logo banner

Wednesday, July 10, 2013

එඩ්වඩ් ස්නෝඩන්ට කසාදයක් | Edward Snowden's Marriage

මේ දිනවල බුකියේ සරන, අපේ රටේ ෆිනට ෆහල වූ වීර ෆුතාලා හට අලුතින්ම ලොකුවයින් රාජකාරියක් තිබේ. එනම් එඩ්වඩ් ස්නොඩන් හට කසාදයක් කරදීමයි. එඩ්වඩ් ස්නොඩන් යනු මේ දිනවල වැඩියෙන්ම සයිබරය තුළ කතා කෙරෙන මිනිසා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ NSA හි විශ්ලේෂකයකු සේ අන්තිම ඉහළ සුඛොපභෝගී ජීවිතයක් ගතකළ ඔහු, මේ මෑතකදී ඇමරිකානු ආණ්ඩුවේ අනුදැනුම යටතේ කෙරෙන අනවසර ඔත්තු බැලීම් ගැන ලොවටම හෙළිදරව් කෙළේය. ඒ යටතේ ලොව ඕනෑම තැනක, ඕනෑම දුර ඇමතුමක්, විද්‍යුත් පණිවුඩයක්, වෙබ් අඩවියක් කියවීමට, ක්ෂණිකව පරිවර්තනය කිරීමට මෙන්ම සොයා බැලීමට ද ඔවුන්ට සම්පූර්ණ හැකියාව ඇති බව දැන් අනාවරණය වී පවතී. 

එඩ්වඩ් ස්නොඩන් යනු වීරයෙකි. ඊට සැකයක් නැත. ඔහු පිළිබඳව අපේ අරුණි අක්කණ්ඩි ලස්සන ලිපියක් ලියා තිබිණි. විසිල් ගැසීම යන්නෙහි දේශපාලනික අර්ථය නොදන්නා අයෙක් වේ නම් ඒ ලිපිය මෙතනින් කියවිය හැකිය

එහෙත් අපේ වීර ෆුතාලා හට ඌ වීරයෙක් වුණේ ඔය අහවල් හුචක්කුවක් නිසා නොවේ. NSA යනු කුමක්දැයි මුන් අහලාවත් නැත. ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකකට අධික මාසික වැටුපක්, රූප සුන්දරියක් වැනි කෙල්ලක් සහ ලෝකයේ ඕනෑම රට ඕනෑම තැනකට ටන්නට පූර්ණ වරමක් සහිත තනතුරක් අතහැර දමා ඒ කොල්ලා ආවේ ඇයිදැයි මුන්ට වැදගත් නැත. මුන්ට වැදගත් එකම දේ ජීවිතයේ එකම ඒක වරක් ස්නොඩන් බුදු බණක් අසා ඇති බව සහ ඔහු ඊට කැමති බවට කළ ප්‍රකාශයයි. ඒ ටිකට අපේ එව්වෝ ඌට සිංහල කෙල්ලක් බන්දා දීමට ද සූදානම් ය. බොරුනම් බලන්න. 


උපුටාගැනීම සිහ සැරිය නම් (ජාතියට ආතල් සපයන) පිටුවෙනි

මේ ගැන අපේ බ්ලොග් අවකාශයේ කෙල්ලන් සහ කොල්ලන් (ඇන්ටිලා සහ අන්කල්ලා) කීප දෙනෙක් අතර මෙන්න මෙවැනි සංවාදයක් ඇතිවිය. 

~~~~~~~~~~~~~~~~
නලිනි චන්දිමා අක්කා වෙත ලියමි.

අක්කි, මම මේ ගත්තෙ ගෑනු ළමේක්ට ලේසියෙන් ගන්ට පුළුවන් තීරණයක් නෙමී.මේක අක්කි සහෝදරත්වය වෙනුවෙන් කොරන සිරා පරිත්‍යාගයක්. ඉස්නෝඩන් අයියාව ඔයාට දෙන්න මම හිත හදාගෙන ඉවරායි.මම එහෙම කළේ අක්කි, මගේ අයි ඊ එල් ටී එස් ළකුණු මදි නිසයි. සුජීව කොකාවල කිව්වා ඇකඩමික් මොඩියුල් එකේ 7 ක් ස්කෝර් කළේ නැත්නම්; මේ මඟුල කෙරෙන්නෑ කියලා.

මට තියෙන්නේ 6.5 අක්කි. මට එයාව ආදරෙන් හැන්ඩ්ල් කොරන්න කොහොමටවත් බැහැ. බිලීව් මී ප්ලීස්.
යූ ටේක් හිම් අක්කි. හැව් අ ගුඩ් ටයිම්. යූ කැන් ස්කෝර් අ ඩීසන්ට් අයි ඊ එල් ටී එස් බෑන්ඩ්.එයාව මැරි කරලා හන්තානෙ පුංචි ගෙයක් හදන් ජීවත් වෙන්න අක්කි. හැබැයි, ජීවිතේ කිසිම "රහසක්" ඕකාට කියන්න එපා.ඌ රහස් රකින්න පුළුවන් එකෙක් නෙමී. 

මීට, 
නදීෂා චන්ද්‍රසේන
~~~~~~~~~~~~~~~~

එඩ්වඩ් ස්නෝඩන් මල්ලියේ....

මල්ලි උඹ නම් මතු බුදු වෙන්ඩ ඕනෑය...!...රුපියල් විසි තිස් දාහක සොච්චම් පඩියකටත් හෘද සාක්සිය පාවා දෙන පරඬැල් ආත්ම පාරෙ ඇවිදින යුගයක, ඩොලර් ලක්ෂ ගාණක පඩියක් එක්ක ජොබ් එකක්, ලෝකයේ ඕනම රටකට ඕනමව වෙලාවක යන්න එන්.එස්.ඒ ක්ලියරන්ස්, පට්ටම සෙක්සි කෑල්ලකුත් වොෂිංටන් වල ගෙයක් සහ කොළරාඩෝ වල කඳුකර නිවාඩු නිවාසයක් යන සියල්ලට පයින් ගසා මහ ජනතාව වෙනුවෙන් හෘද සාක්ෂියට සවන් දුන් උඹට මතු බුදු වෙන්න ඒ පිනම ඇතිය...!...

මල්ලියේ, උඹට දැන් වෙච්ච හරිය හොඳටම ඇතිය...!...මේ තරම් සැප සම්පත් තිබුණු උඹ අද එයාපෝට් එකක දේශපාලන අනාථයෙක් ලෙස වේටිං ඒරියා එකේ බංකු උඩ නිදියන එක විෂ්ණු බටකොළ කෑවාට වඩා කිරිමෙල් කේස් එකකි...එහෙම එකේ උඹට තව කරදර වෙනවාට අපි කැමති නැත....මල්ලියේ උඹ ඔය ඉන්නේ ලෝකයේ ලස්සනම කෙල්ලන් ඉන්නා රටේ එයාපෝට් එකේය....මොන ජිල්මාට් එකක් හරි දමා ඔතනින් එළියට බැස්සොත් උඹේ පබ්ලිසිටි එකේ හැටියට සහ ලුක් එකේ හැටියට උඹට හිමේ පිපුණු රෝස මලක් වගේ ලස්සනම ලස්සන කෙල්ලෙක් පට්ට ෂුවර්ය....අඩුගාණේ එහෙම බැරි නම් වෙනිසියුලාව උඹට ඔෆර් කරන එසයිලම් එක අරගෙන එහෙටවත් පැනපියය....ලතින් ඇමරිකන් කෙල්ලෝ කොච්චර ලස්සනදැයි උඹ වගේ ලෝකය කා වතුර බිව් ඔස්තාර් කෙනෙක්ට අපි කියා දෙන්නට ඕනෑ නැතිය...ඔය රටවල් වලදි උඹට එක කෙල්ලෙක් නොව සවුදියේ ෆහාඩ් රජු සේ කෙල්ලෝ මාලාවක් කරේ දාගෙන ඉන්න පුලුවන් ඩයල් එකක්ය....

උඹට එහෙම පොටවල් දෙකක් පෑදී තියෙද්දී මේ හැප්පිච්ච බස් වලට සහ කඩන් වැටුණු ඇන්ටනෝව් වලට කර ගහන්නට තරම් උඹ පෙර කරුමයක් කරලා ඇතැයි අපි හිතන්නේ නැත...!

මේ වගට,
දමිත් කේතක

~~~~~~~~~~~~~~~~

නලිනි අක්කි, 

පිරිමි හෙනම කුහකය. අපි "අපේය" කියා ආශ්‍රය කර තිබෙන්නේ කුහක පණුවන්ය. අනගාරික ධර්මපාල තුමන්ලා රට හැර ගියේ මුන් නිසාය.

අපිට වදින්නට තිබ්බ රොම්බ චෑන්ස් එකක් මූ ගේ ඉරිසියාවන්ත කම නිසා දැන් ගිලිහෙන්නේය.
සුනිලා අබේසෙකර හා ශාන්තිනී කෝන්ගහගේ ගේ මොබයිල් නම්බර්ස් මට හනික් ටෙක්ස්ට් කරන්න.

මීට නදියා.

~~~~~~~~~~~~~~~~

නදී නංගි,

මං ඉපදුණුදා ඉඳන් කියෙව්වෙ බෞද්ධ පොත් නෙවේ, රුසියන් පොත්. එහෙව් එකේ බෞද්ධ කැරලි තියා මොනවා කළත් අමෙරිකන්කාරයෙක්ටනං මයෙ හිත නැමෙන්නෙ නැත. ඊට වඩා මං රුසියන් උගුල්වලට කැමතියි. නංගි දකුණෙ කෙල්ලෙක්, සිංහල බෞද්ධ වීරවරියක් කියල හිතලයි නංගිට යෝජනාව කරේ. නංගි ඔය කොකාගෙ බොරුවලට අහු නොවී, ඒ මල්ලිට සිංහල උගන්නලා, සන්තෝසෙන් ඉන්ඩ.

මීට නලිනි.
~~~~~~~~~~~~~~~~

අක්කි,

මං පුංචි කාලෙ ඉඳලා සුද්දොන්ට අකමැතියි.මූලිකම දේ උන් කියන එව්වා ඉස්සර ඉඳන් මට තේරෙන් නෑ.අනික උන්ට කිසි දෙයක් හිතේ තියන් ඉන්න බෑ. වටේටම කියවනවා. මේ ශුද්දාත් එහෙම තමයි. මූව බැන්දොත් මූ අපේ පවුලෙ උන්ගෙ හම අරිනවා අවුරුද්දක් ඇතුළත.අනේ මට නන් එපා සුද්දො.

මීට නදියා.

~~~~~~~~~~~~~~~~

ස්නෝඩන් ආපසු ඇමරිකාවට [දිවයින]

ඇමරිකාවේ "නලා පිඹීන්නා" (Whistle blower) ලෙස විරුදාවලිය ලත් එඩ්වඩ් ස්නෝඩන් රුසියානු ගුවන් තොටුපලක තාවකාලික නවාතැන හැර දමා අද දින සිය මවුරට බලා පිටත් විය. ඇමරිකාවේ ආරක්ෂක රහස් හෙළිදරව් කිරීම නිසා ආරක්ෂක මුරකාවලින් මිදී පලා ගිය ඔහුට එරෙහිව ඇමරිකාව වරෙන්තු නිකුත් කර තිබුණි.

හදිසියේම තම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගුවන් යානයට නැගීමට පෙර රුසියානු පුවත්පතක් සමග අදහස් පල කල ඔහු පවසා සිටියේ තමන්ට සමාව නොලැබෙන බව හොඳාකාරවම දන්නා බවයි. එහෙත් තමන් බෞද්ධයෙකු ලෙස ප්‍රසිද්ධ කර කිසිවෙකු මුහුණු පොතෙහි දමා තිබු මංගල යෝජනාවකට ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ ප්‍රතිචාර ලැබුණු බවත් වහා ඇමරිකාවට පලා යාමේ තීරණයට හේතුව එය බවත් ඔහු පැවසීය. මේ දෙදෙනා හෝ කෙනෙකු හෝ සමග ජීවත් වීමට වඩා ඇමරිකානු සිර මැදිරියක ගෙවන ජීවිතය තමන් මහත් සේ අගයන බව ද ඔහු පවසා සිටියේය.

ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ වාර්තාකරු,
සුජීව කොකාවල

හිනා වෙනු පිණිස ලීමි. දැන් නිදා ගන්නට යමි.

24 comments:

  1. ආතල් එක නම් නියමෙටම තියෙනවා .. ඒත් ඇයි අර නලිනිව මේකට පැටලිලා තියෙන්නේ ..?

    ReplyDelete
  2. ඒ මේ ෆොටෝ එක දැකලා හිනාගිය තරම.... හි හි... මට නං හිතෙන්‌ෙන් ඔය පේජ් එකත් හම්බ උගුලක්... නෑ මේ මං කිව්වේ අපේ අයියලා කියයිද ලංකාවෙ කෙල්ලෙක්ට සුද්දෙක් බැඳපල්ලා කියලා... ඒක නං කොහොමවත් වෙන්න බෑ... හි හි....

    ReplyDelete
    Replies
    1. සත්තයි මේක දාල තියෙන පේජ් ඒකට ගිහිං බලන්ට අක්කණ්ඩි... මේ දිනවල අපේ අයියලා හෝ ගාල ෂෙයාර් කරනවා දෙයියනේ මේ පොටෝ කෑල්ල..

      Delete
  3. අර අන්තිම කොමෙන්ට් එක නම් පට්ට පට පට....

    ඊටත් වඩා හිනා ගියේ ළිපියේ මුල් ටිකට. සමහර උන් හිතාගෙන ඉන්නේ මේ විකි ලීක්ස් කාරයා කියලා.... එකෙක් මාත් එක්ක මරාගන්න ආවා.. පොඩි එකෙක් නෙමෙයි.. මාර උගතෙක්.. අන්තීමෙදි,, අන්තර්ජාලේ පෙන්නලා තමයි.. තර්කය දිණුවේ..

    ReplyDelete
    Replies
    1. සිරාවට අර ඕනයා පල්ලහින් කියල තියෙනවා වගේ මුන් එක්ක එකම රටේ ඉපදීම ම මහ ලොමු දැහැගැන්වෙන ත්‍රාසජනක කතාවක් දෙයියනේ..

      Delete
  4. මාත් ඔන්න හිනාවුනා......

    ReplyDelete
  5. මැද්දෙන් දාල තියෙන මංගල යෝජනාව තමයි බොල හොඳ ම කොටස!

    ReplyDelete
    Replies
    1. කිව්වට විස්වාසෙට ගන්ට දෙයියනේ ඕක තමා මේ දවස්වල බුකියේ ජනප්‍රියම ජාත්‍යාල පෝස්ටරේ..

      Delete
  6. හිනා කාලා මැරෙනවා නොවැ මේවා දැක්කම....

    හෙට අනිද්දා අර බලය, මේ බලය කස්ටිය පෙලපාලිත් යයිද දන්නේ නෑ ස්නොව්දෙන් බේරන්න කියලා...

    අයියෝ මේ වගේ උන් ටිකක්....

    ReplyDelete
    Replies
    1. අන්න ගියා පෙළපාළියක්.. රාවණාගේ මෙවුවා එකේ බලයයි, බොදු බල මොකද්ද ඒකයි දෙකම එක්කාසු වෙලා..

      Delete
  7. අර නෝනෙව මොනවට අල්ලගත්තැයි මෙතැන්ට.

    ReplyDelete
  8. //මුන්ට වැදගත් එකම දේ ජීවිතයේ එකම ඒක වරක් ස්නොඩන් බුදු බණක් අසා ඇති බව සහ ඔහු ඊට කැමති බවට කළ ප්‍රකාශයයි. ඒ ටිකට අපේ එව්වෝ ඌට සිංහල කෙල්ලක් බන්දා දීමට ද සූදානම් ය. //
    මෙහෙවු අයියලා එක්ක එකම රටක ඉපදුනා කියල හිතෙද්දිත් මයිල් කෙලිං වෙනව බං ජාත්‍යාලෙන් . . .

    ප.ලි.
    අර කොහෙකවත් නැති දොස්තර නෝනෙව මේකට පටලවාගත්තෙ ඇයි බං ?

    ReplyDelete
  9. ඔබේ හැකියාවට මම බොහෝම කැමතියි. නියම ලිපිය හැබැයි අර නලිනිව අල්ලා ගත්ත එකට නම් මනාපයක් නැහැ. කොහොම වුනත් ඉතාම කාලෝචිතයි. මටත් සැකයි ස්නෝඩන් රැක ගනිව්~ බොදු බලය රැක ගනිව් වගේ ඒවත් ඉදිරියේදී ඇහෙන්න ඉඩ තිබෙනවා තමයි. හෙක්... හෙක්...

    ReplyDelete
    Replies
    1. දැනටම එහෙම මංගල යෝජනා ව්‍යාපාරයක් යනවා දෙයියනේ.. සත්තයි..

      Delete
  10. අඩෝ කොක්කක් අදින්නම වෙනවා.

    [[ඇමරිකාවේ "නලා පිඹීන්නා" (Whistle blower) ලෙස විරුදාවලිය ලත් එඩ්වඩ් ස්නෝඩන් රුසියානු ගුවන් තොටුපලක තාවකාලික නවාතැන හැර දමා අද දින සිය මවුරට බලා පිටත් විය. ඇමරිකාවේ ආරක්ෂක රහස් හෙළිදරව් කිරීම නිසා ආරක්ෂක මුරකාවලින් මිදී පලා ගිය ඔහුට එරෙහිව ඇමරිකාව වරෙන්තු නිකුත් කර තිබුණි.]]

    මේක මම ලිව්වේ ඔහොම නොවේ. මෙන්න මෙහෙමයි.

    "ඇමරිකාවේ "නලා පිඹීන්නා" (ඥකගඝම භාභාඥ) ලෙස විරුදාවලිය ලත් එඩ්වඩ් ස්නෝඩන් රුසියානු ගුවන් තොටුපලක තාවකාලික නවාතැන හැර දමා අද දින සිය මවුරට බලා පිටත් විය. ඇමරිකාවේ ආරක්ෂක රහස් (ශ්‍රශෂ ධ්ඥ) හෙළිදරව් කිරීම නිසා ආරක්ෂක මුරකාවලින් මිදී පලා ගිය ඔහුට එරෙහිව ඇමරිකාව වරෙන්තු නිකුත් කර තිබුණි."

    වරහන් ඇතුලේ කොටස් චමීර විසින් විකෘති කර තිබේ. මේ දිවයින ආටිකල් එකකි. ලේඛකයින් ඉංගිරිසියෙන් ලියන්න ඕනේ ඒවා අකුරු සකසන්නන් අතින් ගැලපෙන්නේ ඔයාකාරයෙනි. සත්‍ය පුවත් මිකෘති කිරීම අම්බාන වරදකි.

    මීට කලින් දිවයින යුනිකෝඩ් කියවලා නැද්ද හැබෑටම?

    ReplyDelete
    Replies
    1. කොකා නොදන්නවාට අපිත් යුනිකෝඩ් ඩයල් යැ. අර මහාචාරිය තුමා (ඔව් ඔව් නාථ දෙයියනේ එයා තමා) කියනනැහැ අපි බටහිර ග්‍රීක යුදෙව් කිස්තියානි සඟිස්කුරුතියේ අංකුරියෝ ය. ඒ නිසා කොකා "ඥකගඝම භාභාඥ" කිව්වාම අපේ ඔළු ඇතුළේ දී එව්වා නිකම්ම ට්‍රාන්ස්ලේට් වී අදාළ යුනිකෝඩ් එක වදිනවා යැ.

      ප.ලි. අර නදියාට යසට සෙට් වෙන්නට තිබු කසාදය, කොහෙවත් යන අයිලට්ස් ස්කෝර් එකක් ගැන කියා ඒකිගෙ හිත කැඩූ කොකා, මේකට කොක්ක ඇද්දාට ලොවෙත් පුදුමයක් නැත.

      ප.ප.ලි: බොක්කෙන්ම ඕකේ යුනිකෝඩ් හින්ට් එක මට කලින් කියෙව්වම තේරුණේ නැත. දැන් තේරෙන්නේ ය. ඒ පිළිබඳව කොකා මහතාට මගේ බලවත් මෙවුවා එක ප්‍රකාශ කරමි.

      Delete
    2. (ඥකගඝම භාභාඥ)ව මම හොඳට දන්නවා උගේ මල්ලි නේද (ශ්‍රශෂ ධ්ඥ) කියන්නේ. තමුසේ උන්ගේ තාත්ත නේද? මුන්ගේ අම්මට .............

      Delete
    3. උන්ගේ තාත්ත (ඥාභනඣසාඳර). ඌ තමයි උන්ගේ අම්මට (බඝඩ) කළේ.

      වරහන් ඇතුලේ යුනිකෝඩ් එක හරියට කියවන්න නම් ඔත්තේ අකුරු විතරක් අරගෙන කියෝපිය.

      Delete
  11. සභාවෙන් අවසරයි,

    දොස්තර නෝනේ, නදියා, දමියා, රිට්ටා හෙවත් ජයසේනයා සහ මාරයා යන සෙට් එකම එක වල්ලේ පොල් යැ. මවිසින් කරන ලද්දේ උන් උන්ගේ මගුල් පලහිලව්වක් හොරෙන් අහං ඉඳන් ඊට පසුව ඉතාම පක්ෂපාතීව වාර්තාකරණය කිරීම පමණක් යැ. නදියට ඔය මගුල සෙට් කොළේ නලිනි නෝනා ම යැ. එනිසා නලිනි නෝනා මෙව්වාට අහිතක් ගන්නේ නැති බව මට ෂුවර් යැ. කොකා ඊරිසියාවට අයිලට්ස් ඉස්කෝර් එකක් ගැන කිව්වාම නදියාගේ හදුන්පොත කී ගා කැඩී ගියේ යැ. නදියා ඔය ටික බුකියේ බෝම දුකෙන් කොටා ඇත්තේ ඒ නිසා යැ. එක එකාගෙ නමින් ඇති අදහස් දැක්වීම් හුදෙක්ම උන්දෙලාගේම එව්වා යැ; මගේ නොවේ යැ.

    මා මෙතනට පැමිණියේ ඔය ටික කීමටයි; අසා සිටි ඔබ සැමට ඉත්තුතියි!

    ReplyDelete
  12. මම හිතන්නේ මේ සිහසරිය කියන්නේ පට්ට පැරඩි පේජ් එකක් වගේ . කාලෙකට කලින් තිබ්බ ජාතික චින්තන ප්‍රවාහය කියල නලිනිස්ටා වරුන්ව අන්දන්න හදපු පේජ් එකක් . මේකත් ඒ වගේ . අපේ රංග ජේ ගොය්ය මේක ෆුල් සීරියස් අරන් වගේ මම දැක්කා . ( හැබැයි මට වෙලාවකට හිතෙනවා කරන ගොන් වැඩ වල හැටියට රංග ජේ කියන්නෙත් parody එකක් කියල )

    ReplyDelete
  13. [[හැබැයි මට වෙලාවකට හිතෙනවා කරන ගොන් වැඩ වල හැටියට රංග ජේ කියන්නෙත් parody එකක් කියල]]

    මෙතන තියෙන සිරාම කතාව මේකයි.

    ReplyDelete
  14. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.