logo banner

Saturday, December 29, 2012

"ඉන්දියන් බැල්ලි"


පූර්විකාව


නව දිල්ලියේ බස් රථයක් තුළ සමූහ දූෂණයට ලක් වූ 23 හැවිරිදි තරුණිය අද සවස 2.15 ට අවසන් හුස්ම හෙළුවාය. අනේ අපට කමක් නැත. අපේ නෙමේ නේ? තව ටික දොහකින් අපේ වුන්ට ඕක මතක නැතිවනු ඇත. 





මේ ගැන පණ පුප්පා ගෙන අද මරහඬ දෙන ඉන්දියානුවන් හට මතක් කර දීමට අපටද කරුණු කිහිපයක් තිබේ. එනම් ඉන්දියාව යනු කිසිදා ස්ත්‍රියකට අතවර නොකරන රටක් බවයි. 






සති පූජා නමින් කතුන් පණ පිටින් පුළුස්සා දැමුවේ ඉන්දියාවේ නොව, පකිස්ථානයේ බවයි.






කුලය අනුව උරුම වූ ගණිකා වෘත්තියට කුඩා කළ පටන් ළදරු ගැහැනුන් (ළමයින් නොවේ) පුරුදු කරන්නේ ඉන්දියාවේ නොව අප්‍රිකාවේ (ද මන්ද) බවයි.





කොහොම හරි දැන් අර කෙල්ල මැරී තිබේ. (ඉතින් අපිට පාන්ද? )






අපට ඕව ගැන වද වෙන්නට කාරී නැත. වෙලාවකුත් නැත. මෙහෙ ෂෝයි රටකි. මෙහෙ ඕවා වෙන්නේ නැත. මෙහෙ කෙල්ලෙකුට නිරුවතින් පවා මහ මග බැස යා හැකිය. ඒ තරමට අපේ අයියලා සංවරය. අපේ කෙල්ලෝ එහෙම නොයන්නේ මෙහෙ අයියලා අර නංගිලා නොපෙනෙන්නට ඇස් දෙක තද කරගන්න නිසාය. අයියල පවු නේ? එහෙම හිතා ඇඳුම් අඳිනවා මිසක අපේ නංගිලාට ඇඳුම් ඇඳීමට කිසිම අවශ්‍යතාවක් නැත. සාරුවා සුනිල් හිටියේ මෙහෙ නොවේ, එරොප්පේය. රත්තරං ලා හිටියේ මෙහෙ නොවේ, හඳේ ය. සොත්ති උපාලි ලා චොප්පේ ලා හිටියේ මෙහෙ නෙමේ, අඟහරු ලෝකයේය. ඉතින් අපට මොටෝ අපේ මොටෝ? 

අනික මේ රටේ වේගෙන වේගෙන වේගෙන යන ආශ්චර්යය කන්දරාව හමුවේ ඕව බලන්නට අපේ උන්දෙලාට වෙලාවක් ද නැත. කලම්බු නයිට් රේස්, පිටසක්වල යානා, නිල්-කහ-රතු-සුදු-තැඹිලි වැසි, ගොන්සිරි බණ්ඩාර ගේ විස්මිත අනාවැකි, සූරිගේ මයිල් කෙලින් වෙන ලයිව් කොමෙන්ට්‍රි, පුරා විද්‍යා පචවර්ති ගේ ඇඟ සලිත වන ඉතිහාස කතා, රතුලීයේ අතන-මෙතන හිමිගේ ලේ කළඹවන ජාත්‍යාලය වඩවන දේශනා, රාවණාගේ උමග, දවසට එක ගානේ "අරින" චන්ද්‍රිකා, ඒ මදිවාට දැන් චංගුමී? කීයක් වැඩද මෙයා? ඔය ටික බලල ඉවර වුණාම හුදී ජන පහන් සංවේගය පිණිස නොමිලේ පෙන්නන ලොමු දැහැ ගන්වන ත්‍රාසජනක නාට්‍ය (උදා: වැලිකඩ ප්‍රිසන් බ්‍රේක්, කටුගෙයි කන්ගැට්ටා සමග මිෂන් ඉම්පොසිබල්, දුටුගැමුණු කඩුව, ඇමෙරිකානු කුමන්ත්‍රණ වලට එරෙහිව දේශයේ පංචායුධය) ම කීයක් තිබේද? කාටද ඕවට වෙලාවක් තියෙන්නේ? 


අපරාධය සහ දඬුවම


ගැටලුව එය නොවේ. එක්තරා අන්තවාදී ආගමික අදහස් දරන (මා ආගම කුමක්දැයි මෙහිදී කීමෙන් වළකිමි) පුද්ගලයකු මේ ගැන මට මෙසේ කියයි:

"කාලයට උචිත මාතෘකාවක්,මම කැමතියි මාගේ සිංහල සහෝදර සහෝදරියන්ගෙන් දැනගන්න, අපේ පැරණි සමාජයේ තිබුනා වචන දෙකක් 1. ලැජ්ජාව, 2. විලි ලැජ්ජාව , මේ වචන දෙකේ සැබෑ අර්ථ කථනය කුමක්ද?"

එතකොට මේ කෙල්ල රේප් උනේ විලි ලජ්ජා නැති විදිහට හෝ විලි ලජ්ජා නැති තැනක හෝ විලි ලජ්ජා නැති වෙලාවක උන්නු නිසා කියලද මචං උඹ ඔය කියන්නේ? 

අන්න හරි මචං.. නියම කතාව. ඔහොම තමා කරන්න ඕනේ පට්ට පඳුරු වේස බැල්ලියන්ට.. මුන් රෑ පානේ කොල්ලෝ හම්බ වෙලා වලත්ත කමට *කා ගෙන, බාගෙට ඇඳගෙන අපේ හැගීමුත් අවුස්ස අවුස්ස මෙතන යන හැටි.. ඔහොම තමා කරන්න ඕනේ. බස් එකට නගින කල් ඉඳල යකඩ පොල්ලකින් ගහන්න ඕනේ ඔලුවට. ඊට පස්සේ පිටිපස්සේ සීට් එකට ඇදගෙන ගිහින් මේකිගේ විසේ යනකල් එකාට පස්සේ එකා ගානේ දූෂණය කරන්න ඕනේ හුස්ම ගන්න බැරුව සිහිය නැති වෙනකල්.. අන්තිමට එක කරලා මදි වුණාම අර යකඩ පොල්ලත් ඔබන්න ඕනේ.. පර බැල්ලි.. ජීවත් වෙන්න දෙන්න එපා.. කකුල් දෙකම කැඩෙන්න ගහපන් අර යකඩ පොල්ලෙන්ම. ගහල විසි කරපන් පාරෙ කානුවකට. මැරෙන්න හරියට බැල්ලියෙක් වගේ. යකෝ මේක සදාචාරවත් රටක්. එහෙනම්!


ඇඳුම සහ විද්වත්තු


"ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්" කියා අපේ කතාවක් තිබේ. අන්න එකී කතාව සිහි ගන්වමින් දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දූෂණ ඉල්ලන් කෑම හමුවේ සජීවී විචාරයක් ගෙන ඒමට අපේ හිත මිත්‍ර අන්වර් මණතුංග මහතා සූදානම් වී සිටී. නොදන්නා සිංහලේට ගොහින් වරිගේ නහ ගන්නේ මක්කටෙයි (පමා වී හෝ) සිතුණු නිසා ඒ මහතා මෙහිදී සිංහල බෞද්ධ විද්වතෙකු ගේ අදහස් ද විමසා තිබේ. 

මෙන්න අපේ විද්වතාගේ විස්තර:


ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, 385/29, ඇට්ටේරියගල වත්ත, වසන්ත ගුණරත්න මාවත, 9 කණුව, මහර, කඩවත. 0718064226


මෙම අනගි සංවාදයේ අප වැනි මන්ද බුද්ධිකයන් හට වැදගත් වේ යයි සිතුණු කොටස් කිහිපයක් අපි මෙහි උපුටා දක්වමු.

"ඉතින් ඇයි මේ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ සිරුර නිරාවරණය කරගෙන මේ විදිහට පිරිමින්ගේ යටපත් වෙලා තිබෙන හැඟීම් ආශාවල් අවදි කරවලා අවුස්සලා දාලා මේ විදිහට කටයුතු කරන්නේ. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. බොරුවට පිරිමියෙකුව කාමාශාවෙන් අවුස්සන විදිහට ඇඳුම් ඇඳලා ඊට පස්සේ බොරුවට ඒක සිංහල බෞද්ධ කාන්තා අපේ අයිතිවාසිකමක් අපිට ඒකට සම අයිතියක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ අසික්කිත ඇඳුමක් ඇඳගෙන ගිහින් පිරිමියෙකු හෝ පිරිමි පිරිසක් අතින් දූෂණය වුනාට පස්සේ බොරුවට ඒ පිරිමියට හරි පිරිමි පිරිසට හරි බැනලා පලි ගහලා හෙන ඉල්ලලා නඩු දාලා වැඩක් ඇත්තෙම නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. පිරිමියා හා පිරිමි පිරිස හරි තමන්ගේ ඕන දේ ඒ සිංහල බෞද්ධ යුවතියගෙන් කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අරගෙන ඉවරයි එතකොට. පෙරහැර ගියාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පොලිසී ගිහිල්ලා පෙරකදෝරුවෝ පස්සේ ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥයෝ අහන ප්‍රශ්න නිසා කලින් සිදුවුනු කායික දූෂණය වගේ කීප ගුණයක් මානසික දූෂණයට පත් වෙලා නඩු කියලා හොඳ පණ ගිහිල්ලා නින්දා අපහාස විඳලා තමන්ගේ චරිතව හොඳ නම කැළැල් කරගෙන වෙන්න ඕන හැමදේම වෙලා ඒ විත්තිකරුවට හෝ විත්තිකරුවන්ට දඬුවම් කලාට වැඩක් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සිංහල බෞද්ධ යුවතියට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ඉතින් මේකය සිංහල බෞද්ධ යුවතියන්ටත් කරන්න ඕන වෙලා තියෙන්නේ. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන?..."


පින්වත්නි, සාධුකාරයක් දෙන්න. සාධු, සාධු, සාධු!

තවද අන්වර්ට හමු වූ සිංහල බෞද්ධ විද්වතා මෙසේද අපට කියයි.

"...අද ඉතාම වේගයෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා. නමුත් මුස්ලිම් යුවතියන් ඉතාම ලැජ්ජාශීලිව යහගුණවත්ව ආගමානුකූලව හැඳෙන වැඩෙන යුවතියන් නිසා ඔවුන් සිංහල බෞද්ධ තරුණයන්ට වඩා මුස්ලිම් තරුණයන්ට කැමති වෙන්න පුලුවන්. ඒත් සිංහල බෞද්ධ තරුණයන් මුස්ලිම් යුවතියන්ගේ ඒ හැදියාවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව මුස්ලිම් යුවතියකගේ බාහිරව ඇඳුමින් පැළඳුමින් ප්‍රදර්ශනය වන සංවර කම හා හැදියාවටයි. ඒක සිංහල බෞද්ධ යුවතිකගේ අඩනිරුවත් ඇඳුම් පැළඳුමකට ලබාගත නොහැකි ආකර්ශණයක්. මේක නිසා දැන් බොහෝ සිංහල බෞද්ධ යුවතියන් ඉතාම දැඩි විදිහට ඊර්ෂ්‍යාවට පත් වෙලා ඉන්නේ මුස්ලිම් යුවතියන් සමඟ කියලා ආරංචියි. සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී.."

මෙය කියවන විටදී මට ඇති වූ දැනීමම "රියර්ගේට්" ලියන චාමි හටද වරක් [වෙනත් කරුණකට] දැනී තිබිණි. මට වඩා එය රසවත්ව ඔහු කියා තිබේ.

මට එක විටම හිනාවෙන හඩක් ඇසුනි. ඒ මහ හයියෙනි. අනපේක්ශිත ලෙස ඇසුණු ඒ සිනා හඬින් මා වික්ෂිප්ත වන අතර කිසිවෙකුත් ලඟ පාතක නොහිටි නිසා එය මනෝ විකාරයැකැයි සිතා නැවතත් ස්ටේටස් එකට සිත යොමු කෙරුවෙමි. "බුහාහහහහා" නැවතත් ඒ සිනා හඬමය. කරුණු නිසි ලෙස සොයා බැළු විට මට පෙනුනේ ඒ සිනාසෙන්නේ මගේ පු* බවයි. [ඉහත අදහස] කියවන සෑම විටම මේ සිනාහඬ ඇසුනු අතර එය නවත්වන විට සිනාහඩ නැවතී යයි.

 මේ දිනවල රට පුරා වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සිංහල කොල්ලන් මුස්ලිම් කෙල්ලන් සමග පෙමින් වෙලීමද, නැතහොත් මුස්ලිම් කොල්ලන් සිංහල කෙල්ලන් සමග පෙමින් වෙලීමද යන්න තෝරා බේරා ගැනීම අපි බුද්ධිමත් පාඨක ඔබට භාර කරමු. ඔබ කැමති නම් පමණක් මෙවැනි ශිෂ්ට සම්පන්න බුද්ධිමත් සංවාදයක් කෙරෙනු ඉවසා දරාගත නොහැකි වූ කාලකන්ණි ජාතිවාදී පිරිසක් විසින් ඒ ගැන කරන විවරණයක් මෙතනින් කියවිය හැක


හිජාබය සහ නිරුවත් වෙරළ

මෙහිදී අප සඳහන් කළ යුතුම වැදගත් කරුණක් තිබේ. අප දකින පරිදි ශිෂ්ට සමාජයේ පුද්ගලයකු අඳින ඇඳුම පිලිබඳ නීති රීති තිබිය නොහැක. එවැනි නීතියක් පැනවීම මානව හිමිකම් කඩකිරීමක් වනවා සේම එක්තරා ආකාරයක හිංසනයක් ද වේ. කෙසේ වෙතත් බහුතර සුවය පිණිස අපි එකී නිදහස යම් තරමකට සිය කැමැත්තෙන් පාවා දී ඇඳුම් අඳිමු. ඒ අපේ කැමැත්තයි. නීතියට කළ හැක්කේ එවැනි ඇඳුමකට තිබිය හැකි අවම සම්මතය තීරණය කිරීම පමණි. 

මෙහිදී අපි අන්ත දෙකක් දකිමු. එකක් නම් වරෙක අපේ රටේ ද කළුතර කැලිඩෝ වෙරළෙහි අරින්නට ගිය නිරුවත් වෙරළයි. ඒ ගැන අපේ මිත්‍ර මාලන් සමරවික්‍රම සජීවී වාර්තාවක් "හැන්දෑව" හරහා ඉදිරිපත් කළා අපට මතකය. දෙවැන්න හිජාබයයි. නිරුවත් වෙරළෙහි ඇඳුම් නැත. සැවොම නිරුවතින් හිරු රැස් සුව විඳිති. රමණයේ යෙදෙනු කැමැත්තෝ එසේ කරති. රැල්ල පාගනු කැමැත්තෝ එසේ කරති. එයද එක්තරා සුන්දර දෙයකි. එහෙත් ගැටළුව අපේ රටේ සංස්කෘතියට එය නොගැලපීම කෙසේ වෙතත් අපේ අයියලාගේ අහවල් එකේ පාලනයක් නැති වීමයි. 

දෙවැන්න හිජාබයයි. අපි ඒ ගැන වචනයක් වත් කතා නොකරන්නේ කියන්නට දෙයක් නොමැති නිසා නොවේ. එයද අරිට නොදෙවෙනි අන්තවාදයක් බැවිනි. ඔබ කැමති නම් පමණක් ඊජිප්තුවේ හිජාබයට එරෙහි වූ ඊජිප්තු ජාතික බ්ලොග් රචිකාවක වූ අලියා-මග්දා ගැන නැරඹිය හැකිය. 






ඒ වගේම අලියා-මග්දා-එල්-මාහ්දි හට සහයෝගය දක්වන්නට ගොස් ඉල්ලන් කාපු සමිරා වැනි මෝඩ අමන වේස ගැහැනුන් ගේ කන්‍යා භාවය  ඊජිප්තු සොල්දාදුවන් විසින් (ඔවුන්ගේ විශේෂඥ දැනුමෙන්) පරීක්ෂා කරන ආකාරය ගැනද විස්තර නැරඹිය හැකිය. 






සමාප්තිය


එමෙන්ම අවසාන වශයෙන් අපි දාමිණී නම් වූ ඇය ගැනද වචනයක් හෝ කිව යුතුය. 

නැගණියනි, ඔබ පූරුවේ කළ මොකක් හෝ කරුමයක් නිසා මෙවන් පාපතරයන් අතර ඉපිද හා දුක් විඳින්නට ඔබට සිදු විය. අප ඔබ ගැන සිතා රහසින් හඬන තරම දන්නේ අප පමණි. ඔබ පළමු වන්න නොවේ. එහෙත් ඔබ අන්තිමයා වනු දැකීමට අපි කැමැත්තෙමු. මල් කැකුළක් වන් සුන්දර ඔබේ තාරුණ්‍යය විනාශ කළවුන් හට මරණය ලබා දීමෙන් පමණක් අප නොසැනසෙන්නේ අන්න ඒ නිසාය. 


ඔබේ මල මිණිය පිටින් හෝ හිජාබය සහ ශරියාව විකුණන් කෑමට සැරසෙන මිනී කාක්කෝ තවමත් සිටිති. ඔබේ සුන්දර මුහුණ පර්දාවෙන් වැසුණා නම්, ඔබේ පිරිපුන් ළැම කළු රෙදි ගොනියකින් වැසුනානම්, මෙසේ වන්නේ නැතැයි කියන, සහ ඒ කියන ගමන් රහසින් කම් සුව පතන, කාලකන්ණි මූසළුවන් දැන් වැඩ පටන් ගෙන තිබේ. 


නැගණියනි, ඔබට වරද කළවුන් පමණක් නොව, ඔබ පිටින් තබා තවත් ඔබ වැනි නැගණියන් සියක් දහසක් හට වරද කරන්නට සැරසෙන මේ අමන ව්‍යාධිය මුලිනු'පුටා දමන තුරු සැනසුම් සුසුමක් නොහෙළන බවට, තහනම් වචන ලියන අපි ඔබේ මරණ දිනයේ අපේ පාඨක පිරිසට පොරොන්දු වෙමු! 

6 comments:

  1. අති විශිෂ්ටයි .....!!!

    ReplyDelete
  2. මේ බ්ලොගේ ලියන්නේත් ඔය විද්වතා ද මන්දා?

    http://kumarihami.blogspot.com/

    ReplyDelete
  3. ලෙසටම ලියල තියෙනව.. හරි වැරද්ද මොකද්ද කියල කියන්න අමාරුයි.... මොක උනත් මිනිස්සුන්ගෙ වැරද්ද??

    ReplyDelete
  4. ඉතින් ඇයි මේ සිංහල බෞද්ධ යුවතියන් තමන්ගේ සිරුර නිරාවරණය කරගෙන මේ විදිහට පිරිමින්ගේ යටපත් වෙලා තිබෙන හැඟීම් ආශාවල් අවදි කරවලා අවුස්සලා දාලා මේ විදිහට කටයුතු කරන්නේ. ඒකෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම මට නම් තේරෙන්නේ නැහැ. බොරුවට පිරිමියෙකුව කාමාශාවෙන් අවුස්සන විදිහට ඇඳුම් ඇඳලා ඊට පස්සේ බොරුවට ඒක සිංහල බෞද්ධ කාන්තා අපේ අයිතිවාසිකමක් අපිට ඒකට සම අයිතියක් තියනවා කියලා කිව්වට වැඩක් නැහැ. ඒ වගේ අසික්කිත ඇඳුමක් ඇඳගෙන ගිහින් පිරිමියෙකු හෝ පිරිමි පිරිසක් අතින් දූෂණය වුනාට පස්සේ බොරුවට ඒ පිරිමියට හරි පිරිමි පිරිසට හරි බැනලා පලි ගහලා හෙන ඉල්ලලා නඩු දාලා වැඩක් ඇත්තෙම නැහැ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයිනේ. පිරිමියා හා පිරිමි පිරිස හරි තමන්ගේ ඕන දේ ඒ සිංහල බෞද්ධ යුවතියගෙන් කැමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි අරගෙන ඉවරයි එතකොට. පෙරහැර ගියාට පස්සේ මොනවා කලත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පොලිසී ගිහිල්ලා පෙරකදෝරුවෝ පස්සේ ගිහිල්ලා උසාවි ගිහිල්ලා නීතිඥයෝ අහන ප්‍රශ්න නිසා කලින් සිදුවුනු කායික දූෂණය වගේ කීප ගුණයක් මානසික දූෂණයට පත් වෙලා නඩු කියලා හොඳ පණ ගිහිල්ලා නින්දා අපහාස විඳලා තමන්ගේ චරිතව හොඳ නම කැළැල් කරගෙන වෙන්න ඕන හැමදේම වෙලා ඒ විත්තිකරුවට හෝ විත්තිකරුවන්ට දඬුවම් කලාට වැඩක් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සිංහල බෞද්ධ යුවතියට වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි. ඉතින් මේකය සිංහල බෞද්ධ යුවතියන්ටත් කරන්න ඕන වෙලා තියෙන්නේ. යස අපූරුවට හොඳට ඉන්න පිරිමින්ව අඩ නිරුවත හා නිරුවත පෙනෙන ඇඳුම් පැළඳුම් මඟින් අවුස්සලා ඔවුන්ට කියලා තමන්ව දූෂණය කරගෙන බොරුවට ඒ අයට පස්සේ චෝදනා කරන්නද සිංහල බෞද්ධ යුවතියන්ට ඕන?..."



    පින්වත්නි, සාධුකාරයක් දෙන්න. සාධු, සාධු, සාධු!

    තවද අන්වර්ට හමු වූ සිංහල බෞද්ධ විද්වතා මෙසේද අපට කියයි.

    "...අද ඉතාම වේගයෙන් සිංහල බෞද්ධ පිරිමි අය මුස්ලිම් යුවතියන්ට ආකර්ශණය වෙමින් ඉන්නවා. නමුත් මුස්ලිම් යුවතියන් ඉතාම ලැජ්ජාශීලිව යහගුණවත්ව ආගමානුකූලව හැඳෙන වැඩෙන යුවතියන් නිසා ඔවුන් සිංහල බෞද්ධ තරුණයන්ට වඩා මුස්ලිම් තරුණයන්ට කැමති වෙන්න පුලුවන්. ඒත් සිංහල බෞද්ධ තරුණයන් මුස්ලිම් යුවතියන්ගේ ඒ හැදියාවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව මුස්ලිම් යුවතියකගේ බාහිරව ඇඳුමින් පැළඳුමින් ප්‍රදර්ශනය වන සංවර කම හා හැදියාවටයි. ඒක සිංහල බෞද්ධ යුවතිකගේ අඩනිරුවත් ඇඳුම් පැළඳුමකට ලබාගත නොහැකි ආකර්ශණයක්. මේක නිසා දැන් බොහෝ සිංහල බෞද්ධ යුවතියන් ඉතාම දැඩි විදිහට ඊර්ෂ්‍යාවට පත් වෙලා ඉන්නේ මුස්ලිම් යුවතියන් සමඟ කියලා ආරංචියි. සමහර සිංහල බෞද්ධ යුවතියන් මුස්ලිම් යුවති යන් හිස ආවරණය කරගැනීම සඳහා භාවිතා කරන මුහුණු හා හිස් ආවරණයට සමානවම පැළඳුමක් මසා ගෙන අලංකාරය පිණිස පළඳින බව දැක ගැනීමට ලැබෙනවා මඟතොට යද්දී.."

    යුවතියන්ගේ ඇඳුමේ වැරැද්දක් නෑ මොකද ගැහැනිය යනු පිරිමියා නොවෙයි. ඕනෑම සමාජයක ගැහැනු හා පිරිමි අතර එකිනෙකාගේ ලිංගිකත්වය හඳුනාගැනීමත් කායික හා මානසික විශේෂනයන් අනුව විරුද්ධ ලිංගික ආකර්ෂනය ඇති කිරීමට මූලිකම අංග. එතනදී එය මොන සීමාවකට තියෙන්න ඕනෙද කියන එක එකිනෙකා අන්‍යෝන්‍ය අවබෝධයෙන් තමයි තීරනය කරන්න ඕනේ. කොහොම වෙතත් පිරිමින්ටත් සමාජයේ මනුස්ස හැඩගැසීමක් අවශ්‍යයි ලිංගික ගැලපීම හරියට තියාගෙන එය තිබුන පලියට සතුන් මෙන් නොහැසිරෙන්න. අනෙක් අතට කාන්තාවන් දැනගන්න ඕනේ තමන්ගේ සීමාවන් මොනවද කියන එකත්. මමනම් ඔය ස්ත්‍රී දූෂණය කියන වචනෙවත් පිළිගන්නේ නෑ. මේක තනිකර කුහක නිර්මාණයක්. මේ වචනේ එල්ලිලා ගෑනියෙකුට පිරිමියෙකු අතින් ලිංගික බලහත්කාරකමක් වූ විගස දූෂිත උනා කියන එකම වරදක්.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.