logo banner

Saturday, December 29, 2012

හලාල් ගැන කිතුණු මතය (Answer to A.Manathunga)

පූර්විකාව හෙවත් අන්වර්ගේ පච වට්ටෝරුව

අපේ සිංහල බ්ලොග් අවකාශයේ සකීර් නායික්ගේ සිංහල අවතාරය ලෙස පෙනී සිටින අන්වර් මණතුංග හෙවත් අ.මනතුංග ගේ අලුත්ම ජෝක් එක වන්නේ හලාල් සහතිකකරණය ඉතාම විද්‍යානුකූල පදනමකින් යුක්ත බව සනාථ කිරීමට උත්සාහ දැරීමයි. හලාල් ආහාර ලොව කිසිම ආගමිකයකු හට අවලංගු නොවන බවත්, මේ වන විට ලොව බටහිර රටවල් බහුතරයක හලාල් ආහාර වලට ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් අ.මණතුංගයාණෝ ඉතාම වහසියෙන් යුතුව දොඩවනු අපට දකින්නට ලැබිණි. හලාල් ආහාර ගැන අප දන්නේ මොනවාද යන්න ගැන ප්‍රශ්න කිරීමට පවා ඔහු සූදානම්ව සිටී. අප ඔහුට වඩා නම් හලාල් ගැන දන්න බව අපට නම් සහතිකය. 

හලාල් වන්නේ කුමක්ද, නොවන්නේ කුමක්ද යන්න ගැන අප ඉහත දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ. එම ලිපිය ලියන කාලය වන විට අ.මණතුංග ගේ පච වට්ටෝරුව මේ තරම් දුරදිග ගොස් තිබුණේ නැත. අද අපි සැරසෙන්නේ එම මාතෘකාව යටතේම, ඊට වඩා වෙනස් කරුණක් ගැන සාකච්ඡා කිරීමටයි. ඊට පෙර කතාවට පූර්වාරම්භයක් ලෙස, වත්මන් ශ්‍රී ලංකාවේ ජාති සහ ආගම් ව්‍යාප්තිය ගැන මඳක් සිහි කැඳවිය යුතුය. 

1901 - සිංහල - 65.4 ලංකා දෙමළ - 26.7 ඉන්දීය දෙමළ - - මුස්ලිම් - 6.4 වෙනත් - 1.5
1971 - සිංහල - 72.0 ලංකා දෙමළ - 11.2 ඉන්දීය දෙමළ - 9.3 මුස්ලිම් - 6.7 වෙනත් - 0.8
1981 - සිංහල - 74.0 ලංකා දෙමළ - 12.7 ඉන්දීය දෙමළ - 5.5 මුස්ලිම් - 7.0 වෙනත් - 0.8
2012 - සිංහල - 74.9 ලංකා දෙමළ - 11.2 ඉන්දීය දෙමළ - 4.2 මුස්ලිම් - 9.2 වෙනත් - 0.5
උපුටා ගැනීම - 2012 දෙසැම්බර් 30 රාවය

සිංහලයන්ගෙන් 70%ක් පමණම බෞද්ධ බැවින් ඉතිරි 30% ආසන්නව කිතුණුවන් වේ යයි උපකල්පනය කළ කල්හි, එය 74.9 x 0.30 = 22.5 % වේ. එනම් අපේ රටෙන් 22.5% පමණ (ආසන්නව) කිතුනුවෝ (කතෝලික සහ ක්‍රිස්තියානි) වෙති. එසේනම් අපේ රටේ ආහාර පාන වලට දෙන සහතික ගැන කතා කිරීමට, මුසල්මානුවන්ට වඩා අයිතියක් කිතුණුවන්ට තිබේ. 


බෞද්ධ රටේ හලාල් මරණය



මස් මාළු කෑම නිසා පළමු සිකපදය බිඳෙන්නේ යැයි සිතන සමහර බෞද්ධයෝද වෙති. අප දන්නා තරමට නම් එහෙම වන්නේ නැත. "නිර්මාංශ මිථ්‍යාව" නමින් අපේ පැරණි බ්ලොග් අඩවි ලිපිනය යටතේ ඒ ගැන ලිපියක් පළකොට තිබිණි. යළි ඒ ලිපිය සොයාගෙන පළකළත් පාඩු නැතැයි ද සිතේ. සිකපදය බිඳුනත් නැතත්, මේ තරම් තිරිසන් විදියට සතුන් මැරීම කිසිම සංවේදී මිනිසකු අනුමත කරනවා වන්නට බැරිය. 

සරලවම කියන්නේ නම්, හලාල් ක්‍රමයට සතෙකු මරණ විට උගේ රුධිරය එහෙම පිටින්ම ගලා ඉවත්ව යා යුතුය. මෙය කවදාවත් ප්‍රයෝගිකව කරන්නට බැරි බව ජීව විද්‍යාව ගැන සරල දැනුමක් හෝ තිබෙන ඕනෑම පුංචි පහේ දරුවකුට වැටහේ. කෙසේ වෙතත් මෙසේ රුධිරය ගලා යන්නට නම්, සතාගේ හෘදය වස්තුව ක්‍රියා කළ යුතුය. ඒ කියන්නේ සතා මියයන්නේ අධික රුධිර වහනයෙනි. මෙසේ රුධිරය ගලා මියයාම කෙතරම් වේදනාකාරීද යන්න පහත වීඩියෝවෙන් නරඹන්න. මේ ඔබ දකින්නේ හලාල් ක්‍රමයට අනුව සතෙකු මරණ ආකාරයයි.

සංවේදී අය මෙය නැරඹීමෙන් වළකින්න! 





This video filmed by GAIA exposes the suffering caused by the Halal method of animal slaughter. As you can see the animals are not stunned before they are killed. Many animals endure several minutes of sheer panic and agony before they die. This slaughter is happening around the world including Europe. It is also happening in the U.K. 

මෙලෙස සතාගේ අවසාන මොහොත වනතුරු හෘදය වස්තුව ක්‍රියාකාරීව පවත්වා ගත යුතු නිසා, සාමාන්‍යයෙන් සතුන් මරන්නට පෙර විදුලි සැරයක් මගින් මොළය අකර්මණ්‍ය කිරීම මෙහිදී කළ නොහැක. මෙලෙස මොළය අකර්මණ්‍ය කළ විට සතා මැරෙන්නේ වේදනාවෙන් තොරවය. එහෙත් හලාල් ක්‍රමයට මරණ විට මෙසේ කළ නොහැක. මන්දයත් එවිට අර කී විදුලි සැරය නිසාම සතා මරණයට පත් විය හැකි වීමයි. සාමාන්‍යයෙන් යුරෝපීය රටවල සත්ත්ව හිංසා වැළක්වීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හලාල් වලට අතිශයින්ම විරුද්ධ ඒ නිසාය. අ.මණතුංගයාණෝ නොදන්නවාට හලාල් ක්‍රමයට සතුන් මැරීමට යුරෝපය පුරා ඉතා දැඩි විරෝධයක් පවතී. නමුත් එසේ ඇත්ත කියන කිසිම කොමෙන්ටුවක් ඔහුගේ අඩවියේ දමන්නට ඔහු ඉඩ දෙන්නෙ නැත. 

කිතුණු මතය: 



ජනගහණයෙන් 9.2% වන මුස්ලිම් වරුන් හට පමණක් වැදගත් වන හලාල් ගැන, ජනගහණයෙන් 22% පමණ වන කිතුණුවන් ගේ ඉගැන්වීම කුමක්දැයි අපි ඊළඟට බලමු.

ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-මෛදා[6:121] ...ගල් වලින් තැනු අල්තාර මත බිල්ලට දුන් දෑ ද, ... අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් කිසි නමකට කැප කරන ලද දෑ ද, ... ඒකාන්තයෙන් නුඹට තහනම් ම වන්නේය.

ශුද්ධ වූ බයිබලය, 1 කොරින්ති 10:18-22 ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමග සහභාගී නොවෙත් ද? [19] මා එයින් අදහස් කරන්නේ කුමක් ද? දේවත පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද? [20] නැත. මා එයින් අදහස් කරන්නේ මිසටිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමග ඔබ සහභාගී වෙනවාට මම කැමති නොවෙමි. [21] ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද සහභාගී විය නොහැක. [22] අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද? 

ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-අනාම්[6:121] යම් දෙයක් මත අල්ලාහ් දෙවිඳුගේ නම උච්චාරණය නොකරන ලද්දේ ද, එය ආහාරයට ගැනීමෙන් වළකින්න; මන්ද, බලනු, එය පිළිකුල් කටයුතු බැවිනි. යක්ෂයෝ මිනිසුන් අතර සිටින සිය පාක්ෂිකයන් ඔබ හා විරුද්ධ වීමට පොළඹවනු ඇත. එහෙත් ඔබ ඊට අවනත වුවහොත් ඒකාන්තයෙන්ම නුඹලා ආදේවවාදීන් වන්නාහු ය. 

ශුද්ධ වූ බයිබලය, නික්මයාම 20:2 "මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය." (මේ වනාහි දස පණතෙහි පළමුවැන්නයි)

ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය. 

ශුද්ධ වූ බයිබලය, ශුද්ධවර මතෙව් 15:11-20: "මිනිසා කෙළෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය"යි වදාළ සේක. ...[16] උන් වහන්සේ කතා කොට මෙසේ කී සේක. "ඔබට තවමත් තේරෙන්නේ නැද්ද?" [17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද්ද?.." [...] කී සේක.

කෙටියෙන්ම කියන්නේ නම්, දෙවියන් වහන්සේගේ මෙසයටත්, අල්ලාහ්ගේ මේසයටත් එකට වාඩි වීම කළ නොහැක්කකි. සෑම කිතුණුවෙක්ම මෙසේ නොසිතනවා වන්නට ඇත. එහෙත් මෙකී කාරනා නිසා බොහෝ කිතුණු ආගමික සංවිධානද, හලාල් කළ ආහාර තමන්ට අනුභව කිරීමට නුසුදුසු බවට තීරණය කරති. 

මෙන්න ඒ ගැන මුසල්මානුවන් නොවන අය හට වැදගත් විය හැකි තවත් ලිපි කීපයක්:


අන්වරයාණෙනි, හැකිනම්, දැන්වත් මේ අභියෝගයට පිළිතුරු දෙන්න. හලාල් ආහාර කිතුණුවන් හට කිසිම ගැටළුවක් නැතැයි ඔබ තවමත් කියන්නේද? 

තහනම් වචන සැමදා සංවාදයට විවෘතයි! 

6 comments:

  1. මේ ලිපියෙන් අදහස් කරන්නේ කුමක්ද?මට නම් තේරුනේ නැහැ.මාත් කතෝලිකයෙක්.ඒත් අපේ ක්‍රිස්තියානින් බයිබලේ කරන්න එපා කියලා තියෙන දේවල් කරනවා.ඇමෙරිකාවේ සුද්දොත් එහෙමයි බ්‍රිතානයේ අයත් එහෙමයි ලංකාවේ සිංහල කතෝලිකයනුත් එහෙමයි.මන් දන්න
    විදියට බෞද්ධයන් වුනත් පන්සිල් පද කඩනවා.


    එත් මුළු ලෝකේ පුරාම මුසල්මාන්වරු කුරාණයේ තියෙන විධාන ඒ විදිහටම පිළිපදිනවා.ඒ අතින් මුස්ලිම් මිනිස්සු මේ ලෝකේ කුමන ආගමකට අයත් මිනිස්සුන්ට වුවත් ඉදිරියෙන්.

    ReplyDelete
    Replies
    1. ඔයා පරණ ගිවිසුමයි, නව ගිවිසුමයි පටලගෙන... මොසෙස් දතට දතක් කිව්වට අද බයිබලේ එහෙම තිබ්බ පලියට අන්තගාමී නොවන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිනීමෙන් පරණ නීති වෙනස් කලා, වයිරයට වඩා සාමයයි ඉගැන්නුවේ. කුරාණෙ වගේ බයිබලේ තියෙන්නේ දෙයියො කිව්ව ටිකයි කියලා දෙයක් නෙවෙයි. ඊට අදාල පොතුත් තියෙනවා. කුරාණේ හැදෙන්නේ මොහොමඩ්ට පහල උණාකියන දේව වාක්‍ය ටික පහු කාලෙක හිටපු අරාබි පාලකයෙක් එකතු කරලා, නොගැලපෙන ඒවා ඔක්කොම පුච්චලා, හරියි කියලා එක වෙලුමක් ඉදිරිපත් කලා, අනෙක් ඔක්කොම පුච්චලා. ඔය ඕත්න්ටික් නෑ කියන හදීසවල අපූරු කතා තියෙනවා!!! මොහොමඩ් ගැන.
      මුස්ලිම් ජාතිකයිනුත් එපා කියලා තියෙන දේවල් කරනවා! උදා: කුඩු වෙලඳාම, හොර බඩු ආදිය. සමහර විටෙක 'ඉදිරියෙන් සිටිනවා' කියලා කියන්නේ සල්ලී අතින් වගේ වෙන්න ඇති. නමුත් මෙලෝ රස්සාවක් නැතිව, ජැන්ඩියට ඉන්නමුස්ලිම් අයව ඔයා දැකලා ඇති. ඒ හුඟක් අය කරන්නේ, බිස්නස් කියලා මොනවද කියලා ටිකක් හොයලා බලන්න. අපි කවුරුත් නොදන්න, ඒත් මුස්ලිම් අය විතරක් දන්න බිස්නස් කියලා ජාතියක් නෑ. ඔවුන් කරන්නේ වැඩි ලාභයක් තියන් වැඩි මුදලකට විකිණීමයි. ඒ ඔවුන්ගේ ආර්ථික පැත්ත. හැබයි මුලු ලෝකෙම තමන්ගේ මිනිහවත් මරාගෙන අනික් අයවත් මරන, මිලේච්ච තත්වෙක තමයි එයාලා ඉන්නේ. මොකද මුස්ලිම් ආගමේ ඒවාට අදාල ප්තිපාදන තියෙනවා වෙන කිසිම ආගමක් අනුමත් නොකරන! ස්වර්ගයක් පෙන්නන ආගමක මෙලොව වස්තුව උපයන හැටි කියලා, මිනිස් මොලේ 'කචල්' කරන්න තරම් දෙයියන්ට පිස්සු වෙන්න බෑ.

      Delete
    2. මුසල්මානුවන් කුරාණය පිළිපදින්නේ මුසල්මනුවෙක් වීම කියන කාරණේ තුළ ඔවුන්ට දෙන මොළ ශෝධනය නිසා. තමා මුසල්මනුවෙක් වීම හරි ආඩම්බරයට කාරණයක් සහ අනිත් ජාතීන් ආගමිකයන් පහත් යයි කීම කුරාණයේ නැවත නැවත දක්නට ලැබෙන දෙයක්. අන්න ඒ නිසයි අප කියන්නේ ඉස්ලාමය යනු ආගමක් හෝ දර්ශනයක් නෙමේ, දේශපාලන මොඩලයක් කියල. එතන තියෙන්නේ අන් ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටීමට නිරන්තරවම ඔවුන් පෙළඹවීම.

      ඉස්ලාමය ආගමක් නොවන්නේ කෙසේද යන්න අපි වෙනම ලිපියකින් කතා කරමු!

      Delete
  2. ඉස්ලාමිකයන් හලාල් ගැන මේ තරම් ප්‍රබලව කතා කරන්නේ, ඒක ඔවුන්ගේ ආගමික අයිතියක්ය කියන පදනමින්. ඒ ගැන තහනම් වචන ලියන අපට කිසිම ගැටළුවක් නැහැ. ඔවුන්ගේ ආගමට අනුව ඔවුන්ට ලැබීමට අවශ්‍ය දෙයක් වේ නම් එය ලබා ගන්නට ඔවුන්හට සෑම අයිතියක්ම තිබෙනවා. නමුත් ජනගහණයෙන් 9.2% වන මුසල්මානුවන්ගේ "හලාල්" (කැප) අයිතීන් ගැන කතා කරන අපි, ජනගහණයෙන් 22.5% පමණ වන කතෝලිකයන් සහ ක්‍රිස්තියානින් ගේ ආගමික අයිතිය ගැන කතා කරන්නේ නැත්තේ ඇයිද යන ප්‍රශ්නය අපෙන් කෙනෙකු විමසුවා. ඔහුත් කිතුණුවෙක්. අන්න ඒ නිසා අපි තීරණය කළා හලාල් ආහාර කිතුණුවන්ට අකැපයි යන කතාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කරන්නට. එහෙම පරීක්ෂා කරන්නට තරම් අපට විශේෂඥ දැනුමක් නැති නිසා අපි අප සොයා ගත දේ පමණක් පළ කළා. අප පෙන්වූ මග ඔස්සේ හෝ යමින් කවරෙකු හෝ හලාල් ආහාර කිතුණුවන් හට කැපද, අකැපද යන කරුණ පිලිබඳ ගවේෂණයක් කරනවා නම් අප කැමතියි. මොකද විදේශ රටවල කිතුණුවන් නම් ප්‍රසිද්ධියේම හලාල් ආහාර තමන්ට නුසුදුසු බව ප්‍රකාශ කරන නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ඔය හලාල් කියන එකෙන් කිසි වැඩක් නැහැ.අපි මුස්ලිම් වරුන්ට වඩා විනෝද ජනකයි.ඕන කෑමක් බීමක් අපිට ඔට්ටුයි.ඉතින් ඇත්තටම අපි ඔය හලාල් කියන එක ගැන දන්නෙත් නැහැ හරියට. ඒ වගේම අපිට වැඩකුත් නැහැ.අපි ඕන මසක් කනවා.පෞද්ගලිකව මම ඌරුමස් වුනත් කනවා.

      බලද්දී අපිට ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ.

      Delete
    2. නිශාන්, ඉස්ලාම් ගැන ටිකක් කරුණු හොයලා දැන ගන්න. ප්‍රමුණේ රාලගේ අටුවාව හොඳ තැනක් ඒකට. මමත් ඉස්සර මුස්ලිම් අය කිව්වම වෙනස් විදියකට තම්යි හිතන් හිටියෙ. ඒත් එයාලා අපිව මොන තරන් අන්දලාද කියලා දැනගන්න. ඒක වටිනවා! කොටින්ම හලල් සහතිකේ දෙන උලමා සන්ගමේ ලංකාදීපෙ ආටිකල් එකක් දාලා තිබ්බා හලල් ගැන. ඒකෙ තියෙනවා හලාල් කරද්දී අල්ලාට කැප කරන්නේ නෑලු කියලා. පට්ටම බොරුවක්! එයාලට ආගම වෙනුවෙන් බොරු කියන්න පුලුවන්! එයාලා ඒවා පාවිච්චී කරන්නේ අපිට විරුද්ධව! කොටින්ම අපි එයාලව යාලුවො විදියට ලඟින් ආස්‍රය කරන්න හැදුවත් එයාලට මුස්ලිම් නොවන අයව ලඟින් යාලුකම් පවත්වන් එකත් හරාම්! ඔන්න ආගම්!

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.