logo banner

Friday, December 21, 2012

සුබ හලාල් නව වසරක්!

පසුගිය කාල වකවානුව පුරා ලංකාව තුල සිදු වූ දේවල් දෙස හැරී බලන කළ මෙය ලෝකෙන් උතුම් රට නොවන්නේ කෙසේදැයි පැනයක් මතු වන්නේ මය. ඉසෙඩ් ස්කෝර්, මුතුරාජවෙල රත්තරන්, කන්ගැට්ටා ගේ මිෂන් ඉම්පොසිබල්, කොළොන්නාවේ ෂූටිං ස්ටාර්, දුටුගැමුණු කඩුව, හලාවත බිලි පූජා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, දඹුල්ලේ හලාල්, සීයට හය, අග විනිසුරු තුමියට එරෙහි දෝෂාභියෝගය, කොළඹ නයිට් රේස්, සිට දැන් දැන් පිටසක්වල ආක්‍රමණ දක්වා හොලිවුඩයෙත් නැති නානාප්‍රකාර විසූක දස්සන සියල්ලම බලා ගැනීමේ  වාසනා මහිමය අපේ පුංචි ලක්වාසීන් හට ලැබී තිබේ. (අමතක වුනා.. රාවණා උමග? මීවනපලානේ උන්නහේ දැක්කා නම් මට විසුමක් වෙන්නේ නැත.)

මේ ටික අතරට එකතු වී ඇති අලුත්ම මාධ්‍ය සංදර්ශනය නම් බොදු බල සේනා සහ හලාල් ද්වන්දව සටනයි. ටික කලක පටන් අළු යට ගිනි පුපුරු සේ සැඟවී තිබූ ජාතිවාදය මේ තත්වයත් සමග නිර්භයවම හිස ඔසොවනු දැකිය හැක. හරි වැරැද්ද කෙසේ වෙතත් මොන මගොඩියක් කර හෝ චන්ද ටික සික්‍යූර් කර ගැනීමේ මහා බෝධිසත්ත්ව චේතනාවෙන් පෙළෙන අපේ පාර්ලිමේන්තුවේ අහිංසක කිරි සප්ප බබාලාට මේවා හොඳම කොලිටි සෙල්ලම් බඩුය. කොළඹ නගරයම වසා රේසින් තියන්නට හැමෝටම බැරි බැවින් පුළුවන් එකා එහෙම කරන විට බැරි උන් තම තමන්ට පුළුවන් ආතල් එකක් ගත යුතුය. ඔය පොඩි වලියක් දෙකක් කාරිය ගිහින් මිනිහෙක් දෙන්නෙක් වැඩිම වුනොත් දහයක් විස්සක් මලාට කමක් නැත. 

හලාල් නම් වූ දෙබර වදයට අප අත තබන්නේ මෙකී සන්දර්භය තුල විද්‍යමාන වන ඉහත කී සියලු කරුණු නොදැන නොවේ. කාගේ හෝ විහිළුවක් මැදින් කඩා කෙනෙකුගේ හිත පාරන්නට අපට අවැසි නැති වුවත් ටික දෙනෙකුගේ සිනාව උදෙසා වැඩි දෙනා අඬන කල්හි එය විහිළුවක් නොවන බව සිහියට ඒම, මෙම බ්ලොග් සටහන ලිවීමේ අරමුණයි.


හලාල් යනු "හොඳයි, කැපයි" යන අරුත් දෙන වදනකි. එහි තේරුම යම් දෙයක්, (කෑමක්, බීමක් පමණක් නොව, ඕනෑම දෙයක්) මුස්ලිම් ෂරියා නීතියට අනුව "කැප" බවයි. හරියට ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය බෞද්ධයන් හට කැප වන්නේ යම්සේද, මුහුදු මාළු මුසල්මානුවන් හට කැපය. එසේම මෙහි විරුද්ධ පදය "හරාම්" හෙවත් "නරක, පහත් සහ අකැප" යන අරුත් දේ. 

එක අයෙකුට සිය ආගමික නීතියට කැප දේ තවත් අයෙකුට අකැප විය හැක. උදාහරණ ලෙස හින්දුන් හට හරක් මස් කෑම අකැප මෙන්ම, මුසල්මානුවන් හට ඌරු මස් අකැප වේ. මෙහි විලෝමය සත්‍ය නොවිය හැක. කෑම බීම පමණක් නොව, බැංකු කටයුතු, ඇඳුම් පැළඳුම්, ආදී මෙකී නොකී සියලු ම දේ ඉස්ලාම් ෂරියා නීතිය යටතේ දැඩි පාලනයකට නතු වේ. (එහි හරි වැරදි සෙවීම මෙහි අරමුණ නොවේ). 

ගැටලුව ඇත්තේ හලාල් කෑම ගැන නොවේ. හලාල් නොයිල්ලන ප්‍රජාව මත බලෙන් හලාල් පැටවීම ගැනය. මා කෑම කන්නට කඩේකට ගියහොත් (මම නිර්මාංශික නම්) නිර්මාංශික ආහාර වේලක් ඉල්ලා සිටීම මගේ අයිතියකි. එය දීම හෝ නොදීම මුදලාලිගේ අයිතියකි. එතනින් කෑම හෝ නොකෑම යළි මගේ අයිතියකි. එසේම හලාල් ආහාර ඉල්ලා සිටීමට මුස්ලිම්වරයකුට ඇති අයිතිය අපි කිසි සේත් ප්‍රශ්න නොකරමු. අපට ඇති ගැටලුව මෙකී ක්‍රියාවලිය තුල මුස්ලිම් නොවන ප්‍රජාව මත බලෙන් පටවන කොන්දේසි ගැනය. 

ඔබේ ව්‍යාපාරය හලාල්ද? එසේ වන්නට පුළුවනි. නොවන්නටද පුළුවනි. ඔබ විකුනන්නේ ස්වාභාවිකවම හලාල් නොවන භාණ්ඩ නම්, ඔබට හලාල් සහතිකයක් ලබා ගැනීමට සිදු වේ. නිකන්ම හලාල් වන්නේ නැත. හලාල් සහතිකයක් තිබේ. එය ලබා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ජම්මිතුමිල් උලාමා නම් වූ ඉස්ලාම් ආගමික කාර්යාන්ශයෙනි. එය නොමිලේ ලැබෙන්නේද නොවේ. ඒ සඳහා වසරකට රුපියල් එක ලක්ෂ හැත්තෑ පන් දහසකට අධික මුදලක් ගෙවිය යුතු වේ. ලංකාව තුල ක්‍රියාත්මක වන මුස්ලිම් නොවන ව්‍යාපාර වලින් හලාල් ලකුණ දරන ව්‍යාපාර සංඛ්‍යාව 4500ක් පමණ වේ. මේ අනුව වසරකට කිසිම දෙයක් නොකොට අනුන්ගේ ව්‍යාපාර සහතික කිරීමෙන් පමණක් ඉස්ලාමිකයන් හට රුපියල් 787,500,000 /= හෙවත් රුපියල් මිලියන 787ක් උපයා ගත හැක. 

දැන් කාරණය වන්නේ මෙසේ මුදල් ගෙවා හලාල් සහතිකය ලබා ගන්නේ මන්ද යන්නයි. ඔබේ ව්‍යාපාරය මැද පෙරදිග ට යමක් අපනයනය කරන්නේ නම් හැර, ඔබ මෙම සහතිකය ලබා ගැනීමෙන් වෙන එකම සෙත, ලාංකීය මුස්ලිම් ප්‍රජාව ඔබට ආකර්ෂණය වීම පමණි. ලාංකීය මුස්ලිම් ප්‍රජාව අතරේ මුදල් ගැවසෙන බවට ඇති සමාජ මතය නිසා මෙම කරුණ තවත් සහතික වී තිබේ. ඔබ වසරකට ගෙවන එක් ලක්ෂ හැත්තෑ පන් දහස ට වඩා මුදලක් ඔබට වසරකට මුස්ලිම් වරුන්ගෙන් ලැබේද? එසේ වේ නම් ඔබ මේ සහතිකය ලබා ගැනීමේ ගැටළුවක් නැත. නමුත් සත්‍ය තත්වය නම් මෙසේ හලාල් ලකුණ ඉතා තදින්ම ඉල්ලන ආහාර පාන වෙළෙඳාමේ දී වැඩිම පාරිභෝගික සංඛ්‍යාවක් සිටින්නේ මුස්ලිම් නොවන ප්‍රජාව අතර බවයි. කොටින්ම කිවහොත් ඔබ හලාල් වීමට ගෙවන මුදලට සරිලන මුස්ලිම් ආදායමක් ඔබට බොහෝ විට ලැබෙන්නේ නැත. 

බොහෝවිට මෙය ඉල්ලා සිටින්නේ සානුකම්පිත ක්‍රියාවක් ලෙසය. "හලාල් නැතිනම් අප කන්නේ බොන්නේ මොනවාද" යන ගැටලුව ඔවුන් හට පණ නැගිය හැකිය. ගැටළුවක් නොමැත. හලාල් ආහාර ඉල්ලා සිටින්නවුන් හට හලාල් ආහාර ලබා දිය යුතුම බව, මේ සිංහල බෞද්ධ රටේ උපන් ප්‍රජාව වන අපි ඉතා තදින් කියා සිටිමු. බුදු දහම මත පදනම් වූ අපේ මේ පොළොවේ කිසිම මිනිසෙකුට, ජාතිය මත හෝ ආගම මත කිසිම වෙනස්කමක් හෝ මදි පුංචිකමක් සිදු නොවිය යුතු බව අපි ඉතා තරයේ අවධාරණය කර සිටිමු. අප මුස්ලිම් ඔබෙන් අසන්නේ එකම පැනයකි: හලාල් සහතිකය නොමිලේ දෙන්නට ඔබ සූදානම්ද? අපට වැඩක් නැති, අප හට කිසිම බලපෑමක් නැති මුස්ලිම් ෂරියා නීතියට හලාල් බද්දක් ගෙවීම අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. 

මෙහි අනෙක් පැත්ත වශයෙන් ගත්විට මුස්ලිම් ඔබ, මුස්ලිම් නොවන රජයකට බදු ගෙවන්නේද යන පානය ඇසිය හැකිය. මුස්ලිම් නීතියට අනුව මුසල්මානුවකුට, සර්ව බලධාරී අල්ලාහ් පිලි නොගන්නා පාලකයකු හට බදු ගෙවීම "හරාම්" වේ. මුස්ලිම් නොවන රජයකට බදු නොගෙවන ඔබ, මුස්ලිම් නීතියට අනුකූල භාණ්ඩ හා සේවා සඳහා මුස්ලිම් නොවන ප්‍රජාවගෙන් වක්‍රව බද්දක් අය කරගැනීම කෙතරම් සාධාරණද? 

මෙහි අරමුණ හලාල් විරෝධයක් ඇති කොට රට ගිනි තැබීම නොවේ. යුද්ධය ඇති කල්හි එය විකුණා ගෙන කමින් රට රැවටු රටකාපාළුවන් හට දැන් "යුද්දේ නැතුව පාළුයි" කියවෙන කාලයක, හලාල් නීතිය දඩමීමා කොටගෙන තවත් සිවිල් යුද්ධයකට රට ඇද දැමීමේ පරමාර්ථයක් තිබේ. ඔබ කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වෙතත් මෙකී කූටෝපක්‍රම පරාජය කිරීමේ අයිතිය හා වගකීම ඔබ සතුය. එහෙත් ඒ සමගම මෙවැනි ආගමික උපක්‍රම ගැනද දැනුවත්ව සිටීම ඔබේ යුතුකමකි. අපි අන්ත ජාතිවාදීන් නොවමු. අන්ත සමාජවාදීහුද නොවමු. අපි හුදෙක් රටවැසියෝය. අපි අප දකින සත්‍යය ඔබ හා බෙදා ගනිමු. 

ඇස් ඇත්තෝ දකිත්වා! 

3 comments:

  1. අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?

    http://yahamaga.com/?p=4486

    ReplyDelete
    Replies
    1. http://www.halaal.acju.net/sites/default/files/notices/attachments/2012-Dec/19.12.2012%20Lankadeepa.png

      මේකෙ විවේචන කොටස කියවා බලන්න. හලාල් කිරීමට අල්ලගේ නාමයෙන් පූජා නොකරන බවයි. කුකුල් මස් වගේ දේවල් එතකොට ලෙබ්බෙගෙ බාප්පාගෙ නමටද පූජා කරන්නේ? කුරාන් පැහැදිලිවම අල්ලාගේ නාමෙන් මේ ගෙල සිඳීම කලයුතු බව කියයි. මේ උලමලා කාවද අන්දන්න හදන්නෙ?

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.