ගත්තොත් මේ පරීක්ෂණේ ලෙසටම කරන්න පුලුවන් කියලා... මොකද ඇමතිවරුනේ මේ අමා මහ ආශ්චර්යය උදා කරන්නෙ එකසිය ගාණට... ඉතින් අප්පගෙම ජාන පුතාටත් නැතෑ....
ඉතින් උන් මේ කොල්ලව තෝර ගත්තා... ඔය කොල්ලට පිට සක්වළ ජීවීන් කථා කරනවා... උන් කථා කරන්නෙ හැමෝටම ඇහෙන්න නෙමෙයි... මහ පොළවෙන් තෝර ගත්තු අදාළ කෙනාට විතරක් ඇහෙන්න... ඉතින් එදා ඌව අහසෙදි පැහැර ගන්න පිට සක්වළ යානාවක් ඇවිත් තියෙනවා ළඟටම.... මූව අහසේ පා කරලා ගන්න ආලෝක ධාරාව එවන්න කළින්, කොල්ලට කථා කරලා "දොර අරිනු..!" කියලා තියෙනවා... ඉතින් ඌ මෝහණයෙන් වගේ නැගිටලා ඇවිදගෙන ගිහින් දොර ඇරියාම පිට සක්වළ ජීවීන් ඌව උන්ගේ යානය තුළට අරගෙන තියෙනවා... ඊට පස්සෙ උන් මූව පරීක්ෂණ වලට භාජනය කරලා, ආපහු යානයට දාන්න කළින් මේ සිද්ද වෙච්ච දේවල් අමතක වෙලා ඌට වෙනත් මතකයක් ඇතුළු කරන්න, මෙහෙම කියලා මෝහනය කරලා තියෙනවා...

"නුඹට කිසිවක් මතක නැහැ... නුඹ සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තාත් සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තා ඉන්නා කැබිනට් මණ්ඩලයත්, ඒ මණ්ඩලය අයිති මුළු ආණ්ඩුවත් සිහිනෙන් ඇවිදිනවා... ඒ සියල්ලටම වඩා නුඹලාගේ ජනතාව සිහිනෙන් ඇවිදිනවා.. මේ මොහොතේ පටන් නුඹට ඒ හැර වෙන කිසිවක් මතක නැහැ... 


මීට, දමිත් කේතක

~ ~ ~

හත්වලාමයි, මයෙ අම්මා. මේක නම් දෙකොණම පත්තු වෙච්ච වැඩක්‌. හිතා බලපං කො. උඹ නින්දෙන් ඇවිදගෙන ඇවිදගෙන යනකොට කාගෙ හරි කරුමෙකට දොර ඇරුණ නම්..? එක්‌කෝ මී හරක්‌ ගොඩක්‌ මැදට වැටිලා දැවිලා යනවා... නැත්නම්... අර ඇඟිල්ලක්‌ උරමින් හිටපු කිරි සප්පයත් එක්‌ක තවත් 228 දෙනෙක්‌ චුත වෙලාම යනවා.

මට මතකයි උඹේ අප්පච්චි කරපු වැඩකුත් මයෙ අම්මා. දවසක්‌ උන්දැත් නින්දෙන් ඇවිදිනව වගේ අල්ලපු ගෙදරට රිංගන්න යනකොට පය ලිස්‌සලා තට්‌ටුව පල්ලෙ වැටිලා ඉස්‌පිරිතාලෙ ලැග්ග හැටි. උන්දැ එදා ඒ ගමන යන්ට පෙර මීහරක්‌ බාන නාවලා, රා කට්‌ටකුත් ගහල පිටත් වෙලා තමයි නාගෙන ඇවිත් තියෙන්නේ.

මේක මහ අපබ්බරංස කාලයක්‌ මයෙ අම්මා. ආණ්‌ඩුවෙ මහත්තුරුන්ව ගස්‌ බඳිනවා. ටීචර් ලා දණ ගස්‌සනවා. ලැයිට්‌ තියාගෙනත් කරුවලේ ඉන්නවා. බස්‌ එකේ යැමත් නවත්තන්ට වෙයි. මාලු කෑල්ලක්‌ කාපු කලයක්‌ මතක නැහැ. කෝච්චියට අහුවෙලා පෝලිමේ මැරෙනවා. පළාත් බබාලා යකා නටනවා... ඒක නිසා, මයෙ හිතේ උඹ කරපු දේ "ඕවා කොල්ලො කරන දඟ වැඩ. තරයේ අවවාද කර නිදහස්‌ කරනවා"යි නොකීවොත්, මයෙ අම්මා" මම උඹෙ අම්මා නොවෙයි ඕන්න·

පහුගිය දොහොක උඹේ කරැට්‌ටුව ගැන පත්තරේක තිබුණා කියා පත්තර කොල්ලා කීවා. සුද්දියක්‌ එක්‌ක හදියක්‌ තිබුණලු. සෑර් ගෙ අත කැඩුවාලු. ඕවා ඔක්‌කොම මෝඩ තරුණ කමේ නියත සුදුසුකම් ලු. රට රාඡ්ඡේ නියෝජනය කරන්න ලැබෙන සුදුසුකම් ලු, පත්තර කොල්ලා කීවා.

මේ පළාතෙ පොල් කඩන එකාගෙ ලොකු කොල්ලා මේව කරා නම් පුරස්‌නයකුත් නැහැ, මයෙ අම්මා. උඹලා එහෙම යෑ? කෑස්‌ බැස්‌ ගාගෙන, උඩ දාගෙන යනකොට රටේ එවුන් ඇඹරෙනවා නෙ... පිට්‌ටනිය පළාතෙ නම් යන්න එපා මයෙ අම්මා. නොසන්ඩාලයෝ උඹට අනං මනං කියයි.

අනෙක, මයෙ අම්මා, රට රාඡ්ඡේ ගිහිල්ලා උඹ මොනවද කළේ...? හතර සැරයක්‌ සෙල්ලම් කරලත් දිව්වේ 32 වතාවක්‌ ලු නේද...? පොලු 2 යි ලු නේද...? එහෙදි නින්දෙන් ඇවිදිනකොට අනිත් එවුන් මොනවද කළේ...? අප්පුඩි ගැහුවද මයෙ අම්මා...?

මට දුක උඹ ගැන නොවෙයි මයෙ අම්මා. උඹේ අප්පච්චි ගැන! ඒ මනුස්‌සය තට්‌ටු පල්ලෙ වැටිලා ඉස්‌පිරිතාලෙ ලැග්ග එක අමතක කරලා බණ කියන විටයි උඹ මේ අහස්‌ යන්තරේ ඇතුළේ යකා නැටුවෙ.

දැන් බලපං මයෙ අම්මා, උන්දැ කියන කරන වැඩ! ඒ සතුටට තමයි අපි උන්දැගෙ ලක්‍ෂ ගානක ලැයිට්‌ බිල ගෙව්වේ. රෑ එළිවෙනකං වැඩ නෙ, මයෙ අම්මා·

කාරි නැහැ මයෙ අම්මා. උඹ නිදි මරගාතෙ මීහරක්‌ වැඩක්‌ කළා කීවට, කවුද විශ්වාස කරන්නේ? ඕවා කට කතා. බොරු නම් බලපං කෝ...? ඒත්, මම හූනා කීවා වගේ කියන්නම්. උඹට කිසිම දොaසයක්‌ වෙන්නේ නැහැ, මයෙ අම්මා. උඹට තරයේ අවවාද කරයි. ආයෙත් රට රාඡ්ඡේ යන්නත් දෙයි. එතකොට රා බොන්න යන තැනකට සූට්‌ බූට්‌ අදින්න එපා. අමුඩයක්‌ ගහගෙන පළ යං.

ඇහේ කඳුලක්‌ එනවා, මයෙ අම්මා. අප්පච්චි මේ සැරේ රෙදි හෝදන කොට, කියාගන්න දෙයක්‌ නැතිවෙයි කියලා බය හිතෙනවා.

කමක්‌ නැහැ. ඔය කට කතා රටේ එවුන් විශ්වාසට ගත්තත් අමතක කරයි.

මම යනවා, මී හරක්‌ බඳින්නට!


මීට, අසෝක ගුණතිලක

සැයු: ඉහත ඡායාරූපයේ කරඬුව දරාගෙන යනු දැක්වෙන්නේ ඉතාම සංවර සිංහල බෞද්ධ උපාසක මහතකු වන අතර, ඔහු කිසිදිනෙක බීමතින් ගුවන් යානාවල දොරවල් අරින්නට යන තාලයේ කෙනෙකු නොවන බව කරුණාවෙන් සළකන්න. 

ඡායාරූපය ලබාදුන් ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබිඹු අඩවිය ලියන ඩෙස්මන්ඩ් මොරිස් සහෘදයා හට අපේ විශේෂ ස්තුතිය!

3 comments:

  1. අපොයි සුදු වැන් එයි

    ReplyDelete
  2. දේශප්‍රේමියෙක්July 5, 2013 at 6:46:00 PM GMT+5:30

    ඕක අනේ විනය ගැටළුවක් විතරයි. . ක්‍රිකට් පාලක මණ්ඩලේ තියෙන ගිවිසුමේ ඔය වගේ ගමන් වලදී මධ්‍යසාර පානය තහනම්ද නැද්ද කියන දේ විතරයි... ඒ ඇරෙන්න ඕකත් කේස් එකක්ද..? උඹලා අපි නොබිව්ව එවුන්ද බං..? බිව්වට පස්සේ අපි ඔයිට වඩා චාටර් වැඩ කරලා නැද්ද... කරුමෙට ඉතිං අපිට.. (අපිට කිව්වට මට ඈ) ඔහොම ප්ලේන් එහෙක බොන්න ලැබිලා නැහැ.. එහෙම නැත්තං ඉතිං ඔය ටිකම මාත් කරයිද කවුද දන්නේ...? වෙරි මරගාතේ බල්ලට මචං කියලා කරට අත දාං නිදාගන්න උන් ඉන්න රටේ දොරක් මාරු වීමත් සීන් එක්කයෑ..? කරුමේ උනේ ඌ කෙහෙළිය කාරයගේ පුතා වීම තමා... :ඪ්

    ක්‍රිකට් පාලක මණ්ඩලේට අනුව බීම වරදක්නං ඒක වසර කිහිපයකට හරි තරඟ තහනමක් වැනි දැඩි දඩුවමකට යටත් වීමනං වෙන්න ඒන දෙයක්.. නැත්තං ඉතිං දණ ගස්සලා තියන්නත් ඇහැකි.. :ඪ්

    ReplyDelete
  3. පව් බං ආයේ ජීවීතේට බොන එකක් නෑ...

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.