logo banner

Monday, July 29, 2013

සිංහල රාවයේ තවත් පචයක් | Lies spawn Lies

පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමි, වෙසක් පුන් පෝ දින දළදා මාලිගාව අබියස ගිණි තබා ගැනීම, මුළු රටම සසල කරවන ආරංචියක් වූ හැටි ඔබට දැන් මතක නැත. මන්ද දැන් සති දෙක පැන ඇති බැවිණි. එනිසා, එකී සියදිවිනසාගැනීම ගැනත්, ඊට හේතු පාදක වූ මෙතෙක් පැහැදිලි නොකළ අබිරහස් ගැනත් කියවා සිටින්නේ නම් මැනවි. 

සටහන: අප මෙය දකින්නේ සියදිවි නසාගැනීමක් ලෙස මිසක, ජීවිත පූජාවක් ලෙස නොවේ. ඊට හේතු අදාළ ලිපිවල පැහැදිලිව දක්වා ඇත. 

කෙසේ වෙතත් මෙකී ශෝකජනක සිද්ධියෙන් පසුව, සියලු ජාතික සංවිධාන එක්වී ගවඝාතනය තහනම් කරනු පිණිස දැවැන්ත හඬක් නගනයුරු අපි උපේක්ෂාවෙන් බලා උන්නෙමු. නගර සභා කීපයක පුද්ගලයෝ මෙකී රැල්ල පිටින් තබා සිය ජනප්‍රියත්වය නග්ගාගෙන ජනතාව ඉදිරියේ පොරක් වනු අටියෙන් සිය නගර සභාවේ හරක්මස් කඩ තහනම් කළ සැටි ද, ඊට පසුව, එකී නගරාධිපතිගේම ආශීර්වාදය ලබන වෙනත් මැර කල්ලි, හොරෙන් හරක් මරා මස් බෙදාහරින හැටි ද, මේ සියල්ල පසුපස ටින්කළ හරක් මස් ගෙන්වීමේ කූටෝපාය කෙමෙන් දළුලන අයුරුද අපි බලා උන්නෙමු. 

ඊළඟට එළඹියේ "තල මල පිපෙන මොහොතයි". එනම් (අපට නිතර සහය දෙන දමිත් කේතක ගේ වචනයෙන් කියන්නේ නම්) අටෝරාසියක් සංවිධාන එක්ව "තෙද විකුම් පාගෙන, පාගෙන, පාගෙන ගොස්" අවසානයේ නැට්ට පාගා ගන්නා මොහොතයි. ඒ අමිහිරි මොහොත මෙන්න මේ රූපයෙන් බලන්න. 



මේ ඡායාරූපය, "Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවේ පළවුයේ 2013 ජුලි 29 වන දින උදෑසන 11.30 ටය. අදාළ දිනය සහ වේලාවද සහිතව මෙන්න ඡායාරූපය යළිත්: [සේයාරුවට සබැඳිය මෙන්න]




සටහන: පසුගිය දිනෙක විශාඛා පාගමන ගැන ඉතාම නින්දිත මට්ටමේ විවේචන එල්ල කළ පිටුව මෙය ම වන අතර, ඔවුන්ගේ මෙනමින් ම පවත්වා ගෙන යන වෙබ් අඩවියක් ද වේ. විශාඛා පාගමන ගැන අප ලියු පළමු ලිපියෙන්ම කණ පැලෙන්නට කියන්න ඕනේ දේ කියා ඇති අතර, දෙවෙනි ලිපියෙන් මෙකී කුහක විවේචන වලට හේතු භූත වූ ලිංගික අසහනය ගැන අපි පැහැදිලි කළෙමු. [Sri Lankan Atheists ලියන තාඹුගේ ලිපියද මීටම සබැඳි විය යුතුය.] අපේ ලිපි දෙකට අමතරව, ඊට වඩා සියදහස් වාරයක් හොඳට, මානවක සහ ප්‍රමුදි යන දෙදෙනා මෙකී ජාතිකවාත කරුවන්ගේ ආතල් කුඩු කර තිබෙන නිසා ඒ ගැන මීට වඩා විස්තර කිරීම අවශ්‍ය නොවේ. 


දැන් මේ අලුත්ම පින්තුර කෑල්ල පළකළ වහාම ඒ ආතල් එකද කුඩේ කුඩුවන ආරංචියක් හැරෙන තැපෑලෙන් ලැබී තිබේ. එනම් ජනපතිතුමා මෙවැනි පොරොන්දුවක් කිසිදාක වී නොමැති බවයි. මෙන්න ඒ ආතල් එකත් බලන්න:

[[ඡායාරූපය හරහා අකුරු කියවීම අපහසුනම් මෙන්න ලිපිය


"President never promised to ban cattle slaughter--By Sithara Pathirana

President Mahinda Rajapaksa did not promise to the Sinhala Ravaya, the extremist Buddhist organization, that he would ban cattle slaughter, Senior Minister of Urban Affairs, A.H.M. Fowzie, told Ceylon Today.

The President promised to look into their demands, in response to a memorandum submitted by Sinhala Ravaya, but he did not say he would ban cattle slaughter, Minister Fowzie reiterated. Earlier, the media reported that the President promised to ban cattle slaughter within the next two months. The minister said he clarified the news report with the President, who had told the minister that the statement was far from the truth.

The President categorically denied having given any promise to ban the slaughtering of cattle. ]]

බෝවත්තේ ඉන්දරතන හිමි යනු (අප අනුමත කළත් නැතත්) සිය අරමුණ වෙනුවෙන් දිවි දීමට පවා පසුබට නොවුණු අභීත මනුෂ්‍ය ප්‍රාණියෙකි. භික්ෂුවක් වශයෙන් උන් වහන්සේ හොඳ භික්ෂුවක් ද නැද්ද යන්න සෙවීම මෙහිදී අපට අදාළ නොවේ. එහෙත් මේ තුට්ටු දෙකේ ගොන්බිජ්ජන්ට වඩා නම් සමාජ ප්‍රකම්පනයක් ඇතිකරන්නට උන් වහන්සේ හට හැකි වූ බව නම් අවිවාදිත ය. දැන් මේ කරන්නේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම්) "උදාර ජීවිත පරිත්‍යාගය" විකුනං කණ මොහොත ද? 

දැන් ඉතිං අපට මුංගෙන් අහන්නට වෙන්නේ එකම එක පැනයකි: 

තොපි හිතං ඉන්නේ අපි කොන්ඩේ බැඳපු චීන්නු කියලද යකෝ? 

14 comments:

  1. Sinhala Buddhist කියන ෆේස්බුක් පිටුවෙ වැඩියෙන්ම තියෙන්නෙ ජරා අශික්ෂිත කුනුහරප. තනිකරම ඊර්ෂ්‍ය පරවශව සහ ලෛංගික කුහකත්වය මත ලියන ලිපි බව බැලූ බැල්මට පේනවා.

    ReplyDelete
  2. මේ වගේ සක්කිලියන්ට පබ්ලිසිටි දෙන්න උඹට පිස්සුද. උන්ට මිනිස්සුන්ගෙන් පිලිගැනීමක් නෑ..

    ReplyDelete
  3. අර දුඹුරු සිවුරුකාරයො 3දෙනාට වඩා මෝරා සුනිල්ගෙ මුණ ප්‍රිය මනාපයි.

    ReplyDelete
    Replies
    1. ආස හිතෙනවද?

      Delete
    2. සමලිංගික ඇනෝ කෙනෙක්.

      Delete
  4. පිස්සු %^%$%$ලා! මුං ගැන කතා කිරීමත් පවක්.

    ReplyDelete
    Replies
    1. උබලට වඩා ලොකු පිස්සු හුකන්නල තවත් ඉන්නවද?

      Delete
    2. උඩින් ඉන්න ඇනෝ නම් ඉතාම හොඳ සිංහල බෞද්ධයෙක් වෙන්නැති නේ?

      Delete
  5. උබල වගේ කාල කණ්නින්ගෙනුත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. අනික උබල දාන්නෙත් අතේ රෝල් බව මොලේ තියෙන මිනිස්සුන්ට නම් තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ ඊර්ෂ්‍යාවට බොහොම ස්තුතියි!

      Delete
  6. මස් කර යුතු එවුන් මස් විය යුතු එවුන්ට ,හරක් මස් නොකරන බවට ප්‍රතිඥා දෙයි.මහ හරකාගේ මූන බලපන් තිතටම මත.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව කියවල තේරුම් ගන්න විනාඩි පහක් විතර ගියා අරු..

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.