logo banner

Saturday, November 2, 2013

හලාල් දෙවන වටය | Halal Take Two


එක්තරා කාලෙක සෑහෙන කතාබහට ලක් වූ "හලාල්" සහතිකය ගැන අපේ බොහෝදෙනා හට ඉක්මණින්ම අමතක වී ගියේ ය. එය පුදුම වන්නට හේතුවක් නොවේ. අප මීට කලින් ලිපියක කියා ඇති සේ, හලාල් යනු ද එක්තරා "පෙත්තකි". පෙත්තේ ආයු කාලය එය ඉලක්ක කරන රෝගයට සාපේක්ෂව වෙනස් වේ. උදාහරණයක් ලෙසට උණට බොන පැරසිටමෝල් පෙත්තේ බලය තියෙන්නේ උපරිමව පැය හයකි. මේ නිසා රටේ ජනතාවට දිගින් දිගටම ප්‍රශ්න අමතක කරවන්නට නම්, දිගින් දිගටම මත්පෙති දිය යුතුව තිබේ. කොටින්ම මරණ බය වත් අපේ උන්දෙලාට වැඩිකල් දැනුණේ නැත. අප රටේ දැන් වේගෙන යන මේ විපරියාස ආටක නාටක රංගන දුටුවාම, අපේ රංගොජාලා හට ඕනෑම බඩකඩුත්තුවක් මතක තියෙන්නේ සති දෙකක් පමණක් යැයි පිරිබාහරන් නම් මිනීමරුවා කී කතාව ඇත්ත යැයි, සිය දහස් වර අපට කල්පනා වේ. 

අවංකව කියතොත්, හලාල් සටනේ පළමු වටය වතුරෙන් උඩට පැන නැගී "පොහ්!" ගා පිපිරී ගිය දිය බුබ්බුලයකට වඩා දෙයක් ජනතාවට වත් රටේ දේශපාලනයට වත් දායක කළේ නැත. ඊට මූලික හේතුවක් වුයේ එකිනෙකාගේ අදහස් වල ඝට්ටනය බවද නොරහසකි. හලාල් සහතිකය පමණක් නොව, මුසල්මානුවන් සම්බන්ධව පවා මෙරට ජාතිකත්වවාදීන් බොහෝ දෙනා පොදුවේ එක ආස්ථානයක සිටියේ නැත. බොදුබල සේනා, සිංහල රාවය, රාවණ බලය වැනි එක් එක් සංවිධාන මට්ටමින් පමණක් නොව, ඒ සියල්ලට පරිබාහිර සාමාන්‍ය ජන සමාජය තුළ වුව ද එහි වෙනසක් දැකිය හැකි නොවී ය. 

හලාල් සහ ඉස්ලාම් ආක්‍රමණවාදය ගැන එක් එක් උදවිය සිටි ස්ථාවරයන් මෙසේ සම්පිණ්ඩනය කළ හැක.

මුසල්මානුවන් ගැන මතය
ඔවුහු මේ රටේ උදවිය වෙති ඔවුහු මේ රටට අයත් නැත
හලාල් ගැන මතය නිකං දුන්නත් එපා
කණ්ඩායම A
කණ්ඩායම B
නොමිලේ නම් වරදක් නැත
කණ්ඩායම C
කණ්ඩායම D

සාමාන්‍යයෙන් මින් A සහ D කණ්ඩායම් වලට අයත් උදවිය ඉතා විරලයෝ හ. බහුතරය සිටියේ B සහ C කණ්ඩායම් වලය. මෙහිද පැහැදිලි සම්බන්ධයක් පෙනෙන්නට තිබේ. එනම්, හලාල් නිකන් දුන්නත් එපා කියන උදවිය බොහෝවිට මුසල්මානුවන් මේ රටට පිටින් ආ ආක්‍රමණිකයන් පිරිසක් ය යන ස්ථාවරයේ පිහිටා සිටි බව පෙනේ.

මේ අතරම සමහර "සිංහ-අලියන්", මුසල්මානු යන වචනය සෑදෙන්නේ "මූසල" යන සිංහල වචනයෙන් යැයි කියා අමුතුම ආතල් එකක් ගන්නවා ද අපි දුටිමු. 

සරලවම කියනවා නම් හලාල් සම්බන්ධව අපේ ස්ථාවරයේ මොනම වෙනසක් වත් සිදුව නැත්තේ ය. හලාල් යනු ඉස්ලාමික නීතිය, ඉස්ලාමික නොවන ජනයා මත බලෙන් පැටවීමෙකැයි අපි එදා සිටම කීවෙමු. 2013 වසරට සුබ "හලාල්" නව වසරක් ගෙන ආපු ACJU එකේ බයියලා, තමන්ගේ ගර්භාෂ ආක්‍රමණවාදයට පහර වදින විට අපව වසා දමන්නට උත්සාහ කළ අයුරු අපි ඊළඟට කීවෙමු. ඊට ප්‍රතිචාර ලෙස හලාල් බද්ද ගැන ඔබට කී අපි, හලාල් සහතිකයද හරිනම් හරාම් බවට උලාමාවට අභියෝග කළෙමු. මෙකී සටනේ දී විව්ධාකාර මන්ද මානසික පිස්සන් හමුවේ අපට විවිධාකාර අපවාද වලට ලක්වන්නට ද සිදුවූ අතර, ඒවාට අදාළ අවස්ථාවන්හි අපි පිළිතුරු ද දුන්නෙමු. ඉස්ලාම් පමණක් නොව බෞද්ධ සහ කිතුණු ආගමික මූලාශ්‍ර ඇසුරින් ද, හලාල් යනු හුදෙක් පදනමක් නැති පුස්සක් බවට අපි කරුණු ගෙනහැර දැක්වීමු. එසේම ඉස්ලාමික ජනතාව ඉදිරියේ සුදනන් වෙන්නට හදන උලාමාවේ මහා ෂරියා බැංකු මගෝඩිය ගැනද අපි සවිස්තරාත්මකව කරුණු දැක්වීමු. 

අවසානයේ හලාල් බද්ද අවසන් යැයි මහා රාවයක් යද්දී, මොහොතකට සැනසුම් සුසුමක් හෙළමින්, එහෙත් හලාල් බද්ද සැබෑවටම අවසන් ද යනුවෙන් ඔබට පැනයක් ඉතිරි කරමින්, අපි හලාල් මොහොතකට අමතක කළෙමු. 

එහෙත් අවාසනාවකට මෙන් හලාල් ද ඇතුළු ඉස්ලාමික අන්තවාදයට එරෙහි සටනේ දී අප විසින් කිරි පොවා ඇතිදැඩි කරගන්නා ලද සර්පයෙක් වීය. ඉස්ලාම් ආගමික ආක්‍රමණය නම් වූ මහා දැවැන්ත විෂඝෝර සර්පයාගේ සැව තුළ සැඟව සිටි මේ පුංචි සර්ප පැටියා ඒ කාලයේ කවුරුත් ගණන් ගත්තේ නැත. ඌ නමින් සිංහල ස්වෝත්තමවාදය නම් වීය. 

මෙකී සිංහල ස්වෝත්තමවාදය, ඉස්ලාම් තාලිබාන් මතවාදයට එරෙහි වන්නේ මතුපිටින් පමණි. එකෙක් කෙල්ලන්ට අබායා සහ බුර්කා අන්දන්නට හදන විට අනෙකා ළමා සාරි සහ සාරි අන්දවන්නට හදන්නේ ය. මුන් දෙන්නාටම එක වගේ පිස්සු යැයි අප කීවේ එනිසා ය.

ඡායාරූපය උපුටා ගැනීම බුකියේ ආදිවාසී පිටුවෙන්

එඩ්වඩ් ස්නොව්ඩන් හට සිංහල කෙල්ලන් ජෝඩු කරවීම, ඉඳ හිටලා හරක් මස් වගේ දේවල් ගැන පචයක් දෙකක් අතහැරීම වැනි සරල ගොන් ආතල් හැරෙන්නට ඊට වඩා දෙයක් මුංගෙන් වේවි යැයි අප සිතුවේ නැත. එහෙත් විහිළුවට ගනිමින් අප විසින් අතහැර දමා තිබු මේ සර්ප පැටියා, අද වන විට මහා දරුණු නාගරාජයෙක් බවට පත්ව ඇති අයුරු දැකීම, එදා මුන් සමග එකට සටන් කළ අපට නම් හද පාරවන සුළු වේදනාකාරී අත්දැකීමකි. විශාඛා පාගමනට එල්ල කළ මඩ ප්‍රහාරය, සහ ඉන් පසු හැසිරුණු නිර්ලජ්ජිත ආකාරය අපේ ස්ථාවරයේ හැරුම් ලක්ෂ්‍යය වී යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 

අද වන විට හලාල් දෙවන වටය ආරම්භ වන්නේ ය කියමින් නැගෙන මහා කාල ගෝට්ටිය ගැන අප උපේක්ෂාවෙන් බලන්නේ එනිසා ය. මන්ද එදා මහා ජයඝෝෂා නගාගෙන අහවර කළ කෙළියේ හැටියට, ඕකෙන් පසුව ආයෙම පටන්ගන්නට දෙයක් ඉතුරු වේ යැයි අපනම් සිතුවේ නැත. අනෙක, හලාල් සහතිකය නිකං දෙන්නේ නම්, ඕකට ඔයතරම් උඩ පනින්නට දෙයක් ඇතැයි අපට සිතෙන්නේ ද නැත. හලාල් සහතිකය වෙනුවෙන් මුදලක් අයකරන්නේ නම් එය පැහැදිලිවම නීති විරෝධී ය. එහෙත් එය නොමිලේ දෙන්නේ නම් ඊට එරෙහිව කියා යුතු සාධකයක් නැත. යමෙක් දැනුත් ඊට එරෙහි වන්නේ නම් ඒ වනාහී ඉහවහා ගිය උද්ධච්චකම සහ මමිංකාරය මිසක, සකාරණ විරෝධයක් නොවේ. 

ඒ නිසා සමස්තයක් වශයෙන් ගත් කල පැකර් ගේ කැසිනෝව අමතක කරවන්නට මිසක, වෙනිං අහවල් කෙහුරක් ඕකෙන් සිද්ධ වේයැයි අපට නම් පෙනෙන්නේ නැත.

කතාව අවසාන කරමින් බූන්දියේ ඩෝන්පුතාගේ නිර්මාණයකින් අපි අදට සමුගනිමු. 

තැන තැන රවුමට ඉඳගෙන- 
ඉඳ හිට බොරුවට බුර බුර //
කැසිනෝ ගස්සන්න ළමයි එක් රොක් වෙන්නා
ඩොලර් අරං එනකොට පපු කැනතු පිරෙන්නා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ විමලේ නලාව? 
- පිළිකන්නේ නලාව...!)

බ්ලැක් ජැක් මල් පිපුණු රෑක
පුංටො බැංකො ඉදුණු දාට
පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි සරමෙන් බිමට පෙරෙන්නා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ රතනේ නලාව? 
- පැකරා ගිල්ල නලාව...!)

පෝකර් ඩයිස් ගහමුද අපි?
චෙමින්ඩිෆර් කෙළිමුද අපි?
හරිම වැඩේ මෝඩ ළමයි බියෙන් සැලෙන්නා
වයිවාරණ සෙල්ලම් බඩු කොඹල ඇවිල්ලා

පැකර පැකර පිපිඤ්ඤා
පස්ස මැදට දෙසඤ්ඤා
(කෝ රිවිරෝ නලාව? 
- රවියා ගිල්ල නලාව...!)

තැන තැන රවුමට ඉඳගෙන- 
ඉඳ හිට බොරුවට බුර බුර // 

21 comments:

  1. // හලාල් සහතිකය වෙනුවෙන් මුදලක් අයකරන්නේ නම් එය පැහැදිලිවම නීති විරෝධී ය.//

    මේක දැන දැනත් නේද, මේ හම්බයන්ටම කඩේ යන්නේ.
    මුන් සල්ලි අරගෙන මේක නිකුත් කරන්නෙ කියලා නොදන්නේද.?

    ReplyDelete
    Replies
    1. හලාල් සහතිකය නීති විරෝධී නම්, එහෙනම් නෝලිමිට් යන උන්ට බිත්තර ගැහීමද එලෙසින්ම නීති විරෝධී ය.

      Delete
  2. https://www.facebook.com/photo.php?fbid=238302106328225&set=a.180760315415738.1073741827.161957150629388&type=1&relevant_count=1

    ReplyDelete
  3. ---------------------------
    Some racist elements of Sri Lankan Buddhist such as Bodu Bala Sena recommence their propaganda against halal. Their objective is to root it out entirely from the country for reason unknown, the reason known to them has gone to the extent to highlight “ The Bodu Bala Sena believes its anti-Halal agitation is far more important than taking up the Government’s move to create casino zones in the capital Colombo, the group’s Chief Executive Officer Dilanthe Withanage told Colombo Telegraph.” (Published in Colombo Telegraph on October 22, 2013) . Such claims speaks for itself who is behind this fools play.

    Let’s examine Halal issue in detail and the truth behind the claims.

    1.Increasing cost and customer has to bear the cost.
    An absurd claim placed by racists is, halal increases selling price of the product. It might affect a cost a little but will it affect the selling price? This is the place racist elements need some education on the subject. Selling price having two elements,

    I.cost
    II.Profit margin.
    where; price = cost + profit margin

    In a free market economy, price of a product is determined by the demand and supply, at a particular price, highest sale will materialize and that price will be considered as the best price by the producer. By increasing the demand, a higher profit is earned via increased sale with a same selling price though margin may reduce a bit on its way increasing the demand.

    Lets look at with an example.

    Yogurt A; price =Rs.35, cost=Rs.27, hence margin= Rs.8 , if demand/month =3000 units , total profit = 8*3000= Rs.24000

    Yogurt B; price =Rs.35 cost=Rs.27.5 hence margin= Rs.7.5 , if demand/month =3200 units , total profit = 7.5*3200= Rs.24000

    Let’s say, B decided to go for halal certification and unit cost has increased from Rs.27.5 to Rs.28 and let’s say demand also increased to 3700 units/month as Muslims also started to buy.

    Yogurt B; price =Rs.35, cost=Rs.28 hence margin= Rs.7, new demand/month =3700 units, total profit = 7*3700= Rs.25900

    We can see that Yogurt B has increased its profit by Rs.1900 without affecting the selling price.

    If this has nothing to do with ultimate consumer, racist organizations are just blind on their demands. It should be noted that even ISO certification is not mandatory and obtained to get the customer confidence, thereby can increase the demand among quality quenches people.

    2.Not compulsory
    The certification is not compulsory for a company. As we pointed out in the first point, the objective is to increase the demand, if they fail to achieve such a demand hike, the company having the choice to revoke the certification. No company is obliged to feed Muslims at a cost. If it’s a choice, the reason to attack such a move is utter stupidity and again reflects their level of intelligence.

    3.Who is the loser?
    Halal is observed in every affairs of a Muslim’s life; when it comes to food, it is the food items that are allowed for Muslims, it’s not just confined to meat products. Any product that mixed with alcohol or pork product (such as type of gelatin) is not allowed for Muslims to consume. In absence of halal certification non-Muslim businesses not going to attract Muslim consumers and the end losers will be those non-Muslim producers. This was already highlighted by some heads of the company and some companies incurred loses already. Lack of choice is the only disadvantage that Muslims can face. In other words “halal” links the business between Muslims and none Muslims.

    ReplyDelete
    Replies
    1. 1. Your analysis depend on one very crucial factor: you think that with Halal certification, you will get more customers. But what if this was to turn around? What if the majority of the people decided to boycott Halal, thereby imposing a severe negative effect on Halal certification? What if the Halal certificate was not something that would boost trade, but cut down trade?

      2. Yes, it is not compulsory, so we will boycott it: which will force the vendors to boycott Halal, too. So we leave you two choices: either provide the certification free of charge, or watch it become a burden.

      3. We don't want you to stop consuming Halal. In fact, we would die fighting for your right to eat Halal, even if we disagree with you. We simply don't want to pay for your religious reasons.

      Delete
  4. 4.What Muslims ate before?
    Some even points out that, Muslims never had such requirement in the past. This in fact shows their level of understanding about the reality. In past we never had SLS. But it emerges in today’s society. In the same way, in the past Muslims had limited consumer requirements though they were adhering to halal and market was not flooded with products as it is now. Understanding the product’s nature and manufacturing process involve had become a concern due to complexity of the products. Hence such requirement emerged in today’s society.

    5.What concerns Buddhist?
    In fact some interpret Buddhism as doesn't allow any meat products; hence it has nothing to do with the halal in meat products. So, any Buddhist organization must not take a biased stand on it while neglecting pork, chicken and fish. Mean time Buddhism doesn't allow alcohol or pork. If so, halal certification in non-meat products is in line with Buddhist requirement. The demand for taking away is not appropriate as it helps Buddhist as well.

    6.Exports and tourism
    Many Arab tourists visit Sri Lanka and foreign exchange earned by them is a strength to the country. By preventing halal we simply limiting their spending in Sri Lanka, also due to unavailability of halal products risk of losing this tourist segment is obvious. Mean time export market is having enough and more share with halal products and might lose income over it too. Placing halal logo in the product is the communication between producer and consumer. So it’s utter stupidity to claim to avoid logo while having a certification both locally and overseas. By having a certification for overseas and not communicating in local product the organization is losing the market locally and paying for the certification without getting the use out of it. Such claim simply shows these racists are nothing but an intention to undermine Muslim needs in Sri Lanka. Government’s blind eye over them shows the stand on government as well.

    7.First of its kind, proud or shame?
    I have seen in a forum, one was proudly said that Sri Lanka was the first to beat terrorism and halal. Of course credit can be given for beating the terrorism, but what about “halal”? In fact some developed countries such as Canada; government organization providing supports such as information on halal for producers to increase their market share both locally and overseas (see the link below) . But in our grate country it was done other way around and some are proud about their stand on it. This will certainly show how the business world thinks of Sri Lankan in general thanks to this racist group, which in reality, do not represent the majority Buddhist.
    http://www.ats-sea.agr.gc.ca/inter/4352-eng.htm

    8.The Arabic word in concern
    Another stupidity is that, the Arabic word of halal was the concern of some. Halal is an Arabic word meaning "lawful" or "permissible”. Perhaps only racist knows how it is different from English or Chines letters in many products in Sri Lanka? Because they are not Sinhala letters either.

    9.Living abroad and eating halal
    Sri Lanka earns foreign income via labor market and it is significant in number. Many of them are non- Muslims working in Middle East and eating halal food. If these racist are true to their campaign they must not allow non- Muslim sri lankan workers in these countries. They must pressure government, recall them and must not allow visit these countries.

    ReplyDelete
    Replies
    1. 4. We simply don't care: what you eat is your choice.

      5. //Mean time Buddhism doesn't allow alcohol or pork. // Alcohol, fine. Pork? Who the hell told you that we can't eat pork?

      6. If export is the real catch, then the vendors better have two product lines, One of export, with Halal, and one for domestic consumption, without Halal.

      7. While it is true that contemporary Buddhist groups harbor extremist individuals, and there are some groups whose activity we don't agree, that is besides the point. We simply don't want to pay for your religious requirements. You want it, you pay for it.

      Delete

  5. 10.Funding terror network.
    Another accusation was ACJU is funding terror network, if so it should be handled by security personnel and not by Buddhist monks. All ACJU halal unit financial statement is audited by public auditors and ACJU had given an open invitation for concern security organization to check them all and their activity. To date none had been arrested on this regard. Is it appropriate for Buddhist monks to accuse blindly without any evidence? As a nonprofit organization it cannot allocate its funds other than the activity it has formed to do.

    11.Non-Halal products.
    Some people claim, they want the choice of non-halal. If it so, they must understand that there are enough and more products including meat available in supermarket which are non-halal. Mean time when it comes to non-meat products, certification process is to checks the ingredients. In this case halal and non-halal product processing has no difference. If a producer wants to produce something with non-halal ingredient, they are free to refrain from having the certificate.

    12.Self-proclaimed halal logos.
    Some organization such as “Raigam” brand went proudly from halal certification and placed their own halal logo. This in fact not entertained by any Muslims due to mishandling of the logo in Sri Lanka and overseas. There was an incident in Sri Lankan super market, pork sausage was bearing the hahal self-proclaimed logo. Recently pork was sold to Muslims in china calling it halal meat (see the link below) , these incidents further insists such claim should be approved by a body that can be trusted by Muslims. As business men are not following the ethics and their objective is increasing the profit, in today’s society it is necessary to certificate such claim.
    http://www.worldbulletin.net/?aType=haber&ArticleID=119623

    13. Give it free.
    This is another absurd claim by the illiterates. Which service that benefits a business organization given free. Who is going to bear the overhead cost that incurred during the issuing process? If so in which way they justify the claim that it should be given free. Do they place the same claim for ISO? Which is also a choice to increase the market share.

    14. Non-food items
    Some claim that non-food items also categorized in halal certification and this is not ethical. Even though it is even a controversial among Muslims. what we should understand that by this nobody loosing anything. If some Muslim believes products such as cement also need to be halal, as some material such as pork bone can be taken as raw material instead of limestone, it’s up to them to choose what is comfortable for them. As it doesn't concerns others in any means as we pointed out above, hence claim is really absurd.

    we can see these unnecessary fiascos are hindrance for country’s development and might polarize the communities.

    Better to be on limelight.. Not as a fool!

    ReplyDelete
    Replies
    1. 10. How fascinating! Now tell me: does the word "Shari'a banking" / Ceylinco fiasco ring a bell in your head? Or should we ring it loud enough for the whole blog world to remember again?

      11. We simply don't care whether there are "products with no Halal". What we do know is, all the big market players have embedded Halal into their products, leaving only the small players to choose from. We want the vendors to know that the rules have changed.

      12. While we agree with you on mistreatment of the Halal sign (not logo), and that Halal certification must be conducted by Muslims, not non-Muslims, the real question is why we have to pay your people the cost of certifying something that we don't give a damn.

      13. Yes, you, Muslims, will have to bear the cost. For you it matters, then you must pay for it.

      Delete
  6. අරේ තහනම් ජී,

    බොදු බල සෙනාව, සිංහල රාවය, රාවණා බලය ගැන මම දැනට මුකුත් නොකියා ඉන්නම්!

    ඒත්, තමන්ගේ ජාතියට, ආගමට කොහෙවත් ඉන්න එවුන් අරින්න එද්දි ඊට විරුද්ධව සටන් කරන එවුන් ජාතිවාදියෝ නම්,

    මම පට්ටම ජාතිවාදියෙක්!!!!!!!

    "My name is Kathandhara Pilli..! And. I am not a terrorist"

    ජයි හෝ!

    ReplyDelete
    Replies
    1. පිල්ලි ජී,

      අපිත් ජාතිවාදියෝ තමා එක්තරා විදියකට.. හැබැයි මතක තියාගන්න අපි දේශපාලන ලණු කන්නෙ නෑ.

      අපි පට්ටම මධ්‍යස්ථ වාදියෝ!

      "Our name is තහනම් වචන, and we are against extremists!"

      ඔයාටත් ජයි හෝ!

      Delete
    2. දෝස්ත්,

      පැහැදිලිවම මම මොනම පක්ෂයකවත්, මඔනම විදිහේ දේශපාලන ලකුණක බළල් අතක්වත් රූකඩයක්වත් නෙමෙයි...!!

      ඒත්, මේ රටේ ඉන්න වෙන කිසිම ජාතියක් නොකරන විදිහේ හානියක් කොහෙවත් ඉන්න අවජාතක රැලක් අපේ බුද්ධාගමට කරද්දීත් ශාන්තීවාදී මුනිවෘත රකින්න, හන්දියක් හන්දියක් ගානේ සර්වාගමික ටෝක්ස් දෙන්න තරම් මම නිවට හිපාටුවෙකුත් නෙමෙයි...!


      //"Our name is තහනම් වචන!//

      //we are against extremists!"//
      "තහනම් වචන" ලියන්නේ Team එකක් ද?

      Once again "My name is Kathandhara Pilli..! And. I am not a terrorist"

      ජයි හෝ!!!!!!

      Delete
    3. හේ භායි!

      අපිත් මොනම පක්ෂයක වත් රූකඩ නෙමෙයි. ඒ වගේම අපි සර්වාගමික / නිරාගමිකත් නෙමෙයි. අපි බෞද්ධ.

      හැබැයි ඉතිං බුද්ධ ශාසනය රකින්න අන්තවාදී වෙලා හිංසාකාරී වෙනවා කියන්නේ කන්‍යාභාවය රකින්න සංසර්ගයේ යෙදෙනවා වගේ වැඩක් බවයි අපේ අදහස.

      තහනම් වචන එක්කෙනෙක් වෙන්න පුළුවන්. දෙන්නෙක්, තුන් දෙනෙක්, ටීම් එකක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එහෙම නොම-නොවෙයි වෙන්නත් පුළුවන්. නලින් ඩි සිල්වා ගෙන් අහන්න. එයා කියල දෙයි.

      තෙරේ කෝ භී ජයි හෝ!

      Delete
  7. තනි අතින් අප්පුඩි ගහන්න බෑ කියනවනේ. මේකත් ඒ වගේ කේස් එකක් තමයි. අන්තවාදීන් දෙපැත්තෙම ඉන්නව. ඒ අන්තවාදයන් එකිනෙකා මත යැපෙමින් සමගිය විනාශ කරනව. මොනව කරන්නද මංද! ආගම් ඔක්කෝම පෞද්ගලිකත්වයෙන් මෙපිටට ගෙනඒම තහනම් කරල දැම්මනං හරියයි වගේ.

    ReplyDelete
  8. ලිපිය සාර්ථකයි එස්.එල්.ටී.ජේ සංවිධානයේ ක්‍රියාකාරකම් ගැනත්.ජාතික හෙළ උරුමයේ දෙබිඩි පිළිවෙත ගැනත් අදහස් කරොත් වඩාත් හොඳයි කියා මම සිතමි.

    ReplyDelete
  9. \\\\\\\\\\අපි පට්ටම මධ්‍යස්ථ වාදියෝ!\\\\\\\

    :D

    ( උඹට හිනා උනා නෙවේ .. මේක දැක්කම හිනා ගියා... ලොල් )

    ReplyDelete
  10. those who think they are paying for halal are just lack economic basic knowledge

    ReplyDelete
    Replies
    1. And those who say that people don't have to pay for it: they lack basic logic. Want us to take on the challenge?

      Delete
  11. නිමල්කාට මතක නැද්ද අපේ තරුණ කාලේ
    මැජෙස්ටික්ය කියල එකක් තිබුණ පෙරදා
    උඩ තට්ටුවේ බ්‍රොතල් හවුස් දමන් හිටපු කාලේ

    තරුණ වියේ කෙල්ලන් රස්සා නැතේ
    එක වරටම කරන්ට හැකි දේය මේ අනේ
    වේස කෙල්ලො රෙජිස්ටර් වෙලා
    ඇඟ විකුණති සදා සතුටිනා

    බ්‍රොතල් හවුස් වලට පොලිසි පණින්නේ නැතේ
    දුප්පත් කෙල්ලන්ගෙන් අඩුවක්ද නැතේ
    උන්ගෙ ඇන්ගට ලන්සු තියාලා
    රුපියල් මිටි ගිලිමු සතුටිනා

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.