විශාඛා විද්‍යාලයීය වාර්ෂික පාගමන මේ මස එනම්
ජුනි පළමුවන දින පන්දහසකට අධික ශිෂ්‍යාවන් සහ ආදී ශිෂ්‍යාවන් ගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදි. ඉදිකරමින් පවතින නව ගොඩනැගිල්ලක් සඳහා මුදල් සම්පාදනය කිරීම පිණිස විද්‍යාලයීය ආදී ශිෂ්‍යා සංගමයේ සහ පාසැල් සංවර්ධන සමිතියේ මෙහෙයවීම යටතේ, විද්‍යාලයීය විදුහල්පතිනිය, ආදී විදුහල්පතිනිවරුන් සහ වෙනත් බොහෝ සම්භාවය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් එය පැවැත්විණි.
විශාඛාවන් පාගමන ගිය එක ගැන හොඳම ඉස්ටෝරිය වාර්තා වන්නේ බුකියේ වෙසෙනා අධිසදාචාරවාදියකුගෙනි. පහසුව තකා අපි ඔහු
බොංග මඩවර්ධන ලෙස හඳුන්වමු. බොංග අයියා මේ සයිබර් අවකාශයට අමුතු චරිතයක් නොවේ. හම්බාවන් නම් සත්ත්ව විශේෂය වඳකරලීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් කළ, එදත් අදත් ආණ්ඩුවේ කුක්කු පැටියා වන මෙතුමා ගැන දන්නෝ ඉතාම හොඳින් දනිති. ඔහුට වඩා සදාචාර වාදියෝ මේ සයිබරයේ නැතැයි සිතෙන තරමට ඔහු සදාචාරවාදී ය.
කෙසේ වෙතත් අපේ බොංග අයියා විශාඛා පාගමන ගැන මෙන්න මේ ෆොටෝ කෑල්ල පළ කරමින් මෙසේ කියයි:
ඉස්සර පාසල් ජීවිතයේ අපි වාර්ශික ගමන් ගිය හැටි තාමත් මතකයි. අවුරුද්දකට වතාවක් පමණ පාසල් සුදු නිළ ඇඳුමෙන් සැරසී එක පෙළට මහ පාරේ යන විට අපේ අත් වල තිබුනේ "දුම් වැටි හා මත් වතුර බීමෙන් වළකින්න", "බුදු සසුන බැබලේවා" වගේ පාථ සඳහන් පුවරුයි. විහාරෙට යන ගමනක් නම් හැම ළමයෙක්ගේම අතේ මල් වට්ටියක් සහිතව සාදු කාර දෙමින් ගමන් කරද්දී, ළමයින්ගේ අම්මලා තාත්තලා හරිම ආසාවෙන් සතුටෙන් ඒ දිහා බලා හිටියා.
"සික්ෂාවියන්" ට අද වෙලා තියෙන දේ බලන්නත් කණගාටුයි. මේ පින්තූරයෙන් දිස් වන්නේ විශාඛා විද්‍යාලයේ "Annuel Walk" එක. පාසල් සුදු නිළ ඇඳුම වීසි කර ඒ වෙනුවට ඩෙනිම් ටී ශර්ට් ඇඳගෙන. අහළ පහළින් වාහනයකට යන්න බෑ දැක්ක ගමන් කෙල්ලො ටික එකතු වෙලා ඒකට හූ තියනවා. ඒ හින්දමදෝ "Annuel Walk" එක දාට ඒ පාර වහලා මගීන් රස්තියාදු වෙනවා. මත් උවදුරෙන් රට මුදවගැනීම, රෝහලකට වැඩිහිටි නිවාසෙකට උදව් කිරීමේ අරමුණින් ආධාර එකතු කිරීම වගේ, අසූව අනූව දසක වල සිටි හැදිච්ච දරුවන්ගේ උදාරතර චේතනාවන් වීසි කළ අද කාලේ පොෂ් කෙල්ලෝ බෙර ගගහා ෆැෂන් එකට නට නටායි පෙළපාළියේ යන්නේ.
විශාඛා විද්‍යාලයට තවදුරටත් ඔය නම භාවිතා කිරීම, එදා තම පියාණන් වහන්සේගේ උපදෙස් අනුව යමින් සංවරත්වයේ පරමාදර්ශී කාන්තාව වූ විශාඛා කුමරියටත් කරන අපහාසයක්.
මහ පරේ ඔහොම හැසිරෙන්න ඉගෙන ගන්න කොළඹ පාසල් වල දැරියන් පාසල් ඇතුළේ හැසිරෙන හැටි මෙන්න මේ වගේ.
1. http://www.youtube.com/watch?v=NZ2PObTZ6WU
2. http://www.youtube.com/watch?v=YJuvkBgVfik
පාසලෙන් පිටදි ඔවුන් හැසිරෙන හැටි බලාගන්න ඕනැනම් කොළඹ අවට ලැගුම්හල් සහ අනවසර ගබ්සා ආයතන වලින් සේවය ලබා ගන්නා අවුරුදු 18 ට අඩු දැරියන් ගැන සමීක්ෂණ වාර්තා කියවා බැලීම හොඳටම ප්‍රමාණවත්. ලැගුම්හල් වලට එන පාරිහෝගිකයින්ගෙන් 70%ක් පමණ පාසල් වයසේ දරුවන් බව දිවයින පුවත්පතේ පළ වූ එක් සමීක්ෂණ වාර්තාවක තිබුණා මතකයි.
පාසල් වලිනුත් මෙලෙසින් "බටහිර සංස්කෘතිය" පොවාපු මේ දරුවො කසාද බඳින්නත් කළියෙන් බඩ වුණාම හෝ රස්තියාදු කාරයෙක් අතින් අනාත වුණාම අන්තිමට බටහිර බැලයිනුත් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ මේ දරුවන්ට කවදාවත් හුරු නොකළ "සිංහල බෞද්ධ සංස්කෘතියට" යි. ළමයින්ව දහ දුරා කමට හදලා අන්තිමට "ධර්මද්වීපයට වෙලා තියෙන දේ" කියල කියන්නනම් උන් එක පයින් කැමතියි.
සිංහල ගැහැණු දරුවන්ව මහ පාරේ විලි බිය නැතිව පෙළපාළි ගෙන යාමට හේතුව කුමක්ද? අදාල පාසල් වල විදුහල්පතිනියන් ඇතුළු මේවා සංවිධානය කරන අයගේ බැංකු ගිණුම් චෙක් කළානම් ඒ දේවල් වලට හේතු ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. සමලිංගික නොර්වේ තානාපතිනි ගේ‍්‍රට් ලෝචන් සහ ඇගේ ලෙස්බියන් සහකාරිය ව, සමලිංගිකත්වය තහනම් කරපු ශ්‍රී ලංකාවට පත් කර එව්වේ නොර්වේ විදේශ අමාත්‍යාංශයට වැරදීමකින් නොවෙයි. ඉදිරියේදී බ්‍රා බර්නිං ෆෙමිනිස්ට්ලා (ස්ත්‍රීවාදිනියන්) නිරුවතින් බෝඩ් ලෑලි එල්ලගෙන මහ පාරේ උද්ඝෝෂණය කරන තත්ත්වයක් මේ රටේත් ඇති කිරීමට බටහිරයින් කළ හැකි සෑම දේම කරාවි.
විශාඛා පාගමනට එල්ල වූ බරපතලම චෝදනාව වන්නේ එහි බාලිකාවන් ඩෙනිම් ඇඳීමයි. මේක ලෙඩකි. එසේ මෙසේ ලෙඩක් නොව තදින්ම බෝවෙන ලෙඩකි. මේ දිනවල හෝ ගා පැතිර යන මේ ලෙඩට හේතු වන්නේ අලුත්ම වෛරසයකි. මෙහි මුල් නිජබිම ඉන්දියාව වන අතර දැනට මෙය වඩාත්ම දරුණුවට පැතිර යන්නේ මැද පෙරදිග ය. නමින් මෙය Hyperconductophilia හෙවත් "අධිසදාචාරෝන්මාදය" නම් වේ. මෙහි නිත්‍ය සහ අනන්‍ය රෝග ලක්ෂණ වන්නේ කොට ගවුම්, කොට සායවල්, පාරේ නටන කෙල්ලන්, සිංදු කියන කෙල්ලන්, දත් පෙන්වා හිනාවෙන කෙල්ලන්, මොඩලින් කරන කෙල්ලන්, ජීන්ස් අඳින කෙල්ලන් පෙනෙන්ට බැරි වීමය. (සටහන: බුරිය පෙනෙන්ට සාරි අඳින කෙල්ලන් කමක් නැත. ) දෙරණේ ඩිල්කා ගේ ඇඳුමටත් මල්ලි නැග්ග උන්දෙලාට ඩෙනිම දැක්කාම මොනවා හිතෙන්නට ඇත්දැයි අපට හිතා ගන්නට පිළිවනි.
බොංග අයියාගේ බොක්කතාවට (බොග + කතාව = බොක්කතාව) කොමෙන්ටුවක් දමා තිබු එක මීහරකෙක් කමෙන්ට් කරමින් බෞද්ධ පාසලක් නම් කෝ බෞද්ධ කොඩිය කියා අසා තිබුණි. මේ ලියන ලේඛකයාද ආදී ආනන්දීයයෙකි. එසේ වෙතත් අපි බෞද්ධ කොඩිය බිග්මැච් එකට එල්ලන සිරිතක් නැත. බෞද්ධ කොඩිය දාන තැන් වගේම නොදැන තැන් ද පවතී. මේ ගොන් ප්‍රශ්නය අහපු එකා උගේ හනිමූන් එක දවසේ කාමරේ එල්ලන්නෙත් බෞද්ධ කොඩිය විය යුතුය.
බොංග අයියාගේ කතාවට තාලයට තප්පුලන
සිහ සැරිය (ඔව් ඔව් අර
එඩ්වඩ් ස්නොඩන්ට සිංහල කෙල්ලක් පංගාර්තු කරන්න ගිය එක තමා) නම් පිටුවක පළවූ එක්තරා පුවතක් අපි දුටිමු. එනම් සාරුවා සුනිල් පෙබරවාරි මස නවවන දින අල්ලන බවයි. දැන් අගෝස්තු ය. සුනිලා තාම එළියේ ය. අපේ උන්දෙලාට අමතක වුණොත් කියා අපි මෙන්න මේ පුංචි මතක් කිරීම කර තබන්නෙමු.

විශාඛා පාගමනට පහරදෙන උන්දෙලාට මෙතැන ඇති එකම අමාරුව වනාහි ලිංගික අහේනිය මත පදනම් වූ ඊරිසියාව ය. මන්ද අපේ ලංකාවේ ඉන්නා එව්වන්ට ඇති ලොකුම ලෙඩේ වන්නේ ලිංගික අධ්‍යාපනයක් නැතිකම වීම නිසා ය. මුන්ට පොඩි කාලේ කියන්නේ බබා ගෙනාවේ රෝස කැලෙන් ය, නැත්නම් වහලෙන් කොකා ගෙනත් දැම්මා කියා ය. ඉතින් යමක් කමක් තේරෙන වයසට ආවිට, සෙක්ස් කියන දේ තේරෙන්නට පටන්ගත් විට මුන්ට දෙලෝ රත්වෙන්නේ ය. මන්ද මුන් ඉන්නා අවමානික සහ අවර්ධිත මානසික මට්ටමේ හැටියට තමුන්ගේ අම්මා තමුන්ගේ තාත්තත් එක්ක බුදියගත්තය යන සත්‍යය පිළිගන්න තරම් ධෛර්යයක් නැති කම නිසා ය. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය. මුන්ට මේ වර්ග දෙකෙන්ම ඕනේ ය. එකක් අවශ්‍ය වන්නේ ආතල් ගන්නට ය. ඒ වනාහි අර කොට ඩෙනිම් සායවල් අඳින, වොඩ්කා බෝතලේ කටේ තියන් බොන, ක්ලබ් යන "කෑල්ල" ය. බොහෝවිට මේ "කෑල්ල" ගැන මුන්ගේ හිතේ තියෙන්නේ බටහිර චිත්‍රපටයක ස්ට්‍රිපර් කෙනෙක් වටා හදාගත්ත අධිස්වාභාවික මානසික විකෘතියකි. හැබැයි මුන්ට ඒක ඕනේ අවශ්‍ය ය. මොකටද, ආතල් ගන්නට ය. බඳින්නට නොවේ.
දෙවෙනි වර්ගයේ ගෑණු වනාහි දහම් පාසැල් යන, ඩෙනිම් නාඳින, බිම බලාගෙන යන, (කොටින්ම කිව්වොත් තමන් ඇරෙන්න වෙන මිනිහෙක් එක්ක බුදිය ගන්න එකක් නැතෙයි කියල සීයට සීයක් සහතික වෙන්න පුළුවන්) ගෑණු ය. ඒ කියන්නේ "අම්ම වගේ ගෑණු" ය. ඒ හොයන්නේ බඳින්නට ය. තමුන් හතර වටේම ගිහිං පොල්පිති හතම පැනල ගෙට ආවා වුණත් කකුල් දෙක සෝදා ගෙට පිළිගන්නා, දෙවියන්ට වගේ සැමියාට සලකන ගෑණු ය.
මේ දෙකම එකට කරන්න බැරිය. මොකද මේ යක්කු "The American Pie" බලල හිතේ මවාගන්නා සාන්දෘෂ්ටික ලෝකය මේ පොළොවේ නැති නිසාය. (සටහන: මුන්ට "The American Pie" යනු සෙක්ස් ෆිල්ම් එකක් බව සළකන්න. Original Sin, Sleeping Dictionary වගේ එව්වා ගැන මුන් අහලාවත් නැත.) ඉතින් අන්න ඒ නිසා සෙක්ස් ඉල්ලුමට සරිලන සැපයුම නැතිවු විට අපේ අයියලාගේ මෝල කරවෙන්නේ ය. මෙන්න ලිංගික අහේනිය හෙවත් සෙක්ස් ඇරියස් බිහිවෙන තැන.
මෙන්න මේ සෙක්ස් ඇරියස් සහිත සමාජයේ උන්දෙලාට ය මේ ප්‍රශ්න ඔක්කොම. කෙල්ලෙක් පාරේ ඩෙනිමක් ඇඳන් ගියාම ඒ කෙල්ලට බඩුව කියන්නේ අන්න ඒ නිසා ය. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ වැදුණත් ඒ කෙල්ලට බඩුව කියන මිනිස්සු ගැන ය, මා මේ කියන්නේ. බස්වල කෙල්ලන්ට පමණක් නොව ආච්චිලාට වුවද ජැක ගහන්නේ, ෆෝන් එකෙන් හොරෙන් ටොයිලට් ෆොටෝ ගන්නේ, නොදන්නා නම්බර් වලට මිස්කෝල් දිදී සෙක්ස් චැට් හොයන්නේ මෙන්න මේ සෙක්ස් ඇරියස් ඇති බයියලා ය.. මෙහෙව් බයියලාට මේ විශාඛා පාගමන වගේ එකක් දැක්කම පුදුම ඊරිසියාවක් මතුවෙන්නේ ය. "අම්මට සිරි මෙන්න කෙල්ලෝ පාරට බැහැලා නටනවා..!!!! %$^#$^%#^ මුන්ගේ අම්මලාට...!! "
විශාඛා පාගමන වගේ දෙයක් දුටුවාම ඇටදෙක පොළොවේ ගහගෙන කෑගහන අපේ සමහර සිංහල බෞද්ධ අයියලා සහ, තමන්ගේ ගෑනු හිජාබ් නම් වූ ගෝනි රෙද්දෙන් වසා සමාජයෙන් කොන් කරන සමහර ඉස්ලාම් ආගමික අයියලා අතර මොනම වෙනසක් වත් අපිනම් නොදකිමු. මේ දෙගොල්ලොම වනාහි තාර්කික බුද්ධියක් නැති, ලිංගික අසහනයෙන් පෙලෙන එකම අච්චුවේ උදවිය ය. මුන් දෙගොල්ලොම බෙල්ලෙන් අල්ලා එකම සිර කුටියක තිබ්බා නම්, එකාට එකා මරාගන්නවාට වඩා එකඟ වියයුතු බොහෝ දේ ඇති බව උන් උන්ටම වැටහෙනු ඇත.
මේ සිද්ධිය දඩමීමා කරගෙන සමහර විචාරක බයියෝ ලංකාවේ බෞද්ධ පාසැල් නැතැයි කියාද කියනු පෙනේ. මීට වඩා සාවද්‍ය කියවීමක් ගැන අපට හිතා ගන්නට වත් බැරිය. ලංකාවේ බෞද්ධ පාසැල් බෞද්ධ වන්නේ, ළමයි සරං ලමාසාරි ඇඳගෙන පාසැල් එන නිසා වත්, සිංහල රජකාලේ වගේ වැලිපිල්ලේ ලියන නිසාවත් නොවේ. අපේ සංස්කෘතිය හඳුනන, එමෙන්ම නූතන සංස්කෘතිය සමග කිසිම ගැටලුවකින් තොරව ආබද්ධ වන බැවිණි; එසේ ආබද්ධ වන අතරම බෞද්ධ සංස්කෘතියට දිය හැකි උපරිමය දෙන බැවිණි.
විශාඛාව පාලනය වන්නේ NGO එකකින් යයි ද සමහරු කියා තිබුණි. කතෝලික පාසැල් පල්ලියෙන් පාලනය වන්නා සේ, විශාඛාව පාලනය කිරීම ද පන්සලකට දිය යුතු යැයි ද එක්තරා මීහරකෙක් තප්පු ලා තිබිණි. අනේ සාදු! අපි නම් මේ යෝජනාවට උඩින්ම එකඟය. මන්ද අද වන විට රටේ අඩුවෙනවාය කියන සිංහල ගහණය ඉබේම ඒ හරහා වැඩිවන බව දන්නා බැවිණි. එකම දේ රටේ අනාත නිවාස පොඩ්ඩක් වැඩියෙන් හදා තියන්නට වනු ඇත. කොහොමත් ඊට පෙර අනිවාරයෙන්ම ගබ්සාව නම් තහනම් කල යුතුය. නැතිනම් අපේ උන්නාසේලාගේ මහන්සිය අපතේ යනු ඇත.
කතාව සම්පූර්ණ වන්නට අපි බොංග අයියාගේ ආදරණීය "අහවල් රාවය" නම් සංවිධානය කර තිබු වෙනත් පාගමනක් ගැන විමසා බලමු. ඔය "රාවයෙන්", හරක් මැරිල්ලට එරෙහිව රුහුණේ සංවිධානය කර තිබු පාගමනක් අතරතුර දී තංගල්ලේ හරක්මස් කඩ කුඩු කරමින් යකා නැටු ආකාරය උසාවිය දක්වා දුරදිග ගිය ආකාරය අපට මතක තිබේ.
මතක නැත්නම් මෙතැනින් බලන්න.
දැන් ඔය විශාඛාවන් ගියේ ද පාගමනකි. අහවල් රාවයෙන් ගියේ ද පාගමනකි. විශාඛා පාගමනින් අපේ ගොබ්බ වාහෙලාට ආතල් කුඩු වීමට අමතරව වෙනත් වරදක් නම් සිද්ද නොවීය. එහෙත් අහවල් රාවයේ පාගමනින් අවසානයේ නම්, සංවිධායකයෝ ද මිනී මරාගෙන ඇති බව ආරංචි වේ. දැන් එතකොට සැබෑ ගෙරියෝ කවුදැයි සිතා ගැනීමට වැඩි මහන්සියක් දැරිය යුතු නොවේ.
ගෙරි මැරිල්ලට එරෙහි පාගමනට ආවඩන, එහෙත් විශාඛා පාගමනේ දොස් දකින, උන්ගේ සදාචාරය ගැන බණ කියන අසහන කාරයින්ගේ ආතල් කුඩු කරනු පිණිස , දමිත් කේතක විසින ලියන ලද මෙන්න මේ ගීය බහා තබමි. (වැටෙන් එහා මල් පඳුරේ ගීයේ තාලයට ගයන්න).
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රහසේ මත් කුඩු ලොවට හොරෙන් - නොවසා ඇති මුර කවුළු තුළින්....
රටට දිදී......
රටට දිදී තිබුණත් ඇතුළේ - ගෙරි මරන්න නම් තහනම්....!
ගෙරි මරන්න නම් තහනම්.....
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තෙමුණත් දෙකොපුල් උණු කඳුළින් - යුක්තිය නැති රට සතර දෙසින්....
තිබෙන නිසා.....
තිබෙන නිසා අං හිස මුදුනේ - ගෙරි මරන්න නම් තහනම්....
වැටෙන් එහා අකුරැස්සේ - කෙළි පැටවු කෙළෙසනා සිත් සේ....
එහෙම උනත් මේ දෙරණේ.....
ගෙරි මරන්න නම් තහනම්......
ගෙරි මරන්න නම් තහනම්.......//