logo banner

Wednesday, July 3, 2013

හෙළ දරුවෝ සංවිධානයෙන් පෙත්සමක් | A petition from Hela Daruwo

දිනෙන් දින පරිහාණියට පත්වන ශාසන විනය යළි සුරක්ෂිත කරනු වස්, හෙළ දරුවෝ සංවිධානය විසින් ආරම්භ කරන්නට යෙදුණු සංදේශයක් පිළිබඳව අපට දන්වන්නට යෙදී තිබේ. සියලු වාද භේද පසෙක ලා, ශාසනාලයයෙන් යුතුව සියලු බෞද්ධයෝ මෙයට සහය දෙත්වා යැයි අපි දූ අපේක්ෂා කරමු. 






සංදේශය

අති පූජණීය,ගෞරවණීය මහා නායක හිමිපාණන් වහන්සේලා වෙතටයි!

රට තුල සීග්‍රයෙන් පැතිර යන අන්තවාදි චීවරධාරීන්ගේ ක්‍රියාකලාපය පිලිබඳවයි 

හෙළ දරුවෝ නම් වන අප සංවිධානය, නිර්මල වූ බුදු දහමට මුවාවී කලෙක පටන් රට තුල සිදුවන අන්තවාදී ක්‍රියාකරකම් පිලිබඳ අවධානයෙන් සිටි සංවිධානයක් බව ඔබ වහන්සේලාට මුලින්ම දැනුම් දෙනු කැමැත්තෙමු. 

ඔබ වහන්සේලාද දන්නා පරිදි රටේ මේ වන විට බොදු බලය, රාවණා බලය, සිහල රාවය යනුවෙන් අටවාගත් සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ ඇතැම් සංවිධාන මෙහෙයවන භික්ෂූන් වහන්සේලා යැයි හඳුන්වාගත් පුද්ගලයින්ගේ දුසිල්වත් භාවය හා ක්‍රියාකාරකම්, වසර 2500 ක් මුළුල්ලේ අඛණ්ඩව රැක ගත් ථේරවාදි බුදුදහමට, දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද කළු පැල්ලම් එක් කරමින් පවතී. මෙවන් සංවිධානයක මහ ලේකම් යැයි හඳුන්වාගත් එක්තරා චීවරධාරියෙක් සමග පසුගිය දා දෙරණ 360 වැඩසටහනේදි කල සාකච්ඡාවේදි හෙළි වුයේ ඔහු විසින් බීමතින් රිය පදවා අධිකරණයෙන් දඬුවම්ද ලැබු අයෙකු බවය .එමෙන්ම මෙවැනි ඇතැම් සංවිධාන විසින් නීති විරෝධීව රටේ නීතිය අතට ගෙන ව්‍යාපාරික ස්ථානවලට කඩා වැදීම, විනාශ කිරීම, ගිනි තැබීම, ගල් මුල් ගැසීම වැනි ක්‍රියා වල නිරත වු බවද මාධ්‍ය මගින් ඔබවහන්සේලා දැනුවත් වන්නට ඇතයි අපි විශ්වාස කරමු. 

මේ සියල්ලකගෙන්ම ශ්‍රී ලංකාවේ බුදු දහමට ජාත්‍යන්තර වශයෙන් එල්ලවන අපකීර්තිය සුළු පටු නොවන බවත්, එයින් රටට විරුද්ධව අවලාද නගනවුන්ගේ ක්‍රියාකාරකම් වලට පැහැදිලි අනුබලයක් ලැබෙන බවටත් වටහා ගැනීමට, උගත් බුද්ධිමත් මෙන්ම වයෝවෘධ, ගුණවෘධ සංඝ පීතෘවරයන් වහන්සේලා වන ඔබ වහන්සේලාට අපහසු නොවන බව අපි විශ්වාස කරන්නෙමු. 

ගරු මහනායක හිමිපාණෙනි, හෙළ දරුවෝ සංවිධානයෙ සාමාජික අප විසින්, සැබෑ බෞද්ධයන් වශයෙන් ශ්‍රී ලාංකික සියලු බෞද්ධයන් වෙනුවෙන් ඔබ වහන්සේගෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනුයේ, අතීතයේදි ද සංඝ සමාජයේ හා සකල බෞද්ධයාගේ උන්නතිය වෙනුවෙන් සිදු කළා සේ, මේ දුසිල්වත් භික්ෂුන් පිරිස ශාසනයෙන් නෙරපා දමා, බුද්ධ ශාසනයේ හා උතුම් අර්හත් ධජය වු බුද්ධ චීවරයේ ගරුත්වය රැක ගැනීමට සෙසු මහානායක හිමිවරුන් සමග පෙරමුණ ගන්නා ලෙසයි. සංඝ සමාජයේ කටයුතු වලට ගිහියන් වන අපට මැදිහත් විය නොහැකි බැවින් මේ සඳහා සුදුසුම ලාංකික සංඝ සමාජයේ නායක්ත්වය දරණ ඔබ වහන්සේලා බව අපි උදක්ම විශ්වාස කරමු. ඒ කටයුත්ත සඳහා ඔබ වහන්සේලාට අවැසි ධෛර්යදය ශක්තිය ලබා දීමට අපි නිරතුරුව සූදානම් බවද අපි ඔබවහන්සේලාට ගෞරව පූර්වකව දන්වා සිටිමු. 

ඒ සඳහා නායකත්වය ගෙන මේ සත් ක්‍රියාවට මුලපුරණ මෙන් ශාසනාලායයෙන් සහ බුදු සසුන කෙරෙහි උපන් ශ්රඳද්ධා භක්ති සම්පන්න අවංක ශාසන සංවේගයෙන් යුතුව, අපි ඔබවහන්සේලාට මෙයින් ආරාධනා කර සිටින්නෙමු. 

බුදු සසුන රැකගනිමු !
හෙළ දරුවෝ දිනවමු !
අන්තවාදය පිටු දකිමු !
බුදුන් දෙසු මග ඔස්සේම යමු !

තෙරුවණ සරණයි !
මෙයට දෑ හිතකාමී 
හෙළ දරුවෝ 

9 comments:

  1. මෙවැනි ආකාරයෙන් හෝ තරුණ කණ්ඩායම් පෙළ ගැසීම ගැන අප්‍රමාන සතුටුයි... අපි සියලු දෙනාම එක්ව හඬක් නැගිය යුතු අවස්ථාවක්... බ්ලොග් කරුවන් විදිහටත් , පුරවැසියන් විදිහටත් , රටෙහි වත්මන් ප්‍රජාව ලෙසත් කල යුතු සියල්ල කල යුතු කාලයක් මේ.. මේ අවස්ථාවේ ක්‍රියාත්මක නොවුණොත් නම් විශාල පසු තැවීමක් නම් සිකුරුයි.. ඔබේ උත්සාහය අගය කරනවා.. සියලු බ්ලොග් කරුවන් මෙයට සහයෝගය දක්වාවි යැයි සිතනවා..

    ReplyDelete
  2. හැකි පමණ re-blog කිරීමෙන් සහය දක්වන්න!

    ReplyDelete
  3. අනේ මටත් මේ වීනාව ටිකකට දෙන්න පුළුවනිද, අපේ ගෙවල් පැත්තේත් ඉන්නවා බීරී අලි නඩයක්!

    ReplyDelete
  4. /* බුද්ධ චීවරයේ ගරුත්වය රැක ගැනීමට සෙසු මහානායක හිමිවරුන් සමග පෙරමුණ ගන්නා ලෙසයි. */

    ඇත්තටම සංඝනායක කියන පදය යෙදෙන්නේ මොකකට දෙන නායකත්වයක් නිසාද?

    ReplyDelete
    Replies
    1. ME ARA BUDDHAGAMATA APHASETA LIYANA EKA NEDA?

      Delete
  5. කවුරුන් හෝ විසින් කල යුතුව තිබූ, යුගයේ අවශ්‍යතාවයක්.

    ReplyDelete
  6. පළමුව කලයුතු වන්නේ සාසන හිතකාමී මහනායක හිමිවරු දෙනමක් මල්වතු අස්ගිරි පාර්ශව සඳහා පත්කිරීමයි.

    ReplyDelete
  7. ආගම අතහැරි කෙනෙක් නිසා මේවා ගැන කතාකරන්න අකමැතියි. ඒත් ඔය මහානායක කියන තනතුර කොහොමද ඇතිඋනේ, පවතින්නේ කොහොමද, එයාලට බෞද්ධ සමාජයේ තිබෙන පිලිගැනීම වගේ දේවල්වල ප්‍රශ්න තිබෙනවා නේද?

    ReplyDelete
  8. හොඳ වැඩක්...

    ඒත් මට අවුලක් පේනවා... ඔය දාලා තියෙන්නේ වැරදි ධර්ම චක්‍රයක් නේද...?

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.