logo banner

Sunday, December 23, 2012

මොකද්ද හලාල් කියන්නේ?

"හලාල් ගැන පම්පෝරි ගහන උඹල මොනාද බං හලාල් ගැන දන්නේ?"

මේ වනාහී ෆේස්බුක් ජාලය තුළ කෙරුණු එක්තරා සංවාදයකදී අපට අසන්නට ලැබුණු ප්‍රතිචාරයකි. එක අතකට මේ ප්‍රශ්නය ඇසීම පිළිබඳව අපි ප්‍රශ්න කරුට ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් හලාල් / හරාම් පිළිබඳව වැඩිදුර සෙවීමට යම් උත්තේජනයක් එමගින් ඇති කරන ලද බැවිනි.

මෙකී සෙවීමේ අරමුණ වන්නේ ඇත්තටම හලාල් සහතිකය ලබා ගත යුත්තේ මොනවාටද, නැත්තේ මොනවාටද යන්න පිළිබඳව ගවේෂණය කිරීමයි. අප දැනටමත් නිරීක්ෂණය කොට ඇති ආකාරයට හලාල් වීම හොඳ යයි ජනතාව අතරට මතයක් ගෙනයාමක් ක්‍රියාත්මක වන අතරම, හලාල් වන්නේ මොනවාදැයි ජනතාවට නොකීමේ වැයමක්ද පවතී. ඔබ දැනටමත් විකුණන දේ හලාල් නම්, අමුතුවෙන් අතින් සල්ලි ගෙවා හලාල් සහතිකයක් ගැනීමේ අවශ්‍යතාවක් නැත.


අන්න එකී හේතුව නිසා අපි හලාල් වන්නේ කුමක්දැයි සොයා බලමු. වියයුතු පරිද්දෙන්ම අපේ මූලික මූලාශ්‍රය වන්නේ ශුද්ධ වූ කුරාණයයි (මින් ඉදිරියට කෙටි යෙදුම: ශු.කු.). එහි දැක්වෙන පරිදි පහත සඳහන් දේවල් හැර ඉතිරි සියල්ල හලාල් වේ.

මෙන්න හරාම් ලැයිස්තුව

1. සූකර මාංශය, එහි ව්‍යුත්පන්න නිෂ්පාදන සහ ඒ මත පදනම්ව නිපදවන වෙනත් ආහාර.
2. නිසි ලෙස නොමැරු සත්ව මාංශය (හෝ දැනටමත් මැරී සිටින සතුන්ගේ මාංශය)
3. අල්ලාහ් දෙවිඳුන්ගේ නම හැර වෙනත් නමක් යටතේ කැප කොට මැරූ සතුන්ගේ මස්.

[මෙන්න මූලාශ්‍රය]

4. ඇල්කොහොල් ද ඇතුළුව මනස මත් කරවන සියලු දෑ
5. බාහිර කන්පෙති නොමැති ගොඩ වසන සතුන්, (මාළු ගැටළුවක් නොවේ)
6. බොහෝ මාංශ භක්ෂක සතුන්
7. සියලු පියාඹන (දඩයක්කාර) කුරුල්ලන්
8. රුධිරය සහ රුධිරය මත පදනම් වූ සියලු නිෂ්පාදන
9. පණුවන්, කෘමීන් ඇතුළු වෙනත් එවැනි සතුන්
10. ඉහත කී ඕනෑම දෙයකින් අපවිත්‍ර වූ සියලු දෑ.

දැන් ඔබට හරාම් හෙවත් පාපකාරී / කිළිටි නිෂ්පාදන යනු මොනවාදැයි පැහැදිලි විය යුතුය. එසේම ඔබ නිෂ්පාදකයෙක් නම්, ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්න දෙකකි.

1. මා විකුණන දේ ස්වාභාවිකවම හලාල් ද? (උදා. පලතුරු වලට හලාල් සහතිකයක් අවශ්‍ය නොවේ. එය ස්වභාවයෙන්ම හලාල් ය.)
2. මා විකුණන දේ (නිෂ්පාදන ක්‍රියාවලිය තුළ) හරාම් නිෂ්පාදනයකින් කිළිටි වීමට ඉඩක් නැති බව මට විශ්වාසද?

ඉහත ප්‍රශ්න දෙකටම ඔබේ පිළිතුර "ඔව්" නම්, ඔබට අමුතුවෙන් හලාල් සහතිකයක් අවශ්‍ය නොවේ.

ශ්‍රේණිගත වගකීම (සහ සීමාකරණය?)


මෙහිදී තවත් වැදගත් සංකල්පයක් ඉදිරිපත් කළ යුතුය. මා හලාල් සහතික වන්නට නම්, මා භාවිත කරන සියලු අමුද්‍රව්‍ය ද හලාල් ම විය යුතුය. මන්ද මා හලාල් යයි කියන විට මා, මට පෙර සිටි සියලු නිෂ්පාදකයින් සඳහා වග කියන බැවිනි. එවිට මට නිතැතින්ම හලාල් නිෂ්පාදකයින් වෙතම යොමු වීමට සිදු වේ. කෙටියෙන් කිවහොත් හලාල් සහතික ගණන වැඩි වන්නට වන්නට හලාල් නොවන නිෂ්පාදකයන් හට බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. මන්දයත් ඔබ හලාල් නොවේ නම්, හලාල් වන මට ඔබේ නිෂ්පාදන ගැන සහතික විය නොහැකි බැවිනි. එනිසා මට ඔබෙන් අමුද්‍රව්‍ය මිලට ගත නොහැක.

මෙයට ආර්ථික විද්‍යාවේ දී භාවිත වන පදය නම් "සීමාකරණය" යන්නයි. එනම්, යම් හේතුවක් මත යම් නිෂ්පාදකයකු හට වෙළඳපොළට ඇතුළත් වීමට ඇති ප්‍රවේශය අවහිර කිරීමයි. මෙකී ප්‍රස්තුතය තුළ හලාල් කරණය මගින් එවැනි සීමා කරණයක් සිදු වේද නැද්ද යන්න තීරණය කිරීම අපි, බුද්ධිමත් පාඨක ඔබට භාර කරමු. මන්ද අපේ ගවේෂණය හමාර නැති බැවිනි.

අමතර හරාම් දෑ

වැඩිදුර ගවේෂණයේදී පහත ද්‍රව්‍ය අඩංගු ආහාරද හරාම් වන බව අපට (අහම්බෙන් වාගෙ) සොයාගන්නට ලැබිණි.


1. BONE PHOSPHATE - E542 - සත්ත්ව ඇටකටු වල වාෂ්ප නිස්සාරකයක් මගින් නිපදවන ප්‍රති-කැටි කාරකයකි.
2. COCHINEAL/CARMINE - E120, E122    කෘමි වර්ගයකගේ වේලන ලද පොත්තෙන් සාදන රතු වර්නකයකි. Note: E124 Ponceau 4R යන වර්ණකය ගැටළුවක් නොමැත.
3. ජෙලටින් - සත්ත්ව කුර, නිය, අං වලින් කෙරෙන ජෙලටින් වර්ග හරාම් වේ. ඒගාර් හලාල් ය,
4. ග්ලිසරීන් - E422  - සීනි පැසවීමෙන් නිපදවන්නේ නම් හරාම් වේ.
5. L-CYSTEINE    සත්ත්ව කෙස් සහ කුකුල් පිහාටු වලින් නිපදවයි.
6. MAGNESIUM STEARATE - සත්ත්ව මේදයෙන් නිපදවයි. බොහෝ ඖෂධ වල අඩංගුය.
7. RENNET (ANIMAL) - චීස් සැදීමේදී අලුත මැරූ වසු පැටියකුගේ සිරුරෙන් නිපදවයි.
8. වැනිලා රසකාරකය (සහ වෙනත් එවැනි රසකාරක) - මේ රසකාරක බොහොමයක් නිපදවන්නේ ශාක වල අඩංගු සගන්ධ තෙල් වලිනි. මෙකී සගන්ධ තෙල් නිස්සාරණය කරන ප්‍රධාන ක්‍රමයකි, ද්‍රාවක නිස්සාරණය. එනම්, වෙනත් ද්‍රාවකයක දිය කොට නිස්සාරණය කිරීමයි. (මෙය ඉතා වැදගත් කරුණකි: සාකච්ඡාව පසුවට)
9. කිරි සාරය
10. SHELLAC E904: කෘමි නිස්සාරකයකි.
11. EMULSIFIERS (E470 to E483) - හලාල් නොවන දේවලින් නිපදවයි නම් හරාම් වේ.

මශ්බූ සහ මක්රූ


මීට අමතරව, මශ්බූ හෙවත් සැක සහිත ලෙසද වෙනම කාණ්ඩයක් තිබේ. මශ්බූ යනු හරාම් ද නැද්ද යන්න නිශ්චිත කොට කිව නොහැකි යන්නයි. මෙයද අපට පසුවට වැදගත් වේ. අවසාන වශයෙන් මක්රූ හෙවත් පාවිච්චිය සඳහා අනුබල නොදෙන (නිශ්චිතවම හරාම් නොවූවත්) කාණ්ඩයක්ද තිබේ. මෙන්න අපේ මූලාශ්‍රය. 

මේ දත්ත වලින් අපට ගත හැකි දේ ගැන දැන් සංවාද කරමු.

1. කිසිම මුස්ලිම් වරයකුට ඇල්කොහොල් හෝ වෙනත් එවැනි ද්‍රාවක භාවිතයෙන් නිස්සාරිත රසකාරක භාවිතය හලාල් නොවේ. එනම් එය හරාම් වේ. මේ කතාව සත්‍ය නම් මුස්ලිම් ප්‍රජාවට වෙළඳපලේ ඇති කේක් වර්ග තේරීමේදී බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදු වනු නො අනුමානය.
2. ලංකාවට හලාල් ක්‍රමය හඳුන්වා දීමට පෙර මෙහි සිටි මුස්ලිම් වරු ආහාරයට ගත් සියලු දේ හලාල් ද? නැත. ඒ සියල්ල (උපරිමව) මශ්බූ වේ. එතකොට හලාල් නැති තැන ඊට "ආ ඒක මශ්බූ" කියන්නටත් හලාල් ආ පසු උඩ පැනගෙන බඩ කපා කන්නා සේ අධිමිල සහතික නිකුත් කිරීමත් කොතරම් දුරට එකිනෙක ගැලපේද යන්න බුද්ධිමත් පාඨක ඔබම තීරණය කළ යුතුය.

මේ කිසිවක් අප ලීවේ අපේ තනි මතයට නොවේ. අප කී සෑම දෙයකටම අප විසින් මූලාශ්‍ර දක්වා තිබේ.

කෝ කෝ දෙන්න ඔබේ ව්‍යාපාරික රහස්! 


ඔබට හලාල් සහතිකය ගන්නට නම් කළ යුත්තේ කුමක්ද? මෙන්න දත්ත.

1. Receive and Welcome (RAW)
2. Verification and Processing (VAP)
3. Certification and Integration (CAI)
4. Compliance and Adherence (CAA)
5. Renewal

මීට අමතරව පහත කොන්දේසි වලට එකඟ වීමටද ඔබට සිදු වේ.

1. Conveyance, Boarding, Lodging to be borne by your company during visit to factory & HALAL Office
2. Service tax extra
3. You have to provide us all technical and other related informationrequired for certification as an when required
4. You have to provide samples for each product for testing
5. After completing Auditing process the certification process would take normally 15 to 60 days subject to closure of audit findings raised by HALAL auditors.

මෙකී ක්‍රියාවලිය තුළ ඔබ කැමති වුවත් නැතත් ඔබේ මුළුමහත් නිෂ්පාදන ක්‍රියාවලියම අර කී සුපරීක්ෂක වරයා හට පෙන්වීමට ඔබ බැදී සිටී. එහෙත් ඔබට ඇත්ත කීමට හෝ ඔබේ විශ්වාසය රැකීමට ඔහු ඔබට බැදී නැති බව ඔබ දැන සිටියාද? ඔබේ නිෂ්පාදන රහස් පිටට දීමට හෝ නොදීමට ඔහුට ඇති හේතුව ඔහුගේ කැමැත්ත පමණක් බව ඔබ දන්නවාද? කොටිම්ම කියතොත් අල්ලාහ් දෙවිඳුන් නොනමදින ඔබට මට ඇත්ත කීමට ඔහු බැදී නොමැති බවත්, අවශ්‍ය නම් අප රැවටීමට ඔහුට ආගමානුකූල අයිතියක් ඇති බවත් ඔබ දන්නවාද? Qur'an (16:106), Qur'an (3:28)Qur'an (9:3), සහ අතිශයින්ම වැදගත් උපුටා ගැනීම වන Qur'an (2:225), මීට අමතරව Qur'an (66:2)Qur'an (3:54)


දැන් මෙකී හලාල් සහතිකය ඔබ ඕනෑම දැයි තීරණය කිරීම ඔබට භාරය. මේ මුදල යන්නේ කොහාටදැයි අපි කලින්ම කීවෙමු.

අප වාර්තා කර හමාරයි! ඉතිරිය ඔබට බාරය.

10 comments:

  1. හරාම් ඇර කන්න දෙයක් ඉතුරු වෙයිද? වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවද? ඒක ඉදිරියට කොමන්ට් කරන්නන්ට පහසුවක් වෙයි.

    ReplyDelete
    Replies
    1. වෙරිෆිකේෂන් ඉවත් කරන ලදී. කොමෙන්ටු සියල්ලන් හට විවෘතයි.

      Delete
    2. " කොටිම්ම කියතොත් අල්ලාහ් දෙවිඳුන් නොනමදින ඔබට මට ඇත්ත කීමට ඔහු බැදී නොමැති බවත්, අවශ්‍ය නම් අප රැවටීමට ඔහුට ආගමානුකූල අයිතියක් ඇති බවත් ඔබ දන්නවාද? Qur'an (16:106), Qur'an (3:28), Qur'an (9:3), සහ අතිශයින්ම වැදගත් උපුටා ගැනීම වන Qur'an (2:225), මීට අමතරව Qur'an (66:2), Qur'an (3:54)


      පාලුගේ වළන් බිදිනවා වගේ ...

      අද ඕනෑම කෙනෙකුට කුරාණය ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් හෝ වෙන ඕනෑම බාසාවකින් කියවන්න පුළුවන් කම සලසලා තියෙනවා

      ඉහත පරිචේද කියවා බැලීමෙන් මෙම ලියුම ලියූ කතුවරයාගේ ඉංග්‍රීසි බාසාව සිංහලට පරිවර්තනයේ ඇති දුර්වලකම, නොසැලකිල්ල හෝ ඉංග්‍රීසි නොදැනුවත් කමේ විශාල අඩු පාඩුව පැහැදිලිවෙනවා .

      මෙය තමා මෙන් අනිකුත් ළිං මැඩි යන්ට ලියූ ලිපියක්ද ...

      එසේනැතිනම් බුද්ධිමත් පාඨකයන් නොමග නොයවන ලෙස කරුණාවෙන් ඉල්ලාසිටිමි

      Delete
    3. තහනම් වචන කිසිවිටෙකත් පුද්ගලවාදී නොවේ. එමෙන්ම කිසිවෙකු පෞද්ගලිකව ඉලක්ක කිරීමද අපේ ප්‍රතිපත්ති වලට පටහැණියි. නමුත් අපේ භාෂා භාවිතය ගැන ප්‍රශ්න කරන නිසාම අප ඔබට මේ අභියෝගය කෙළින්ම ඉදිරිපත් කරනවා. අප භාවිත කොට ඇත්තේ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් භාවිතා කරන quran.com නමැති වෙබ් අඩවියයි. ඔබ ඊට විරුද්ධව ගෙන එන විකල්ප මූලාශ්‍රය කුමක්ද? අපේ පරිවර්තනය වැරදි නම් එය නිවැරදි කර පෙන්වන්න ඔබට හැකිද? අපත් සමග පාර්ශ්වපර (side-by-side) පරිවර්තනයක් කර බැලීමට අප ඔබට අභියෝග කළහොත් ඔබ එය භාර ගන්නවා ද?

      Delete
  2. සිංහල ජාතියේ ඇස ඇරවීමට කරන මෙහෙවර විශිෂ්ටයි...ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. හැකි තරම් පණිවිඩය බෙදා හරින්න.. අපට අවශ්‍ය හැකිතාක් අපේ ජනතාව දැනුවත් කිරීමයි.

      Delete
    2. ලෝක සමස්ත ජනගහණයෙන් හයෙන් එකක් වන මුස්ලිම් ජනගහණය නැතහොත් බිලියන 1.4 වන ජනතාව ලෝකය තුල නොයෙක් ජාතින්, රටවල්, සංස්කෘති හා ආණ්ඩු නියෝජනයකරනවා ඔවුන් හලාල් හරාම් යන වචනවල තේරුම දන්නවා. හැකිතරමටම ඔවුන් හලාල් භාණ්ඩ පරිබෝජනය කරනවා. ඉතා කණගාටුවකට කියන්න අපේ ලංකාවේ ඉන්න ඉතාමත් අතලොස්සක් වූ සිංහළ නොමග ගිය සහ උගත් යයි සිතා සිටින මෝඩ නුගත් ( FACE BOOK එක බදාගෙන ) පිරිසට (ළිං මැඩියන් ට) මේක නොතේරුනාට.
      හලාල් ආහාර හැමවිටම ශරීර සෞකියට ඉතාමත් හිතකර ආරක්‍ෂිත ආහාරබව අපි තේරුම්ගත යුතුය , අපට එය නොතේරුණත් එය ලෝකමත යයි . අද විධිමත් දියුණු රටවල් හලාල් භාණ්ඩ අගයකරනවා අනුබල දෙනවා , ( එහෙත් ඉස්ලාම් ධර්මයට විරුද්ධ පිරිසක් සිටිනම් ළොව කොහෙහෝ ඔවුන් හලාල් ප්‍රතික්ෂේප කරනවා) විශේෂයෙන් අද අවිධිමත් ලංකාව තුල ඉතාමත් විස සහිත රසායනික භාවිත යොදා නිපදවන ආහාර බහුල, අපි කන්නේ මොනවද කියලවත් නොදන්නා , එහෙත් ප්‍රමිති ඇතිවත් මුදල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් යුගයක , අවම වශයෙන් මුස්ලිම්ජනතාව ඒ ගැන සැලකිලිමත් වී, හා සහෝදර අනන්‍ය ආගමික ජනතාව දැනුවත් කිරීම ඉතාමත් කලෝචිත අගයකලයුතු ක්‍රියාවක් . ඉස්ලාම් ධර්මය තුල විස කන්නකියල නැහැ මිනිස්සුන්ට
      හලාල් මුස්ලිම් වරුන්ට පමණක් නොවේ සිංහල බෞද්ධ ක්‍රිස්තියානි හින්ධු සියලුජතින්ට එහි ප්‍රතිලාබය නිරෝගී සෞකයයි .
      ඔබ මුස්ලිම් ඉස්ලාම් විරෝධියෙක් නම් හලාල් ප්‍රතික්ෂේප කර හරාම් ආහාරයට ගන්න . එහෙමත් නැත්නම් හලාල් පරිබෝජනය කරනගමන් මුස්ලිම් විරෝධියෙක්වන්න

      Delete
    3. ඔබේ අදහස පළ කිරීම ගැන ස්තුතියි! අප නිතරම කියන්නා සේ තහනම් වචන සැමදා සංවාදයට විවෘතයි. ඒ වගේම ඔබේ අදහස තුළ මුතු වූ යම් මතභේද කිහිපයක් නිරාකරණයට කැමතියි.

      1. ලොව පුවා මුස්ලිම් ජනගහණය ඔබ කියන ආකාරයට බිලියන 1.6ක් නොව බිලියන 2.1ක් බව පවසන්නට කැමතියි. ලොව අඩුවෙන්ම උපත් පාලනය කරන රටවල් 10 අතර මුස්ලිම් රටවල් බහුල වීම මීට අදාළද නැද්ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවක්.
      2. ලොව බටහිර රටවල් දිනෙන් දින හලාල් භාවිතයට අනුබල දෙනවා යන ප්‍රකාශය එක්කෝ ඔබේ නොදැනුවත්කම නිසා කරන්නක්, නැතිනම් ඔබ හිතා මතා කරන නොමග යැවීමක්. ඔබේ මූලාශ්‍ර පෙන්වන්න යයි අප ඔබට අභියෝග කරනවා.
      3. හලාල් ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව හෝ මානුෂික බව ගැන කතා කිරීම මෙහි අරමුණ නොවේ. ඒ ගැන වෙනම ලිපියක් අප ඉදිරියේ පළ කරන්නට අදහස් කරනවා. ඔබේ අදහල් ඊට එක් කිරීමට අප ඔබට ආරාධනා කරනවා.
      4. ලංකාවේ ඇති හලාල් නොවන සියලු ආහාර විස සහිත යැයි ඔබ කියන කතාව යම් තරමකට සිනහ උපදවන්නක්. එහෙත් එය තීරණය කළ යුත්තේ ඔබ හෝ අප නොවේ, පාඨක ජනතාවයි.
      5. අප යළි යලිත් කියා ඇති පරිදි, තහනම් වචන කිසි විටෙකත් කිසිම ආගමකට, ජාතියකට හෝ ජනවර්ගයකට එරෙහිව නොවේ. අප ඒ ගැන කටයුතු කරන්නේ ඉතාම තද ස්වයං වාරණයක් සහිතවයි. ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ප්‍රජාවට ඉතාම පිළිකුල් සහගත ලෙස ද්වේශ සහගත අපහාස කරන පිරිසකුත් ඇති. අප ඒ ගොඩේ නොවන බව ඔබට නො වැටහීම අපේ නොව, ඔබේ අභාග්‍යයක්.

      අවසාන වශයෙන් කිව යුත්තේ අප එරෙහි වන්නේ හලාල් වලට නොව, හලාල් සහතිකය ලබා දීමට අය කරන අති දැවැන්ත මුදලටයි.

      Delete
  3. අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?

    http://yahamaga.com/?p=4486

    ReplyDelete
    Replies
    1. අපට හලාල් නොකැවීමට ඉදිරිපත් වීම ගැන ස්තුතියි! නමුත් අපට වැඩක් නැති ඔය හලාල් සහතිකය වෙනුවෙන් අපගෙන් මුදල් අයකිරීම ඔබ අනුමත කරන්නෙත් ඔය කී කටින්මද?

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.