logo banner

Saturday, July 13, 2013

විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walk

විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම් ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.

විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා වන්නේ බුකියේ වෙසෙනා අධිසදාචාරවාදියකුගෙනි. පහසුව තකා අපි ඔහු බොංග මඩවර්ධන ලෙස හඳුන්වමු. බොංග අයියා මේ සයිබර් අවකාශයට අමුතු චරිතයක් නොවේ. හම්බාවන් නම් සත්ත්ව විශේෂය වඳකරලීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ, එදත් අදත් ආණ්ඩුවේ කුක්කු පැටියා වන මෙතුමා ගැන දන්නෝ ඉතාම හොඳින් දනිති. ඔහුට වඩා සදාචාර වාදියෝ මේ සයිබරයේ නැතැයි සිතෙන තරමට ඔහු සදාචාරවාදී ය.



කෙසේ වෙතත් අපේ බොංග අයියා විශාඛා පාගමන ගැන මෙන්න මේ ෆොටෝ කෑල්ල පළ කරමින් මෙසේ කියයි:

ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් කරද්දී, ළමයින්ගේ අම්මලා තාත්තලා හරිම ආසාවෙන් සතුටෙන් ඒ දිහා බලා හිටියා.
"සික්ෂාවියන්" ට අද වෙලා තියෙන දේ බලන්නත් කණගාටුයි. මේ පින්තූරයෙන් දිස් වන්නේ විශාඛා විද්‍යාලයේ "Annuel Walk" එක. පාසල් සුදු නිළ ඇඳුම වීසි කර ඒ වෙනුවට ඩෙනිම් ටී ශර්ට් ඇඳගෙන. අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා. මත් උවදුරෙන් රට මුදවගැනීම, රෝහලකට වැඩිහිටි නිවාසෙකට උදව් කිරීමේ අරමුණින් ආධාර එකතු කිරීම වගේ, අසූව අනූව දසක වල සිටි හැදිච්ච දරුවන්ගේ උදාරතර චේතනාවන් වීසි කළ අද කාලේ පොෂ් කෙල්ලෝ බෙර ගගහා ෆැෂන් එකට නට නටායි පෙළපාළියේ යන්නේ.
විශාඛා විද්‍යාලයට තවදුරටත් ඔය නම භාවිතා කිරීම, එදා තම පියාණන් වහන්සේගේ උපදෙස් අනුව යමින් සංවරත්වයේ පරමාදර්ශී කාන්තාව වූ විශාඛා කුමරියටත් කරන අපහාසයක්.
මහ පරේ ඔහොම හැසිරෙන්න ඉගෙන ගන්න කොළඹ පාසල් වල දැරියන් පාසල් ඇතුළේ හැසිරෙන හැටි මෙන්න මේ වගේ.
1. http://www.youtube.com/watch?v=NZ2PObTZ6WU
2. http://www.youtube.com/watch?v=YJuvkBgVfik
පාසලෙන් පිටදි ඔවුන් හැසිරෙන හැටි බලාගන්න ඕනැනම් කොළඹ අවට ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා අවුරුදු 18 ට අඩු දැරියන් ගැන සමීක්ෂණ වාර්තා කියවා බැලීම හොඳටම ප්‍රමාණවත්. ලැගුම්හල් වලට එන පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ දරුවන් බව දිවයින පුවත්පතේ පළ වූ එක් සමීක්ෂණ වාර්තාවක තිබුණා මතකයි.
පාසල් වලිනුත් මෙලෙසින් "බටහිර සංස්කෘතිය" පොවාපු මේ දරුවො කසාද බඳින්නත් කළියෙන් බඩ වුණාම හෝ රස්තියාදු කාරයෙක් අතින් අනාත වුණාම අන්තිමට බටහිර බැලයිනුත් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දරුවන්ට කවදාවත් හුරු නොකළ "සිංහල බෞද්ධ සංස්කෘතියට" යි. ළමයින්ව දහ දුරා කමට හදලා අන්තිමට "ධර්මද්වීපයට වෙලා තියෙන දේ" කියල කියන්නනම් උන් එක පයින් කැමතියි. 
සිංහල ගැහැණු දරුවන්ව මහ පාරේ විලි බිය නැතිව පෙළපාළි ගෙන යාමට හේතුව කුමක්ද? අදාල පාසල් වල විදුහල්පතිනියන් ඇතුළු මේවා සංවිධානය කරන අයගේ බැංකු ගිණුම් චෙක් කළානම් ඒ දේවල් වලට හේතු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. සමලිංගික නොර්වේ තානාපතිනි ගේ‍්‍රට් ලෝචන් සහ ඇගේ ලෙස්බියන් සහකාරිය ව, සමලිංගිකත්වය තහනම් කරපු ශ්‍රී ලංකාවට පත් කර එව්වේ නොර්වේ විදේශ අමාත්‍යාංශයට වැරදීමකින් නොවෙයි. ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් මේ රටේත් ඇති කිරීමට බටහිරයින් කළ හැකි සෑම දේම කරාවි.

විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි. මේක ලෙඩකි. එසේ මෙසේ ලෙඩක් නොව තදින්ම බෝවෙන ලෙඩකි. මේ දිනවල හෝ ගා පැතිර යන මේ ලෙඩට හේතු වන්නේ අලුත්ම වෛරසයකි. මෙහි මුල් නිජබිම ඉන්දියාව වන අතර දැනට මෙය වඩාත්ම දරුණුවට පැතිර යන්නේ මැද පෙරදිග ය. නමින් මෙය Hyperconductophilia හෙවත් "අධිසදාචාරෝන්මාදය" නම් වේ. මෙහි නිත්‍ය සහ අනන්‍ය රෝග ලක්ෂණ වන්නේ කොට ගවුම්, කොට සායවල්, පාරේ නටන කෙල්ලන්, සිංදු කියන කෙල්ලන්, දත් පෙන්වා හිනාවෙන කෙල්ලන්, මොඩලින් කරන කෙල්ලන්, ජීන්ස් අඳින කෙල්ලන් පෙනෙන්ට බැරි වීමය. (සටහන: බුරිය පෙනෙන්ට සාරි අඳින කෙල්ලන් කමක් නැත. ) දෙරණේ ඩිල්කා ගේ ඇඳුමටත් මල්ලි නැග්ග උන්දෙලාට ඩෙනිම දැක්කාම මොනවා හිතෙන්නට ඇත්දැයි අපට හිතා ගන්නට පිළිවනි.

බොංග අයියාගේ බොක්කතාවට (බොග + කතාව = බොක්කතාව) කොමෙන්ටුවක් දමා තිබු එක මීහරකෙක් කමෙන්ට් කරමින් බෞද්ධ පාසලක් නම් කෝ බෞද්ධ කොඩිය කියා අසා තිබුණි. මේ ලියන ලේඛකයාද ආදී ආනන්දීයයෙකි. එසේ වෙතත් අපි බෞද්ධ කොඩිය බිග්මැච් එකට එල්ලන සිරිතක් නැත. බෞද්ධ කොඩිය දාන තැන් වගේම නොදැන තැන් ද පවතී. මේ ගොන් ප්‍රශ්නය අහපු එකා උගේ හනිමූන් එක දවසේ කාමරේ එල්ලන්නෙත් බෞද්ධ කොඩිය විය යුතුය.

බොංග අයියාගේ කතාවට තාලයට තප්පුලන සිහ සැරිය (ඔව් ඔව් අර එඩ්වඩ් ස්නොඩන්ට සිංහල කෙල්ලක් පංගාර්තු කරන්න ගිය එක තමා) නම් පිටුවක පළවූ එක්තරා පුවතක් අපි දුටිමු. එනම් සාරුවා සුනිල් පෙබරවාරි මස නවවන දින අල්ලන බවයි. දැන් අගෝස්තු ය. සුනිලා තාම එළියේ ය. අපේ උන්දෙලාට අමතක වුණොත් කියා අපි මෙන්න මේ පුංචි මතක් කිරීම කර තබන්නෙමු.



විශාඛා පාගමනට පහරදෙන උන්දෙලාට මෙතැන ඇති එකම අමාරුව වනාහි ලිංගික අහේනිය මත පදනම් වූ ඊරිසියාව ය. මන්ද අපේ ලංකාවේ ඉන්නා එව්වන්ට ඇති ලොකුම ලෙඩේ වන්නේ ලිංගික අධ්‍යාපනයක් නැතිකම වීම නිසා ය. මුන්ට පොඩි කාලේ කියන්නේ බබා ගෙනාවේ රෝස කැලෙන් ය, නැත්නම් වහලෙන් කොකා ගෙනත් දැම්මා කියා ය. ඉතින් යමක් කමක් තේරෙන වයසට ආවිට, සෙක්ස් කියන දේ තේරෙන්නට පටන්ගත් විට මුන්ට දෙලෝ රත්වෙන්නේ ය. මන්ද මුන් ඉන්නා අවමානික සහ අවර්ධිත මානසික මට්ටමේ හැටියට තමුන්ගේ අම්මා තමුන්ගේ තාත්තත් එක්ක බුදියගත්තය යන සත්‍යය පිළිගන්න තරම් ධෛර්යයක් නැති කම නිසා ය. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය. මුන්ට මේ වර්ග දෙකෙන්ම ඕනේ ය. එකක් අවශ්‍ය වන්නේ ආතල් ගන්නට ය. ඒ වනාහි අර කොට ඩෙනිම් සායවල් අඳින, වොඩ්කා බෝතලේ කටේ තියන් බොන, ක්ලබ් යන "කෑල්ල" ය. බොහෝවිට මේ "කෑල්ල" ගැන මුන්ගේ හිතේ තියෙන්නේ බටහිර චිත්‍රපටයක ස්ට්‍රිපර් කෙනෙක් වටා හදාගත්ත අධිස්වාභාවික මානසික විකෘතියකි. හැබැයි මුන්ට ඒක ඕනේ අවශ්‍ය ය. මොකටද, ආතල් ගන්නට ය. බඳින්නට නොවේ. 

දෙවෙනි වර්ගයේ ගෑණු වනාහි දහම් පාසැල් යන, ඩෙනිම් නාඳින, බිම බලාගෙන යන, (කොටින්ම කිව්වොත් තමන් ඇරෙන්න වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න එකක් නැතෙයි කියල සීයට සීයක් සහතික වෙන්න පුළුවන්) ගෑණු ය. ඒ කියන්නේ "අම්ම වගේ ගෑණු" ය. ඒ හොයන්නේ බඳින්නට ය. තමුන් හතර වටේම ගිහිං පොල්පිති හතම පැනල ගෙට ආවා වුණත් කකුල් දෙක සෝදා ගෙට පිළිගන්නා, දෙවියන්ට වගේ සැමියාට සලකන ගෑණු ය.

මේ දෙකම එකට කරන්න බැරිය. මොකද මේ යක්කු "The American Pie" බලල හිතේ මවාගන්නා සාන්දෘෂ්ටික ලෝකය මේ පොළොවේ නැති නිසාය. (සටහන: මුන්ට "The American Pie" යනු සෙක්ස් ෆිල්ම් එකක් බව සළකන්න. Original Sin, Sleeping Dictionary වගේ එව්වා ගැන මුන් අහලාවත් නැත.) ඉතින් අන්න ඒ නිසා සෙක්ස් ඉල්ලුමට සරිලන සැපයුම නැතිවු විට අපේ අයියලාගේ මෝල කරවෙන්නේ ය. මෙන්න ලිංගික අහේනිය හෙවත් සෙක්ස් ඇරියස් බිහිවෙන තැන.  



මෙන්න මේ සෙක්ස් ඇරියස් සහිත සමාජයේ උන්දෙලාට ය මේ ප්‍රශ්න ඔක්කොම. කෙල්ලෙක් පාරේ ඩෙනිමක් ඇඳන් ගියාම ඒ කෙල්ලට බඩුව කියන්නේ අන්න ඒ නිසා ය. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ වැදුණත් ඒ කෙල්ලට බඩුව කියන මිනිස්සු ගැන ය, මා මේ කියන්නේ. බස්වල කෙල්ලන්ට පමණක් නොව ආච්චිලාට වුවද ජැක ගහන්නේ, ෆෝන් එකෙන් හොරෙන් ටොයිලට් ෆොටෝ ගන්නේ, නොදන්නා නම්බර් වලට මිස්කෝල් දිදී සෙක්ස් චැට් හොයන්නේ මෙන්න මේ සෙක්ස් ඇරියස් ඇති බයියලා ය.. මෙහෙව් බයියලාට මේ විශාඛා පාගමන වගේ එකක් දැක්කම පුදුම ඊරිසියාවක් මතුවෙන්නේ ය. "අම්මට සිරි මෙන්න කෙල්ලෝ පාරට බැහැලා නටනවා..!!!! %$^#$^%#^ මුන්ගේ අම්මලාට...!! " 

විශාඛා පාගමන වගේ දෙයක් දුටුවාම ඇටදෙක පොළොවේ ගහගෙන කෑගහන අපේ සමහර සිංහල බෞද්ධ අයියලා සහ, තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා  සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා අතර මොනම වෙනසක් වත් අපිනම් නොදකිමු. මේ දෙගොල්ලොම වනාහි තාර්කික බුද්ධියක් නැති, ලිංගික අසහනයෙන් පෙලෙන එකම අච්චුවේ උදවිය ය. මුන් දෙගොල්ලොම බෙල්ලෙන් අල්ලා එකම සිර කුටියක තිබ්බා නම්, එකාට එකා මරාගන්නවාට වඩා එකඟ වියයුතු බොහෝ දේ ඇති බව උන් උන්ටම වැටහෙනු ඇත.

මේ සිද්ධිය දඩමීමා කරගෙන සමහර විචාරක බයියෝ ලංකාවේ බෞද්ධ පාසැල් නැතැයි කියාද කියනු පෙනේ. මීට වඩා සාවද්‍ය කියවීමක් ගැන අපට හිතා ගන්නට වත් බැරිය. ලංකාවේ බෞද්ධ පාසැල් බෞද්ධ වන්නේ, ළමයි සරං ලමාසාරි ඇඳගෙන පාසැල් එන නිසා වත්, සිංහල රජකාලේ වගේ වැලිපිල්ලේ ලියන නිසාවත් නොවේ.  අපේ සංස්කෘතිය හඳුනන, එමෙන්ම නූතන සංස්කෘතිය සමග කිසිම ගැටලුවකින් තොරව ආබද්ධ වන බැවිණි; එසේ ආබද්ධ වන අතරම බෞද්ධ සංස්කෘතියට දිය හැකි උපරිමය දෙන බැවිණි.

විශාඛාව පාලනය වන්නේ NGO එකකින් යයි ද සමහරු කියා තිබුණි. කතෝලික පාසැල් පල්ලියෙන් පාලනය වන්නා සේ, විශාඛාව පාලනය කිරීම ද පන්සලකට දිය යුතු යැයි ද එක්තරා මීහරකෙක් තප්පු ලා තිබිණි. අනේ සාදු! අපි නම් මේ යෝජනාවට උඩින්ම එකඟය. මන්ද අද වන විට රටේ අඩුවෙනවාය කියන සිංහල ගහණය ඉබේම ඒ හරහා වැඩිවන බව දන්නා බැවිණි. එකම දේ රටේ අනාත නිවාස පොඩ්ඩක් වැඩියෙන් හදා තියන්නට වනු ඇත. කොහොමත් ඊට පෙර අනිවාරයෙන්ම ගබ්සාව නම් තහනම් කල යුතුය. නැතිනම් අපේ උන්නාසේලාගේ මහන්සිය අපතේ යනු ඇත.

කතාව සම්පූර්ණ වන්නට අපි බොංග අයියාගේ ආදරණීය "අහවල් රාවය" නම් සංවිධානය කර තිබු වෙනත් පාගමනක් ගැන විමසා බලමු. ඔය "රාවයෙන්", හරක් මැරිල්ලට එරෙහිව රුහුණේ සංවිධානය කර තිබු පාගමනක් අතරතුර දී තංගල්ලේ හරක්මස් කඩ කුඩු කරමින් යකා නැටු ආකාරය උසාවිය දක්වා දුරදිග ගිය ආකාරය අපට මතක තිබේ. මතක නැත්නම් මෙතැනින් බලන්න.

දැන් ඔය විශාඛාවන් ගියේ ද පාගමනකි. අහවල් රාවයෙන් ගියේ ද පාගමනකි. විශාඛා පාගමනින් අපේ ගොබ්බ වාහෙලාට ආතල් කුඩු වීමට අමතරව වෙනත් වරදක් නම් සිද්ද නොවීය. එහෙත් අහවල් රාවයේ පාගමනින් අවසානයේ නම්, සංවිධායකයෝ ද මිනී මරාගෙන ඇති බව ආරංචි වේ. දැන් එතකොට සැබෑ ගෙරියෝ කවුදැයි සිතා ගැනීමට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.

ගෙරි මැරිල්ලට එරෙහි පාගමනට ආවඩන, එහෙත් විශාඛා පාගමනේ දොස් දකින, උන්ගේ සදාචාරය ගැන බණ කියන අසහන කාරයින්ගේ ආතල් කුඩු කරනු පිණිස , දමිත් කේතක විසින ලියන ලද මෙන්න මේ ගීය බහා තබමි. (වැටෙන් එහා මල් පඳුරේ ගීයේ තාලයට ගයන්න).


වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
 
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රටට දිදී......
රටට දිදී තිබුණත් ඇතුළේ - ගෙරි මරන්න නම් තහනම්....!
ගෙරි මරන්න නම් තහනම්..... 
 
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
 
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තිබෙන නිසා.....
තිබෙන නිසා අං හිස මුදුනේ - ගෙරි මරන්න නම් තහනම්....
 
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//

109 comments:

  1. නියමයි....
    අනෙකාගේ නිදහස දරාගන්න බැරි සමාජයක් මේ කොහේටද ගමන්කරමින් තියෙන්නේ... මම සිංහල බෞද්ධයෙක් හැටියට මේ නානාසාර මහත්තයාලා(පුළුවන්නම් භික්ශුවක් කියා ඕප්පුකරන්න) බුදුදහම කෙලෙසන හැටි පිළිකුල් සහගතව බලන් ඉන්නවා. බුදුදහම තියෙන්නේ ඇයි දෙයියනේ චීවරයක් දරාගෙන මෙහෙම අන්තවාදීවැඩ කරන්නේ...

    ReplyDelete
  2. ඔය කියල තියෙන්නේ නියමට ආයේ හෝදන්න දෙයක් නැතුවම...

    ReplyDelete
  3. true story indeed..! these motherF***ers who try to put their religion and customs infront and say that this Vishaka walk is "indecent" or "NOT sri lankan" are bullshitting themselves... ppl who says stuff like these are sexually frustrated freaks actually... its indeed how u look at a girl... we dont always get a boner when we see a girl with a denim trousers or a tight outfit...! its not that "weird" to us.. ppl with weird sexual stuff are the ones with the problem this "Bonga aiya" still live in the 1900's .. but now we have to face the fact that women are as free as men to do the stuff they want.. 99% of the women goes to jobs.. so men and women are equal now.. they dont need a man to take care of themselves.. so they they have more freedom to do what they want even when they were little... beacause thay have big dreams and ambitions unlike the women in the past.... and the society's changed a lot too... we cant change the flow of the world.. there are stuff u can change and u cant....PPl like these are the main obstacle in the development of sri lanka... Sad thing is.. they think they are doing the right thing by protesting stuff like this!!

    ReplyDelete
  4. and might i add.... people who are lesbians.. Gay or anyother sexual preferance lived in the past.. and teenage pregnancies.. pre marital sex.. all were there.. there just wast any kind of means to tell it to the whole world... we are at the peak of the technological revolution... so we all hear stuff like this :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ///ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන///

      මේ කෑල්ල දැක්කම මට එකපාරටම මතක් උනේ මේ දවස්වල බ්ලොග් අස්සෙ සැරිසරන කෙනෙක්... මොනවා කතා කළත් එතනට පැනලා අනිවා ඔය වචන සෙට් එක දාලා කමෙන්ට් එකක් දානවමයි...

      ඔය ලෙඩේට කියන නම මාතලනුත් කොහෙ හරි කියලා තිබ්බා මතකයි... ඒ ඇරෙන්න කියනවා නං ඉතිං මේ මන්ද මනසික පිස්සු කේස් තමයි....

      ( කලින් කමේනට් එකේ චවනයක් වැරදුනා.. ඒකයි අයින් කළේ...)

      Delete
    2. එයත් මෙතැන පල්ලෙහා බෙට්ට හලලා ගිහිං තියෙනවා වගේ හිරු.. හැබැයි ඇනෝ ඇවිත් ඉන්නේ.. රෙද්දක් ඇඳන් අර ටික කිව්වොත් හෙම අර පොරෝවාගෙන ඉන්න සදාචාර සළුපිලි ඉරිලා විසික් වෙන බව දන්නවා නේ..

      Delete
    3. පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කියා අසාමාන්‍ය මනෝ විද්‍යාවේ කියැවෙන රෝග ලක්ෂණ ප්‍රකට කරන ලිපි ලියන මේ තැනැත්තිය මේ කියා ඇත්තේ මා ගැන විය යුතුයි.අනෙක මම සැමට මිතුරු යන නමින් මිස කිසිම තැනක ඇනෝ එන්නේ නෑ.මගේ බ්ලොග් එකෙත් ඇනෝ බ්ලොක් කරල තිබෙන්නේ.එන් ජී ඕ වල සල්ලි වලට බෙටි හලන වරෙත්තු බල්ලො මම ගනන් ගන්නෙත් නෑ.ඊනියා ප්‍රගතිශීලීත්වයක් පෙබ්නුවට ඔය හැම බල්ලට බල්ලිට හම්බවෙන්නෙ එන් ජී ඕ සල්ලි.උන්ට ඕන සමාජ අහ්‍ර පද්ධති විනාශ කරල සමලිංගිකත්වය ස්ත්‍රීවාදය ඇතුළු විශබීජ පතුරවල සමාජය සී සීකඩ කරන්න.

      Delete
    4. පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කියා අසාමාන්‍ය මනෝ විද්‍යාවේ කියැවෙන රෝග ලක්ෂණ ප්‍රකට කරන ලිපි ලියන මේ තැනැත්තිය මේ කියා ඇත්තේ මා ගැන විය යුතුයි.අනෙක මම සැමට මිතුරු යන නමින් මිස කිසිම තැනක ඇනෝ එන්නේ නෑ.මගේ බ්ලොග් එකෙත් ඇනෝ බ්ලොක් කරල තිබෙන්නේ.එන් ජී ඕ වල සල්ලි වලට බෙටි හලන වරෙත්තු බල්ලො මම ගනන් ගන්නෙත් නෑ.ඊනියා ප්‍රගතිශීලීත්වයක් පෙබ්නුවට ඔය හැම බල්ලට බල්ලිට හම්බවෙන්නෙ එන් ජී ඕ සල්ලි.උන්ට ඕන සමාජ අහ්‍ර පද්ධති විනාශ කරල සමලිංගිකත්වය ස්ත්‍රීවාදය ඇතුළු විශබීජ පතුරවල සමාජය සී සීකඩ කරන්න.

      Delete
  6. Bauddha iskola hama ekagema hasrima ohoma thama, wishshayenma anade unuth ohoma thama, thopi mokada yako kellange iskola wala thappawala ubale iskole nam gagaha yanne, ubalama thama ubalage hamaduruwarunge redi galawanne. mama nam bauddha neme mulinm ratata wadayak wela thiyenne oya sinhala bauddha kiya ganna iskola tika owwalata bauddha nowana ekekta yandath bahane jathiwade thama ubalage.

    ReplyDelete
    Replies
    1. Menna thawa ekek! uba e iskola gana dannaththam katawahan hitapan bun!

      Delete
    2. ane palayan ban yanda oka liyapu ekage iskole bauddha nowana unwa 10% kata wada ganne naththe ayi. ekath jathi wade thama.

      Delete
    3. what about test tube????

      Delete
  7. දීප්ති කුමාර ගුණරත්නගේ ලියැවිල්ලකට පසු කියවන්න ලද හොඳම තාර්කික ලිපියකි.

    ReplyDelete
  8. මම අඩක් අවසන් කල ලිපියක අන්තර්ගතයට අදාලව ලියවෙච්ච ලිපියක් නිසා ආතල් කෝටියයි.වෙන විශේෂණ පදයක් නෑ.කෙලින්ම කියන්නම් මේක තමයි සිංහල අන්තවාදය කියන්නේ.

    ~ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. ~

    මෙයා මේ කියන්නේ වෙසක් එකට කරපු පේලි පෙරහරක් ගැන හරි මත විරෝධී දිනයට පවත්වපු පාගමනක් ගැන හරි මිසක් පාසල් පාගමනක් ගැන නම් වෙන්න බෑ.කොළඹින් පිට රටේ ප්‍රසිද්ධම/බලවත්ම බෞද්ධ පාසලක ඉගනගත්තු මට (ඒ මීට අවුරුදු නමයකට විතර කලින්) කිසිම මතකයක් නෑ පාසල් පාගමනක් බොදු බැතියෙන් සරසවලා ගියවගක් නම්.අනික මේ "බොංග මඩවර්ධන" කියන මතවාදී හිඟන්නා තේරුම් ගන්න ඕනේ මේ පාගමන මුල්‍යමය හේතුන් මත පවත්වපු එකක් කියලා.එතකොට ඒකට සල්ලි හොයන්නේ..ටි ෂර්ට්.අත් පළඳනා වගේ දේවල් සිසුවියන් සහ ආදී සිසුවියන් අතරේ විකුණලා.එතකොට පාගමනට සුදු ගවුම ඇඳලා ඒ ගත්ත ටි ෂර්ට් අත් පළඳනා අඳින්න ඕන "බොංග මඩවර්ධන" අම්මගේ කොටහළු මගුලටද?.එතකොට මේ මුසලය කියන විදියට මැදිවයසට ආසන්න වෙච්ච ආදී සිසුවියොත් සුදු ගවුම ඇඳන් යන්න ඕනෙද?..අම්මගේ රෙද්ද තමයි...

    බෞද්ධ කොඩිය කියන්නේ බුදු රජාණන් වහන්සේ නිරුපණය කරන්න භාවිතා කරන සංඛේතයක් මිසක් බෞද්ධකම නිරුපණය කරන්න තියන සංඛේතයක් නෙවෙයි.හරියට බැලුවොත් ඔය කොඩිය භාවිතා කරන්න බෞද්ධයාට අයිතියක් නෑ.දන ඔය බෞද්ධ පාසලේ පාගමනට බෞද්ධ කොඩිය නැත්තේ අයි කියපු එකාගෙන් අහන්න ඕනේ එහෙනම් සිවුරු පඬු පාට කරේ අයි මහන්න තිබ්බනේ ඔය පාට ටික දාලා.හාමුදුරුවන්ගේ අඳන , යට ඇඳුම් එහෙම ඔය විදියට බෞද්ධ කරා නම් කොච්චර හොඳද?.අර කියනවා වගේ කසාද බැඳලා මුල්ම දවසේ හැමිනෙන්න යනකොටත් ඇඳට සුදුරෙද්දක් නැතුව බෞද්ධ කොඩියක් දාන්න කියන්න.අයි දෙයියනේ බෞද්ධ සංස්කෘතිය නේ.

    ඔය ඔක්කොම පැත්තකින් තියන්න.ලඟදි ගෝතමියේ පාගමනත් තිබුනා.ඒකෙත් කට්ටිය ඩෙනිම් ගහන් ගියේ.කවුරුවත් ඒ ගැන කතා උනාද?.හරිනම් කට්ටිය වැඩිපුර කලබල වෙන්න ඕනේ මේ පාගමන ගැන නෙවෙයි.ගෝතමියන්ගේ පාගමන ගැන.අයි දෙයියනේ විශාකාට වැඩිය ගෝතමී බෞද්ධයි නේ.නෑ කමත් ලඟයි.

    ReplyDelete
    Replies
    1. එක ඉල්ලීමක් කරන්නම් මානවක.. ලියන්න මේ ගැන.. රිදෙන්නම ලියන්න.. මේ පරපීඩක කාමුකත්වයෙන් සහ නෂ්ට ලිංගික ආශාවෙන් පෙළෙන මී හරකුන් හට දුවන්නට පාරවල් නැතිවෙන්නම ලියන්න.

      Delete
    2. ලියන එක වැඩක් නෑ පුතා.. ලියලා වැඩක් නෑ.

      Delete
    3. ඇත්තටම හොඳ ලිපියක්. මානවක ඔයාගේ ලිපියත් දාන්න....

      Delete
  9. මාත් මේක දැක්ක ෆේස් බුක් එකේ යනවා. විශාඛා පාගමන ට කිහිප වතාවක් සහභාගී වුනු 'වැරදිකාරියෙක්' (!) වෙන මටත් මේ ගැන ලියන්න උවමනාවක් තිබුනත් තවම බැරිඋනා. ඔයා මේ ලිපිය ලිව්ව එක ගැන සතුටුයි :)

    දැන් මේ අධිසදාචාරවේදීන් කියන හැටියට විශාඛා පාගමන නිසා ළමයි කුඩු ගහන්න යි , ගණිකා වුර්තියට යි අරකටයි මේකටයි හැම එකටම පෙළඹෙනවා ලු.
    මේවා අහද්දී එක අතකින් හිනාත් යනවා
    එක - විශාඛා පාගමන අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. මේ අධිසදාචාරවේදියාට මැජික් උනාට අනූව දශකයේත් පාගමන් ගියා. මේ විදිහටම තමයි. ඔවු ඩෙනිම් ඇන්දා තමයි. නැටුවත් තමයි. ඉතින් ඒකෙ වැරැද්දක් නැහැනේ. ඇයි බෞද්ධ ළමයින්ට නටන්න තහනම්ද?
    දෙක - විශාඛා පා ගමන ට බාගෙට බාගයක් එන්නේ ආදී ශිෂ්‍යාවන්. දැන් ඔය ෆොටෝ එකේ ඉන්නෙත් ආදී ශිෂ්‍යාවන් දෙන්නෙක් වෙන්නත් පුළුවන්. ඒ දෙන්නා සමාජයේ හොඳට ජීවත් වෙන දෙන්නෙක් වෙන්නත් පුළුවන්.
    තුන - ඉතින් මමත් ගිහින් තියෙන ගමනක්. මම විතරක් නෙවෙයි මගේ යාලුවොත්. කෝ ඉතින් දැන් අපි මේ මනුස්සය කියන විදිහට කුඩු ගහනවද? ගණිකා වුර්තියේ දෙනවද?
    හතර - මේ මිනිස්සු න්ට ජීවිතේ කවදාවත් ගෑනු යාලුවෝ ඉඳල නැද්ද? අඩු ගානේ අක්කල නංගිලා වත් නැද්ද?
    පහ - අන්තිමට කියන්න තියෙන්නේ 'අනේ පවු' කියල තමයි. :D

    ReplyDelete
    Replies
    1. oyala ehemama yanda me jathiwadi unta mongal, oyala oka wenas karanda epa. 90 dashakayen idan karanawanam digatama eka karan yanda. apith asawen eka baluwa.

      Delete
    2. මමත් ඔය වැරදිකාර ගොඩේ..! දැන් ඔය මනුස්සය කියන විදියට (මේ ලියුම් කරුත් පෙන්වලා දීලා තියෙන හැටියට ) අපිත් සුදු ගවුම් ඇඳන් යන්න ඕන ඇති...!! හරිම ලස්සනට තියෙයි තිහ හතළිහ පනහ පැනපු ආදි ශිෂ්‍යාවො සුදු ගවුම ඇඳගෙන යනකොට. එහෙම ගියොත් මොනවා කියයිද දන්නෙ නෑ මේ මෝඩයො.

      ඔයා හරි නිරෝෂිනී. මේ යක්කුන්ට ගෑනු යාළුවො ඉඳලා නැති අවුල නේ මේ පැහැදිලිව පෙන්නුම් කරන්නෙ..!! ඒ ඉරිසියාව තමයි ඔය දෙකොණින් පෙරෙන්නෙ.

      Delete
    3. පලවෙනි කේස් එක තමා එක්කේ කාත් එක්ක හරි තියෙන ඇරියස් එකක් මෙයාලා දෘෂ්ඨි වාදයකින් පිරිමහගන්න හදනවා. ඇත්තටම මේක ලෙඩක්.

      Delete
    4. එහෙම කියන්න එපා සචී සහ නිරෝෂිනී, අර මාලනී ෆොන්සේක ලා ගීතා කුමාරසිංහලා හෙම චිත්‍රපටි චරිතවලට අවුරුදු හතලිහේදීත් සුදු ගවුම් ඇන්දේ? දැකලා නැද්ද?

      Delete
    5. ඔතන තියෙන්නේ කුහකකම...තමන්ට සමාජේ කැපිලා පේන්න දෙයක් නැති උනාම මොකක් හරි අල්ලන් දඟලන ගොබ්බයො රැලක්....ඔය කාට හරි කියන්න එයාලගේ දුවෙක්ට, නංගි කෙනෙක්ට හෙට විශාකා එකේ ඉගෙනගන්න යන්න දෙනවා කියලා.... ඉස්සරහින්ම එයි ආඩම්බරෙන්....

      Delete
  10. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    ඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  11. ඔය යන විදිහට ඉස්සරහට සිගීරි චිත්‍ර වලත් ඇඳුම් අන්දන්න ඔනෑ කියයි..

    ReplyDelete
    Replies
    1. කියයි නෙමෙයි. කියනවා. අනිවා කියයි..

      Delete
  12. http://lankacitizen.com/index.php/si/inside/front-page/22-cultural-prime/1910-the-visakha-walk-and-cattle-walk

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. හැකිනම් මේ ලිපිය සියලුදෙනාටම බලාගන්නට බෙදා හරින්න. මූලාශ්‍රය සඳහන් කළත් නොකලත් අපට ඉන් ගැටළුවක් නැහැ.

      Delete
  13. mm oya pagamana bala bala giya mt oka set une thunmuledi bus 1 thimbirigasyaya peththta 10 minutes late una mge pamenime deemanawen rs 500 kapuna mm oka sanwidhanaya karapu eunge ammawa thathtawa mathak kara kara giye.one magulak karata kmk ne parawal block nokara?meya sathya siduweemaki.oka thibbe saturday dawasakne?

    ReplyDelete
  14. කියන්න වචන නෑ........
    මෙන්න වදන් ටික .......

    ReplyDelete
  15. thopi wage gon panditha heththa nisa thamai ratata kelawenne...hithan inne poddak internet giyaata, film tikak balala, wachana tikak igena gaththama loweth uthum porawal kiyala

    ReplyDelete
    Replies
    1. දන්න රෙද්දක් හෝදගෙන හිටපං මී හරකෝ.. එනව මෙතැන පොරටෝක්ස් දෙන්න.. අඩුමගානේ ලෝක ඉතිහාසය එපා ලංකා ඉතිහාසය වත් ඉගෙනගෙන ද මෙතැන රඟන්නේ? ඇයි විශාකාවෝ පාරේ නටනකොට තමුන්ගේ රෙද්දේ ගූ යනවද? සුද්ද සිංහලෙන්ම අහන්නේ..

      Delete
    2. ^ඇයි බං උඹ මෙච්චර කඩේ යන්නෙ? කාට පේන්නද? :P

      Delete
    3. හරි දේ වෙනුවෙන් කතා කිරීම කඩේ යාමක් සේ දකින්නේ වෘෂණ කෝෂ ඇතුළේ ජනක සෛල නැති, වාතය පමණක් ඇති උන්දෙලා ය.

      Delete
  16. Math Visakhian kenk aneka guruwariyak.. Pasledi lingika adyapanya denwa kiyanka man nam thdinama wiruddai .... ape ammla thatthla iskoledi owa igannuwada? namuth mee hondat pawl jeevithe geniyanne.... ewa ee ee waysta apuwama ona kenk igena gannwa..... ape arta me living together wage ameriave ratak neme ne...Anemanda . meke depatthak thiyanwa.... Mamth visakhian kenk .. Math nodanna kaledi ohoma natuwa.... eth atthtama balddi Viskhaviya Vessewath diwwe naha sanwarwa gaman kala kiyana eka.... Ganu lami pare natnna honda na kiyana ekai mage hangeema.... mokada nama Viskha nisa.... ground ekedi ona thram natuwata kamk na.. ee pasala thuladi nisa..... Man nam kiyanne sanwarwa pagamana gihin gound ekedi vinoda wunata kamk na kiyala ......

    ReplyDelete
    Replies
    1. teacher keneklu, vishakian keneklu... mole honda nadda? Living together concept eka hari laamakai ban lankawe sinhala bauddayan ge thibba charithra walata wada. Ahala nadda eka gei kaama, binna baheema, baddata anna yaama wage dewal? Gang bang, living together and one night stands wala origin eka mehe thama thibbe.

      Lingika adyapanaya hariyata dunnanam ape unta me thiyana asahane iwara wewi boho durata. Niyama widihata ekinekata garu karamin winoda wenna igena ganee minissu. Yako kasada bandina eka maha loku baliyak nemei... ewa asse indan jeewith kaalema duk windina ewun lankaawe inne.

      Ass weyan teacher kamin, gedara gihin kawum badapan lamayinta paw nodee.

      Delete
  17. මේ පා ගමන පිළිබඳ සියල්ල මම දන්නවා. මගේ ඩුවත් ඕකට ගියා. ගියා විතරක් නෙමේ කෙල්ල හොද විනෝදයක් ද ලැබුවා. වැස්සට තෙමිලා වාහනේ එක්ක එන්න බැරි තරම් මම ආපහු එක්ක එන්න යනකොට.

    දැන් මේකට මොක ද වෙන්නෙ? මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ???? මගේ දුව ජීවත් වෙන්නෙ මහ නගරයක් මැද. අර ජල උද්‍යානය තියන නිසා දැන් ඇවිදින්න තැනක් තියනවා. නැත්නම් මම ඉස්සර ළමයව මාතර එක්ක යනවා පොඩ්ඩක් ඇවිදලා මඩ ටිකක් ගාගන්න.

    මේක කළේ තනිකරම මූල්‍ය පරමාර්ථයෙන්. ඒකේ වරදක් නැහැ. මගේ මිතුරන් හා එක් වෙලා මමත් එයට දායක වුනා.

    ඒ අතරම ළමයි හොද විනෝදයක් ලබා ග්ත්තා. වරදක් තියනව ද????????

    ReplyDelete
    Replies
    1. වරද තියෙන්නේ ඔබ කාගේවත් නෙවෙයි. ඔය කෑගහන කුහකයන්ගේ...

      Delete
  18. mata hithennet me wage kello marry karana ewunta dewiyangema pihitai.mun nikam badu wagene,maha pare mehema hasirena kellonta karanna bari deyakaut na.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිංගික අසහනය හැමෝටම බලාගන්නට දිගහැර පෙන්වීම ගැන මගේ බලවත් ස්තුතිය!

      Delete
    2. ^කඩේ යනව කියල මෙහෙමත් කඩේ යනවද? හි හි...

      Delete
    3. පශ්චාත්භාගදානය කරනවා කියල මෙහෙමත් දන්දෙනවද දෙයියනේ කියල තමා අපිටත් අහන්න වෙන්නේ..

      Delete
    4. "තහනම්" කියන්නා වගේ අර අම්ම වගේ ගෑනු සහ බඩු ගෑනු නිර්ණායකය පදනම් කර ගන්න තවත් එක උදාහරණයක් ඔය උඩ ඉන්නේ.. :)

      Delete
  19. tawa photo ekaka tibuna ara hindi film wala wage kattiya wasse adum temagena gedi 2 hodata pena widihata photo aran. me malli ewa ehema dakke nadda manda.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබතුමා එදාමද ගෑණුන්ගේ ගෙඩි දැක්කේ? මීට කලින් ගෑණියෙක් ගේ තනයක් දැකලම නැද්ද?

      Delete
    2. තහනම් වචන මල්ලිට හරියට මල පනිනවා නේ? අයියෝ සල්ලි :D

      Delete
    3. මළ පැනල නම් නෑ හැබැයි හිරිකිතයි.. උඹලගේ රෙද්දේ සදාචාරවාදය ගැන..

      Delete
  20. ඔය පාගමන ගැන මන් හොඳට දන්නවාවුන දේ සහා වෙච්ච දේ මොකද එදා මාත් ඔතන හිටිය නිසා මට නම් එදා හුඟක් සතුටු දවසක් මොකද අවුරුදු ගානකට පස්සේ හුඟක් පරණ යාළුවො හම්බවුන නිසා

    අනික කළු පාට කන්නාඩි දාගෙන බැලුවොත් ඔක්කම පෙන්නේ කළුපාටට

    hats off අයියේ ඔයාගේ මේ ලිපියට
    ලියන්න ඔනේ ඔක්කම වදින්න ඔනේ තැනටම වදින්න ලියලා තියනවා

    ReplyDelete
  21. "තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා"
    සියලුම මුස්ලිම් අය්යල එහෙම නැත.තමන්ගේ අලංකාරයක අන් ප්රිමින්ට පෙන්වීමට අකමැති සිය කැමැත්තෙන් එසේ කරන මුස්ලිම් කාන්තාවන් සිටිති

    ReplyDelete
  22. some scream muslim women should not wear hijabs... and again they scream Buddhist or sri Lankan women should cover their body head to toe.. what is the difference?? there is only one word to describe this "Hypocrisy" MEN WHO HAVE NO SURE ABOUT THEMSELVES SCREAM SAYING "YOUR DRESS IS PROVOKING ME.."

    ReplyDelete
  23. "විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි."

    මේක ඔයා හිතන හැටි නේද? මේක තමයි නේද හොදටම රැඩිකල් විදියට මාකට් කරන්න පුළුවන් එකත්?

    "අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා."

    අම්බ රැඩිකල් / ලිබරල් වුනාම මෙහෙම පුළුවන් ඇති. හැබැයි මේක ඔස්ට්‍රේලියාවේදී කලා නම් ඩොලර් 250ක් දඩ. ඔන්න පට්ට ලිබරල් සංස්කෘතිය. අනික මේක මාකට් කරන්න බැරි ප්‍රකාශයක්.

    ReplyDelete
    Replies
    1. පාර වහන එක වෙනම ප්‍රශ්නයක් නේ. ඒක නිසා මගීන්ට හිරිහැරයක් වෙනවා තමයි. එහෙම නම් අපි පාරවල් වහන එක ගැන කතා කරමු. ළමයි ඩෙනිම් ඇඳන් ගිය එක එතකොට අදාළ නැහැනේ. :)
      එතකොට මතුවෙන පළවෙනි කාරණේ තමයි, පාර වහන්නේ විශාඛා පාගමන ට විතරද?

      ඕස්ට්‍රේලියාවේ කොච්චරවත් පැරේඩ් වලට පාරවල් වහනවා. :D
      අනිත් එක ඔයා දැන් කියන විදයට දඩ ගහන්න ඕනේ කාටද? පාර වහන්න අනුමැතිය දුන්න අයටද?

      Delete
    2. [පාර වහන්න අනුමැතිය දුන්න අයටද?]

      හද පෙන්නුවම ඇගිල්ල බලනවා. ලංකාවේ ලිං මැඩියන්ට තේරෙන්නේ ඔය ටික විතරයි. පාරේ හූ කිය කිය යද්දී මිනිස්සු complain කලොත් බඩු බනිස්. මේක තනිකරම මොනව හරි මේ බොගේ මාකට් කරගන්න ගහන ගැටයක්. බොගවර්දනයා ලියනව, මූ විවේචනේ කරනව, උඹල විසිල් ගහනව, මුන්ට හිට්ස් වැටෙනවා, හිතින් පොර වෙනවා.

      Delete
    3. පාරෙ හූ කියන එකට [අපි නිකමට, එක මොහොතකට හිතමු එහෙම කළාය කියල.. එහෙම හූ කියන එක‍ට] චෝදනා කරනවා නම් එතකොට පාරෙ පෙරහැර යන ඒක ගැන මොකෝ කියන්නේ? අනික දැන් මේ පාගමනෙන් වෙච්ච ලොකුම හානිය හූ කීම මයි කියමු. දැන් එතකොට තංගල්ලේ කුඩු කරපු කඩ වලට වගකියන්නේ බාප්පද?

      බොගවර්ධන මහත්මයා බුකියේ යම් මතවාදයක් නියෝජනය කරනවා. ඊට අනුව ඔහුට මේක වැරැදියි. ඔහු පාගමන විවේචනය කරනවා. දැන් අපි ඔහුගේ විවේචනය විවේචනය කළාම ඒකත් වැරැදියි. දැන් මොකද්ද අපි කරන්න ඕනේ එතකොට? එක එකා ඕනේ ඕනේ විදියට මඩ ගහද්දී බලං ඉන්න ඕනේ ද?

      තහනම් වචන හිට්ස් බලාපොරොත්තුවෙන් ලියන බ්ලොගක් නොවේ. එය වනාහි සමාජයීය, කාලීන දේවල් පිළිබඳව කිසිවෙක් කතා නොකරන දේ කතා කරන බ්ලොගකි. රටේ සිදුවෙන හැම දෙයක්ම සාකච්ඡා කරන්නට අපට වෙලාව නැතිමුත් බලා ඉන්නට බැරි මට්ටමේ හිරිකිතය දනවන අවලාද වලට නම් පිළිතුරු දිය යුතුමය. අප ලීවේ එබැවිනි. අකැමැති නම් නොබලා සිටියාට කම් නැත.

      Delete
    4. පෙරහැරේ ඇතාJuly 16, 2013 at 6:21:00 AM GMT+5:30

      <>

      පෙරහැර කියන්නේ බෞද්ධ සංස්කෘතියේ වැදගත් අංගයක්. එක කාටවත් කරදර වෙන විදිහට පවත්වන්නේ නැත.

      Delete
    5. @AnonymousJuly 15, 2013 at 11:09:00 PM GMT+5:30

      ඇඟිල්ල දිහා බැලුවේ මම නම් නෙවෙයි. මම කිව්වේ ප්‍රශ්නේ ඇත්තේ පාරේ යන අයට කරදර වීම නම්, ඒකට විතරක් අදාළ දේවල් කතා කරමු කියලයි. ඩෙනිම් ඇඳීමත්, බෞද්ධ කමත්, තව අර ලියල තියෙන මහා ගොඩක් දේවලුත් ඒකට අදාළ නැති දේවල් නේ.

      කොහොම උනත් අනේ ඔස්ට්‍රේලියාව ගැන කියල දුන්නට ගොඩක් ස්තුතියි. :D :D: :D

      Delete
    6. @niroshiniJuly 16, 2013 at 8:36:00 AM GMT+5:30

      මෙයාලට ස්ථාවරයක් නැහැ. එකම අරමුණ මොන බම්බුවක් හෝ කරලා මඩ ගැසීම පමණයි. ඔබ පාරෙ උදවියට කරදර වෙන එක ඇහුවොත් මෙයාල ඩෙනිම ගැන කියයි. ඩෙනිම ගැන ඇහුවොත් බෞද්ධ පාසැල් වල ඉතිහාසේ ගැන කියයි. ඉතිහාසේ වරද ඇහුවොත් සදාචාරේ ගැන කියයි. සදාචාරේ වැරැද්ද ඇහුවොත් අම්ම මතක් කරලා බණීවි. ඒ නිසා මෙයාලගෙන් ස්ථාවරය අහන්න එපා. කණ පැලෙන්න, කරකැවිල වැටෙන්න දෙන්න. එච්චරයි.

      Delete
  24. Test tube gahagenada dan na giye???

    ReplyDelete
    Replies
    1. උඹේ අම්මගෙන් අහපං එහෙමද උඹව හැදුවේ කියල.

      Delete
    2. Tho hithuwada api ponnayo kiyala aa pako.

      Delete
    3. පොන්නයෝ නෙමෙයි නම් මෙහෙම ගූ වැඩ කරයිද යකෝ..

      Delete
    4. AnonymousJuly 14, 2013 at 3:25:00 PM GMT+5:30

      දැන් ටෙස්ට් ටියුබ් එක වෙනුවට ඔබතුමාගේ ජනනේන්ද්‍රිය තිබුණා නම් කියන වේදනාවද ඔබතුමාට තියෙන්නේ?

      Delete
  25. Ane pako ubalage ammata hukaganin keri wesige putha. ponna hutta. palayan keriyo yanda

    ReplyDelete
    Replies
    1. සොරි මචං උඹේ අම්මව උඹ විකුන්නට අපි එහෙම නෑ..

      Delete
    2. ane pako thone thoge ammata hukanne keriyo

      Delete
    3. මේ කමෙන්ට් එකක් වත් අප මකන්නේ නැත. මෙවැනි ලිංගික අසහනකාරයෝ සිතන හැටි රටටම පෙනෙන්නට මේවා මෙසේම තබන්නෙමු.

      Delete
  26. 100% ekagai me lpiyath ekka

    ReplyDelete
  27. අපේ කාලේ ඕවා තිබුණේ නෑ, තිබුණානම් යනවා සහයෝගෙට!

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපිය ලියන්නේ ක්ලබ් ගැන, කකා.. මේ ලබ්බේ ඊනියා සදාචාරවාදීන්ට රිදෙන්නේ කොතනද, එතනට හොය හොයා ගහනවා මින් ඉදිරියට..

      Delete
  28. Sex education, these fucking noobs needs SEC EDUCATION -.-
    Modayo godak eka thena goma paaganawa wage nikan!!

    ReplyDelete
  29. පට්ට ලිපිය පට්ට සිංදුව !!!

    ReplyDelete
  30. තව කියන්න දෙයක් ඉතුරු කරලා නෑනේ. මුන්ට පිස්සු කියලා අපිට පිස්සු නෑනේ. මුන් මේ විශාකාවේ පෙරහැර ගැන කතා කරන්නේ. බෞද්ධ පෙරහැර ගැන කතා කරපල්ලකෝ.. ඊයේ මිහිඳු පෙරහරක් දැක්කා. සිංගාරක්කාරයන්ට වඩා උන්නේ ට්‍රම්පට් සෙට්. කොල්ලෝ කෙල්ලේ එකසිය ගානට දේශීයත් නොවන විදේශීයත් නොවන ඩානස් දානවා. විසිල් ගහනවා තාලේට. හාමුදුරුවොත් වඩිනවා බොහොම සන්තෝසෙන්. සුද්දො හිනා වෙවී බලාගෙන ඉන්නවා. තව ටික දවසකින් හාමුදුරුවොත් කාවඩි නටයි.. පෙරහැරේ වැඩි පිරිසක් බීලා... ටිකක් නෙමෙයි.. කන පැලෙන්න..

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපි සේරම ලියන්නේ මේ ලබ්බේ සුදුසළුකාරයන්ට කහරෙදිකාරයන්ට රිදෙන්න තමා මාතලන්...

      Delete
  31. පෝස්ට් එකක් ලියන්න හිතුනත් වැඩක් නැති නිසා නොලිය හිටිය..
    කියන්න තියෙන්නේ මුන්ට පිස්සු කියල තමා.
    විශාකාවෝ ටික පාගමන ගිහින් ඉවරයි මේ මානසික රෝගියෝ ටික තාම ඒක කරේ තියාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැයි කියල අපි කටවහගෙන හිටියොත් ඒක බාහිර සමාජය ඉදිරියේ පෙනෙන්නේ වරද පිළිගැනීමක් විදියට.. ඒ නිසා ලියන්න.

      Delete
  32. ලිවිය යුතුම ලිපියක් රිදෙන්න ලිවීම ගැන මගේ ප්‍රණාමය..

    ReplyDelete
  33. දුක තමයි. තමන්ට, තමන්ගේ ළමයෙක්ට යන්න බැරි වෙච්ච දුක ඔය පිට දාන්නේ......ඔය අයියලා, අක්කලා මොන බයිලා ගැහුවත් හිත යටින් ආසාව තියෙන්නේ තාම අංක එකට ඉන්න විශාකා එකට තමන්ගේ එකෙක්ව දාගන්නයි.

    ඕවාට කියන්නේ "කුහකකම"

    ReplyDelete
  34. 100% එකඟයි මචං..

    ReplyDelete
  35. mun degollantama pissu...kisima vadakata nathi deyak

    ReplyDelete
  36. මේ ලිපියට බොහොම ස්තූතියි.

    ReplyDelete
  37. මට strippers ල හම්බවෙලා තියෙනවා හොඳ universities වල ඉගෙනගන්න අය :D . හැමෝම low life ගතකරන අය නොවෙයි, වැදගත් අයත් ඉන්නවා -_-

    ReplyDelete
  38. බෞද්ධ පාගමනක් නම් විනීතව යන්න ඕනේ , එහෙත් annual walk එකක් නම් ඉතින් පොඩ්ඩක් නටල ආතල් ගත්තාට කමක් නැත -_-

    අනික ඒ සිසුවියන් විනීතවනේ ඇඳගෙන ඉන්නෙත් :) nothing wrong in it :)

    ReplyDelete
  39. People criticize others for what they wear, how they behave but what matters is what is inside their head....oya sudano wage inna ayage hith....ganna deyak na! I love your blog just for writing something like this....Well done and Good Luck to carry forward with the truths you are going to uncover in the future.....It may be a hard path but at the end of the day when you read the comments and know that you have exposed those who needed to be exposed for a better future...You will feel it's all worth it!!! Thank You for clearing up that stupid person's stupid, meaningless article!!!Thank YOU!!!

    ReplyDelete
    Replies
    1. Thanks mate, feel free to read through the rest of our collection.

      Delete
  40. Are you bored with your own lame lives to write such an article??? Only people who have nothing better to do such a thing...Haven't you ever seen a girl wear jeans? This is the joke of the century...stop making fun of your own stupid selves and focus your energy on something else

    ReplyDelete
    Replies
    1. If you read carefully, THIS article is a response to that lame. This is actually in SUPPORT of VV. Read carefully.

      Delete
  41. බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛාවිරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහලබුඩිස්ට් වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත.. මෙබඳු බංකොලොත් චරිතවලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙඟන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි.. වඩා භයානක වන්නේ නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව යහපත් මිනිසුන්ගේ අක්‍රියත්වයයි යන්න වෙන කිසිඳු තැනකට වඩා මොවුන් සම්බන්ධව අදාළ වේ.. ශ්‍රී ලාංකිකයින්ගෙන්, විශේෂයෙන්ම අන්තර්ජාලයේ ලිපි කියවන්නන්ගෙන් අති මහත් බහුතරය මඩවර්ධන ශූරීන් විසින් කරන ලද විවේචනය අනුමත නොකරන බව මට සහතික ය.. 5000කට අධික ශිෂ්‍ය සහ ආදි ශිෂ්‍ය සහභාගිත්වයෙන් පාගමන සාර්ථක ලෙස පැවතුණ අතර ඉන් මසක් පමණ යන තුරු කිසිම විවේචනයක් ඒ වෙත එල්ල නොවී ය.. එහෙත් මඩවර්ධන තුමාගේ ස්ටේටස් එකත් සමග පිදුරු ගොඩට ගිනි ඇවිලෙන්නාක් මෙන් පාගමන්කාරියන් "සමූහ දූෂණය" කිරීමට අවජාතකවාදී හැත්ත බුරුත්ත ඉදිරිපත් විය.. මෙයින් පෙනී යන්නේ කුමක් ද?

    1. විවේචනය එල්ල වන්නේ පාගමන ගොස් මසකට පමණ පසුව ය.
    2. මෙම පාගමන ගිය පළමු වතාව මෙය නොවන අතර මඩවර්ධන තුමා ෆේස්බුකියේ රක්ෂාව පටන්ගත්තාට පසු පවා මෙබඳු පාගමන් කොතෙකුත් ගොස් ඇත. එනයින් පෙනෙන්නේ මඩවර්ධන තුමා තුළ පාගමන කෙරෙහි ඇති විවේචනය සෘජු, අවංක එකක් නොවන බව ය.. එක්කෝ විශාඛාව සමග කලින් නොතිබූ කෝන්තරයක් එකවර මතු වීමෙන්, නැතහොත් වෙනත් මාතෘකා ඔස්සේ සිදුවන මතවාදී කෙළවීම වසා ගන්නට ඩයිවර්ෂන් ප්ලෑන් එකක් වශයෙන් මෙම විවේචනය ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකි ය..

    එමෙන්ම මඩවර්ධන තුමා ඇතුළු ජාතිවාදී (යයි කියාගන්නා නමුත් ඇත්තෙන්ම අවස්ථාවාදී, දේශද්‍රෝහී, අවජාතක ) නඩයේ සියළු ප්‍රචාරයන්හි එක් පොදු ලක්ෂණයක් ඇත.. එනම් පොළව මත ඇත්තෙන්ම නොපවතින, හට නොගැණුනු විරෝධයක්, කලහයක් කෘත්‍රිමව ඇති කිරීමට එම ප්‍රචාර සමත් වීම ය.. ඩැඩී (හෙවත් ගයාන් පෙරේරා මහතා ) ගේ "ටිකෙන් ටික" ගීතය ආශ්‍රිතව මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර එහිදී එම තත්ත්වය සෑහෙන දුරකට අධ්‍යයනය කිරීමට අපට හැකි විය.. 2011 නොවැම්බර් මාසයේ රිලීස් වී අතිශය ජනප්‍රිය වන එම ගීතයට විවේචන එල්ල වන්න්නට ගන්නේ 2012 පෙබවරාරි සිට ය.. එනම් මාස දෙකකට පසු ය.. එම විවේචන ආරම්භ වීමට හරියටම පැය කිහිපයකට පෙර සිංහල බුඩිස්ට් අඩවියේ ඒ ගැන ලිපියක් (සහ ඉන් පැය විසිහතරක් ඇතුළත මඩවර්ධන ශූරීන්ගේ ප්‍රොෆයිලය, ප්‍රොටෙක්ට් බුඩිසම් පේජය සහ සොරි.කොම් පේජය යන සියල්ලෙහි එකම කොපි පේස්ට් දැන්වීම පළ වීම ) කිසිසේත්ම අහම්බයෙන්, ස්වභාවිකව සිදු වූවක් නොවේ.. එහෙත් එම ප්‍රචාර වලට වහ වැටුණු ජහමනයා නම්, මෙදා විශාකාවන් දූෂණය කිරීමට මෙන් එදා ඩැඩීගේ නෑ සනුහරේම දූෂණය කිරීමට ඉදිරිපත් වූයේ හරියට එම විරෝධය තමන්ගේ බොක්ක අභ්‍යන්තරයෙන් පැන නැංග එකක් මෙනි..

    ReplyDelete
    Replies
    1. bkthambugala නමැත්තා ඔහුගේ බමුණු කුලයේ වචන වලින්ම කිව හොත් පොල් කැඩීම නමින් මහජනයා සූරා කන්නෙකි.පවුද්ගලික චැනල් කාරයෙකි.මොහු එන් ජී ඕ ව්‍යාපෘතියක් කරන බව ඉතා පැහැදිලිය.මොහුගේ අවශ්‍යතාව තම ස්වාමීන්ගේ අධිරාජ්‍යවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයි

      Delete
  42. මේ සිදු වන්නේ කුමක් ද? වෙන කිසිවක් නොව සමාජයේ කැළඹීම් ඇති කරමින් සැබෑ ප්‍රශ්න වසන් කිරීමට (සහ එනයින් පාලකයින්ගේ හිතසුව සැලසීමට ) ගෙන යනු ලබන සංවිධානාත්මක නිර්ලජ්ජිත, පාපතර උත්සාහයකි.. බොංග මඩවර්ධන (යයි පෙනී සිටිනා අහවල් බොගවර්ධන ) ඇතුළු මෙම "පෙරගමන්කරුවන්" හට මේ සඳහා හොඳින් ගෙවනු ලබන බවට කිසිම සැකයක් නැත.. එමෙන්ම ඔවුන්ගේ මතවාදී බංකොලොත් බව පසෙක තිබියදී (මොන මතවාද ද? උන් කියන ලබ්බවල් එකක්වත් උන්ගෙ මතවාද යැ?) නූතන මනෝවිද්‍යාත්මක උපක්‍රම ආදියෙන් ඔවුන්ගේ කිසිම අඩුවක් නොමැති බව නම් පෙනෙයි.. ඒ.ධර්මපාල මහතාගේ පටන් ජේ.ආර්.පී සූරියප්පෙරුම දක්වා වූ තමන්ගේම කියා මතයක් නැතිකමින් පෙළුණු, එනයින්ම "සිංහල බෞද්ධ ජාතිකත්වය" නම් ව්‍යාජ මතවාදයට පණ පෙවූ ඊනියා දේශීය උගතුන්ගේ පිහිටෙන් මඩවර්ධනලාගේ වල් පැලෑටි රෝපණය කිරීමට සරු කෙතක් රට තුළ පැන නැගී ඇත.. සිංහල බෞද්ධ ජාතිකත්වය නම් බොරුව හරහා සිංහලයින්ගේ නැසී යන (නැසී යා යුතු ) ගෝත්‍රික අනන්‍යතාව කෙළින් කර නැගිටුවා ඇත.. එම ගෝත්‍රික සාමුහිකත්වය මඩවර්ධනලාගේ පච ප්‍රචාර වලට රිසි තෝතැන්නක් වී තිබේ..

    මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දිය හැකි හොඳම පිළිතුර නම් මුන් ගැන හොඳින් දැනුවත් වීම ය.. නිදසුනක් ලෙස බොගවර්ධන ශූරීන්ගේ ව්‍යාජ චරිතයට පණ පොවන ධනකාමී කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම්, ඔවුන් සිටිනා තැන්, ඔවුන් නිදියන ගැහැණු අතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විට අප හට ලැබෙමින් පවතියි.. ඒ පිළිබඳ නීතිමය සහ වෙනත් ප්‍රායෝගික පියවරයන් ගැනීම රට දැයි හිතකාමී අවංක මිනිසුන්ගේ යුතුකමක් වෙයි.. එලෙසම මොවුන්ගේ පච ප්‍රචාරයන් සහ එම ප්‍රචාර සඳහා උන් යොදා ගන්නා උපක්‍රම පිළිබඳ ජහමනයා දැනුවත් විය යුතු ය.. මොවුන් රටට, ජාතියට (හෝ ඔවුන් කියනා පරිදි සිංහල බුද්ධාගමට ) ආදරේ පිරිසක් නොවන බව ද තමන් හට මුදල් ගෙවන්නන්ගේ අභිප්‍රාය පමණක් ඉටු කරන බව ද තේරුම් ගත යුතු ය..

    කෙසේ වුව ද නූගත්, මෝඩ සම හරක් දෙනා ද විප්ලවකාරී කොල්ලො කුරුට්ටන් සහ කෙල්ලො කිරිට්ටියන් සමූහයක් ද මෙම පචයන් වටා එක් වීම වැළැක්වීම අපහසු ය.. දෙමාපියන් එදා වේල ගැහ ගසමින් හම්බ කර දෙන තුට්ටු දෙකෙන් යුනිටි ප්ලාසා හි මුස්ලිම් කඩ වලට ගොස් ලැප් ටොප් එකක් ද මුස්ලිමුන්ට අයිති මැලේසියානු ආසියාටා සමාගමෙන් ඩයලොග් ඩොන්ගල් එකක් ද මිලට ගෙන ෆේස්බුක් ලොග් වී, අර පචයින්ගේ පච වලට වහ වැටී ඒවා ශෙයාර් කරමින් කාලයත් ශ්‍රමයත් කා දමන යොවුන් සහ තරුණ කාලකන්නින් පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කරවිය යුතු ය..

    ReplyDelete
    Replies
    1. මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දිය හැකි හොඳම පිළිතුර නම් මුන් ගැන හොඳින් දැනුවත් වීම ය.. නිදසුනක් ලෙස බොගවර්ධන ශූරීන්ගේ ව්‍යාජ චරිතයට පණ පොවන ධනකාමී කුමන්ත්‍රණකරුවන්ගේ නම් ගම්, ඔවුන් සිටිනා තැන්, ඔවුන් නිදියන ගැහැණු අතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විට අප හට ලැබෙමින් පවතියි.

      පල පල ඩිස්පෙන්සරියා, උඹ කොහෙද ඕව හොයන්නේ. උඹ කරන බුල් වලට වතුපිටිවල ලෙඩ්ඩුන්ගෙන් ගුටිකාලා මැරෙන්නැතුව ඉන්න උඹ කරන්නේ හැංගෙන එකනෙ. එනව මඩවර්දනලගෙ තොරතුරු හොයන්න. මමත් මඩවර්දනට කැමැති නෑ. ඒත් උඹල වගේ කොන්දොස්තරලා ගොන් ටෝක් දෙද්දී ඉවසන් ඉන්න බෑ.

      Delete
    2. අම්ම ද බොල, මේ මොන කදෝපැණියෙක් ද මේ? යකෝ මට හැංගෙන්ඩ උවමනාවක් නෑ.. අපේ ගෙදර මේ පළාතෙ ඉන්න හැමෝම දන්නවා.. උඹට කොන්දක් තියෙනව නම් වරෙන් නියම නමකින්.. මගේ ටෝක් ඉවසන්ඩ බැරි නම් චූ කරලා නිදා ගනින්..

      Delete
    3. බෞද්ධ විරෝධී මේ පුද්ගලයා කුඩා ක්‍රිස්තියානි කල්ලියකින් යැපෙන්නෙකි.මොහුගේ සුඵෝඛභෝගී ජීවිතයේ රහස එයයි.මෙම ක්‍රිස්තියානි කල්ලිය ආගම් නො අදහන බව පිටතට පෙන්වන සයන්ටලොජි වැනි කල්ලියකි

      Delete
  43. <<. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය>>

    මමත් දෙයි හාමුදුරුවනේ කියල club එහෙම ගිහින් කෙල්ලෝ යාලු කරගෙන අරක කරනවා -_- , හැබැයි සීමාවක් ඇතුව.

    එහෙත් මම කවදා හරි බඳින්න හොයන්නේ නම් ඔබේ වචන වලින් කිව්වොත් අම්මා වගේ ගැහැනියක්ය :)

    ReplyDelete
  44. Big Match කාලෙට මහ හයියෙන් පාර දිගට කුණුහරුප කෑගහගහ යන අයියලත් මේ පාගමන ගිහිපු ගෑණු ළමයිට සදාචාරය උගන්නන ලෑස්ති වෙන එකට තමයි ලෝකේ තියන ලොකුම විහිලුව.

    ReplyDelete
  45. මගේ අදහස නම් විශාකා පා ගමන වැනි දේ උහුලා ගැනීමට බැරි කාන්තාවන් මනුශ්‍යයන් ලෙස දකින්න අමාරු අයයි. ඒ අය කාන්තාව ගැන සිතීමට කැමති තමාට ලිංගික සතුට දෙන සහ දරුවන් හදා දෙන භාණ්ඩයක් ලෙසටයි. සදාචාරය ඉස්සරහට දාගෙන විශාකා සිසු දැරියන් සහ ආදි සිසු සොවුරියන් යමක් ස්ංවිධානය කිරීම, විනෝද වීම හෙලා දකින්නේ ඒකයි. ලිපිය ලියූ තහනම් වචනට සහ සහයෝගය දෙන සැමට ස්තූතියි. විශාකාවන්ට සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. එකම කල්ලියක් මේ පිටුපස සිටින බවත් බ්ලොග් ලිවීම ද එම අන්තවාදීන් විසින් මෙහෙයවන බවත් ඔවුනට හොදට බටහිරයන් විසින් ගෙවන බවත් අපි දන්නෙමු

      Delete
    2. ඔබට ඇත්තේ paranoia නම් වූ මානසික ව්‍යාධියකි, සැමට මිතුරු.

      Delete
  46. කෙටියෙන්ම කියනවනම් 'ගොඩයන්ට මැජික් බං';-)

    ReplyDelete
  47. thankyou for supporting VV this people should seriously in need some atitude adjustment

    ReplyDelete
  48. This Ranga person's completely insane!
    This was my first Annual walk after I left school & of course we wore jeans & even some of our mothers & grand mothers who studied in Visakha also were there. So according to him we are all....

    ReplyDelete
    Replies
    1. who the hell cares what Ranga Jayawardene thinks Nangi? He's not even a genuine person, but a fake profile created by a clandestine gang who post any damn thing for money.. People who maintain that profile are the type who give their life for booze and strippers.. We have credible information that they and their women live unspeakable low lives with the money they receive for their wicked propaganda and smear campaigns.. Even the Sinhalabuddhist.com page that repeated the same rhetoric, is maintained by same gang..Their evil deeds are now coming to light and their popularity declining by the day.. Believe me, their days in cyberspace are numbered.. Therefore dear Visakhians, do not get carried away with what those jerks have to say.. Keep up the good work and keep doing what you are doing..

      Delete
  49. HEMADENAGE DENAGENIMA PINISAI... MEA BLOG EKA KARANA EKA KRISTIYANI ANTHAWADIYEK....! MU KARANNE PALLIYE KONTHRATH EKAK... BALAGENAI

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව දැමු ඔබේ අවධානය පිණිස, මෙන්න මේ ලිංකුව බලන්න.

      කතෝලික පල්ලියෙන් කොන්තරාත් ලබන අන්තවාදියකුට, වතිකානුවේ සමලිංගිකත්වය ගැන කතා කළ හැකි ද?

      Delete
  50. අන්තවාදීන්ගේ අං ගැලවීමට වඩා අපේ වැඩය කිරීම වැදගත්ය. ඔය නැටුවා දැඟලුවා යැයි කියන විශාකාවියක් තනි පංගලමේ හමු වුනොතින් අං උඩ යන්නේ නැති අන්තවාදියෙක් නැති බව ප්‍රත්‍යක්ෂයෙන් කියමි. අප අන්තවාදීන් ප්‍රතික්ෂේප කළ යුත්තේ එබැවිනි

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.