logo banner

Saturday, July 27, 2013

උදුලාලංකාරය | The Untold Story

උදුල් ප්‍රේමරත්න යනු මෑතකාලීන සරසවි ඉතිහාසයේ කැපී පෙනෙන නමක් දිනාගනු ලැබූ ක්‍රියාකාරී ශිෂ්‍ය දේශපාලකයෙකි. තවමත් උපාධිය අවසාන කර නැති උදුල් හට, සරසවි ශිෂ්‍යයා යයි නොකියා ශිෂ්‍ය දේශපාලකයා යැයි කියන්නේ යම් හේතුවක් ඇතිවය. [උදුල් ද මේ ලේඛකයා මෙන්ම සුලෝහිතයකු වුණාට කරන්නට දෙයක් නැත.] එහෙත් ඒ හේතුව පහදා දීමට තරම් මහා විසාල දෙයක් නොවේ. ඇරත් මේ අප කියන්නේ අපේ ලිපියක් ලිවීම නොව, වෙනත් ලිපියකට පාර පෙන්නීමක් පමණි. 

ආරළු බීරළු කාසි කුරක්කල් නැතිව කෙටියෙන් කියන්නේ නම්,



  • ලිපිය ලිව්වේ චමිල ඩි අල්විස්.
  • ලිපිය තියෙන්නේ උගෙ බ්ලොගේ. Feeding the Monkey.

  • මෙන්න උපුටනය.

    "...මේ උදුල් ගැන කතා කිහිපයක්.
    • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
    • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
    • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
    • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
    • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
    • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • ඉතිරියත් බලනවා නම් මෙන්න ලිංකුව. 

          5 comments:

          1. වැදගත් ලිපියක්.ඉටිහිරිය ගිහින් බලලා එන්නම්...

            ReplyDelete
          2. පට්ටයි පුතේ ඕං ඈ....

            මම දැක්කා ඒ කොලුවා උසාවී ගානේ රස්තියාදු වෙනවා. නඩු කතාකරන්න යනවද? එහෙම නැත්නම් මළ ගෙදරක යන ගමන් උසාවි පැත්තෙ යනවද? බානි රේමන්ඩ් එකේ වැඩද දන්නෙ නෑ.. මම කියනවට පොඩ්ඩක් හොයලා බලහංකෝ..

            අනේ අර රිලා පැටියත්, ඊයේ එළියට දැම්මලු නේද...? පව් කාගේ උනත් දරුවෙක්නේ...

            ReplyDelete
          3. මේකනං බලන්නම වෙනවා..

            ReplyDelete
          4. හුකැස්!! මෙයාගේ බාල මල්ලිත් එහෙමලු ඈ!!!

            ReplyDelete
          5. උදුල් කාරයා අපේ ටෙක් එක පැත්තටත් ගාටන්න බලනවා... මූ ආවොත් කපෝති. අපේ විනාසේ

            ReplyDelete

          පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.