logo banner

Monday, July 29, 2013

නලියානං වන්දාමි | Hail O Lord Nalin!


බටහිර විද්‍යාව ඉගෙනගන්නට ගොස් අනාගත් උදවියගේ සුපුරුදු අඬවැඩියාවත්, මිදිවල්ල කඩාගත නොහැකිව ඊට දෝෂාරෝපණය කරන නරියාගේ විලාපයත් අතර පැහැදිලි වෙනසක් සොයා දෙන්නෙකු හට තෑග්ගක් දිය යුතුයැයි මට සිතී තිබේ.!!! 

මේ අසාම්ප්‍රදායික ආරම්භය ගන්නට සිදුවුණේ එක්තරා සයිබර් සාකච්ඡා මණ්ඩපයක සිදු කරන්නට යෙදුණු සංවාදයක් අතරතුර, බටහිර විද්‍යාවට ගරහන, මහාචාර්ය නලින් ඩි සිල්වා අනුගාමිකයකු විසින් දෙසාබාන්නට යෙදුණු පච වට්ටෝරුවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ය. 

මහාචාර්ය නලින් යනු මේ දේශය සතු සම්පතක් බව සත්‍යයකි. අද බොහෝ දෙනා කරේ එල්ලගෙන කන "ජාතිකවාදය"ට ආරම්භක මූල බීජ සැපයු කීප දෙනා අතර එතුමෝ ද වෙති. ජාතිකත්ව මතවාදයට තමන්ටම කියා පැරඩයිම් එකක් නොතිබූ යුගයක, ඊට අනන්‍ය න්‍යායක් සපයන්නට වෙහෙසුණු චරිත කීපයක් වෙයි. ගුණදාස අමරසේකරයන්, නලින් ඩි සිල්වාණන් ඇතුළු කීප දෙනෙක් එහිදී මතකයට නැගේ. මෙහිලා න්‍යායාචාර්ය කාර්යය ඉහළින්ම ඉටු කලේ සහ ජාතිකවාදය දේශපාලනිකව සජීව්‍ය ස්ථරයට ඔසොවා තබනු ලැබුවේ නලින් තුමාණෝ බවට සැකයක් නැත. එහෙත් ඒ වූ පලියට බටහිර විද්‍යාව පිලිබඳ ඔහුගේ න්‍යාය සත්‍ය සහ සර්වතෝභද්‍ර වන්නේ නොවේ. ආසනික් ගැන කියන්නට ගොස් අනාගත් අනාගැනිල්ල අපේ පාඨකයන් හට අමතක වන්නට බැරි ය. ජාතික මතය සම්බන්ධයෙන් එතුමා කවර මට්ටමේ ප්‍රාමාණිකත්වයක් දැරුවද, බටහිර විද්‍යාවේ වලංගුභාවය ගැන කියන තැනදී හෙතෙම ඉතාම ළද බොළඳ ටෙලිවිෂන් පඬියකු බවට පත්වීම නොවැලැක්විය හැකිය. 

(සටහන: මෙකී තත්ත්වයට වගකිව යුත්තේ මෙරට නුහුගත ජනයා සහ උන්ටම හරියන ගොබ්බ මාධ්‍යකරණය බවට ද සැකයක් නැත. පියාඹන මාළු ජරා වෙද්දී සිද්ධාර්ථ චෝයි වෙන සමාජයකට, ඊට වඩා දෙයක් ඉල්ලීමට අයිතියක් ද නැත.)

මෙතැන් සිට ඉදිරියට ඉදිරිපත් වන්නේ එකී සංවාදය තුළ මතුකරන්නට යෙදුණු යම් යම් කාරනා කීපයකි. අප ඒවා Q & A ආකෘතියට (එනම් මේ ඊනියා පෙරදිග්ගුන්ට අනුව, "පටිපුච්ඡා ව්‍යාකරණීයව") දක්වා ඇත.


*** 

Q: බටහිර විද්‍යාව ඇතැම්මු විශ්වාස කරති. ඒ විශ්වාස කරන්නේ කුඩා කළ සිටම පාසලේ උගන්වන නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවේ. පාසලේ බටහිර විද්‍යාව උගන්වන්නේ මෙය සත්‍යය ලෙස කියා මිස මෙය වෙනස්වන දෙයක් කියා නොවේ. ඒවා සිසුහු කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කරති.

A: බටහිර විද්‍යාවේ "විශ්වාස" කිරීමක් නැත. මෙය යළි යළිත් කීමට සිදුවන්නේ බටහිර විද්‍යාව යනු කුමක් අරබයා, කුමක් සඳහා, කවර පදනමකින් පවතින්නේද යන්න නොදැන, යම් යම් ටෙලිවිෂන් පඬියන් ගේ දේශනවලින් පමණක් එගැන අසා ඇති අඳබාලයන් හට ය.


Q: නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය හෝ අයින්ස්ටයින්ගේ අවකාශ-කාලය පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේ නොවේ. ඔවුන් ඉන්ද්‍රියානුභූතවාදීන් නොව යථාර්තවාදී භෞතිකවාදීන්ය.

A: බටහිර විද්‍යාව පමණක් නොව ලෝකේ ඕනෑම කෙහෙල්මල් විද්‍යාවක්, ඉන්ද්‍රීයානුභූතික ඥානය මත යැපේ. ඊනියා "පෙරදිග" විද්‍යාව හෙවත් දෙයියන්ට මල්පහන් තබා සාත්තර අසා දැනුම ලබාගැනීම වුව, එය හුදෙක් ඉන්ද්‍රීයානුභූතික ම වේ. 


උදාහරණයක් ලෙස මෑත කාලයේ ජනප්‍රියම විද්‍යාත්මක ක්‍රමවේදය වන "දෙයියන්ගෙන් සාත්තර ඇසීම" ගනිමු: සාත්තරය කියන්නේ A නම් දෙයියා යයි B නම් කෙනෙක් අපට කියා තිබේ; මේ A නම් දෙයියා ඇහැට දැකපු එකෙක් නැත. එසේ A නම් දෙයියෙක් වන්නේ ය, ඔහු තමා සමග සංනිවේදනය කරන්නේ ය යන්න හුදු කතාවකි. මෙය B ගේ අවංකත්වය මතම රඳා පවතී. එහෙත් A නම් දෙයියා, B නම් වූ යම් අතරමැදියකු හරහා යම් දැනුමක් ප්‍රදානය කරන්නේ යයි අපට කියා තිබේ. C නම් මිනිහා ඒ සාත්තරය අසා සිට, ඒ අනුව යම් ක්‍රියාමාර්ග ගනියි. දැන් මේ ක්‍රියාමාර්ග අනුව C නම් මිනිහාට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ ම යැයි සිතන්න: එහෙත් ඉන් A නම් දෙයියාගේ පැවැත්ම වත්, A නම් එකාගේ (එහෙම එකෙක් සිටී නම්) උගේ දේවත්වය වත්, B ගේ අවංකත්වයවත් සනාථ නොවේ. 

දැන් මේ "ජරා, කසිකබල්, පට්ටපල් බොරු" බටහිර විද්‍යාවට විකල්පයක් සේ ගෙන එනු ලබන "චෝයි" පෙරදිග විද්‍යාවේ, අර කී ඉන්ද්‍රීයබද්ධතාව නැද්ද? පෙරදිග විද්‍යාවේ ඔය කියන සාත්තර ක්‍රමවේදය, "ජරා" බටහිර විද්‍යාවටත් වඩා අවිශ්වසනීය බව කියන්නත් දෙයක් ද? අඩුම ගානෙ බටහිර විද්‍යාවේ තීරණ ගන්නා ක්‍රමය ඇහැට පෙනෙන්නට තිබේ. ඉලෙක්ට්‍රොන ඇහැට පෙනෙන්නේ නැති වුණාට ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා ඇතිවන විද්‍යුතය සහ එමගින් ඇතිවන ආලෝකය ඇහැට පෙන්විය හැකිය. එහෙත් දෙයියෙක් හෝ උගේ විමානය මොනම ජගතෙක් ආවත් ඇහැට පෙන්විය නොහැකිය. ඒ අනුව ගත්තොත් ඊනියා පෙරදිග විද්‍යාව, බටහිර විද්‍යාවටද වඩා "black box" එකකි. 


Q: බටහිර විද්‍යාවේ (මෙතන පාරම්බාල තියෙන) වෙනස් වන ප්‍රවාද කතාව කාල් පොපර් වැනි පස්සෙ කාලෙක ආපු බටහිර විද්‍යාවේ දාර්ශනිකයන්ගෙ කතාවක් මිස විද්‍යාඥයන් හැමෝගෙම කතාවක් නොවේය. වැඩි විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරන්නේ තමන් "සොයා ගත්" දේ පරම සත්‍යය කියා මිස පසුව අසත්‍යකරණය කළ හැකි දෙයක් කියා නොවේය.

A: බටහිර විද්‍යාව එක් එක් පුද්ගලයා අධ්‍යයනය කරන ආකාරය අපට අදාළ නැත. ඉතාම දැඩි දේවභක්තිකයෝ ද, නිරාගමිකයෝ ද එකසේ බටහිර විද්‍යාව කෙරෙහි දායක වෙති. පෙරකී අයට එය දෙවියන් සොයා යාමක් වන අතර, දෙවනුව කී අයට එය යතාර්ථය සොයා යාමකි. (සමහරුන්ට අනුව යතාර්ථයක් නැතිබවට සාක්ෂි සොයා යාමකි.) එකී සොයා යන මොකක් හෝ දෙය, ඔවුන්ට අනුව නිරපේක්ෂ සත්‍යය ලෙස ඔවුහු සිතති. නිරපේක්ෂ සත්‍යය කියා දෙයක් ඇත්තටම ඇද්ද, නැද්ද යන්න, මෙහිදී වැදගත් වන්නේ නැත. 

Q: දෙවියන් ලෝකය නිර්මාණය කර ඇත්තේ එකම නොවෙනස්, සරල, ආකාරයකින් බවත් ඒවා සොයා ගැනීම තමන් කළ දේ බව නිව්ටන් සහ අයින්ස්ටයින් දෙදෙනාගේම විශ්වාසය විය. අනෙක් විද්‍යාඥයන් ගැන කවර කතාද?

A: බටහිර විද්‍යාව යනු නිව්ටන්, අයින්ස්ටයින් හෝ පොපර් ගේ පරවේණි බූදලයක් නොවේ. නිව්ටන්, අයින්ස්ටයින් දෙදෙනා එතෙක් මෙතෙක් බිහිවූ විද්‍යාඥයන් අතර විශිෂ්ටතමයන් දෙදෙනා වන බවට ද සැකයක් නැත. එහෙත් සචින් තෙන්ඩුල්කාර් හොඳ පිතිකරුවකු වූ පළියට, ඔහු වැසිකිළියේ මුත්‍රා කරන්නේ හිටගෙනද ඉඳගෙනද යන්න අපට වැදගත් නොවේ. අපට වැදගත් වන්නේ ඔය කියන විද්‍යාඥයින් ඉතා භක්තිමත් දේවවාදීන් ය යන්න නොව, ඔවුන්ගේ විද්‍යාත්මක චින්තනය පමණි. බටහිර විද්‍යාව යනු ඔවුන්ගේ සොයාගැනීම් සහ ඉදිරිපත් කළ ප්‍රවාද මිස, එතැනින් එහාට ඔවුන් කනබොන නිදියන යාඥා කරන ප්‍රජනනය කරන මළපහ කරන ආකාරය නොවේ.


***

ඊනියා "පෙරදිග විද්‍යාව" හෙවත් සත්‍ය වශයෙන්ම "anti-බටහිර විද්‍යාව" වෙනුවෙන් පෙනී සිටින බොහෝ පුස්පඬියන් හට පොදු බරපතළ වරදක් තිබේ: එනම් මාතෘකාවකට අනුව කරුණු පෙළගස්වා ගන්නට බැරි කම සහ කියන දේ තේරුම් ගන්නට බැරි වීමයි. 

බුදුන් වහන්සේ කෙරෙහි "ඇදහීමක්" බෞද්ධයින්ගේ තිබිය නොහැක. බෞද්ධයින් හට ඇත්තේ සකාරණ විශ්වාසයකි. හෙවත් ශ්‍රද්ධාවකි. ඒ ශ්‍රද්ධාව අන් කිසිවකට වඩා ඉහළින් පවතී. බටහිර යැයි කියන විද්‍යාව කොතෙක් පරිහරණය කළත් ඒ කෙරෙහි ඇති ලැදිකම තිබිය හැක්කේ  අරිට පහළිනි. බොහෝ "පෙරදිගාගමිකයන්" සිතා සිටින පරිදි අයින්ස්ටයින් වන්දනාවක් හෝ නිව්ටන් වන්දනාවක් හෝ එහි නැත. එහෙත් මේ කෑගහන බකයන් හට නම් හොඳ කළ නොහැකි නලිනාභිවන්දනයක් වැළදී තිබේ.


මෙකී නලිනාගමිකයන් නිතර පම්පෝරි ගහන කාරණාවක් නම්, බටහිරාගමේ (ඔවුන්ගේ වචනයකි) උගන්වන ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු අය නැතැයි යන්නය. ක්ෂේත්‍ර සහ අංශු ඇහැට දැකපු එකෙක් නැතිවා සේම, නාථ දෙවියන් (අපේ උදාහරණයක් ලෙස) ඇහැට දැකපු එකෙක් ද නැත. කොටින්ම නාථ කියා එකෙක් ඉන්නවාදැයි වත් මේ එකෙක්වත් දන්නේ නැත. (දේව නමින් සත්ත්ව කොට්ඨාසයක් ඇති බවක් මිසක නාථ කියා දෙවි කෙනෙක් ගැන බුදුන් වහන්සේ දේශනා කර නැත. එබැවින් බුද්ධ වචනය උකසට තබා නාථට අයිඩෙන්ටි හැදිල්ල හරියන්නේ නැත.) ක්ෂේත්‍ර දකින්නට බැරි වුණාට එහි ප්‍රතිඵල දැකිය හැකිය. එහෙත් නාථ තබා ඔහුගේ ප්‍රතිඵල කොහෙවත් දකිනට නැත. එසේනම් ඔවුන් ගෙනෙන විකල්ප බුද්ධි ගවේෂණ ක්‍රමය, එමගින් ප්‍රතිස්ථාපනය කරන්නට හදන එකට වඩා අජූත ය. ලෑලි බිත්තිය නරකයි නම් එය ගලවා සිමෙන්තියෙන් දමනු මිස, ලෑලි වෙනුවට කෙසෙල් කොළ වලින් බිත්ති ගහන සිරිතක් නැත.   

මේ හැර මේ ඊනියා විකල්ප විද්‍යාව භාවිත වන ඊළඟ වැදගත්ම කරුණ වන්නේ එක එකාගෙ දේසපාලන ආරම්මණයන් සාධාරණීකරණය කරනු පිණිස ය. ඒ ගැන වෙනත් මානයක දිවෙන කතාවක් අපට වඩා හොඳට "දයල් බතී" විසින් ලියා තිබේ: ගිහිං බලනවා නම් මෙන්න ලිංකුව.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ එක දෙයකි. මේ ඊළඟ ඡේදය තුළ, ජාතිකවාදය මුවාවෙන් පෙනී සිටින ජාතිකවාතය ගැන අපේ සම්පූර්ණ නිරීක්ෂණය අන්තර්ගත ය. 


"ලංකාවේ ජාතිකවාදීන්ට අමතරව හුජ්-ජාතිකවාදීන් නම් පිරිසකුත් සිටිති. බොහෝ විට මේ පිරිස පහළ මධ්‍යම පාන්තික (යැයි සම්මත) පවුලක ඉපිද, නිසි අධ්‍යාපනයක්, රැකියාවක් හෝ ක්‍රය ශක්තියක් නැති, තමා අවට සමාජයෙන් පිළිගැනීමක් නැති, තමාට කියා "නිකේතනයක්" (niche එකක්) නැති, පරිගණක සාක්ෂරතාව මඳක් ඇති, සිංහල යුනිකෝඩ් කොටාගැනීමේ හැකියාව තරමක් දුරට ඇති, ෆොටෝ බඩ් කිරීමට තරමක හැකියාවක් ඇති, අතිශය දරුණු ගණයේ අනන්‍යතා විසංකූලතාවකින් (පොරසෝකයෙන්) පෙළෙන, දොරමඩලාවෙන් හා විජ්ජුත් ටීකාවෙන් උගත් ඉතිහාසය ඇරෙන්නට සෙල්ලිපියක් දැකලාවත් නැති, කූරගල ගැන ළය පැලී මියයන්නට වගේ උන්නත් ජීවිතේට කූරගල ගිහිං නැති, බොහෝ විට හයිලෙවල් (138) පාර, ගාලුපාර හෝ බේස්ලයින් පාර අවට පදිංචි, බටහිරට හා බටහිර සංස්කෘතියට වෛර කරන, එහෙත් ඒ ගමන්ම ඒ සංස්කෘතියේ එන කාම සුඛල්ලිකානුයෝගයට හිත යටින් පෙරේත කම් කරන, එහෙත් එය ලබා ගන්නට තරමේ හැකියාවක් නැති, ඒ නිසාම උතුරායන නෂ්ටකාමයෙන්, ලිංගික දරිද්‍රතාවෙන් හා ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලන ලද, පුදුමාකාර ලෙස අනුකම්පාවට මෙන්ම සියුම් නිරීක්ෂණයට ද ලක්විය යුතු සත්ත්ව කොට්ඨාසයකි."

තවත් තේරෙන්නේ නැතිනම් අපට කියන්නට දෙයක් නැත: අර උඩ පෙන්වා ඇති කාටූනයම කථා කරනු ඇත. 

18 comments:

  1. //බටහිර විද්‍යාවේ "විශ්වාස" කිරීමක් නැත// ඇත්ත. විද්‍යාත්මක ක්‍රමය යනු පරීක්ෂණ, නිරීක්ෂණ මත නිගමන වලට එළැඹෙන සත්‍යයකි.

    ReplyDelete
  2. දයලුත් මේ ගැන හොද පෝස්ට් එකක් ලියලා තිබුණා. එහි ඔබේ කමෙන්ටුවත් දුටුවා.. ඔබ කියන දේ හරි.. ඒත් මේ මාහා ප්‍රාඥයා අපරාදේ වැනසෙනවා... දුක තමා.

    ReplyDelete
    Replies
    1. පුක තමා.... ඌත් උඹ වගේ සුභ අනාගතයක් ගැන සිහින මවන එකෙක්...

      Delete
    2. සියල්ල දේශපාලනීකරනය වූ යුගයක විද්‍යාර්ථීන් පමණක් ඒ රැල්ලෙන් මිදී සිටීවි යැයි සිතීම අභව්‍ය නොවේද?

      Delete
    3. සුබ අනාගතයක් පැතුමයි ජාතිවාදයේ පරතෙරට පදනම් විරහිතව යාමයි දෙකක් ඇනෝ

      Delete
  3. තවත් මෝඩයෙක් විසින් ලියූ ලිපියක්!! යකෝ... බටහිර විද්‍යාවට ගරහන්නේ ඒක ඉගෙනගන්න බැරුව තියෙන ඉරිසියාව නිසා නෙමෙයි. එහෙනම් යකෝ අපේ ලංකාවේ හැමෝටම ක්‍රිකට් ගහන්න පුළුවන් නිසාද ක්‍රිකට් වලට ආදරේ කරන්නේ?? ලොල්!! වැඩේ ඒක නෙමෙයි. බොල හුඟක් උන් පොරවල් උනේ බටහිර වන්දනාවෙන්නේ?? දැන් ඒක නිසා බොල කැමති නෑ බටහිර විද්‍යාව පුස්සක් කියන එක පිළිගන්න. මොකෝ එහෙම වුනොත් බොලාට පැවැත්මක් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. බටහිර වන්දනාව සහ බටහිර විද්‍යාව කියන්නේ එකක් නෙමේ දෙකක්නේ.බටහිර වන්දනාව කියන එකත් මීට වඩා පලල්ව හිතන්න පුලුවන් නේද?(කේන්ති ගන්නනම් එපා)

      Delete
    2. බටහිර විද්‍යාවේ දෝෂ දර්ශනය කිරීම ගැන අපේ සත පහක අවුලක් නැත. එය අනිවාර්යයෙන්ම විය යුත්තකි. ටියුෂන් ක්ලාස් මානසිකත්වයෙන් එහාට සිතා බලන කෙනෙකුට එය වටහා ගැනීම අපහසු නොවේ. එහෙත් සනෙත් රජීන්ද්‍ර නම් සහෝදරයා නම් සිය ජීවිත කාලයටම එකම එක පර්යේෂණ පත්‍රිකාවක් හෝ පළකර නැති බව සහසුද්දෙන්ම පෙනේ.

      Delete
    3. අරු, අන්න නියම තැන. බටහිර විද්‍යාව, බටහිර විද්‍යා විරෝධය සහ බටහිර විද්‍යා වන්දනාව. මේ තුන කාරණා තුනක්. අපි බටහිර වන්දනයට විරුද්ධයි වගේම, පදනම් විරහිතව කරන බටහිර විරෝධයටත් විරුද්ධයි.

      Delete
    4. චමීර උන්නැහේ පළ කරපු පර්යේෂණ පත්‍රිකා වලට citations ටිකක් දෙන්ඩ බලන්ඩ

      Delete
    5. ප්‍රත්‍යක්ෂ කොලුවාAugust 1, 2013 at 12:16:00 AM GMT+5:30

      ඕන් මම බොලාට කියල දෙඤ්ඤං මේ ගුරුත්වාකර්ෂනේ පැහැදිලි කොරන්නේ කොහොමෙයි කියලා අපේ ක්‍රමේට. අපේ නත්තා පනත්තා කාලේ ඉඳං නටුවෙන් ගිළිහුණු වැල ගෙඩියක් බිමට තමයි වැටුනේ, මේ දේ දැකලා දැකලා අපේ මිනිස්සු ප්‍රත්‍යක්ෂයෙන් දැන ගත්තා නොවැ ගුරුත්වාකර්ෂනේ වැඩ කොරන්නේ යට පැත්තට කියලා. ඒ හින්ද බොලව් අපට කියන්න පුළුවන් ගලක් බිල්ඩිමක් උඩ ඉඳලා ගලක් අතඇරියාම බිම වැටෙනවා කියල එහෙනම්. කොහොමෙයි අපි මේක දැනගත්තේ ? එදා වැල ගෙඩිය බිම වැටුන නිසා මෙකත් බිම වැටෙනවා.

      Delete
    6. ප්‍රත්‍යක්ෂ කොලුවාAugust 1, 2013 at 12:20:00 AM GMT+5:30

      @Saneth Rajinda
      ඇත්තමට කොලුවෝ දැන් බටහිල විද්‍යාව බොලුනේ. නිව්ටෝන් සීයා කිව්වේත් බොලුවක්. අයින්ස්ටයින් අන්කලුත් කිව්වේ බොලුවක්,ඉතින් ඔය මාමා ගුරුත්වාකර්ෂනේ වැඩ කරන්නේ පැහැදිලි කලන්න කෝ. නාථ පල්ලේහා ඉඳන් අදිනවා වත් ද?

      Delete
    7. කෝ චමීර උන්නැහෙගෙ පර්යේසන?

      Delete
  4. ඔය හැම මලදානෙම සාපේක්ෂයි නේද? සම්පූර්ණ කතන්දරේ කාටුන් එකේ තියෙනවා..

    ReplyDelete
  5. පෙර අපර දෙදිග වෛද්‍ය ක්‍රම ගැලපීම හරිට බුද්ධාගම සහ අනෙක් ආගම් සැසැදීමක් වගේ කියලත් හිතෙනවා.

    ධර්මය සහ ඇදහීම් අතර වෙනස.

    හැබැයි ඇදහීම් වලිනුත් ලැබෙන දේවල් තිබෙනවා කියල විශ්වාස කරන පිරිස් ඉන්නවා..

    ReplyDelete
  6. පෙර අපර දෙදිග වෛද්‍ය ක්‍රම ගැලපීමක් මා නම් දැක නැත. අපර දිග වෛද්‍ය විද්‍යාව සහ බටහිර විද්‍යාව යනු එකක් නොවේ. එහෙත්, අපරදිග වෛද්‍ය විද්‍යාව බටහිර විද්‍යාව යනුවෙන් හඳුන්වන විද්‍යාව මත පදනම් වී ඇත. පෙරදිග විද්‍යාවේ ප්‍රභේද රාශියකි. ආයුර්වේදය යනු ඍෂි භාෂිතයකැයි කියැවෙන ඉන්දියානු වෛද්‍ය ක්‍රමයකි. යුනානි, හෝමියෝපති වෛද්‍ය ක්‍රම මෙන්ම පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය ද ලංකාවේ භාවිතා වේ. මේ හැම එකකින්ම සුව වන ‍රෝග සහ සුව නොවන රෝග දක්නට ලැබේ.
    එක් වෛද්‍ය ක්‍රමයක්, එක් විද්‍යාවක් මත එල්බගෙන සිටින්නේ ඇයි? බටහිර පෙරදිග යනුවෙන් මානව වර්ග‍යා බෙදෙන්නේ ඇයි? එසේ බෙදෙන නිර්ණායකයන් මොනවාද? මේවා කිසිවක් කවුරු‍න් හෝ හරියටම දන්නේ නැත.
    මේ පරිගණකය සේම බටහිර විද්‍යාව අනුව නිපැයූ රථ වාහන ගෘහ උපකරණ මෙවලම් අපි පාවිච්චි කරමු. පෙරදිග විද්‍යාව අනුව ජීවිතය හැඩගස්වාගනිමු. ඒ සියල්ල අපට අවශ්‍යය.

    ReplyDelete
    Replies
    1. obe prakashaya boho niweradi. mama ayurveda vaidyawarayek. eda charaka susrutha grantha wala roga vighanaya ehema nethnam rogayakadi shariraye wenasweema gena sloka patayak wiwaranaya kalama batahira widyawa one wenawa eka therum ganna. batahira widyawe ada kiyana de heta boruwenawa. eth sloka pata ethule thiyana harupe them ganna matanam batahira widyawa onemai.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.